Sunday, August 31, 2014

සතියේ ලග්න පලාපලය (සැප්. 01 සිට)

● මේෂ
මේ සතිය තරමක අවාසිය. 
එසේම විශේෂයෙන්ම ආර්ථික තත්වයේ සුබදායි තත්වයක් සතිය මුලදී අපේක්ෂා කල නොහැක. සමහරවිට නිවසේ වැඩ කටයුතු වලටත් වියහියදම් අධික වීමට ඉඩ ඇත. නමුත් මේ තත්වය ක්‍රමානුකූලව සතිය අගදී පහව යයි. 
ගෘහ ජීවිතය තරමක ව්‍යාකූල තත්වයක් හටගනී. අඹුසැමියන් අතර මතභේද හටගැනීමට පුලුවන.
සෙම් ආශ්‍රිත රෝග, ජලයෙන් බෝවන රෝග ආදිය වැලදීමට ඉඩ ඇත. පරිස්සම් වන්න.

● වෘෂභ
හොඳක් නම් කිව නොහැක.
එසේම ව්‍යාපාරික වැඩ, හවුලේ කරන වැඩ වලින්ද පාඩු අලාභහානි සිද්ධ වේ. 
එසේම අනවශ්‍ය ගමන් බිමන් නිසා මුදල් හානි වීමට ඉඩ ඇත. මේ තත්වය සතියේ වැඩ දවසක් පවතී. 
ගෘහ ජිවිතය තරමකට අවුල් විමට ඉඩ ඇත. එසේම, අඹුසැමියන් අතර සමගිය අඩුවීමට හැක. විවාහ අපේක්ෂක අයට ඒවා වලට බාධා මෙන්ම පෙම් සබදතා බිද වැටීමට පවා පුලුවන.
සෞඛ්‍ය ගැටළුද උදරාබාධද මතුවිමට ඉඩ ඇත.

● මිථුන
ශුභාශුභ මිශ්‍රපලයි. 
සතිය ආරම්භ වන්නේ නීච සඳු 6 වැන්නේ පිහිටිම නිසා කරන කියන ව්‍යාපාර, ගනුදෙනු ආදියෙන් අවාසි වීමට ඉඩ ඇත. රැකියා කරන අයට රැකියා ස්ථානයේ විරුද්ධවාදින් මතුවේ. මේ තත්වයන් සතිය මැද වනවිට පාලනය කරගත හැක. 
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවන අතර, ප්‍රබල වෙනස්විමක් අපේක්ෂා කල නොහැක. සතිය අගදී අවිවාහක අයට මංගල යෝග උදාවේ. පෙම් සබදතා සඵල වේ.
උදාරාබාධ හා සෙම් ආශ්‍රිත රෝග වලින් පරිස්සම් වන්න.

● කටක
මධ්‍යස්ථඵලයි.
ලග්නයේ පවතින ග්‍රහ බලය නිසා ආදායම් තත්වයේ බිඳවැටීමක් අපේක්ෂා කල නොහැක. එසේම තමාගේ දක්ෂතාවයේ හැටියට මුදල් හම්බ කරගැනීමටත් එසේ නොමැති නම් රැකියාවක නියුතු අයට යම් යම් දක්ෂතා මාර්ගයෙන් ඉදිරියට යෑමට පුලුවන. 
ඔබට දියුණු වීමට මේ කාලයේ බාධාවක් නොපවතී. 
ගෘහ ජිවිතයේ හොද වෙනස්කම් ඇතිවේ. සතුටින් ජිවිතය ගතවේ. මේ කාලයෙදි තමන් සිතන පතන දේවල් මුදුන්පත් වන නිසා ප්‍රීතියෙන් සිටින බැවිනි. 
ප්‍රබල ගැටළු නොමැති අතර නිදන්ගත රෝග ඇති අය පාලනයට යොමුවන්න.

● සිංහ
ශුභ සතියකි.
යම් යම් කරුණු කාරණා ඉෂ්ඨ සිද්ධ කරගැනීමට ඔබට හැකියාව ලැබෙනවා ඇත. එනිසා ඔබට සිතේ සතුට ඇතිවේ. 
ඔබට වාසනාව ගෙනඑන බොහෝ බලගතු යෝග මේ කාලයෙදි යෙදේ. හදිසි ධනලාභද යෙදේ. 
ගෘහ ජිවිතයේ හොඳ කාලයක් උදාවේ. එමනිසා ඔබගේ පවුලේ අය සමග විනෝදයෙන් සිටීමට පුලුවන. ඔබට වාසනාවන්ත කාලයකි. 
සෞඛ්‍ය තත්වයේද එතරම් අයහපත් නොවන අතර සෙම ආශ්‍රිත රෝගාබාධ වලින් පරිස්සම් වන්න.

● කන්‍යා
ඔබට ශුභ සතියකි.
එසේම මහන්සියේ තරමට ආදායම් ලැබේ. විශේෂයෙන්ම සහෝදර සහෝදරියන් ලගම හිතවතුන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබේ. 
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතකිරිමට පුලුවන්. එසේම මේ සතියෙදි ප්‍රීති උත්සව වලට සහභාගි වීමත් නිවසේ ප්‍රීතිමත්ව සිටිමටත් ඔබට පුලුවන. 
සෞඛ්‍ය තත්වයේද ප්‍රබල ගැටළු මතු නොවේ. නිදන්ගත රෝග ඇති අය පාලනය කරගන්න. පපුවේ සෙමගතිය වැඩිවිමට පුලුවන. 

● තුලා 
ශුභාශුභ මිශ්‍ර සතියකි.
සතිය මුලදී යම්කිසි අඩ ගමනින් ආරම්භ වන ආර්ථික තත්වය, සතිය මැද වනවිට යහපත් ආකාරයට වෙනස් වේ. එනම් සතිය මුල් කොටසෙදි යම්කිසි ආර්ථික අපහසුතා මෙන්ම ණය තුරුස් අතින් කරදර ඇතිවිය හැක. රැකියාව හොදින් කරගෙන යාමට පුලුවන් වන අතර ව්‍යාපාර කරන අයට යම්කිසි බාධක මතුවේ.
ගෘහ ජිවිතයේදි යම් යම් අඩුපාඩු ඇතිවිමට ඉඩ ඇත. එසේම සතිය අගදී නෑදෑ හිතවතුන් සමග විනෝද අවස්ථා ගෙදරදි පැවැත්වීමට අවස්ථාව ලැබේ.
සෙම් ගෙඩි, සෙම් අමාරු සහ පීනස හිසේ කැක්කුම් හැදින්විය හැක.

● වෘශ්චික
සතිය මුලදි යම්කිසි මානසික පීඩා තත්වයක් ඇතිවිය හැක. ඔබ ව්‍යාපාරික කටයුතු වල නියැලෙන කෙනෙක් නම් ණය තුරුස් ආදියෙන් පරිස්සම් වන්න, යම් මානසික කරදරයකට පත්විමට ඉඩ ඇත.
සතිය අගදී යම්කිසි මුදල් වැයවීමක් පෙන්වයි. 
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කිරිමට මේ සතිය මුල් කොටසෙදි බාධක මතුවේ. සමහරවිට තේරුමක් නැති යම් යම් දේවල් වලට හිත අමනාප කරගෙන ඒ මගින් ඔබ දුක්විමට පුලුවන. සතිය මැදදී පවුලේ යම්කිසි යහපත් දෙයක් සිදුවේ. 
හිස සම්බන්ධ සෙම් රෝග, මානසික ආතතිය ඇතිවිය හැක. 

● ධනු 
ශුභ නැත. 
ව්‍යාපාරික කටයුතු කරන අය බොහෝ ප්‍රවේසම් විය යුතුය. එසේම ණය තුරුස් වලින් බැටකෑමට ඉඩ ඇත. ණය ගනුදෙනුකරුවන්ගෙන් බැනුම් ඇසීමට පවා සිදුවිය හැක. එසේම නීතිමය කරදර වලට අසුවීමට ඉඩ ඇත. 
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතකිරිමට බාධක යෙදේ. ඒ මුදල් හදල් වල අඟහිගකම නිසාය. ලැබෙන මුදල් කළමනාකරණය කරන නොගෙන වැයවී යයි. එසේම තමා අතින් නොදැනුවත්වම මුදල් වැයවේ.
දණිස් අමාරු, පාද වල වේදනා, වාත රෝග ආදිය ගැන ප්‍රධානව ප්‍රවේසම් වන්න.

● මකර
සාමාන්‍ය සතියකි. 
සතිය මුලදි ඔබ පතන ආකාරයට වෙලද ව්‍යාපාර සහ රැකියා කරන අය සාමාන්‍ය පරිදි කටයුතු කර දියුණු වේ. 
ඔබට දියුණුව ලැබෙනමුත් තත්කාල ග්‍රහචාරයේ යම් යම් අඩුපාඩුකම් නිසා බාධක ඇතිවේ. 
විවාහ මංගල යෝජනා ගැන බලාපොරොත්තු තියාගෙන සිටියද ඒවා නොදැනුවත්වම කැඩී බිඳී යයි. ප්‍රේම සබදතා වලටද එසේමයි.
ගෘහ ජිවිත ගත කරන අයට යම් යම් ලැබීම් ලාභද මේ සතියෙදි අපේක්ෂා කල හැක. 
දැනට පවතින ග්‍රහචාරයේ හැටියට, සාමාන්‍ය පරිදි සෞඛ්‍ය තත්වය තිබේ.

● කුම්භ
ඉතාම වාසනාවන්ත සතියකි.
සතිය මුලදි ආදායමට, රැකියාවට යම් බාධක පැමිණියද සතිය අගදී එම තත්වය යහපත් වේ. ඔබට සතිය අගදි විශේෂ පුද්ගලයෙකු නිසා මුදල් හදල් හෝ යම් වාසියක් හිමිවේ. 
ගෘහ ජිවිතය, ප්‍රීතිමත්ව ගතකර ගැනිමට පුලුවන්. පෙර කීවාක් මෙන්ම සතිය අගදී යම් යම් වාසි සහගත දේ සිදුවේ. එයින් සිතට සතුට ලැබේ. 
සෞඛ්‍ය තත්වය අයහපත් නොවේ. 

● මීන
ශුභදායක සතියකි.
දියුණුවට උදව් උපකාර ලැබෙනවා සේම, වැඩිහිටියන්ගෙන් ඥාතින්ගෙන් උදව් උපකාර ලැබේ. එය වාසි සහගත තත්වයකි. 
සතිය මැදදී දුර හෝ කෙටි ගමනක් නිසා යම් යම් ආර්ථික වාසි හිමිවේ. 
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කරගැනිමට වාසනාව ලැබේ. දුවා දරුවන් නිසා සිතට සහනය ලැබේ. ආර්ථික තත්වයද දියුණු වේ. 
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැතත්, උදරාබාධ සහ වෙනත් සෞඛ්‍ය ගැටළු ගැන ප්‍රවේසම් වන්න.,

#ඉරුසේවය + Iru Astrology +

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

බුධ මාරුව (අගෝ.30 සිට)

ග්‍රහලොව බුද්ධිමතා වන “බුධ“ ඊයේ(29) රාත්‍රියේ කන්‍යාවට පිවිසියේය. කන්‍යාවේ උච්ච බලයට පැමිණෙන බුධ ‘විදුරවි යෝගය‘ ඇති කරයි.
කන්‍යාවේ ස්වක්ෂෙත්‍රව බලවත්ව සිටින රාහුද සිටී.
ඒ අනුව මෙය යහපත් තත්වයකි.

ලග්න වලට පලාපලය මෙසේය.

٠ මේෂ
බුධ 6 වැන්නේ උච්ච වේ.
වෙනදාට වඩා බුද්ධිමත්ව කටයුතු කරන කාලයකි.
ආරක්ෂක අංශයේ නම් රැකියාවේ දියුණුව අපේක්ෂිතය. කෙසේ වුවත් රැකියා වල දියුනුවට හේතු විය හැක.
වෙනදාට වඩා ශරීර සනීපය දියුණු වන කාලයකි. එසේ වුවත් ආහාර පානාදිය භාවිත‍යෙදි පරිස්සම් වන්න.

٠ වෘෂභ
5 වැන්නේ බුධ උච්ච වෙයි.
බුද්ධිය ලැබෙන කාලයකි. මනා සැලැස්මකින් කටයුතු කරන කාලයකි.
වෙනදාට වඩා දක්ෂතාවයෙන් යුතුව කටයුතු කරන කාලයකි. කලා කටයුතු කරන අයට විශේෂයෙන් සුබයි. අන් අය අතර කැපී පෙනෙන කාලයකි.

٠ මිථුන
4වැන්නේ බුධ උච්ච වේ.
“ භද්‍රා යෝගය“ බලවත්ව යෙදේ. වෙනදාට වඩා කටයුතු සාර්ථක වේ. වැඩි කැපවීමකින් තොරව ජය ලැබේ. ආර්ථික වාසිද ලැබේ. සතුරන් පරාජය වේ.
කටයුතු සාර්ථක වුවද බුද්ධියෙන්ම කටයුතු කිරීම සැමදාටම යහපත් වනු ඇත.

٠ කටක
3 වැන්නේ බුධ උච්ච වෙයි.
යහපත්ය. තම දියුණුව වෙනුවෙන් අකාමකා වැඩ කරන කාලයකි. කෙසේ වුවත් කටයුතු කිරිමෙදි බුද්ධියට ඉඩ දෙන්න, අනවශ්‍ය ලෙස දියුණුවට කටයුතු නොකරන්න. එසේ වුවොත් කරදර විය හැක. ඔබේ සහෝදරයන්ට සුබ කාලයකි.
විදුලි අනතුරු, ගිනි අනතුරු ආදියෙන් පරිස්සම් වන්න.

٠ සිංහ
2වැන්නේ බුධ උච්ච වේ.
යහපත්ය. මෙතෙක් පැවති කරදර දුරුවන කාලයකි. යහපත පිණිස කටයුතු යෙදේ.
හදිසි ධනලාභ ඇතිවිය හැක. රැකියාවේ දියුණුව ඇතිවේ. වෙනදාට වඩා සිතට සතුට ලැබේ.
සතුරු කරදරද ඇතිවිමට යම් ඉඩක් ඇත.
නව ව්‍යාපාර ආදිය ඇරඹීමට සුභ කාලයකි.

