Friday, December 12, 2014

බොහෝදෙනෙකුට ජෝතිෂ්‍යය යන්න ගැන නිවරදි වැටහීමක් නැත.
කොහෙන් හෝ කෑල්ලකින් අල්ලාගෙන කටයුතු කරන්නට, හොයා බලන්නට සිතති. තනිවම එය කරගන්නටද සිතති.
එය මේ දිනවල දේශපාලනයේ දැකිය හැක. ජෝතිර්වේදින් වන සමහරුද ජෝතිෂ්‍යය නොදන්න දේශපාලකයන්ගේ උවමනාවට දිනන අය ගැන අනාවැකි කියයි.

මෙතනද පෝස්ටු දැමීම ගැන දැන් ඇතිවන්නෙ වෙලාවකට කලකිරිමකි.
පොදු කරුණු බව සරල සිංහලෙන් යොදා තිබුනද එය තේරුම් ගැනීමට එක්කෝ නොහැකිය. නැත්නම් උවමනාවක් නැත.

7 වැන්නෙ සිටින ග්‍රහයා අනුව පොදුවේ කියන ලද කරුණු ගැන කමෙන්ට් සහ ඉන්බොක්සයට පැමිණි මසේජ වලින් එය පැහැදිලිය.
7 වැන්න ගැන පොදු කරුණු බව කීවද එය තේරුම් ගත් බවක් පෙනෙන්ට නැත.
7 වැන්නේ සුභ ග්‍රහයෙක් සිටියාට පමණක් ඵලක් නැත. 7 වැන්නාධිපති, 7 වැන්නට යෙදෙන දෘෂ්ඨීන්, ඇති යෝග මෙන්ම අදාල නැකැත්, සූක්ෂම කේන්දරය අනුව අංශක කලා විග්‍රහයකින් මිස විවාහය සහකරු ගැන නිවරදිවම කීමට නොහැකිය.

ඒ නිසා පොදු කරුණු යොදන්නේ වටහා ගැනීමේ පහසුව පිණිසය.
කණගාටුවට කරුණ නම් එය කියවා සිත් නරක් කරගෙන විවිධාකාර ප්‍රශ්න ඇසීමයි. පොදු කරුණු පිලිගත යුත්තේ පොදු කරුණු ලෙසය.
ගැටළුවක් තිබේ නම් කේන්දරය බලන ජෝතිර්වේදියා එය කියන අතර, එයට කල යුතු දෑද කියනු ඇත.
ඊට එහා ඒ ගැන වදවීම නොකල යුත්තකි.

#‎ඉරුසේවය‬

No comments:

Post a Comment