Sunday, December 21, 2014

සතියේ ලග්න පලාපලය - දෙසැ 22 සිට

● මේෂ
ශුභ සතියකි.
ඔබට මේ සතියේදි වාසනාව ගුණ මහිමය නිසාම ඔබට ආර්ථික වශයෙන් විශාල දියුණුවක් ඇති කරගැනීමට පුලුවන්. ඒවගේම උත්සාහයෙන් ධෛර්යයෙන් කරන සියලුම කටයුතු සාර්ථක වී එමගින් ආර්ථික වාසි සැලසෙනවා ඇත.
වෙනදාට වඩා පිනට දහමට නැඹුරු වන එසේම වැඩිහිටියන් සමග ගෞරවයෙන් ආදරයෙන් ජීවත් වීමට ලැබේ. එසේම ඔබගේ සියලු කටයුතු වලට නිවසින්ද සහයෝගයක් ලැබේ.
විශේෂ සෞඛ්‍ය ගැටළු නැත. නිදන්ගත රෝග ඇති අය පාලනයට යොමුවන්න.

● වෘෂභ
ඔබට එතරම් ශුභ සතියක් නොවේ.
මන්ද ඔබගේ උත්සාහයේ තරමට දියුණුව ලැබීම අපහසුය. ඔබ ඒ පිලිබදව ප්‍රවේසම් වන්න. ආයෝජන වලදීද පරිස්සම් වන්න.
ගෘහ ජිවිතයේ කිසියම් ආකාරයකට ආර්ථික පැත්ත නරක් විම නිසා ගැටළු මතුවිය හැක. නමුත් සතිය අගදී මෙම තත්වයන් වෙනස් වී යහපතක්, සෙතක් සැලසෙනු ඇත. 
සතිය මුලදී පවතින සෞඛ්‍ය ගැටළු, ක්‍රමානුකූලව අවසන් වේ.

● මිථුන
මේ සතිය මධ්‍යස්ථවන සතියකි.
ඔබගේ ආර්ථික තත්වය දියුණු කරගැනීමට තරමක වෙහෙසක් මහන්සියක් ගත යුතු වේ. සතියේ මුල් දවස් කීපය තුල ආර්ථික පාඩු ඇතිවේ.
ඔබට ගෘහ ජිවිතයේ යම් යම් ගැටළුකාරි තත්ව මතුවීමට පුලුවන. ඒ ආර්ථික තත්වයේ දුර්වලකම් නිසාය. ඒවා මගහරවා ගැනීමට උත්සුක වන්න.
උදරාබාධ සහ එක් එක් ආකාරයේ රෝග පීඩා මතුවිය හැක. සැලකිලිමත් වන්න.

● කටක
 ශුභාශුභ මිශ්‍රපල සතියකි.
ලග්නයේ ඇති ග්‍රහ බල හා සසදා බලන කල සතිය ආරම්භයේ යම් පසුබෑම් ආර්ථික තත්වයේ තිබුනද, ඒවා ක්‍රමානුකූලව යථා තත්වයට පත්වේ. එසේම ඔබට සතිය මැදදී හවුලේ කරන ව්‍යාපාර වලින් හොද ආදායමක් ලැබේ. අතමිට සරුවේ. සතිය අවසානයේ යම් ආර්ථික ගැටළු ඇතිවිය හැකි නිසා ඒවා ඔබ පාලනය කරගත යුතුය.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. සතිය මැදදී අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වන අතර, පෙම් සබදතා සඵල වේ. එසේම අඹුසැමි ප්‍රීතිය වැඩිවේ.
සෙම් ආශ්‍රිත සහ ජලාශ්‍රිත රෝග වලින් සතිය මැදදී සහ අගදී පරිස්සම් වීම හොදයි.

● සිංහ
මිශ්‍රඵලයි.
සතියේ මුල් දවස් කීපය ඇතුලත ආර්ථික පාඩු සිදුවේ. එසේම තමාගේ වටිනා දේවල් නැතිවීමට පවා ඉඩ ඇත. නමුත් සතිය අග වනවිට මෙම තත්වය මග හැරේ.
ගෘහ ජිවිතය සම්බන්ධව එතරම් යහපත් අයුරකින් සිතීමට නොහැක. ගෘහ ජිවිතයේ යම් යම් අර්බුදකාරි තත්ව මතුවන්නේ පවුලේ අය සමග යම් මත ගැටුම් ඇතිවන නිසාය. ඒවා වලින් පරිස්සම් වන්න. දුවාදරුවන්ට අපලයි.
එසේම මේ සතිය සෞඛ්‍ය සම්පන්න සතියක් නොවේ. ලෙඩ රෝග පහසුවෙන් වැළදීමට ඉඩ ඇත.

● කන්‍යා
හොද සතියකි.
සංචාරක ව්‍යාපාරයේ සහ වෙලදාම් කරන අයට හුගක් වාසි ඇතිවේ. වෙලහෙලදාම් කටයුතු දියුණු වේ. එසේම දියුණු වීමට අවස්ථාව ලැබේ. කලබලය වැඩි වුවත්, එය ලොකුවට ගණන් ගන්න එපා.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වේ. කලකට පසු සුභ සතියකි. දරුවන්ගේ දියුණුව සහ විභාග කටයුතු ආදියෙන් ජය ලැබේ. අධ්‍යාපනයට හොදයි. ප්‍රේම සබදතා ඇති අයට ඒ කටයුතු සඵල වේ.
හතිය සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇති අය කල්පනාකාරි වන්න.

● තුලා
ඉතාම ශුභ සතියකි.
ආර්ථික දියුනුව ඇතිවන්නේ, පිටරට වැඩ කරන අයටත්, වෙලදාමේ නියුතු අයටත් පුද්ගලික ආයතන වල කටයුතු කරන අයටත්ය. ආර්ථික වාසි ඇතිවේ. විවිධ අංශ වලින් ආර්ථික වාසි අත්වන අතර ඔබට විවිධ මාර්ග වලින් මුදල් ලැබේ.
ගෙදර දොර ප්‍රීතිය ඇතිවනවා සේම, ප්‍රීති උත්සව පැවැත්වීමට ඉඩ ලැබෙනවා. ගෙදරට අලුත් බඩු මුට්ටු ගැනීමට වාසනාව ලැබෙනවා. එසේම වාහන මිලදී ගැනීමට සිතා සිටින අයට සුභ සතියකි.
සෙම් රෝග, පපුවේ සෙම ගැන සැලකිලිමත් වන්න.

● වෘශ්චික
ඉතාම ශුභ සතියක්.
කෙතරම් මානසික පීඩනය ප්‍රබලව ඇතිවුවද තමාගේ දැඩි උත්සහය සහ කැපවීම මත මුදල් හරිහම්බ කරගැනීමේ වාසනාව ඇතිවේ. මේ තත්වය විදෙස්ගත අයට ඉතාම සුබයි. ලැබීම් භාග්‍ය වැඩිවේ. ආර්ථික වාසි සැලසේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර, මේ සතියෙදි නෑදෑ හිත මිතුරන් මෙන්ම සහෝදරයන්ගේ ආගමනයද බලාපොරොත්තු විය හැක. ඔබටද ප්‍රීති උත්සව ආදියට කාලය මිඩංගු කරන සිත සතුටින් පිරෙන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැති වුවත් සෙම් අමාරු සහ සෙම් ගෙඩි වලින් පරිස්සම් වන්න.

● ධනු
සුභ සතියකි.
ඔබගේ බුද්ධියෙන් කැපවීමෙන් කටයුතු සාර්ථක කරගත හැක. සතිය අග වනවිටදී ධනෝපායන මාර්ග වල දියුණුවක් ඇතිවේ හොදයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කිරීමට පුලුවන්. දුවාදරුවන් සමග සතුටින් සිටීමට පුලුවන්. පිට පලාත් වල සංචාරයට අවස්ථාව ලැබෙනවා.
සෙම් රෝග, උගුරේ අසනීප හා පාද වල වේදනා ඇති අය පරිස්සම් වන්න.

● මකර
ශුභ පල සතියකි.
සතියේ මුල් දවස් 2 තුල මන්දගාමි වන ආර්ථිකය සතිය මැදදී ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. එසේම ඔබගේ ආර්ථික තත්වය හවුලේ ව්‍යාපාර කරන සියලු කටයුතු මගින් දියුණු - තියුණු වෙනව. ඔබට අලුත් දේවල්, අලුත් ආදායම් මාර්ග ඇති කරගැනීමට වාසනාව ලැබෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවේ. අවිවාහක අයට මංගල යෝග ස්ථිර වේ. සිත ප්‍රීතියෙන් පිරේ. අලුත් සබදතා නෑ හිතවත්කම් ඇතිවේ. 
සෞඛ්‍ය තත්වයේ ගැටළු නම්, මේ දිනවල පවතින වර්ෂාවට තෙමෙන්න එපා.

● කුම්භ
සතිය සමඵලයි.
ආර්ථික කටයුතු වලට අයහපත් සතියකි. ණය ගනුදෙනු වලට පැටලී දුක් විදීමට ඉඩ ඇත. කෙනෙකුට ඇපවීම සහ ඇපයට අත්සන් කිරීම ඔබට වෙසෙසින්ම හානිදායකයි. බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල යම් ගැටළු ඇතිවිය හැක, විසේසයෙන් ආර්ථික ගැටළු නිසා යම් මානසික කඩාවැටිම් ඇතිවිමට ඉඩ ඇත. ඒ ගැන පරිස්සම් වන්න.
පාද වල වේදනා සහ නහරගත අමාරු ඇතිවිමට ඉඩ ඇත.

● මීන
ශුභ සතියකි.
ආර්ථික තත්වය යහපත් වෙනවා. කරන කියන කටයුතු හරියනවා. ඥාතින්ගෙන් හිතවතුන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනවා. සතිය අගදී මුදල් පරිපාලනය ගැන පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය හොදයි. දරුවන්ගේ කටයුතු නිසා සිතට ප්‍රීතිය ඇතිවෙනවා. එසේම ඔවුන් සමග විනෝද වීමට අවස්ථාව ලැබෙනවා. ප්‍රීතිමත් සතියක ආරම්භයක්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නොමැත. සෙම ආශ්‍රිත රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න. 

No comments:

Post a Comment