Wednesday, August 6, 2014

→ 10 වැන්න සහ රැකියාව ←

කේන්දර සටහනක 10 වැන්න යනු කර්මස්ථානයයි. ඒ අනුව පොදුවේ තම කර්මය පල දෙන ස්ථානය ලෙස කිව හැක.
කේන්දරයේ 4 කේන්දරය වන විශ්ව පාලක විෂ්ණු දෙවියන්ට අයිති ස්ථාන වන 1,4,7,10 යන ස්ථාන 4න් ප්‍රබලම ස්ථානය 10 වැන්නය.
එසේම අධ්‍යාපනයෙන් ලැබෙන ප්‍රතිඵලය සහ ස්වකීය මහන්සියෙන් ප්‍රතිඵලද වාසනාව ගැනද දැනගැනිමට තමන් කරන රැකියාව වැදගත් වේ.
රැකියාව ගැන කීමේදී 10 වැන්නේ අධිපති ග්‍රහයා මෙන්ම 10 වැන්නේ සිටින ග්‍රහයන්, ඔවුන් අදාල වන නැකැත්, ග්‍රහ දෘෂ්ඨි, ග්‍රහයන් සිටින අංශකයන්, නවාංශකයේ තොරතුරු, ගතවන දසා විස්තරය යනාදි බොහෝ කරුණු සැලකිල්ලට ගත යුතුය.

මේ කරන්නේ අදාල ලග්නයට අනුව 10 වැන්නාධිපති හා බැඳුනු කටයුතු අනුව රැකියාව ගැන යම් විස්තරයකි.

★ මේෂ
මේෂ ලග්න අයගේ 10 වැන්න වන්නේ මකරයයි. ඒ අනුව 10 වැන්නාධිපති වන්නේ ශනි ග්‍රහයාය. කුජගේ බලයද අනුව බොහෝවිට පාලන කටයුතු, ආරක්ෂක අංශ වල කටයුතු සුදුසු වේ.

★ වෘෂභ
10 වැන්න වන්නේ කුම්භය වන අතර එහිද අධිපති වන්නේ ශනිය.
ශනිගේ බලය අනුව පිරිස් බලය ඇති රැකියා සහ ව්‍යාපාර වලට සුදුසු පිහිටිමකි. ආරක්ෂක අංශ රැකියාද සුදුසුය.

★ මිථුන
10 වැන්න වන්නේ මීනය වන අතර මීනයේ අධිපති ගුරුය. ඒ අනුව බුද්ධියට අදාල කටයුතු ගුරුහරුකම් දෙන ගුරුවරුන් ආදි රැකියා සුදුසුය. පාලනයටද සුදුසුය.

★ කටක
10 වැන්න වන්නේ මේෂය වන අතර එහි අධිපති කුජය. ඒ අනුව කුජ 10 වැන්නේ පිහිටයි නම් එය ඉතා බලවත් තත්වයකි. හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා මැතිණියගේ මේ ආකාරයට කුජ 10 සිටිමෙන් රුචක යෝගය තිබේ.
විශේෂයෙන් ආරක්ෂක අංශය, පාලනය බලයට මූලිකත්වය දෙන ලක්ෂණ ඇත.

★ සිංහ
10 වැන්න වන්නේ වෘෂභය වන අතර එහි අධිපති සිකුරුය. සිකුරු 10 වැන්නාධිපති වුවද සිංහ ලග්න හිමියන්ගේ අනුන්ට නොනැවෙන ගති නිසා වඩා සුදුසු තමාගේම ව්‍යාපාර වලටය. ඒවායින් බොහෝ දියුණු විය හැක. නිසිලෙස අනිකුත් ග්‍රහ ගැලපීම්ද ඇත්නම් එය සිදුවේ. සිකුරුට අයත් අලංකරණ කටයුතු ආදිය ආශ්‍රිත කටයුතු, ආරක්ෂක අංශයට අදාල ආදිය ගැලපේ.

★ කන්‍යා
10 වැන්න වන්නේ මිථුනය වන අතර අධිපති බුධ වේ.
බුද්ධියට අදාල රැකියා වලට සුදුසුය. බුධ 10 වැන්නේ බලවත් නම් රාජ යෝගයකි. නීතිය, වෛද්‍ය ක්ෂෙත්‍ර ආදිය කලාවද සුදුසුය.

★ තුලා
10 වැන්න වන්නේ කටකය වන අතර අධිපති වන්නේ චන්ද්‍රයාය. ව්‍යාපාර වලට සුදුසුය. කලාවට, වෙදකමට සුදුසුය. දියර වර්ග ආශ්‍රිත වෙලදාම්ද සුදුසුය.

★ වෘශ්චික
10 වැන්න වන්නේ සිංහය වන අතර අධිපති රවි වේ. රවි 10 සිටියොත් කුමන රැකියාවක් කලද ඉදිරියට යෑමට ප්‍රමුඛත්වය ගැනිමට හැකිවනු ඇත. කලා කටයුතු වලටද සුදුසුය.

★ ධනු
10 වැන්න වන්නේ කන්‍යාව වන අතර අධිපති බුධ වේ. බුද්ධියට අදාල රැකියා ලැබේ. මූල්‍ය අංශ, රථවාහන වලට අදාල අංශද විශේෂයෙන් ධනු ලග්නය අනුව ප්‍රධානත්වය ගන්නා රැකියා සුදුසුය. ධනු ලග්නය කැපවිමෙන් කටයුතු කරන ලග්නයක් නිසා බොහෝ දියුණුව අපේක්ෂිතය. දේශපාලනය පවා සුදුසුය.

★ මකර
10 වැන්න වන්නේ තුලාව වන අතර අධිපති සිකුරුය.
සිකුරු අධිපති වීම තුල අලංකරණයට අදාල කටයුතු වලටද සුදුසුය. වඩා අදාල වන්නේ මකර ලග්නයට අනුව විශේෂ වශයෙන් ව්‍යාපාර ආදියයි. සිකුරුත් බලවත්ව පිහිටා ඇත්නම් රෙදිපිලි ව්‍යාපාර වලට වඩා සුදුසුය.

★ කුම්භ
10 වැන්න වන්නේ වෘශ්චිකය වන අතර අධිපති කුජය.
කුජ බලවත් නම් බොහෝ සුබය. ආරක්ෂක අංශයට, ප්‍රධානත්වය ගන්නා රැකියා වලට යහපත් පිහිටිමකි.

★ මීන
10 වැන්න වන්නේ ධනුව වන අතර අධිපති වන්නේ ගුරුය. 10 වැන්න බලවත් වී නම් බොහෝ රැකියා කල හැක. විශේෂයෙන් නීති අංශය, වෛද්‍ය, ඉංජිනේරු වෘත්තින්ද යහපත්ය.

★★★ මෙය පොදු විස්තරයක් බව සලකන්න. රැකියාව ගැන සැලකීමේදී බැලිය යුතු කරුණු කාරණා බොහෝය.

No comments:

Post a Comment