Friday, December 12, 2014

අපට අනවශ්‍ය ප්‍රශ්න යොමු කරන අයට බොහෝම කරුණාවෙන්. ඔවුන්ගේ හිත සුව පිණිස.


මුහුණු පොතේ පාඨක සහෘද බොහෝ දෙනෙක් නවාංශකයන් ගැන අපෙන් අසයි.
අපගේ මුහුණු පොතේ පාඨකයන් අපගෙන් නිතරම මේ ගැන අසයි. නමුත් නවාංශකය ගැන තේරුම් ගැනීමට ජෝතිෂ්‍ය බුද්ධියක් අවශ්‍ය වෙයි. නැත්නම් ඒ සම්බන්ධව කට වචනයෙන් අසා අනිත් කණින් පිට කිරීමෙන් පලයක් නොලැබේ.
මෑතකදී අපගේ පාඨකයන් 22 වන දෙර්කාණාධිපති ගැන බරපතල විදියට ප්‍රශ්න කලා. නමුත් මා මේ අවස්ථාවේදී අපගේ දයාබර පාඨකයන්ගෙන් සමාව අයැද මේ ප්‍රකාශය නිකුත් කරනවා.

ආවට ගියාට ඔහොම ප්‍රශ්න අහන එකෙන් වැඩක් වෙන්නෙ නැහැ. දැන් 22 වන දෙර්කාණාධිපතියා ගැන අහනවාට වැඩිය ලග්නය නිර්මාණය වෙන්නෙ කොහොමද කියල ලග්නය ගැන මූලිකව අහන එක අවශ්‍යයි.

* හරියට කොළඹ නගරය, ගල්කිස්ස පහු උනාම පටන් ගන්නව වගේ තමයි. පෑළියගොඩින් එහාට කොළඹ පටන් ගන්නවා. තවත් එක එක නගර සීමා ඉවර වෙද්දි කොළඹ නගර සීමාව පටන් ගන්නවා. ඒ උනාට කොළඹ මහ නගර සභාව කොතනද තියෙන්නෙ ?
* එතකොට සුගතදාස ස්ටේඩියම් එක කොතනද තියෙන්නෙ ? වරාය කොතනද තියෙන්නෙ ?
මෙන්න මේ තැන් පිහිටල තියෙන්නෙ එක් එක් ස්ථාන වල නේද... ? අන්න ඒ වගේ තමයි...

*ලග්නය දැන් අපි තුලා කිව්වට, තුලාවේ බලන්න ඕන මොන කොටසෙද කියල... එතකොට මේ වගේ ගැඹුරු දෙයක් තියෙනව මෙතන. එතකොට ඒක ඔය අහන ඔයාල දන්නෙ නෑ දරුවනේ...

මං තරහකට නෙමෙයි කියන්නෙ, ඔයාල උනත් කටට ආපු පලියට 22වන දෙර්කාණාධිපතියා කොහෙද, 69වන නවාංකාධිපතියා කොහෙද වගෙ ප්‍රශ්න අහන එකෙන් ඔයාලට දෙයක් වෙන්නෙ නෑ. එහෙම නම් ජෝතිෂ්‍යය ගැන මුලින් ඉගෙන ගන්න ඕන.

මට මතකයි අපි මේ සේවය පටන් ගත්තෙ බඩගෝස්තර වාදය වෙනුවෙන් නෙමෙයි. හොර ජෝතිෂ්‍යයකාරයන්ගෙනුයි එක එක ජෝතිෂ්‍යය, වාලම්පුරි, චීන රහස් කියල ගෑණු අයව ගොනාට අන්දවලා ඒ අයට අංතට්ටුව දාන අයට විරුද්ධව කරන්න තමයි මේ පටන් ගත්තෙ. ඒක අපේ Iru Astrology විඩියෝ බලද්දි ඔයාලට තේරුම් යනව ඇති.
කවුරු උනත් වරද කලා නම් වරද කියල පිලිගන්න ඕන.
දැන් ආපහු අර කාරණාවටම ආවොත්,

* ජෝතිෂ්‍යයේ මුල් කඩඉම, පිවිසුම දන්නෙ නැතිව මැදින් හොයන්න ගියාම ප්‍රශ්නයක් එනවා. තමන්ගෙ ඔළුව විකාර වෙනව.
හරියට නයාගේ බෙල්ලෙන් අල්ල ගන්න ඕන එක, වලිගෙන් අල්ල ගත්ත වගේ. කොහොමද වලිගයෙන් අල්ලලා විෂ පාර වදින කොට - අන්න ඒ වගේ තමයි. එතකොට කරදරය තමන්ටමයි.

