Friday, April 4, 2014

__ අම්මලා දුක් ගන්නේ පුතුන් + දූවරුන් හදන්ටා __ (1)

2500ක ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ආර්ය ජාතියක් වන අපගේ සිංහල ජාතිය, පෙරට සාපෙක්ෂව අඩුවීමක් පවතී(යුද්ධය පැවති ප්‍රදේශ වල යම් වැඩිවීමක් දැන් ඇත).

ලෝක ජනමත සමීක්ෂණ අනුව, වරෙක ජාත්‍යන්තර ආයතනයකින් වඳවී යන ජාතියක් බව සිංහල ජාතිය ගැන ප්‍රකාශ කර තිබුනි. මෙම තත්වයේ සත්‍ය අසත්‍ය තාවය කෙසේ වෙතත්, අද රට තොට ඇවිද යාමේදි පෙනෙන තත්වයකි, අපගේ ජනතාවගේ ජන ඝනත්වයේ අඩු බව. මෙයට ප්‍රධානම හේතුව කුමක්දැයි අප පරික්ෂා කර බලමු.
බිහිවන දරුවන් ජාතියේ සම්පතක් බව අප සැවොම පිලිගන්නා කාරණාවකි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේද දරුවන් සම්පතක් බව උන්වහන්සේගෙ ශ්‍රී මුඛයෙන් වදාරා තිබුනි. මේ තත්වයට හේතු වෙන කරුණු කාරණා ගැන බැලීමේදි වැටහී යන කාරණාව නම්, එනම් භෞතික සාධක වන්නේ,
● ආර්ථික තත්වය දුර්වල වීම,
● සිංහල ජාතියේ තරුණයන් විශාල වශයෙන්ම හදිසි අනතුරු වලට ලක්වී මියයාම, විශේෂයෙන් පිටපලාත් වල සංචාර වලදි තරුණයන් පිරිස් වශයෙන් දියේ ගිලි මිය යෑම. ● රථ වාහන වලින් පවුල් පිටින් අනතුරට ලක්වී මිය යාම.
● අතීතයේ 71, 89 වැනි දේශපාලන කැරලි සමයන්හිදි විශාල වශයෙන් ශ්‍රී ලාංකික සිංහල තරුණ තරුණියන් මිය යාම.
● ජනවාර්ගික ප්‍රශ්නය නිසා ඇතිවූ ත්‍රස්තවාදි යුද්ධයෙදි සිංහල තරුණ තරුණියන් මිය යාම සහ ආබාධිත වීම සහ විශේෂයෙන්ම අප ජාතියේ තරුණ තරුණියන්ගේ නොසැලකිලිමත්කම නිසා පිරිස් ලෙස විශාල වශයෙන් මියයාම.
● එසේම අප රටේ දුප්පත් සිංහල ජනතාව සිටින පලාත් වල රාජ්‍ය නොවන සංවිධාන විසින් යම් යම් සැත්කම් හා ඖෂධ වලට පුරුදු කර උපත් පාලනය සිදු කිරීම, මෙයද අහිතකර තත්වයකි.

ඉහත දැක්වූ සාධක භෞතික සාධක බව කිව යුතුය. අප දැන් බලමු ජන්ම පත්‍රයක දරුවන් නොලැබෙන යෝග කවරේද කියල.

● උප්පත්ති කේන්දරයක ලග්නය කුමක් වුවත්, 5වැන්නාධිපතියා දුර්වල නම්, දරුවන් නොලැබීමට ඉඩ තිබේ. එසේම 5 වැන්නට පාප ග්‍රහයන්ගේ දුර්වල ග්‍රහ දෘෂ්ඨි ලැබේ නම්, දරුවන් ලැබීම දුර්වල වේ.

● යම් කාන්තාවකගේ ජන්ම පත්‍රයේ ලග්නාධිපතියා පාපියෙකු වී (විශේෂයෙන්ම මේෂ හා වෘශ්චික ලග්න වලට) 5 වැන්නේ සිටිම නිසා උපදින පලවෙනි දරුවාට යම්කිසි අනතුරක් වීමට පුලුවන. එසේම යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ විවාහ ස්ථානය වූ 7 වැන්න අධිපති, 7 වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ඨි සහ විවාහ වූ යුවල ගත කරන මහ දසා, අතුරු දසා, විදසා වල ආදි බොහෝ සාධක වල බලපෑම තිබේ.

● යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ 5වැන්නාධිපතියාගේ බලපෑම හොඳ දරුවන් ඉපදීමට වාසනාව ගෙන දේ.

එක් එක් ලග්නයට 5වැන්නාධිපතියා මෙසේය.

* මේෂ - රවි
* වෘෂභ - බුධ
* මිථුන - සිකුරු
* කටක - කුජ
* සිංහ - ගුරු
* කන්‍යා - ශනි
* තුලාව - ශනි
* වෘශ්චික - ගුරු
* ධනු - කුජ
* මකර - සිකුර
* කුම්භ - බුධ
* මීන - සඳු

• මෙම 5වැන්නාධිපතින් බලවත් වීම යහපත් දරුවන් සේම අධ්‍යාත්මයෙන් උසස් දරුවන් ඇතිවිමට හේතු වේ.
තවද යම් කාලයක පටන් පැවති,යම්කිසි ගතානුගතික චාරිත්‍රයක් නම් මෙම දරුවන් සම්බන්ධ ගැටළුවෙදි කාන්තා පාර්ශවයට එය පූර්ණ වශයෙන්ම එල්ල කිරීමයි.
• මෙම ග්‍රහචාරයෙන් අප දක්වන පරිදි විශේෂයෙන්ම ඒ කාන්තාව හා කාන්තාව තරමටම පුරුෂයාද මේ තත්වයට වගකිව යුතුය.
• පුරුෂයෙකුගේ උවත් 5 වැන්නාධිපතියා දුර්වල නම් දරුවන් සම්බන්ධයෙදි යම් ගැටළුවක් ඇති වන බව කිව යුතුය.

** 2වන කොටස
(https://www.facebook.com/photo.php?fbid=225264491001896&set)

No comments:

Post a Comment