Showing posts with label පරික්ෂා කල කේන්දර වලි තිබුනු විශේෂිත දෑ. Show all posts
Showing posts with label පරික්ෂා කල කේන්දර වලි තිබුනු විශේෂිත දෑ. Show all posts

Saturday, December 27, 2025

  අතිබහුතරයක් කේන්දරය පරික්ෂා කරගන්නේ තමන්ට කරදර සිදුවෙද්දීය.

නමුත් බුද්ධිමත්ව කල යුත්තේ නිසි ලෙස කලින් කලට කේන්දර සටහන පරික්ෂා කරවාගෙන අදාල අනාවැකි/පලාපල ගැන බුද්ධිගෝචරව කටයුතු කිරීමය. 

මේ එවන් දියණියකි. මේ කාලයේ ඇයගේ ජිවිතයේ හොදම කාලය ගත වෙයි. 

( ඇයට ලබාදුන් කේන්දර සටහන් විස්තරයෙනි)


දැන් ඔබට ගත වන්නේ සිකුරු මහ දසාවය.

සිකුරු, ඔබගේ කේන්දරය අනුව ඔබට සුභදායි ලෙස පිහිටා ඇති අතර, දෝෂ හෝ අයහපත් දෘෂ්ටි යෙදී නැත. 

  මීට පෙර පැවති කාලයන්ට වඩා ඉතාම යහපත් කාලයක් ඔබට ගත වෙයි.

විදේශගතවීමට, විදේශගත රැකියා / ආදායම් මාර්ග ලැබීමට, විදේශගත අධ්‍යාපනය මෙන්ම විදේශගත පදිංචියත් ලැබෙන්නට වාසනාව තිබෙන කාලයකි. 

2026 වසර ඔබට කේන්දරය අනුව බලන කල බොහෝ මංගල යෝගද ඇතිවන කාලයකි.

2026 වසරේ ප්‍රේම සබදතාවයක් ඇතිවිමටත්, 2027-28 වසර වලදී විවාහයටත් වැඩි ඉඩක් පවතී.

සිකුරු මහ දසාව ඔබට ගතවන යහපත්ම කාලය වන අතර, මේ කාලයෙන් නිසි ඵල නෙලා ගැනීමට ඔබ විසින්ද කැපවීමෙන් කටයුතු කල යුතුය. අනුව ඔබට සුඛෝපභෝගි වාසනාවන්ත ජිවිතයක් ගත කිරිමට හැකියාව ලැබෙනු ඇත. 

( වරස කීපයට පෙර ඔබට පැවති ඒරාෂ්ටක අපල තත්වය ගෙවී අවසන් වී ඇත) 


Iru Sewaya  

071 383 5369

(WhatsApp)

#srilanka


  #galle #kandy #gampaha


Friday, November 6, 2015

ව්‍යාජ ජෝතිර්වේදින්ගෙන් පරිස්සම් වනු !

මෙම කේන්දරය හිමි තැනැත්තිය ඉතාම මෑතක අපගෙන් කේන්දර පරික්ෂා කරගත්තාය.

ප්‍රසිද්ධ කේන්දර බලන කෙනෙක් මේ කේන්දරය ගැන
ඇහුවාම, තමන්ගේ දන්න කෙනෙක් කියල, මේ කේන්දරය
හිමි තැනැත්තිය බොහෝම නරක කෙනෙක්, මුදල්
වෙනුවෙන් පිරිමින්ට නැමෙන කෙනෙක් වගේ ඉතාම අප්‍රසන්න සහගත විදියෙ කතා කියල තිබෙනව.

● මේ කේන්දරය හිමි තැනැත්තිය, වැදගත් පවුලක
ඉපදුනු, හොඳ දෙමාපියන් ඉන්න, හොඳ ගරු කටයුතු රස්සා
කරන සහෝදරයො ඉන්න ඒවගේම තමනුත් ලොකු
සමාගමක වගකිවයුතු විධායක ශ්‍රේණියෙ රස්සාවක් කරන
කෙනෙක්.

ඉතින් ජ්‍යොතිෂ්‍යය දන්නව කියන අයත් මෙහෙමයි නම් ඉතින් මේ ශාස්ත්‍රය ගැන අපට ඇතිවන්නෙ බියක්.

● මෙම කේන්දරයේ ග්‍රහ පිහිටිම අනුව,
රාහු සිකුරු 1 වැන්නේද, සෙනසුරු 2 වැන්නේද , රවි බුධ 3 වැන්නේද , 6 වැන්නේ චන්ද්‍රයාද, 7 ගුරු-කේතුද ,9 වැන්නේ කුජද පිහිටා ඇත.

● රාහු සිකුරු ලග්න භාවයේ සිටිම තුල හොද රූමත් කෙනෙක්.

● 3 වැන්නේ රවි - බුධ යෝගයක් තියෙනව. ඒකියන්නෙ හොද උගත්කමක් තියෙනව.
රවි - බුධ බලවත්ව වික්‍රමස්ථානයේ ඉන්න කෙනෙක්, තමන්ගේ බලපරාක්‍රමය උගත්කම එක්ක තමයි විහිදුවන්නෙ. එහෙම කෙනෙක්ට නරක ලක්ෂණ ඇතිවෙන්න ඉඩ බොහෝම අඩුයි.
- ගණිකාවක් වගේ හිතුවොත් ඒ තත්වයට වැටෙන්න මූලික
හේතුව වෙන්නෙ තමන්ගෙ ආර්ථික දුර්වලතාවය.

● උගත්කමක් හොදට තියෙන කෙනෙක් ලේසියට ඒ පැත්තට
යන්නෙ නැහැ.

● ගුරු 7 වැන්නේ සිටිම තුල,
කීමටත් කියනවා එහෙම අයගේ
චරිතය පොදුවේ කිව්වත් කියන්නේ චරිතවත් අය කියල. හතර
කේනද්රයේ තැනක ගුරු සිටිම තුලම ඒක කියතෑකි.

● ඒවගේම මීන ලග්නයේ යෝගකාරකයා කුජ.
කුජ 9 බලවත්වීම තුල 9 වැන්නේ සිටිම තුලත් ඒ කෙනාගේ
පෞරුෂය සහ ආත්ම ශක්තිය බොහෝම හොදයි. එහෙම
කෙනෙක් අර වගේ තත්වයකට යොමුවෙන්න ඉඩ අඩුයි.

මගෙන් ඇහුවා, ඇත්තටම මහත්තයා මට මෙහෙම කිව්වා
කේන්දරය බලල කිව්ව. මෙහෙම දෙයක් තියෙනවද කියල..
මේ කාරණා පිලිවෙලට විස්තර කරද්දි ඒ ගෑණු ළමයා දුකට
පත්වෙලා ඇඬුම් ආවා.

** අප මේ කෙටියෙන් දළව කිව්වත්, සූක්ෂම පරික්ෂාව අනුව බැලුවමත් මේ කේන්දරයේ ගැටළුවක් නැහැ.

කේන්දර දන්නවා කියල හිතාගෙන පොතක් 2ක් කියවලා මාධ්‍යයට ගිහිල්ලා, එක්කො ප්‍රේත - භූත කොටස් ගෙන්නගෙන සංදර්ශන කරන අය, වෙනත් අදහස් වලින් මේ ශාස්ත්‍රය කරන අයට යම් කාලයක් වැජඹෙන්න පුලුවන් වේවි.

හැබැයි හැමදාටම බැහැ. මේවගේ බොරු විතරක් නෙමෙයි, කෙනෙක් හිත නරක් කරන, මානසිකව වට්ටන බොරුකාර දේවල් කීම තුල නොදැනුවත්වම බරපතල අකුසල් සිද්ධ කරගන්නවා ඒ කියන වංචාකාරි අය.

* ඍෂිවරුන්වහන්සේලා අපට මේ ශාස්ත්‍රය දුන්නෙ ජනතාවගේ යහපතට යොදවන්න.
කර්ම ශක්තියේ ඇති දුර්වලතා කියල දිලා දුර්වල අයට හොද කරන්න, හොද අයට තව හොද වෙන්න කියල දෙන්නයි...

බුදු සරණයි !

Tuesday, March 10, 2015

පරික්ෂා කල වාසනාවන්ත හඳහනක් !



මුහුණු පොතේ ජේ‍යාතිෂ්‍යය සම්බන්ධයෙන් හෙවත් ජ්‍යොතිෂ් ශාස්ත්‍රයේ නමින් අප එදා මෙදා තුර පලකල විවිධ කරුණු කාරණා සම්බන්ධව ඇති ජ්‍යොතිෂ්‍යයේ බලපෑම විවිධ වූ කේන්දර තුලින් අප මීට ප්‍රථම සදහන් කොට ඇත්තෙමු. එනම් විවිධ කේන්ද්‍ර සම්බන්ධව ඇති හරබර ලිපි පල කිරිමෙන් ඔබට දැනුම සැපයීමට අප උනන්දු වී සිටින්නෙමු.
අද ඔබට ඉදිරිපත් කරන්නේ, අප සේවයෙන්ම කේන්දරය පරික්ෂා කරගත් පින්වත් පුතණුවෙකුගේ කේන්ද්‍රයයි.
එනම් අද අප කතා කරන මේ කේන්දරයේ හිමිකාරිත්වය දරන පුතු 1990 සැප්තැම්බර් මස 8 වන දින එලිවන්නට ඉපිද ඇත.

●   උප්පත්ති කේන්දරය පරික්ෂා කිරිමෙදි සඳු හිමි කටක ලග්නයෙන් හා සෙනසුරුට හිමි වු කුම්භ නවාංශකයෙන් එසේම බුධට හිමිවූ රේවතී නැකතෙන් උප්පත්තිය ලබා ඇත.
මෙම කේන්දරයේ හැටියට ලග්න භාවයේ ගුරු-කේතුද 2 වැනි භාවයේ රවි-බුධ-සිකුරුද, 6 වැන්නේ සෙනසුරුද, 7 වැන්නේ රාහුද, 9 වැන්නේ චන්ද්‍රයාද, 11 වැන්නේ කුජ ද පිහිටා ඇත.

●   බලගතු යෝග 2ක් බැලු බැල්මට මේ කේන්දරයේ පිහිටා ඇත. ලග්නයේ ගුරු/බ්‍රහස්පති උච්ච වීමෙන් ගුරු හංස යෝගය නම් පංච මහා පුරුෂ යෝගය පිහිටා ඇත.
(https://www.facebook.com/irusewaya/photos/a./981737555176657/?type=)
පොදුවේ ගුරු හංස යෝගය ඇති අය යහපත් මනාව වැඩුනු සිරුරක් හිමිය. දියුණුවට කැමති දියුණුව ලබන කෙනෙකි. ධනය, ගෞරවය, නුවණ, කීර්තිය ලබනු ඇත. දීර්ඝායුෂ ලැබේ. අනුකම්පා සහගත කෙනෙකි. අනාගතය පෙනේ. අන් අතර ප්‍රසිද්ධ කෙනෙකි. තමාට වඩා තත්වයෙන් පහත් අයට පවා කරුණාවන්ත අය වෙති. * ගුරු 1 වැන්නේ උච්ච වීම මත ජයසිඳු යෝගයද හිමි අතර, ගුරු 1 වැන්නේ පිහිටිම අරිටු දෝෂ භංග කරන පිහිටිමකි.
(https://www.facebook.com/photo.php?fbid=182679515260394&set=)

●   එසේම ප්‍රබල පරිවර්ථනයක් වන පරිවර්ථන යෝගයක් වන ලග්නය/1 හා 9 වැන්න පරිවර්ථනය වී තිබේ.
එනම් ලග්නාධිපති සඳු ග්‍රහයා 9 වැන්නේත්, 9 වැන්නාධිපති ලග්නයේත්/1 ඇත.

පවුලට එකම දරුවා වශයෙන් 1990 සැප්තැම්බර් මස 8 වනදා උපත ලැබූ මෙම දරුවා, මේ දරුවාගේ කේන්දරයේ පිහිටා ඇති යෝග අනුවම ඉතාම ගුණ යහපත් දරුවෙකි. මෙම දරුවාගේ ගුණ යහපත්කම කෙසේද පැවසුවහොත් අන් අයට උදව් පදව් කිරිමටත්, එසේම දුකට පත්වු සියලුදෙනා වෙනුවෙන් යම්කිසි දෙයක් කිරිමටත් මැලි නොවන කෙනෙකි. ඒ ගුණයහපත්කම උප්පත්තියෙන්ම පිහිටා ඇත.

●   ගුරු-කේතු යෝගය 1 වැන්නේ/ලග්නයේ පිහිටා ඇති බැවින්, තීක්ෂණ බුද්ධියක් සහ විශේෂයෙන්ම සමාජයේ සියලුම අයට කාරුණිකත්වයක් පෙන්නුම් කරයි.
තවද ගුරු ග්‍රහයා ලග්න භාවයේ පිහිටා රාහුගේ දෘෂ්ඨ ලැබීමත්, චන්ද්‍රයාගේ දෘෂ්ඨි ලැබීමත් හේතු කරගෙන අඩි 6කට ආසන්න උසකට හිමිකම් කියයි.

●   එසේම රවි-බුධ-සිකුරු යෝගය 2 වැන්නේ පිහිටිම නිසා මනා පෞරුෂයක්, ප්‍රිය මනාප මුහුණ කටක් සමග උප්පත්තිය ලබා ඇත. එසේම සිකුරුගේ හා ගුරුගේ බලපෑම නිසා මේ කුමරුවා ඉතාම කාරුණික වූ අදහස් උදහස් ඇති බොහෝසෙයින් හොද වචන කතා කරන කෙනෙකි.
 ස්වක්ෂෙත්‍ර බලයෙන් සිටින නිසා රවිගේ බලය වැඩි අතර, රවි සිංහයේ ධෛර්යමත් කෙනෙකි. දියුණුවීමට කැමති තම ආත්ම ගරුත්වය රැකගන්නා කෙනෙකි. ක්‍රියාවෙන් උසස්ය. කරුණාවන්තය. පාලන කටයුතු වලට සුදුසු කෙනෙකි.
* රවිගේ ස්වක්ෂෙත්‍ර වීමෙන්, “උපේන්ද්‍රා යෝගය“ යෙදී ඇත.
(
https://www.facebook.com/photo.php?fbid=137175209810825&set=)
* බුධ වක්‍ර වුවද මිත්‍රව නිසා
ධනවත් විය හැක. බ්‍රෝකර් වැඩ, කොමිස් ලැබෙන වැඩ, හුවමාරු කටයුතු, පිටරටින් බඩු ගෙනෙන වෙළදාම් ආදියෙන් ලාභ ඉපයිය හැක.
* සිකුරු සතුරු වුවද අනිකුත් ග්‍රහයන්ගේ බලය නිසා ගැටළු අවම වන අතර 2වැන්නට සිකුරු යහපත් ග්‍රහයෙකි. සිකුරුගේ බලය නිසා වියදම් අධික විය හැක. 
●  එසේම සෙනසුරු/ශනි ග්‍රහයා 6වැන්නේ පිහිටා සිටින බැවින් ඕනම සතුරු උපද්‍රවයකට/කරදරයකට මනාව ඔරොත්තු දෙන කෙනෙකි. මා මේ දරුවාට අවවාද කරන්නේ නොදන්නා ස්ථාන වලදි සතුරු පාර්ශව සමග ඉදිරියෙදි ගනුදෙනු කිරිමට සිදුවුවොත් එම කාලයෙදි සැකසහිත අය දෙන ආහාර-පාන අනුභවයෙන් වැලකී සිටින්න කියාය. නොසිතු වීරු දියුණුවක් ලැබෙන පිහිටිමකි. දාර්ශනික ආගමික ඥානය ඇති ඍජු නිර්භීත කෙනෙකි. මහජන සේවයට කැමතිය. දුර පෙනේ.
 එසේම තවත් කාරණාවක් නම් උදරාබාධ, එසේම බඩේ අසනීප, අජීර්ණ වැළදීමට ඉඩ ඇති බැවින් ඒවායින් ආරක්ෂා විය යුතුයි.
● රාහු 7 වැන්නේ සිටින නිසා, විවාහ ජිවිතය ඉදිරියෙදි ගත කිරිමේදි ඇතිවිය හැකි ප්‍රශ්න සහ ගැටළු වලදි ඉතාම බුද්ධියට ඉඩ දී කටයුතු කිරීම වටී. ගුරුගේ දෘෂ්ඨිය නිසා රාහුගේ අපල තත්වයන් බොහෝ සමනය වනු ඇත.
තමන්ගෙ අදහස් උදහස් වලට ගැලපෙන යහපත් සහකාරියක, කේන්ද්‍ර මැනවින් ගලපා විවාහ වීම තුලින් අනවශ්‍ය ගැටළු ඇති නොවනු ඇත.

●  සඳු/චන්ද්‍රයා 9 වැන්නේ තැන්පත් වීම තුල පෙරපින් අධික වූ කෙනෙකි. එමනිසා දිවියේ ඉදිරියට යන්ට යන්ට දියුණු වන්නේ ඉතාම සීග්‍රගාමීවය. මගේ ජ්‍යොතිෂ්‍යය අනාවැකියේ හැටියට මෙම කුමරුවා පිනට දහමට නැඹුරුව ආධ්‍යාත්මික, ලෞකික මාවත් 2ට මැදිව ඉතාම වාසනාවන්ත ගමනක් දිවි මගේ පියමන් කරන බවයි. ආගමික භක්තිය ඇති වැඩිහිටියන්ට ගරු කරන කෙනෙකි. විදෙස් ගතවීමේ භාග්‍යය ඇති පිහිටිමකි.
 *● එසේම මේ කුමරුගේ පිහිටා තිබෙන තවත් එක් ලක්ෂණයක් ඔබහට සදහන් කරමි.
ඉතාම සංවේදි මානසිකත්වයක් ඇතිමෙ දරුවා සියලුදෙනාට ආදර ගෞරවයෙන් සලකයි. එසේම අයුක්තිය අසාධාරණයෙදි ඒ වෙනුවෙන් සටන් කිරිමට තමාගේ ජිවිතය පවා පරදුවට තැබීමට ලෑස්තිය.
මෙම තත්වය පිහිටා තිබෙන්නේ අඟහරු/කුජ ග්‍රහයා 11 වැන්නේ පිහිටා සිටිම නිසාය.
කුජගේ බලපෑම නිසා සාධාරණ හේතු මත ගැටුමකට යෑමට වුවද කිසිවිටෙක නොපැකිලෙන ගති තිබේ. අපගේ උපදේශය නම් එවන් කටයුතු වලදි වඩා බුද්ධියෙන් සිතා බලා කටයුතු කරන ලෙසයි.
ලග්නයට බලගතු අගහරු 11 වැන්නේ තැන්පත් වීම නිසා සමාජය ආශ්‍රය කිරිමේදි බොහෝම ප්‍රවේසමෙන් ආශ්‍රය කිරිමට මෙම කුමරු වගබලා ගනී. එනම් නරක මිත්‍රයන් හා පාප මිත්‍රයන් ප්‍රහානය කොට සත්පුරුෂයන් ලංකර ගැනීමෙන් මෙම දරුවා තමාගේ සමාජ වටපිටාව සුද්ධ බුද්ද කරගනී.
මුදල් හම්බකිරිමට දක්ෂ ව්‍යාපාරික කටයුතු වලට වඩා යෝගය පිහිටිමකි එය.
٠ එසේ සමස්තයක් වශයෙන් බැලීමේදි දැනට ගත කරන්නේ සිකුරු මහ දසාවේ, බුධ අතුරු දසාවයි.

* දැනට හොද කාලයක් ගත කරන මෙම කුමරු විදේශ රැකියාවක නියුතුව සිටී. පසුගිය කාලයේදි ඇති කලාවූ(සෙනසුරු අතුරු දසාවේ) සෙනසුරුගේ උපද්‍රව හේතුවෙන් කිසියම් ආකාරයකට පීඩාවක් අත්විඳී මේ කුමරු දැනට හොද තත්වයක සිටී.

● ඉදිරියට ලබන රවි, චන්ද්‍ර, කුජ මහ දසා එනම් අවුරුදු 23ක වැනි කාලයක මෙම කුමරුට දියුණුව සහ අභිවෘද්ධිය සලසා දෙනු ඇත.

ව්‍යාපාරික ඥානය සහ සමාජය සමග යහපත් ගනුදෙනු කිරීමට හැකි නිසා ගොඩනැගිලි ඉදිකිරිමේ ක්සෙත්‍රය, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙලදාම් ආදි ව්‍යාපාරික කටයුතුද, ආහාර පාන සහ භූමිය සම්බන්ධ වෙළදාම්ද ගැලපේ.
එසේම සියලුම ආකාරයටම මෙම කුමරුට සෙත සැලසෙනුද ඇත. මෙම පුතණුවන්ගේ ජිවිතය වාසනාවන්ත වේවායි සුභ පැතුම් එක් කරමින් කේන්ද්‍ර විග්‍රහය අවසන් කරමි.

සැ.යු. පෞද්ගලිකත්වයට යම් බලපෑම් ඇති වේයැයි අවදානයක් ඇති නිසා මෙම කේන්දරයේ ඇති සමහර වැදගත් කරුණු එළි නොකිරිමට වගබලා ගත්තෙමු.

තෙරුවන් සරණයි !