Sunday, April 13, 2014

නාගර්ජුන යන්ත්‍රය

* රාහු මහ දසාව කෙනෙකුට ලැබුවොත් වසර 18ක් පවති. එම කාලයේදී මෙම යන්ත්‍රය පැලදවීම කල යුතුය.

* නාගර්ජුන යන්ත්‍රයේ සොලොස් ගැබකි. එම හැම ගැබකම ආතුරයාට සෙත් පතා යම් මන්තර රත්නයක් ලියා ඇත. යන්තරයේ මැද තරු සලකුණක් ඇත. එතන ජන්මියාගේ නම සහ නැකත ලියනු ලැබේ. ජීවම් කරන කල්හි පිරිමි දරුවෙකුට නම්, පාර්වති පුත්‍රාය යනුවෙන්ද, ගැහැණු දරුවෙකුට පාර්වති දුහිතෘය යනුවෙන්ද උච්චාරණය කරනු ලබයි.
දුකට පත් ආතුරයා(යන්ත්‍රය ලබන තැනැත්තාව සමාන කරනු ලබන්නේ පාර්වති දේවියගේ පුත්‍රයා ලෙස හෝ දුව ලෙසය) මෙම යන්තරයෙන් සියලුම මානසික උපද්‍රව දුරු කර ආර්ථික දියුණුව ලගාකර ගත හැක.

ශනි මෘතුංජය යන්ත්‍රය

ඉතාම ප්‍රබල යන්ත්‍රයකි. ශනි හෙවත් සෙනසුරුගේ මාරක අෂ්ඨක ඒරාෂ්ඨක ඇතුළු සියලුම ශනිගේ අපල දුරු කිරීමට භාවිත වේ. පුද පූජා ඇතුලුව පේවි මෙම යන්ත්‍රය ජීවම් කල යුතුය.
මී පැණි ඇතුළු වටිනා ඖෂධ වර්ග මෙම යන්ත්‍රය සෑදීමට පූජාවන් වශයෙන් තැබිය යුතුය. මෙම යන්ත්‍රය වටිනා කරගැනීමට පුද පූජා බඩු සමග සියලුම වතාවත් ඉෂ්ඨ සිද්ධ කල යුතුය.
මෙම යන්ත්‍රය අපල උපද්‍රව නිමවීමෙන් පසුව යන්ත්‍රය ඉවත් කල යුතුය.
සියලුම ශනිගේ අපල සමනය කර සුභ පල වැඩි කරන බලසම්පන්න යන්ත්‍ර රත්නයකි.

විෂ්ණු මණ්ඩල යන්ත්‍රය

විෂ්ණු මණ්ඩල යන්ත්‍රය භාවිත කරනු ලබන්නේ බුධ ග්‍රහයාගෙන් පැමිණෙන සියලුම දෝෂ සමනය කිරීමටය. බුධගේ සියලු දෝෂ සමනය කර ශුභ පල ලබාදීමට මෙම යන්ත්‍රය භාවිත වේ.
එසේම බුධගේ ශුභ පල ඇත්නම් එම ශුභ පල තව තවත් වැඩි කරගැනීමටද මෙම යන්ත්‍රය හේතු වේ.

මෙම යන්ත්‍රයද කරන තැනැත්තා සහ යන්ත්‍රය ලබාගන්නා තැනැත්තා නිසි පිලිවෙතින් සිටීම වැදගත්ය. එසේම විශේෂයෙන්ම යන්ත්‍රය ජප කරන තැනැත්තාගේ සිල්වත් බව මෙහිදි බලපානු ලබයි. වටිනා පුද පූජා භාණ්ඩ සහිතව නිසියාකාරව පේවී මෙම කටයුත්ත සිදු කල යුතුය.

* සැලකිය යුතුයි :- මෙම යන්ත්‍රයන් ජප කරන මහතුන් මස් මාංශ අනුභවයෙන් තොර, මත්පැන් ආදි මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර, චරිතවත් කෙනෙකු වීම අතිශයින් වටී. එසේම වසර 20-30ක් වැනි කාලයක් මෙම කටයුතු කර ඇති කෙනෙක් නම් තවත් හොඳයි.

2 comments:

  1. න‍ාගර්ජුන යන්ත්‍රයක් දාගන්න කීයක් විතර යනවාද? lankasky@gmail.com
    මට ඔබ තුමන්ලව හම්බවෙන්න හරි කථා කරගන්න හරි පුළුවන් වෙලාවක් කියන්න

    ReplyDelete