Friday, March 30, 2018

“ ශිව වටුක යන්ත්‍රය “

මෙය සියලු දෝෂ - බාධක යනාදිය දුරු වීම පිණිස නිවසේ තබන යන්ත්‍රයකි.
විශේෂයෙන් නිවැසියන් සියලුදෙනාගේ කර්ම ශක්තිය මනාව පරික්ෂා කර බලා ඒ අනුව සුභ නැකැත් යනාදිය සකසා, නිසි ජප පූර්ණය කර නිසි ආරක්ෂාව සහිතව කල යුත්තකි.
මෙයට විශේෂයෙන් පූජා භාණ්ඩ මෙන්ම බොහෝ වත් පිලිවෙත් ඇත. ඒවාද නිසි ලෙසම කල යුතුමය.


#ඉරු >> Iru Sewaya

077 238041
irusewaya@gmail.com

Thursday, March 29, 2018

තමන්ට ගතවන කාලය කෙතරම් හොඳ වුවත් ඒ වෙනුවෙන් කැප නොවන්නේ නම් එම හොඳ කාලයේ ප්‍රතිඵල ලබාගත නොහැකි වනු ඇත.
කේන්දර සටහනේ කුමන රාජ යෝග තිබුනත් ඒ ඒ කාල වලදි හැසිරිය යුතු ක්‍රමවිධි, නොතිබෙන කෙනෙක් නම් තමා යායුතු තත්වයට යාගැනීමට නොහැකි වනු ඇත.
එනිසා අද හොඳ බව සිතා කටයුතු කරන්න. මේ කාලය අපල නම් මහන්සි වන්න. තව තවත් මහන්සි වන්න.
මේ කාලය හොද නම් ඒත් මහන්සි වන්න. එම මහන්සියේ කැපවීමේ ප්‍රතිඵල ඔබට ලැබෙනු නිසැකය.

Sunday, March 25, 2018

“ සතියේ ලග්න පලාපලය “ - මාර්තු 26 - 31



-
මෙම සතිය තුල සඳු ග්‍රහයා, මිථුන - කටක - සිංහ  යන රාශි වල ගෝචර වේ.

-
●  මේෂ
  මෙම සතිය තුළ මේෂ ලග්න හිමියන් වන ඔබට ආර්ථික වාසි වැඩිපුර සැලසෙන  සතියක් වෙන්න පුළුවන්.
රැකියා ස්ථානයේ තරමක් කාර්යබහුල වෙන්න පුළුවන් සතියක් තමයි මේ සතිය. නව රැකියා බලාපොරොත්තු බලාපොරොත්තුව සිටින අයට නම් තව ටික දවසක් බලන් ඉන්න වෙනවා.
ගෘහ ජීවිතයේ මේ සතියේ තරම ගැටුම් ඇති වෙන්න පුළුවන්  නිසා තම පවුලේ සාමාජිකයින් එක්ක සමගියෙන් ඉන්න බලන්න.
       -

● වෘෂභ
  මේ සතිය  වෘෂභ ලග්න හිමියන්ට නම් කලින් නවත්තලා දාලා තියෙන වැඩක් නැවත පටන් ගන්න හිතන කාලයක් තමයි මේ කාලය.
රැකියා ස්ථානයේ පෙර තිබූ ගැටලුකාරී තත්ත්වයන් වලට විසඳුම්  සොයා ගන්න ඉඩ ලැබෙන කාලයක් තමයි මේ කාලය.
ඔයාලාගේ පවුලේ සාමාජිකයන්ගේ වැඩකටයුතුවලට උදව් කරන වෙන කාලයක් තමයි ඉදිරි කාලය.
    -

● මිථුන
   මේ සතියේ වැඩිපුර වාසි ලැබුණේ නැති උනත් කලින් ගන්න බැරි වෙලා තිබුණ මුදලක් ලැබෙන කාලයක් තමයි ඉදිරි කාලය.
මේ සතියේ වෙනත් රැකියාවක් හෝ උසස් වීමක්  බලාපොරොත්තුවෙන් සිටින ඔබ ට එම කරුණු කාරණා ඉෂ්ට කර ගන්න   වැඩි ඉඩක් ලැබෙන්න  පුළුවන්.
ගෘහ ජීවිතය තුල විවාහ ප්‍රමාද වෙලා තිබුණ ඔබගේ විවාහ යෝජනාව ස්ථිර වෙන්න පුළුවන්. ඒ වගේම පවුලේ සමගිය වර්ධනය වෙන්නත් පුළුවන් කාලයක් තමයි මේ.

   -
● කටක
   නව ආදායම් මාර්ග වලට ඔයා යොමු වෙන්න  බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඉදිරි සතිය තුළ ඔබට ඉඩ ඇහිරීමට පුළුවන්.
ඔබ නව රැකියා සොයන අයෙක් නම්  ඉදිරි සතිය තුල සුදුසුකම් මත සරිලන  රැකියා ලැබෙන්න පුළුවන් සතියක්. ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න.
ගෘහ ජීවිතයේ  මේ සතියේ කලින් හිටියාටත් වැඩිය සමගියෙන් දරුවන් සමග ඉන්න ලැබෙන කාලයක් දෙමව්පියන් වන ඔබට උදා වෙන්න පුළුවන්.
-

 ● සිංහ
ඔබ කල්පනාකාරී විය යුතුය. මූල්‍ය කළමනාකරණයේ පාඩු පෙන්වයි, ආදායම් මාර්ග වලට යොමුවීමට අවශ්‍ය සහයෝගය අන් අයගෙන්   ලැබිය හැක.
රැකියා සොයන ඔබට යහපත් රැකියා අවස්ථා උදා විය හැක. රැකියා වල නියුතු අයට තමන්ට යෙදුණ ගැට‍ළු විසඳා ගැනීමට ඉඩකඩ යෙදෙනු ඇත.
ඔයාට ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබෙන්න පුලුවන්.  ගෙදර පරිසරය අලංකාර ලෙස  තබා ගැනීමට උනන්දු වේ.
-

●කන්‍යා
කන්‍යා ලග්න හිමි ඔබට නව ආදායම් මාර්ග උදාවිමට ඉඩ ඇති සතියකි. උත්සාහයෙන් ආර්ථික මට්ටම ගොඩ නගාගැනීමට සිදුවේ.
රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වේ. රැකියාවේ දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.
වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් වෙන්න පුලුවන්. විවාහය පිළිබඳ තීරණ ගැනීම් වලටද අවස්ථා උදා විය හැක.
-

● තුලා
ආදායම් මාර්ග වලින් තමන්ට සිතු පැතූ ආකාරයට ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනාව තිබුණද, කලබල ගති වැඩි වීම නිසා තරමක් ප්‍රශ්න  ගැට‍ළු මතු වීමට ඉඩක් ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ඵල ලැබීම අඩු විය හැක. දුර ගමන් වලින් පාඩු සිදුවීමට හේතු ඇත. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබීමේ වාසනාව පවති.
ගෘහ ජීවිතය තුල පෙම් සබඳතා වලින් තමන්ට ගැට‍ළු ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. ඒවා විසඳා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය.

-
● වෘශ්චික
ඔබගේ දේපල ලාභ, ව්‍යාපාර දියුණුව මනාව සලසා ගැනීමටද හැකියාව ඇති කාලයක් විය හැක. දුර බැහැර ගමන් වලදී ව්‍යාපාර සබඳතා පුළුල් කර ගැනීමේ වාසනාව පවති.
වෘශ්චික ලග්න හිමියන්ගේ රැකියා කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යා හැක. තමන්ගෙ රාජකාරියට අමතරව පැවරුණු කටයුතු කිරීමට සිදුවිය හැක.
ඔබට ගෘහ ජීවිතය තුල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යා හැක. අධ්‍යාපන කටයුතු වලට සුබයි.

-

● ධනු
ඔබගේ පවතින  ආදායම් මාර්ග වල ගැටලු ඇතිවීමට ඉඩ ඇත. සේවක ගැටලු විසඳීමට  වැඩි  කාලයක් වැය කිරීමට සිදු විය හැක.
රැකියා විරහිත අයට නව රැකියා අවස්ථා උදා විමට හේතු ඇත. රැකියා කරන අයට වෙනස් වීම් අපේක්ෂා කල හැක.
පෙර ගෘහ ජීවිතයට පැවති බාධාකාරී තත්වයන් මග හැරිය හැක. තමන්ට විරුද්ධව සතුරු බලවේග මතු විය හැක, බුද්ධිමත් වන්න.
-

● මකර
මකර ලග්න හිමියන්ගේ ආදායම් තත්වය යහපත් කර ගැනීමට ඉඩ අති කාලයකි. නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන්නේ නම් ඒ සදහා අවස්ථාවක් උදා වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී ඇති වන බාධා තත්වයන් අවම කර ගැනීමට ඉඩ ලැබිමට හැකි කාලයකි. නව රැකියා ප්‍රමාද වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ තම අරමුණු කරා යාමට  බාධා ඇතිවන්නට ඉඩක් පවති. සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇත. ඒවා ජය ගැනීමට බුද්ධිමත් වන්න.
-

● කුම්භ
තම ආදායම් තත්වය වර්ධනය වීමට ඉඩ ඇත. ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර කරන අයට යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකි කාලයක්  විය හැක.
රැකියා සොයන ඔබට  නව රැකියා උදා වීමට ඉඩ ඇත. රැකියා කටයුතු වලට තිබෙන බාධාවන් ඉවත්වී යාමට ඉඩ ඇත.
පෙම් සබඳතා ඇති විය හැක. විනෝදයෙන් කාලය ගත විය හැකි සතියකි . ඔබට දරුවන් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී විය යුතුය.
-

● මීන
ආදායම් මාර්ග වලට උත්සාහ කරන ඔබට  ඒ සදහා ඉඩකඩ වැඩි කාලයකි. ආර්ථික දියුණුව උදෙසා වැඩ කටයුතු කිරීමට ඉඩ ලැබේ.
රැකියා සොයන අයට සුදුසුකම්වලට සරිලන රැකියා ලැබීමට ඉඩ ඇත. රැකියා කරන අයට දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ සමගිය ඇති වේ. තරුණ අයගේ  විවාහ කටයුතු වලට ඇති උද්යෝගය වැඩි වේ. මංගල යෝග  උදා වේ.
-


#ඉරු #lka

 077 2238041
irusewaya@gmail.com

Monday, March 19, 2018

සතියේ ලග්න පලාපලය - මාර්තු 19 සිට

මෙම සතිය තුල සඳු  මීන- මේෂ - වෘෂභ යන රාශි වල ගෝචර වේ.
-
පොදු පලාපලයක් පමණි !

-


● මේෂ
ඔබගේ ආදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකි සතියකි. ගේ දොර, ඉඩකඩම් මිල දී ගැනීමට අවස්ථාව උදා වනු ඇත.
ඔයාගේ රැකියාවේ බාධා මෙම සතිය තුල අඩු විය හැක.  නව රැකියා සොයන ඔබට  නව රැකියා ලැබීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය මෙම සතිය තුල යහපත් විය හැක. ගේ දොර අලංකරණයට සිත යයි. උත්සව ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගි වීමට හැකියාව ලැබේ.

-
● වෘෂභ
වෘෂභ ලග්න හිමි ඔබගේ ආදායම් මාර්ග අවහිර විමට ඉඩ ඇත. මුදල් කළමනාකරණයේ දුර්වලතා නිසා අනවශ්‍ය ගැටළු ඇති වීමේ ඉඩක් ඇත.
රැකියාවේ ක්‍රියාශීලී ගති පෙන්වයි. වෙනදාට වඩා උනන්දුවෙන් රැකියාව කර ගෙන යා හැක. නව රැකියා සොයන අයට රැකියා ලැබෙයි.
ගෘහ ජීවිතයේ ඔබට වෙනදාට වඩා ගැටලු ඇතිවීමට ඉඩ ඇත. මංගල යෝග වල ගැටලු ඇති වීමට ඉඩ ඇත. සැලකිලිමත් වන්න.

-
● මිථුන
මිථුන ලග්න හිමියන්ගේ ආදායම් මාර්ග පුළුල් විය හැක. ඒවායින් යහපත් ප්‍රතිඵල ලැබීමේ හැකියාවද පවති. මෙතෙක් තිබුණු බාධා  ගැට‍ළු තත්වයක් ලිහිල් විය හැක.
ඔබට මෙතෙක් රැකියාවේ බාධා අඩු වීමට ඉඩ ඇත. ඔයා වෙනදාට වඩා කාර්ය බහුල වෙයි. එම නිසා නිදහස අඩු විය හැක.
ගෘහ ජීවිතය තුල ඔබ ඉක්මන් තීරණ ගැනීමට යාමෙන්  තමන්ට අපහසුතා සිදුවීමට ද ඉඩ ඇත. සැලකිලිමත් වන්න.

-
● කටක
ඔබට මෙම සතිය තුල දියුණුව වෙනුවෙන් පියවර රැසක් ගැනීමට සිදු විය හැක.. මුදල් සම්බන්ධ ගැට‍ළු වලට විසඳුම් ලැබෙන කාලයකි.
ඔබගේ රැකියාවට ද සුබ කාලයකි. ඉදිරියට යාමට තමන්ට පියවර ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය තුල ඉක්මන් තීරණ ගැනීම ගැන සැලකිලිමත් වන්න.  ඔබගේ පවුල් ජීවිතය තුල වෙනසක් ඇති වන කාලයකි.
-

● සිංහ
ඔබගේ ආර්ථිකයේ යහපත් ප්‍රතිඵල උදා කර ගත හැක. බාධා අඩුවේ. ඉඩම් සම්බන්ධව තිබූ ප්‍රශ්නයක් නිරාකරණය විය හැක.
රැකියාවේ කටයුතු යහපත් වෙයි. ඉවසීමෙන් වැඩ කටයුතු කල යුතුය. කලබල ගති වැඩිවිය හැකි කාලයකි. නව රැකියා සොයන අයට සුබ කාලයකි.
ගෘහ ජීවිතය තුල කතාවෙන් ජය ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. දරුවන්ගේ දක්ෂතා වර්ධනය විය හැක.  සහෝදර සහෝදරියන්ගේ  දියුණුව උදෙසා කටයුතු කිරීමට ඉඩ ලැබිය හැක.
-

● කන්‍යා
ඔබගේ හවුල්  කටයුතු වලට තිබු බාධා දුරු විය හැක.  ණය ලැබේ. ආර්ථික බාධා ඉවත් වන කාලයකි.
රැකියාවේ දියුණුව උදෙසා කටයුතු කරන කාලයක් වීමට ඉඩ ඇත. රැකියා විරහිත අයට රැකියා ලැබීමේ වාසනාව පවති. උසස් වීම් සදහා යම් පියවර ගන්නා කාලයකි.
ගෘහ ජීවිතය තුල ඔබට  වගකීම් වැඩි විය හැක . පිරිස් ඇසුරෙන් සුබ ප්‍රතිඵල ලැබේ. අධ්‍යාපනයට තිබූ බාධා ඉවත් විය හැක.
-

● තුලා
තුලා ලග්න හිමියන්ගේ මුදල් සම්බන්ධ ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත. ආදායම් මාර්ග වලට යම් ගැටලුකාරී තත්වයන් වලට විසඳුම් සොයා ගැනීමට සිදු වන කාලයක් වීමට ඉඩ ඇත.
රැකියා සොයන අයට නව රැකියා උදා වෙයි. රැකියාවේ නිදහස අඩු වී කාර්ය බහුල විය හැක.
ගෘහ ජීවිතය තුල  පවුලේ අය සමග සමගිය වර්ධනය වේ. පවුලේ කටයුතු වලට උනන්දුව වැඩි වේ. යහළුවන් මුණ ගැසීමට හැකියාව ලැබේ. සිතට සතුටක් ලැබේ. උපකාර ලැබේ.
-

● වෘශ්චික
තම ව්‍යාපාර පවත්වා ගෙන යාම  සඳහා ණය ගැනීමට  මෙතෙක් තිබු අවහිරතා දුරු වේ. ආදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලැබේ. වෙළහෙළදාමට සුබයි.
රැකියාවේ දියුණුව පෙන්වයි. පිරිස් පාලනයේ දී ගැට‍ළු මතු වීමට ඉඩ ඇත. වෙනදාට වඩා සැලකිලිමත් ව වැඩ කල යුතුය.
ගෘහ ජීවිතය තුල මෙතෙක් තිබුණු ගැටලුකාරී තත්වයන් මග හැරේ. පෙම් සබඳතා  ස්ථිර විය හැක. සිතට සතුට ලැබේ. විනෝදයෙන් කාලය ගත කරන්නට හැකියාව ඇත.
-

● ධනු
ඔබගේ මාර්ග වල ගැට‍ළු මතු විය හැක. වියදම කළමනාකරණය කර ගත යුතුය. අනවශ්‍ය වියදම් බොහෝ යෙදීමට ඉඩ ඇත.
රැකියාවට තිබු බාධා ඉවත් වේ. නව රැකියා අවස්ථා උදා වෙයි. උනන්දුව වැඩි වෙයි ඒ සමග නිදහස අඩු වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය තුල මෙම සතියේ ගමන් අධික වේ. මංගල යෝග උදා වන කාලයකි. අසල්වැසියන් නිසා සිත් පීඩා ගෙන දීමට යම් ඉඩකඩක් පවති.

-
● මකර
ඔබට මෙම සතිය තුල  නිෂ්ඵල දේ සඳහා වැඩිපුර මුදල් නාස්ති විය හැක. බාහිර කටයුතු වැඩි විය හැක. ආදායම් මාර්ග ඇහිරිය හැක.
ඔබට රැකියා ස්ථානයේ  රාජකාරිය අතපසු විය හැක, එයින් ගැට‍ළු ඇතිවිය හැක. ප්‍රධානීන්ගේ දෝෂාරෝපණ එල්ල වීමටද ඉඩ ඇත. වෙනදාට වඩා අලස ගති පෙන්නුම් කරන කාලයකි.
පවුල් ජීවිතය තුල පවුලේ අය වෙනුවෙන් වැඩිපුර කාලයක් වැය කිරීමට සිදු වෙයි. ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනයට තිබු බාධා තත්වයන් වැඩි විය හැක.
-

● කුම්භ
ඔබට මෙම සතිය තුල  මුදල් කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබීම නිසාම නාස්තිය අවම කර ගත හැක.
  කුම්භ ලග්න හිමි ඔබගේ රැකියා කටයුතු වල නිෂ්ඵල ගමන් උදා විය හැක.   රැකියා සොයන අයට සුදුසු රැකියා ලැබේ.
ඔබගේ පවුල් ජීවිතය තුල  ගමන් බිමන් අධික වීමට ඉඩ ඇති නිසා නිදහස  විවේකය අඩු විය හැක. පෙම් සබඳතා වලට ගැට‍ළු නිර්මාණය විය හැක.
-

● මීන
ව්‍යාපාර ගැට‍ළු නිරාකරණය විය හැක. ඔබට අමතර ආදායම් මාර්ග වලින් සුබ ප්‍රතිඵල පෙන්නුම් කරන සතියක් වීමට ඉඩ ඇත.
මීන ලග්න හිමි  රැකියා විරහිත ඔබගේ නව රැකියා ලැබීමට ඉඩ ඇත. තිබු ගැටලුකාරී තත්වයන්ට යහපත් විසඳුම්  සොයා ගැනීමට හැකිවේ.
ගෘහ ජීවිතය තුල පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කිරීමට සිදුවේ. විනෝද ගමන් බිමන් යෙදීමට යාමට සිදු වන කාලයකි.
-

#ඉරු

077 22 38041
irusewaya@gmail.com

Friday, March 16, 2018

“ වෘෂභ ලග්නයට රාජ යෝග “


වෘෂභ ලග්නයේ රාජ යෝග යෙදෙන්නේ කවුරු කෙසේ කීවත්,
“බුධ සහ සිකුරුගෙනි“.
අපගේ අත්දැකිම් අනුව බොහෝවිට මේ දෙදෙනාගේ බලය ඇතිවේ. එවිට ව්‍යාපාරික ක්ෂෙත්‍ර වලින් සහ විවිධ රැකියා වලින් ඉදිරියට යනු දක්නට ඇත.
#ඉරුසේවය - පොදු කරුණු බව සලකන්න.

Monday, March 5, 2018

සතියේ ලග්න පලාපලය


( මාර්තු 05 සිට)
-
සඳු මෙම සතියේ තුලා වෘශ්චික ධනු රාශි වල ගොචරවේ.
-

● මේෂ
ඔයාගේ මෙතෙක් කල් තිබූ ආදායම් මාර්ග වල ආදායම් තත්වය පහළ බැසීමට කරුණු යෙදෙනු ඇත.
ඔබට රැකියා කර්මාන්ත රෙදි වෙනදාට වඩා වෙහෙසීමට සිදුවිය හැක. නව රැකියා උදා වීමට කරුණු යෙදෙන සතියකි.
ගෘහ ජීවිතයේ තම පවුල තුළ හැටි අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට වැඩිපුර වෙහෙසීමට  සිදු වන සතියකි.

-
● වෘෂභ
ඔයාගෙ ආදායම් මාර්ගවල කළමනාකරණ කටයුතු විධිමත්ව කර ගෙන යාමට ඉඩ ලැබෙන සතියකි.
ඔබගේ රැකියා කර්මාන්ත වල කාර්ය භාරයක් නිසි පරිදි ඉටු නොකිරීම නිසා ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය නම් මෙතෙක් පවත්වා ගෙන ආ ප්‍රේම සබදතා වල  ගැට‍ළු ඇතිවීමට ඉඩ තිබෙනවා.

-

● මිථුන
ඔයාගෙ ව්‍යාපාර කටයුතු කිරීමේ දී වෙනදාට වඩා ඔබගේ සේවකයින්ගෙන් උදව් උපකාර ලබා ගැනීමට හැකි වේ.
රැකියා ස්ථානය තමන්ගේ අභිමතය පරිදි වැඩ කිරීමට යාමෙන් ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
ගෘහ ජීවිතයේ සමගිය වර්ධනය කර ගැනීමට වෙනදාට වඩා වෙහෙසීමට සිදු වේ.


-
● කටක
නව ආදායම් මාර්ග සහ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න සුබ  සතියක්. මෙතෙක් පැවති ආදායම් තත්ත්වය වර්ධනය වීමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ වෙනදාට වඩා බුද්ධිමත් කටයුතු කරන්න සිද්ධ වන සතියක්. නැතිනම් ගැටලු ගැටලු ඇති වීමට ඉඩ තියෙනවා.
ඔබගේ ගෘහ ජීවිතය ප්‍රේම සම්බන්ධතා පවත්වා ගෙන යාමේදී හදිසි තීරණ වලට එළඹීම නොකළ යුතු සතියක්.

