Tuesday, April 29, 2014

බුධට පළදින, දෛව අංකය 5 හිමි  “පච්ච ගල“

පච්ච ගල බුධගේ අපල දුරු කිරීමට සහ බුධගේ සුභ පල වැඩි දියුණු කිරීමට පලදිනු ලබයි.

* බුධගේ පච්ච ගල බුද්ධිය ලබාදෙයි. 



Iru Sewaya
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව මෙන්ම අපල ආදියට ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ, යහපත උදාකරණ ආකර්ෂණ යන්ත්‍ර, නම් තැබීම(පුද්ගල, ව්‍යාපාර) ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

__ සතියේ ලග්න පලාපලය (අප්‍රේල් 29 සිට) __

මේෂ
සුබ සතියකි.
රැකියාවේ දියුණුව ඇතිවේ. උසස් විම්, වගකීම් ලැබීම් ඇතිවෙන සතියකි. වගකීම් නිසා කාර්ය බහුල වේ. විවේකය අවශ්‍ය වන සතියකි. හදිසි ධනලාභ අපේක්ෂිතය.
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න. තම මතයට පමණක් කටයුතු නොකරන්න. ඉවසීමද වැදගත් වේ. පවුලේ කටයුතු සාර්ථක වෙ. පෙම් සබදතා වලට යම් බාධා පෙන්වයි. බුද්ධිමත් වන්න.

වෘෂභ
හිතවතුන් හා හිතවත්කම වැඩිවේ. රැකියාවේ මද බාධා තත්වයක් පෙන්වයි. තමා සමග කටයුතු කරන අය ගැන සැලකිලිමත් වන්න. පවුලේ අයගේ සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.
අධ්‍යාපන කටයුතු, විදෙස් ගතවීම්, විදෙස්ගත අධ්‍යාපන කටයුතු වලට සුබ සතියකි.
හදිසි ධනලාභ ඇතිවිමට ඉඩ ඇත.

මිථුන
සුබ සතියකි. හදිසියේම හදිසි ධනලාභයක් ලැබිමට ඉඩ ඇත. දේපල ලාභද ලැබේ. ලොතරැයි ගැනීමට සුභ සතියකි.
වෙනදාට වඩා කාර්යශූරව කටයුතු කරන සතියකි. තමාගේ අදහස් සඵල වේ. විදෙස් ගතවන අයට සුබ සතියකි. නව රැකියා අවස්ථාද හිමිවනු ඇත. ව්‍යාපාර වලටද සුබයි.
කලා කටයුතු වලට විසේස සුභ සතියකි. මේ සියලු යහපත මැද වියදම් අධික වේ.

කටක
ඉතාම සුබ සතියකි. වාසනාවන්තය. හදිසි ධනලාභ ලැබිය හැකි සතියකි. පැතුම් ඉටුවේ. ඉතිරි කිරීම් වැඩිවේ. අන් අය අතර කැපී පෙනෙන සුබම සුබ සතියකි.
මේ සතුට නිසාම ආගම දහමට පවා සිත යොමුවේ. පවුලේ අයගේ දියුනුවද අපේක්ෂිතය. ප්‍රීතියෙන් සිටිය හැක. හදිසි ධනලාභ පවා අපේක්ෂිතය.

සිංහ
යහපත් සතියකි. දුර ගමන් යෙදේ. ආර්ථිකය යහපත් වේ. අන් අයට විය යුතු යුතුකම් වගකීම් නොපිරිහෙලා කල යුතු සතියකි.
වියදම් අධික වීමට ඉඩ ඇත. තමාට වඩා පහත් අය හා ඇසුරට වැටීමටද ඉඩ ඇති සතියකි.
රැකියාවේ කටයුතු සාමාන්‍ය පරිදි වේ. නව පෙම් සබදතා ආදියටද ඉඩ ඇත. ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කල යුතුය.

කන්‍යා
මිශ්‍ර පල සතියකි.
ලබාදුන් වචන ඉටු කිරිමට කැප වන සතියකි. හිතවතෙක් ඥාතියෙක්ගෙන් ආර්ථිකයට උදව්වක් ලැබීමට ඉඩ ඇත.
මුදල් සම්බන්ධ කටයුතු වලදි ඉතාම පරිස්සමට කටයුතු කරන්න.
රැකියාවේ දියුණුව අපේක්ෂිතය. මංගල යෝග යෙදේ.
හදිසි අනතුරු නිසා වාහන ධාවනයෙදි පරිස්සම් වන්න.

තුලා
ලාභ ඇතිවන සතියකි. ආගම දහමට සිත නැඹුරු වේ. දානමය පිංකම් වලට සහභාගි විය හැක.
රැකියාවේ දියුණුවද ව්‍යාපාර වල දියුණුවද ලැබේ. නව ආදායම් මාර්ග තිවේ. වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කරන සතියකි.
යහපත් අය හා ඇසුරු කරන්නට ලැබෙන සතියකි. ඔවුන්ගේ උදව් උපකාර ලැබෙන සතියකි.
සෞඛ්‍ය තත්වයද යහපත් වනු ඇත.

වෘශ්චික
කරදර බාධක දුරුවන සතියකි. ජය ලැබීමට නියමිත සතියකි. දේපල ලාභ ලැබිමට ඉඩ ඇත.
ආවේගශීලි වීම තුලින් පවුලේ ගැටුම්ද පෙම් සබදතා වලට ගැටුම්ද ඇතිවිය හැකි බැවින් කල්පනාකාරි වන්න. විදේශ සංචාර වලට සුබයි.
දරුවන්ට සුබයි. මනාව සිතා බලා සැලසුම් කර ගන්නා තීරණ හා කරන කටයුතු වලින් යහපත් ප්‍රතිඵල ලැබේ.
සෞඛ්‍ය තත්වය යහපත් වේ.

ධනු
වැඩ අධික වන සතියකි. දුර ගමන් නිසා අවිවේකි බවක් දැනෙනු ඇත. එසේ වුවද ප්‍රශ්න විසදෙන බැවින් සිතට සතුට ලැබෙනු ඇත.
අධ්‍යාපන කටයුතු වලට සිත යොමුවේ. අන් අය හා සතුටින් කල් ගත කල හැක. ආගම දහමට නැඹුරුවිමට කැමති සතියකි.
හදිසි ධනලාභ ඇතිවිය හැක.
සෞඛ්‍ය තත්වය ගැන විසේසයෙන් කෑම වලින් පරිස්සම් වන්න.

මකර
ලාභ ලැබෙන සතියකි. සිතේ පැතුම් ඉටුවේ. වෙනදාට වඩා අතමිට මුදල් රැදේ. තැන්පත් ධනය වැඩිවේ. විවාහ කටයුතු වලටද සුබ සතියකි.
කරන කටයුතු සඵල වේ.
යම් මුදල් ලාභයක් ලැබිමට ඉඩ ඇත. විනෝද අවස්ථා යෙදේ. නව මිතුරන් ඇතිවිමට ඉඩ ඇත.
ව්‍යාපාර, රැකියා දියුණු වන සතියකි.

කුම්භ
රැකියාව දියුණු වේ. ව්‍යාපාර වලටද සුබයි. වෙනදාට වඩා කෝපය ඇතිවිය හැකි නිසා ඒ ගැන සැලකිලිමත් වන්න. අන් අය වෙනුවෙන් කැප වන සතියකි. අලුත් අදහස් සිතට නැගේ.
ව්‍යාපාර වලට නොසිතුවිරූ දියුණුවක් ලැබිමට ඉඩ ඇත. කාර්ය බහුල සතියකි.
දරුවන් බලාපොරොත්තුවෙන් සිටි අයගේ පැතුම් ඉටුවේ. නව රැකියා අවස්ථාද හිමිවිය හැක.
කකුල් වල අමාරු ආදිය ගැන අවදානමත් වන්න.

මීන
සිතට යම් කණගාටුදායක අවස්ථා ඇතිවන සතියක් වුවද සිතේ පැතුම් ඉටුවේ. සමස්තයක් ලෙස සාර්ථක සතියකි.
මේ සතියේදි නව ආයෝජන මුදල් සම්බන්ද කටයුතු ආදියෙන් වැලකි සිටිම සුබයි. මුදල් හිඟයක් ඇතිවමට ඉඩ ඇත. අරපිරිමැස්මෙන් කටයුතු කරන්න. ආගම දහමට නැඹුරුවිමෙන් සිතට සහනය ඇතිවනු ඇත.
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න.

_ කුජ 7 සිටීම ගැන තවදුරටත් _

කුජ 7 සිටීම භෞම දෝෂයකි. එනම් විවාහයට බලපෑමක් ඇත.

ස්ත්‍රි කේන්දර සටහනක කුජ 7 සිටී නම් එම භාර්යාව තම ස්වාමියාට දැඩි ස්නේහවන්ත ගුණවත් පැවතුම් ඇති කාන්තවක් බව දන්නවාද ?
අපලකාරි තත්වයක් වන්නේ කුජ 7ට ඇති දෘෂ්ඨින් ආදිය නිසාය...

මෙහිදි විවාහස්ථානය වන 7 වැන්නේ අධිපතිගේ තත්වයද බලපානව.
කුජ 7 සිටින අවස්ථාවක 2 වැන්න අධිපති ග්‍රහයාද දුර්වල නම් එය අයහපත්ය. එනම් ආයුෂ අඩුවෙන් ඇති කෙනෙකු හා විවාහ විමට ඉඩ ඇතිවිය හැක.
එසේම 7 වැන්නේ කුජ සිටියදි සෙනසුරු, රවි, රාහු ආදි පාප ග්‍රහයන්ගේ දෘෂ්ඨි හෝ සංයෝග වල දෘෂ්ඨි ලැබේ නම් එයද විවාහයට බලපායි.
විවාහයට මූලික වන සිකුරු ග්‍රහයා පාප දෘෂ්ඨි සහිතව සිටී නම් එයද ගැටළුවක් වනු ඇත.

සමාජයේ ඇති මතයක් වන්නේ කුජ 7ට කුජ 7ම සිටිය යුතුයි යන්නය. එය වැරදි මතයකි.
කුජ 1, 2, 4, 7, 8, 12 යන තැනක කුජ සිටි නම් එවන් කේන්දරයක් පොදුවේ ගැලපේ.

මේවා දැනගැනීම කෙනෙකුට හිසරදයක් ඇති කරවන්නක් වීමට ඉඩ ඇති වුවත් එසේ සිතීම වැරදිය.
අවදානමට වඩා සූදානම වැදගත් බව අප පිලිගන්නා දෙයකි. ඒ අනුව කටයුතු කිරීම කල යුතුය.
මේ තත්වයන් තේරුම් ගෙන කටයුතු කිරීම වටින්නේ ඒනිසාය.
කේන්දරය යනු පෙර කල කර්ම ශක්තිය වේ. ඒ කර්ම ශක්තිය අඳුනාගෙන ඊට අනුව ජිවත් විම කල යුතුය. ඒ හැර කලබල වීම වැදගත් නැත.

Iru Astrology

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව මෙන්ම අපල ආදියට ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ, යහපත උදාකරණ ආකර්ෂණ යන්ත්‍ර, නම් තැබීම(පුද්ගල, ව්‍යාපාර) ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

_ දරුඵල අහිමි අයට සරල කෙම් ශාස්ත්‍රීය උපක්‍රමයක් _


දරුවන් බලාපොරොත්තු වන අය මේදේද අත්හදා බැලීම යහපත්ය.

පුරපසලොස්වක පෝය දිනයක, සියඹලා ගසකින් දළු මිටක් කතා නොකර රහසේ කඩා ගෙන රහසේ ගිලින්න.

මෙම සියඹලා ගස කතරගම බිරිඳගේ වල්ලි අම්මා දේවතාවියගේ වාසභවනය බව ජනවහරේ සඳහන් වේ.
එසේම කතරගම වල්ලි මෑණියන්ගේ දේවාලයට බාරහාර වීමද දරු සම්පත් උදාකරගැනීමට හේතුවකි. 


රාහු හෝ කේතු 7 වැන්නේද ? - 2 කොටස


* වෙනදාට වඩා දික්කසාද, අඹුසැමි ගැටළු අහන්නට ලැබෙන අද කාලයේ යම් පිරිසක් ජෝතිෂ්‍යය අනුවද එයට පිලිතුරු සොයති.
රාහු 7 සිටීම ගැන බොහෝ සිතිය යුතු බවක් බොහෝ දෙනාගේ පිලිගැනමයි.

රාහු ඡායා ග්‍රහයෙකි. එසේ වුවද ඕනෑම දෙයක් අසුබ එකක් කිරීමට ඔහුට හැකියාව ඇත.

අපගේ මුල් ලිපිය කියවූ විට රාහු 7 සිටිම ඉතාම භයානක කාරණයක් ලෙස සිතීමට ඉඩ ඇත.
එම තත්වයන් බිඳෙන අවස්ථාද බොහෝ ඇත. 7 රාහු සිටියද 3 වැන්න හෝ 11 වැන්න හෝ තැනක ගුරු හෙවත් බ්‍රහස්පති බලවත්ව සිටියොත් එම හානි මග හැරේ.
රාහු 7 සිටින කෙනා සමග විවාහ වන කෙනාගේද 7 වැන්නේ රාහු, කුජ හෝ රවි සිටී නම් එම අපල මග හැරෙන බව කියවේ.

රාහුගෙන් සෑමවිටම 7 වැන්නෙ සිටින කේතු...

කේතු 7 සිටින අය ගැන විසේසයෙන් උදරයෙන් පහල කොටස් වල සෞඛ්‍ය දුර්වලතා වලින් පරිස්සම් වන්න. දියවැඩියාව ආදි රෝගි තත්වයන්ද ඇතිවිමට යම් හේතුවක් විය හැක.
කේතු 7 සිටින අයගේ විවාහය හා අදාල කරුණු ගැන ඊලග ලිපියෙන් බලමු.

