Saturday, August 16, 2014

කලබල, කරදර “ රාහු “


“ රාහු “ ඡායා ග්‍රහයෙකි.
එසේ වුවද ජෝතිෂ්‍යයට අනුව රාහුගේ බලපෑම ඉහලය.
රාහු අසුරයන්ගේ නායකයා හෙවත් රජුය. “රාහු අසුරේන්ද්‍රයා“ ලෙස සැලකේ.
අසුරයන් සුරයන් තරම් බුද්ධිමත් කොටසක් නොවේ. රාහුද එසේම ලෙස සලකයි.

රාහුට ඇත්තේ නයි ඔළුවකි. මිනිස් දෙත් සහ දෙපාය. දෙපා බොහෝ දිගය. අශ්වයා පිටින් යන්නේද වේගයෙනි.
ඒ අනුව රාහු, බුද්ධිය අඩු කටයුතු වලට මූලික වේ. ඒනිසාම කරදර ඇති කරයි. ඥානය අඩු ක්‍රියාශීලිත්වය වැඩි කෙනෙක් ලෙස සැලකේ.

රාහු කටයුතු රහසේ කරන්නේ නැත, එයම ප්‍රසිද්ධියට හේතුවේ. පොදුවේ රාහු කපටිකම් කරන්නේද නැත.
රාහු අනුවණ වුවද නුවණැති අයගේ ආශ්‍රය ලැබේ නම් රාහුගෙන් යහපත් බුද්ධිමත් කටයුතු දක්නට ලැබේ.
එසේම නරක අයහපත් අය හා ඇසුරට වැටුනොත් නරක් වේ.
විශේෂයෙන් මත් වතුර වලට ඇබ්බැහියට, දුම්බීමට, විශාල තුවාල ආදියට, හදිසි අනතුරු, අමාරු ආදියටද රාහුගේ සබදතාවක් ඇත.

රාහුගේ විශේෂත්වය නම් ඕනෑම දෙයක් අතැර දමා යාමට සූදානම්ව සිටීමයි. යුද්ධ කටයුතු වලට රාහු සුදුසු නැත. බොහෝවිට මෝඩකම් කිරීමට දක්ෂය. එසේ වුවද අතිශයින් වේගවත්ය.

රාහු කටයුතු අවුල් කරන ග්‍රහයෙකි. කුජ තරම් නොවුනද එසේ කරයි. රාහු රූපසම්පන්න ස්ත්‍රීන්ට කැමතිය. රාහු 7 සිටීම පොදුවේ එතරම් සුබ නැත්තේ එය භාර්යාවට අපල දිය හැකි නිසාය.
රාහු බලවත් නම් ඉපයීමට දක්ෂය.

රාහු 3, 6, 11ට බලවත්ව, යහපත් දෘෂ්ඨි සහිතව පෙනේ නම් ඉතා සුබයි.

5, 9, 12 තැන් වලට රාහු පොදුවේ අපල දෙයි. 5 වැන්න ඥානය ගැනද, 9 වැන්න ආගම් භක්තිය ගැනද 12 වැන්න වාසස්ථානය සහ වියදම ගැනද කියවේ.

කුමන ග්‍රහයා සමග එක්වුවද රාහු එම ග්‍රහයාව වේගවත් කරවයි.
රාහු සිටින තැන අනුව කටයුතු කරයි, රාහුගේ මහ දසා අතුරු දසා වලදි රාහු කේන්දර සටහනේ සිටින තැන සහ දෘෂ්ඨි අනුව ශුභාශුභ පලදෙයි.

No comments:

Post a Comment