Monday, August 25, 2014

සතියේ ලග්න පලාපලය (අගෝ.25සිට)

● මේෂ
ඔබට ශුභාශුභ මිශ්‍රපලයි.
සතියේ මුල් කොටසෙදී ලැබීම භාග්‍ය පෙන්වයි. එසේම දුවාදරුවන්ගේ ජයග්‍රහණය උදෙසා සතුටුවිය හැක. ඉගෙන ගන්නා දරුවන්ටද අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විශේෂ ලාබ ප්‍රයෝජන සතිය මුලදි අපේක්ෂා කරන්න.
සතිය මැදදී මේ තත්වය යටපත් වේ. කලබකාරිත්වය ආදායම් තත්ව වලට බාධා පෙන්වයි.
ගෘහ ජිවිතය මා පෙර සදහන් කල පරිදි දුවාදරුවන් සහ පවුලේ සියලුම දෙනා සමග සතුටින් සිටීමට පුලුවන. විනෝද ගමන් යෑමට හැකියාව ඇත. සතිය මැදදී රාජකාරි, ව්‍යාපාරික කටයුතු නිසා ඈත්විමට පවුලේ කටයුතු වලින් ඈත්විමට සිදුවේ. ඔබට මානසික පීඩනය ඒනිසා ඇතිවිය හැක.
බඩේ අමාරු, ආහාර නොදිරවන රෝග, අජීර්ණ, සහ මුත්‍රා අමාරු ඇතිවිමට ඉඩ ඇත.

● වෘෂභ
ඔබට වාසනාවන්ත සතියකි.
තමාගේ කටයුතු පහසුවෙන්ම කරගැනිමට පුලුවන.
ලොතරැයි වාසනාව උදාවේ. සහෝදරයන් මාර්ගයෙන් ආදායම් තත්වයට යම්කිසි උපකාරයක් ලැබේ. 
අවිවාහක අයට මංගල යෝග උදාවේ. එයට හොදම කාලයක්ය. එසේම ප්‍රේම සබදතා ඇති අයට ඒවා ස්ථිර වේ. ප්‍රීතිමත් කෙටි ගමන් යෙදේ. 
වෘෂභ ලග්නය හිමි මව්වරුන් ප්‍රවේසම් වීම මැනවි. පෞද්ගලික සනීපාරක්ෂාවේ ගැටළු ඇතිවිය හැක, ගබ්සාවද ඒ අතර වේ. බඩේ අමාරු, සෙම් රෝගද ඇතිවිය හැක.

● මිථුන
සර්වප්‍රකාරයෙන්ම සාර්ථක සතියකි. 
ධනයෝග නිරන්තරයෙන්ම එයි. තමාගේ කීර්තිය වැඩිවේ. රැකියා කරන අයට වගකීම් සහිත අයට, ප්‍රශංසා, වැටුප් වර්ධක සහ හොඳ නම අහන්න ලැබේ. තමාගේ උත්සාහය ධෛර්යය නිසා ව්‍යාපාරික කටයුතු දියුණු වේ. තවද නිවසෙන් පිට ගොස් කරන රැකියා සාර්ථක වේ, විදේශ රැකියා කරන අයටද සුභයි.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත කරන අතර, පවුලට නව සාමාජිකයන් එකතු වේ. එනම් නව දරු ලාභ ඇතිවේ.
මිථුන ලග්නයේ ඔබට විශේෂයෙන්ම සෞඛ්‍ය ගැටළු නැති අතර නිදන්ගත රෝග ඇති අයට ඒවායින් පරිස්සම් විමට උපදෙස් දෙමි. ගැස්ට්‍රයිටිස් හා පපුවේ දැවිල්ල ඇතිවිමට ඉඩ ඇත.

● කටක
හොඳ සතියකි.
තමාගේ බුද්ධිය සහ ඥානය නිසා ආදායම් තත්ව වැඩි දියුණු කරගැනීමට හැක. එසේම මේ සතියෙදි ලග්නාධිපති 2වැන්නේ නිසා උනන්දුවෙන් උත්සහයෙන් කරන කියන කටයුතු සාර්ථක වේ. උසස් අයගෙන් දියුණුවට උදව් උපකාර ලැබේ. 
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. කායික මෙන්ම, ලිංගික වශයෙන්ද පෙර නොතිබූ ජවයක් හා ප්‍රබෝධයක් ඒ අංශයෙන් ඇතිවේ. සහකාර බන්ධනය තදින් අවශ්‍ය වේ. කම්සැප ලැබේ. දියුණුවට හේතුවන සතියකි. 
රෝගාබාධ වශයෙන්, පපුවේ දැවිල්ල සහ සෙම් අමාරු, සෙම් ගෙඩි, ඇතිවිමට පුලුවන. 

● සිංහ
මෙම සතිය ශුභයි.
ඥාන යෝගයක් සමග චන්ද්‍රයා ලග්නයේ හැසිරෙමින් පටන් ගන්නා සතිය යහපත්ය. වියදම් කිරීමට ප්‍රමාණවත් මුදල් ඔබට ලැබේ. එසේම මහන්සි වී කරන කටයුතු වල වාසනාව ලැබේ. බොහෝ විට ඔබ සම්බන්ධයෙන් ප්‍රචාරය වේ. 
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගතවේ. කෙටි ගමන් යෙදේ.
පිනට දහමට සිත යෙදේ. 
සෞඛ්‍ය වශයෙන් ගත් කල පීනස, සෙම සහ ඉදහිට උණ රෝග ඇතිවිමට පුලුවන. ඒ ගැන පරිස්සම් වන්න.

● කන්‍යා 
මිශ්‍රපලයි.
කලබලකාරි ගමන් බිමන් හේතුවද, මානසික තත්වයද ඒ අනුව ඔබට අවාසියි. සතියේ මුලදී ධන හානියක් හෝ වටිනා කියන දෙයක් නැතිවීම පෙන්වයි. අනවශ්‍ය දේවල් වලට මුදල් යෙදේ. ලැබීම නම් මෙ කාලයෙදි තහනම් වචනයයි. ගුරු සහ සිකුරු මහ දසා ගත කරන අයට නම් ශුභයි.
ගෘහ ජිවිතයෙදි විවිධ බාධක කරදර ඇතිවේ. අඹුසැමියන් අතර යම් ගැටළු ඇතිවේ. දෙදෙනා අතර බහින්බස්වීම් ඇතිවිමට පුලුවන. ලිංගික ජිවිතයේ ඈත්වීමක් පෙන්වයි. එම ප්‍රීතිය දෙදෙනාටම නැතිවේ. වචනයෙන් ප්‍රවේසම් වන්න. දුවාදරුවන්ට තරවටු කිරීමෙන් වලකින්න. 
හිස සම්බන්ධ රෝග, මුත්‍රා අමාරු, ප්‍රමේහ රෝග, කාන්තාවන්ට මාස් ශුද්ධියේ ප්‍රශ්න ඇතිවිය හැක. 

● තුලා
සතියේ මුල් කොටස හොදයි. අග කොටස හොද නැහැ.
ආදායම් තත්ව දියුණු කරගැනිමට පුලුවන. රෙදිපිලි ව්‍යාපාර, අලංකරණ දේ ව්‍යාපාර, දේපල වෙලදාම කරන අයට වාසිසහගතයි. සහෝදර සහෝදරියන්ගෙන්, සමාජයෙන් උදව් ලැබේ. 
කේන්ති ගැනීම හොඳ නැත. අඹුසැමියන් අතරද, අවුල් ඇතිවිමට ඉඩ ඇත. කතා කර විසඳා ගන්න. සාර්ථක චින්තනයන් ඔබගේ ග්‍රහයන්ගේ පිහිටිම අනුව කඩාකප්පල්වීමට ඉඩ ඇත. සියලුම දේ මනසින් නිවරදිව කල්පනාකර තීරණ ගන්න.
අනතුරු ඇතිවිමට හේතුයි. තුවාල, අසනීප ඇත්නම් වහ වහා බේත් හේත් කරන්න. ලේ විෂවීම, උදරාබාධ වලින් පරිස්සම් වන්න.

● වෘශ්චික
මේ සතිය ඉතාම ශුභයි. 
වාසනාවන්තම සතියක් වේ. දියුණුවට, ආධාර උපකාර ලැබෙන අතර, ස්විප් වාසනාවද හිමිවේ. ආගිය තැන කැපී පෙනේ. මුණ ගැසෙන හැම පුද්ගලයාගෙන්ම, දියුණුවට යම් හෝ දෙයක් ලැබේ.
ජලය ආශ්‍රිත රැකියා, වෙලද ව්‍යාපාර, විදේශ රැකියා කරන අයට ඉතාම හොදයි. 
ගෘහ ජිවිතයද වාසනාවන්තව ගත වන අතර, දරුවන්ගේ දියුණුව දකින්නට පුලුවන. බිරිද හෝ සහකරුවා සමග දිනය පුරාම ප්‍රීතිමත්ව ගතවන අතර, වෘශ්චික ලග්නයේ අයට තත්කාල ග්‍රහචාරයේ කුජ-ශනි යෝගයක් පැවතීම නිසා ලිංගික ජිවිතයෙදි ප්‍රීතිය අහිමි විය හැක. එසේ වන්නේ, දෙදෙනාගේ එකතුවෙදි බහින්බස්වීමක් නිසා සිත් රිදීම හේතුවෙනි. ඒ ගැන කල්පනා කර බලන්න. 
සෞඛ්‍ය උදාරාබාධ, පාදවල අසනීප ගැන පරිස්සම් වන්න.

● ධනු
මේ සතිය යහපත්ය.
කලබලකාරි ජිවිතයෙදි දියුණුව ලගාවන්නේ, ඔබගේ කැපවීමම නිසාය. සතියේ දින 7ම, දියුණුවට යම් දෙයක් එකතු වේ. මහන්සි වන්න. උත්සහවන්ත වන්න. උදව් උපකාර මෙන්ම තමාගේ බුද්ධියෙන්ද දියුණුවට හේතු, සාධනීය තත්වයන් ඇතිවේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවේ. ගුරු, සිකුරු මහ දසා ගතකරන ධනු ලග්න හිමි දෙපාර්ශවයටම දායාද හිමිව විවාහ වීමට හැකිවේ. ලිංගික ආශාව ප්‍රබලය. කම්සැප ලැබේ. 
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු ඇති නොවේ. අණ්ඩවායු තත්ව ඇති අය, ඒ ගැන බලාගන්න. කේතු මහ දසා, අතුරු දසා ගත කරන අය පපුවේ මහන්සිය, සෙම ඇදුම රෝග වලින් ආරක්ෂා වන්න.

● මකර
ඔබට මිශ්‍රපලයි.
දවස් 3කට ආසන්නව අපලයි. ආදායම් වැටේ. රැකියාව අඩපණ විය හැක. වෙලද ව්‍යාපාර අසාර්ථක වීමට මේ දවස් 3 හොදටම ඇතිය. ප්‍රවේසම් වන්න. ණය තුරුස් වලින් ඔබ වැටේ. ණය වෙන්නත් එපා දෙන්නත් එපා. ගෘහ ජිවිතය හොදයි. ඒත් මකර ලග්නයේ කුඩා දරුවන් ජල ආශ්‍රිත අනතුරු විය හැකි නිසා ආරක්ෂා කරගන්න. හිතුවක්කාර වෙන්න පුලුවනි. ගින්දරෙන් ආරක්ෂා කරගන්න. විදේශ රැකියා වල නියුතු අයට හොදයි.
උණ රෝග, ගින්දරෙන් ඇතිවන රෝග, ලේ විෂවීම්, ස්නායු රෝග ගැන සැලකිලිමත් වන්න. 

● කුම්භ
ඔබට මිශ්‍රපලයි.
සතියේ මුල් කොටසෙදි, ආදායම් තත්ව හොදයි. හවුලේ කරන ව්‍යාපාර කරන අයට හොදයි. උත්සාහයෙන් යහපත්ව කරන කටයුතු සාර්ථක වේ. තත්කාල ග්‍රහචාරයේ අපල පවතින බව මැනවින් සිතට ගන්න. ඒවාට අදාල වන ශාන්ති කර්ම කරගෙන, ව්‍යාපාර කටයුතු, රැකියා කටයුතු වල නියැලෙන්න.
ගෘහ ජිවිතයෙද ලොකු කඩාවැටිමක් නැතත්, ආදායම් තත්ව වල ප්‍රශ්න නිසා යම්කිසි කණස්සලු ගතියක් ගෙදර ඇතිවේ. නමුත් නැන්දලාගෙන් මාමලාගෙන් උදව් උපකාර ලැබේ. 
රුධිරයෙ ග්ලුකෝස් ප්‍රමාණය වැඩිවිම, හතිය, උදරය මහත්විම, උදරය වැඩිවීම ආදිය මේ කාලයෙදි දකින්නට පුලුවන. ඒ වලින් ආරක්ෂා වී සෞඛ්‍ය සම්පන්නව රටාවකට ඉන්න.

● මින
ඔබට ශුභාශුභ මිශ්‍රපලයි.
සතිය මුලදී, යම්කිසි කඩාවැටීමක් පෙන්නුවද සතිය මැදදී ඒ තත්වය පහව යයි. වාසනාවට යම් යම් දේවල් ලැබිමට පුලුවන. උනන්දු වී කටයුතු කරන්න. රැකියා කරන අයගේ වැටුප් වර්ධක ලැබිමට හේතුයි. 
ගෘහ ජිවිතය තරමක ගැටළු මැදින් ගතවේ. රාහු 7 වැන්නේ නිසා සහකරු බිරිද සමග යම් යම් මත ගැටුම් ඇතිවේ. ඒවා නුවණින් කල්පනා කර විසදා ගන්න. දරුවන්ගේ දියුණුව ඇතිවේ. ඔවුන්ගේ වාසනාව නිසා යම් යම් අපහසුතා පහව යයි. 
සෙම් රෝග සහ වාත අමාරු, ආසාත්මිකතා ඇතිවිමට ඉඩ ඇත, ප්‍රවේසම් වන්න. 

Iru Astrology <>#ඉරුෙස්වය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment