Monday, August 11, 2014

ග්‍රහ අපල යනු - 01

මෙලොව උපදින සියලුම සත්වයන් නක්ෂත්‍ර රටාවේ දැන හෝ නොදැන බලපෑමකට හසුවී සිටී. එය හොඳ විදියටත් නරක විදියටත් දෙපැත්තටම පොදුවිය හැක.
විශේෂ වශයෙන්ම මා සඳහන් කරන්නේ ග්‍රහ අපලයක් ඇතොත් එයින් බේරීමට ග්‍රහ අපල යනුවෙන් අප දන්නේ කුමක්ද කියා ඔබට සඳහන් කිරීමටයි.

නවග්‍රහයන් නම්, රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන ග්‍රහයන්ය. මෙයින් දෙදෙනක් ඡායා ග්‍රහයන්ය. එනම් අප විමසා බලමු එම ග්‍රහයන්ගෙන් ඇති කරන අපල කවරේද කියල.

●̮̮̃ රවිගේ අපලයෙන්
පුද්ගලයෙකුට මානසික ආතතිය, කේන්ති යාම, පියා සමග කේන්ති යාම, නීතිමය ගැටළු ඇතිවිමට නියමයි.
රජයෙන් චෝදනා ලැබීම් ආදිය විය හැක.

●̮̮̃ සඳුගේ අපලයෙන්
සෙම් අමාරු, බෝවෙන ලෙඩ රොග ආදිය ඇතිවේ.

●̮̮̃ කුජගේ අපලයෙන්
හදිසි අනතුරු, ඇඟපත තුවාල වීම්, අනවශ්‍ය ශල්‍යකර්ම මගින් සිරුරට පීඩා, ලේ විෂවීම් සහ සහෝදර හානිය ඇතිවිය හැක.

●̮̮̃ බුධගේඅපලයෙන්
ස්නායු රෝග, ගොත බව, ගොළු බව, එසේම තැනක් නොතැනක් නොබලා වාචාලකමට කතා කිරීම.

●̮̮̃ ගුරුගේ අපලයෙන් ඇඟ මහත්වීම, දියවැඩියාව, සන්ධි ඉදිමීම ආදිය ඇතිවිමට ඉඩ ඇත.

●̮̮̃ සිකුරු අපලයෙන්
ඒ හා සමාන අසනීප, ලිංගික රෝග, ස්වප්න දෝෂ, ශුක්‍ර ධාතුව සම්බන්ධ රෝගද ඇතිවිය හැක.

●̮̮̃ රාහුගෙන් මානසික රෝගද කේතුගෙන් පාදවල හා තුනටියේ දෝෂද ඇතිවිමට ඉඩ ඇත.

මේවා නැති කරගැනීමට පැරැන්නෝ විවිධ ක්‍රම සහ උපක්‍රම භාවිත කරනු ලැබීය.
අප ඔබට ඉදිරිපත් කරන්නේද එම ආභාෂය කැටි කරගත් විද්‍යාත්මක පදනමකිනි.

එම ලිපියේ පොදුවේ සඳහන් පරිදි එකී අපල වලට පොදුවේ කල යුතු දෑ මෙසේය.

●̮ රවිගේ අපල වලට ඊශ්වර දෙවියන්ට භාරවීම, බෝධි පූජා පැවැත්විම, වැඩිහිටි භික්ෂූන්වහන්සේලාට දානමානාදිය පූජා කිරීම.
සූර්ය මණ්ඩල යන්ත්‍රය පැලදීම කරනු ලබයි.

●̮ සඳුගේ අපල වලට, සුමන සමන් දෙවියන්ට භාරවීමද, මව්වරුන්ට, තරුණියන්ට කිරි ආහාර පූජාවද චන්ද්‍ර මණ්ඩල යන්ත්‍රය පැලදීමද යහපත්ය.

●̮ කුජගේ අපල වලට තරුණ භික්ෂූන්වහන්සේලා උදෙසා දානය දීම, මරණයට කැපවූ ගවයන් නිදහස් කිරිම, බෝධ පූජා පැවැත්වීම, රතන යන්ත්‍රය පැලදීම යහපත්ය.

●̮ බුධගේ අපල වලට කුඩා දරුවන්ට දානය දීම, විෂ්ණු දෙවියන්ට භාරවීම, විෂ්ණු මණ්ඩල යන්ත්‍රය පැලදීම සුභයි.

●̮ ගුරුගේ අපල වලට බෝධි පූජා පැවැත්විම, සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරිම, නරසිංහ යන්ත්‍රය පැලදීම සුභයි.

●̮ සිකුරුගේ අපල වලට තමන්ගේ ඉෂ්ට දෙවියන්ට පින් දීම, එසේම කිරිදෙන, ගැබිණි මව්වරුන්ට දානය පූජා කිරීම, ශීලම්බර යන්ත්‍රය හෝ ආරක්ෂණ යන්ත්‍රයක් පැලදීම යහපත්ය.

●̮ ශනිගේ අපල වලට ඉෂ්ට දෙවියන්ට පින් දීම, විෂ්ණු දෙවියන්ට භාරවීම, නීල මණ්ලය, ශනි මෘතුංජය පැලදීම සුබයි.

●̮ රාහුගේ අපල වලට ගෝමේද මුද්දක් පැලදීම, මානසික රෝගින්ට දානය දීම, නාගර්ජුනය පැලදීම යහපත්ය.

●̮ කේතුගේ අපල වලට එක්තැන් වූ රෝගීන්ට දානය දීම, රෝගීන්ට උපස්ථාන කිරිම, නාගමාලාව යන්ත්‍රය හෝ ආරක්ෂණ යන්ත්‍රයක් පැලදීම සුබයි. ,

ඉහත අපල නම් ග්‍රහයන්ට අදාල අපලයි.
දීර්ඝ විස්තරයක් ලබාදිය හැකි වුවත් දීර්ඝ වූ කල්හි ජනතාව බැලිමට උනන්දු නැති නිසා අවශ්‍ය කාරණා වෙතොත් අසා දැනගන්න.

No comments:

Post a Comment