Showing posts with label ඔබ දන්නවාද ?. Show all posts
Showing posts with label ඔබ දන්නවාද ?. Show all posts

Monday, February 16, 2026

ග්‍රහයන් මතුපිටින් බලා පලාපල නොකියන්න !


 
❆ රවි + රාහු සංයෝගව සිටියද, සදු 7 වැන්නේ (සප්තමව යෙදෙයි නම්) මන්ද බුද්ධික අය ඇතිවන බවට තැනක පලකර තිබුනු පලකිරිම ගැන අපගෙන් පාඨකයන් විමසිම් කරන ලදි.


❆ මෙහිදි කිව යුත්තේ
රවි, රාහු සංයෝගව තිබේ නම්, රාහුගෙන් 7 වැන්නේ කේතු සිටින බවද මතක තබාගත යුතුය.

❆ එනම් රවි + රාහු සංයෝගයට සප්තමව සදු + කේතු සංයෝගයක්ද පවති.

❆ සදු + කේතු සංයෝගය over thinkers බිහි කරන යෝග තත්වයකි.

❆ සදු, කේතු සංයෝගය පොදුවේ යහපත් යෝගයකි.
එනම් බොහෝ කල්පනා කරන, බුද්ධිමත්, සමහරවිටෙක අධ්‍යාත්මික භාවයක්ද සහිතව සිතන මනසක් ඇති කෙනෙකි.
❆❆ මෙහිදි සදු දුර්වල නම් සියලුදේ දෙස සැකයෙන් බලන කෙනෙක් වීමට ඉඩ වැඩිය.
සදු නීච නම්, සියලුම දේ ගැන ඉතාම සැකයෙන් බලයි.
❆ එසේම පොදුවේ ස්ත්‍රියකගේ සදු නීච නම්, එම තත්වය පිරිමියෙකුට සදු නීච වනවාට වඩා අයහපත්ය.

❆ මෙහිදි උඩ කියමන ගැන නිරවද්‍යව දැනගැනිමට නම්, බුධගේ තත්වය විශේෂයෙන් බැලිය යුතුය.
❆ බුධ ග්‍රහයා ස්නායු වලට අධිපතිය. එනිසා එම ග්‍රහයා ගැනද සුවිශේෂයෙන් සලකා බැලිය යුතුය.

❆ ඒ හැර, රවි + රාහු සංයෝගය තිබි, එයට 7 වැන්නේ සදු + කේතු තිබුනාට මන්ද බුද්ධික අය ඇතිවන්නේ නැත.

එය ඉතා ගැඹුරින් බලා කිව යුතුය. මෙහිදි නැකැත්, අංශක, අධිපතින් යනාදි සියල්ලම සලකා බලා මිස, ග්‍රහයන් සිටින තැන් වලින් දළ වශයෙන් මෙසේ යැයි කීම ජෝතිෂ්‍යය විද්‍යාවට තරම් නොවෙයි !!!

-
071 383 5369

(WhatsApp)


කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..




___________________________

සදු නීච වීම පොදුවේ අයහපත් වුවද,

සදු නීච අයට ඉතා තද තීරණ ගැනිමේ හැකියාව තිබේ.
අපගේ තොරතුරු අනුව ඇමරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේද සදු නීචය.



Sunday, December 7, 2025

“ ගැහැණු - පිරිමි අයට ලග්න සහ නවාංශක “



අප ඊයෙ සම්පූර්ණ පරික්ෂාවක් සිදුකල වෘශ්චික ලග්න කේන්දරයක, නවාංශකය තිබුනේ ඔහු උපන් වේලාවේ සෑදු කේන්දරයට අනුව ධනු නවාංශක කියාය. 

කේන්දර සටහන පමණක් බලා හෝ මෘදුකාංග වලින් ගණනය කර පමණක් අප කේන්දර සටහන් නොසාදන අතර, අප විසින් අතින් manual ක්‍රමයටද කේන්දර සාදනු ලබයි.

අනුව අපට පැහැදිලි වූයේ එම කේන්දරයේ නවාංශකයද වෘශ්චික බවයි. 


