Sunday, March 4, 2018

සතරවරම් දෙව් රජවරු

සතරවරම් දෙව්රජවරු මහානුභාවසම්පන්නය. කුසල ශක්තියෙන් ඉහලය. සියලුදෙනා කෙරෙහි බලය පතුරුවන සතරවරම් දෙවිවරු ලෝකපාලක දෙවිවරු ලෙස හැඳින්වීමද වරදක් නැත.


●  වෛශ්‍රවණ දිව්‍ය රාජයා
- අදෘශ්‍යමාන බලවේග වලට අධිපති   වන්නේ මෙම දෙවියන්ය.  සතරවරම් දෙවියන්ගෙන් බලවත්ම දෙවියන් වන මෙම මෙතුමා “කුවේර“ සහ “වෙසමුණි“ නම් වලින් හැඳින්වෙයි.
වෙසමුණි දෙවියන්ගෙන් වරමක් තියෙනවා ලෙස, පරණ යක්ෂ - රාක්ෂ කතාවල සඳහන් වන්නෙ මෙම දෙවියන් ගැනය.

● දෘඨරාෂ්ට දිව්‍ය රාජයා
- මනුෂ්‍ය ඇතුළු දෙපා සතුන් එනම් දෙවියන්, බ්‍රහ්මයන්, මනුෂ්‍යයන්ට අධිපති වන්නේ මෙම දෙවියන්ය. එනම් මනුෂ්‍යයන් වන අපට මෙම දෙවියන් බෙහෙවින් බලපායි.

● විරූඪ දිව්‍ය රාජයා
- ප්‍රධාන කොට සිව්පා සතුන්ට අධිපතිත්වය දරයි.

● විරූපාක්ෂ දිව්‍ය රාජයා
 - උරග සතුන්, බඩ ගා යන සතුන්,  ජලයේ වෙසෙන සතුන්ට අධිපතීත්වය දරයි.

සියලු දේව මණ්ඩලයම පාහේ ධාර්මික වන අතර දහමට ගරු කරති. සතරවම් දෙවිවරුද ලෝකයට අනුකම්පා කරන කාරුණික සුපින්වත් දෙවිවරු වෙති.
නිසි ලෙස පින් දහම් කරන්න. එම පින් දෙවියන්ටද අනුමෝදන් කරන්න !
ඔබට ආශිර්වාද ලැබේවි !

බුදු සරණයි !

#ඉරු

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment