Friday, April 4, 2014

රාහු හෝ කේතු 7 වැන්නේද ? - 1 කොටස

* වෙනදාට වඩා දික්කසාද, අඹුසැමි ගැටළු අහන්නට ලැබෙන අද කාලයේ යම් පිරිසක් ජෝතිෂ්‍යය අනුවද එයට පිලිතුරු සොයති.
රාහු 7 සිටීම ගැන බොහෝ සිතිය යුතු බවක් බොහෝ දෙනාගේ පිලිගැනමයි.

රාහු ඡායා ග්‍රහයෙකි. එසේ වුවද ඕනෑම දෙයක් අසුබ එකක් කිරීමට ඔහුට හැකියාව ඇත. ඒනිසා රාහු 7 නම් විවාහයේදි සැලකිලිමත්වීම වටී. එසේ වුවද එය එක්වරම ලැබෙන්නේ නැත.

* රාහු 7 සිටින විටදී අප අත්දැකි ඇති අන්දමට විවාහ ජිවිතය මුලදි යහපත් ජීවිතයක් ගත කරයි.
අප අත්දැක ඇති අන්දමට මුල් කාලයෙන් පසුව දෙදෙනා අතර විවිධ අඩදබර ඇතිවිමට හේතු විය ඇතිවි ඇත. රාහු නිතරම කෝපය ප්‍රකාශ කිරිමට, තමාට විරුද්ධවාදින් ඇති කිරිමට කටයුතු කරන සෙයක්ද ඇත.
* දිගින් දිගටම මෙවන් තත්වයන් ඇතිවිමේදි බුද්ධියෙන් සිතා ඉවසීමෙන් හා අවශ්‍ය කටයුතු නොකලවිට විවාහය දික්කසාද දක්වා දුර යන අවස්ථා අප දැක ඇත.
* තවද රාහු 7 සිටින අයට දැඩි කාමාශාවක් ඇත. විවාහ ජිවිතයකට එය නරක නැතත්, තමාගේ සහකරු හෝ සහකාරියද එසේ නොවුවොත් එය අනිවාර්ය ගැටළුවක් වේ.
* එසේම රාහු 7 සිටින අය විරුද්ධ ලිංගිකයන් හා ඇසුරට කැමතිය. තම විවාහ ජිවිතය ගැන තෘප්තිමත් නැතිනම් බොහෝවිට වෙනත් අනියම් ඇසුරුකම් ඇතිකරගැනීමට ඉඩ ඇත.
රාහු 7 සිටියදී සිකුරු එම කේන්දරයේ දුර්වල නම්(මෙම තත්වය එසේම වේදැයි නිගමනය කල හැක්කේ සූක්ෂමව කේන්දරය බැලිමෙනි) බොහෝවිට විවාහයට පසු මෙන්ම ඇතැම්විට පෙර සිටද අනවශ්‍ය සබදතා ඇතිකරගත හැක.
*
විවාහ වීමෙන් පසු රාහු මහ දසාවක් හෝ අතුරු දසාවක් ගත කරන්නෙ නම් කේන්දරයේද රාහුගෙන් සුබ පල අඩුනම් බොහෝවිට මෙම කරදර තීව්ර විය හැක. ශනිගේ මහ දසා පැමිණිවිටද මෙවන් තත්වයන් අපේක්ෂිතය.
* රාහු මහ දසාව හෝ අතුරු දසාවක් ගත කරන්නට ලැබෙන විටක තම සහකාරිය හෝ සහකරු තමාගෙන් දුරස්විය හැක. බොහෝවිට රැකියාවේ දුරස්විම්, විදෙස්ගත වීම් වැනි දේ සිදුව විවාහය රැකගන්නටද හැකියාව ලැබි ඇති අයුරු අප දැක ඇත.

** කෙසේ වුවද මෙකී තත්වයන් ඇතිවන්නේ අදාල කේන්දර සටහන් වල බල දුබලකම් අනුව බව අවධාරණය කරමු !

රාහු කේතු 7, දෙවන කොටස බලාපොරොත්තු වන්න.
*** මෙය පොදු පලාපලයක් බව සලකන්න.

No comments:

Post a Comment