Sunday, April 13, 2014

__ 2014 වසරේ අලුත් අවුරුදු පලාපල විස්තරය __

(ශක රාජ වර්ෂ 1936කි. ක්‍රිස්තු වර්ෂ 2014කි)

● නව සඳ බැලීම

පසුගිය අප්‍රේල් මස 4 වනදා ගෙවී ගියේ චන්ද්‍ර වර්ෂයට නව සඳ බැලීමය.
සූර්ය වර්ෂයට මැයි මස 1 වැනි බ්‍රහස්පතින්දා නව සඳ බැලීම සුභයි !

● පරණ අවුරුද්දට ස්නානය

අප්‍රේල් මස 12 වන සෙනසුරාදා නුගපත් මිශ්‍ර නානු ගා ස්නානය කර තමන්ගේ ඉෂ්ඨ දේවතාවුන් සිහි කර කටයුතු කරන්න.

● සිංහල අලුත් අවුරුදු උදාව සිදුවන්නේ අප්‍රේල් මස 14 වන සඳුදා උදේ 07.37ටය.

● පුණ්‍ය කාලය

අප්‍රේල් මස සඳුදා උදෑසන(අලුයම) 01.13 සිට අප්‍රේල් මස 14 වන සඳුදා හවස 02.01 අතර කාලය පුණ්‍ය කාලයට අයිති වේ.
ඒ අනුව 14 වන සඳුදා අලුයම 01.13ට පෙර ආහාර ගෙන, සියලු කටයුතු නවතා ආගමික කටයුතු වල නිරතවන්න.

● ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන සඳුදා උදෑසන 10.17ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා කිරි සහ උක් හකුරු මිශ්‍ර කිරිබතක් පිස, කැවිලි වර්ගයක්ද පිළියෙල කරගන්න.

● වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වන සඳුදා උදෑසන 11.05ට සුදු වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කර ආහාර අනුභවය මැනවි.

● හිසතෙල් ගෑම

අප්‍රේල් මස 16 වන බදාදා, උදෑසන 11.16ට කොළ පාට වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොලොන් පත්ද තබා තෙල් සහ කොහොඹ පත් මිශ්‍ර කර සාදාගත් නානුද තෙල්ද(තල තෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල්, සහ එඬරු තෙල් යන පස් තෙල් වර්ගද ) ගා ස්නානය කිරීම මැනවි.

● රැකි රක්ෂා සදහා පිටත්ව යෑම

අප්‍රේල් 17 වන බ්‍රහස්පතින්දා උදෑසන 06.16ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී, තල මිශ්‍ර කිරිබත් සහ හකුරු අනුභව කර බටහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.

< Iru Astrology > #Irusewaya

(* සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සිංහල නැකැත් කමිටුව විසින් සාදන ලද විස්තරයට අනුකූල බව සලකන්න)

No comments:

Post a Comment