Saturday, April 30, 2016

“ සුජිත් නිශාන්ත යෝගිතුමාගේ තනතුර ගැන “




පසුගිය කාලයේ බොහෝ අයට තිබුනු ගැටළුවක් තමයි සුජිත් නිශාන්ත යෝගිතුමාගෙ ගිණුමේ Secretary at Ministry of Law and  Justice ලෙස යොදා තිබීම.

ඒ ගැන විවිධාකාර කතා පල වූ අතර මූලිකව එම මතයන් ගෙන ගිය පිරිස් කීවේ එය බොරුවක් බවයි.

මෙන්න සත්‍ය !



Friday, April 29, 2016

උතුම් දේ අපහාසයට ලක් නොකරන්න !

බොහෝ දෙනෙකුගේ වචන භාවිතයේදි වැරදි කරන අය ගැන සඳහන් කිරීමට බොහෝ දේ භාවිත වෙයි.

● ඒ අතර දෙයක් බැරි නම් මට ඒක අරහං යැයි කියයි.
අරහං යනු බුදු ගුණයකි,
- භාග්‍යවත්වූ බුදුරජාණන්වහන්සේ, සියළු කෙලෙසුන් කෙරෙන් දුරුවූ බැවින්ද, රාගාදි ක්ලේශයන් නැසූ හෙයින්ද, අග-මුල නොමැති සංසාර චක්‍රය අවසන් කල හෙයින්ද, දිව්‍ය මනුෂ්‍යාදීන් විසින් කරනු ලබන සියළු පූජා පිළිගැන්වීමට සුදුසු හෙයින්ද, අරහං නම් වන සේක.

● චරිතෙ නරක අයට “එයා හිටියේ පත්තිනි අම්මා වගේ කියයි“
- පත්තිනි දේව මෑණියන් පතිවෘතා බලයට ඉමහත් ප්‍රසිද්ධ වන අතර චරිතය පාරිශුද්ධිය ඉහලම කෙනෙකි.

● එයා හරි උපාසකය...
- උපාසකයා යනු තෙරුවනට හිතවත්, සරණ ගිය අයෙකි.

● එයා බුදු වෙලා වගේ හිටියේ.


●* අපට මෙහිදි කියන්නට උවමනා වන්නේ, චරිතය නරක අයට, වැරදි දේට සම්බන්ධ අයට යනාදියට අපහාස කිරීමට උතුම් වචන, උතුම් චරිත භාවිත නොකරන ලෙසයි.
චරිතය නරක අයට පත්තිනි මෑණියන් වගේ සිටියා කියන එක කෙතරම් අසාධාරණද යන්න සිතා බලන්න.

එසේ කිව්වා කියා පත්තිනි දේව මෑණියන් ඔබට කිසිවෙකුට දඬුවම් කරන්නේ නැත. නමුත් සදාචාරාත්මකව මානුෂීය ගති ඇති අපි ගරු කල යුතු අයට ගරු කල යුතුය. සීලය රැකිය යුතුය.
එසේ නොකර කටයුතු කිරිම අපටම අකුසලයක් වන බැවිනි !

සිතන්න.. - කටයුතු කරන්න

#ඉරු

Thursday, April 28, 2016

අඟහරු 7

අඟහරු හෙවත් කුජ 7 සිටිම බොහෝම භයානක තත්වයක් ලෙස සමාජයේ ස්ථාපිත කර ඇති මතකයි.

නරක තත්වයක්, විවාහය කැඩෙන තත්වයක් ලෙස කුජ 7 සිටිම සමාජගත කර ඇත. එනිසා කුජ 7 කියන කාරණය කතා කරන්නවත් බය හෝ අසන්නට අකැමති දෙයක් ලෙස හුවා දැක් වේ.

කුජ ග්‍රහලොව සෙන්පතියාය. කුජ මුරණ්ඩුකමට, ලේ ධාතුවට මූලික වෙයි. කුජට මංගල කියාද නමක් වෙයි.

* කුජ 7 කෙනෙක් කසාද බඳින්න ඕන කුජ 7 කෙනෙක් සමඟමද ?

* 7 වැන්නේ අඟහරු සිටින අය පමණක් විමසන්න - මංගල තීරුව පත්‍තර වල අප දැක ඇත.

** සමහර කෙනෙක් ජ්‍යොතිෂ්‍ය විද්‍යාව මිථ්‍යාවක් ලෙස හඳුන්වයි...
ජ්‍යොතිෂ්‍යය විද්‍යාව පෙන්වාගෙන කරන සැබෑ මිථ්‍යාව මෙයයි, එනම් කුජ 7ට කුජ 7 අනිවාර්ය කිරීමද, මංගල දැන්වීමේ කුජ 7 ඇති අය පමණක් විමසන්න යන ඒවා සැබෑම මිථ්‍යාවට අයත් වෙයි.
( විවාහයට පොරොන්දම් ගැලපීම, කේන්දරයේ ග්‍රහ බල දුබලතා ගැලපීම විය යුතු අතර, දෙදෙනාගේ කැමැත්තද දෙදෙනාට අනිවාර්ය වෙයි)

●- කුජ දෝෂය/භෞම දෝෂය ලෙස කුජගෙන් ඇතිවන දෝෂයක් කේන්දර වල දැක්වෙයි.
එනම් කුජ ග්‍රහයා 1,2,4,7,8,12 වැනි තැනක පිහිටිමෙනි.
ඒ අනුව සිතුවොත් කේන්දරයේ ඇති කොටු 12න් 6කම කුජ පිහිටිමෙන් කුජ දෝෂය ඇති වෙයි.
ඒකියන්නේ කුජ දෝෂය 50%ක කේන්දර වල තිබිය හැකි බවයි.
කුජ ස්වක්ෂෙත්‍ර වන මේෂ රාශිය හෝ උච්ච වන මකර රාශියෙදි මෙම දෝෂයන් අඩුවනු ඇත. විශේෂයෙන් කුජ දෝෂය බලපාන්නේ උභය රාශි වල උපන් අයටය. එනම්, කන්‍යා, ධනු, මීන, මිථුන රාශි වලටය. විශේෂයෙන්ම 1,4,7,8 සහ 12 වැන්නේ සිටීමෙන් මෙම දෝෂය  තත්වයන් බලපායි.


●  පොදුවේ, කුජ 7 සිටින අය ප්‍රියමනාප, ශක්තිමත් සිරුරක් හිමි අය වන අතර යහපත්  ලිංගික ශක්තියද හිමි අය වෙති. තමන්ට ලැබෙන භාර්යාව/පුරුෂයා මනා අඟපසඟ ඇති කෙනෙක් වෙයි.

● පොදුවේ කුජ 7 කෙනෙකුට,

* ගුරු 7 වැන්නේ සිටින කේන්දරයක් ගැලපෙයි (කුජ-ගුරු යෝගය)
පවුල් ජිවිතය තුල හොඳ පැවැත්මක් ඇතිවෙයි දෙදෙනාම පවුල් ජිවිතය මනා අාකාරයකින් පවත්වාගෙන යා හැක.

* සිකුරු 7 වැන්නේ සිටින කෙනෙකුද ගැලපෙයි (කුජ-සිකුරු යෝගය)
පවුල් ජිවිතය, අඹුසැමි ප්‍රේමය වර්ධනය වන අතර, හොඳ දුවාදරුවන් ලැබෙයි. බැඳීම ශක්තිමත් වෙයි.

● තවද කුජ ග්‍රහයා තමන්ගේ ලග්නයට පාපියෙක් නොවනවා නම් හොඳයි. 8 වැන්නාධිපතියා හෝ 12 වැන්නාධිපතියා කුජ නොවන්නේ නම්, උප්පත්ති කේන්දරයේ කුජට පාප දෘෂ්ටි වැටෙන්නේ නැත්නම් ඒ අයට කුජ බලපෑම නරක ආකාරයට බලපාන්නේ නැති තරම්ය.

-- මෙම සියලු කරුණු පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යයට අදාලව පල කරන ලද පොදු කරුණු බව සලකන්න.
පෞද්ගලික කේන්දර සටහනකට පලාපල කීමට මේ තත්වයන් සූක්ෂමව බැලිය යුතුය. කුජ සිටින තැන, 7 වැන්නාධිපතියා, ග්‍රහ දෘෂ්ටි, අදාල නැකැත්, අංශක යනාදි බොහෝ කරුණු අනුව තීරණය වෙයි.

අඟහරු 7ට අඟහරු 7 යන කාරණයෙන් පමණක් විවාහයට ගැලපේ යන මිථ්‍යා මතයෙන් මිදෙන්න !!!

#ඉරු

Tuesday, April 26, 2016

දෙවියන් සහ අපි



දෙවියන් මත සියල්ල තීරණය නොවෙයි.
දෙවියන් නෑ කියා සිතා කටයුතුද නොකරන්න.

●  ඔබගේ කර්ම ශක්තිය යහපත් නම්, ඔබ යහපත්ව ගත කර ඇත්නම් දෙවියන්ගේ ආශිර්වාදය ඔබට කටයුතු වලට ලැබෙනු ඇත. ග්‍රහ බලය හොද වීම සේම කර්ම ශක්තිය හොදවීමද අත්‍යාවශ්‍යය.

එසේ නැතිව, කර්ම ශක්තිය දුර්වල විටෙක ඔබ ඇත්තටම යහපත් කෙනෙක් වුවද දෙවියන්ගේ ආශිර්වාදයක් ලැබෙන්නේ නැත.

● බුදු දහමේ යාඥාව නැත. එනම් යාදින්නේ නැත. අප සරණ ගොස් ඇත්තේ තුනුරුවන්ය. තුනුරුවන් සරණ ගොස් නිවරදිව සිටින අයට, ප්‍රතිපත්තිය - සීලය රකින අයට දෙවියන් ආශිර්වාද කරති.
- ඔබ දෙවියන්ගෙන් ඉල්ලූවේ නෑ කියා, හෝ දෙවියන්ට වැන්ඳේ නෑ කියා ඔබ යහපත් කෙනෙක් නම්, සීලය - ප්‍රතිප්පත්තිය රකින, කුසල් කරන කෙනෙක් නම් දෙවියන් ආශීර්වාද නොකර සිටින්නේ නැත.

● ඔබ ඇත්තටම පෙර කී පරිදි යහපත් කෙනෙක් නම්, දෙවියන් නෑ කියා විශ්වාසයෙන් කටයුතු කලත්, දෙවියන් නෑ කියා තවත් අයට කිව්වත් දෙවියන් ඔබ හා තරහ වන්නේ නැත.
නමුත් ඔබ දෙවියන් ගැන අපහාසයෙන්, වැරදි ආකාරයට දෙවියන් විවේචනය කරන්නේ නම්, ඔබට දෙවියන් කරදර නොකලද, ඔබට අකුසල් කර්ම රැස්වනු ඇත.

● එනිසා දෙවියන් සිටීද - නැද්ද හෝ මට උදව් - කරාවිද නැද්ද නොව...,
තමන්ගේ ජිවිතය යහපත්ව, පින් දහම් කරමින්, සීලය - ප්‍රතිපත්තිය රැකගෙන සිටින්නට කටයුතු කරන්න.

● ඒ කරන පින්කම් වලදී, සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට අනුමෝදන් කරන්නේ නම් ඔබ මනුෂ්‍ය ගුණ ධර්ම ඉහලින් පවතින කෙනෙකි.
( සියලු ඥාතින්ට පින් අනුමෝදන් කිරීම සමහරු ගෙදරදී නොකරන්න යැයි කියයි. එය වැරදි මතයකි. පිනක් කර සියලු ඥාතින් සිහි කරන්න. අපට අමතක, වසර දහස් ගණනකට පෙර අපගේ ඥාතියෙකුට සුළු පිනක් නැතිව භූත, ප්‍රේතාත්මයක හෝ එවන් කරදර ඇති තැනක සිටිනවා වන්නට පුලුවන. අපට ඔවුන් අමතක වුවද, ඔවුන්ට අපව මතක නිසා අර කාලයේ අප නෑයා, දැන් පින් දෙන්නේ මේ ආත්මයේ ආච්චිට සීයට, අම්මට තාත්තට විතරයි කියා ඔබ දෙස බලන්නට පුලුවන. එනිසා එවන් අසරණ වන අපට අමතක ඥාතින්ටද පින් ලබාදෙන්න).

● සියලු දෙවියන්ට පින් දීම බුදුන්වහන්සේද අනුමත කර ඇත. රට-දහම රකින්නේ දෙවිවරුන්ය. අපේ පින් මත නොයැපුනද සත්පුරුෂ ලක්ෂණය නම් ඔවුන්ටද පින් ලබාදීමයි, සියලු සත්වයන් ගැනද එසේමය)


irusewaya@gmail.com
077 22 38041

Monday, April 25, 2016

අපිට හැමෝටම උදව් කල නොහැක.

නමුත් හැමෝටම කාට හෝ උදව් කල හැක...

- මානව ශිෂ්ටාචාරය පැවත ඇත්තේද, දියුණු වී ඇත්තේද ඒ නිසාය...

Sunday, April 24, 2016

සතියේ ලග්න පලාපලය - අප්‍රේල් 30 තෙක්



● මේෂ
සමඵලයි.
චන්ද්‍ර චාරය අනුව ආර්ථික තත්වය සාමාන්‍ය පරිදි තිබේ. උසස් අයගේ උදව් උපකාර ලැබෙන කාලයකි. කාර්යබහුල වේ.
ගෘහ ජිවිතය තුල යම් කරදරකාරි තත්වයන් අපේක්ෂිතය. අවිවාහක අයට මංගල යෝග යෙදෙයි. විවාහ අපේක්ෂිත අයගේ පැතුම් ඉටු වේ.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග, රුධිරාශ්‍රිත රෝග සහ නොඉවසිලිවන්ත කටයුතු ගැන අවදානමත් වන්න.


● වෘෂභ
එතරම් ශුභ නැත.
ආර්ථික තත්වයේ යම් ගැටළු ඇති කරයි. වියදම් වැඩිවිය හැක, අරපරිස්සමෙන් කටයුතු කරන්න. නව රැකියා ලැබීමට ඉඩ ඇත. එසේ වුවද බුද්ධිමත්ව, ඉවසීමෙන් කටයුතු කල යුතුය.
ගෘහ ජිවිතය තුල සතුටින් සිටීමේ හැකියාව මූලිකව ඇත්තේ ඔබටය. ඉවසීම එහිදි වැදගත් වනු ඇත. පවුලේ අය වෙනුවෙන් කැපවන කාලයකි.
හදිසි රෝගාබාධ ඇතිවිමට ඉඩ ඇත. නිදන්ගත රෝග ඇති අය ප්‍රවේසම් වන්න.



● මිථුන
සමඵලයි.
ආර්ථික තරමක් යහපත් වේ. රැකියාවේ දියුනුව ඇතිවේ. විවිධ කටයුතු වලින් දියුණුව අපේක්ෂිතය. සතුරු කරදර, ඉරිසියා වැනි කටයුතු ඇතිවිමට ඉඩ ඇත, ඒවා පරාජය කරගැනීමටද හැකියාව ඇත.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කැපවන කාලයකි. දරුවන් ගැන සතුටු විය හැක.
උෂ්ණාධික රෝග වලින් පරිස්සම් වන්න.


● කටක
ශුභ සතියකි.
ආර්ථික තත්වය දියුණු වේ. රැකියාවේ දියුණුව අපේක්ෂිතය. සිතට සතුට ලැබෙ නකාලයකි. නව රැකියා වුවද ලැබෙන්නට වාසනාව මේ කාලයේ ඔබට පවති.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක. පවුලේ අයගේ සහයෝගය ලැබේ. දරුවන් සිටින අය දරුවන් ගැන වැඩියෙන් අවදානමත් විය යුතුය.
සෙම් රෝග වලින් ප්‍රවේසම් වන්න.


● සිංහ
ශුභයි.
ආර්ථික තත්වය යහපත් වේ. උදව් ලැබේ. කෙසේ වුවද කටයුතු වලට බාධා ඇතිවන නිසා සිතට යම් කණගාටුවක් ඇතිවිය හැකියි. ගමන් බිමන් අධික වේ.
ගෘහ ජිවිතය සාමකාමිව ගත කල හැකිවන්නේ ඉවසීම තුලයි. සිතේ කරදර නිසා ගෙදර අය සමග සමගියෙන් සිටින්නට කටයුතු කල යුතුයි. සහෝදර-සහෝදරියන්ගෙන් උදව් ලැබෙන කාලයකි.
මානසික පීඩන තත්වයන් ඇතිවිය හැක. ඉවසීමෙන් කටයුතු කරන්න.



● කන්‍යා
ශුභ සතියකි.
වෙනදාට වඩා සිතට සතුට ලැබේ. තමන්ගේ හොඳ නම පැතිරෙන, ප්‍රශංසා ලැබෙන කාලයකි. ආර්ථික තත්වයට යම් බාධා තිබුනද ගැටළුකාරි නොවේ. රැකියාවද දියුණු වේ.
ගෘහ ජිවිතය තුල පවුලේ අය සමග ඔවුන් වෙනුවෙන් කැප වන කාලයකි. ගමන් බිමන් යෙදෙයි.
හදිසි අනතුරු තත්වයන් ඇතිවිය හැකි නිසා ගමනේදි ප්‍රවේසම් විය යුතුය. හදිසි කෝපය පවතී නම් භාවනා ආදියට යොමුවී තැන්පත්ව සිටින්නට බලන්න.


● තුලා
සමඵලයි.
ආර්ථික තත්වය දුර්වල නොවුවද, ආර්ථික වර්ධනය කරගැනීමට කරන කටයුතු වලට බාධා සිදුවිය හැක. වියදම් අධික විය හැකි බැවින් අරපරිස්සම් වන්න.
ගෘහ ජිවිතය සාමකාමිව ගත කල හැක. අවිවාහක අයට මංගල යෝජනා යෙදෙයි. ඒවා මනාව බුද්ධිමත්ව බලා තහවුරු කරගත යුතුය. ප්‍රේමය ආදියට යම් බාධාද පෙන්වයි.
සෙම් රෝග, මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග සහ ඇස,කණ, නාසය යනාදිය සම්බන්ධව පවතින රෝග තත්වයන් ගැන අවදානමත් වන්න.


● වෘශ්චික
එතරම් ශුභ නැත.
ආර්ථික තත්වය අයහපත් විය හැක. ආදායමට වඩා වියදම් යෙදෙන්නට ඉඩ වැඩිය, බුද්ධිමත්ව කටයුතු කරන්න. කරදර බාධක තුල ව්‍යාපාර වල යම් දියුණුවක් අපේක්ෂිතය. ඇතිවන බාධා නිසා කළකිරිම් ඇතිවිය හැක.
ගෘහ ජිවිතයද යහපත්ව ගත කිරීම ඔබගේ කටයුතු මත තීරණය වෙයි. ඉවසීම ඉතා වැදගත්ය.
සෞඛ්‍ය තත්වයේ හිස සම්බන්ධ රෝග, ආමාශගත රෝග යනාදිය ගැන අවදානමත් වන්න.


● ධනු
සමඵලයි.
ආර්ථිකය අයහපත් නොවුනද, වියදම් අධික වන කාලයකි. උපයන තරමට වඩා වියදම් අධික වීම ගැටළුකාරි විය හැක. අනවශ්‍ය පීඩාවෙන් කරන කටයුතු වලදි අතට ලැබෙන දේ කටට දාගැනීමේ ගැටළු ඇතිවිය හැක.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක. දරුවන්ගේ කටයුතු සම්බන්ධව සතුටු විය හැකි කාලයකි. තරග විභාග ආදියෙන් ජය අපේක්ෂා කල හැක.
පපුව සම්බන්ධ රෝග, දෙපා සම්බන්ධ වේදනා, ඇස් රෝග යනාදියෙන් පරිස්සම් වන්න.


● මකර
සමඵලයි.
ආර්ථිකය යහපත් වේ. වෙනදාට වඩා කඩිසරව වැඩ කල හැකි කාලයකි. බාධා තත්වයන් දුරු වේ. තම බලය තහවුරු වන කාලයකි. රැකියාවේ දියුණුවද නව රැකියාද අපේක්ෂිතය.
ගෘහ ජිවිතය සාමකාමිව ගත කරන්නට හැකියාව පවති. ඥාතින් හිතවතුන් හා කරන කටයුතු වලදි බුද්ධිමත් වන්න. අධ්‍යාපන කටයුතු කරන අයට සුබ කාලයකි.
හදිසි අනතුරු විය හැකි නිසා පරිස්සම් වන්න. සෙම් රෝග වලින්ද ආරක්ෂා වන්න.


● කුම්භ
ශුභ සතියකි.
මෙතෙක් පැවති බාධා අවම වන කාලයකි. රැකියාවට සුබයි. නව ආර්ථික මාර්ග උදාකරගත හැක. ආයතන ප්‍රධානින්ගේ පැසසුමට ලක්වීමේ වාසනාව පවති.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. තමන්ගේ යුතුකම්, වගකීම් මැනවින් ඉටු කරන කාලයකි. පවුලේ කටයුතු වලදීද ඥාතින්ගේ ප්‍රශංසාව හිමි විය හැක. සතුටින් සිටිය හැක.
මුත්‍රා ආශ්‍රිත රෝග, අතපය වේදනා සහ හිසේ කැක්කුම් යනාදියෙන් ආරක්ෂා වන්න.


● මීන
ශුභ සතියකි.
ආර්ථිකය යහපත් වෙයි. වියදම්ද අධික වන්නට ඉඩ ඇත. බාධා දුරු වන අතර සතුරන්ගේ බලය පරාජය වෙයි. නව රැකියා අවස්ථා  අපේක්ෂිතය.
ගෘහ ජිවිතය තුල සාමකාමිව සිටිය හැක. අඹුසැමි ප්‍රේමයට යහපත් කාලයකි. අවිවාහක අයට මංගල යෝජනා යෙදේ. ප්‍රේම සබදතා පවතින අයට වැඩිහිටියන්ගේ ආශීර්වාද අපේක්ෂිතය.
සෙම් ආශ්‍රිත රෝග, පිත් රෝග යනාදියෙන් පරිස්සම් වන්න.

Saturday, April 23, 2016

සුජිත් නිශාන්ත යෝගිතුමාගේ 2016 අලුත් අවුරුද්ද ගැන අනාවැකි සහ ඉරු සේවයේ සමස්ත මතය



සුජිත් නිශාන්ත යෝගිතුමාගේ අලුත් අවුරුදු අනාවැකිය(සැබෑවටම වසර ඇරඹෙන්නේ ජනවාරියේ නොව අප්‍රේල් අලුත් අවුරුද්ද සමගය).

- මූලිකව කිව යුත්තේ සුජිත් නිශාන්ත යෝගිතුමා අප සේවයේ ගෞරවනීය ජ්‍යොතිර්වේදි මහතෙකු වන අතර, එතුමාගේ මතය රට පුරා ප්‍රචලිත වන නිසා #ඉරු සේවයේ සමස්ත මතයද අප විසින් ප්‍රකාශ කල යුතු බවයි.

● යෝගිතුමාගේ අනාවැකිය තුලින් කියවෙන්නේ දේශපාලන ව්‍යාකූලතාවයක් ඇතිවන බවයි. එය සැබෑවකි.  අපගේ දැනීම අනුව, ජ්‍යොතිෂ්‍යය සහ ඊට එහා ගිය අධ්‍යාත්මික දියුණුව වැනි කාරණා ගැන මැනවින් සිතා බැලීමේදී ග්‍රහචාරයේ පවතින සෙනසුරුගේ දුර්වලතාවය රටටම, පොදුවේ සියලුදෙනාටම අයහපත් ලෙස බලපායි.
එය කුජ-ශනි යෝගව තවත් කාලයක් පැවතීම නිසා මෙම අපලකාරි, පීඩාකාරි තත්වයන් වැඩිවිය හැක.

- විශේෂයෙන් රටට යහපත් වීම ඇරඹෙන්නේ අප්‍රේල් 14 වනදා සිට බව අපගේ හැඟීමයි.
(ඔබට මතක ඇති වැස්ස ඇතිවීම සිදුවන කාලය සහ, කාලයක් පුරාවට වැස්සෙන් පීඩා ඇතිවීමද, ඉන්පසු දැඩි උෂ්ණත්වයකින් පීඩා ඇතිවීමද සිදුවන්නේ අෂ්ට ලෝක ධර්මය ගැන මනා අවබෝධයෙන් සිටීමටත්, ධාර්මික අයට තවත් ධාර්මික විය යුතු බවට අදහසක් දීමටත් බව අප විසින් පෙර පැවසූ බව)
https://www.facebook.com/irusewaya/posts/1325884524095290

* මෙම සියලු කටයුතු ඒකරාශි වෙමින් පවතින්නේ වඩා යහපත් කාලයකටය. එනම් මෙම තත්වයන් මනාව අවබෝධ කරගෙන ජිවත් විය යුතු බව සමස්ත ජනතාවට තේරුම් යෑමටය.

● ආණ්ඩුව ගැන ජනතාව තුල පැවති ප්‍රසාදය ක්‍රමිකව හීන වන බව පැහැදිලි කරුණකි.
ඒ ගැන අපට වටහා ගත හැක. එසේ වුවද මෙම තත්වය ඉතා සෙමින් වුවද යහපත් තත්වයට හැරෙන බව ඉරු අපගේ සමස්ත අදහසයි.


● හිටපු ජනාධිපතිතුමාට පවතින අපල තත්වයන් වසරකින් පමණ සමනය වන බව යෝගිතුමාගේ අනාවැකිය නිවරදි බව අපද සිතන අතර, එතුමාට මාස කීපයකින් වන ගුරු මාරුවද, ලබන වසරේ සිදුවන සෙනසුරු මාරුවද යහපත් වනු ඇත.
- කෙසේ වුවද අපගේ විග්‍රහයට අනුව අපල තත්වයන් ග්‍රහචාරයෙන් කියවෙන අතර, ඉන් එහාට ගිය අකුසල් කර්ම, පාප කර්ම වල කර්ම විපාක ලැබීම් සරලව අවසන් වන්නේ නැත.
- මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් අයට පවතින ආණ්ඩුවේ වැරදි සහ අතපසුවීම් තුල සුබවාදි අදහස් ඇතිවිමට හොඳ බව සැබෑය.
ආණ්ඩුව මාරු කල හැකිද යන කාරණය වෙනම සිතා බැලිය යුතුය.

● මෛත්‍රිපාල සිරිසේන මහතාද පෙර පැවසූ පරිදි නැවත ජනාධිපතිවරණයකට යන්නේ නැති අතර, එම අනාවැකියද එතුමාට මාරකයක් තිබෙන බවට සමහර අය කියන අනාවැකි වරදින බවද කිව යුතුය. යෝගිතුමා කියන ආකාරයටම එතුමාට දීර්ඝායුෂ තිබේ.
- (පොදුවේ තිබුනු මාරකය ගෙවී අවසන්ය)

● ජනතාවගේ ආර්ථිකය මෙම තත්වයන් සමග දුර්වල වන බව සැබෑ වන අතර, කැපවීමෙන් දැඩි මහන්සියකින් උත්සහයෙන් යුතුව මෙම තත්වයන් ක්‍රමිකව ජයගන්නට හැකියාව ජනතාවට උදාවනු ඇත. එය තම ධෛර්යයේ පමණට සිදුවනු ඇත.
ආණ්ඩුව සහනදායි වැඩ පිලිවෙලකට යායුතු බව යෝගිතුමා කියන ප්‍රකාශය සනාථ කිරිමට ආණ්ඩුවෙන් උත්සාහ ගනු ඇත.
කෙසේ වුවද බලය ලැබුනාට පසු බලය සදාකාලික යැයි සිතාගෙන කටයුතු කරන දේශපාලනඥයන් (දේශපාලන + අඥානයන්) නිසා, ආණ්ඩුවට බලාපොරොත්තු වන ගමන යෑමට විවිධාකාර බාධක එල්ල වනු ඇත.
එය මග හරවාගෙන නිවරදි ගමනක් යාම ආණ්ඩුවේ වගකීමයි.

- කෙසේ වුවද මේ පවතින කරදරකාරි තත්වයන් වෙනස් වීමට අවශ්‍ය මූලික ග්‍රහමය බලපෑම අලුත් අවුරුද්දේ සිට ලැබෙන අතර, මැයි-ජුනි මාස වල සිට ක්‍රමිකව සහනදායි තත්වයක් රටටම ඇතිවනු ඇති බව අපගේ අදහසයි.

Thursday, April 21, 2016

_ මහා මංගල සූත්‍රය _



01 )
බහූ දේවා මනුස්සාච
මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්ථානං
බ්‍රෑහි මංගල මුත්තමං

- දෙලොව යහපත කැමති දෙවියෝ ද මනුෂ්‍යයෝද මංගල කරුණු සිතූහ.  දෙව්මිනිසුනට අනුකම්පාවෙන් හිතසුව පිණිස මංගල කරුණු  දේශනා කළ මැනවි.

02 )
අසෙවනාච බාලානං
පණ්ඩිතානඤ්ච සෙවනා
පූජා ච පූජනීයානං
එතං මංගල මුත්තමං

- අනුවණ බාලයන් සේවනය නොකිරීමද, බුද්ධිමතුන් සේවනය කිරීම ද,  පිදිය යුත්තන්පිදීමද දෙලොවම දියුණුව ගෙන දෙයි.


03)
පතිරූප දේස වාසොච
පුබ්බේච කත පුඤ්ඤතා
අත්ත සම්මා පණීධි ච
එතං මංගල මුත්තමං

- සුදුසු පෙදෙසක වාසයද, පෙර කල පින් ඇති බවද, සිත මනාව පිහිටුවීමද, උතුම් මංගල කරුණු ය.

04)
බාහු සච්චංච සිප්පංච
  විනයො ච සුසික්ඛිතො
   සුභාසිතාච යා වාචා
 එතං මංගල මුත්තමං

- බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවද, මනා හික්මවීම ද, යහපත් වචන කතා කිරීමද,  යන මේ කාරණා උතුම් මංගල කරුණු ය.

05)
මාතා පිතු උපට්ඨානං
පුත්තදාරස්ස සංගහො
අනාකුලාච කම්මන්තා
එතං මංගල මුත්තමං

- දෙමාපියන්ට සැලකීමද, අඹුදරුවනට සංග්‍රහ කිරීමද, යහපත් කර්මාන්ත කිරීමද යන මේ කාරණා උතුම් මඟුල් කරුණුය.


06)
දානං ච ධම්මචරියා ච
ඤාතකානඤ්ච සංගහො
අනවජ්ජානි කම්මානි
එතං මංගල මුත්තමං

- දන්දීම පින්කම් කිරීමද,  නෑයනට සංග්‍රහ කිරීමද නිරවුල් කර්මාන්තද යන මේ කාරාණා උතුම් මඟුල් කරුණුය.


07)
ආරති විරති පාපා
මජ්ජපානා ච සඤ්ඤමො
අප්පමාදො ච ධම්මෙසු
එතං මංගල මුත්තමං

- පාපයෙහි නොඇලීමද, මත්වන දෑ වලින් වැළකීම ද,  කුසල් දහම්හි පමා නොවීමද උතුම් මඟුල් කරුණුය.

08)
ගාරවොච නිවාතො ච
සන්තුට්ඨි ච කතඤ්ඤුතා
කාලේන ධම්ම සවනං
එතං මංගල මුත්තමං

- ගරුකළ යුත්තන්ට ගරු කිරීමද, ලද දෙයින් සතුටු වීමද,  සුදුසු කල්හි දහම් ඇසීම ද උතුම් මඟුල් කරුණුය.

09)
ඛන්තී ච සොවචස්සතා
සමණානං ච දස්සනං
කාලෙන ධම්ම සාකච්ඡා
එතං මංගල මුත්තමං

- ඉවසීම සහ කීකරු බව ද, මහණ බමුණන් දැකීම ද, සුදුසු කල ධර්ම සාකච්ඡාවද උතුම් මඟුල් කරුණුය.

10)
තපො ච බ්‍රහ්ම චරියඤ්ච
අරියසච්චාන දස්සනං
නිබ්බාණ සච්ඡි කිරියා ච
එතං මංගල මුත්තමං

- තපසද, උතුම් ආර්ය හැසිරීම ද, සිවුසස් දැකීම ද, නිවන් අවබෝධකර ගැනීම ද උතුම් මඟුල් කරුණුය.

11)
ඵුට්ඨස්ස ලෝක ධම්මෙහි
චිත්තං යස්ස න කම්පති
අසොකං විරජං ඛෙමං
එතං මංගල මුත්තමං

- අටලෝ දහමින් සිත කම්පා නොවීමද, ශෝක රහිතද, රාගාදී කෙලෙස්  නැත්ද, බිය රහිතද මේ උතුම් මඟුල් කරුණුය.


12)
ඵතාදිසානි කත්වාන
සබ්බත්ථම පරාජිතා
සබ්බත්‍ථ සොත්ථිං ගච්ඡන්ති
තං තෙසං මංගල මුත්තමන්ති.

- මෙම මංගල කරුණු කොට සියලු තන්හි නො පැරදුනාහු සියලු තැන සැපතට යෙති. ඔවුන්ට මෙම කරුණු 38 උතුම් මඟුල් කරුණුවේ. මෙලොව පරලොව දෙලොවටම වැඩ සාදන කරුණු වේ !


#ඉරු


Tuesday, April 19, 2016

සිත මත සියල්ල තීරණය වන නිසා, නිවරදි සිහියෙන් යුතුව යහපත් පැවැත්මෙන් කටයුතු කිරීමයි කල යුතු වන්නේ...

Monday, April 18, 2016

“ සිද්ධ රජ්ජු බණ්ඩාර දෙවියන් “

දකුණේ බලය පිහිටා ඇති විශේෂ වශයෙන් දැහැමි අයට ආශිර්වාද කරන යහපත් දෙවි කෙනෙකි.
කතරගම දෙවියන් සහ පත්තිනි දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබාගත් දෙවි කෙනෙකි.

‪#‎ඉරු‬

Iru Astrology

irusewaya@gmail.com.
077 22 38041

Sunday, April 17, 2016

බොහෝමයට ඇති ගැටළුවක් ලෙස, ‪#‎හූනියම්‬ සැබෑද ?

ඇත්තටම කිව්වොත් හදි හූනියම්, අණවින කොඩිවින යනාදියේ ඇත්තක් තිබේ.

නමුත් එවන් කටයුතු ඒ ආකාරයටම සිද්ධ වෙන්නට නම්, එම හූනියමට ලක්වෙන පුද්ගලයාගේ යම් අපල කාලයක්, අකුසල් ගෙවන කාලයක් තිබිය යුතුය. සමහර හූනියම් කටයුතු වලට කේන්දරය බලා ඒ ඒ කාල වල එවන් කටයුතු කරන්නේ එබැවිනි.
( නොදන්නා අයට, අවිශ්වාස අයට ‪#‎කේන්දරය‬ නොදෙන්නට කියන්නටද එය එක් හේතුවකි )

- තමන් දහමට අනුකූලව කටයුතු කරයි නම්, පෙර අකුසල් නිසා එවන් හූනියමක ප්‍රතිඵල අත්විඳින්නට හැකි වුවද, එහි සැර බාල වී යයි.

- ඉතා රහසිගතව හූනියම් කටයුතු සිදු කෙරෙනවා, ප්‍රබල දේශපාලකයන්ට, ව්‍යාපාරිකයන්ට එරෙහිව. එවන් සමහර කටයුතු සාර්ථකව එම අයට බලපා ඔවුන් බොහෝ කරදර වලට ඇඳ වැටුනු බවද අප දන්නා දෙයකි.

- විශේෂයෙන් කිව යුත්තේ, ධාර්මික අයට කුමන කාලයක කුමන හූනියම කලත්, පිල්ලි පවා එව්වත් හානි කල නොහැකි බවයි. දරුණුම ගණයේ පිල්ලියකින් පවා බුදු ගුණ සිහිකල ධාර්මික වෙළෙන්දෙක් තම පිරිවරද රැකගත් බව බණ පොත් වල සඳහන්ය.

‪#‎ඉරු‬

කිසිම කෙනෙකුට සර්ව සම්පූර්ණ ජිවිතයක් නැත.


එය ධනවත් අයටද, දුප්පත් අයට මෙන්ම පොදුය.
ජනප්‍රිය අයටද, බලවත් අයටද එසේමය...

- සෑම ජිවිතයකම එක් එක් ආකාරයේ ප්‍රශ්න, ගැටළු, අසරණකම්-බැරිකම්ද ඇත.
එනිසා කල යුත්තේ දහමට අනුකූලව කටයුතු කරමින් තමන්ගේ ජිවිතය වඩා යහපත් කරගැනීමට කටයුතු කිරීමය !

‪#‎ඉරුසේවය‬ Iru Sewaya

irusewaya@gmail.com.
077 22 38041

Wednesday, April 13, 2016

සාමය, සතුට, සෞභාග්‍යය රජයන ශුභ අලුත් අවුරුද්දක් වේවා !



- අද දිනයේ සිදුවන රවි/ඉරු ග්‍රහයාගේ මාරුව සමග, මෙතෙක් රටටම, රටේ ඉහලම පුරවැසියාටත් අදාලව රටේ පොදු ජනතාවට පැවති දැඩි පීඩාකාරි තත්වයන් ක්‍රමිකව සමනය වන්නට පටන් ගනී.

- සෑම සියලුදෙනාම ධාර්මිකව, යහපතින්, සතුට විඳිමින් 2016 වඩා යහපත් කරගන්නට කටයුතු කරන්න !

සම්බුදු සරණයි !

#ඉරුසේවය

Tuesday, April 12, 2016

අවුරුදු නැකත් කල යුතුද ? සැබෑවටම එය සුභද ???

බොහෝදෙනෙක් අපගෙන් ඉල්ලා සිටියා මෙවර අලුත් අවුරුද්දේ නැකැත් සැමරීමට නැකැත් ලබාදෙන ලෙස...

බොහෝදෙනක් අලුත් අවුරුද්දෙ කටයුතු වලට පමණක් නොවෙයි, තමන්ගේ වෙනත් කටයුතු වලට පවා මෙම පොදුවේ සාදන නැකැත් භාවිත කරන බව අප දන්නා කරුණක්.

නමුත් මෙහි ඇති ගැටළුව නම්, මෙම නැකැත් සියල්ලම පොදුවේ සාදන ඒවා මිස තම තමන්ගේ කර්ම ශක්තිය අනුව සාදන ඒවා නොවෙන බවයි.

● කිරි ඉතිර වීමේ නැකත පොදුවේ සුභ වුවද ගනුදෙනු කිරීමට යනාදියට පොදු නැකැත් භාවිත කරන විට එම නැකැත් තමන්ට අයහපත්ව බලපායි නම් ආර්ථික වශයෙන් කරදර බාධක ඇතිවිමට එයම හේතුවිය හැක.
නැකතක කටයුතු එතරමටම බලගතුය.
- මෙවර රටටම පවතින පීඩාකාරි තත්වය නිසා සියලුම නැකැත් වල ශුභාශුභ භාවය ගැන එතරම් විශ්වාසද තැබිය නොහැක.
(රටටම සහනයක් උදාවන්නට පටන් ගන්නේ මේ අප්‍රේල් 14 සිටය, මැයි-ජුනි සිට ඊටද වඩා සහනයක් රටටම දැනෙනු ඇත)

● අප සෑම සියලුදෙනාටම ශුභ වෙලාවන් වෙනස්ය. ශුභ දිශාවන් වෙනස්ය. එය සරලව සිතිය යුත්තේ අප කඩයකට ගිය විට තිබෙන සියලු දේ ගන්නවාද සිතීමෙනි....

● බුද්ධිමත් වන්න. මේ ගැන සිතා බලා කටයුතු කරන්න.


#ඉරු

irusewaya@gmail.com.
077 22 38041

ඔබත් මෙවන් සිහින දකිනවාද ?

සිහින දැකීම සාමාන්‍ය දෙයකි. පොදුවේ සිතන කල සිහිනයක් දැකීමේ තේරම් බොහෝ තිබිය හැක.

විද්‍යාත්මකව සිතද්දි සිහිනයකින් පෙනෙන්නේ කාලයක් තිස්සේ සිතේ තිබෙන දෙයක් විය හැක. හෝමෝනමය බලපෑමක්ද සමගින් විටෙක සිහින පෙනිය හැක. උදාහරණයකට, තරුණයෙකු තම පෙම්වතිය සිනාසෙනවා සිහිනයෙන් දැකීම ගත හැක.
නිතර පෙම්වතිය ගැන සිතනවා නම් පෙම්වතිය සතුටින් සිටිනු සිහිනයෙන් පෙනීම සාමාන්‍ය දෙයකි.

අප මෙහිදි විස්තර කරන්නේ අපගේ ක්ෂෙත්‍රය වන ජ්‍යොතිෂ්‍යයට අදාලව, සහ සිහින පලාපල වලට අදාලව යම් ආකාරයකට අධ්‍යාත්මික දියුණුවක් ඇතිව විමසා බලා කෙරෙන සරල විග්‍රහයකි.
- කෙසේ වුවද මේ සියලු කරුණු පොදු ඒවා බව සලකන්න.

● කළු වදුරන්, කළු වාහන, කළු බල්ලන්, කළු හරකුන් සිහිනයෙන් දකින්නේ සෙනසුරු?ශනි ග්‍රහ පීඩා සහ සෙනසුරු ග්‍රහ දෝෂ තිබෙන විටය..

කුමන දෝෂය වුවද එක් එක්කෙනාට බලපාන අයුර වෙනස්ය. එයට හේතු වන්නේ කර්ම ශක්තිය වෙනස් බැවිනි.

● පොදුවේ මෙවන් අකුසල තත්වයන්, ග්‍රහ දෝෂ තත්වයන් තිබෙනවා නම් කල යුත්තේ,
* පින්කම් කර සෙනසුරු ග්‍රහ මණ්ඩලයට පින් අනුමෝදන් කිරීම,
* පින්කම් කර ශ්‍රී විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කිරීම

යන කාරණා 2යි.

● විශේෂ වශයෙන් සෙනසුරාදා දිනයක, බෝධින්වහන්සේ කෙනෙක් අභියස නිල් මල් සහිතව බෝධි පූජාවක් පවත්වා එම පින් ශ්‍රී විෂ්ණු දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට, සියලු බ්‍රහ්ම මණ්ඩලයට පින් අනුමෝදන් කරන්නේ නම් ඉතා වටී !

#ඉරු


irusewaya@gmail.com.
077 22 38041

Saturday, April 9, 2016

ප්‍රධාන දෙවිවරු - මහා බ්‍රහ්ම, විෂ්ණු දෙවියන් සහ ශිව දෙවියන්



දේව කතා පුරාණයේ පරිදි බ්‍රහ්මයා මවන අතර, විෂ්ණු රකියි. ශිව දෙවියන් අධර්මය විනාශ කරයි.

- මිනිසුන්ට වැඩියෙන්ම බලපාන මැද විශ්වය හෙවත් මැද ආකාශ තලයේ මූලිකත්වය සහ ආශිර්වාද කටයුතු වලට මෙම දෙවිවරු 3ගේම බලපෑම ඉතා විශාලය..

● නිවරදිව ප්‍රතිපත්තිය, සීලය රැකගෙන පින්කම් කර දෙවිවරුන්ට අනුමෝදන් කරන්න !
ඔබටද ආශිර්වාද ලැබෙනු ඇත !

Thursday, April 7, 2016

කේන්දරයේ 9 වැන්න


කේන්දර සටහනේ 9 වැන්න අදාල වන්නේ පෙර පින් සහ වාසනාවටයි.

එම කොටුවේ සිටින ග්‍රහයා අනුව ‘පොදු‘ පලාපලයක් මෙසේය.


● රවි 9
ග්‍රහ ලොව පියා සහ නායකයා වන රවි 9 වැන්නේ සිටින්නේ නම්, ඉහල ඉගෙනීමක් ලබයි.
උසස්‌ රැකියාවක උරුම වේ.
පියා බලවත් කෙනෙක්‌ විය යුතුය.
විදේශගත වීමට හැකියාව ඇත. විදේශීය රැකියා ලැබේ. යහපත් විවාහයක් උරුමය වේ.

● සඳු/චන්ද්‍රයා 9
සෞම්‍ය ග්‍රහයෙකු වන සිතිවිලි වලට අධිපති වන සඳු 9 සිටින විට, පෙර කරන ලද පින් ඇති කෙනෙකි. විදේශ ගමන් මෙන්ම විදේශීයව වාසය කිරීමටද වාසනාව ලැබේ. රූපසම්පන්න වේ. යහපත්, ගුණවත් කෙනෙකු ලෙස අන් අයගේ පිලිගැනීමට, පැසසුමට ලක්වේ.
මවට ඉතා සෙනෙහවන්ත විය හැක.

● කුජ/අඟහරු 9
ග්‍රහ ලොව සෙන්පති, මුරණ්ඩු ගති ඇති කුජ 9 සිටින අයට හොඳ අධ්‍යාපනයක් ලැබේ. ආරක්ෂක අංශ වල රැකියා වලට සුදුසුය. බැංකු ක්ෂෙත්‍රය ආදි මූල්‍යමය කටයුතු ආශ්‍රිත රැකියාද ලැබේ.
ඉක්මණ් කෝපයද ආවේගශීලි විමද දැකිය හැක.
විදේශ රටවල වාසය කිරීමටද හැක.

● බුධ 9
ග්‍රහලොව බුද්ධිමතා වන බුද 9 වැන්නේ සිටින විට බොහෝ හොඳ ඉගෙනීමක් ලබයි. උසස් අධ්‍යාපන වාසනාව ඇත. බුද්ධිමත් වේ. අන් අය අතර බුද්ධිය පෙන්වන හොඳ කතා ඇත. දහමට ගරු කරන කෙනෙකි. විදෙස් ගත විය හැක.
යහපත් විවාහයක් හිමිය.

● ගුරු 9
ග්‍රහ ලොව සුරගුරු හෙවත් අවවාද දෙන වැඩිහිටියා 9 වැන්නේ සිටින විට පෙර කරන ලද පින් ඇති කෙනෙකි. අධ්‍යාත්ම ශක්තිය දියුණු කරගත හැක.
සමාජයේ ගෞරවයට පාත්‍ර වේ. වන්දනයට පාත්‍ර වේ. අවවාද දීමට, ගුරුකමට ඉතා හොඳයි. විදේශගත විය හැක. විදේශගතව උසස් රැකියා කල හැක. යහපත් කලණ මිතුරන් ලැබේ. ස්වභාවික ශාන්ත මරණයක් හිමිවේ.

● සිකුරු/ශුක්‍ර 9
ග්‍රහ ලොව හැඩකාරිය සිකුරු 9 සිටින විට, කලා අංශයට දක්ෂ ඒ අංශ වලින් ඉදිරියට යයි. දුර ගමනට බිමනට කැමතිය. දරුවා නිසා දෙමාපියන් දියුණු වේ. විශාල අලංකාර නිවාස වල ජිවත් විය හැක. ඉතාම හොඳ විවාහයක් කරගත හැක. සියලුම ලෞකික සතුට විඳිය හැක.

● ශනි/සෙනසුරු 9
ග්‍රහ ලොව දුක් කරදර ගැන අවබෝධය ලබා දෙන ශනි 9 සිටින විට ආගම දහම පිළිබඳ උසස්‌ දැනුමෙන් යුක්‌තව ලෞකික ජිවිතයට වඩා ලෝකෝත්තර ජිවිතයට කැමති කෙනෙක් වේ. හුදෙකලාව ජිවත් විමට කැමතිය. යහපත් විවාහ දිවියක් උරුමය වේ. අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවිය හැක.

● රාහු 9
වේගය ලබාදෙන කටයුතු අවුල් කරන බවට ප්‍රසිද්ධ රාහු 9 සිටින අයට දේපල ලාභ බොහෝ වේ. බොහෝ දේපල ඇති කෙනෙක් විය හැක. එසේ වුවද විදෙස් ගතව හෝ තම උපන් ගෙයින් බැහැරව දිවි ගෙවන කෙනෙකි. අනිකුත් ග්‍රහයන් යහපත්ව ඇත්නම් ඇත් නම් යහපතින් දිවි ගෙවයි.

● කේතු 9
තම කටයුතු කරගන්නා කේතු 9 සිටින විට,
දේපල ලාභ ලබයි. එසේ වුවද අඩු වයසේ සිටම කරදර වලට මුහුණ පෑ හැක. අධ්‍යාපන කටයුතු වලටද බොහෝ බාධා ඇතිවිය හැක. කෙසේ වුවද අනිකුත් ග්‍රහ පිහිටිම් යහපත් නම් හොඳින් ජිවත් විය හැක.

Iru Astrology

* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
077 22 38041

Wednesday, April 6, 2016

පින්බර සිතුවිලි - 01




සැප කියා සිතන බොහෝ දේ වලින් දුක පැමිණිය හැක...

ඒ පිලිබද අවබෝධයෙන් කටයුතු කිරීමයි කල යුතු වන්නෙ...

#ඉරුසේවය

Iru Astrology

irusewaya@gmail.com
077 22 38041

Monday, April 4, 2016

“ මහා ලක්ෂ්මී දේව මෑණියන් “

විශ්ව පාලක විෂ්ණු දෙවියන්ගේ දේවිය වන මෙතුමිය ධනයට, සෞභාග්‍යයට මූලිකව ආශිර්වාද කරන්නීය.

● ධන ලක්ෂ්මී, මල් ලක්ෂ්මී, නාග ලක්ෂ්මී, ජල ලක්ෂ්මී ලෙස ලක්ෂ්මී දේව මණ්ඩලයද 7 දෙනෙකි.

●මෙහිදි ජනතාව අතර ප්‍රසිද්ධව ඇත්තේ මහා ලක්ෂ්මී මෑණියන් සහ ධන ලක්ෂ්මී මෑණියන් පමණි.

( සමහර අයගේ සිතේ ඇති අදහසක් නම් දෙවිවරු රට රටවලට අයත් බවය. එවැන්නක් නැත. ලෝක පාලක සමස්ත දේව මණ්ඩලයම 1කි, සියලුම දෙවිවරුන්ගේ ආශිර්වාද ශක්තිය සියලු රට වලට පවති )

● විශේෂ වශයෙන් කිව යුත්තේ යම් කෙනෙකුගේ සෞභාග්‍යයට මෙතුමියගේ ආශිර්වාදය ඉතා වැදගත් බවය.

- මහා ලක්ෂ්මී දේව මෑණියන්ද යහපත් අයට ආශිර්වාද කරන පින්වත් දේව මාතාවකි.

ඔබද පින්කම් කර එතුමියට අනුමෝදන් කරන්න !

‪#‎ඉරු‬ Iru Astrology

irusewaya@gmail.com.
077 22 38041

Friday, April 1, 2016

හිතන්න....


ජීවිතය දිනනවා කියන්නේ තරුවක් ලෙස ප්‍රසිද්ධ වීමවත්, දේශපාලනයට පැමිණ ඉහලටම යෑමවත් නොවේ.
කරදර බාධක ඇතිව හෝ නැතිව හොඳින් ජිවිතය ගත කරන්නට ලැබීමම ජිවිතය ජයග්‍රහණයකි.

● ඔබ තීරණය කල යුත්තේ යහපත් ජිවිතයක් ගත කරන්නටය...
ධනය, ප්‍රසිද්ධිය, බලය ලබාගෙන ඉහලටම යමින් එසේ ඉහලට ගිය අතිබහුතරයක් මෙන් සිල් බිඳගෙන, චරිතය දූෂ්‍ය කරගෙන නොදැනම තමන් විනාශ වීම ජයක් ලෙස දැන් පෙනුනද යම් දවසක එය මහා පරාජයක් බව පෙනෙනු ඇත. එය අප ජිවිත අත්දැකීමෙන් දනිමු.
● එවන් මහා බලයෙන්, ජනප්‍රියතාවයෙන් සිට, ජිවිතයේ යම් කාලයකදි ජිවිතය කලකිරි අපටද ඒ බව කියූ දහමේ සැනසීම සෙවූ අය අප දනිමු..

●  දැන් පෙනෙන ධනය-බලය-ප්‍රසිද්ධිය ඇතුළු සියලු හොඳ සෑමකෙනෙක්ටම හැමදාම පවතින්නේ නැත..
එම තත්වයන් ලබාගැනීමට මෙන්ම එම තත්වයන් රැක ගැනීමටද යමෙක් වැරදි කලේ නම් එවන් චරිත ජිවිතයේ කවර කාලයකදී හෝ ඒවාට පසුතැවෙනු ඇත. දිට්ඨධම්ම වේදනීය කර්ම ගැන සැලකූ කල ජිවිත කාලයේ කල කී දෑ වලින් 20%ක්වත් හොඳ හෝ නරකට විඳින්නට සිදුවේ.

● එනිසා යමෙකුගේ මේ කාලයේ පින හොදට ඇති නිසා එවන් අය පව්කම්, වැරදි කරන නිසා එම තත්ව වල සිටියා කියා, ඔබ/අපද එවන් තත්වයකට වැටීම හොඳ නැත.

- වයස 20දි මෙන්ම වයස 60-70දීද මම ජිවිතය හොඳට ගත කලා, සැනසීමෙන් - සැහැල්ලුවෙන් - සතුටින් හිටියා යන්න කියන්නට හැකියාව ලැබේ නම්....,

ඔබ ජනප්‍රිය නළුවෙක්, තරුවක්, දේශපාලකයෙක් නොවුනාට කමක් නැත...
ඔබ ජිවිතය යහපත්ව ගත කර සැනසීමෙන් සිටින බැවිනි !

#සිතන්න #වැඩ කරන්න !

(අත්දැකීම් පාදක කාරණය - අතිබහුතරය ජනප්‍රිය වන්නට කැමති සේම ජනප්‍රිය අයගේ සෑමදෙයක්ම සෙවීමට පුදුම කැමැත්තක් දක්වති. ඔවුන්ටද එවන් තත්වයට ඒමට යටි සිතේ පුදුම කැමැත්තක් ඇත. එහි වරදක් නැත. නමුත් ජිවිතයේ නියම ජයග්‍රහණය තිබෙන්නෙ නිවරදිව ජිවිත් වූවා කියන තැන පමණි )


#ඉරු

irusewaya@gmail.com
077 22 38041