Showing posts with label Video. Show all posts
Showing posts with label Video. Show all posts

Sunday, August 26, 2018

නැකැත් 27ට අයත් ගැහැණු ළමුන්ගේ ලක්ෂණ

( මුල් නැකැත් 9 - අස්විද සිට අස්ලිස දක්වා )

මෙලොවට බිහිවන කුඩා දැරිවියක්, තරුණියක්, මවක්, සහෝදරියක් ආදි නොයෙක් පදවි ලබමින් ජිවිතයේ ගමන් කරයි. 
විශේෂයෙන් මෙය පිරිමි පාර්ශවයට ඉතාම වැදගත් ලිපියකි. 

විශේෂ වශයෙන්ම එම ලග්න වලට අදාල චරිත ලක්ෂණ විශේෂතා .

Saturday, August 18, 2018

කරණීයමෙත්ත සූත්‍රය සමග මෛත්‍රිය වඩමු !

( විවේකීව නිදහසේ අහන්න - අරුත වටහා ගන්න - මේ අයුරින් මෛත්‍රිය වඩන්න )

බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ සියලු සත්වයන්ට මෛත්‍රී වැඩීමේ වටිනාකම පහදා දීමටයි. මෙම සූත්‍රය ආරක්‌ෂාවට කියන පිරිතක්‌ මෙන්ම භාවනා කර්මස්‌ථානයක්‌ වශයෙනුත් හැඳින්විය හැකියි.
සියලු කල්හි ආරක්ෂාව සැලසෙන බැවින් බෞද්ධ-අබෞද්ධ සියලුදෙනාට භාවිත කල හැකි පිරිත් රත්නයකි.

1) කරණීය මෙත්ත කුසලෙන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කො උජූ ච සූජූ ච
සුවචො චස්ස මුදු අනතිමානි
(ශාන්ත තත්වයට පැමිණීමට කැමති කෙනා කල යුත්තේ කුමක්ද ?
දක්ෂයා එය කටයුතු කල යුතුය. සමර්ථ විය යුතු අතර, අවංක, කීකරු, මුදු, නිහතමානි ගතිගුණ වලින් යුක්ත විය යුතුය.)

2)
සන්තුස්සකො ච සුභරො ච
අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියො ච නිපකො ච
අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

(සිතේ සතුට ඇත්තෙක් වන්නෙය. පහසුවෙන් පෝෂණය කල හැකි කෙනෙක් වේ. කටයුතු ස්වල්පයක් ඇති අයෙක් වේ. සැහැල්ලු ගති ඇති, සන්සුන් ඉඳුරන් ඇත්තෙක් වේ. ප්‍රඥාවන්ත වේ. හැඩි දැඩි නොවේ, කුලයන්හි නොඇලේ)

3)
නච ඛුද්ධං සමාචරේ කිඤ්චි
යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං
සුඛිනො වා ඛෙමිනො හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

(නුවණ ඇති අය විසින් නින්දා කරන කුඩා වරදක් පවා නොකරන්නෙය. සියලු සත්වයන් භය නැත්තෝ වේවා. සියලු සත්වයන් සුවයෙන් පිරුණු සිත් ඇති අය වේවා)

4)
යෙ කෙචි පාණ භූතත්ථි
තසා වා ථාවරා වා අනවසෙසා
දීඝා වා යෙ මහන්තා වා
මජ්ඣිමා රස්සඛාණුකථූලා

(කෙලෙස් සහිත සත්වයෝද, කෙලෙස් රහිත සත්වයෝද යන සියලු ප්‍රාණ භූත සත්ව කෙනෙක් වෙ දික්වූ හෝ මහත්වු හෝ මධ්‍යම හෝ කුඩා සිරුරක් අත්තාවූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වූ සත්වයෝ වෙත්ද)

5)
දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
යෙච දූරෙ වසන්ති අවිදූරෙ
භූතා වා සම්භවෙසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

(ඇසට පේන්නාවු හෝ නොපෙන්නාවු සත්වයෝ වෙත්ද, සත්ව කෙනෙක් දුර හෝ ලග සිටිද, උපන්නාවු සත්ව කෙනෙක් වෙත්ද, ඉපදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත්ද)

6)
නපරො පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි
ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය

(වෙන කෙනෙක් නොරවටන්නේය. කිසිතැනක අන්අයට අවමන් නොකරන්නේය. කය-වචනය 2න් කරන දෝෂාරෝපණ, සිතින් කරන ක්‍රෝධයෙන්ද ඇතිවන දුක් නොකැමති වන්නේය.)

7)
මාතා යථා නියං පුත්තං
ආයුසා එක පුත්ත මනුරක්ඛෙ
එවම්පි සබ්බභූතෙසු
මානසං භාවයෙ අපරිමානං

(මවක් තම පුතා රකින්නා සේ සියලු සතුන් කෙරේ මෛත්‍රි සිත වඩන්නේය.)

😎
මෙත්තං ච සබ්බලොකස්මිං
මානසං භාවයෙ අපරිමානං
උද්ධං අධො ච තිරියඤ්ච
අසම්බාධං අවෙරං අසපත්තං

( පමණ රහිත, පීඩා රහිත වෛර චේතනා රහිත වූ, සතුරන්ට රහිත වූ මෛත්‍රියද උඩ යට සරස යන සියලු ලෝකයෙහි වඩන්නේ්ය.)

9)
තිට්ඨං චරං නිසින්නෝ වා
සයානො වා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු

(මෛත්‍රිය සිටගෙන සිටින විට, ගමන් යන විට, හිඳගෙන සිටින විට හෝ නිදමින් සිටින විට නොනිදා සිටිනතාක්කල් වඩන්නේය.)

10)
දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නො
කාමෙසු විනෙය්‍ය ගෙධං
නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති

( මිථ්‍යාදෘෂ්ටියට පත් නොවි, සේවාන් මාර්ග ඥාන දර්ශනයෙන් යුතුවී වස්තු වලට ගිජුබව/ක්ලේශකාමය, සකෘදාගාමි, අනාගාමි මාර්ග 2න් ප්‍රහීන කොට ඒකාන්තයෙන් මව්කුස පිලිසිද ගැනිමට නැවත නොපැමිනෙන්ය)

#ඉරු

irusewaya@gmail.com

Wednesday, July 12, 2017

චූල ජිනපඤ්ජර යන්ත්‍රය සෑදිමේ අවස්ථා කීපයක් - Choola Jinapanjara Yantra Making

චූල ජිනපඤ්ජර යන්ත්‍රය භාවිත වන්නේ විවාහ දෝෂයන්ට පිලියමක් වශයෙනි.

මෙහිදී අදාල ලෙස කේන්දරය මුලින්ම සූක්ෂමව බලා ඊට අනුව සුභ නැකැත්, ජප සංඛ්‍යාව, අවශ්‍ය කරන බඩුබාහිරාදිය මෙන්ම ජප කාලය යනාදි බොහෝ කරුණු තීරණය කරයි.

සිල්වත් ගුණවත් කෙනෙක් විසින් මෙම යන්ත්‍රය කිරීම අනිවාර්ය වෙයි.

(කලබලයට මෙම යන්ත්‍රය කල නොහැක)

Thursday, July 6, 2017

විවාහය සම්බන්ධව “පොරොන්දම්“ ගැලපුනාම ඇතිද ?

සාමාන්‍ය විදියට පොරොන්දම් පරික්ෂාවක් විවාහයට අදාලව කරනවා. පොරොන්දම් කල විට පොරොන්දම් 20ම ගැලපෙනවා නම් විවාහයට ගැලපෙන බව තීරණය කරන එක සමහර ජ්‍යොතීර්වේදීන් කරන වරදකි.

පොරොන්දම් 20 පමණක් නොව කේන්දර ගැලපීමද සලකා බැලිය යුතුය.

එතකොට මොන ග්‍රහ පිහිටිම් ගැනද සලකා බලන්න ඕන ?

● සාමාන්‍ය විදියට රවි ග්‍රහයා ආත්ම කාරක ග්‍රහයා වෙනවා. ඒ කියන්නේ කෙනෙක්ගෙ ධෛර්යය කියවෙන්නෙ රවිගෙන් වැඩිපුරම.

● ඒවගේම සිතිවිලි සම්බන්ධව මූලික වෙන්නේ චන්ද්‍ර/ සදු..

- මේ දෙදෙනා සම්බන්ධව මූලික වෙයි.

● ආත්ම ශක්තිය ගැන කියවෙද්දි, ශනි/ සෙනසුරු

● කායික ශක්තිය ගැන බලද්දි - කුජ/ අඟහරු

විවාහයට සම්බන්ධ යෝග තිබෙනවා. ඒ යෝගද තිබේදැයි බැලිය යුතුය.

● ශනි - මංගල යෝගය  (මෙයට ගැලපෙන යෝග 6ක් තිබේ. එය සූක්ෂමව අංශක අනුවද, ග්‍රහ දෘෂ්ටි යනාදිය අනුව බැලිය යුතුය)

Saturday, June 24, 2017

ග්‍රහ ගෝචරය යනු කුමක්ද ?

ග්‍රහ ගෝචරය කියන්නෙ මොකක්ද ?

ග්‍රහයෙක් එක රාශියක් තුල ගමන් කිරීමට ගත වන කාලය ග්‍රහ ගෝචරය  වෙනව.
එක ග්‍රහයෙක්ගෙන් තවත් ග්‍රහයෙක්ට ගෝචරය වෙන්න යන කාලයන් වෙනස්.

● සඳු/ චන්ද්‍රයා ග්‍රහයා තමයි ගෝචර වීමෙදි අඩුම කාලයක් ගත වන ග්‍රහයා.
සඳුට ගෝචරයට ගත වෙන්නෙ දින 2 හමාරක් වගේ කාලයක්.

● රවි ග්‍රහයා ගෝචර වෙන්න මාස 01 පමණ කාලයක්.

● බුධ, කුජ/ අඟහරු, සිකුරු/ ශුක්‍ර ග්‍රහයන්ට සාමාන්‍ය විදියට ගෝචර වෙන්න මාස 01 හමාරක්  පමණ කාලයක් ගත වෙනව.

● ගුරු/ බ්‍රහස්පතී ග්‍රහයාගේ ගෝචරයට ගත වෙනවා අවුරුදු 01ක් ගත වෙනව.

● රාහු - කේතු කියන ඡායා ග්‍රහයන්ට ගෝචරයට අවු 01 හමාරක කාලයක් ගත වෙනවා.

● ශනි/ සෙනසුරුට ගෝචරයට සාමාන්‍ය විදියට අවුරුදු 02 හමාරක් ගත වෙනවා.
ශනි තමයි වැඩිම කාලයක් ගත කරන්නෙ.


* ගෝචර ගමන තමයි අපි කේන්දර වල පලාපල කථනයෙදි උපයෝගි කරගන්නෙ..

Wednesday, January 25, 2017

ජ්‍යොතිෂ්‍යය මුල සිට පැහැදිලි කිරීම - 01



ඉරු සේවයෙ ප්‍රධාන ජ්‍යොතිර්වේදීතුමාගේ අදහස පරිදි මුල සිට කේන්දර සටහන ගැන කරන පැහැදිලි කිරීම.

* කේන්දරයේ කොටු 12 ගැන පොදුවේ.

පොදුවේ,

2 වැන්නේ ගුරු සිටිම ධනය නිතර ලැබෙන පිහිටිමකි.
2 වැන්නේ චන්ද්‍ර/ සදු සිටිම සඳවන් මුහුණක් ලැබෙන්නකි.
2 වැන්නේ බුධ සිටිම චතුර කථිකත්වය ඇති කරයි.

9 වැන්නේ ගුරු - චන්ද්‍ර සිටිම පෙර පින ඇති බව කියවෙයි.

යනාදි වශයෙනි.


@irusewaya@gmail.com
+94 772238041

Tuesday, February 23, 2016

නියම ජ්‍යෝතීර්වේදියා හඳුනා ගන්නේ කෙසේද ... ?

පාඨමාලා හෝ යම් ඉගෙනීමක් කල සැණින්ම තමන් ජ්‍යොතිෂ්‍යවේදියෙක් කියල පුද්ගලයෙක්ගෙ කේන්දරය නිවරදිව කියන්න අපහසුයි.

Saturday, January 30, 2016

හදිසියේ ඇතිවන කාම රැළි, ළමා අපචාර ආදියට හේතුවන කරුණු මොනවාද ?

ග්‍රහචාරය අනුව කුජ සහ සිකුරුගේ දුබල බවද, බුධගේ සංයෝගයන් යනාදියද ඇතුලත්ව රටේ ඇතිවුනු කැළඹිලි සහගත අපරාධ ගැන ජ්‍යොතිෂ්‍යමය විවරණයක්.
2015 සැප්තැම්බර් 01 වනදා ලංකා කේන්දරයේ ග්‍රහ ගෝචරය අනුව විග්‍රහයක් ඇතුලත්ව සකසා ඇත.