Tuesday, December 2, 2014

මනා රූ සපුවක් ඇතිවිමට හේතු

“ කාන්තාවන්ට විශේෂයි “

උපදින හැමදෙනාම, විවිධාකාර රූප ස්වභාවයෙන් යුක්ත වෙති. කෙනෙකුගේ රූපයට යම් යම් දේහ ලක්ෂණ නිසා එයින් විවිධත්වයක් හටගනී. එසේම අප සමාජයේ දැක ඇති කාරණාව නම්, මෙම පුද්ගල පෞරුෂය, රූප ස්වභාවය තමාගෙ ජිවිතයේ සියලුම අංශ කෙරෙහි සුභවාදි ආකාරයට බලපා ඇති බවයි.
එසේ නම්, කාට උනත්, රූපය තමාගේ ජිවිතයේ තීරණය කරන ප්‍රධාන මිනුම් දණ්ඩක් බව කිව යුතුය.

එසේ නම්, උසස් රූප ශෝභාවකට පවතින ග්‍රහ බලය, එසේම පෞරුෂය කෙරෙහි බලපාන ග්‍රහ බලය කුමක්දැයි විමසා බලමු.

විශේෂයෙන්ම මේෂ රාශියෙන් ආරම්භ වී මීන රාශියෙන් අවසන් වන ලග්න වළල්ලේ ප්‍රධානතම මෙම ලග්න වලට බලපාන ග්‍රහයන් පුද්ගලයාගේ රූප ස්වභාවයට හේතුවන පෞරුෂය පෙනුම ඒ ආදියට බලපෑම් ඇති කරයි.
* ප්‍රධාන වශයෙන්ම මුහුණ පැහැපත්, අලංකාරවූත්, තත්වයක් ඇතිවිය යුතුය. ශරීරයේ ලග්න 12ට අනුව කොටස් බෙදේ. එසේ නම් හිස, මුහුණ, පපුව, දෙඅත්, නාභිය ප්‍රදේශය සහිත යටි බඩ, කලවා, කෙණ්ඩ, දෙපා මේ අනුව මුහුණ පපුව දෙඅත් නාභිය කලවා කෙණ්ඩ විශේෂයෙන්ම ස්ත්‍රියකට නම් රූප සොබාව පැත්තෙන් ගත්කල අලංකාරව පිහිටා සිටීමට අත්‍යාවශ්‍යම පෙදෙස්ය.

●  යම්කිසි ස්ත්‍රියක් මෙලොව උපදින අවස්ථාවේදී ලග්න භාවයට, සිකුරු සුවිශේෂි ග්‍රහයෙක් වී බලවත්ව පිහිටීම විශිෂ්ට රූප ස්වභාවයක් ඇතිවිමට හේතුයි.

●  එම සිකුරු, සඳුගේ දෘෂ්ඨියට ලක්වීම නිසා මුහුණ එසේම දෙඅත්, පපුව සහිත ශරීරය මනාව වටකුරුව සියුමැලිව පිහිටිමට හේතුය.

●  එසේම සිකුරු, කුජගේ දෘෂ්ඨියට හසුවීම නිසා එම ස්ත්‍රිය ඉතාම රූමත් තත්වයකට පත් වෙනවා සේම, ඇය දැකීමෙන් ඕනෑම පිරිමියෙක් ඇයගේ වසඟයට පත්වේ.
වසඟයට පත්වීම යනුවෙන් දැක්වීමේදි මා හට මතකයට එන්නේ, ක්ලියෝපැට්රා බිසවුන්වහන්සේය.
එතුමිය මුණ ගැසුනු පලවෙනි අවස්ථාවෙදි ජුලියස් සීසර් නැමති ඒ මහා අධිරාජ්‍යවාදියා ඇය පාමුල වැඳ වැටී ඇත්තේ, එම රූපයට සමාන රූපයක් කෙදිනකවත් එම අධිරාජ්‍යයා නොදැකපු බැවිනි.

එසේ නම් මා අදහස් කලේ විශිෂ්ඨ රූප සොබාව රජවරුන් පවා වසඟ වන තත්වයක් බවයි.

මේ තත්වයට හේතුව ඉහත සදහන් කාරණාය.

●  එසේම ස්ත්‍රි ජන්ම පත්‍රයක බුද ග්‍රහයා සිකුරුගේ දෘෂ්ඨියට ලක්වේ නම් ඇය, ඉතාම මිහිරි වූ වචන කියන්නාවූත්, ප්‍රියබස් තෙපලන්නාවූත් කාන්තාවකි.
ඇයගේ මිහිරි වචනය නිසා, පුරුෂයා ප්‍රමෝදයට පත්වේ. එසේම හුරුබුහුටි වයසට ගියත්, වයස නොපෙනෙන රූප සොබාවක් හිමිවේ.

● යම්කිසි ස්ත්‍රියකගේ හඳහනේ, ගුරු - සිකුරු 1ට පිහිටිම, එසේම ඔවුනොවුන් දෘෂ්ඨියට ලක්වීම නිසා කාන්තාවන් පිරිපුන් පියයුරු සහ පිරිපුන් නිතඹක් සහිත අලංකාර දේහ විලාශයකට හිමිකම් කියයි.
මෙවැනි ස්ත්‍රින් බොහෝවිට දුටු පමණින්, කාමාශාවක්, රාගාධික බවක් වෙනුවට ගරු ගාම්භීර අදහසක් පුරුෂයන්ට සිත්හි පහල වේ. මෙවැනි රූප ස්වභාවන් ඇති අය රජයේ හා වෙනත් ස්ථාන වල ඉහල පෙලේ නිලතල ධූර දරන කාන්තාවන්ය.

● එසේම යම්කිසි ස්ත්‍රි හඳහනක, සඳු ග්‍රහයාට කුජගේ බලපෑම එල්ලවීම නිසා තරමක තද ශරීරයක් හිමිවේ.
බොහෝවිට එවැනි කාන්තාවන්ගේ හිසකේ, කර්ල් වේ(කැරලි) සහිත වේ.
එසේම ශරීරයේ අත් පා වල, අලංකාර ආකාරයට රෝම වැවී තිබෙන්නට පුලුවන.
මෙැවනි ස්ත්‍රින් සමග ලිංගික ඇසුර පුරුෂයන් ඉතා ප්‍රිය කරයි.
තරමක නපුරු ගතියක් ඇතිවිමට පුලුවන. කෙසේ වෙතත්, අප ඔය සදහන් කලේ, ලග්නයට බලපාන සුභ ග්‍රහ බලය අනුව රූප ස්වභාවය වැඩිවන අයුරුයි.

ඉදිරියෙදි අප සාකච්ඡා කරමු, මෙයින් ඔබ්බට යම් දෙයක් -

ඔබගේ හදහනෙත් මෙවන් දෑ ඇත්දැයි විමසිලිමත් වන්න.

No comments:

Post a Comment