 නවාංශකය වෙනස් වීම ගැන කල්පනා කලවිට අපට පැහැදිලි වූයේ, 

පිරිමි දරුවෙකු නිසා, ස්ත්‍රි නවාංශකයක් පැමිණිය නොහැකිය යන මතයේ සිට, වෘශ්චික රාශියට පසුව එන 1වෙනි පුරුෂ රාශිය යොදා ඇති බවයි. 

 නමුත්, එය සම්පූර්ණ වැරදි බව කිව යුතුය.


මෙය බරපතල වරදකි. දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන අකුසලයකි.


 පිරිමි දරුවන්ට, ගැහැණු නවාංශක තිබිමද, ගැහැණු දරුවන්ට පිරිමි නවාංශක තිබීමද සිදුවිය හැක. එවන් කේන්දර බොහෝ අද අපට දක්නට ලැබේ. 

මෙවන් කාරණා තේරුම් ගැනිමට පෙර ඉගෙනීමෙන් පමණක් බැරිය. 

ඉගෙනීම යනු න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික යන කාරණා 2 සපිරි 1කි. 

ප්‍රායෝගික දැනුම නැතිව න්‍යායාත්මක දැනුමෙන් ඵලක් නැත.

 


 #ඉරුසේවය

071 383 5369

(WhatsApp)

Thursday, November 19, 2020

 ඔබ දන්නවාද ?



- බුදුන්වහන්සේගේ වටාපත් ධාතුවද, කේශ ධාතුන් වහන්සේලාද ( බෝධිසත්ව කාලයේ බුදු වෙන්නට පෙර කෙස් කළඹද, බුදු වුන පසුව කේශ ධාතුන්ද) ද,
දන්ත ධාතුවද, සළු ධාතුව (බෝධිසත්ව කාලයේ ඇදි සළුද, බුදු වුන පසුව සිවුරද) ද යන ධාතුන් 4ම ඇත්තේ තව්තිසා දෙව් ලොවේය.
- කේශ ධාතුන්ද, වටාපත් ධාතුවද, සළු ධාතුවද යන ධාතුන්වහන්සේලා ඇත්තේ සළුමිණ සෑයේ වන අතර,
දන්ත ධාතුව ඇත්තේ සිළුමිණ සෑයේය !
- දෙවිවරු වන්දනාමාන කරත් !
- එසේම අප කතා කරන්නේ සතර දන්ත ධාතුන්වහන්සේ ගැන උවද, සැබෑවටම අට දන්ත ධාතුන්වහන්සේ වැඩ හිඳිති.
එයින්, සෝමාවතිය රජමහා විහාරයේ පවතින දන්ත ධාතුන්වහන්සේද, දළදා මාලිගාවේ වැඩ හිඳින දන්ත ධාතුන්වහන්සේ ගැනද පමණක් අප දනිමු..
නිසි පැවැත්මෙන් කටයුතු කරමින්, දන්පින්කම් වල යෙදෙන්න. ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය..
 

#ඉරු #lk
irusewaya@gmail.com

Saturday, December 28, 2019

බෞද්ධ ධජය

බුදුන්වහන්සේගේ රැස් වළල්ල වර්ණ 6කින් යුතුය.
රහතන් වහන්සේලාගේ තිබෙන්නේ කහ පැහැයකි.

වර්ණ 6ක් එකතු වූ විට ෂඩ් වර්ණ වෙයි. බෞද්ධ කොඩියේ තිබෙන්නේ වර්ණ 5කි.
වර්ණ 6ම එක් වූ විට “ ප්‍රභාෂ්වර“ වෙයි.‍්

නීල + පීත + ලෝහිත + ඕජාත + මාන්ජිස්ට = ප්‍රභාෂ්වර

ප්‍රභාෂ්වර යනු, අළු පැහැයට හුරු පැහැයකි ( එළියක් නැත. දුර්වර්ණයකි).

Tuesday, June 25, 2019

යම් පිරිසක් සිතන්නේ අපගේ දේශපාලන අනාවැකි එජාපයට හිතවාදී බවයි.