* මේ අන්තර්ජාලයේ අපේ කටයුුතු වලට මට මතකයි පහුගිය ටිකේදිම එක එක්කෙනා අපිව එයාල අපහසුතාවට පත් කරන්න පුලුවන් කියල හිතල කටයුතු කරා. එක එක අනවශ්‍ය ප්‍රශ්න අහනව. ඒව අනවශ්‍යයි කියල දැනෙන්නෙ  එයාලට ඒක නොතේරේන නිසා.
* මොන ප්‍රශ්නය ආවත් ඒකට උත්තර දෙන්න අපි ජෝතිෂ්‍යය ඉගෙන ගෙන තියෙන්නෙ.
* අපේ දැනුම අවුරුදු 20-30කට එහා අපි තරුණ වයසේ හිටියට අපි ජෝතිෂ්‍යය ඉගෙන ගත්තේ අවුරුදු 15-16ත් කලින් ඉදල. පර්යේෂණාත්මක ජෝතිෂ්‍යයක් තියෙන්නෙ අපි ගාව.
කාර්යාලයට ඇවිල්ලා ජිවිතේ ගැන කියද්දි ගොඩක් අයට කදුළු එනවා.

අපිව චෙක් කරන්න එක එක දේවල් අහනවා. එහෙම ගොඩක් අය හිටියා. ඉතින් මම කියන්නෙ අගමුල පටල ගන්න එපා.

* අපි දන්න ශාස්ත්‍රයට අනුව අපගෙන් අදාල වැදගත් දෙයක් ගන්න. නැතිව අපිව චෙක් කරාට, අපහසුතාවයට පත් කරන්න උත්සහ ගත්තට තව කෙනෙක්ට වෙන යහපතක් නෑනේ.

වෛද්‍යවරයෙක් ගාවට ගිහින් ලෙඩකට දුකකට බෙහෙත් ගන්නකොට ලෙඩේ අග ඉදල මුලට හොයන්නවත්, වෛද්‍යවරයා සතු සියලුම දැනුම එකවරම ගන්නවත් ඔබ උත්සහ කරනවද ???

* අපේ සේවය එක්ක ලගින්ම කටයුතු කරන, ජෝතිෂ්‍යයට ගරු කරන අය පවා ජෝතිෂ්‍යය සහ තමන්ගේ කටයුතු වලට දෙන්නෙ 50-50.
* ඒකියන්නෙ ජෝතිෂ්‍යයට අනුව එන හෙට දවස අයහපත් කියල කිව්වොත්, එයාල ඒකට බය වෙන්නෙ නෑ.  ගැන හිතල බුද්ධිමත්ව කටයුතු කරනවා මුල ඉදලම. තමන්ගෙ තියෙන දුර්වලතා එදාට අඩු කරගන්න බලනවා. තිබෙන දක්ෂතා වැඩි කරගන්න බලනවා. අදාලව කරන්න තියෙනව නම් යම් ශාන්ති කර්මයක්, වත් පිලිවෙතක් ඒව කරනවා. එහෙම කරල බුද්ධියෙන් අදාල අයහපත අඩු කරගන්න බලනවා.

එහෙම නැතිව ඒ ගැන දුක් වෙලා පසුබහින්නෙ නෑ. ජෝතිෂ්‍යය මිනිසුන්ට ලබාදෙන ඍෂිවරයන්වහන්සේලා මේ ගරු කටයුතු ශාස්ත්‍රය දෙන්නෙ ඒනිසයි. ජිවිතය සැපවත් කරගන්න.

ඉතින් අපිත් කරන්න ඕන ජිවිතය යහපත් කරගන්න විතරක් ජෝතිෂ්‍යය භාවිත කරන එකයි.

No comments:

Post a Comment