** කෙසේ වුවද මෙකී තත්වයන් ඇතිවන්නේ අදාල කේන්දර සටහන් වල බල දුබලකම් අනුව බව අවධාරණය කරමු !
*** මෙය පොදු පලාපලයක් බව සලකන්න.
.

ග්‍රහයන් සිටින කොටු ගණන අනුව..

කේන්දර සටහන ගෙන බලන්න. එහි කොටු 12ක් වේ.

ඒ අනුව “රාහු සහ කේතු“ ග්‍රහයන් අතහරින්න.

ඉතිරි ග්‍රහයන් 9 දෙනා වන්නේ,
රවි, චන්ද්‍ර, කුජ, බුධ, ශුක්‍ර, ගුරු සහ ශනිය.

● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 7ක සිටීම _

මෙය “වීණා යෝගය“ ලෙස හැඳින්වේ.
මෙම යෝගය ඇතිව උපන් අය බොහෝ වාසනාවන්තය. සසර පුරා පිංකම් කල අය වෙති. බොහෝ සැප විඳීමට හැකියාව ඇත. වස්තු ලාභ, ධන ලාභ, දේපල ලාභ ඇතිවන අය වෙති.

● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 6ක සිටීම

මෙය “ දාමිණී යෝගය“ ලෙස සැලකේ. සහජ දක්ෂතාවය ඇති අය වෙති. බුද්ධිය අවබෝධ ශක්තිය ඇත. මනා උගත්කමක් ඇත. අන් අයට අනුකම්පා කරන, උදව් කරන අය වෙති. නායකත්වය ගනී.

● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 5ක සිටීම

මෙය “පාස/කීල යෝගය“ ලෙස හැඳින්වේ. ධනය වස්තුව ඉපයීමට අධික ආශා කරන, හැකියාව ඇති අය වෙති. තමාම මහන්සි වි කටයුතු කරයි. සමහරවිටෙක අධ්‍යාත්මය දියුණු කරගැනිමටද කටයුතු කරන අය වෙති. අන් අයගේ ඉරිසියාවට, වධයට බඳුන්විමට ඉඩ ඇත. විටෙක සංවේදීත්වය අඩුවිය හැක.

● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 4ක සිටීම

මෙය “කේදාර යෝගය“ වේ. සැපවත් ජිවිතයක් ගත කිරිමට හා ඒ වෙනුවෙන් කටයුතු කරන අය වෙති. ගස් වැල් වලට, පරිසරයට හිතැති අය වෙති. බොහෝවිට භූමිය සම්බන්ද කටයුතු වල යෙදේ. කෘෂිකර්මාන්ත කටයුතු වලට දක්ෂ විය හැක.

● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 3ක සිටීම

මෙය ශූල යෝගය“ වේ. මදක් ආත්මාර්ථකාමි ගති ඇති අය ලෙස සැලකේ. වරදකට සමාව නොදෙන වරදක් කරන කෙනෙකුට රිදවන ගති ඇති බව කියවේ. කෙසේ වුවද ලෞකික දියුණුවට යහපත් විය හැකි පිහිටිමකි.

● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 2ක සිටීම

විශේෂ නමක් නැත. ධනය සෙවිමට වැඩි උනන්දුවක් නැති අය වෙති. අන් අය අතර කැපී පෙනෙන්ට කැමති අය වෙති. බොහෝවිට බොහෝ ලප ඇති අය වෙති.

● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 1ක සිටීම

මෙය ඉතාම කලාතුරකින් සිදුවන්නකි. “යුග යෝගය“ වේ. මෙය යහපත් එකක් ලෙස සදහන් නොවේ. අනුන්ගෙන් යැපෙන්නට සිදුවන යෝගයක් ලෙස සැලකේ. මහණ දම් පිරිමට ඇතැම්විට සිදුවිය හැක.

*** මෙය පොදු විග්‍රහයක් පමණි. ඒ ගැන අවධාරණය කරමු. කේන්දර සටහන අනුව 1,4, 7, 10 යනාදි ස්ථාන ආදිය නිසා මේවා වෙනස් වනු ඇත

“ ජය යෝගය “

ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා ‘කුම්භ‘ රාශි ගත වීමෙන් ඇතිවේ.

ජය යෝගයෙන් උපන් අය ඉතාම ධෛර්යවන්ත අය වෙති. ආත්ම විශ්වාසය නිසාම ජය ලබයි. පලාතකට තම ඥාතින්ට නායකයා වෙයි. කෘෂිකාර්මික කටයුතු වලට ඉතා හොඳය.

දැන් බලමු ඔබටත් ජය යෝගය තිබේද කියල...

* ඔබ මේෂ ලග්නයේ නම් ඔබගේ 11 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

* ඔබ වෘෂභ ලග්නයේ නම් ඔබගේ 10 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

* ඔබ මිථුන ලග්නයේ නම් ඔබගේ 9 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

* ඔබ කටක ලග්නයේ නම් ඔබගේ 8 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

* ඔබ සිංහ ලග්නයේ නම් ඔබගේ 7 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

* ඔබ කන්‍යා ලග්නයේ නම් ඔබගේ 6 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

* ඔබ තුලා ලග්නයේ නම් ඔබගේ 5 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

* ඔබ වෘශ්චික ලග්නයේ නම් ඔබගේ 4 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

* ඔබ ධනු ලග්නයේ නම් ඔබගේ 3 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

* ඔබ මකර ලග්නයේ නම් ඔබගේ 2 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

* ඔබ කුම්භ ලග්නයේ නම් ඔබගේ 1 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

* ඔබ මීන ලග්නයේ නම් ඔබගේ 12 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

Sunday, April 13, 2014

ජෝතිෂ්‍යය නිගමන අනුවම සැත්කම් කල යුතුද ???

ලගදී අපගේ මිතුරෙකු අපව දැනුවත් කල කාරණයක් වන්නේ වෛද්‍ය උපදෙස්, ශල්‍යකර්ම ආදියට පෙර ජ්‍යෝතිෂය මාර්ගයෙන් ඒ ගැන විමසා බලා කටයුතු කිරීම සුදුසුද යන්නයි.

එය සැබෑවටම යහපත් දෙයකි. පොදුවේ චන්ද්‍රයා ගෝචර ගමනින් 6, 8, 12 වැනි තැන් වල ගමන් කරයි නම් ඒ දින මගහැරිම පොදුවේ හොඳය. එසේම ඒරාෂ්ඨක අවස්ථා වල සැත්කම් ආදිය කිරීමේදි වඩා සැලකිලිමත් වීම වැදගත් වේ.

