Sunday, July 12, 2026

සතියේ ලග්න පලාපලය


 ( ජුලි 13 - 19)

පොදු කරුණු පමණි !

-

● මේෂ
සදු 03 වැන්නේ සිටි.
රවි + චන්ද්‍ර + බුධ යෝගය ඇතිවෙයි.
කරන කියන කටයුතු සාර්ථකවන කාලයකි.
ආර්ථිකය දියුණුවද ආදායම් වැඩිදියුණු කරගැනිමටත් හැකියාව තිබේ.
පෙර පැවති මුදල් සම්බන්ධ ප්‍රශ්න ගැටළු විසදා ගැනිමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදි දුරගමන් බිමන් යාමට ඉඩ ඇත.

-
● වෘෂභ
සදු 02 වැන්නේ සිටි.
රවි + චන්ද්‍ර + බුධ යෝගය ඇතිවෙයි.
හදිසි ධනලාභ වාසනාව තිබේ.
ණය ගනුදෙනු ලැබෙන්නට තිබේ නම් ඒවා ලැබෙන කාලයකි.
පෙරට වඩා ආර්ථිකය ශක්තිමත් වනු ඇත.
රැකියා කටයුතු වල වෙනදාට වඩා ප්‍රගතියක් පෙන්වයි.

-
● මිථුන
සදු 01 වැන්නේ/ ලග්නයේ සිටි.
රවි + චන්ද්‍ර + බුධ යෝගය ඇතිවෙයි.
පෙර පැවති ගැටළුකාරි තත්වයන් වලට විසදුම් ලැබෙන කාලයකි.
ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට හැකියාව ලැබේ.
අධ්‍යාපන කටයුතු වලට බාධා වෙයි.
වියදම් කලමනාකරණය කරගත යුතුය.

-
● කටක
සදු 12 වැන්නේ සිටි.
රවි + චන්ද්‍ර + බුධ යෝගය ඇතිවෙයි.
වියදම අධික වෙයි.
රට රැකියා වල නියුතු අයට තරමක් යහපත් කාලයකි.
රට රැකියා අපෙක්ෂා කල අයට ඒ සම්බන්ධ යහපත් තොරතුරු ලැබේ.
මව්පියන් වෙනුවෙන් වැඩිපුර කාලය වැය කරන කාලයකි.

-
● සිංහ
සදු 11 වැන්නේ සිටි.
රවි + චන්ද්‍ර + බුධ යෝගය ඇතිවෙයි.
ආර්ථික තත්වය තරමක් වර්ධනය කරගැනිමට හැකියාව ලැබේ.
පැවති ප්‍රශ්න ගැටළු නිරාකරණයට හැකියාව ලැබේ.
රැකියා ස්ථානයේ ගැටළුකාරි තත්වයන්ට විසදුම් ලැබේ.
නව ආදායම් මාර්ග වලට යොමුවිමට හැකියාව ලැබේ.

-
● කන්‍යා
සදු 10 වැන්නේ සිටි.
රවි + චන්ද්‍ර + බුධ යෝගය ඇතිවෙයි.
කරන කියන රැකියා කටයුතු වල ස්ථාවරත්වයක් පෙන්වන කාලයකි.
නව රැකියා ලැබේ.
ආර්ථික තත්වය තරමක් වර්ධනය විය හැක.
සතුරුකරදරද ඇතිවිමට ඉඩ ඇත.

-
● තුලා
සදු 09 වැන්නේ සිටි.
රවි + චන්ද්‍ර + බුධ යෝගය ඇතිවෙයි.
දුරබැහැර ගමන් බිමන් යෙදෙයි.
අධ්‍යාපන කටයුතු වලට යහපත්ය.
අධ්‍යාපනයට විදේශගත වීමට අපේක්ෂා කල අයට යහපත්ය.
ආර්ථික තත්වය වැඩිදියුණු කරගැනිමට තරමක් වෙහෙස මහන්සි විය යුතුය.

-
● වෘශ්චික
සදු 08 වැන්නේ සිටි.
රවි + චන්ද්‍ර + බුධ යෝගය ඇතිවෙයි.
ආර්ථිකය තරමක් ගැටළුකාරි තත්වයන් වලට මුහුණ පෑමට සිදුවෙයි.
ආදායම් මාර්ග වල මුදල් ලැබිම් අඩුවෙයි.
වෙනදාට වඩා රැකියා ස්ථානයේ වෙහෙසීමට සිදුවෙයි.
රැකියා කටයුතු වලද ප්‍රශ්න ගැටළු වලට මුහුණ පෑමට සිදුවෙයි.


-
● ධනු
සදු 07 වැන්නේ සිටි.
රවි + චන්ද්‍ර + බුධ යෝගය ඇතිවෙයි.
හවුල් කටයුතු, හවුල් ව්‍යාපාර වැනි දේට යහපත්ය.
තමන් ගනු ලබන තීරණ වලින් තමන්ට වාසි සහගත වීමට ඉඩ ඇත.
ආර්ථික තත්වය පෙරට වඩා යහපත් වෙයි.
ප්‍රේම සබදතා වලට යහපත් කාලයකි.

-
● මකර
සදු 06 වැන්නේ සිටි.
රවි + චන්ද්‍ර + බුධ යෝගය ඇතිවෙයි.
තමන්ට තිබෙන වැඩ කටයුතු වලට, එදිනෙදා වැඩ කටයුතු වලදි සතුරු කරදර ඇතිවිමට ඉඩ ඇත.
අන් අය​ වෙනුවෙන් වෙහෙසිමට සිදුවෙයි.
ආර්ථික තත්වය කළමනාකරණය නිසි ලෙස සිදුවිය යුතුය, නැතිනම් ණය ගැනිමට හෝ මිතුරන්ගෙන් මුදල් ලබාගැනිමට සිදුවිය හැක.


-
● කුම්භ
සදු 05 වැන්නේ සිටි.
රවි + චන්ද්‍ර + බුධ යෝගය ඇතිවෙයි.
අධ්‍යාපන කටයුතු වලට යහපත් වෙයි.
තිබෙන ගැටළු වලට විසදුම් ලැබෙයි.
දරු සම්පත් බලාපොරොත්තුව සිටින අයට පෙරට වඩා යහපත්ය.
නව රැකියා බලාපොරොත්තු අයට සුභ පණිවිඩ ලැබෙන කාලයකි.


-
● මීන 

සදු 04 වැන්නේ සිටි.
රවි + චන්ද්‍ර + බුධ යෝගය ඇතිවෙයි.
නිවාස ගේදොර වැඩ කටයුතු වලදි වෙනදාට වඩා වියදම ඇතිවිය හැක.
වෙනදාට වඩා ප්‍රශ්න ගැටළු මුහුණ පැමට සිදුවිය හැක.
ආර්ථික තත්වය තරමක් චංචල විය හැක.
විදේශගත අයටද තරමක් ගැටළු වලට මුහුණ පැමට සිදුවිය හැක.
මුදල් සම්බන්ධ කටයුතු වලදි ප්‍රවේසම් වන්න.

071 383 5369

(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..