Friday, April 4, 2014

මහ දසාවන් අඳුනා ගැනීම (2)


පලමු ලිපියේ පරිදි මහ දසා ප්‍රමාණය ඔබට මතක ඇතැයි අපි සිතමු.
(https://www.facebook.com/photo.php?fbid=223845217810490&set)

ඒ අනුව මුලින්ම කල යුත්තේ එම මහ දසා එන අනුපිලිවෙල මතකයේ තිබීමයි.

කේන්දර සටහනේ උපන් වෙලාව, උපන් දිනය, ලග්නය ආදිය පවතින අතර, එහි
“ දශා අපහරණය/ දශා ශේෂය/ඉදිරියට මහ දශාව “

යනුවෙන් ඇති විස්තරය බලන්න.

* මුලින් ඔබගේ උපන් දිනය සටහන් කරගන්න.

උදා:- 1980 ජනවාරි 10 .

* ඉන්පසු දශා අපහරණයේ එකතුව එකතු කර දැන් ගත කරන මහ දසාව සොයාගන්න.
(රවි මහ දසාව වසර 5යි, මාස 5යි දින 10)

උදා,
1980 ජනවාරි 10 + රවි මහ දසාව වසර 5යි, මාස 5යි දින 10 නම්,

( 1980. 01. 10 + 05. 05.10 = 1985.06.20)

* රවි මහ දසාව අවසාන වන්නේ 1985 ජුනි 20 වනදාය.

*රවි මහ දසාවට පසු එළඹෙන්නේ සඳු මහ දසාව වන අතර එය වසර 10කි.
එනම් 1995 ජුනි 20 දක්වා සඳු මහ දසාව පවති.

*ඉන්පසුව එළඹෙන්නේ කුජ මහ දසාවය.
එය වසර 7කි( 2002 ජුනි 20 දක්වා)

*ඉන්පසු රාහු මහ දසාව පවති. එනම් වසර 18කි.
එනම් 2020 දක්වා ගතවන්නෙ රාහු මහ දසාවය.

* සෑමකෙනාම රවි මහ දසාවෙන් උපදින්නෙ නැත. ඒනිසා අදාල මහ දසාවට අනුව ඊට පසුව එන මහ දසා එකතු කල යුතුය.

No comments:

Post a Comment