කෙසේ වුවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සමග වෙනදාට වඩා ජෝතිෂ්‍යය ගැන ජනතාව උනන්දු වූ අතර ඇතැමෙක්ට එය මහා ව්‍යාපාර වී ඇත. ජනතා උනන්දුව ඇතිවන දෙයක් ව්‍යාපාරයක් ලෙස ඇතිවිම සාමාන්‍ය දෙයකි. නමුත් වැදගත් වන්නේ එසේ විම එහි හරයට හානි නොකරාවිද යන්නය.
ජෝතිෂ්‍ය ගැන නොදන්නා පොදු ජනතාව අතර පවා යම් පිරිසක් ජෝතිෂ්‍යය නිර්දය ලෙස විවේචනය කරන අතර, තව පිරිසක් විවේචනය කරමින්ම තමන්ගේ කේන්දර සටහන් බලා අදාල කටයුතු කරගන්නා බව අප අත්දැකීමෙන් දනිමු. තව පිරිසක් ජෝතිෂ්‍යය ගැන අචල විශ්වාසයකින් ඒ අනුව පමණක් කටයුතු කරන අන්ධ භක්ති තත්වයකට පැමිණ ඇති අතර, තවත් පිරිසක් තමන්ට අවශ්‍ය වූ විට පමණක් ජෝතිෂ්‍ය යොදා ගනී. සුළු පිරිසක් ජෝතිෂ්‍යය යනු කර්මය ගැන කියවෙන්නක් බැවින් වෙන දේ දැනගෙන කටයුතු කිරීමට මනාව භාවිත කරනුද දක්නට ලැබේ.

නැවත ජෝතිෂ්‍යය අනුවම සැත්කම් ආදිය කල යුතුද යන්න ගැන සිතීමේදී, සැබෑවටම බොහෝ සැත්කම් අදාල නිසි වේලාවක් වෛද්‍යවරුන් මගින් නියම කරන ඒවාය. ඒවා අදාල වේලාවටම වීම අතිශයින් වැදගත් වේ.
අපගේ සේවයේ ජයතිලක වෙද පරම්පරාවේ සහ තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින්වහන්සේගේ පරම්පරාවෙන් පැවත එන මහතුන්ගේ අත්දැකිම් වලින් බොහෝ රෝගාතූරව සිටි අය, අදාල කේන්දර සටහන් බලා දෙන ලද උපදෙස් අනුව, අභිසම්පිධාන යන්ත්‍රය, ශනි මෘතුංජය යන්ත්‍රය, සියලු රෝග වලට ගුණ දෙන මහ බලවත් නවනාථ යන්ත්‍රය වැනි ශාන්තිකර්ම කටයුතු නිසා සුවය ලබා ඇත.
* නමුත් ඒ කොතනකවත් වෛද්‍ය උපදෙස් නොතකා කටයුතු කර නැත, ඒ අවස්ථාවලදි වෛද්‍ය විද්‍යාවට අනුව සුව කල නොහැකි බව කියන ලද ලෙඩුන් ඒ හරහා සුවවී ඇත.

* අපගේ නිගමන මෙසේය.
වෛද්‍ය උපදෙස් වලට මූලික තැන දීම වටී. විවිධාකාර අඩුපාඩු තිබුනද බොහෝ වටිනා කියන වෛද්‍යවරු බෝධිසත්ව ගුණ ඇති වෛද්‍යවරු අප රටේ සිටිති. ඒනිසා ඒවාට මුල් තැන දෙන්න.
ජෝතිෂ්‍යය අනුව අදාල සැත්කමක් කරන දිනය එතරම් යහපත් නැත්නම් එදාට නොකර සිටීමට වඩා රෝගියා වෙනුවෙන් පිංකම් කිරීම අතිශයින් වටී. මරණාසන්න රෝගියෙකුට ජීවදාන පිංකම්, සර්වරාත්‍රි පරිත්‍රාණ ධර්ම දේශනයන් ශාන්තිය ලබාදෙයි.
එම නිසා කරන කටයුතු බුද්ධියට මුල්තැන දී කරන්න.

ශුභ අලුත් අවුරුද්දකට ආසිරි !

> Iru Sewaya > Iru Astrology <

_ දෛව අංකය 9ට අයිති කොරල හෙවත් රතු කැටය ඇල්ලූ රිදී මුදුවක් _


__ ඉර පෑව්වාසේ දියුණුව ලබාදෙන සූර්යමණ්ඩල යන්ත්‍රය __

මෙය ඉතාම ප්‍රබල යන්තරයකි. මෙම යන්ත්‍රයෙන් තමාට තිබෙන දෝෂ තත්වයන් දුරු වනු ඇත. ආකර්ෂණය ලැබෙනු ඇත.
තමාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගත හැක.
සූර්යයාගේ සැර එනම් තේජෝ ගුණය ලෙස එන ආකර්ෂණය ලැබේ. එම ආකර්ෂණ ශක්තිය තම කටයුතු වලට සුභදායි ආකර්ෂණයක් වේ. එයින් යහපත සැලසේ. තමාගේ සේවකයන් ව්‍යාපාර හවුල්කරුවන් තමාට වඩා හිතවත් වේ.
විශේෂයෙන් ව්‍යාපාරිකයන් මෙම යන්ත්‍රය භාවිත කරන අතර ඒනිසාම යහපත අපෙක්ෂා කල හැක.
හිරු පායනවා සේ කටයුතු සාර්ථක වන බව කියවේ.

● කිලි කුණු නැත.
කිලි හරණ මන්ත්‍රය ඇතුළු බලසම්පන්න මන්තර වලින් ජප කර ඇති නිසා කිලි නොවදී. එසේ වුවද මල ගෙවල්, කොටහළු මගුල්/වැඩිවිය පැමිණෙන දරුවන්ගේ උත්සව යනාදියට යාමේදි ගලවා බුදු පිලිමය ලග වදින තැන තබා ගොස් නැවත ගෙදර පැමිණි පසු හොදින් නා පියා පිරිසිදු වී පැලදීම කල යුතුය.

__ 2014 වසරේ අලුත් අවුරුදු පලාපල විස්තරය __

(ශක රාජ වර්ෂ 1936කි. ක්‍රිස්තු වර්ෂ 2014කි)

● නව සඳ බැලීම

පසුගිය අප්‍රේල් මස 4 වනදා ගෙවී ගියේ චන්ද්‍ර වර්ෂයට නව සඳ බැලීමය.
සූර්ය වර්ෂයට මැයි මස 1 වැනි බ්‍රහස්පතින්දා නව සඳ බැලීම සුභයි !

● පරණ අවුරුද්දට ස්නානය

අප්‍රේල් මස 12 වන සෙනසුරාදා නුගපත් මිශ්‍ර නානු ගා ස්නානය කර තමන්ගේ ඉෂ්ඨ දේවතාවුන් සිහි කර කටයුතු කරන්න.

● සිංහල අලුත් අවුරුදු උදාව සිදුවන්නේ අප්‍රේල් මස 14 වන සඳුදා උදේ 07.37ටය.

● පුණ්‍ය කාලය

අප්‍රේල් මස සඳුදා උදෑසන(අලුයම) 01.13 සිට අප්‍රේල් මස 14 වන සඳුදා හවස 02.01 අතර කාලය පුණ්‍ය කාලයට අයිති වේ.
ඒ අනුව 14 වන සඳුදා අලුයම 01.13ට පෙර ආහාර ගෙන, සියලු කටයුතු නවතා ආගමික කටයුතු වල නිරතවන්න.

● ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන සඳුදා උදෑසන 10.17ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා කිරි සහ උක් හකුරු මිශ්‍ර කිරිබතක් පිස, කැවිලි වර්ගයක්ද පිළියෙල කරගන්න.

● වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වන සඳුදා උදෑසන 11.05ට සුදු වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කර ආහාර අනුභවය මැනවි.

● හිසතෙල් ගෑම

අප්‍රේල් මස 16 වන බදාදා, උදෑසන 11.16ට කොළ පාට වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොලොන් පත්ද තබා තෙල් සහ කොහොඹ පත් මිශ්‍ර කර සාදාගත් නානුද තෙල්ද(තල තෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල්, සහ එඬරු තෙල් යන පස් තෙල් වර්ගද ) ගා ස්නානය කිරීම මැනවි.

● රැකි රක්ෂා සදහා පිටත්ව යෑම

අප්‍රේල් 17 වන බ්‍රහස්පතින්දා උදෑසන 06.16ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී, තල මිශ්‍ර කිරිබත් සහ හකුරු අනුභව කර බටහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.

< Iru Astrology > #Irusewaya

(* සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සිංහල නැකැත් කමිටුව විසින් සාදන ලද විස්තරයට අනුකූල බව සලකන්න)

නාගර්ජුන යන්ත්‍රය

* රාහු මහ දසාව කෙනෙකුට ලැබුවොත් වසර 18ක් පවති. එම කාලයේදී මෙම යන්ත්‍රය පැලදවීම කල යුතුය.

* නාගර්ජුන යන්ත්‍රයේ සොලොස් ගැබකි. එම හැම ගැබකම ආතුරයාට සෙත් පතා යම් මන්තර රත්නයක් ලියා ඇත. යන්තරයේ මැද තරු සලකුණක් ඇත. එතන ජන්මියාගේ නම සහ නැකත ලියනු ලැබේ. ජීවම් කරන කල්හි පිරිමි දරුවෙකුට නම්, පාර්වති පුත්‍රාය යනුවෙන්ද, ගැහැණු දරුවෙකුට පාර්වති දුහිතෘය යනුවෙන්ද උච්චාරණය කරනු ලබයි.
දුකට පත් ආතුරයා(යන්ත්‍රය ලබන තැනැත්තාව සමාන කරනු ලබන්නේ පාර්වති දේවියගේ පුත්‍රයා ලෙස හෝ දුව ලෙසය) මෙම යන්තරයෙන් සියලුම මානසික උපද්‍රව දුරු කර ආර්ථික දියුණුව ලගාකර ගත හැක.

ශනි මෘතුංජය යන්ත්‍රය

ඉතාම ප්‍රබල යන්ත්‍රයකි. ශනි හෙවත් සෙනසුරුගේ මාරක අෂ්ඨක ඒරාෂ්ඨක ඇතුළු සියලුම ශනිගේ අපල දුරු කිරීමට භාවිත වේ. පුද පූජා ඇතුලුව පේවි මෙම යන්ත්‍රය ජීවම් කල යුතුය.
මී පැණි ඇතුළු වටිනා ඖෂධ වර්ග මෙම යන්ත්‍රය සෑදීමට පූජාවන් වශයෙන් තැබිය යුතුය. මෙම යන්ත්‍රය වටිනා කරගැනීමට පුද පූජා බඩු සමග සියලුම වතාවත් ඉෂ්ඨ සිද්ධ කල යුතුය.
මෙම යන්ත්‍රය අපල උපද්‍රව නිමවීමෙන් පසුව යන්ත්‍රය ඉවත් කල යුතුය.
සියලුම ශනිගේ අපල සමනය කර සුභ පල වැඩි කරන බලසම්පන්න යන්ත්‍ර රත්නයකි.

විෂ්ණු මණ්ඩල යන්ත්‍රය

විෂ්ණු මණ්ඩල යන්ත්‍රය භාවිත කරනු ලබන්නේ බුධ ග්‍රහයාගෙන් පැමිණෙන සියලුම දෝෂ සමනය කිරීමටය. බුධගේ සියලු දෝෂ සමනය කර ශුභ පල ලබාදීමට මෙම යන්ත්‍රය භාවිත වේ.
එසේම බුධගේ ශුභ පල ඇත්නම් එම ශුභ පල තව තවත් වැඩි කරගැනීමටද මෙම යන්ත්‍රය හේතු වේ.

මෙම යන්ත්‍රයද කරන තැනැත්තා සහ යන්ත්‍රය ලබාගන්නා තැනැත්තා නිසි පිලිවෙතින් සිටීම වැදගත්ය. එසේම විශේෂයෙන්ම යන්ත්‍රය ජප කරන තැනැත්තාගේ සිල්වත් බව මෙහිදි බලපානු ලබයි. වටිනා පුද පූජා භාණ්ඩ සහිතව නිසියාකාරව පේවී මෙම කටයුත්ත සිදු කල යුතුය.

* සැලකිය යුතුයි :- මෙම යන්ත්‍රයන් ජප කරන මහතුන් මස් මාංශ අනුභවයෙන් තොර, මත්පැන් ආදි මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර, චරිතවත් කෙනෙකු වීම අතිශයින් වටී. එසේම වසර 20-30ක් වැනි කාලයක් මෙම කටයුතු කර ඇති කෙනෙක් නම් තවත් හොඳයි.

Tuesday, April 8, 2014

ජෝතිෂය අවශ්‍ය වන්නේ යහපත පිණිසම පමණි

2014 T20 ලෝක කුසලාන දිනීම සහ අපගේ අනාවැකිය ගැන අපට සතුට පල කරන මසේජ සිය ගණනකි.
අනාවැකිය සාර්ථක වීම අප පමණක් නොව ජෝතිෂය ගැන නිවරදිව කටයුතු කරන බොහෝ දෙනෙකු නිවරදිව කියන ලද්දකි.

අප කල වෙනස වූයේ ජෝතිෂ්‍යයටම භාර නොදී තම හැකියාවෙනුත් වෙනසක් කරගත හැකි වේ යන්න පැවසීම පමණි.( එයට මූලික හේතුවක් නම් ජෝතිෂයේ කියවෙන කර්මය වුවද වෙනස් කල හැකිය යන මතය දරන අය අපගේ සේවයේ සිටීමයි)

සැබෑවටම ජෝතිෂ්‍යය අවශ්‍ය වන්නේද ජිවිතය ජය ගැනීමට මිස එහි වරදක් තිබෙනවා කියා ජිවිතය පසුගාමි කරගන්නට නොවේය.
වැස්සට කුඩයක් ඉහලන ආකාරයෙන් විය හැකි කරදර බාධක දැනගෙන නිවරදිව කටයුතු කිරීමෙන් ජිවිත ජයග්‍රහණය කල යුතුය.

