Sunday, August 31, 2014

බුධ මාරුව (අගෝ.30 සිට)

ග්‍රහලොව බුද්ධිමතා වන “බුධ“ ඊයේ(29) රාත්‍රියේ කන්‍යාවට පිවිසියේය. කන්‍යාවේ උච්ච බලයට පැමිණෙන බුධ ‘විදුරවි යෝගය‘ ඇති කරයි.
කන්‍යාවේ ස්වක්ෂෙත්‍රව බලවත්ව සිටින රාහුද සිටී.
ඒ අනුව මෙය යහපත් තත්වයකි.

ලග්න වලට පලාපලය මෙසේය.

٠ මේෂ
බුධ 6 වැන්නේ උච්ච වේ.
වෙනදාට වඩා බුද්ධිමත්ව කටයුතු කරන කාලයකි.
ආරක්ෂක අංශයේ නම් රැකියාවේ දියුණුව අපේක්ෂිතය. කෙසේ වුවත් රැකියා වල දියුනුවට හේතු විය හැක.
වෙනදාට වඩා ශරීර සනීපය දියුණු වන කාලයකි. එසේ වුවත් ආහාර පානාදිය භාවිත‍යෙදි පරිස්සම් වන්න.

٠ වෘෂභ
5 වැන්නේ බුධ උච්ච වෙයි.
බුද්ධිය ලැබෙන කාලයකි. මනා සැලැස්මකින් කටයුතු කරන කාලයකි.
වෙනදාට වඩා දක්ෂතාවයෙන් යුතුව කටයුතු කරන කාලයකි. කලා කටයුතු කරන අයට විශේෂයෙන් සුබයි. අන් අය අතර කැපී පෙනෙන කාලයකි.

٠ මිථුන
4වැන්නේ බුධ උච්ච වේ.
“ භද්‍රා යෝගය“ බලවත්ව යෙදේ. වෙනදාට වඩා කටයුතු සාර්ථක වේ. වැඩි කැපවීමකින් තොරව ජය ලැබේ. ආර්ථික වාසිද ලැබේ. සතුරන් පරාජය වේ.
කටයුතු සාර්ථක වුවද බුද්ධියෙන්ම කටයුතු කිරීම සැමදාටම යහපත් වනු ඇත.

٠ කටක
3 වැන්නේ බුධ උච්ච වෙයි.
යහපත්ය. තම දියුණුව වෙනුවෙන් අකාමකා වැඩ කරන කාලයකි. කෙසේ වුවත් කටයුතු කිරිමෙදි බුද්ධියට ඉඩ දෙන්න, අනවශ්‍ය ලෙස දියුණුවට කටයුතු නොකරන්න. එසේ වුවොත් කරදර විය හැක. ඔබේ සහෝදරයන්ට සුබ කාලයකි.
විදුලි අනතුරු, ගිනි අනතුරු ආදියෙන් පරිස්සම් වන්න.

٠ සිංහ
2වැන්නේ බුධ උච්ච වේ.
යහපත්ය. මෙතෙක් පැවති කරදර දුරුවන කාලයකි. යහපත පිණිස කටයුතු යෙදේ.
හදිසි ධනලාභ ඇතිවිය හැක. රැකියාවේ දියුණුව ඇතිවේ. වෙනදාට වඩා සිතට සතුට ලැබේ.
සතුරු කරදරද ඇතිවිමට යම් ඉඩක් ඇත.
නව ව්‍යාපාර ආදිය ඇරඹීමට සුභ කාලයකි.

٠ කන්‍යා
බුධ 1 වැන්නේ උච්ච විය.
ලග්නයේම බලවත් භද්‍රා යෝග තත්වයක් තිබීම සුභ තත්වයකි.
තමාට අවශ්‍ය දේවල් ලැබෙන කාලයකි. කෙසේ වුවත් මේ යහපත් තත්වය සමග රාහුගේ කටයුතු අවුල් කරන, පමණ ඉක්මවා කටයුතු කරන තත්වයන්ද ඇතිවිමට ඉඩ ඇත. ඒ ගැන අවදානමත් වන්න. සෑමවිටම තම ගෞරවය ගැන සිතා බලා කටයුතු කරන්න.
විශේෂයෙන් ප්‍රේමය හා විවාහයට අදාල කටයුතු වලදී සැලකිලිමත් වන්න.

٠ තුලා
බුධ 12 වැන්නේ උච්ච විය.
ස්ථාන මාරු අපේක්ෂා කල හැකි කාලයක් විය හැක. යම් කරදර ඇතිවුවද ඒවා පසුකාලීනව යහපත පිණිස හේතුවිය හැක. ලග්නයට පාපී ශනි-කුජගේ බලපෑම නිසා බුද්ධියෙන් කටයුතු කල යුතුය.
ආවේගශීලි නොවන්න. ඉවසිලිවන්ත වන්න. සතුරු බලවේග වලින් හානි ඇතිවිමටද යම් ඉඩක් ඇත.

٠ වෘශ්චික
බුධ 11 වැන්නේ උච්ච විය.
මෙය යහපත්ය. කටයුතු සඵල වන කාලයකි. මුදල් අතට ලැබේ.
ලැබෙන්නට තිබූ දේ ලැබේ.
ප්‍රේමයෙදිද විවාහ ජිවිතයෙදිද ඉතා ඉවසිලිවන්ත නොවුනොත් සබදතා බිඳ වැටීමක් දක්වා යා හැකි බැවින් බුද්ධිමත් වන්න. එම කැපවීම නිසා පසුවටත් සිතට සතුට ලැබෙන බව සිහි තබාගෙන කටයුතු කරන්න.

٠ ධනු
බුධ 10 වැන්නේ උච්ච වෙයි.
භද්‍රා යෝගයේ සෑහෙන බලයක් ලැබෙන්නේ කර්මස්ථානයේ උච්ච විම නිසාය.
මෙම පිහිටීම නිසා යම් තරමකට කටයුතු සඵල වේ. විශේෂයෙන් විදෙස්ගත වීමට සිතූ අයට එම පැතුම් ඉටුවේ.
රාහුගේ බලපෑම නිසා මෙම යහපත් තත්වයන්ට බාධා මෙන්ම කටයුතු අවුල්වීමක්ද අපේක්ෂිත නිසා, අදාල කේන්දර සටහන් අනුව කල යුතු දෑ කරගෙන කටයුතු කිරීම වටී. විටෙක සිහි බුද්ධිය නැති කටයුතු කිරීමේ ඉඩක් පවතී.
රාහුගේ බලය නිසාම නොකල වැරදි වලට චෝදනා ආදිය එල්ලවීමටත් ඉඩ ඇති නිසා බුද්ධිමත් වන්න.

٠ මකර
9 වැන්නට බුධ උච්ච විය.
මෙය පෙර පින් මතුවෙන කාලයකි. අන් අයගේ උදව් පවා ලැබේ.
ආගම දහමට අනුව නිසිලෙස කටයුතු කරන අයට ආශිර්වාද අපේක්ෂිතය.
එසේ වුවද බුධට රාහුගේ බලපෑම නිසා රැකියාවෙදි බුද්ධියෙන් කටයුතු කිරීම වටී. ස්ථාන මාරුවක් අපේක්ෂිතය. බුද්ධිමත් නොවුනහොත් රැකියාවට අවදානමක් ඇතිවිය හැක.

٠ කුම්භ
8 වැන්නේ බුධ උච්ච විය.
පොදුවේ අයහපත් වුවද අනිකුත් ගෝචරයන් නිසා අපල තත්වයන් යම් තරමක් හෝ මග හැරෙනු ඇත. අන් අය හා කටයුතු කිරීමේදි බුද්ධිමත් වන්න. රාහුගේ බලපෑම නිසා විවිධාකාර මුලාවීම් සහ අනවශ්‍ය ලෙස උදව් කරන්නට යෑමෙන් කරදර ඇතිවිය හැක. විශේෂයෙන් ජලය ආශ්‍රිත අනතුරු වලින් පරිස්සම් වන්න.

٠ මීන
7 වැන්නේ බුධ උච්ච විය.
භද්‍රා යෝග බලය ලැබේ.
ජලය සහ දියර කටයුතු වලදී පාඩු, හානි වීමේ ඉඩකඩක් ඇති නිසා බොහෝ පරිස්සම් වන්න. ආදායම් වලට යහපත්ය.
පෙම් සබදතා වලදී ඉතා බුද්ධිමත් වන්න. විවාහවී සිටින අයද බුද්ධියෙන් කටයුතු කරන්න. තම ගරුත්වය රැක ගැනීමට කටයුතු නොකිරීමෙන් බොහෝ කරදර බාධක ඇතිවිමට ඉඩ ඇත.

#ඉරුසේවය = Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364 

No comments:

Post a Comment