- අප විසින් 2015 ජනාධිපතිවරණයෙදි, ලබාදුන් සියුම් ඉගියද, 2015 මහමැතිවරණයෙදි රනිල් වික්‍රමසිංහ අගැමතිවරයාගේ සහ එජාපයේ කේන්ද්‍ර සටහන අනුව අනිවාර්ය එජාපයට වැඩි බලයක් ලැබෙන බව කීමද යනාදිය මෙහිදී ප්‍රමුඛ වන අතර, ඊයෙ සහ පෙර දින වල පල කල යම් යම් අනාවැකිද හේතු පාදක වී ඇත.

- කෙසේ වුවද, 2005 ජනාධිපතිවරණයෙදි අප මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වන බව කියා ඇත. ඒ කාලේ අප ෆේස්බුක් නොසිටි නිසා එය ඔප්පු කිරීමට අපට හැකියාවක් නැතත්, ඒ බව කියූ පුද්ගලයින් අප ගිණුමේ සිටිති.
- අප පමණක් නොව, ජ්‍යොතිෂ්‍යය දන්නා ජ්‍යොතිර්වේදීන් 2005දි එම අනාවැකිය පල කල අතර, ගාල්ලේ සුප්‍රසිද්ධ රාජකීය දෛවඥයා වූ සුමනදාස මහතා නම් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල බවක් අපට මතක නැත. ඔහු, මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන් බව ඇත්තකි. නමුත් එවිටත් යාපනයේ ඡන්ද සමග රනිල් දිනන බව අන් අයට කියා ඇත. ඒ බව මාතර සිටි ඩැනී හිත්තැටිය මහතාද ඉදිරියේ ප්‍රකාශ කලා අපට මතකය.

● එක් එක්කෙනාගේ “ලෞකික වාසනාවේ“ තරම තේරෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුය.
සුමනදාස මහතාට ඒ සමග දිනක ජනාධිපති ආර්යාව වූ ශිරන්ති මහත්මිය මුණගැසෙන්නේය. ඔහු, ශිරන්ති මහත්මියට පවසන්නේ,
“ මහින්ද මහත්තයා ජනාධිපති වන බවට අනාවැකි කී එකම පුද්ගලයා මම “ බවය.
- ඒ සමග ලංකාවේ පුවත්පත් රැසක මේ බව පල කෙරෙන අතර, සුමනදාස මහතා රාජකීය දෛවඥ නාමයෙන් මෙන්ම, මහින්ද මහතා ජනාධිපති වන බව කියූ 1ම කෙනා බව රටම කතා කරන ලදි.

●  උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමග අයිටීඑන්හී සුප්‍රකට “සත්‍යාගාරයට“ පැමිණ ජ්‍යොතිෂ්‍යය ශාස්ත්‍රයම නිගරුවට ලක් වන ලෙස සුමනදාස මහතා පිලිතුරු දුන්නාද අපට මතකය..

#ඉරු #ඉරුජුනි2019

Tuesday, May 28, 2019

යම් පිරිසකගේ බලවත් විශ්වාසයක් තිබෙනවා අපේ රට යම් දිනක, මුස්ලිම් අය විසින් අල්ලා ගනීවි කියල.
- ත්‍රස්තවාදි ප්‍රහාරයන් සිද්ධ වන්නට පෙර, ජනගහණය වැඩි කරගැනීමෙන් රට ඇල්ලීම ගැන සමාජයේ පවා කතාබහක් තිබුනා.
- ජනගහණය වැඩි කිරීමෙන් රට අල්ලා ගැනීම සහ ඊට අදාල දේවල් නොකර සිටියා කියා ප්‍රතික්ෂේප කිරීමක් අප කරන්නේ නැත.