මිනිස් ජීවිතය ලැබීම දුර්ලභ දෙයකි. එය සාර්ථක කරගැනීම, සතුටින් ජිවත් වීමට ඊටත් වඩා දුර්ලභය... ඒ ගැන සිතා බලා ඒ වෙනුවෙන් කටයුතු කරන්න.

බුදු සරණයි !

Friday, April 4, 2014

(පොදු විස්තරයකි.)

* මේ සදහා හැකි තරම් ඌෂ්ණාධික ආහාරපාන වලින් වැලකිය යුතුය.  

* ශරීරය ශීත ගුණයෙන් පවත්වා ගැනීම අවශ්‍ය වේ. උදෑසන ජල ස්නානයෙන් අනතුරුව  
* සුවඳ වර්ග ඇඟ ගැල්වීමද ඉතාම සුදුසු වේ.   එමගින් උපත ලැබීමට පෙරුම් පුරන ආත්ම වලට ශරිරයට ඇතුල් වීමට ආකර්ෂණය ඇතිවේ.  

* හැකිතාක් දුරට උපත් පාලනයෙන් වැලකිය යුතුය.  

* රසායනික ඖෂධ භාවිතය නිසා වඳභාවය හෝ මඳසරු භාවය ඇතිවිමට ඉඩ තිබේ.  

* දරුවන් බලාපොරොත්තු වන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම කොහොම කොළ කොටා එලකිරි සමග පානය   කිරිම  යහපත් වේ, සතියකට වරක්වත්.  

 * වැඩිපුර ජලය පානය කිරිම සහ පුරුෂයා හැකි පමණ තැඹිලි සහ තැඹිලි මදය සමග කෑම ගැනීම සුදුසුයි.  

 ** ලිපියේ පලමු කොටස   (https://www.facebook.com/photo.php?fbid=224073227787689&set)

රාහු හෝ කේතු 7 වැන්නේද ? - 1 කොටස

* වෙනදාට වඩා දික්කසාද, අඹුසැමි ගැටළු අහන්නට ලැබෙන අද කාලයේ යම් පිරිසක් ජෝතිෂ්‍යය අනුවද එයට පිලිතුරු සොයති.
රාහු 7 සිටීම ගැන බොහෝ සිතිය යුතු බවක් බොහෝ දෙනාගේ පිලිගැනමයි.

රාහු ඡායා ග්‍රහයෙකි. එසේ වුවද ඕනෑම දෙයක් අසුබ එකක් කිරීමට ඔහුට හැකියාව ඇත. ඒනිසා රාහු 7 නම් විවාහයේදි සැලකිලිමත්වීම වටී. එසේ වුවද එය එක්වරම ලැබෙන්නේ නැත.

* රාහු 7 සිටින විටදී අප අත්දැකි ඇති අන්දමට විවාහ ජිවිතය මුලදි යහපත් ජීවිතයක් ගත කරයි.
අප අත්දැක ඇති අන්දමට මුල් කාලයෙන් පසුව දෙදෙනා අතර විවිධ අඩදබර ඇතිවිමට හේතු විය ඇතිවි ඇත. රාහු නිතරම කෝපය ප්‍රකාශ කිරිමට, තමාට විරුද්ධවාදින් ඇති කිරිමට කටයුතු කරන සෙයක්ද ඇත.
* දිගින් දිගටම මෙවන් තත්වයන් ඇතිවිමේදි බුද්ධියෙන් සිතා ඉවසීමෙන් හා අවශ්‍ය කටයුතු නොකලවිට විවාහය දික්කසාද දක්වා දුර යන අවස්ථා අප දැක ඇත.
* තවද රාහු 7 සිටින අයට දැඩි කාමාශාවක් ඇත. විවාහ ජිවිතයකට එය නරක නැතත්, තමාගේ සහකරු හෝ සහකාරියද එසේ නොවුවොත් එය අනිවාර්ය ගැටළුවක් වේ.
* එසේම රාහු 7 සිටින අය විරුද්ධ ලිංගිකයන් හා ඇසුරට කැමතිය. තම විවාහ ජිවිතය ගැන තෘප්තිමත් නැතිනම් බොහෝවිට වෙනත් අනියම් ඇසුරුකම් ඇතිකරගැනීමට ඉඩ ඇත.
රාහු 7 සිටියදී සිකුරු එම කේන්දරයේ දුර්වල නම්(මෙම තත්වය එසේම වේදැයි නිගමනය කල හැක්කේ සූක්ෂමව කේන්දරය බැලිමෙනි) බොහෝවිට විවාහයට පසු මෙන්ම ඇතැම්විට පෙර සිටද අනවශ්‍ය සබදතා ඇතිකරගත හැක.
*
විවාහ වීමෙන් පසු රාහු මහ දසාවක් හෝ අතුරු දසාවක් ගත කරන්නෙ නම් කේන්දරයේද රාහුගෙන් සුබ පල අඩුනම් බොහෝවිට මෙම කරදර තීව්ර විය හැක. ශනිගේ මහ දසා පැමිණිවිටද මෙවන් තත්වයන් අපේක්ෂිතය.
* රාහු මහ දසාව හෝ අතුරු දසාවක් ගත කරන්නට ලැබෙන විටක තම සහකාරිය හෝ සහකරු තමාගෙන් දුරස්විය හැක. බොහෝවිට රැකියාවේ දුරස්විම්, විදෙස්ගත වීම් වැනි දේ සිදුව විවාහය රැකගන්නටද හැකියාව ලැබි ඇති අයුරු අප දැක ඇත.

** කෙසේ වුවද මෙකී තත්වයන් ඇතිවන්නේ අදාල කේන්දර සටහන් වල බල දුබලකම් අනුව බව අවධාරණය කරමු !

රාහු කේතු 7, දෙවන කොටස බලාපොරොත්තු වන්න.
*** මෙය පොදු පලාපලයක් බව සලකන්න.

මහ දසාවන් අඳුනා ගැනීම (2)


පලමු ලිපියේ පරිදි මහ දසා ප්‍රමාණය ඔබට මතක ඇතැයි අපි සිතමු.
(https://www.facebook.com/photo.php?fbid=223845217810490&set)

ඒ අනුව මුලින්ම කල යුත්තේ එම මහ දසා එන අනුපිලිවෙල මතකයේ තිබීමයි.

කේන්දර සටහනේ උපන් වෙලාව, උපන් දිනය, ලග්නය ආදිය පවතින අතර, එහි
“ දශා අපහරණය/ දශා ශේෂය/ඉදිරියට මහ දශාව “

යනුවෙන් ඇති විස්තරය බලන්න.

* මුලින් ඔබගේ උපන් දිනය සටහන් කරගන්න.

උදා:- 1980 ජනවාරි 10 .

* ඉන්පසු දශා අපහරණයේ එකතුව එකතු කර දැන් ගත කරන මහ දසාව සොයාගන්න.
(රවි මහ දසාව වසර 5යි, මාස 5යි දින 10)

උදා,
1980 ජනවාරි 10 + රවි මහ දසාව වසර 5යි, මාස 5යි දින 10 නම්,

( 1980. 01. 10 + 05. 05.10 = 1985.06.20)

* රවි මහ දසාව අවසාන වන්නේ 1985 ජුනි 20 වනදාය.

*රවි මහ දසාවට පසු එළඹෙන්නේ සඳු මහ දසාව වන අතර එය වසර 10කි.
එනම් 1995 ජුනි 20 දක්වා සඳු මහ දසාව පවති.

*ඉන්පසුව එළඹෙන්නේ කුජ මහ දසාවය.
එය වසර 7කි( 2002 ජුනි 20 දක්වා)

*ඉන්පසු රාහු මහ දසාව පවති. එනම් වසර 18කි.
එනම් 2020 දක්වා ගතවන්නෙ රාහු මහ දසාවය.

* සෑමකෙනාම රවි මහ දසාවෙන් උපදින්නෙ නැත. ඒනිසා අදාල මහ දසාවට අනුව ඊට පසුව එන මහ දසා එකතු කල යුතුය.

“ අප්‍රේල් මාසයේ වාසනාවන්තම ලග්නය මකර “

* පොදු පලාපලයකි.

මේ මාසයේ වාසනාවන්තම ලග්නය “ මකර “

මකර ලග්නයේ ලග්නාධිපති වන්නේ සෙනසුරු/ශනි ග්‍රහයාය.
එසේම මකර ලග්නයේ ලග්නාධිපති මෙන්ම 10 වැන්න අධිපති වන්නේද සෙනසුරුය.

● මෙම සෙනසුරු ග්‍රහයා මකර ලග්න හිමියන්ගේ 10 වැන්නේ රාහු සමග උච්ච බලයෙන් සිටී. මෙහිදී සෙනසුරු “සස යෝගය“ උදා කරමින් සිටී.
(https://www.facebook.com/photo.php?fbid=152665944928418&set)

● මේ සමගම ශනි-සිකුරු පරිවර්ථන යෝගයක්ද ඇති අතර එය බොහෝ වාසනාවන්ත පිහිටීමකි.
(https://www.facebook.com/photo.php?fbid=224611401067205&set)

● එසේම මකර ලග්නයේ අයස්ථානයේ එනම් 11 වැන්නේ අධිපති වන කුජ, 11වැන්නෙන් 11 වැන්නේ පිහිටීමද ධන වාසනා පෙන්නුම් කරයි. එයද වාසනාවන්තය.

* මෙම යහපත් පිහිටීම් නිසා මකර ලග්නයට බොහෝ වාසනාව පෑදෙනු ඇත. ධනය, පිරිවර ඇතිවෙනු ඇත.
රැකියාවේ දියුණුව, උසස්වීම් අපේක්ෂිතය. සතුරන් පරාජය වනු ඇත.

** මෙය පොදු පලාපලයකි.

ශනි - සිකුරු පරිවර්ථනය යෝගය

(මාර්තු 31 උදේ සිට)

කුම්භ ලග්න ලංකා කේන්දර සටහනේ සුඛස්ථානය වන 4 වැන්න සහ භාග්‍යස්ථානය වන 9 වැන්නේ අධිපති වන්නේ සිකුරු/ශුක්‍ර ග්‍රහයාය.

සිකුරු කුම්භ ලග්නයේ 1 වැන්නට හෙවත් ලග්නයට මාර්තු 31 උදෑසන පැමිණේ. එනම් සිකුරු පැමිණෙන්නේ ශනිගේ අධිපතිත්වය දරන කුම්භ රාශියටය.
මේ වන විට කුම්භ ලග්නයේ ලග්නාධිපති වන සෙනසුරු ගමන් කරන්නේ 9 වැන්න වන තුලාවේය. තුලා රාශි අධිපති වන්නේ සිකුරුය.
ඒ අනුව මෙය පරිවර්ථන යෝගයකි.

1 වැන්න හා 9 වැන්න යනු කේන්දරයක වටිනා ස්ථාන වන අතර මෙම පරිවර්ථනය ඒ අනුව සුභ පල ලබාදේ. මෙය ලක්ෂ්මී දේව මාතාවගේ ආශිර්වාදය ලබාදෙන පරිවර්ථනයක් ලෙස සැලකේ.

* මෙහිදී විශේෂයෙන්ම බොහෝ බාධක කම්කටොළු විඳ දරාගෙන ඒවා අකා මකා ඉදිරියට යෑමේ හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබෙනු ඇත. දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබෙනු ඇත.
මෙම තත්වය අප්‍රේල් 28 දක්වා අපේක්ෂිතය.

ලග්න වශයෙන් ගත් කල පොදුවේ “ මිථුන, තුලා, මකර, කුම්භ“ ලග්න වලට බොහෝ යහපත්ය.
ඔවුන්ට තම කටයුතු සාර්ථක වීම, රැකියාවේ දියුණුව, උසස්වීම් ලැබීම ආදි වාසනාව ඇතිවිය හැක. එසේම මේ වාසනාවන්ත පිහිටිම සහිතව උපත ලබන දරුවන්ද අනාගතයේ බොහෝ ඉහල තැන් වල සිටිනු ඇත.

__ අම්මලා දුක් ගන්නේ පුතුන් + දූවරුන් හදන්ටා __ (1)

2500ක ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ආර්ය ජාතියක් වන අපගේ සිංහල ජාතිය, පෙරට සාපෙක්ෂව අඩුවීමක් පවතී(යුද්ධය පැවති ප්‍රදේශ වල යම් වැඩිවීමක් දැන් ඇත).

ලෝක ජනමත සමීක්ෂණ අනුව, වරෙක ජාත්‍යන්තර ආයතනයකින් වඳවී යන ජාතියක් බව සිංහල ජාතිය ගැන ප්‍රකාශ කර තිබුනි. මෙම තත්වයේ සත්‍ය අසත්‍ය තාවය කෙසේ වෙතත්, අද රට තොට ඇවිද යාමේදි පෙනෙන තත්වයකි, අපගේ ජනතාවගේ ජන ඝනත්වයේ අඩු බව. මෙයට ප්‍රධානම හේතුව කුමක්දැයි අප පරික්ෂා කර බලමු.
බිහිවන දරුවන් ජාතියේ සම්පතක් බව අප සැවොම පිලිගන්නා කාරණාවකි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේද දරුවන් සම්පතක් බව උන්වහන්සේගෙ ශ්‍රී මුඛයෙන් වදාරා තිබුනි. මේ තත්වයට හේතු වෙන කරුණු කාරණා ගැන බැලීමේදි වැටහී යන කාරණාව නම්, එනම් භෞතික සාධක වන්නේ,
● ආර්ථික තත්වය දුර්වල වීම,
● සිංහල ජාතියේ තරුණයන් විශාල වශයෙන්ම හදිසි අනතුරු වලට ලක්වී මියයාම, විශේෂයෙන් පිටපලාත් වල සංචාර වලදි තරුණයන් පිරිස් වශයෙන් දියේ ගිලි මිය යෑම. ● රථ වාහන වලින් පවුල් පිටින් අනතුරට ලක්වී මිය යාම.
● අතීතයේ 71, 89 වැනි දේශපාලන කැරලි සමයන්හිදි විශාල වශයෙන් ශ්‍රී ලාංකික සිංහල තරුණ තරුණියන් මිය යාම.
● ජනවාර්ගික ප්‍රශ්නය නිසා ඇතිවූ ත්‍රස්තවාදි යුද්ධයෙදි සිංහල තරුණ තරුණියන් මිය යාම සහ ආබාධිත වීම සහ විශේෂයෙන්ම අප ජාතියේ තරුණ තරුණියන්ගේ නොසැලකිලිමත්කම නිසා පිරිස් ලෙස විශාල වශයෙන් මියයාම.
● එසේම අප රටේ දුප්පත් සිංහල ජනතාව සිටින පලාත් වල රාජ්‍ය නොවන සංවිධාන විසින් යම් යම් සැත්කම් හා ඖෂධ වලට පුරුදු කර උපත් පාලනය සිදු කිරීම, මෙයද අහිතකර තත්වයකි.

ඉහත දැක්වූ සාධක භෞතික සාධක බව කිව යුතුය. අප දැන් බලමු ජන්ම පත්‍රයක දරුවන් නොලැබෙන යෝග කවරේද කියල.

● උප්පත්ති කේන්දරයක ලග්නය කුමක් වුවත්, 5වැන්නාධිපතියා දුර්වල නම්, දරුවන් නොලැබීමට ඉඩ තිබේ. එසේම 5 වැන්නට පාප ග්‍රහයන්ගේ දුර්වල ග්‍රහ දෘෂ්ඨි ලැබේ නම්, දරුවන් ලැබීම දුර්වල වේ.

● යම් කාන්තාවකගේ ජන්ම පත්‍රයේ ලග්නාධිපතියා පාපියෙකු වී (විශේෂයෙන්ම මේෂ හා වෘශ්චික ලග්න වලට) 5 වැන්නේ සිටිම නිසා උපදින පලවෙනි දරුවාට යම්කිසි අනතුරක් වීමට පුලුවන. එසේම යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ විවාහ ස්ථානය වූ 7 වැන්න අධිපති, 7 වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ඨි සහ විවාහ වූ යුවල ගත කරන මහ දසා, අතුරු දසා, විදසා වල ආදි බොහෝ සාධක වල බලපෑම තිබේ.

● යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ 5වැන්නාධිපතියාගේ බලපෑම හොඳ දරුවන් ඉපදීමට වාසනාව ගෙන දේ.

එක් එක් ලග්නයට 5වැන්නාධිපතියා මෙසේය.

* මේෂ - රවි
* වෘෂභ - බුධ
* මිථුන - සිකුරු
* කටක - කුජ
* සිංහ - ගුරු
* කන්‍යා - ශනි
* තුලාව - ශනි
* වෘශ්චික - ගුරු
* ධනු - කුජ
* මකර - සිකුර
* කුම්භ - බුධ
* මීන - සඳු

• මෙම 5වැන්නාධිපතින් බලවත් වීම යහපත් දරුවන් සේම අධ්‍යාත්මයෙන් උසස් දරුවන් ඇතිවිමට හේතු වේ.
තවද යම් කාලයක පටන් පැවති,යම්කිසි ගතානුගතික චාරිත්‍රයක් නම් මෙම දරුවන් සම්බන්ධ ගැටළුවෙදි කාන්තා පාර්ශවයට එය පූර්ණ වශයෙන්ම එල්ල කිරීමයි.
• මෙම ග්‍රහචාරයෙන් අප දක්වන පරිදි විශේෂයෙන්ම ඒ කාන්තාව හා කාන්තාව තරමටම පුරුෂයාද මේ තත්වයට වගකිව යුතුය.
• පුරුෂයෙකුගේ උවත් 5 වැන්නාධිපතියා දුර්වල නම් දරුවන් සම්බන්ධයෙදි යම් ගැටළුවක් ඇති වන බව කිව යුතුය.

** 2වන කොටස
(https://www.facebook.com/photo.php?fbid=225264491001896&set)

මහ දශා විස්තරය__

මහ දසාවන් වල කාලයන් ඉහත දැක්වේ.

ගණන් කර බලන්න සියලු මහ දසාවන් වල එකතුව 120කි.
පරමායුෂ මේ යුගයේ 120ක් ලෙස සැලකෙන අතර ඒනිසා අද කාලයේ 70-80ක් දිවි ගෙවන අද කාලයේ සියලු මහ දසා ගත කරන්න වෙන්නෙ කලාතුරකින් කෙනෙකුටය.

ඉදිරියේදී ඔබට ඔබගේ මහ දසාවන් ගත වන කාලය ඇරඹෙන කාලය නිර්ණය කරන හැටි විස්තර කරන්නෙමු.

__ පුරාණ රජවරුන් අන්තංපුර ස්ත්‍රීන් ප්‍රමෝදයට පත් කල ඔබ නොදත් දිව්‍ය වාජීකරණ ඖෂධ __

* කිරිබදු අල

කුලය : ත්‍රිකරුක් කුලය

● බුද්ධිය වඩන, කාය ප්‍රාණවත් කරන, ධාතු වඩන ප්‍රධානම වාජිකරණ ඖෂධයකි. වාජිකරණ ඖෂධ අතරින් ප්‍රධාන තැනක් ගනී. අල, මුල් ප්‍රයෝජනයට යොදා ගනී.
මෙම ඖෂධයේ ඇති සුවිශේෂිතා නම් සමහර තරුණයන් කුඩා කල සිට නරක ආශ්‍ර හේතු කරගෙන විනාශ කරගත්තා වූ ශුක්‍ර ධාතුව නැවත ස්ථම්භනය කිරිමට කටයුතු කරන දිව්‍ය ඖෂධයකි.
මෙය වැළදීමෙන් හටගන්නා දරුවන් ඉතාම බුද්ධිමත් සහ ශක්තිමත් දරුවන් බව කිව යුතුය. කිරි දෙන මව්වරුන්ටද ඉතාම ශුභ, ගුණදායක ඖෂධයකි.

* තවද කිරිබදු අල, උක්දඬු, වැල්මී, සප් සඳ, නෙල්ලි, හාතවාරිය අල කශාය කර මීපැණී සීනි සමග කිරිබදු අල සහ දඬු තම්බා බීමෙන් ශාරීරික දුබලතා, මුත්‍රා දාහය, ස්නායු දුබලතා නැතිවේ.