Monday, October 31, 2016

සතියේ ලග්න පලාපලය - නොවැ06 දක්වා



පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.


-
● මේෂ
ආර්ථික ගැටළු මතු වන්නට ඉඩ ඇති සතියකි. ආර්ථිකය සම්බන්ධ කටයුතු වලට එතරම් සුභ සතියක් නොවේ. නීතිමය ගැටළුද පැන නැගීමේ අවදානමක් පවති. හවුල් ව්‍යාපාර වලින් පාඩු විය හැක.
රැකියා කටයුතු වල යෙදෙන අයටද බාධා පවති. රජයේ රැකියා වල නියුතු අයට කාර්යබහුලතාවය වැඩි වන සතියකි. රැකියාව නීරස විය හැක.
ගෘහ ජිවිතය තුල වැඩිහිටියන් සමග මත ගැටුම් ඇති විය හැක. බලාපොරොත්තු නොවු මොහොතක කරදර ඇතිවිය හැක. අඹුසැමියන් අතරද මත ගැටුම් ඇති විය හැක. පදිංචි ස්ථානය වෙනස් වීමට හෝ අඹුසැමියන් දුරස් වීමට පවා ඉඩ ඇත.

-


● වෘෂභ
මුදල් අවහිරතා මඟ හරවා ගත හැකි සතියකි. ණය ලබා ගැනීමට සුභ සතියකි. නව ව්‍යාපාර ඇරඹීමටද, තිබෙන ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමටද සුභ සතියකි.
රැකියාවේ මෙතෙක් තිබුනු බාධා ඉවත් වේ. ප්‍රධානීන්ගෙන් ප්‍රසංසා ලැබේ. අමතර රාජකාරි තමන්ට හිමි වේ. ස්වයං රැකියා කරන අයට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල විවාහ යෝජනා ප්‍රමාද විය හැක. බුද්ධියෙන් තීරණ ගත යුතු කාලයකි. අඹුසැමියන් අතර හොඳ හිත වර්ධනය වේ.
අධ්‍යාපන කටයුතු වලින් ජය ලැබේ.

-


● මිථුන
ස්ව ව්‍යාපාර වල යෙදෙන අයට ලාභ වැඩි වන සතියකි. මූල්‍ය කළමනාකරණ කටයුතු වලට සුළු සුළු බාධා මතුවිය හැක. මූල්‍ය ක්ෂෙත්‍රයේ ප්‍රබල පසුබෑම් පවා නිසි බුද්ධියෙන් යුතුව නොකලොත් සිදුවිය හැක. කල්පනාවෙන් වැඩ කටයුතු කරගෙන සුභ සතියක් බවට පත් කරගත හැක.
රැකියාවේ ප්‍රධානින්ගේ අවධානය තමාට යොමුවේ. ප්‍රධානින් සමග ගැවසීමට හේතු යෙදිය හැක. තරඟ විභාග යනාදියෙන් ජයග්‍රහණය හිමි වන සතියකි.
ගෘහ ජිවිතය තුල මිතුරු සබදතා ගොඩ නැගෙන සතියකි. දුර බැහැර ගමන් යෙදේ. ගේ දොර අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුකල හැක. මිතුරන් ඇසුරු කිරීමට වැඩි කාලයක් යෙදවේ.

-

● කටක
මූල්‍ය ආයතන වලින් ණය ලැබේ. ණය ඉල්ලුම් කිරීමටද සුබ සතියකි. තම ව්‍යාපාර කටයුතු වැඩි දියුණු කිරීමටත්, ඒ වෙනුවෙන් පියවරක් ගැනීමටත් සුභ සතියකි.
තාක්ෂණික අංශයේ රැකියා වල නියුතු අයට වඩා යහපත් සතියකි. නව රැකියා අවස්ථා උදා වේ. රජයේ රැකියා වල යෙදෙන අයට තනතුරු උසස් වීමක් හෝ ස්ථාන මාරුවීමක් පෙන්නුම් කරන සතියකි.
ගෘහ ජිවිතය තුල අඹුසැමියන් අතර සුහදතාවය වර්ධනය වේ. දුර බැහැර ගමන් බිමන් යෙදෙනු ඇත. ප්‍රමාද වූ විවාහ කටයුතු ස්ථිර වෙයි.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන අයට ජය ලැබේ.

-

● සිංහ
නව ව්‍යාපාරයකට යොමු වීමට උත්සාහ දරන අයගේ පැතුම් මල් ඵල ගැන්වෙන සතියක් වේ. කලක් තිස්සේ තිබු ගැටළුදායක තත්වයක් නිරාකරණය වේ. මූල්‍ය ආයතන වලින් ණය ලැබේ. ඉඩම් මිලදී ගැනීම්, ගෙවල් මිලදී ගැනීම් වලට සුබ සතියකි.
රැකියාව උසස් වීමක් හෝ රැකියාව වෙනස් කිරීමක් පෙන්වයි. රැකියාවේ ප්‍රධානින්ගේ හොඳ හිත ලැබේ. ප්‍රධානින් ඇසුර යොමු වන සතියකි.
ගෘහ ජිවිතය තුල ගේ දොර වැඩි දියුණු කර ගැනීමට සුභ සතියකි. අඹුසැමියන් අතර හොඳ හිත වර්ධනය වේ. අධ්‍යාපනය ලබන දරුවන්ට ජය ලැබේ. විදෙස් අධ්‍යාපන කටයුතු වලටද සුබයි.
සෙම් රෝග අධික විය හැකි සතියකි.

-

● කන්‍යා
ආර්ථික ගැටළු මතු විය හැකි සතියකි. ණය ලැබීම ප්‍රමාද විය හැක. මූල්‍ය ආයතන වලින් ගැටළු මතු විය හැක. තම ව්‍යාපාර වල ගැටළු මතු විය හැක. මෙතෙක් තිබුනු ආදායම් මාර්ග ඇහිරේ.
රැකියාව කාර්යබහුල වේ. නව රැකියා උදා වේ. අලෙවිකරණ රැකියා වල යෙදෙන අයට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල ප්‍රීති උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ. දෙමාපියන්ගේ අවවාද ලැබේ. යහපත් මංගල යෝජනා ලැබේ. මංගල යෝජනා ස්ථිර වෙයි.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ගේ කැපී පෙනෙන දියුණුවක් පෙන්වයි.

-

● තුලා
මූල්‍ය කළමනාකරණයේ සුළු සුළු අඩුපාඩු පෙන්වයි. ණය ගනුදෙනු වලින් ප්‍රවේසම් විය යුතු සතියකි. සතුරු කරදර වර්ධනය විය හැක. ප්‍රවාහන ක්ෂෙත්‍රයේ ව්‍යාපාර වල යෙදෙන අයට හදිසි කරදර ඇති වීමට ඉඩ ඇති සතියකි. තැන්පත් ධනය අධිකව වැය විය හැක.
රැකියා වල උසස් වීම්, තරඟ විභාග ආදියෙන් ජය ලැබෙනු ඇත. මිතුරු ඇසුර නිසා සුළු සුළු අඩු පාඩු රැකියා තුල ඇති විය හැකි සතියකි. ප්‍රධානින් සමග මත ගැටුම් ඇති වීමට ඉඩ ඇති සතියකි.
ගෘහ ජිවිතය තුල ඥාතින් වෙනුවෙන් වැඩිපුර කාලය වැය කිරීමට සිදුවේ. ගේ දොර සමගියට බාධා ඇති විය හැක. දරුවන් වෙනුවෙන් මහන්සි වීමට ඉඩ ඇත.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ට තරමක් අපලදායකය.

-

● වෘශ්චික
නව ව්‍යාපාර සැලසුම් කිරීමට සුබ සතියකි. මූල්‍ය කළමනාකරණයේ අඩුපාඩු ඇති වන සතියකි. කල්පනාකාරිව කටයුතු නොකලොත් වැයපස ඉහල යා හැක. ණය ඉල්ලුම් කිරීමට සුභ සතියකි.
රැකියා කටයුතු වලදි ආයතන ප්‍රධානින්ගෙන් දෝෂාරෝපණ එල්ල විය හැක. අැසුරු කරන අයගෙන් සතුරු කරදර ඇති විය හැක. රැකියාව නීරස විය හැක. මහන්සියේ තරමට ප්‍රතිඵල අඩුවිය හැක.
ගෘහ ජිවිතය තුල ගෙදර දොර කටයුතු වලට වෙනදාට වඩා වෙහෙසීමට සිදු වේ.  දරුවන් අපේක්ෂාවෙන් සිටි අයට සුභ ප්‍රතිඵල ලැබෙන සතියකි. මංගල යෝග උදා වේ. මංගල යෝජනා ස්ථිර වෙයි.


-

● ධනු
නව ව්‍යාපාර ආරම්භ කිරිමට සුබ සතියකි. ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමට යහපත් කාලයකි, නව පියවර ගැනීමට සුබ කාලයකි. විදෙස් මිතුරන්ගෙන් ඇප උපකාර හිමි විය හැක.
රැකියාවේදී අලෙවිකරණ, නිෂ්පාදන ක්ෂෙත්‍ර වල කටයුතු කරන අයට සුබ සතියකි. ආයතන ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙනු ඇත. උසස් වීම්, තරඟ විභාග ආදියෙන් ජය ලැබේ.
ගෘහ ජිවිතය තුල පදිංචි ස්ථානය වෙනස් කිරීමක් හෝ වැඩි දියුණු කිරීමක් පෙන්වයි. වාසනාවන්ත දරු උපත් හිමි වේ.
නිදන්ගත රෝග වලින් පෙලෙන අය තරමක් ප්‍රවේසම් විය යුතුය.

-

● මකර
ව්‍යාපාරික නීති ප්‍රශ්න පෙන්නුම් කරන සතියකි. නව ව්‍යාපාර වලට සුබ සතියකි. මූල්‍ය කළමනාකරණයේ සුළු සුළු අතපසු වීම් පෙන්නුම් කරයි. විදෙස් සමාගම් වලින් ආයෝජන හිමි විය හැක.
නව රැකියා උදාවේ. රැකියාවේ වෙනසක් හෝ උසස් වීමක් පෙන්නුම් කරයි. බලාපොරොත්තු නොවු මොහොතක කරදරයකට මුහුණ පෑමට සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල මව්පියන්ගේ ආදරයට, ගෞරවයට පාත්‍ර වේ. විවේකය අඩු කාලයකි. ගේ දොර වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. මංගල යෝග උදා වේ.
අධ්‍යාපන කටයුතු වලට සුබ කාලයකි.

 -


● කුම්භ
ණය ලැබේ. මූල්‍ය ආයතන වලින් ණය ඉල්ලුම් කිරීමට සුබ සතියකි. නව ව්‍යාපාර ඇරඹීමටද සුබයි. ව්‍යාපාරික ඥානයෙන් මිලදී ගැනීමට සිදුවේ. වෙළද ව්‍යාපාර වල යෙදෙන අයට සුබ සතියකි.
රැකියාවේ කටයුතු වලදි ප්‍රධානින් සමග මත ගැටුම් නිර්මාණය විය හැක. විදෙස් රැකියා වලට සුබ සතියකි. දුර බැහැර රැකියා වල යෙදෙන අයගේ රැකියා ස්ථාන මාරු විය හැක. මූල්‍ය අංශයේ රැකියා වල යෙදෙන අයට යහපත් සතියකි.
ගෘහ ජිවිතය තුල මව්පියන් සමග හොඳ හිත වර්ධනය වේ. ඉදිරි දියුණුවට යම් පියවරක් ගැනීමට සිදු වේ. සහකාරිය/සහකරු ගේ කරදර වලට මුහුණ දීමටත්, ඒවාට විසඳුම් සෙවීමටත් සිදුවිය හැක.
අධ්‍යාපනයෙන් ජය ලැබේ.

-

● මීන
විදෙස් මිතුරන්ගෙන් උපකාර, ණය ලැබිමට ඉඩ ඇත. ණය ඉල්ලුම් කිරීමට සුබ සතියකි. මූල්‍ය ආයතන වලින් උපකාර ලැබෙනු ඇත. ව්‍යාපාර සැලසුම් කිරීමට සුබ සතියකි.
රැකියාවේ කටයුතු වලදී ආරක්ෂක අංශයේ සේවය කරන අයට තරමක් අසුබදායක කාලයකි, නිලතල පහත වැටිමට පවා පුලුවන. ප්‍රධානින් සමග මත භේද වර්ධනය විය හැක.
ගෘහ ජිවිතය තුල ආදර සබදතා වර්ධනය වේ. මංගල යෝග උදා වේ. තම නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවිය හැක.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ගේ කැපී පෙනෙන දියුණුවක් පෙන්වන සතියකි.