* නමුත්, මෙම දිවයින අප දන්නා සූවිසි බුදුවරුන්ගේ 1 වෙනි බුදුන්වහන්සේ වැඩි ඕජ දීපයයි. මේ මහා භද්‍ර කල්පයේ අවසාන බුදුන්වහන්සේද වඩින, ලංකා ද්වීපයයි. මෙත් බෝසත් මහ දෙවියන්, තව්තිසාවේ සිට ලංකාව බලනවා සේම, මාතෘ දිව්‍ය රාජයා තම පුතාගේ බුදු සසුන සහ එය රැකෙන රට ගැන බලා සිටිනවා. දිව්‍ය - බ්‍රහ්ම 2ටම ප්‍රධාන වූ සක් දෙව් රජ, මහා බ්‍රහ්ම රාජයා මෙන්ම සතරවරම් දෙව් රජවරුද දැන් සෝවාන් තත්වය පවා ඉක්මවා සිටින අය. ඒ සියලුදෙනා මේ කුඩා දිවයින දෙස බලා සිටිනවා.
( දැන් ඔබ අහන්න පුලුවන්, බෝම්බ, වැරදි පාලකයන් ගැන. ඒව ජනතාවගේ කර්ම ශක්තියේ දේවල්. වැරදි තීරණ ගැනීම් වගේ ඒව. කර්ම ශක්තිය වෙනස් කරන්න බුදුන්වහන්සේවත් කටයුතු නොකල අවස්ථා තිබුනා)

- එනිසා කුමන දේ තිබුනද, මේ රට සිංහල - බෞද්ධයින්ට වඩා වැඩියෙන් වෙනත් වාර්ගිකයන්ගේ රටක් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැත. එයට යමෙක් උත්සාහ දරයිද, ඔවුන් විනාශ වී යනු ඇත.

එය මේ මහ පොලවේ ධර්මතාවයකි !

#ඉරු

Friday, January 25, 2019

නවරත්න මුදුව



නවරත්න මුදු අද යම් පිරිසක් පලදිනු දැකිය හැක. එසේ වුවද එම මුද්ද පැළදීමට විශේෂිත ක්‍රමවේදයක් ඇත.
දකින බොහෝ නවරත්න මුදුවල සියලුම ගල් එකම ආකාරයකට ඔබ්බවා ඇත. එසේම අදාල ගලට අනුව ජපකිරීමද කර නැත. එවන් මුද්දකින් ඇතිවන්නේ සුබ ඵල ඇතිවේද සැක සහිතය.

නිසියාකාරව නවරත්න මුද්දක් පළදින්නේ නම් එහි තමන්ට අපල දෙන ග්‍රහයන්ගේ ගල් ඔබ්බවන සුවිශේෂි ක්‍රමයක් සහ අපල සමනය වීමට හා තවත් සුවිශේෂි ක්‍රමයකට ජප කල යුතුය.

සුභ පල දෙන ග්‍රහයන්ට අදාල ගල්ද විශේෂිත ක්‍රමයකට මුද්දේ එබ්බ විය යුතුය. සුභ පල වැඩිදියුණු වීමටත් තවත් සුවිශේෂි ක්‍රමයකටද ජප කල යුතුය.

irusewaya@gmail.com
https://goo.gl/36bYsq

Monday, November 19, 2018

ඔබ දන්නවාද ?

බුදුන්වහන්සේගේ වටාපත් ධාතුවද, කේශ ධාතුන්( බෝධිසත්ව කාලයේ බුදු වෙන්නට පෙර කෙස් කළඹද, බුදු වුන පසුව කේශ ධාතුන්ද) ද, දන්ත ධාතුවද, සළු ධාතුව (බෝධිසත්ව කාලයේ ඇදි සළුද, බුදු වුන පසුව සිවුරද) ද යන ධාතුන් 4ම ඇත්තේ තව්තිසා දෙව් ලොවේය.

* කේශ ධාතුන්ද, වටාපත් ධාතුවද, සළු ධාතුවද යන ධාතුන්වහන්සේලා ඇත්තේ සළුමිණ සෑයේ වන අතර,
දන්ත ධාතුව ඇත්තේ සිළුමිණ සෑයේය !

- දෙවිවරු වන්දනාමාන කරත් !

#ඉරු #බුදුහිමි