-
● සිංහ
ඔබගේ පවතින ආදායම් මාර්ග වල ආදායම් තත්ත්වය පහළ වැටෙන්න පුළුවන් සතියකි. සැලකිලිමත්ව කටයුතු කරන්න.
රැකියා ස්ථානයේ අභ්‍යන්තර කටයුතු වෙනදාට වඩා ප්‍රමාද වී ඉටු කිරීමට ඉටු කිරීමට සිදුවීමෙන් ප්‍රධානීන්ගේ දෝෂාරෝපණය එල්ල වීමට ඉඩ තියෙනවා.
ගෘහ ජීවිතයේ ඔයාගේ දෙමව්පියන්, සහෝදර - සහෝදරියන් උදෙසා වෙනදාට කැපවීම් කිරීමට සිදු වන සතියකි.

-
● කන්‍යා
ආදායම් මාර්ග ව්‍යාපාර කටයුතු  දියුණු කර ගැනීමට ඔබ නොසිතූ මාර්ග උදා වීම නිසා ආදායම් තත්වය වර්ධනය වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වෙනදාට වඩා කාර්යබහුල වීමට ඔබට සිදු විය හැක. සුදුසු කම් වලට සරිලන රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත.
ඔබට ගෘහ ජීවිතය තුල වගකීම් වැඩි වෙයි. පිරිස් ඇසුරෙන් සුබ ප්‍රතිඵල ලැබේ. අධ්‍යාපනයට තිබූ බාධා ඉවත් විය හැක.

-
● තුලා
කාර්මික අංශයේ ව්‍යාපාර කරන ඔබට යහපත් ප්‍රතිඵල  උදා විය හැකි සතියකි. මුදල් පිළිබඳ ගැටලු ගැටලූ සමථයකට පත් කර ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ ඔබ කරන රැකියා කටයුතු ද වෙනසක් හෝ ස්ථාන මාරු වීම් සිදුවීමට ඉඩ ඇති සතියකි.
ගෘහ ජීවිතයේ සමගිය වර්ධනය විය හැක. ඔබට  අසල්වාසීන් සමග වෙනදාට වඩා සුහද ව කටයුතු කිරීමට ඉඩ ලැබේ.

-
● වෘශ්චික
ඔබගේ  ආදායම් මාර්ග වල ආදායම් තත්වය තරමක් දුරට වෙනස් වීමට ඉඩ ඇත. ඒ පිළිබඳ අවධානයෙන් සිටින්න.
රැකියා ස්ථානය රැකියා කටයුතු වල  පිරිස් පාලනයේ දී ගැටලු ඇතිවීමට ඉඩ ඇත. නව රැකියා අවස්ථා ලැබීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ නිවාස ඉඩකඩම් මිලදී ගැනීමට හැකියාව ලැබෙන සතියකි. අඹු සැමියන්ගේ සමගිය වර්ධනය විය හැක.
-

● ධනු
ඔබ මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීමට යාමේ දී  ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
ඔබට  නව රැකියා අවස්ථා උදා වෙයි. රැකියා ස්ථානයේ උනන්දුව වැඩි වෙයි, ඒ සමග නිදහස අඩුවීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය තුල ඔබට ගමන් අධික වේ. මංගල යෝග උදා වන කාලයක් විය හැක. අසල්වැසියන් නිසා සිත් පීඩා ගෙන දෙන සතියක් වීමට ඉඩ ඇත.

-
● මකර
මූල්‍ය කළමනාකරණයේ ඇති දුර්වලතා නිසා ධන හානි පෙන්නුම් කරන සතියක් වීමට ඉඩ ඇත.
රැකියාවේ ඔබට උසස් වීම් තරඟ විභාග වලට තිබූ බාධා ඉවත් වේ. නව රැකියා ලැබීමට ඉඩ ඇති සතියකි.
ගෘහ ජීවිතයේ ප්‍රේම සබඳතා වල තරමක් ගැටලු ඇතිවීමට ඉඩ ඇති සතියකි. දෙමව්පියන්ගේ දෝෂාරෝපණ එල්ල විය හැකි සතියකි.
-

● කුම්භ
ආදායම් මාර්ග වල පවතින ගැටලු විසඳා ගැනීමට සිදුවේ. නව ආදායම් මාර්ග උදාවිමට හැකි සතියකි.
රැකියා ස්ථානයේ ඔබගේ  රැකියා කටයුතු වල තිබෙන කාර්ය බහුලතාවය නිසා එදිනෙදා වැඩ කටයුතු අතපසු වී යාමට ඉඩ ඇත.
පවුල් ජීවිතය තුල ඔබට ගමන් බිමන් අධික වීමට ඉඩ ඇති නිසා නිදහස  , විවේකය අඩු විය හැක. පෙම් සබඳතා වලට ගැට‍ළු විසඳා ගැනීමට ඉඩ ඇත.
-

● මීන
ඔබගේ ආර්ථික තත්වය යහපත් කර ගැනීමට හැකියාව පවති. මූල්‍ය උදව් උපකාර කර ගැනීමට අවස්ථාවක් උදා විය හැක.
රැකියා ස්ථානයේ ඔබ කරන රැකියා කටයුතු වලින් යම් දියුණුවක් ලබාගැනීමට ඉඩ ඇති කාලයකි. නව රැකියා ලැබිමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරන කාලයකි. උදරය ආශ්‍රිත රෝගාබාධ ඇතිවීමට ඉඩ ඇත.

-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

Sunday, March 4, 2018

සතරවරම් දෙව් රජවරු

සතරවරම් දෙව්රජවරු මහානුභාවසම්පන්නය. කුසල ශක්තියෙන් ඉහලය. සියලුදෙනා කෙරෙහි බලය පතුරුවන සතරවරම් දෙවිවරු ලෝකපාලක දෙවිවරු ලෙස හැඳින්වීමද වරදක් නැත.


●  වෛශ්‍රවණ දිව්‍ය රාජයා
- අදෘශ්‍යමාන බලවේග වලට අධිපති   වන්නේ මෙම දෙවියන්ය.  සතරවරම් දෙවියන්ගෙන් බලවත්ම දෙවියන් වන මෙම මෙතුමා “කුවේර“ සහ “වෙසමුණි“ නම් වලින් හැඳින්වෙයි.
වෙසමුණි දෙවියන්ගෙන් වරමක් තියෙනවා ලෙස, පරණ යක්ෂ - රාක්ෂ කතාවල සඳහන් වන්නෙ මෙම දෙවියන් ගැනය.

● දෘඨරාෂ්ට දිව්‍ය රාජයා
- මනුෂ්‍ය ඇතුළු දෙපා සතුන් එනම් දෙවියන්, බ්‍රහ්මයන්, මනුෂ්‍යයන්ට අධිපති වන්නේ මෙම දෙවියන්ය. එනම් මනුෂ්‍යයන් වන අපට මෙම දෙවියන් බෙහෙවින් බලපායි.

● විරූඪ දිව්‍ය රාජයා
- ප්‍රධාන කොට සිව්පා සතුන්ට අධිපතිත්වය දරයි.

● විරූපාක්ෂ දිව්‍ය රාජයා
 - උරග සතුන්, බඩ ගා යන සතුන්,  ජලයේ වෙසෙන සතුන්ට අධිපතීත්වය දරයි.

සියලු දේව මණ්ඩලයම පාහේ ධාර්මික වන අතර දහමට ගරු කරති. සතරවම් දෙවිවරුද ලෝකයට අනුකම්පා කරන කාරුණික සුපින්වත් දෙවිවරු වෙති.
නිසි ලෙස පින් දහම් කරන්න. එම පින් දෙවියන්ටද අනුමෝදන් කරන්න !
ඔබට ආශිර්වාද ලැබේවි !

බුදු සරණයි !

#ඉරු

077 2238041
irusewaya@gmail.com