Sunday, April 13, 2014

ජෝතිෂ්‍යය නිගමන අනුවම සැත්කම් කල යුතුද ???

ලගදී අපගේ මිතුරෙකු අපව දැනුවත් කල කාරණයක් වන්නේ වෛද්‍ය උපදෙස්, ශල්‍යකර්ම ආදියට පෙර ජ්‍යෝතිෂය මාර්ගයෙන් ඒ ගැන විමසා බලා කටයුතු කිරීම සුදුසුද යන්නයි.

එය සැබෑවටම යහපත් දෙයකි. පොදුවේ චන්ද්‍රයා ගෝචර ගමනින් 6, 8, 12 වැනි තැන් වල ගමන් කරයි නම් ඒ දින මගහැරිම පොදුවේ හොඳය. එසේම ඒරාෂ්ඨක අවස්ථා වල සැත්කම් ආදිය කිරීමේදි වඩා සැලකිලිමත් වීම වැදගත් වේ.

කෙසේ වුවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සමග වෙනදාට වඩා ජෝතිෂ්‍යය ගැන ජනතාව උනන්දු වූ අතර ඇතැමෙක්ට එය මහා ව්‍යාපාර වී ඇත. ජනතා උනන්දුව ඇතිවන දෙයක් ව්‍යාපාරයක් ලෙස ඇතිවිම සාමාන්‍ය දෙයකි. නමුත් වැදගත් වන්නේ එසේ විම එහි හරයට හානි නොකරාවිද යන්නය.
ජෝතිෂ්‍ය ගැන නොදන්නා පොදු ජනතාව අතර පවා යම් පිරිසක් ජෝතිෂ්‍යය නිර්දය ලෙස විවේචනය කරන අතර, තව පිරිසක් විවේචනය කරමින්ම තමන්ගේ කේන්දර සටහන් බලා අදාල කටයුතු කරගන්නා බව අප අත්දැකීමෙන් දනිමු. තව පිරිසක් ජෝතිෂ්‍යය ගැන අචල විශ්වාසයකින් ඒ අනුව පමණක් කටයුතු කරන අන්ධ භක්ති තත්වයකට පැමිණ ඇති අතර, තවත් පිරිසක් තමන්ට අවශ්‍ය වූ විට පමණක් ජෝතිෂ්‍ය යොදා ගනී. සුළු පිරිසක් ජෝතිෂ්‍යය යනු කර්මය ගැන කියවෙන්නක් බැවින් වෙන දේ දැනගෙන කටයුතු කිරීමට මනාව භාවිත කරනුද දක්නට ලැබේ.

නැවත ජෝතිෂ්‍යය අනුවම සැත්කම් ආදිය කල යුතුද යන්න ගැන සිතීමේදී, සැබෑවටම බොහෝ සැත්කම් අදාල නිසි වේලාවක් වෛද්‍යවරුන් මගින් නියම කරන ඒවාය. ඒවා අදාල වේලාවටම වීම අතිශයින් වැදගත් වේ.
අපගේ සේවයේ ජයතිලක වෙද පරම්පරාවේ සහ තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින්වහන්සේගේ පරම්පරාවෙන් පැවත එන මහතුන්ගේ අත්දැකිම් වලින් බොහෝ රෝගාතූරව සිටි අය, අදාල කේන්දර සටහන් බලා දෙන ලද උපදෙස් අනුව, අභිසම්පිධාන යන්ත්‍රය, ශනි මෘතුංජය යන්ත්‍රය, සියලු රෝග වලට ගුණ දෙන මහ බලවත් නවනාථ යන්ත්‍රය වැනි ශාන්තිකර්ම කටයුතු නිසා සුවය ලබා ඇත.
* නමුත් ඒ කොතනකවත් වෛද්‍ය උපදෙස් නොතකා කටයුතු කර නැත, ඒ අවස්ථාවලදි වෛද්‍ය විද්‍යාවට අනුව සුව කල නොහැකි බව කියන ලද ලෙඩුන් ඒ හරහා සුවවී ඇත.

* අපගේ නිගමන මෙසේය.
වෛද්‍ය උපදෙස් වලට මූලික තැන දීම වටී. විවිධාකාර අඩුපාඩු තිබුනද බොහෝ වටිනා කියන වෛද්‍යවරු බෝධිසත්ව ගුණ ඇති වෛද්‍යවරු අප රටේ සිටිති. ඒනිසා ඒවාට මුල් තැන දෙන්න.
ජෝතිෂ්‍යය අනුව අදාල සැත්කමක් කරන දිනය එතරම් යහපත් නැත්නම් එදාට නොකර සිටීමට වඩා රෝගියා වෙනුවෙන් පිංකම් කිරීම අතිශයින් වටී. මරණාසන්න රෝගියෙකුට ජීවදාන පිංකම්, සර්වරාත්‍රි පරිත්‍රාණ ධර්ම දේශනයන් ශාන්තිය ලබාදෙයි.
එම නිසා කරන කටයුතු බුද්ධියට මුල්තැන දී කරන්න.

ශුභ අලුත් අවුරුද්දකට ආසිරි !

> Iru Sewaya > Iru Astrology <

No comments:

Post a Comment