Monday, March 5, 2018

සතියේ ලග්න පලාපලය


( මාර්තු 05 සිට)
-
සඳු මෙම සතියේ තුලා වෘශ්චික ධනු රාශි වල ගොචරවේ.
-

● මේෂ
ඔයාගේ මෙතෙක් කල් තිබූ ආදායම් මාර්ග වල ආදායම් තත්වය පහළ බැසීමට කරුණු යෙදෙනු ඇත.
ඔබට රැකියා කර්මාන්ත රෙදි වෙනදාට වඩා වෙහෙසීමට සිදුවිය හැක. නව රැකියා උදා වීමට කරුණු යෙදෙන සතියකි.
ගෘහ ජීවිතයේ තම පවුල තුළ හැටි අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට වැඩිපුර වෙහෙසීමට  සිදු වන සතියකි.

-
● වෘෂභ
ඔයාගෙ ආදායම් මාර්ගවල කළමනාකරණ කටයුතු විධිමත්ව කර ගෙන යාමට ඉඩ ලැබෙන සතියකි.
ඔබගේ රැකියා කර්මාන්ත වල කාර්ය භාරයක් නිසි පරිදි ඉටු නොකිරීම නිසා ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය නම් මෙතෙක් පවත්වා ගෙන ආ ප්‍රේම සබදතා වල  ගැට‍ළු ඇතිවීමට ඉඩ තිබෙනවා.

-

● මිථුන
ඔයාගෙ ව්‍යාපාර කටයුතු කිරීමේ දී වෙනදාට වඩා ඔබගේ සේවකයින්ගෙන් උදව් උපකාර ලබා ගැනීමට හැකි වේ.
රැකියා ස්ථානය තමන්ගේ අභිමතය පරිදි වැඩ කිරීමට යාමෙන් ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
ගෘහ ජීවිතයේ සමගිය වර්ධනය කර ගැනීමට වෙනදාට වඩා වෙහෙසීමට සිදු වේ.


-
● කටක
නව ආදායම් මාර්ග සහ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න සුබ  සතියක්. මෙතෙක් පැවති ආදායම් තත්ත්වය වර්ධනය වීමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ වෙනදාට වඩා බුද්ධිමත් කටයුතු කරන්න සිද්ධ වන සතියක්. නැතිනම් ගැටලු ගැටලු ඇති වීමට ඉඩ තියෙනවා.
ඔබගේ ගෘහ ජීවිතය ප්‍රේම සම්බන්ධතා පවත්වා ගෙන යාමේදී හදිසි තීරණ වලට එළඹීම නොකළ යුතු සතියක්.

-
● සිංහ
ඔබගේ පවතින ආදායම් මාර්ග වල ආදායම් තත්ත්වය පහළ වැටෙන්න පුළුවන් සතියකි. සැලකිලිමත්ව කටයුතු කරන්න.
රැකියා ස්ථානයේ අභ්‍යන්තර කටයුතු වෙනදාට වඩා ප්‍රමාද වී ඉටු කිරීමට ඉටු කිරීමට සිදුවීමෙන් ප්‍රධානීන්ගේ දෝෂාරෝපණය එල්ල වීමට ඉඩ තියෙනවා.
ගෘහ ජීවිතයේ ඔයාගේ දෙමව්පියන්, සහෝදර - සහෝදරියන් උදෙසා වෙනදාට කැපවීම් කිරීමට සිදු වන සතියකි.

-
● කන්‍යා
ආදායම් මාර්ග ව්‍යාපාර කටයුතු  දියුණු කර ගැනීමට ඔබ නොසිතූ මාර්ග උදා වීම නිසා ආදායම් තත්වය වර්ධනය වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වෙනදාට වඩා කාර්යබහුල වීමට ඔබට සිදු විය හැක. සුදුසු කම් වලට සරිලන රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත.
ඔබට ගෘහ ජීවිතය තුල වගකීම් වැඩි වෙයි. පිරිස් ඇසුරෙන් සුබ ප්‍රතිඵල ලැබේ. අධ්‍යාපනයට තිබූ බාධා ඉවත් විය හැක.

-
● තුලා
කාර්මික අංශයේ ව්‍යාපාර කරන ඔබට යහපත් ප්‍රතිඵල  උදා විය හැකි සතියකි. මුදල් පිළිබඳ ගැටලු ගැටලූ සමථයකට පත් කර ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ ඔබ කරන රැකියා කටයුතු ද වෙනසක් හෝ ස්ථාන මාරු වීම් සිදුවීමට ඉඩ ඇති සතියකි.
ගෘහ ජීවිතයේ සමගිය වර්ධනය විය හැක. ඔබට  අසල්වාසීන් සමග වෙනදාට වඩා සුහද ව කටයුතු කිරීමට ඉඩ ලැබේ.

-
● වෘශ්චික
ඔබගේ  ආදායම් මාර්ග වල ආදායම් තත්වය තරමක් දුරට වෙනස් වීමට ඉඩ ඇත. ඒ පිළිබඳ අවධානයෙන් සිටින්න.
රැකියා ස්ථානය රැකියා කටයුතු වල  පිරිස් පාලනයේ දී ගැටලු ඇතිවීමට ඉඩ ඇත. නව රැකියා අවස්ථා ලැබීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ නිවාස ඉඩකඩම් මිලදී ගැනීමට හැකියාව ලැබෙන සතියකි. අඹු සැමියන්ගේ සමගිය වර්ධනය විය හැක.
-

● ධනු
ඔබ මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීමට යාමේ දී  ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
ඔබට  නව රැකියා අවස්ථා උදා වෙයි. රැකියා ස්ථානයේ උනන්දුව වැඩි වෙයි, ඒ සමග නිදහස අඩුවීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය තුල ඔබට ගමන් අධික වේ. මංගල යෝග උදා වන කාලයක් විය හැක. අසල්වැසියන් නිසා සිත් පීඩා ගෙන දෙන සතියක් වීමට ඉඩ ඇත.

-
● මකර
මූල්‍ය කළමනාකරණයේ ඇති දුර්වලතා නිසා ධන හානි පෙන්නුම් කරන සතියක් වීමට ඉඩ ඇත.
රැකියාවේ ඔබට උසස් වීම් තරඟ විභාග වලට තිබූ බාධා ඉවත් වේ. නව රැකියා ලැබීමට ඉඩ ඇති සතියකි.
ගෘහ ජීවිතයේ ප්‍රේම සබඳතා වල තරමක් ගැටලු ඇතිවීමට ඉඩ ඇති සතියකි. දෙමව්පියන්ගේ දෝෂාරෝපණ එල්ල විය හැකි සතියකි.
-

● කුම්භ
ආදායම් මාර්ග වල පවතින ගැටලු විසඳා ගැනීමට සිදුවේ. නව ආදායම් මාර්ග උදාවිමට හැකි සතියකි.
රැකියා ස්ථානයේ ඔබගේ  රැකියා කටයුතු වල තිබෙන කාර්ය බහුලතාවය නිසා එදිනෙදා වැඩ කටයුතු අතපසු වී යාමට ඉඩ ඇත.
පවුල් ජීවිතය තුල ඔබට ගමන් බිමන් අධික වීමට ඉඩ ඇති නිසා නිදහස  , විවේකය අඩු විය හැක. පෙම් සබඳතා වලට ගැට‍ළු විසඳා ගැනීමට ඉඩ ඇත.
-

● මීන
ඔබගේ ආර්ථික තත්වය යහපත් කර ගැනීමට හැකියාව පවති. මූල්‍ය උදව් උපකාර කර ගැනීමට අවස්ථාවක් උදා විය හැක.
රැකියා ස්ථානයේ ඔබ කරන රැකියා කටයුතු වලින් යම් දියුණුවක් ලබාගැනීමට ඉඩ ඇති කාලයකි. නව රැකියා ලැබිමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරන කාලයකි. උදරය ආශ්‍රිත රෝගාබාධ ඇතිවීමට ඉඩ ඇත.

-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment