Friday, July 24, 2026

ජිවිතේම වෙනස් කරන හදිසි අනතුරු හා බැදුනු ග්‍රහ බලය

 




මේ දිනවල ලංකාවේ හදිසි අනතුරු වෙනදාට වඩා මාධ්‍ය වලින් වාර්තා කර තිබුනි. ඒ අනුව හදිසි අනතුරු සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි බවක් සිතේ.
නොසිතන මොහොතක සිදුවන අනතුරකින්, ජිවිත කාලයටම වන්දි ගෙවීමට, ජිවිතය නැතිවීමට පවා ඉඩ තිබෙයි.

✂ ඔබ දන්නවාද, හදිසි අනතුරු සිදුවිමටත් පෙර කර්ම ශක්තියේ බලපෑමක් ඇති බව ?
✂ එසේම කර්ම ශක්තිය සේම ග්‍රහමය පදනමද සහිතව - ගෝචරයට අදාලව හේතු තිබේ.
ඒ අනුව එම තත්වයන් ඇතිවෙයි.
✂ කේන්දර සටහන ගැඹුරින් පරික්ෂා කලවිට එවන් තත්වයන් ඇති අය, ඉතාම බුද්ධිමත්ව සහ පරිස්සම්ව කටයුතු කල යුතුය.
✂ පෙර සසරේ කරන ලද වැරදි - අකුසල්  නිසා මේ ජිවිතයේ එවන් තත්වයන් වලට මුහුණපෑ හැක.

ජිවිතය හොදින් ගතකරමින් සිටියදී, හදිසියේ සිදුවන මෙවන් සිදුවිම් තුලින් මුළු ජිවිතයම කනපිට හැරවුනු අවස්ථා බොහෝය.

එතකොට හදිසි අනතුරු වලට ජෝතිෂ්‍යමය විවරණය කොහොමද ?

✘ හදිසි අනතුරු වලට විශේෂයෙන් ශනිගේ සහ කුජගේ බලපෑම තිබේ.
✘ රාහුගේ බලපෑමක්ද තිබේ.
✘ සෙනසුරු දසාවක හෝ ඒරාෂ්ටකයකදී හදිසි අනතුරු අවදානම වැඩියෙන් තිබේ.
✘ සෙනසුරු දසාවක හෝ සෙනසුරු ඒරාෂ්ටකයකදි කුජගේ අතුරු දසාවක්, විදසාවක් ගත වන්නේ නම් එයද හදිසි අනතුරු ඇතිවිමට ඉඩ ඇති තත්වයකි.
තවද, සෙනසුරු දසාවකදී, රාහුගේ අතුරු දසාවක් හෝ විදසාවක් ගතවන්නේ නම් හදිසි අනතුරු අවදානම දැඩිව තිබේ.
✘ කුජ 01 හෝ 08 වැන්නේ ගෝචර ගමනින් සිටිම ( මේ කියන්නෙ පවතින අවස්ථාවේ ග්‍රහමය පදනම ගැනය)

ඉහත අප පලකර ඇත්තේ පොදුවේ සිදුවිය හැකි අවස්ථාය.

තව බොහෝ දේ තිබේ.

ඒ අනුව, හදිසි අනතුරු වලින් ජිවිතයම වෙනස් වන්නට පෙර, නිසි ලෙස ජිවත් වීම, ​මාර්ගෝපදේශ පිලිපැදීමද, දහමට අනුව යහපත් ජිවිතයද මෙන්ම ජෝතිෂ්‍ය මගපෙන්විමද නිසියාකාරව කරගන්නේ නම් එවන් තත්වයන්ගෙන් වැලකී යහපත් ජිවිතයක් ගත කරන්නට හැකියාව තිබේ !

-
071 383 5369

(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..




No comments:

Post a Comment