٠ කන්‍යා
බුධ 1 වැන්නේ උච්ච විය.
ලග්නයේම බලවත් භද්‍රා යෝග තත්වයක් තිබීම සුභ තත්වයකි.
තමාට අවශ්‍ය දේවල් ලැබෙන කාලයකි. කෙසේ වුවත් මේ යහපත් තත්වය සමග රාහුගේ කටයුතු අවුල් කරන, පමණ ඉක්මවා කටයුතු කරන තත්වයන්ද ඇතිවිමට ඉඩ ඇත. ඒ ගැන අවදානමත් වන්න. සෑමවිටම තම ගෞරවය ගැන සිතා බලා කටයුතු කරන්න.
විශේෂයෙන් ප්‍රේමය හා විවාහයට අදාල කටයුතු වලදී සැලකිලිමත් වන්න.

٠ තුලා
බුධ 12 වැන්නේ උච්ච විය.
ස්ථාන මාරු අපේක්ෂා කල හැකි කාලයක් විය හැක. යම් කරදර ඇතිවුවද ඒවා පසුකාලීනව යහපත පිණිස හේතුවිය හැක. ලග්නයට පාපී ශනි-කුජගේ බලපෑම නිසා බුද්ධියෙන් කටයුතු කල යුතුය.
ආවේගශීලි නොවන්න. ඉවසිලිවන්ත වන්න. සතුරු බලවේග වලින් හානි ඇතිවිමටද යම් ඉඩක් ඇත.

٠ වෘශ්චික
බුධ 11 වැන්නේ උච්ච විය.
මෙය යහපත්ය. කටයුතු සඵල වන කාලයකි. මුදල් අතට ලැබේ.
ලැබෙන්නට තිබූ දේ ලැබේ.
ප්‍රේමයෙදිද විවාහ ජිවිතයෙදිද ඉතා ඉවසිලිවන්ත නොවුනොත් සබදතා බිඳ වැටීමක් දක්වා යා හැකි බැවින් බුද්ධිමත් වන්න. එම කැපවීම නිසා පසුවටත් සිතට සතුට ලැබෙන බව සිහි තබාගෙන කටයුතු කරන්න.

٠ ධනු
බුධ 10 වැන්නේ උච්ච වෙයි.
භද්‍රා යෝගයේ සෑහෙන බලයක් ලැබෙන්නේ කර්මස්ථානයේ උච්ච විම නිසාය.
මෙම පිහිටීම නිසා යම් තරමකට කටයුතු සඵල වේ. විශේෂයෙන් විදෙස්ගත වීමට සිතූ අයට එම පැතුම් ඉටුවේ.
රාහුගේ බලපෑම නිසා මෙම යහපත් තත්වයන්ට බාධා මෙන්ම කටයුතු අවුල්වීමක්ද අපේක්ෂිත නිසා, අදාල කේන්දර සටහන් අනුව කල යුතු දෑ කරගෙන කටයුතු කිරීම වටී. විටෙක සිහි බුද්ධිය නැති කටයුතු කිරීමේ ඉඩක් පවතී.
රාහුගේ බලය නිසාම නොකල වැරදි වලට චෝදනා ආදිය එල්ලවීමටත් ඉඩ ඇති නිසා බුද්ධිමත් වන්න.

٠ මකර
9 වැන්නට බුධ උච්ච විය.
මෙය පෙර පින් මතුවෙන කාලයකි. අන් අයගේ උදව් පවා ලැබේ.
ආගම දහමට අනුව නිසිලෙස කටයුතු කරන අයට ආශිර්වාද අපේක්ෂිතය.
එසේ වුවද බුධට රාහුගේ බලපෑම නිසා රැකියාවෙදි බුද්ධියෙන් කටයුතු කිරීම වටී. ස්ථාන මාරුවක් අපේක්ෂිතය. බුද්ධිමත් නොවුනහොත් රැකියාවට අවදානමක් ඇතිවිය හැක.

٠ කුම්භ
8 වැන්නේ බුධ උච්ච විය.
පොදුවේ අයහපත් වුවද අනිකුත් ගෝචරයන් නිසා අපල තත්වයන් යම් තරමක් හෝ මග හැරෙනු ඇත. අන් අය හා කටයුතු කිරීමේදි බුද්ධිමත් වන්න. රාහුගේ බලපෑම නිසා විවිධාකාර මුලාවීම් සහ අනවශ්‍ය ලෙස උදව් කරන්නට යෑමෙන් කරදර ඇතිවිය හැක. විශේෂයෙන් ජලය ආශ්‍රිත අනතුරු වලින් පරිස්සම් වන්න.

٠ මීන
7 වැන්නේ බුධ උච්ච විය.
භද්‍රා යෝග බලය ලැබේ.
ජලය සහ දියර කටයුතු වලදී පාඩු, හානි වීමේ ඉඩකඩක් ඇති නිසා බොහෝ පරිස්සම් වන්න. ආදායම් වලට යහපත්ය.
පෙම් සබදතා වලදී ඉතා බුද්ධිමත් වන්න. විවාහවී සිටින අයද බුද්ධියෙන් කටයුතු කරන්න. තම ගරුත්වය රැක ගැනීමට කටයුතු නොකිරීමෙන් බොහෝ කරදර බාධක ඇතිවිමට ඉඩ ඇත.

#ඉරුසේවය = Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364 

Friday, August 29, 2014

“ ගණ දෙවිඳුන්ගේ පිළිමයක් “


වාස්තු විද්‍යා - නිල නිවාසයක ඇති දෝෂ

අද ඉදිරිපත් කරන්නේ වාස්තු විද්‍යාව සම්බන්ධව සටහනකි.

මනුෂ්‍ය පරිණාමයේ ගල් යුගයෙන් පසු ජනාවාස ආකාරයට මනුෂ්‍යයා ජනවාස වීමෙන් පසු, ශිෂ්ටාචාරයට පැමිණීමෙන් පසු නිවාස ඉදිකිරීමට යම්කිසි දර්ශනයකට මනුෂ්‍යයා පැමිණ ඇත. කෙසේ වෙතත් අප එතරම් දුර යා යුතුත් නැත. ආදියේ රජ දවස සිට වාස්තු විද්‍යාව සම්බන්ධව සැලකිලිමත් වූ බව පෙනී යයි.
එසේම අප ඉදි කරගන්නා නිවාස වලට අමතරව, අපට සමාජයේ අපේ රැකියාවත් සමග ආයතන මගින් අපට සේවය කරන්නට ලබාදෙන නිවාසද ඇත.
අද මේ තබන සටහන එම නිල නිවාසයක ඇති වාස්තු දෝෂ පිළිබදවයි.

නිල නිවාස බොහෝදුරට වාස්තු විද්‍යානුකූලව ඉදි නොකල ඒවාය. මේ නිසා බොහෝවිට දුවාදරුවන්ගේ ප්‍රශ්න, අධ්‍යාපනික ගැටළු, සෞඛ්‍ය ගැටළු මේ අතර ප්‍රධාන ගැටළුය.

* බොහෝවිට පාලන අධිකාරිය ඒ සේවකයන්ට, නිලධාරින්ට ලබාදෙන නිවාස සම්බන්ධව නිසි ප්‍රමිතියකට වාස්තු විද්‍යා කටයුතු කර නොමැත. එසේම ඒවා සම්බන්ධව වෙනස් කිරීමට පාලන අධිකාරිවල ප්‍රධානින්ටද යම් අපහසුතාවයක් පවති. එයද අප පිලිගත යුතුය.

* නමුත් ඔබ කල යුත්තේ නිවසක් ලබාගැනීමට පෙර වාස්තු දෝෂ පරික්ෂා කරවා එහි ඇති අසුභ දෝෂයන් උපරිම ආකාරයට වෙනස් කරගැනීමට යම් යම් වෙනස්කම් කිරීමය.

මා පහතින් සඳහන් කර ඇත්තේ, එක්තරා ආයතනයකට අයත් නිළධාරි මහතෙකුගේ නිල නිවාසයකි.


1) මුලින්ම දැක්වෙන පඩි පෙල දෝෂ සහිතය. 
මෙහි ඉන්දියානු වාස්තු විද්‍යානුකූල හැටියට මේ පඩිපෙළ පියවර 3කින් ගෙට ඇතුළුවන ආකාරයට සකස් කොට ඇත. 
එය “ලාභ-පාඩු“ චක්‍රයෙන් බැලූ කල අවසන් වන්නේ පාඩු වෙනි.එහි අවාසිය මැඩ පැවැත්වීමට මා යම්කිසි උපදේශයක් දී ඇත. 

 



2 ) තවද 2 වන ඡායාරූපය ගැන අවධානය යොමු කරන්න. 

ප්‍රධාන උළුවස්ස උඩින් ඇති ලී ගණන 4කි. මෙම නිසා ප්‍රධානව ගෘහ මූලිකයාට ආර්ථික සහ රාජකාරි මට්ටමින්ද ගෘහ ජිවිතයේ ගැටළු වලින්ද අඩුවක් නොමැත. එසේම මෙය ඉතාම අශුභ තත්වයකි. මේවා නැති කල හැක.


( 3) මෙහි 3වන පින්තුරය, මෙහිදී ප්‍රධාන දොරටුව සමග උළුවහු 4ක් දර්ශනය වේ. 
අවසාන උළුවහුව ඇත්තේ නාන කාමරයේ සහ වැසිකිළියේය. 
එය ඉතාම අශුභ සහ භයානක තත්වයකි. මෙම නිසා ඇතිවන දුර්විපාක අතිමහත්ය. 

* මෙම නිවසේ මීට කලින් සිටි අයද දැවැන්ත වූ ආර්ථික, සමාජීය පිරිහීමකට ලක්ව තිබුනි. 
මෙම දෝෂ වැලැක්විමට යම් යම් ප්‍රතිකර්ම තිබේ, ඒ සම්බන්ධව උපදෙස් දුන්නෙමි. 

ඔබද නැතහොත් ඔබගේ හිතවතුන්ද නිල නිවාස වල පදිංචි වීමේදි යම්කිසි සැලකිලිමත් වීමක නිරත වීම ඔබගේ යහපතට හේතු වෙනවා ඇත. 

විශේෂයෙන්ම ගුරු නිවාස, රෝහල් සම්බන්ධව දෙන නිල නිවාස වල මෙම කියන්නාවූ දෝෂ අනිවාර්යෙන්ම ඇත. ඒ සම්බන්ධව විශේෂ අවධානය යොමු කරන්න. 

කේන්දර සටහන් වල කොතරම් හොද ඵල තිබුනද වාස්තු දෝෂ තිබුනොත් එයින් තමාගෙ දියුණුව අඩාල කරයි. 

#Iru Sewaya

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364 

Tuesday, August 26, 2014

සර්ව කාර්ය සිද්ධි යන්ත්‍රය

“ අභියෝගාත්මක ජිවිතයෙදි එදිනෙදා කටයුතු බාධාවකින් තොරව කරගැනිමට වාසනාව ලැබීමට, අන් අයගේ ආදරය, කරුණාව සහ උදව් උපකාර ලැබීමට, ජනප්‍රිය වීමට, එසේම නිදුක් නීරෝගීව සිටීමට මානසික තත්වය උසස්වට තබාගැනීමට හේතුවන යන්ත්‍රයකි “. 

මෙය පැලදීමෙන් වෙනස අත්විඳීමට පුලුවන. 

විශේෂයෙන් අපල කාලයන් ගත කරවිටදී බොහෝ බාධක මැද වුවද මානසිකව පහල නොවැටී තම කටයුතු සාර්ථක කරගැනීමට මෙම යන්ත්‍රයෙන් උදව් ලැබේ. 

සියලු කටයුතු කෙරේ යම් උනන්දුවකින් යුතුව කටයුතු කරගෙන ක්‍රමිකව දියුණුවට උපකාර වන යන්ත්‍ර රත්නයකි.

ඔබ දන්නවාද ලග්නයේ ඉෂ්ඨ දේවතාව කවුද කියලා ? ? ?

පුරාතනයේ සිටම අද දක්වාම ජෝතිෂ්‍යය ශාස්ත්‍රය අදහන්නාවූ අපගේ මුතුන් මිත්තන් පවා ඉෂ්ඨ දේවතාවන් කෙරේ බලගතු විශ්වාසයකින් සිට ඇත.

අප රටේ ඉෂ්ඨ දේවතාවුන් ලෙස සදහන් කලත් මේ දේවතාවුන්වහන්සේලා කවුද, යන්න හරිහැටි අවබෝධයක් නොමැතිව කටයුතු කරන බව පෙනේ. මෙයට හේතුව වන්නේ ඒ සම්බන්ධව ඇති නොදැනුවත්කම නිසාය. 
ඉන්දියාවේ නම් ඉෂ්ට දේවතාව හෙවත් ඉටු දෙවියන් මනාකොට ගරු බුහුමන් දක්වා පුද පූජා පවත්වන තත්වයක් ඇත. 
ද්‍රවිඩ/දමිල භාෂාවෙන් ‘කුල දේවම්‘ යනුවෙන් හඳුන්වන්නේද මෙම දේවතාවුන් කොට්ඨාශයයි. 

මෙම දේවතාවුන් වහන්සේලාගෙන් අපගේ ජිවිතයට නිවරදි මග පෙන්වීමක් මෙන්ම උන්වහන්සේලාගේ නාමයන්ට පුණ්‍යානුමෝදනා කිරීම තුලින් අපගේ ජිවිතයේ විවිධ වූ ජයග්‍රහණ ලබාගැනීම ඉතාම පහසු වනවා ඇත. එසේ නම් අප ඒ ග්‍රහයන් අපගේ ලග්න වලට යෙදෙන ආකාරය විමසා බලමු.

☆ මේෂ 
මහා බ්‍රහ්ම දෙවියන්, ස්කන්ධ කුමාර/කතරගම දෙවියන් දෙදෙනාය.

☆ වෘෂභ 
ලක්ෂ්මී දේව මාතාවය. 

☆ මිථුන
ශ්‍රී විෂ්ණු දෙවියන්ය

☆ කටක
පත්තිනි සහ පාර්වතී දේව මෑණියන් වහන්සේලාය.

☆ සිංහ
ස්කන්ධ කුමාර සහ ඊශ්වර/ශිව දෙවිවරුය.

☆ කන්‍යා
ශ්‍රී විෂ්ණු දෙවියන් ප්‍රධානත්වයෙන්ම සැලකිය හැක.

☆ තුලා
ලක්ෂ්මි දේව මෑණියන්ය.

☆ වෘශ්චික 
කතරගම දෙවියන් හෙවත් ස්කන්ධ කුමාර දෙවියන්ය.

☆ ධනු
මහා බ්‍රහ්ම දෙවියන් සහ සරස්වතී දේව මෑණියන්ය. 

☆ මකර සහ කුම්භ ලග්න වලට
ශ්‍රී විෂ්ණු දෙවියන්ය.

☆ මීන 
මහා බ්‍රහ්ම දෙවියන්, සරස්වතී දේව මෑණියන් සහ ස්කන්ධ කුමාර දෙවියන්ය. 

මේ අයුරින් අප කල්පනා කර බලන විට අපගේ එදිනෙදා කටයුතු වලදී මෙම දෙවි දේවතාවුන් වහන්සේලාට පුද පූජා පැවැත්වීම සහ ඒ ආශ්‍රිතව කරන ගරු බුහුමුන් හේතුවෙන් අපට නොයෙක් විද ලාභ ප්‍රයෝජන සහ පිහිටාරක්ෂාව ලගා කරගැනීමට පුලුවන්ය.

#ඉරුසේවය
Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

Monday, August 25, 2014

සතියේ ලග්න පලාපලය (අගෝ.25සිට)

● මේෂ
ඔබට ශුභාශුභ මිශ්‍රපලයි.
සතියේ මුල් කොටසෙදී ලැබීම භාග්‍ය පෙන්වයි. එසේම දුවාදරුවන්ගේ ජයග්‍රහණය උදෙසා සතුටුවිය හැක. ඉගෙන ගන්නා දරුවන්ටද අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විශේෂ ලාබ ප්‍රයෝජන සතිය මුලදි අපේක්ෂා කරන්න.
සතිය මැදදී මේ තත්වය යටපත් වේ. කලබකාරිත්වය ආදායම් තත්ව වලට බාධා පෙන්වයි.
ගෘහ ජිවිතය මා පෙර සදහන් කල පරිදි දුවාදරුවන් සහ පවුලේ සියලුම දෙනා සමග සතුටින් සිටීමට පුලුවන. විනෝද ගමන් යෑමට හැකියාව ඇත. සතිය මැදදී රාජකාරි, ව්‍යාපාරික කටයුතු නිසා ඈත්විමට පවුලේ කටයුතු වලින් ඈත්විමට සිදුවේ. ඔබට මානසික පීඩනය ඒනිසා ඇතිවිය හැක.
බඩේ අමාරු, ආහාර නොදිරවන රෝග, අජීර්ණ, සහ මුත්‍රා අමාරු ඇතිවිමට ඉඩ ඇත.

● වෘෂභ
ඔබට වාසනාවන්ත සතියකි.
තමාගේ කටයුතු පහසුවෙන්ම කරගැනිමට පුලුවන.
ලොතරැයි වාසනාව උදාවේ. සහෝදරයන් මාර්ගයෙන් ආදායම් තත්වයට යම්කිසි උපකාරයක් ලැබේ. 
අවිවාහක අයට මංගල යෝග උදාවේ. එයට හොදම කාලයක්ය. එසේම ප්‍රේම සබදතා ඇති අයට ඒවා ස්ථිර වේ. ප්‍රීතිමත් කෙටි ගමන් යෙදේ. 
වෘෂභ ලග්නය හිමි මව්වරුන් ප්‍රවේසම් වීම මැනවි. පෞද්ගලික සනීපාරක්ෂාවේ ගැටළු ඇතිවිය හැක, ගබ්සාවද ඒ අතර වේ. බඩේ අමාරු, සෙම් රෝගද ඇතිවිය හැක.

● මිථුන
සර්වප්‍රකාරයෙන්ම සාර්ථක සතියකි. 
ධනයෝග නිරන්තරයෙන්ම එයි. තමාගේ කීර්තිය වැඩිවේ. රැකියා කරන අයට වගකීම් සහිත අයට, ප්‍රශංසා, වැටුප් වර්ධක සහ හොඳ නම අහන්න ලැබේ. තමාගේ උත්සාහය ධෛර්යය නිසා ව්‍යාපාරික කටයුතු දියුණු වේ. තවද නිවසෙන් පිට ගොස් කරන රැකියා සාර්ථක වේ, විදේශ රැකියා කරන අයටද සුභයි.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත කරන අතර, පවුලට නව සාමාජිකයන් එකතු වේ. එනම් නව දරු ලාභ ඇතිවේ.
මිථුන ලග්නයේ ඔබට විශේෂයෙන්ම සෞඛ්‍ය ගැටළු නැති අතර නිදන්ගත රෝග ඇති අයට ඒවායින් පරිස්සම් විමට උපදෙස් දෙමි. ගැස්ට්‍රයිටිස් හා පපුවේ දැවිල්ල ඇතිවිමට ඉඩ ඇත.

● කටක
හොඳ සතියකි.
තමාගේ බුද්ධිය සහ ඥානය නිසා ආදායම් තත්ව වැඩි දියුණු කරගැනීමට හැක. එසේම මේ සතියෙදි ලග්නාධිපති 2වැන්නේ නිසා උනන්දුවෙන් උත්සහයෙන් කරන කියන කටයුතු සාර්ථක වේ. උසස් අයගෙන් දියුණුවට උදව් උපකාර ලැබේ. 
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. කායික මෙන්ම, ලිංගික වශයෙන්ද පෙර නොතිබූ ජවයක් හා ප්‍රබෝධයක් ඒ අංශයෙන් ඇතිවේ. සහකාර බන්ධනය තදින් අවශ්‍ය වේ. කම්සැප ලැබේ. දියුණුවට හේතුවන සතියකි. 
රෝගාබාධ වශයෙන්, පපුවේ දැවිල්ල සහ සෙම් අමාරු, සෙම් ගෙඩි, ඇතිවිමට පුලුවන. 

● සිංහ
මෙම සතිය ශුභයි.
ඥාන යෝගයක් සමග චන්ද්‍රයා ලග්නයේ හැසිරෙමින් පටන් ගන්නා සතිය යහපත්ය. වියදම් කිරීමට ප්‍රමාණවත් මුදල් ඔබට ලැබේ. එසේම මහන්සි වී කරන කටයුතු වල වාසනාව ලැබේ. බොහෝ විට ඔබ සම්බන්ධයෙන් ප්‍රචාරය වේ. 
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගතවේ. කෙටි ගමන් යෙදේ.
පිනට දහමට සිත යෙදේ. 
සෞඛ්‍ය වශයෙන් ගත් කල පීනස, සෙම සහ ඉදහිට උණ රෝග ඇතිවිමට පුලුවන. ඒ ගැන පරිස්සම් වන්න.

● කන්‍යා 
මිශ්‍රපලයි.
කලබලකාරි ගමන් බිමන් හේතුවද, මානසික තත්වයද ඒ අනුව ඔබට අවාසියි. සතියේ මුලදී ධන හානියක් හෝ වටිනා කියන දෙයක් නැතිවීම පෙන්වයි. අනවශ්‍ය දේවල් වලට මුදල් යෙදේ. ලැබීම නම් මෙ කාලයෙදි තහනම් වචනයයි. ගුරු සහ සිකුරු මහ දසා ගත කරන අයට නම් ශුභයි.
ගෘහ ජිවිතයෙදි විවිධ බාධක කරදර ඇතිවේ. අඹුසැමියන් අතර යම් ගැටළු ඇතිවේ. දෙදෙනා අතර බහින්බස්වීම් ඇතිවිමට පුලුවන. ලිංගික ජිවිතයේ ඈත්වීමක් පෙන්වයි. එම ප්‍රීතිය දෙදෙනාටම නැතිවේ. වචනයෙන් ප්‍රවේසම් වන්න. දුවාදරුවන්ට තරවටු කිරීමෙන් වලකින්න. 
හිස සම්බන්ධ රෝග, මුත්‍රා අමාරු, ප්‍රමේහ රෝග, කාන්තාවන්ට මාස් ශුද්ධියේ ප්‍රශ්න ඇතිවිය හැක. 

● තුලා
සතියේ මුල් කොටස හොදයි. අග කොටස හොද නැහැ.
ආදායම් තත්ව දියුණු කරගැනිමට පුලුවන. රෙදිපිලි ව්‍යාපාර, අලංකරණ දේ ව්‍යාපාර, දේපල වෙලදාම කරන අයට වාසිසහගතයි. සහෝදර සහෝදරියන්ගෙන්, සමාජයෙන් උදව් ලැබේ. 
කේන්ති ගැනීම හොඳ නැත. අඹුසැමියන් අතරද, අවුල් ඇතිවිමට ඉඩ ඇත. කතා කර විසඳා ගන්න. සාර්ථක චින්තනයන් ඔබගේ ග්‍රහයන්ගේ පිහිටිම අනුව කඩාකප්පල්වීමට ඉඩ ඇත. සියලුම දේ මනසින් නිවරදිව කල්පනාකර තීරණ ගන්න.
අනතුරු ඇතිවිමට හේතුයි. තුවාල, අසනීප ඇත්නම් වහ වහා බේත් හේත් කරන්න. ලේ විෂවීම, උදරාබාධ වලින් පරිස්සම් වන්න.

● වෘශ්චික
මේ සතිය ඉතාම ශුභයි. 
වාසනාවන්තම සතියක් වේ. දියුණුවට, ආධාර උපකාර ලැබෙන අතර, ස්විප් වාසනාවද හිමිවේ. ආගිය තැන කැපී පෙනේ. මුණ ගැසෙන හැම පුද්ගලයාගෙන්ම, දියුණුවට යම් හෝ දෙයක් ලැබේ.
ජලය ආශ්‍රිත රැකියා, වෙලද ව්‍යාපාර, විදේශ රැකියා කරන අයට ඉතාම හොදයි. 
ගෘහ ජිවිතයද වාසනාවන්තව ගත වන අතර, දරුවන්ගේ දියුණුව දකින්නට පුලුවන. බිරිද හෝ සහකරුවා සමග දිනය පුරාම ප්‍රීතිමත්ව ගතවන අතර, වෘශ්චික ලග්නයේ අයට තත්කාල ග්‍රහචාරයේ කුජ-ශනි යෝගයක් පැවතීම නිසා ලිංගික ජිවිතයෙදි ප්‍රීතිය අහිමි විය හැක. එසේ වන්නේ, දෙදෙනාගේ එකතුවෙදි බහින්බස්වීමක් නිසා සිත් රිදීම හේතුවෙනි. ඒ ගැන කල්පනා කර බලන්න. 
සෞඛ්‍ය උදාරාබාධ, පාදවල අසනීප ගැන පරිස්සම් වන්න.

● ධනු
මේ සතිය යහපත්ය.
කලබලකාරි ජිවිතයෙදි දියුණුව ලගාවන්නේ, ඔබගේ කැපවීමම නිසාය. සතියේ දින 7ම, දියුණුවට යම් දෙයක් එකතු වේ. මහන්සි වන්න. උත්සහවන්ත වන්න. උදව් උපකාර මෙන්ම තමාගේ බුද්ධියෙන්ද දියුණුවට හේතු, සාධනීය තත්වයන් ඇතිවේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවේ. ගුරු, සිකුරු මහ දසා ගතකරන ධනු ලග්න හිමි දෙපාර්ශවයටම දායාද හිමිව විවාහ වීමට හැකිවේ. ලිංගික ආශාව ප්‍රබලය. කම්සැප ලැබේ. 
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු ඇති නොවේ. අණ්ඩවායු තත්ව ඇති අය, ඒ ගැන බලාගන්න. කේතු මහ දසා, අතුරු දසා ගත කරන අය පපුවේ මහන්සිය, සෙම ඇදුම රෝග වලින් ආරක්ෂා වන්න.

● මකර
ඔබට මිශ්‍රපලයි.
දවස් 3කට ආසන්නව අපලයි. ආදායම් වැටේ. රැකියාව අඩපණ විය හැක. වෙලද ව්‍යාපාර අසාර්ථක වීමට මේ දවස් 3 හොදටම ඇතිය. ප්‍රවේසම් වන්න. ණය තුරුස් වලින් ඔබ වැටේ. ණය වෙන්නත් එපා දෙන්නත් එපා. ගෘහ ජිවිතය හොදයි. ඒත් මකර ලග්නයේ කුඩා දරුවන් ජල ආශ්‍රිත අනතුරු විය හැකි නිසා ආරක්ෂා කරගන්න. හිතුවක්කාර වෙන්න පුලුවනි. ගින්දරෙන් ආරක්ෂා කරගන්න. විදේශ රැකියා වල නියුතු අයට හොදයි.
උණ රෝග, ගින්දරෙන් ඇතිවන රෝග, ලේ විෂවීම්, ස්නායු රෝග ගැන සැලකිලිමත් වන්න. 

● කුම්භ
ඔබට මිශ්‍රපලයි.
සතියේ මුල් කොටසෙදි, ආදායම් තත්ව හොදයි. හවුලේ කරන ව්‍යාපාර කරන අයට හොදයි. උත්සාහයෙන් යහපත්ව කරන කටයුතු සාර්ථක වේ. තත්කාල ග්‍රහචාරයේ අපල පවතින බව මැනවින් සිතට ගන්න. ඒවාට අදාල වන ශාන්ති කර්ම කරගෙන, ව්‍යාපාර කටයුතු, රැකියා කටයුතු වල නියැලෙන්න.
ගෘහ ජිවිතයෙද ලොකු කඩාවැටිමක් නැතත්, ආදායම් තත්ව වල ප්‍රශ්න නිසා යම්කිසි කණස්සලු ගතියක් ගෙදර ඇතිවේ. නමුත් නැන්දලාගෙන් මාමලාගෙන් උදව් උපකාර ලැබේ. 
රුධිරයෙ ග්ලුකෝස් ප්‍රමාණය වැඩිවිම, හතිය, උදරය මහත්විම, උදරය වැඩිවීම ආදිය මේ කාලයෙදි දකින්නට පුලුවන. ඒ වලින් ආරක්ෂා වී සෞඛ්‍ය සම්පන්නව රටාවකට ඉන්න.

● මින
ඔබට ශුභාශුභ මිශ්‍රපලයි.
සතිය මුලදී, යම්කිසි කඩාවැටීමක් පෙන්නුවද සතිය මැදදී ඒ තත්වය පහව යයි. වාසනාවට යම් යම් දේවල් ලැබිමට පුලුවන. උනන්දු වී කටයුතු කරන්න. රැකියා කරන අයගේ වැටුප් වර්ධක ලැබිමට හේතුයි. 
ගෘහ ජිවිතය තරමක ගැටළු මැදින් ගතවේ. රාහු 7 වැන්නේ නිසා සහකරු බිරිද සමග යම් යම් මත ගැටුම් ඇතිවේ. ඒවා නුවණින් කල්පනා කර විසදා ගන්න. දරුවන්ගේ දියුණුව ඇතිවේ. ඔවුන්ගේ වාසනාව නිසා යම් යම් අපහසුතා පහව යයි. 
සෙම් රෝග සහ වාත අමාරු, ආසාත්මිකතා ඇතිවිමට ඉඩ ඇත, ප්‍රවේසම් වන්න. 

Iru Astrology <>#ඉරුෙස්වය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

Sunday, August 24, 2014

“ ගම්භාර ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේ “

මහානුභාවසම්පන්නව උපත ලබා සේනාව රැස් කර යක්ෂ කටයුතු කර, පසුකාලීනව ලංකාවට පැමිණ පත්තිනි දේව මෑණියන්ගේ ආනුභාවයෙන් දේව වරමක් ගෙන මහානුභාවසම්පන්න දේවතාවෙකු ලෙස කටයුතු කරන ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් වහන්සේ.

* ගම්භාර දෙවියන්ට වන්දනා කරන්නේ නම් නොකඩවා එය කල යුතුය.
එය අතපසු වන්නේ සැබෑවට නොවුනොත් කරදර ඇතිවිය හැක.

_ 12 රැසට බලපාන ශුභ අශුභ ග්‍රහයන් _

මේෂ ලග්නයේ සිට මීනය තෙක් ලග්න 12කි.
මෙලොව උපදින සියලුම ජන්මීන් මෙම ලග්න 12න් 1කට අනිවාර්යෙන්ම හිමිකාරිත්වය දරයි.
එසේම නක්ෂත්‍ර තාරකා 27ක් ඇත. එම 27න් 1 නැකතක් හිමිවන්නේද පෙර කියූ පරිදිය.
ග්‍රහයන් 9 දෙනෙකි.
රාහු කේතු යන ඡායා ග්‍රහයන් හැරුණු කොට අනික් ග්‍රහයන් 7 දෙනෙකි.
ලග්න වලට සියලුම ග්‍රහයන් හොඳ කරන්නේද නැත, නරක කරන්නේද නැත.
ශුභ, අශුභ ග්‍රහයන් මෙසේය.

● මේෂ ලග්නයට 

සුභයන් වන්නේ, කුජ, ගුරු, චන්ද්‍රය. 
අසුභයන් වන්නේ - බුධ, සිකුරු, සෙනසුරු

● වෘෂභ ලග්නයට 

සුභයන් වන්නේ - සෙනසුරු සහ බුධ, රවිත් ශුභයි.
අසුභයන් වන්නේ - සිකුරු, ගුරු, සඳු 

● මිථුන ලග්නයට 

සුභයන් වන්නේ - මූලික ශුභ දෙන්නේ සිකුරුය, බුධ 
රවි කුජ ගුරු යන ග්‍රහයන් ලග්නාධිපති බුධ සමග ඇති වෛරය නිසා අසුභ වේ.

● කටක ලග්නයට

හොඳම ග්‍රහයන් වන්නේ කුජ සහ ගුරුය. මොවුන් දෙදෙනාගේ යෝගය රාජ යෝගයක් වශයෙන් සැලකේ. 
අශුභ පල දීමට සෙනසුරු සහ සිකුරු, බුධ මූලික තැන ගනී. 

● සිංහ ලග්නයට

සුභ ග්‍රහයන් වශයෙන් කුජ ග්‍රහයා සහ ගුරු සඳහන් කල හැක. රවිත් සුභයි. 
අශුභ වන්නේ, බුධ, සිකුරු, සෙනසුරු. 

● කන්‍යා ලග්නයට

ශුභම පලම දෙන ග්‍රහයා වන්නේ සිකුරුය. බුධත් හොදයි.
පාප ග්‍රහයා වශයෙන් කුජ, සඳු, ගුරු සඳහන් කල හැක.

● තුලා ලග්නයට

බුධ හා සෙනසුරු හොඳම ග්‍රහයන් ලෙස කිව හැක.
රවි, කුජ සහ ගුරු යන ග්‍රහයන් අපල කරන ග්‍රහයන්ය.

● වෘශ්චික ලග්නයට 

ශුභම ග්‍රහයන් වන්නේ, සඳු, ගුරු, රවිය.
කුජ, බුධ, සිකුරු යන ග්‍රහයන් වෘශ්චික ලග්නයට සුභ නැත.

● ධනු ලග්නයට

රවි - බුධ යෝගය රාජ යෝගයකි. කුජ, ගුරු ඉතාම ශුභයි. 
සිකුරු හා සෙනසුරු ඉතාම අශුභයි. 

● මකර ලග්නයට

බුධ, සිකුරු ග්‍රහයන්ගේ මහ දසා අතුරු දසාද ඒ ග්‍රහයන්ද ඉතාම ශුභයි. 
කුජ, ගුරු, සඳු පාප ග්‍රහයන්ය.

● කුම්භ ලග්නය

සිකුරු නම් සුභම සුභයි. රවිද සුභයි. 
ගුරු, කුජ, සඳු එතරම් සුභ නැත. 

● මීන ලග්නයට

කුජ - සඳු යෝගයද සුභයි. ගුරු ග්‍රහයාද බලවත්ම ග්‍රහයෙකි. 
රවි, බුධ, සිකුරු, සෙනසුරු පාපියෝ ලෙස සැලකේ. 

#ඉරුසේවය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

Thursday, August 21, 2014

දිරිය දියණියකගේ කේන්දර සටහන ඇසුරින්

_ සිරිසෙත සදන ග්‍රහ බලය _


90 උපත ලබා ඇති මේ ජන්ම පත්‍රය බැලූ බැල්මටම වාසනාවන්ත වූ ජන්ම පත්‍රයකි

* මෙම කුමරියගේ කේන්දරයේ රාහු ලග්න ගතව පිහිටා චන්ද්‍රයාගේ දෘෂ්ඨි ලැබීම නිසා වේගවත්ව සිතිවිලි ඇති කරන තත්වයක් පෙන්වයි. 

* සඳු ග්‍රහයා උච්ච බලයෙන් 5 වැන්නේ සිටීම මනා වූ ඥාන ශක්තියකටද හිමිකම් කියයි. 

* උප්පත්ති කේන්දරයේ රවි - බුධ - සිකුරු ග්‍රහයන් 10 වැන්නේ කේන්ද්‍රගතව ඇත.

* මෙම ජන්ම පත්‍රයට අනුව කුඩා කල සිටම ඉතාම පරිශ්‍රමයක් දරා අධ්‍යාපන කටයුතු වල නියුතු වූ බව මෙයින් පෙනී යයි. 
මන්ද මනාකොට වූ ඥාන ශක්තියක් මෙන්ම වාසනා ගුණයක්ද තිබිය යුතු නිසාය. 

* 10 වැන්නේ රවි බුද සිකුරු යන ග්‍රහයන් පිහිටීම නිසා යම් දිනෙක උසස් රැකියාවක් ලබාගැනීමටද වාසනාව ඇත. 
* මෙම දරුවාට සිකුරු ග්‍රහයා බලවත් වීම නිසා සමාජයේ කැපී පෙනෙන ව්‍යාපාරික නමක් දිනාගැනීමට තරම් වාසනාවන්තය.

* එසේම 7 වැන්නාධිපති සඳු උච්චව සිටින බැවින් අනාගතයෙදි රූපසම්පන්න, හොඳ සහකරුවෙකු ලැබෙනවා මෙන්ම, හවුලේ කරන ව්‍යාපාරික කටයුතු වලින් ඉහල දියුණුවක් ලැබීමටද මේ දරුවාට වාසනාව ඇත. 

මෙම දරුවා දැනට ගත කරන මහ දසාව සහ අතුරු දසාව අනුව 2016න් පසු මෙම අපලකාරි තත්වයෙන් අත්මිදුනායින් පසු දරුවාට ඉතාම හොඳ අනාගතයක් ඇතිවනු ඇත. එය බොහෝ වාසනාවන්ත තත්වයකි. 

කෙසේ වෙතත් ග්‍රහ අපල මර්ධනය කිරීමේ යම්කිසි හැකියාවක්ද මෙම දරුවාට ඇත. එය වටිනා තත්වයකි. 

අනාගතය ඉතාම ක්‍රමානුකූලව දියුණු කරගැනීමටද, ජයග්‍රහණය සඳහා තමාගේ මනස මෙහෙය වීමටද මෙම ජන්ම පත්‍රයට අනුව අවස්ථාව ලැබේ. !

#ඉරුසේවය Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

~ බොහෝ කලකට පසු ලැබෙන දිව්‍යමය සුභ මුහුර්තයක් ~

2014ක් වූ අගෝස්තු මස 21 වන දින, උදේ 6 පසුවී විනාඩි 09ට මෙකී බලගතු මුහුර්තය යෙදෙයි. 

* මෙම මුහුර්තය යෙදෙන අංකයද ඉතාම ශුභයි. අංක 21 යනුවෙන් අංක විද්‍යාවේ ගණන් ගන්නේ අංක 3ටය. 
මෙම අංක 3න් බලගතු වන මෙම මුහුර්තය, රාවණ සැර මුහුර්තය ලෙස හඳුන්වයි.

මෙදින උදේ 6 පසුවී විනාඩි 09ට මෙය යෙදෙයි. 

ශාස්ත්‍රීය කටයුතු, වෙදහෙදකම් සහ විවිධ විද්‍යාවන් හැදෑරීමට, ශුභ ගමන් බිමන් යෑමට, 
අසාධාරණ ආකාරයට තමාගෙන් පලිගන්නා සියලුම සතුරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමටද මෙම බලගතු මුහුර්තය උපයෝගි කරගනු මැනවි. 

Tuesday, August 19, 2014

" පර්වත යෝගය" යනු කුමක්ද ?

බොහෝ දෙනා නොදන්නා බලගතු යෝගයකි. මෙම යෝගය කුමක්දැයි හඳුනා ගනිමු. 
මෙම යෝගය පිහිටන අයුරද හඳුනා ගනිමු.

* යම්කිසි කේන්දරයක ලග්නය 1, 4 සහ 7 වැන්න සහ 10 වැන්න තුල පිහිටන ප්‍රබල ග්‍රහයන්ගේ පිහිටීමෙන් ඇතිවේ. 

- යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ ලග්නයේ ගුරුද 4 වැන්නේ ශනිද, 7 වැන්නේ කුජද, 10 වැන්නේ රවි-බුධ ද පිහිටා කටක ලග්නයෙන් උපත ලැබුවොත් සක්විති රජ කෙනෙකු හා සමානය. 
මෙම තත්වය අප තථාගතයන් වහන්සේගෙ ගිහි කාලය වූ සිදුහත් කුමරාගේ ජන්ම පත්‍රයේ පිහිටා තිබුනි. 
මෙම ග්‍රහ යෝග වලින් උපත ලැබූ අයට පෙරට යන ගතිය, සියලුම සතුරන් මර්ධනය කරන ගතිය ඇත. ආත්ම විශ්වාසයෙන් ඉතා ඉහලය. 

* හතර කේන්දරය පාළු වූ විට පවතින්නේ කුමන වූ දුර්වල ග්‍රහචාරයක්ද, එසේම 4 කේන්දරය බලවත් වූ විට පවතින්නේ ඒ හා සමාන ප්‍රබල තත්වයකි. 

* තුලා ලග්නයෙන් උපන් මහත්මා ගාන්ධිතුමන්ගේ කේන්දර සටහනේ කුජ - සිකුරු ලග්නයේද, කේතු 4 වැන්නේද 7 වැන්නේ ගුරුද චන්ද්‍ර-රාහු 10 වැන්නේද පිහිටා තිබින. 

#ඉරුසේවය - Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

Sunday, August 17, 2014

සතියේ ලග්න පලාපලය - අගෝස්තු (18 සිට)

• මේෂ

මෙම සතිය මේෂ ලග්න ඔබට සුබ සතියකි.
ආර්ථික වාසි සැලසෙන්නේ ඔබගේ දැඩි කැපවීම මතය.
විශේෂයෙන්ම නුවණ මෙහෙයවා කටයුතු කරන අයටද , ගුරුවරුන්ටද, දේශකයන්ටද, වෙළද ව්‍යාපාරිකයන්ටද ආර්ථික වාසි සැලසේ. 
සතිය මැදදී කෙටි ගමනක් නිසා ආර්ථික වාසි ලැබීමටද පුලුවන. සහෝදර සහෝදරියන්ගෙන්ද උදව් උපකාර ලැබිය හැක.
ගෘහ ජිවිතයද පෙර පරිදි සමාදානයෙන් ගතකිරිමට වාසනාව ලැබේ. නමුත් තත්කාල ග්‍රහචාරයේ කුජ - ශනි යෝගයක් 7 වැන්නේ සිටිම නිසා අඹුසැමි අය අතර යම් මතභේද ඇතිවිමට හා විවාහපේක්ෂක අයට බලාපොරොත්තු කල්යෑමටද ඉඩ තිබේ.
රෝගාබාධ ලෙස උදරාබාධ, බෝවන රෝග හා සෙම් රෝග වලින් පරිස්සම් වන්න.

• වෘෂභ
ශුභ සතියකි.
තමාගේ ප්‍රියමනාප ජිවන තත්වය නිසා හා වචනයේ ඇති විශ්වාසනීය භාවය නිසා සියලුම දෙනාගෙන් උදව් ලැබිමට වාසනාව ඇත. 
ආර්ථික තත්වය මේ සතිය තුලදී යහපත් වේ. 
ගෙදර දොර කටයුතුද යහපත්ව කරගැනිමට වාසනාව ලැබේ. එම කටයුතු වලට බාධාවක් නොමැත. 
දුර බැහැර ගමන් බිමන් විනෝද චාරිකා ආදිය යෑමට ඉඩ ඇත. 
විශේෂ සෞඛ්‍ය ගැටළු නැතත් සෙම් රෝග හා හිසේ කැක්කුම් වලින් ආරක්ෂා වන්න.

• මිථුන
ඔබට සතිය මුලදී කිසියම් ආකාරයක වාසි තත්වයන් ඇත.
මේ කාලයෙදි ග්‍රහචාරයෙද උදව්වෙන් ඔබට ආර්ථික තත්වය දියුණු කරගැනිමට පුලුවන. එම තත්වයේද ගැටළුවක් පවතින්නෙ නැත. 
ගෘහ ජිවිතයද ප්‍රීතියෙන් ගතකර ගැනීමට වාසනාව ලැබේ. ඒවායෙදි සැලකිලිමත් විය යුතු වෙනත් ගැටළු නැත. 
විශේෂයෙන්ම නිදන් ගත රෝග ඇති අය පාලනය කරගන්න.

• කටක
ඔබට සුභ සතියකි.
ලග්නයේ ප්‍රබලව ගුරු හංස යෝගය සහ රාහුගේ බලවත්කම නිසා උත්සහයෙන් ධනධාන්‍ය තත්වය වර්ධනය කරගත හැක. විදේශ ගත කටක ලග්න අයට මේ කාලයේ යම්කිසි වාසි සහගත තත්ව බලාපොරොත්තු විය හැක. 
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කරගැනීමට දැනට පවතින ග්‍රහ බලය ප්‍රමාණවත්ය. දුවාදරුවන්ගේ දක්ෂතා තුලින් තමාට කීර්තියක් ලැබිම හා ඔවුන්ගේ කටයුතු වලට වැඩියෙන් කාලය යෙදවීමත් මේ කාලයේ සිදුවේ.
 පවතින ග්‍රහචාරයේ සුභ බලපෑම නිසා ඔබට කෝටියක් දෝෂ භංග කරගනිමින් ඉදිරියට යා හැක. ග්‍රැස්ට්‍රයිටීස්, සෙම් රෝග, පපුවේ අමාරු වලින් ආරක්ෂා කරගන්න.

• සිංහ
වාසනාවන්ත සතියකි. 
සඳු ග්‍රහයා 10 වැන්නේ බලවත්වීම නිසා ආදායම් මාර්ග වැඩි දියුණු වන බවට නිගමනය කල හැක. 
ධනධාන්‍ය තත්වය තමාගේ නුවණ මෙහෙයවා, ස්ථානෝචිත ප්‍රඥාවෙන් කලොත් දියුණු වේ. 
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වේ. විසේසයෙන්ම අඹුසැමියන් අතර ප්‍රීතිය වැඩි වන්නේ ගෙදරට අලුත් බඩුමුට්ටු ගැනීමෙනි. 
උෂ්ණාධික රෝග, හිසේ කැක්කුම්, අක්ෂි රෝග වලින් පරිස්සම් වන්න.

• කන්‍යා
තරමක කලබලකාරි සහ අවිවේකී කාලයකි. 
දැනට පවතින ග්‍රහචාරය අනුව තරමක කබලකාරිත්වයක් පෙන්වයි. සතිය මුලදී ඇති කරන්නාවූ පීඩනය ක්‍රමානුකූලව ඔබගෙන් පහව යයි. මේ සතිය ව්‍යාපාරික කටයුතු හා සංචාරක කටයුතු හා විදේශ රැකියාවල නියුතු අයට ඉතා වාසනාවන්තයි.
පවුලේ අය හා ප්‍රීති උත්සව පැවැත්වීමට කාලයකි. 
ඔබගේ කාර්යබහුලත්වය හැරුනු කොට නිවසේ සමාදානය රජ කරයි. අඹුසැමි ප්‍රේමය වර්ධනය කරයි.
රෝග වශයෙන් සදහන් කල හැක්කේ, හිසේ කැක්කුම් හා අවිවේකි තත්වය නිසා ඇතිවන මානසික ආතතිය ආදි තත්වයන්ය.

• තුලා
ඔබට කලකට පසු නැවත කාලයක් අපල පැමිණෙන බව අනුමාන කල හැක.
ආර්ථික තත්වය ඉහලට ගැනීමට මනා කැපවීමක් අවශ්‍ය වේ. සුභ දශා ගත කරන තුලා ලග්න මිස පාපි දසා ගත කරන තුලා අයට නොයෙක් විදියෙ කරදර වලට මුහුණ පෑමට සිදුවිය හැක. 
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කරගැනිමට යම් බාධා ඇත. කවර හෝ මාර්ගයකින් ආර්ථිකය කඩා වැටීම නිසා අඹුසැමියන් අතර යම්කිසි මතභේද ඇතිවිමට ඉඩ තිබේ. ඒ ගැන සැලකිලිමත් වන්න. 
සෞඛ්‍ය ගැටළු ලෙස නිදන් ගත රෝග ඇති අය පාලනය කරගැනිමට හා කලබල වී වැටී තුවාල වැටීම් සීරිම් ආදියෙන් පරිස්සම් වන්න.

• වෘශ්චික
සුභ සතියකි. 
තමාගේ දුක් මහන්සියෙන් සහ උත්සහයෙන් උනන්දුවෙන් ආර්ථිකය ඔසවා ගැනිමට අවස්ථාව ලැබේ. නව ආදායම් මාර්ග වලට දොර විවර වේ. බැංකු ණය සහ විශේෂිත පුද්ගලයන්ගෙන් දියුණුවට ආධාර ලැබේ. 
ප්‍රීතියෙන් ගෘහ ජිවිතය ගතවේ. වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබේ. දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටුවිය හැක.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත.

• ධනු
ශුභාශුභ මිශ්‍ර පලයි. 
සඳු 6 වැන්නේ ගමන් කිරිම නිසා ඔබට සතිය මුලදී මානසික කඩා වැටීම් නිසා ආදායම් තත්ව දුර්වල වීමට ඉඩ ඇත. වැඩ අතපසු කිරීම නිසා ලැබෙන මුදල් හිගවීමට ඉඩ ඇත. 
ගෘහ ජිවිතයේ ප්‍රබල ගැටළු නැති වුවත් ආර්ථික තත්වයේ ස්ථාවරත්වය ඊට බලපෑම් කරයි. නමුත් යම් යම් ග්‍රහ බලපෑම් නිසා ඒවා දුරදිග බල නොපායි. 
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවත් ස්ත්‍රි-පුරුෂ දෙපාර්ශවයම ප්‍රජනන සෞඛ්‍ය ගැන පරිස්සම් වන්න.
ගර්භණී මාතාවන්ද සැලකිලිමත් වීම අවශ්‍යයි.

• මකර
ශුභ සතියකි. 
ආර්ථික වාසි ඇතිවේ. හවුල් ව්‍යාපාර එමෙන්ම කාලයක් බලාපොරොත්තු වූ ලෙස ණය වලින් නිදහස් වීම හා ණය අයවීමද මේ කාලයේ සිදුවනු ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. 
විවාහක අයගේ යුග දිවියේ ඇති ප්‍රීතිය වර්ධනය වනවා සේම අවිවාහක අයට මංගල යෝග උදාවේ.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැතිමුත් සෙම් රෝග හා ඇඟපතේ අමාරු ගැන සැලකිලිමත් වන්න.

• කුම්භ
ග්‍රහචාරය හරස්වී තිබියදී සඳුගේ චාරය අනුව නම් සුභයි.
විදෙස්ගත රැකියාවල නියුතු අය, දුරබැහැර ගොස් සංචාරක ව්‍යාපාර කරන අය එනම් තැනින් තැන ගොස් ව්‍යාපාර කරන අයගේ ආදායම් තත්වය දියුණු වේ. 
විදේස රැකියාවල නියුතු අයටද සුබයි. 
අලුත් අමුත්තන් පැමිණීම නිසා ගෘහ ජිවිතය සතුටුදායක වේ. ප්‍රීති උත්සව යෙදේ. නිවසට අවශ්‍ය කරන අලුත් බඩු මුට්ටු ගැනීමට මෙය කාලයකි. 
උෂ්ණාධික රෝග, පපුවේ සෙම ආදියෙන් ආරක්ෂා වීම මැනවි.

• මීන
ශුභදායක සතියකි. 
කෙටි හා දුර ගමන් වලින් ආදායම් ලැබෙන අතර, තමාගේ ආත්ම විශ්වාසය ඇති පමණට තමාට මුදල් හදල් ලැබේ. 
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. දරුවන්ගෙන්ද ඉතාම හොඳයි. නිවැසියන් පවුලේ අය සමග විනෝද ගමන් වල යෙදීමට වාසනාව ඇත. 
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නොමැත. ඒරාෂ්ඨක අපලයක් තිබෙන නිසා පවතින රෝගාබාධ වලින් ආරක්ෂාවීම මැනවි.
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

Saturday, August 16, 2014

“ ලක්ෂ්මී දේව මෑණියන් “

ධන වාසනාව, සම්පත, සෞභාග්‍යය ලබාදෙන, කේන්දර සටහනේ 5 සහ 9 වැනි කොටු වලට අධිපති වන්නේද ලක්ෂ්මී මෑණියන්ය.

බොහෝ බලගතු රාජයෝගයක් වන ධර්මකර්මාධිපති රාජ යෝගය ඇතිවන්නටද එතුමියගෙ බලපෑමක් ඇත.

* නිවරදි ලක්ෂ්මී මෑණියන්ගේ පින්තුර වල කාසි අදාල බඳුනකට වැටිය යුතුය. නැතිනම් එතරම් යහපත් නැත.

කේතු සමග සංයෝග

කේතු පොදුවේ කෙට්ටු සිරුරක් හිමි කෙනෙකි. ඉනෙන් ඉහල මිනිස් සිරුරකුත්, පහල නාග කොටසකුත් සහිත බව කියවේ.
රහස් ගති ඇති, හකුළුවන කෙනෙකි. ඉගෙනීමට යහපත්ය.
පොදුවේ 5, 9 ස්ථාන වලට සුභයි. වෙන ග්‍රහයන්ට සුබ නැති 12 වැන්න කේතුට සුබයි.
12 කේතු සිටීමෙන් මේරුනු පෙනුමක් ඇතිවිය හැකි වුවද ධනය ලැබිමට හේතුවේ.
රාහු ප්‍රසිද්ධිය මෙන්ම කේතු අප්‍රසිද්ධ කරයි.
කේතු සමග අනිකුත් ග්‍රහයන් සිටීමෙදි තත්වයන් මෙසේය.

* කේතු - රවි

ඉ‍ගෙනීමට සුභයි. ආදායම් ලැබුවද වියදම් අධික වේ. ධනවත් වීම ගැන අදහස් අඩුය. හකුළුවන ගති නිසා අන් අය අතර කැපී නොපෙනිය හැක.
සෙම ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

* කේතු - සඳු/චන්ද්‍රයා

බොහෝ සිතන යෝගයකි. සිත චංචල විය හැක. මෙය හොඳ ඥාන යෝගයකි. මෙය ඉගෙනීමට යහපත් පිහිටීමකි. බොහෝ දැනුම ගන්නා පිහිටීමකි. විරුද්ධ ලිංගික අයට ලැදිය. රැවටීම් වලට අසුවීමටද ඉඩ ඇත. එසේ වුවද උපායශීලිය.

* කේතු - කුජ/අගහරු

දුර්වල ශරීරයක් හිමිවිමට ඉඩ ඇත. විවාහයට බාධා වන තත්වයක් කේතු නිසා ඇතිවෙයි. විවාහයෙදි පරිස්සම් වීම වැදගත්ය.
රුධිරය සම්බන්ධ රෝග හා ශක්තිය අඩුවිමේ රෝග ගැන සැලකිලිමත් වන්න.

* කේතු - බුධ

මෙයද ඥාන යෝගයකි. මෙම යෝගය ඇති අය ඉගෙනීමට දක්ෂය. විසේසයෙන් ගණිත මිණිත කටයුතු, කලාවට බර අය වෙති. බුධගේ ලක්ෂණ යෙදීම නිසා මෙසේ වෙයි.
සමහරවිටක සම ආශ්‍රිත රෝගි තත්වයන් ඇතිවිමට ඉඩ ඇත.

* කේතු - ගුරු/බ්‍රහස්පති

ධනය ලැබෙන පිහිටීමකි. අධ්‍යාපනයට යහපත්ය. එක තැනක හිදිමින් කටයුතු කරයි. කාර්යශූර වේ. දේපල ආදිය ලැබේ. විසේසයෙන් ගුරුගේ මහ දසා, අතුරු දසා මෙන්ම, කේතුගේ මහ දසා අතුරු දසා වලදී සුබයි.
පිත ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

කේතු - සිකුරු/ශුක්‍ර

ධනවත් විය හැක. ධන ලාභ තිබේ. එසේ වුවද දරුවන් අඩුවීමට හෝ නැතිවිමට ඉඩ තිබේ. විටෙක තමාට නුසුදුසු අය හා සම්බන්ධ වී කරදර පවා ඇති කරගනී.
සෙම් රෝග, ශුක්‍ර ධාතුව සහ ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය සම්බන්ධ රෝග ගැන සැලකිලිමත් වන්න.

කේතු - ශනි/සෙනසුරු

මෙය නිසා රෝගි තත්ව විශේෂයෙන් කඩිසර සහ ධෛර්යවන්ත නොවිමට ඉඩ ඇත. මතකය අඩුවිමට ඉඩ ඇත. සෙම් ආබාධ, ස්නායු රෝග වලට ඉඩ ඇත. කල්පවතින රෝග පවා ඇතිවිය හැක.

කලබල, කරදර “ රාහු “


“ රාහු “ ඡායා ග්‍රහයෙකි.
එසේ වුවද ජෝතිෂ්‍යයට අනුව රාහුගේ බලපෑම ඉහලය.
රාහු අසුරයන්ගේ නායකයා හෙවත් රජුය. “රාහු අසුරේන්ද්‍රයා“ ලෙස සැලකේ.
අසුරයන් සුරයන් තරම් බුද්ධිමත් කොටසක් නොවේ. රාහුද එසේම ලෙස සලකයි.

රාහුට ඇත්තේ නයි ඔළුවකි. මිනිස් දෙත් සහ දෙපාය. දෙපා බොහෝ දිගය. අශ්වයා පිටින් යන්නේද වේගයෙනි.
ඒ අනුව රාහු, බුද්ධිය අඩු කටයුතු වලට මූලික වේ. ඒනිසාම කරදර ඇති කරයි. ඥානය අඩු ක්‍රියාශීලිත්වය වැඩි කෙනෙක් ලෙස සැලකේ.

රාහු කටයුතු රහසේ කරන්නේ නැත, එයම ප්‍රසිද්ධියට හේතුවේ. පොදුවේ රාහු කපටිකම් කරන්නේද නැත.
රාහු අනුවණ වුවද නුවණැති අයගේ ආශ්‍රය ලැබේ නම් රාහුගෙන් යහපත් බුද්ධිමත් කටයුතු දක්නට ලැබේ.
එසේම නරක අයහපත් අය හා ඇසුරට වැටුනොත් නරක් වේ.
විශේෂයෙන් මත් වතුර වලට ඇබ්බැහියට, දුම්බීමට, විශාල තුවාල ආදියට, හදිසි අනතුරු, අමාරු ආදියටද රාහුගේ සබදතාවක් ඇත.

රාහුගේ විශේෂත්වය නම් ඕනෑම දෙයක් අතැර දමා යාමට සූදානම්ව සිටීමයි. යුද්ධ කටයුතු වලට රාහු සුදුසු නැත. බොහෝවිට මෝඩකම් කිරීමට දක්ෂය. එසේ වුවද අතිශයින් වේගවත්ය.

රාහු කටයුතු අවුල් කරන ග්‍රහයෙකි. කුජ තරම් නොවුනද එසේ කරයි. රාහු රූපසම්පන්න ස්ත්‍රීන්ට කැමතිය. රාහු 7 සිටීම පොදුවේ එතරම් සුබ නැත්තේ එය භාර්යාවට අපල දිය හැකි නිසාය.
රාහු බලවත් නම් ඉපයීමට දක්ෂය.

රාහු 3, 6, 11ට බලවත්ව, යහපත් දෘෂ්ඨි සහිතව පෙනේ නම් ඉතා සුබයි.

5, 9, 12 තැන් වලට රාහු පොදුවේ අපල දෙයි. 5 වැන්න ඥානය ගැනද, 9 වැන්න ආගම් භක්තිය ගැනද 12 වැන්න වාසස්ථානය සහ වියදම ගැනද කියවේ.

කුමන ග්‍රහයා සමග එක්වුවද රාහු එම ග්‍රහයාව වේගවත් කරවයි.
රාහු සිටින තැන අනුව කටයුතු කරයි, රාහුගේ මහ දසා අතුරු දසා වලදි රාහු කේන්දර සටහනේ සිටින තැන සහ දෘෂ්ඨි අනුව ශුභාශුභ පලදෙයි.

Wednesday, August 13, 2014

_ විවාහයට අදාලව, 7 වැන්නාධිපති තැන අනුව _

විවාහයකදී මූලිකව 7 වැන්න විවාහ ස්ථානය වන නිසා ඒ ගැන සැලකේ. එහිදී 7 වැන්නට ඇතිවන දෘෂ්ඨීන්, 7 වැන්නාධිපති සහ 7 වැන්නේ සිටින ග්‍රහයන් අනුව එකී තත්වයන් මූලිකව වෙනස් වේ. (තවත් කරුණු බලපායි).

එක් එක් ලග්නයට අනුව 7 වැන්නාධිපති මෙසේය.

මේෂ - සිකුරු
වෘෂභ - කුජ
මිථුන - ගුරු
කටක - ශනි
සිංහ - ශනි
කන්‍යා - ගුරු
තුලා - කුජ
වෘශ්චික - සිකුරු
ධනු - බුධ
මකර - සඳු
කුම්භ - රවි
මීන - බුධ

* 7 වැන්නාධිපති සිටින තැන අනුව පොදුවේ විවාහයට හා ප්‍රේමයට අදාලව බලපාන්නේ මෙසේය.

● 7 වැන්නාධිපති 1 වැනි කොටුවේ,
මහන්සියකින් තොරව විවාහය සහ විවාහවෙන කෙනා මුණ ගැසීමට ඉඩ ඇත.
තමාගේ අදහස් වලට ගැලපෙන අදහස් ඇති කෙනෙක් විය හැක.

● 7 වැන්නාධිපති 2 වැනි කොටුවේ
බිරිඳ හෝ සැමියා හදිසියේ මුණ ගැසීමට ඉඩ ඇත. එසේ නැත්නම් තම හිතවතෙක්ගේ හෝ ඥාතින්ගේ හිතවත්කමක් අනුව විවාහය විය හැක.

● 7 වැන්නාධිපති 3 වැනි කොටුවේ
විනෝද අවස්ථාවකදී හෝ සමාජ කටයුත්තකදී හමුවිය හැක. නැත්නම් තම සහෝදරකාරකාදීන්ගේ හෝ ඥාතින්ගේ මාර්ගයෙන් විය හැක.

● 7 වැන්නාධිපති 4 වැනි කොටුවේ
රැකියාව හෝ තමාගේ කටයුතු කරන තැනකදී මුණ ගැසිය හැක. මව් පාර්ශවයේ යෝජනාවකින් සහකරු/සහකාරිය මුණ ගැසිය හැක.
වස්තු ලාභ, දෑවැදි හිමි විවාහයකි.

● 7 වැන්නාධිපති 5 වැනි කොටුවේ
තම සංසාර පුරුදු අනුව සහකරු හෝ සහකාරිය මුණ ගැසීමේ වැඩි ඉඩක් පවතී. බොහෝවිට විවාහය සිදුවන්නේ පෙම් සබදතාවක් නිසාය.
විවාහය නිසා සහ විවාහයෙන් පසු බොහෝ දියුණුව අපේක්ෂිතය.

● 7 වැන්නාධිපති 6 වැනි කොටුවේ
නොසිතූ අවස්ථාවක මුණ ගැසෙන කෙනෙක් නිසා සහකරු හෝ සහකාරිය මුණ ගැසිය හැක. කරදරකාරි අවස්ථාවක එනම් හදිසි අනතුරකදී, රෝගාබාධයක් ඇතිවිටකදී හෝ මල ගෙදරක් වැනි තැනකදී විය හැක. ඥාති පාර්ශවයක් නිසා වන යෝජනාවක් අනුවද විය හැක.

● 7 වැන්නාධිපති 8 වැනි කොටුවේ
හදිසි අවස්ථාවකදී සහකරු හෝ සහකාරිය මුණ ගැසීමට ඉඩ ඇත. තම යටත් සේවකයෙක්ගේ යෝජනාවක් අනුව වීමට ඉඩ ඇත.
ඥාතියෙක්ගේ මාර්ගයෙන් යෝජනාවක් අනුව වීමටද ඉඩ ඇත.
නිසිලෙස කේන්දර නොගැලපුනි නම් විවාහ ජීවිතය පසුකාලීනව අවුල් සහගත විය හැක.

● 7 වැන්නාධිපති 9 වැනි කොටුවේ
බොහෝවිට ආගමික ස්ථානයකදී සහකරු හෝ සහකාරිය මුණ ගැසීමට ඉඩ ඇත. වන්දනා ගමනකදී මුණ ගැසීමටද ඉඩ ඇත. දෙදෙනාම බොහෝවිට දහමට ලැදි අය විය හැක.

● 7 වැන්නාධිපති 10 වැනි කොටුවේ
රැකියාවේ කටයුත්තකදී හෝ රැකියා කරන තැන කෙනෙක් සහකරු හෝ සහකාරිය වීමට ඉඩ ඇත.
සමහර විටෙක එම පාර්ශවය සමග දුරස්ථ ඥාතිත්වයක් තිබීමටද ඉඩ ඇත.

● 7 වැන්නාධිපති 11 වැනි කොටුවේ
තම හිතවතෙකු මාර්ගයෙන් හෝ ඥාතින් මාර්ගයෙන් වන විවාහයක් විය හැක.
විවාහය සමග ධන වාසනාව ඇතිවිමට හා ආර්ථික දියුණුව ඇතිවිමට ඉඩ ඇත.

● 7 වැන්නාධිපති 12 වැනි කොටුවේ
සාමාන්‍ය ලෙස රෝහලක් වැනි ස්ථානයකදී තම සහකරු හෝ සහකාරිය මුණ ගැසීමට ඉඩ ඇත. බොහෝවිට ප්‍රේම සබදතාවක් අනුව කෙරෙන විවාහයකි.
මනා ලෙස නොගැලපි නම් පසුකාලීනව ගැටළු ඇතිවිමටද ඉඩ ඇත.

~ ඔබට ඔබව තෘප්තිමත් කරන සහකාරියක්/සහකරුවෙක් ලැබේද ?


විවාහ වීමට අපේක්ෂිත සියලුම දෙනාට මෙය ප්‍රශ්නයකි. අද සමාජයේ ලිංගිකත්වය සම්බන්ධයෙන් ගැහැණු අය විශේෂයෙන් එලිපිට කතා නොකලත් ඒ අයගේ චිත්ත සන්තානයන් වල මේ තත්වය පැලපදියම් වී තිබේ.

● පුරුෂයාට විවාහ වන අවධියෙදි සිකුරු මහ දසාව ලබා එහි සිකුරු අන්තරයත්, එහි කුජගේ අන්තරයත් තුල සිදුවන විවාහ නිසාත් පුරුෂයා කායික වශයෙන් ලැබෙන සහකාරියගෙන් මනාව තෘප්තිමත් වේ.

● දෝෂ භංග වී කුජ ග්‍රහයා 7 වැන්නේ සිටින පුරුෂයෙකුට ගුරුගේ හෝ සිකුරුගේ දෘෂ්ඨි කුජට එල්ල වේ නම් හෙතෙම ලබනුයේ පුන් පියයුරු හා පිරුණු නිතඹක් ඇති ස්ත්‍රියකි. ඕ තොමෝ තම පුරුෂයාව රාගයෙන් මුසපත් කරන්නීය. 
එසේම එම පුරුෂයා බොහෝ වාසනාවන්තය.

● යම්කිසි පුරුෂයෙකුගේ කේන්දර සටහනේ කුජ ග්‍රහයාගේ දෘෂ්ටියට සිකුරු ග්‍රහයා විවාහ ස්ථානයකදී බැල්ම වැටේ නම් ඔහුට ලැබෙන්නේ දුටු පමණින්ම ප්‍රමෝදයට පත්වන යුවතියකි.
එනම් පුරුෂයා වශී වන දේහ ලක්ෂණයන් එම සහකාරිය සතුවේ.
_
● යම් ස්ත්‍රියකගේ හඳහනේ සඳු ග්‍රහයා බලවත් නම් එම ස්ත්‍රියට සෞම්‍ය ගතිගුණ ඇති රාගාධික ස්වාමි පුරුෂයෙක් ලැබීමට නියමයි.

● විශේෂයෙන්ම 7 වැන්නාධිපතියා, 3 වැන්නාධිපතියා 11 වැන්නාධිපතියා යන රාශි වල අධිපතිත්වය හිමි වී (සඳුට) තිබේ නම් යහපත්ය. 
මෙවන් ස්වාමි පුරුෂයන් තම බිරිඳ නැති අවස්ථාවකදි රසවත් කෑමක් පවා ගන්නෙ නැත. 
බොහෝම සෞම්‍ය පුරුෂයෙකි. නමුත් කාමාශාව අධිකය.

● යම්කිසි ස්ත්‍රියකගේ කුජ-සිකුරු ග්‍රහයන් සුභ දෘෂ්ඨියක පැවතී තම බිරිඳට බෙහෙවින්ම ආදරය කරන නිතර නිතර ලිංගිකව එකතුවීමට කැමති ස්වාමි පුරුෂයෙක් ලැබිමට හේතුවන කාරණාවකි. 

මෙය පොදු විස්තරයක් පමණි. 

* විශේෂයෙන් පැවසිය යුත්තේ බොහෝ කරුණු කාරණා තවත් මේ ආකාරයට බලපාන බවයි.
එසේම විවාහයෙදි නිසිලෙස පොරොන්දම්, කේන්දර ගැලපීම් මෙන්ම අදාල කාල වලදි පවතින තත්වයන්ද, විවාහ නැකත්, ලිංගික එක්වෙන වෙලාවල් පවා ලිංගික තෘප්තියට බලපානු ලබයි.

- දැනුමට පමණි = ඉරු පර්යේෂණ අංශයේ වැඩක් !

#ඉරුසේවය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

Monday, August 11, 2014

සතියේ ලග්න පලාපලය - (අගෝ.11සිට)

මේෂ
ඔබට මේ සතිය ශුභාශුභ මිශ්‍රපලයි. 
ආදායම් තත්වය සතියේ මුල් දින කීපයෙදී එනම් මුල් දින 2 තුල හොද තත්වයේ පවතී. සතිය මැදට වන්නට ඔබට නිකරුනේ මුදල් වැයවීමට ඉඩ තිබේ. විවාහක ඔබගේ බිරිදට හෝ දුවාදරුවන්ට මුදල් වැයකිරිමට සිදුවේ. එනම් රෝග පීඩා වලට බෙහෙත් ගැනිමට වැනිය. නමුත් මේ තත්වය පාලනයට ගුරුගේ 4 වැන්නේ ගෝචර ගමන හොදයි. 
ගෘහ ජිවිතය කම්කටොලු මැද සතුටින් ගත කිරිමට වාසනාව ඇත.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල වෙනස්කමක් නැතත් පාදාශ්‍රිත රෝග සහ සෙම් අසනීප ගැන විමසිලිමත් වන්න.

වෘෂභ
මේ සතිය සදුගේ ගමන අනුව සුබයි.
ඔබට සතිය පුරාම ආදායම් තත්වයේ අඩුපාඩු ඇති නොවේ. එසේම සතිය මැදදී ඥාතියෙක්ගෙන් හිතවතෙක්ගෙන් හෝ සහෝදරයෙක්ගෙන් මිල මුදලක් ලැබීමට නියමයි. 
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වේ. නෑදෑයින් ගෙදර එන සතියකි. සමහරවිට ඔබට දුරබැහැර ගමන් යාමට සිදුවේ. 
සෞඛ්‍ය ගැටළු ලෙස ප්‍රධාන ලෙස උදරාබාධ ගැන සහ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න.

මිථුන
ඉතාම ශුභදායක සතියකි. 
ව්‍යාපාරික සැමට වාසනාවන්ත වන්නේ ආදායම් තත්ව වලින් පිරෙන නිසාය. එනම් අතමිට සරු කාලයකි. මෙය සතිය මුළුල්ලේම පවතී. සඳු 9 වැන්න 10 වැන්න ආදියේ හැසිරෙන මෙම කාලය බ්‍රහස්පති/ගුරු 2 වැන්නේ බලවත්වීමෙන්ද ඔබට ආදායම් තත්ව වඩා වර්ධනය කරගැනිමට හැකියාව ලැබේ.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගතවේ. නිවසට අමුත්තන් පැමිණේ. විවාහඅපේක්ෂක අයගේ මංගල යෝග ක්‍රියාත්මක වේ. 
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළුකාරි තත්ව නොවේ. නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට උනන්දු වන්න. ගැස්ට්‍රයිටීස් රෝග ඇති අය සැලකිලිමත් වන්න.

කටක
සතියේ මුල් කොටස එතරම් හොද නැත. 
විශේෂයෙන්ම මුදල් අගහිගකම් ඇතිවේ. තමාගේ කටයුත්තක් ගැන සෙවිල්ලෙන් නොසිටිම නිසා මුදල් හානි හෝ දේපල පාඩු වීමට හේතුයි - සැලකිලිමත් වන්න. 
නමුත් සතියේ අග කොටසෙදි මෙම ප්‍රශ්ණ උපද්‍රව ඔබගෙන් ඈත්ව යා හැක.
ගෘහ ජිවිතය ප්‍රීතිමත් වුවද ඔබට අසනීප ඇතිවිම නිසා යම් ගැටළුකාරි තත්වයක් ඇතිවිය හැක. යොදාගෙන තිබු යම් කටයුත්තක් සතියේ මුලදි නැවැත්විමට සිදුවේ.
සෞඛ්‍ය ගැටළු නම් සෙම් අමාරු, බෝවෙන ලෙඩ රෝග සහ ජලය ආශ්‍රිත රෝග බව කිව හැක.
ග්‍රහ අපල ඇති කටක ලග්න දරුවන් ජලාශ්‍රිත ක්‍රියාකාරකම් වලට යෙදවීම ඉතාම භයානකය.

සිංහ
ශුභ නොවන සතියක් බව වෙසෙසින්ම සදහන් කල යුතුය.
පවතින ග්‍රහචාරයේ යම් ක්‍රියාත්මක වීමත් සදුගේ ගමනත් නිසා ආදායම් තත්වය පහල වැටේ. සතිය මැදදී මුදල් පාඩුවක් හෝ තමාගේ නොසැලකිල්ල නිසා යම්කිසි අකටයුත්තක් ඔබට වීමට ඉඩ ඇත. ඒ ගැන විමසිල්ලෙන් පසුවන්න. 
ගෘහ ජිවිතයෙද ප්‍රබල වෙනස්කමක් නොමැති අතර ඔබට සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට හැකියාව ලැබේ.
තමාගේ වචනයේ ඇති යම් දුර්වලකම් නිසා තමාට හිතවත් අය අමනාප විමට ඉඩ තිබේ.
සෞඛ්‍ය ලෙස සතිය මැදදී සෙම් හා බෝවන රෝග ගැනද නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට උනන්දු වන්න.

කන්‍යා 
ඉතාම පීඩාකාරි සහ කලබලකාරි සතියකි. 
සදුගේ ගමන 6 වැන්නේ සතියේ මුල් කොටසෙදි යෙදෙන බැවින් ඔබට යම්කිසි රෝගපීඩා ආදිය ඇතිවිමට ඉඩ තිබේ. එසේම මේ සතිය තුලදී ණය ගනුදෙනු වලදි පරිස්සම් විය යුතුය. ආර්ථික වාසි නොමැති වුවත් රැකගත් ධනය පරිස්සම් කරගැනිම ඔබගේ වගකීමයි.
ගෘහ ජීවිතයේ ප්‍රබල වෙනස්කමක් නැතත් සාමාන්‍ය පරිදි ගතවිමට ඉඩ තිබේ. නමුත් ඔබට පිට පලාත් වල සංචාරය සහ කෙනෙකුගේ ආරාධනය පිට වෙන පලාතක යාමට, විදෙස් ගත වීමට ආදියට හැකියාව තිබේ. 
මානසික ආතතිය, කලබල වීම කේන්ති යාම සහ අධි රුධිර පීඩනය ඇති අය සැලකිලිමත් වන්න. මේ රෝග ලක්ෂණ පහල විමට ඉඩ තිබේ.

තුලා
ඔබට සාමාන්‍ය සතියකි. 
ආදායම් ලැබිම පහසු වුවත් එය රැකගැනිම අපහසුය.
ආදායම් රැකගැනිමට කටයුතු කරන්න. 
ගෘහ ජිවිතයේ ප්‍රීතිය සමාදානය, සතුට ඇත්තේ ඔබගේ ක්‍රියාකලාපය තුලය. මන්ද අඹුසැමි ප්‍රේමය දෙදරා යාමට තරම් දේවල් වීමට පුලුවන.
මේ කාලයෙදි ඔබ ස්වාමියා හෝ භාර්යාව ආශ්‍රය කරන හැටියෙන් එය තීරණය වේ. 
සෞඛ්‍ය තත්වයේ, පාද වල දැවිල්ල, පාද වල ආබාධ, ලේ කෝපවීම්, විෂ බීජ ශරීර ගතවීම ආදිය විමට පුලුවන. 

වෘශ්චික
බෙහෙවින් සුබ සතියකි. 
තමාගේ පෙර පින් බලය විදහා පාන කාලයක් බැවිනුත් මෙ ලග්න හිමි බොහෝ දෙනෙක්ට වාසනාවන්තය. 
සදු ග්‍රහයා කේන්දරස්ථාන වල සහ ත්‍රිකෝණයක ගමන් කරන මේ කාල වලදි ඔබගේ හොද හිත හා මානසික යහපත නිසා වාසි ඇත. ලැබීම් තිබේ. 
එසේම ඔබට අවශ්‍ය කරන මුදල් හදල් යම්කිසි හෝ මාර්ගයකින් සම්පාදනය කරගැනිමට ඔබට වාසනාව ඇත.
ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතිමත්ව ගත වන අතර දරුවෙකුගේ ජයග්‍රහණ සහ දක්ෂතාවය වෙනුවෙන් ඔබට ප්‍රීතිමත් විමට ඉඩ හැකියාව ඇත. නිවසේ ප්‍රීතිමත් භාවයක් පවතී.
සෞඛ්‍ය ගැටළු නොමැති අතර උදරාබාධ සහ සෙම් ගතිය ඇතිවන නිසා ඒ ගැන පරිස්සම් වන්න.

ධනු
ශුභ සතියකි.
තමාගේ හැකියාව අනුව මුදල් ඉපයීමට වාසනාව ලැබේ. අතරමග නවතා තිබු කටයුත්තක් ආරම්භ කිරිම නිසා පසුවට මුදල් ලැබේ. ණයට දුන් මුදල්, ණය ගනුදෙනු පියවේ. 
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර සහෝදරකාරකාදින්ගනේ උදව් උපකාර ලැබේ. නිවසට නෑයන් එන කාලයකි. විශේෂයෙන්ම බ්‍රහස්පති/ගුරු ග්‍රහයා විපරීතව උච්ච වන නිසා ඔබට මංගල යෝග උදාවන කාලයකි. 
උදරාබාධ සහ සෙම් ආශ්‍රිත රෝග හා ජලයාශ්‍රිත රෝග ගැන විමසිලිමත් වන්න.

මකර
ශුභ සතියකි. 
තමාගේ ප්‍රියමනාප භාවයත්, වචනයේ ඇති බලයත් හැකියාවත් අනුව මුදල් ඉපයීමට වාසනාව ලැබේ. නමුත් සතිය මැදදී ඔබගේ අවංකභාවය නිසා මුදලක් හදලක් නැතිවී යාමට ඉඩ ඇත. 
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවේ. තමාගේ බිරිද සමග ප්‍රීතියෙන් ගත කිරිමට හැකියාව ලැබෙන අතර දරුවන් සිටින අය විශේෂ චාරිකා සදහා පිටත් වේ.
සමහරවිට ඒවා පිටරට සංචාරද විය හැක.
සෞඛ්‍ය තත්වය නම් සෙම් ගෙඩි, හිස කැක්කුම, සෙම් ආශ්‍රිත රෝග හා නහර කැක්කුම් ගැන සැලකිලිමත් වන්න.

කුම්භ
සාමාන්‍ය සතියකි.
අනිකුත් ප්‍රධාන ග්‍රහයන් ලග්නයට අශුභව පිහිටා ඇති අතර, 6 වැන්නාධිපති සදුගේ ගමන විසේස බලපෑමක් එනම් දියුනුවක් ඇති නොකරයි. සාමාන්‍ය පරිදි ආර්ථිකය ගොඩනගා ගනී. මුදල් වැයවීමද තමාගේ විමසිලිමත් භාවය අඩු නිසා විය හැක. 
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. 
සතිය මැදදී තමාගේ අතින් නිකරුනේ මුදලක් වැයවීමට ඉඩ තිබේ. 
විසේසයෙන්ම උෂ්ණාධික රෝගාබාධ සහ අක්ෂි ආබාධ ප්‍රධානයි - සෞඛ්‍ය ගැටළු

මීන
ඔබට මේ සතිය ශුභාශුභ මිශ්‍ර සතියකි. 
ඔබගේ අනෙකුත් ග්‍රහචාරයන් හා සසදා බලන කල විශේෂ බලපෑමක් නැතත් සදුගේ ගමන අනුව සතියේ මුල් දවස් 3 යම් කිසි හෝ ගැටළුවක් ඇතිවිමට ඉඩ ඇත. එනම් ආර්ථික අංශයෙනි. 
ආදායම අනුව වියදම පාලනය කරගන්න. 
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. 
දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටුවිමට වාසනාව ලැබේ. 
ඔබට ශුභ කාලයකි. 
නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට උනන්දු වන්න.

#ඉරුසේවය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

ග්‍රහ අපල යනු - 01

මෙලොව උපදින සියලුම සත්වයන් නක්ෂත්‍ර රටාවේ දැන හෝ නොදැන බලපෑමකට හසුවී සිටී. එය හොඳ විදියටත් නරක විදියටත් දෙපැත්තටම පොදුවිය හැක.
විශේෂ වශයෙන්ම මා සඳහන් කරන්නේ ග්‍රහ අපලයක් ඇතොත් එයින් බේරීමට ග්‍රහ අපල යනුවෙන් අප දන්නේ කුමක්ද කියා ඔබට සඳහන් කිරීමටයි.

නවග්‍රහයන් නම්, රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන ග්‍රහයන්ය. මෙයින් දෙදෙනක් ඡායා ග්‍රහයන්ය. එනම් අප විමසා බලමු එම ග්‍රහයන්ගෙන් ඇති කරන අපල කවරේද කියල.

●̮̮̃ රවිගේ අපලයෙන්
පුද්ගලයෙකුට මානසික ආතතිය, කේන්ති යාම, පියා සමග කේන්ති යාම, නීතිමය ගැටළු ඇතිවිමට නියමයි.
රජයෙන් චෝදනා ලැබීම් ආදිය විය හැක.

●̮̮̃ සඳුගේ අපලයෙන්
සෙම් අමාරු, බෝවෙන ලෙඩ රොග ආදිය ඇතිවේ.

●̮̮̃ කුජගේ අපලයෙන්
හදිසි අනතුරු, ඇඟපත තුවාල වීම්, අනවශ්‍ය ශල්‍යකර්ම මගින් සිරුරට පීඩා, ලේ විෂවීම් සහ සහෝදර හානිය ඇතිවිය හැක.

●̮̮̃ බුධගේඅපලයෙන්
ස්නායු රෝග, ගොත බව, ගොළු බව, එසේම තැනක් නොතැනක් නොබලා වාචාලකමට කතා කිරීම.

●̮̮̃ ගුරුගේ අපලයෙන් ඇඟ මහත්වීම, දියවැඩියාව, සන්ධි ඉදිමීම ආදිය ඇතිවිමට ඉඩ ඇත.

●̮̮̃ සිකුරු අපලයෙන්
ඒ හා සමාන අසනීප, ලිංගික රෝග, ස්වප්න දෝෂ, ශුක්‍ර ධාතුව සම්බන්ධ රෝගද ඇතිවිය හැක.

●̮̮̃ රාහුගෙන් මානසික රෝගද කේතුගෙන් පාදවල හා තුනටියේ දෝෂද ඇතිවිමට ඉඩ ඇත.

මේවා නැති කරගැනීමට පැරැන්නෝ විවිධ ක්‍රම සහ උපක්‍රම භාවිත කරනු ලැබීය.
අප ඔබට ඉදිරිපත් කරන්නේද එම ආභාෂය කැටි කරගත් විද්‍යාත්මක පදනමකිනි.

එම ලිපියේ පොදුවේ සඳහන් පරිදි එකී අපල වලට පොදුවේ කල යුතු දෑ මෙසේය.

●̮ රවිගේ අපල වලට ඊශ්වර දෙවියන්ට භාරවීම, බෝධි පූජා පැවැත්විම, වැඩිහිටි භික්ෂූන්වහන්සේලාට දානමානාදිය පූජා කිරීම.
සූර්ය මණ්ඩල යන්ත්‍රය පැලදීම කරනු ලබයි.

●̮ සඳුගේ අපල වලට, සුමන සමන් දෙවියන්ට භාරවීමද, මව්වරුන්ට, තරුණියන්ට කිරි ආහාර පූජාවද චන්ද්‍ර මණ්ඩල යන්ත්‍රය පැලදීමද යහපත්ය.

●̮ කුජගේ අපල වලට තරුණ භික්ෂූන්වහන්සේලා උදෙසා දානය දීම, මරණයට කැපවූ ගවයන් නිදහස් කිරිම, බෝධ පූජා පැවැත්වීම, රතන යන්ත්‍රය පැලදීම යහපත්ය.

●̮ බුධගේ අපල වලට කුඩා දරුවන්ට දානය දීම, විෂ්ණු දෙවියන්ට භාරවීම, විෂ්ණු මණ්ඩල යන්ත්‍රය පැලදීම සුභයි.

●̮ ගුරුගේ අපල වලට බෝධි පූජා පැවැත්විම, සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරිම, නරසිංහ යන්ත්‍රය පැලදීම සුභයි.

●̮ සිකුරුගේ අපල වලට තමන්ගේ ඉෂ්ට දෙවියන්ට පින් දීම, එසේම කිරිදෙන, ගැබිණි මව්වරුන්ට දානය පූජා කිරීම, ශීලම්බර යන්ත්‍රය හෝ ආරක්ෂණ යන්ත්‍රයක් පැලදීම යහපත්ය.

●̮ ශනිගේ අපල වලට ඉෂ්ට දෙවියන්ට පින් දීම, විෂ්ණු දෙවියන්ට භාරවීම, නීල මණ්ලය, ශනි මෘතුංජය පැලදීම සුබයි.

●̮ රාහුගේ අපල වලට ගෝමේද මුද්දක් පැලදීම, මානසික රෝගින්ට දානය දීම, නාගර්ජුනය පැලදීම යහපත්ය.

●̮ කේතුගේ අපල වලට එක්තැන් වූ රෝගීන්ට දානය දීම, රෝගීන්ට උපස්ථාන කිරිම, නාගමාලාව යන්ත්‍රය හෝ ආරක්ෂණ යන්ත්‍රයක් පැලදීම සුබයි. ,

ඉහත අපල නම් ග්‍රහයන්ට අදාල අපලයි.
දීර්ඝ විස්තරයක් ලබාදිය හැකි වුවත් දීර්ඝ වූ කල්හි ජනතාව බැලිමට උනන්දු නැති නිසා අවශ්‍ය කාරණා වෙතොත් අසා දැනගන්න.

Thursday, August 7, 2014

" සිකුරු මාරුව "(අගෝස්තු 7)

ග්‍රහලොව හැඩකාර යුවතිය වන සිකුරු/ශුක්‍ර අද සවස මිථුනයෙන් ඉවත්ව කටක රාශියට පැමිණේ.

මෙහිදී කටකයේ ගුරු උච්චව සිටින අතර රවි - බුධ දෙදෙනාද භාග්‍ය යෝගය ඇති කරමින් සිටී.

ඒ අනුව ලග්න 4කට බොහෝ සුභ පල ලැබෙනු ඇත.

• මේෂ 
විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ලැබෙන කාලයකි. වෙනදාට වඩා කැපී කෙනෙක කාලයකි. එසේ වුවත් නිහතමානි වන්න. 
මේ යහපත් සහ සුබ තත්වයන් සමග පරිස්සමින් කටයුතු කිරීමද වටී.

• වෘෂභ
සතුරු බලවේග පරාජය වේ. මෙතෙක් අතපසු වූ කරුණු ගැන සිතා නිසිලෙස කටයුතු කල හැකි කාලයකි. 
මනා ලෙස කටයුතු සැලැසුම් කර තීරණ වලට එළඹීම යහපත්ය.

• මිථුන
නව රැකියා අවස්ථා ඇතිවන කාලයකි. ආදායම් මාර්ග ඇතිවේ. අරපරිස්සමෙන් කටයුතු කරන බුද්ධියට මුල්තැන දෙන කාලයකි. නිසිලෙස කටයුතු කරන තම ජිවිතය සාර්ථක කරගන්න. 

• කටක
සතුටින් කාලය ගත කරන්නට හැකියාව ලැබේ. සිකුරා ඔළුවට පැමිණීම සමග වෙනදාට වඩා රූපසම්පන්න වනු ඇත. කරන කටයුතු සඵල වන කාලයකි. ජය ලැබෙන කාලයකි.

• සිංහ
වෙනදාට වඩා මහන්සියෙන් කටයුතු කරන කාලයකි. එසේ වුවත් එහි නිසි ගෞරවය ලැබේදැයි සැක සහිතය.
බුද්ධියෙන් පරිස්සමින් කටයුතු කරන්න. 
පෙර වැරදි ඇත්නම් දඬුවම් ැලබිමට ඉඩ ඇත.

• කන්‍යා
තමාට හිතවත් අයගෙන් උදව් හදිසියෙම ලැබෙන කාලයකි. එයම තම දියුණුවට හේතු වනු ඇත. වෙනදාට වඩා තම කටයුතු සාර්ථක වනු ඇත. 
සෞඛ්‍ය තත්වය ගැන විසේසයෙන් ආහාර ගැන සැලකිලිමත් වන්න.

• තුලා 
රැකියාවෙ දියුණුව ඇතිවන කාලයකි. එසේවුවද තම ප්‍රධානින් හා කටයුතු කිරීමේදි සැලකිලිමත් වන්න. නිසිලෙස කටයුතු කලොත් ගැටළු අවම වනු ඇත. 
අසරණ අයට දානය දිය හැකි නම් මැනවි.

• වෘශ්චික 
හදිසි දියුණුවක් අපේක්ෂිතය. දියුණුව ඇතිවන කාලයකි. කරන කටයුතු තරමක් හෝ සඵල වේ. හදිසි අනතුරු ඇතිවිය හැකි නිසා පරිස්සම් වන්න.
විසේසයෙන් දිය නෑමට ඇළ දොල ගංගා වලට යෑමෙදී ඉතා පරිස්සම් විම මැනවි.

• ධනු
මංගල යෝග උදාවන කාලයකි. නිසි බුද්ධියෙන් කටයුතු කලොත් ජය ලැබේ. රැකියාවේ හදිසි වෙනසක් හෝ වෙනත් තැනකට යාමට ඉඩ ලැබිය හැක. 
කැපවීමෙන් කටයුතු කරන්න.

• මකර
රැකියාවේ කටයුතු වලට යම් බාධා පෙන්නුවද ඒවා එතරම් ගැටළු නොවනු ඇත. යම් ගැටළු පැමිණියද ඒවා බුද්ධියෙන් විසදා ගත හැකිවනු ඇත. 
දනට පිනට යොමුවන කාලයකි.

• කුම්භ
ආර්ථික වශයෙන් යම් කරදර පෙන්වයි. විශේෂයෙන් මූල්‍ය කටයුතු වලදී බොහෝ බුද්ධිමත් වන්න. වෙන අය වෙනුවෙන් කැපවන කාලයකි. 
දහමට යොමුවීම වඩා හොද කාලයකි.

• මීන
අලංකරණ කටයුතු වලට සිත යොමුවෙන වෙනදාට වඩා ලස්සනට සිටින කාලයකි. 
රසවත් ආහාර පාන ලැබෙන කාලයකි. මංගල යෝද උදාවේ. නව පෙම් සබදතා ඇතිවමට ඉඩ ඇත. 
අන් අය හා කරන කටයුතු වලදී බුද්ධිමත් වන්න. 

Iru Astrology = #ඉරුසේවය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

" ග්‍රහ අපල " යනු කුමක්ද - 01

මෙලොව උපදින සියලුම සත්වයන් නක්ෂත්‍ර රටාවේ දැන හෝ නොදැන බලපෑමකට හසුවී සිටී. එය හොඳ විදියටත් නරක විදියටත් දෙපැත්තටම පොදුවිය හැක. 
විශේෂ වශයෙන්ම මා සඳහන් කරන්නේ ග්‍රහ අපලයක් ඇතොත් එයින් බේරීමට ග්‍රහ අපල යනුවෙන් අප දන්නේ කුමක්ද කියා ඔබට සඳහන් කිරීමටයි.

නවග්‍රහයන් නම්, රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන ග්‍රහයන්ය. මෙයින් දෙදෙනක් ඡායා ග්‍රහයන්ය. එනම් අප විමසා බලමු එම ග්‍රහයන්ගෙන් ඇති කරන අපල කවරේද කියල. 

●̮̮̃ රවිගේ අපලයෙන් 
පුද්ගලයෙකුට මානසික ආතතිය, කේන්ති යාම, පියා සමග කේන්ති යාම, නීතිමය ගැටළු ඇතිවිමට නියමයි. 
රජයෙන් චෝදනා ලැබීම් ආදිය විය හැක. 

●̮̮̃ සඳුගේ අපලයෙන් 
සෙම් අමාරු, බෝවෙන ලෙඩ රොග ආදිය ඇතිවේ. 

●̮̮̃ කුජගේ අපලයෙන් 
හදිසි අනතුරු, ඇඟපත තුවාල වීම්, අනවශ්‍ය ශල්‍යකර්ම මගින් සිරුරට පීඩා, ලේ විෂවීම් සහ සහෝදර හානිය ඇතිවිය හැක.

●̮̮̃ බුධගේඅපලයෙන් 
ස්නායු රෝග, ගොත බව, ගොළු බව, එසේම තැනක් නොතැනක් නොබලා වාචාලකමට කතා කිරීම.

●̮̮̃ ගුරුගේ අපලයෙන් ඇඟ මහත්වීම, දියවැඩියාව, සන්ධි ඉදිමීම ආදිය ඇතිවිමට ඉඩ ඇත.

●̮̮̃ සිකුරු අපලයෙන් 
ඒ හා සමාන අසනීප, ලිංගික රෝග, ස්වප්න දෝෂ, ශුක්‍ර ධාතුව සම්බන්ධ රෝගද ඇතිවිය හැක.

●̮̮̃ රාහුගෙන් මානසික රෝගද කේතුගෙන් පාදවල හා තුනටියේ දෝෂද ඇතිවිමට ඉඩ ඇත. 

මේවා නැති කරගැනීමට පැරැන්නෝ විවිධ ක්‍රම සහ උපක්‍රම භාවිත කරනු ලැබීය. 
අප ඔබට ඉදිරිපත් කරන්නේද එම ආභාෂය කැටි කරගත් විද්‍යාත්මක පදනමකිනි. 

_ ඒ ගැන විස්තරය ලගදීම _

Wednesday, August 6, 2014

→ 10 වැන්න සහ රැකියාව ←

කේන්දර සටහනක 10 වැන්න යනු කර්මස්ථානයයි. ඒ අනුව පොදුවේ තම කර්මය පල දෙන ස්ථානය ලෙස කිව හැක.
කේන්දරයේ 4 කේන්දරය වන විශ්ව පාලක විෂ්ණු දෙවියන්ට අයිති ස්ථාන වන 1,4,7,10 යන ස්ථාන 4න් ප්‍රබලම ස්ථානය 10 වැන්නය.
එසේම අධ්‍යාපනයෙන් ලැබෙන ප්‍රතිඵලය සහ ස්වකීය මහන්සියෙන් ප්‍රතිඵලද වාසනාව ගැනද දැනගැනිමට තමන් කරන රැකියාව වැදගත් වේ.
රැකියාව ගැන කීමේදී 10 වැන්නේ අධිපති ග්‍රහයා මෙන්ම 10 වැන්නේ සිටින ග්‍රහයන්, ඔවුන් අදාල වන නැකැත්, ග්‍රහ දෘෂ්ඨි, ග්‍රහයන් සිටින අංශකයන්, නවාංශකයේ තොරතුරු, ගතවන දසා විස්තරය යනාදි බොහෝ කරුණු සැලකිල්ලට ගත යුතුය.

මේ කරන්නේ අදාල ලග්නයට අනුව 10 වැන්නාධිපති හා බැඳුනු කටයුතු අනුව රැකියාව ගැන යම් විස්තරයකි.

★ මේෂ
මේෂ ලග්න අයගේ 10 වැන්න වන්නේ මකරයයි. ඒ අනුව 10 වැන්නාධිපති වන්නේ ශනි ග්‍රහයාය. කුජගේ බලයද අනුව බොහෝවිට පාලන කටයුතු, ආරක්ෂක අංශ වල කටයුතු සුදුසු වේ.

★ වෘෂභ
10 වැන්න වන්නේ කුම්භය වන අතර එහිද අධිපති වන්නේ ශනිය.
ශනිගේ බලය අනුව පිරිස් බලය ඇති රැකියා සහ ව්‍යාපාර වලට සුදුසු පිහිටිමකි. ආරක්ෂක අංශ රැකියාද සුදුසුය.

★ මිථුන
10 වැන්න වන්නේ මීනය වන අතර මීනයේ අධිපති ගුරුය. ඒ අනුව බුද්ධියට අදාල කටයුතු ගුරුහරුකම් දෙන ගුරුවරුන් ආදි රැකියා සුදුසුය. පාලනයටද සුදුසුය.

★ කටක
10 වැන්න වන්නේ මේෂය වන අතර එහි අධිපති කුජය. ඒ අනුව කුජ 10 වැන්නේ පිහිටයි නම් එය ඉතා බලවත් තත්වයකි. හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා මැතිණියගේ මේ ආකාරයට කුජ 10 සිටිමෙන් රුචක යෝගය තිබේ.
විශේෂයෙන් ආරක්ෂක අංශය, පාලනය බලයට මූලිකත්වය දෙන ලක්ෂණ ඇත.

★ සිංහ
10 වැන්න වන්නේ වෘෂභය වන අතර එහි අධිපති සිකුරුය. සිකුරු 10 වැන්නාධිපති වුවද සිංහ ලග්න හිමියන්ගේ අනුන්ට නොනැවෙන ගති නිසා වඩා සුදුසු තමාගේම ව්‍යාපාර වලටය. ඒවායින් බොහෝ දියුණු විය හැක. නිසිලෙස අනිකුත් ග්‍රහ ගැලපීම්ද ඇත්නම් එය සිදුවේ. සිකුරුට අයත් අලංකරණ කටයුතු ආදිය ආශ්‍රිත කටයුතු, ආරක්ෂක අංශයට අදාල ආදිය ගැලපේ.

★ කන්‍යා
10 වැන්න වන්නේ මිථුනය වන අතර අධිපති බුධ වේ.
බුද්ධියට අදාල රැකියා වලට සුදුසුය. බුධ 10 වැන්නේ බලවත් නම් රාජ යෝගයකි. නීතිය, වෛද්‍ය ක්ෂෙත්‍ර ආදිය කලාවද සුදුසුය.

★ තුලා
10 වැන්න වන්නේ කටකය වන අතර අධිපති වන්නේ චන්ද්‍රයාය. ව්‍යාපාර වලට සුදුසුය. කලාවට, වෙදකමට සුදුසුය. දියර වර්ග ආශ්‍රිත වෙලදාම්ද සුදුසුය.

★ වෘශ්චික
10 වැන්න වන්නේ සිංහය වන අතර අධිපති රවි වේ. රවි 10 සිටියොත් කුමන රැකියාවක් කලද ඉදිරියට යෑමට ප්‍රමුඛත්වය ගැනිමට හැකිවනු ඇත. කලා කටයුතු වලටද සුදුසුය.

★ ධනු
10 වැන්න වන්නේ කන්‍යාව වන අතර අධිපති බුධ වේ. බුද්ධියට අදාල රැකියා ලැබේ. මූල්‍ය අංශ, රථවාහන වලට අදාල අංශද විශේෂයෙන් ධනු ලග්නය අනුව ප්‍රධානත්වය ගන්නා රැකියා සුදුසුය. ධනු ලග්නය කැපවිමෙන් කටයුතු කරන ලග්නයක් නිසා බොහෝ දියුණුව අපේක්ෂිතය. දේශපාලනය පවා සුදුසුය.

★ මකර
10 වැන්න වන්නේ තුලාව වන අතර අධිපති සිකුරුය.
සිකුරු අධිපති වීම තුල අලංකරණයට අදාල කටයුතු වලටද සුදුසුය. වඩා අදාල වන්නේ මකර ලග්නයට අනුව විශේෂ වශයෙන් ව්‍යාපාර ආදියයි. සිකුරුත් බලවත්ව පිහිටා ඇත්නම් රෙදිපිලි ව්‍යාපාර වලට වඩා සුදුසුය.

★ කුම්භ
10 වැන්න වන්නේ වෘශ්චිකය වන අතර අධිපති කුජය.
කුජ බලවත් නම් බොහෝ සුබය. ආරක්ෂක අංශයට, ප්‍රධානත්වය ගන්නා රැකියා වලට යහපත් පිහිටිමකි.

★ මීන
10 වැන්න වන්නේ ධනුව වන අතර අධිපති වන්නේ ගුරුය. 10 වැන්න බලවත් වී නම් බොහෝ රැකියා කල හැක. විශේෂයෙන් නීති අංශය, වෛද්‍ය, ඉංජිනේරු වෘත්තින්ද යහපත්ය.

★★★ මෙය පොදු විස්තරයක් බව සලකන්න. රැකියාව ගැන සැලකීමේදී බැලිය යුතු කරුණු කාරණා බොහෝය.