-


@Iru Sewaya

irusewaya@gmail.com
077 22 38041

ඕනම දෙයක පටන් ගැනීම තමයි අමාරුම කාරණේ..
පටන් ගන්න උවමනාව එන එක ලේසි දෙයක් නෙමෙයි.
ඒනිසා පටන් ගැනීමයි වැදගත්..
- හරි ගියපු ගොඩක් අය මේ පටන් ගන්න තියෙන අමාරුව හොඳින්ම දන්න අය.. ඒ අය ඒ බැරිකම ජයගත්ත අය..

- මේ කතාව අයිති වෙන්නෙ බිස්නස් කරන අයට, ස්වයං ව්‍යාපාර කරන අයට විතරක් නෙමෙයි. හැමෝටම මේ කතාව අදාලයි..
රස්සාවක් කලත්, ඉගෙන ගත්තත්, අලුතින් දෙයක් පටන් ගත්තත් මේ කතාව අදාලයි..

Iru Sewaya Iru Astrology

irusewaya@gmail.com
077 22 38041

Sunday, October 30, 2016

දුර්ගා දේව මෑණියන් හෙවත් පාර්වතී මෑණියන්

දේව පුරාණයේ සිටින මහ දෙවියන් ලෙස හැඳින්වෙන ශිව දෙවියන්ගේ ප්‍රධාන දේවිය වන්නේ “පාර්වතී මෑණියන් හෙවත් දුර්ගා මෑණියන්“ය.

බොහෝ අය මහා භද්‍රකාලි මෑණියන් සහ දුර්ගා මෑණියන් වරදවා වටහාගෙන සිටිති.
භද්‍රකාලි මෑණියන්ගේ වාහනය ව්‍යාඝ්‍රයෙක්/කොටියෙක් වන අතර, දුර්ගා මෑණියන්ගේ වාහනය සිංහයෙකි.

අප රටේද ඉමහත් ගෞරවයට පාත්‍ර වන කතරගම දෙවියන් සහ ගණ දෙවියන්ගේ මව වන්නේ දුර්ගා මෑණියන් හෙවත් පාර්වතී මෑණියන්ය.

මහ දේව පවුලේ මෑණියන්ගේ ආශිර්වාද ලබා ගැනීමට කල යුත්තේ නිසි ලෙස පින්කම් කර එතුමියටත් ලැබේවායි පැතීමයි. ඔබගේ සීලය - සීලය ප්‍රතිපත්තිය රැකගෙන කටයුතු කිරීමද මෙහිදී වැදගත්ය.

#ඉරු

irusewaya@gmail.com.
077 22 38041

Thursday, October 27, 2016

ගරුත්වයට පාත්‍ර වෙන “භූමිපාල යෝගය“

ග්‍රහ ලොව ප්‍රඥාවන්තයා වන, සෞභාග්‍යයට අධිපති ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා, මීන රාශියේ තැන්පත් වීමෙන් භූමිපාල යෝගය ඇතිවේ
ගුරු ග්‍රහයා ධනු සහ මීන රාශියට අධිපති වෙයි. මීන රාශියේදි ගුරුගේ පිහිටිම ස්වක්ෂෙත්‍ර(තමන්ගේ වාසභවනයේම සිටිම) ලෙස කියනු ලැබේ.

“ මෙම යෝගය ඇති අයගේ විශේෂ ලක්ෂණ ලෙස කාරුණික ගති තිබීම දැක්විය හැක. තවද අන් අයගේ ගරු බුහුමන් ලබන්නෙකි. අන් අයට උපදෙස් දීමට සුදුස්සෙකි. අන් අය අතර තම ගුණය නිසා කැපී පෙනෙයි.“

- උපදේශන වෘත්තිය, ගුරු වෘත්තිය වැනි වෘත්තින් වල නියැලි අයට, කලා ක්ෂෙත්‍රයේ බබලන චරිත, සිල්වත් ගුණවත් ස්වාමින්වහන්සේලාට, සමාජයේ පිලිගැනීමට ලක්වූ අයට සහ ව්‍යාපාරික ලෝකයේ ඉහලටම පැමිණ සිටින චරිත ගණනාවකට මෙම යෝගය නිසි බල සහිතව කේන්දරයේ යෙදී ඇති බව අප අත්දැකීමෙන් දනිමු.

* විශේෂයෙන් කිව යුත්තේ මෙම යෝගය කේන්දරයේ තිබීමෙන් පමණක් සියල්ල සාර්ථක නොවන බවයි. නිසි බල සහිතව මෙම යෝගය යෙදීමද, අනිකුත් ග්‍රහ දෘෂ්ටි යනාදි බොහෝ කරුණු මත මෙම යෝගයේ නියම ඵල ලැබේද නැද්ද යන කාරණය කිව හැක.

- බලන්න ඔබටත් මෙම යෝගය තිබෙනවාද කියා ???

● මේෂ ලග්න හිමියන්ගේ 12 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

● වෘෂභ ලග්න හිමියන්ගේ 11 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මේ යෝගය ඇතිවේ.

●  මිථුන ලග්න හිමියන්ගේ 10 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

●  කටක ලග්න හිමියන්ගේ 9 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

●  සිංහ ලග්න හිමියන්ගේ 8 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

●  කන්‍යා ලග්න හිමියන්ගේ 7 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

●  තුලා ලග්න හිමියන්ගේ 6 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

●  වෘශ්චික ලග්න හිමියන්ගේ 5 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

● ධනු ලග්න හිමියන්ගේ 4 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

●  මකර ලග්න හිමියන්ගේ 3 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

● කුම්භ ලග්න හිමියන්ගේ 2 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

● මීන ලග්න හිමියන්ගේ 1 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

- තවත් යෝග ගැන විස්තරයක් සහිතව ඊලග ලිපියකින් _

#ඉරු @Iru Sewaya

irusewaya@gmail.com
077 22 38041

Wednesday, October 26, 2016

Iru Astrology - 80,000 පාඨක සංඛ්‍යාව ඉක්මවයි !

ජ්‍යොතිෂ්‍යයට අදාලව ලංකාවේ ෆේස්බුක්හි පමණක් නොව, අන්තර්ජාලය පුරාම වැඩියෙන්ම බලන ෆැන් පේජය වීමට ලැබීම සැබවින්ම අභිමානයකි.

* අපගේ මූලික අභිප්‍රායන් වූයේ දැනුම, සරලව ලබාදීම සහ සේවාවන් හරියට ලබාදීමයි.
* ඒ තුල අද ගමනක් ඒමට හැකියාව ලැබී ඇත.

සතුටුයි ! ස්තූතියි !

#ඉරු


irusewaya@gmail.com.
077 22 38041

Monday, October 24, 2016

සතියේ ලග්න පලාපලය - ඔක්.25 සිට


_ පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.

● මේෂ
මිතුරන්ගෙන් මූල්‍යමය ඇප උපකාර ලැබෙන සතියකි. නව ව්‍යාපාර ඇරඹීමටද, තිබෙන ව්‍යාපාර කරගෙන යාමටද සුබ සතියකි. මූල්‍යමය ආයතන වලින් ණය ලැබෙයි. හිතමිතුරන්ගෙන් අයවීමට තිබුනු ණය යනාදිය ලැබෙයි.
නව රැකියාවන් උදාවි රැකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වේ. රැකියා කරන අයගේ රැකියා උසස් වීම සිදුවේ, තරඟ විභාග ආදියට සුභ සතියකි.
ගෘහ ජිවිතය තුල පවුල් ජිවිතයේ මතභේද ඇති වීමට ඉඩ ඇත. සහකරුට හෝ සහකාරියට විපත් සිදුවීමට ඉඩ ඇති සතියකි. ආදර සබදතා වලට බාධා පවති.

-

● වෘෂභ
ආර්ථිකයේ සුළු සුළු කඩා වැටීම් තිබුනද, සාමාන්‍ය ලෙස ගත කල හැකි සතියකි. හවුල් ව්‍යාපාර ඇරඹීමටත්, නව ව්‍යාපාර සැලසුම් කිරීමට සුභ සතියකි. තිබුනු බාධා තත්වයන් ඉවත් වේ.
රැකියා ස්ථානයේ මාරුවක් හෝ උසස් වීමක් ලැබීමට ඉඩ ඇති සතියකි. තරඟ විභාගයකින්, බුද්ධියෙන් සහ කුසලතාවයකින් ඉදිරියට යෑමට හැකි වන සතියකි. රැකියා අපේක්ෂිත අයට යහපත් රැකියා අවස්ථා උදාවනු ඇත.
පවුල් ජිවිතය තරමක් බාධා සහිතව ගත කලද, නුවණින් කටයුතු කිරීමෙන් සියල්ල යහපත්ව පවත්වාගෙන යා හැක. හිතවතුන්ගේ සහයෝගය ලැබෙයි. පදිංචි ස්ථානය වෙනස් වන්නටද ඉඩක් ඇත.

-

● මිථුන
නව ව්‍යාපාරික මිත්‍ර සබඳතා ගොඩනගා ගැනීමට සුභ සතියකි. ව්‍යාපාර වල ස්වභාවය වෙනස් වීම හෝ වැඩි දියුණු වීම පෙන්නුම් කරයි. මිතුරන්ගෙන් මූල්‍යමය සහයෝගයන් ලැබෙයි.
නව රැකියා උදා වේ. රැකියාවේ උසස් වීම් වලට හේතුයි. තරඟ විභාග ආදියට මුහුණ දීමට සිදු වේ. ප්‍රධානීන්ගේ සහයෝගයන් මෙන්ම පැසසුම්ද ලැබේ.
ගෘහ ජිවිතය තුල බැඳීම් වර්ධනය කරගත හැකි සතියකි. සිතට සතුට ගෙන දෙන සතියකි. නිවාස වැඩ කටයුතු යනාදිය ඇරඹීමට සුභ සතියකි. මංගල යෝගද උදා වේ.

-

● කටක
නව ව්‍යාපාර ඇරඹීමට සුභ සතියකි. ව්‍යාපාර සැලසුම් කරන්නටද යහපත් සතියකි. එසේ වුවද ව්‍යාපාර කළමනාකරණයේ සුළු අඩුපාඩු සිදුවීමටද ඉඩ ඇත. කලක් තිබු ප්‍රශ්නයකට විසඳුම් ලැබී සිතට සතුට දැනෙන සුභ සතියකි.
රැකියාවේ සුළු අතපසු වීම් පෙන්නුම් කරයි. මේ නිසා ප්‍රධානීන්ගේ දෝෂාරෝපණ වලට ලක්වීමට ඉඩ ඇත. රැකියාවේ වෙනසක් හෝ වෙනස් කිරීමටද සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ට සුබයි. තරඟකාරි කටයුතු වලින් ජය ලැබෙනු ඇත.

-

● සිංහ
නව ව්‍යාපාර සැලසුම් කිරීමට සුභ සතියකි. ව්‍යාපාරිකයින් සමග මිතුරු ඇසුර වර්ධනය වෙයි. අනාගත දියුණුවට අදාල වැඩ කටයුතු වල නිරත වෙන අතර නව අදහස් සහිතව සිතනා සතියකි.
රැකියාවේ මාරු වීමක් හෝ තනතුරු උසස් වීමට ඉඩ ඇත. විදෙස් ගමන්, විදෙස් මුදල් ලැබීමක් පෙන්නුම් කරන සතියකි. නව රැකියා අවස්ථා උදා වේ. ප්‍රධානින්ගේ ගෞරවය හිමි වේ.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. ප්‍රමාද වූ විවාහ ස්ථිර වෙයි. විනෝද ගමන් බිමන් යෙදෙයි. සැහැල්ලුවෙන් - සතුටින් කාලය ගත කිරීමට ඉඩ ලැබෙයි.

-

● කන්‍යා
මූල්‍යමය ගනුදෙනු වලින් විශේෂයෙන් ප්‍රවේසම් විය යුතු සතියකි. වියදම් ඉහල යා හැක. ආර්ථිකයේ සුළු ප්‍රශ්න නිර්මාණය වන සතියකි. ව්‍යාපාර පරිපාලනයේ දුර්වලතා මඟ හරවා ගැනීම් කරමින් සතිය ගත කරන්නට කටයුතු කරන්න.
නව රැකියා උදා වේ. රැකියාවේ පරිපාලන දුර්වලතා පෙන්නුම් කරන සතියකි. නිෂ්පාදනකරණය, අලෙවිකරණය, ව්‍යාපාර කළමනාකරණය යන අංශ වල රැකියා වලට තරමක අසුභ ඵල ගෙන දෙන සතියකි, එනිසා මනා බුද්ධියෙන් කටයුතු කල යුතුය.
ගෘහ ජිවිතය තුල අසල්වැසියන් සමග සුහදතාවය වර්ධනය වේ. මිතුරු ඇසුර නිසා කරදර වලට මුහුණ පෑමට සිදුවිය හැක. මංගල යෝග උදා වේ. ඉදිරි දියුණුවට හේතු වන කටයුත්තක් යෙදෙනු ඇත.


-

● තුලා
හොඳ ව්‍යාපාරික මිතුරු සබදතා ගොඩනැගේ. එහෙත් ව්‍යාපාර වලට නීතිමය ගැටළු ඇති විය හැක. නව ව්‍යාපාර සැලසුම් කිරීමට සුභ සතියකි. මූල්‍යමය ආධාර ඉල්ලුම් කිරීමට සුභ සතියකි.
රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ සිතට සහනයක් ගෙන දෙන රැකියා අවස්ථා යෙදෙනු ඇත. අලෙවිකරණ සහ රජයේ රැකියා වල නිරත අයට සතුරු කරදර මතු වීමට ඉඩ ඇති සතියකි. ප්‍රධානීන් සමග මත ගැටුම් ඇති වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල මානසික පීඩා ඇති විය හැක. සැමියාට-බිරිදට ගැටළු මතු විය හැක. පදිංචිය පිලිබදවද ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. අහංකාර - හිතුවක්කාර ගති පෙන්නුම් කරන්නටද ඉඩ ඇත, එනිසා පාඩු සිදුවිය හැක.
බුද්ධිමත්ව කටයුතු කරන්න.

-

● වෘශ්චික
ව්‍යාපාර සැලසුම් කිරීමට සුභ සතියකි. නව ව්‍යාපාර ආරම්භ කිරීම නොකිරීම වඩා උචිත සතියකි. ව්‍යාපාරික  ප්‍රධානීන් මුණ ගැසීමට යාමෙන් ගැටළු ඇති විය හැකි සතියකි. බාධා ඇතිවිය හැකි නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.
නව රැකියා අවස්ථා උදා වේ. රැකියා කරන අයට, ප්‍රධානීන්ගෙන් දෝෂාරෝපණ එල්ල විය හැක. තමන්ගේ හොඳ නමට කැළැල් ඇති වීමටද ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල තරමක් පවුලේ බර කරට ගත යුතු සතියකි. කැපවීමෙන් වෙහෙසීමෙන් කටයුතු කල යුතු සතියකි. මවුපිය පාර්ශවයන්ගෙන් අවවාද ලැබෙනු ඇත.
අධ්‍යාපන කටයුතු වලින් ජය ලැබෙයි.

-


● ධනු
ව්‍යාපාරික ගමන් බිමන් වැඩි වේ. ව්‍යාපාරික සබදතා ගොඩ නගා ගැනීමට හැකියාව ලැබෙන සතියකි. විදෙස් ගමන් වලින් වැඩි ලාභ සහිත සතියකි. කලක් තිස්සේ තිබුනු ප්‍රශ්නයකට විසදුම් ලැබේ.
රැකියාවේ ප්‍රධානින්ගේ පැසසුම් ලැබේ, ගරු සම්මාන ලැබෙනු ඇත. ස්වයං රැකියා කටයුතු වලට සුභ සතියකි. මැණික් හා ස්වර්ණාභරණ නිපදවන අයට සුභ සතියකි.
ගෘහ ජිවිතය තුල දෙමාපියන් අඹුසැමියන් අතර හොඳ හිත වර්ධනය වේ. මංගල යෝග උදා වෙයි. මිතුරු ඇසුර වැඩි වේ. කලක් තිබූ බලාපොරොත්තුවක් ඉෂ්ට වීම තුලින් සිතට සහනයක් උදා වෙයි.

-

● මකර
ව්‍යාපාරිකව සතුරු කරදර ඇති වන සතියකි. ව්‍යාපාරික ණය ඉල්ලුම් කිරීමට, මූල්‍යමය ආයතන වල පිහිට පැතීමට සුභ සතියකි. දුර ගමන් බිමන් වලින් ව්‍යාපාරික මිතුරන් මුණ ගැසේ.
රැකියාව කාර්යබහුල වෙයි. දුර ගමන් යෙදෙනු ඇත. සිතට අවිවේකී සතියකි. තරඟ විභාග ආදියෙන් ජය ලැබෙන සතියකි. උසස් වීම් ඉල්ලුම් කිරීමට සුභ සතියකි.
ගෘහ ජිවිතය තුල දෙමාපියන් වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට සිදුවන සතියකි. අඹුසැමියන් අතර සුළු සුළු මතභේද ඇති වෙයි.
සහෝදරකාරකාදීන්ගේ දියුණුව උදෙසා කටයුතු කරන්නට සිදුවන සතියකි.

-


● කුම්භ
ව්‍යාපාරික සබදතා ගොඩ නගා ගැනීම තුලින් නව ව්‍යාපාර කරගෙන යාමට හැකි වන සතියකි. මිතුරන්ගේ උපකාර ලැබෙයි. මූල්‍යමය ආයතන වල සහය ලැබෙනු ඇත.
රැකියාවේ උසස් වීම්, තරඟ විභාග ආදියෙන් ජය ලැබෙන සතියකි. නව රැකියා උදා වේ. ප්‍රධානීන්ගේ පැසසුම්, ගරු සම්මාන ලැබෙන සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල දරුවන් වෙනුවෙන් කැපවීමට සිදුවන සතියකි. දරුවන් පිලිබද ගැටළු මතු වන නිසා පවුලේ සමගියට බාධා සිදු වේ. අඹුසැමියන් අතර ගැටුම් ඇති වීමට ඉඩ ඇත.

-

● මීන
ආර්ථික වශයෙන් සුළු සුළු ගැටළු මතු විය හැකි නිසා කල්පනාකාරිව කටයුතු කල යුතුය. ව්‍යාරික සබදතා වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබේ. නව ව්‍යාපාර ඇරඹීමට සුබ සතියකි.
කතාවෙන්(කතාවට අදාල) රැකියා කරන අයට සුබ සතියකි. ස්වයං රැකියා කරන අයට යහපත්ය. නව රැකියා අවස්ථා උදා වේ. රැකියා වලට තරමක ගැටළු මතුවිය හැක.
ගෘහ ජිවිතය තුල ප්‍රේම සබදතා වලට දෙමාපිය - වැඩිහිටියන්ගේ ආශිර්වාදයන් හිමි වේ. මංගල යෝග උදා වේ. මිතුරු ඇසුර වැඩි වේ.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ජය ගැනීම තුලින් සිතට සහනය ගෙන දෙන සතියකි.

-

Iru Sewaya

irusewaya@gmail.com
077 22 38041

Sunday, October 23, 2016

තුනුරුවන්ගේ අනන්ත ගුණ බෙලෙන්, ඔබට - රටට - ලෝකයට සියලු යහපත, වාසනාව උදා වේවා !
අකුසල්, පාප කර්ම, ග්‍රහ දෝෂ, ග්‍රහ බලවේග දුරු වේවා !


කුසල්, පින් බලය ඉස්මතු වේවා ! වැඩි දියුණු වේවා !

#ඉරු Iru Sewaya - Iru Astrology


irusewaya@gmail.com.
077 22 38041

Saturday, October 22, 2016

දුටුගැමුණු මහ දෙවියන්


“ මාගේ ව්‍යායාමය කිසි කලකත් රජ සැප විඳීම නොවෙයි, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසායි“, යනුවෙන් තම රට, ජනතාව, දහම වෙනුවෙන් රට වෙනුවෙන් කැපවූ ලංකා ඉතිහාසයේ පහල වූ වීර රජවරුන් අතර ප්‍රමුඛ තැන ගන්නා රජෙකි දෙටුගැමුණු මහ රජු.

තම වචන, නිසියාකාරව ක්‍රියාවෙන් ඔප්පු කල නිසාම, පෙර පින් සහ කරගත් පින්ද සහිතව නිදා සිට පිබිදියාවක් වැනිව මරණයට පත්ව දෙව් ලොව උපදින්නට හැකිව මහානුභාවසම්පන්න දෙවි කෙනෙක්ව වැඩ වසති.

මෛත්‍රි බුද්ධ ශාසනය පවතින සමයේ, මෙත් බෝසතුන්ගේ ගිහි කල පුතණුවන් හැටියට උපදින්නට පින් ඇත්තේ දුටුගැමුණු මහ දෙවියන්ට හටය. ඒ ආත්ම භාවයෙදි නිවන් සාක්ෂාත් කරගනිති.

දුටුගැමුණු මහරජු මෙන්ම, විහාර මහා දේවියද, සද්ධාතිස්ස රජුද නිවරදිව කල කටයුතු හේතුවෙන් දෙව් ලොව වසති.

(විශේෂයෙන් කිව යුත්තේ, ජරාජීර්ණ වූ ලංකා දේශපාලනයේ දුටුගැමුණු රජ හෝ විහාර මහා දේවිය වැනි උදාරතර චරිත නැති බවයි. ආත්මාර්ථකාමිව කටයුතු කරන මෑතකාලින දේශපාලන චරිත වලට එවන් උතුම් චරිත වගේ යැයි කියමින් අකුසල් පුරවා නොගන්න)

* මෙම දෙවියන්ගෙන්ද ආශිර්වාද ගැනීමට නිසි ලෙස පින්කම් කර, අනුමෝදන් වේවායි සිතින් පතන්න.


බුදු සරණයි !

Thursday, October 20, 2016

ලග්න 12ට අපල කරන ග්‍රහයන් !

ලොව උපදින සියලුම ජන්මින්ට ලග්නයක් හා නැකතක් පිහිටයි.
එය තමන් උපදින වෙලාව අනුව ලග්න 12න් එකකුත් නැකැත් 27න් 1 නැකතකුත් හිමිවේ.

උපන්දා සිට මරණය තෙක් ජීවත් වන සත්වයා කාලානුරූපව විවිධාකාර ග්‍රහ බලපෑමට බදුන් වේ.
එය ජෝතිෂ්‍යය විශ්වාස කරන්නාටද නොකරන්නාටද පොදුවේ බලපායි.
නමුත් අප සියලු දෙනාගේම බලාපොරොත්තුව ග්‍රහ අපල නිවාරණය කර ග්‍රහයන්ගේ ආකර්ෂණය ලැබ සුඛිත මුදිත ජිවිතයක් ගත කිරිමටය.


කෙනෙකු කළු වදුරන්, කළු වාහන, කළු බල්ලන්, කළු හරකුන් ලෙස සිහින දකින්නේ බොහෝවිට සෙනසුරු අපල ඇති කාලයටය.
(https://www.facebook.com/irusewaya/photos/a.848651011818646.1073741829.833656709984743/1337865869563822/?type=3&theater)
මේ ආකාරයෙන් කල්පනා කරන විට අපට ග්‍රහ අපල වලින් බේරී සිටිමට විවිධාකාර උපාය මාර්ග සහ ශාන්ති කර්ම ජෝතිෂ්‍යයේ දක්වා ඇත. මේ කාරණා අතර ප්‍රධාන ග්‍රහයන්ගේ අපල දුරු කරගැනිමටද පුලුවන.

ජෝතිෂයට අනුව ලග්න 12ට අපල කරන ග්‍රහයන් පහත පරිදි වේ.
(ලග්නට පාපී ග්‍රහයන් ලෙස කේන්දර පරික්ෂා වලදි කියවෙයි)

●  මේෂ - බුධ, සිකුරු, සෙනසුරු

● වෘෂභ - චන්ද්‍ර, ගුරු, සිකුරු

●  මිථුන - රවි, කුජ, ගුරු

●  කටක - ශනි, බුධ, සිකුරු

●  සිංහ - ශනි, බුධ, සිකුරු

●  කන්‍යා - චන්ද්‍ර, කුජ, ගුරු

●  තුලා - රවි, කුජ, ගුරු

●  වෘශ්චික - කුජ, බුධ, සිකුරු

●  ධනු - චන්ද්‍ර, සිකුරු, ශනි

●   මකර - චන්ද්‍ර, කුජ, ගුරු

●  කුම්භ - ශනි, බුධ, රවි

●  මීන - බුධ, සිකුරු, ශනි

* මේ නවග්‍රහයන් ප්‍රධාන ග්‍රහයන්ගේ අපල වලට ඕනෑම ග්‍රහයෙක්ගේ මාරක අපල වලට මෘතුංජය යන්ත්‍රය සුබයි.
* තවද ප්‍රබල අපල පිහිටා ඇතිවිටදී සත්ව අභයදාන පිංකම් සහ බෝධි පූජා පැවැත්වීම ඉතාම යහපත් බව දක්වමු.
* විශේෂ වශයෙන් එම සියලු පින්කම් යනාදිය කර, මේ පින් සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි පැතීම තුලින් එම අපල තත්වයන් සමනය  වන්නට හේතු වේ.
(දෙවියන්ගේ සහ පින් උවමනාවෙන් සිටි ඥාතින්ගේ ආශිර්වාදය ලැබීම සිදුවේ)

- මෙම අපල තත්වයන් වලට සෑම ග්‍රහයෙක්ගේම අපල වලට පොදුවේ කල යුතු ප්‍රතිකර්ම සහිත ලිපියක් ඊලගට බලාපොරොත්තු වන්න.

irusewaya@gmail.com.
077 22 38041

Wednesday, October 19, 2016

දෙයක් හිතන එක හරි වැදගත්..,
එහෙම හිතන්න පුලුවන් නම්, ඒක කරන්නත් පුලුවන්..
ඒනිසා දැන්ම පටන් ගන්න..

#ඉරු


irusewaya@gmail.com
077 22 38041

Tuesday, October 18, 2016

සතියේ ලග්න පලාපලය - ඔක් 19 සිට

පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.

-

● මේෂ
ආදායම් මාර්ග වලින් සාමාන්‍ය සුභ ඵල ලැබිය හැකි වේ. ව්‍යාපාර කටයුතු වලින් යෙදෙන අයට ඒවායේ ගැටළුකාරි තත්වයන්ගෙන් මිදීමට හැකියාව ලැබෙන සතියකි. නව ආදායම් මාර්ග උදා කරගත හැක. බාධක අඩු කරගැනීමට හැකි වේ. මූල්‍යමය කටයුතු වලින් ගැටළුදායක තත්වයන් ඇති විය හැක.
රැකියා කටයුතු වල යෙදීමේදී යම් යම් ගැටළුකාරි තත්වයන් ඇතිවිය හැක. අධ්‍යාපන ක්ෂෙත්‍රයේ රැකියා වලට සුභ කාලයකි. රැකියාව කාර්යබහුල වේ. දුර ගමන් යෙදේ. සුළු සිත් පීඩාද ඇතිවිය හැක.
ගෘහ ජිවිතය තුල මතුවන බාධා වලින් ජය ගැනීමට හැකියාව ඇති වුවද අසල්වැසියන් සමග සිත් අමනාපකම් ඇතිවිය හැක. වැඩිහිටියන් සහ තරුණ අය අතර මතභේද හටගන්නා සතියකි.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන අයට ඒවායින් ප්‍රතිඵල ලැබිය හැක.
සෞඛ්‍ය තත්වය දුර්වල විය හැකි නිසා අවදානමත් වන්න.

-

● වෘෂභ
ආදායම් තත්වය යහපත් කර ගැනීමට හැකියාව ලැබේ. නව ආදායම් මාර්ග වලින් සුභ ප්‍රතිඵල ලබාගත හැක. හවුල් කටයුතු වලට තිබුනු බාධා අඩු වනු ඇත. මුදල් ඵලදායක දේ සඳහා වැය කිරීමට ඉඩ සලසා ගත හැක. ණය ආදිය ලැබීමට අවස්ථා උදා වේ.
රැකියා දියුණුවට පියවරක් ගැනීමට හැකි වේ. වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කල යුතු වේ. රැකියා විරහිත අයට නව රැකියා උදා වේ.
ගෘහ ජිවිතය තුල ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන කාලයකි. වගකීම්ද වැඩි වෙයි. වෙනදාට වඩා මිතුරන් ඇසුරු කරන කාලයකි. තම සිතට පීඩාකාරි තත්වයන් ඇති වීම වලකා ගැනීමට පියවර ගත යුතුය.

-

● මිථුන
ආදායම් මාර්ග වලට යොමු වීමට උත්සාහ දරන අයට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි සතියකි. මුදල් නිශ්ඵල දේට වැය විය හැක. යාන - වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට ඊට අවස්ථාව උදා වේ. ණය ගනුදෙනු වලින් ප්‍රවේසම් වන්න.
රැකියා කටයුතු වල තමන්ට මධ්‍යම ප්‍රතිඵල ලැබෙනු ඇත. මෙතෙක් තිබුනු බාධා ඉවත් වේ. නව රැකියා වල යෙදීමට ඉඩ ලැබේ. රැකියාවේ දුර්වලතා අවම කර ගැනීමට උනන්දු වන කාලයකි.
ගෘහ ජිවිතය තුල සහෝදරයින්ගේ දියුණුව දැකීමටත්, සතුටු වීමටත් අවස්ථා උදා වේ. ගේ දොර අලංකාරව පවත්වාගෙන යාමට උනන්දු වැඩි වේ. අමුත්තන් ඇසුර සමග ප්‍රීති උත්සව ආදියට සම්බන්ධ වීමට අවස්ථාවන් උදා වේ.

-

● කටක
නව ආදායම් මාර්ග වලට යොමු වීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරයි. මුදල් නාස්තියට කරුණු යෙදේ, ඒ ගැන සැලකිලිමත් වන්න. දෛනික වැඩ වලදී වෙළදාම් වල යෙදෙන අයට ඒවා දියුණුවට අවස්ථා උදා වේ.
විදේශ රැකියා වලට යොමු වීමට උත්සාහ දරන අයට ඒ සදහා තිබුනු බාධා අඩු වේ. රාජ්‍ය අංශ වල රැකියා වලට සුභ කාලයකි. පෞද්ගලික ක්ෂෙත්‍රයේ රැකියා සොයන අයටද අවස්ථා උදා වේ.
ගෘහ ජිවිතය තුල තම දෛනික කටයුතු පිලිබදව උනන්දුව වැඩි කරගත යුතු වේ. පවුලේ අය සමග අදහස් හුවමාරුවට ඉඩ සැලසේ. ඥාති මිතුරන් මුණ ගැසීමට අවස්ථා උදා වේ.
ඉගෙනීම් කටයුතු වල යෙදෙන දරුවන්ගේ උනන්දුව වැඩි කිරිමට දෙමාපියන් විසින් උපක්‍රමශීලි ක්‍රියාමාර්ග ගත යුුතු වේ.

-


● සිංහ
ආදායම් මාර්ග වලින් තමන්ට සාර්ථක ප්‍රතිඵල ලැබීමට හැකි වේ. අමතර ආදායම් මාර්ග වලට යොමු වීමටද හැකිවනු ඇත. පුණ්‍ය කටයුතු වලට මුදල් යෙදවීමට හැකි වන කාලයකි. ණය ගනුදෙනු සම්බන්ධ ගැටළු ආදිය විසදා ගත හැක.
රැකියා දියුණුවට අවස්ථා උදාවේ. රැකියා විරහිත අයට යහපත් රැකියා ලැබේ. රැකියා කටයුතු වල යෙදෙන අයට බාධා අඩු කරගනිමින් තම රාජකාරි වල යෙදීමට හැකිවනු ඇත.
ගෘහ ජිවිතය තුල තමන්ට යෙදෙන ගැටළු වලට අවස්ථානුකූලව ක්‍රියාමාර්ග ගත යුතුය. ගේ දොර කටයුතු වෙනුවෙන් මුදල් යෙදවීමට සිත් දේ. දරුවන්ගේ දියුණුවට කැපවීමෙන් කටයුතු කරන ඒ ගැන සතුටු වන කාලයකි. විනෝදයට සහ මිතුරන් ඇසුරට අවස්ථා යෙදේ.
පොදු වැඩ වලට සහභාගි වීමටද ඉඩ ලැබේ.


-

● කන්‍යා
ආදායම් මට්ටම යහපත් කර ගත හැක. නව ආදායම් මාර්ග උදා වේ. හවුල් කටයුතු වලට මතු වූ බාධා අඩු කර ගැනිමට හැකි වේ. මුදල් ඵලදායක ලෙස වැය කිරීමට හැකියාව ලැබේ. ණය මුදල් ආදිය ලැබීමට අවස්ථාවන් යෙදෙනු ඇත.
රැකියා දියුණුවට උනන්දුවෙන් කටයුතු කරනු ඇත. රාජකාරි කටයුතු වලදි ඒවා සාර්ථකව කරගෙන යාමට හැකියාව ඇත. රැකියා විරහිත අයට නව රැකියා අවස්ථා උදා වේ.
ගෘහ ජිවිතය තුල ආත්ම විශ්වාසයෙන් කටයුතු  කල හැක. පවුලේ වගකීම් වැඩි වේ. මිතුරු ඇසුර නිසා සිත් පීඩාකාරි තත්වයන්ට මුහුණ පෑමට විය හැක.
පුණ්‍ය කටයුතු වලින් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. ඉගෙනීම් කටයුතු වලටද යහපත් කාලයකි.

-

● තුලා
දියුණුව උදෙසා ගත් පියවරක් සාර්ථක වෙයි. වියදම් අවම කර ගැනීමට උනන්දු වීම තුලින් සතිය තුල තමන්ට පෙර ගත් ණය මුදල් ආදියෙන් නිදහස් වීමට හැකි වනු ඇත. තම ආදායම් මාර්ග යහපත් කර ගැනීමට හැකියාවක් යෙදෙනු ඇත. රථ වාහන මිලදී ගැනීම් වලට සුබයි.
රැකියාව සාමාන්‍ය පරිදින් කෙරෙනු ඇත. යහළු - යෙහෙළියන් මාර්ගයෙන් තමන්ට රැකියා සොයා ගැනීමට හැකිවනු ඇත. ස්වයං රැකියා වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල තමන්ට මතු වන ගැටළු අවම කර ගැනීමට හැකි වේ. බොහෝවිට තමන්ගෙන් මතුවන අහංකාර ගති නිසා අනිත් අයගේ සිත් රිදීමට ලක්වන තත්වයක් උදා විය හැක. සහෝදරයින් තමන්ට දෙනු ලබන අවවාද පිලිපැදීමට මැලි වන සතියකි.

-

● වෘශ්චික
ආර්ථික වශයෙන් බාධාකාරි, ගැටළුකාරි තත්වයන්ට මුහුණ පෑමට සිදුවිය හැක. අමතර ආදායම් මාර්ග වලට යොමු වීමට සිත් දේ, ඒවායින් සුභ ඵල ලැබෙනු ඇත. හවුල් ව්‍යාපාර වලින් ජය ලැබේ.
රැකියා වල නියුතු අය වෙනදාට වඩා බුද්ධිමත්ව කටයුතු කල යුතුය. වෙනදාට වඩා ක්‍රියාකාරිව රැකියා කටයුතු වල යෙදීම තුලින් තමන්ට යෙදෙන බාධාකාරි තත්වයන් මඟ හරවා ගත හැකි වනු ඇත.
ගෘහ ජිවිතයේ වගකීම් වැඩි වනු ඇත. සාධාරණ ලෙස සිතා බලා කටයුතු කරන ගති ඉස්මතු වේ. පවුලේ අයගේ හෝ තමාගේ කටයුතු වලින් වැඩි කොටසක් සාර්ථකව කර ගැනීමට අවස්ථා උදා වේ. ඉවසීම අඩු ගති පෙන්නුම් කරයි. විවාහය පිලිබද වැදගත් තීරණ වලට එළඹීමට ඉඩ ලැබේ.

-


● ධනු
ආදායම් මාර්ග වලට තිබුනු බාධාවන් වැඩි විය හැකි නිසා තරමක් මුදල් පාලනය කරන්නට කටයුතු කරන්න. හවුල් වැඩ කටයුතු වල යෙදීමේදී මුදල් යොදන ආකාරයට ප්‍රතිඵල නොලැබීමේ ප්‍රවණතාවයක් ඇති අතර එය ගැටළුකාරි විය හැක. එසේම අනික් අය වෙනුවෙන් මුදල් යෙදවීමෙන් පාඩු සිදුවන තත්වයක් නිර්මාණය විය හැක. නව ආදායම් මාර්ග වලට එළඹීම ප්‍රමාද කරන්න.
රැකියා කටයුතු වලින් සාර්ථක ඵල ලැබීමට ඉඩ සැලසේ. ඉවසීමෙන් කටයුතු කරන්න. නිදහස විවේකය අඩු විය හැක.
ගෘහ ජිවිතය තුල දෛනික වැඩ කටයුතු සාර්ථකව කර ගැනීමට ඉඩ සැලසේ. පෙරට වඩා කලබල ගති, අහංකාර ගති ඉස්මතු වේ. අසල්වැසියන් සමග වෙනදාට වඩා හිතවත්කම් ගොඩනගා ගත හැක. වැඩිහිටියන්ගේ අදහස් වලට අවනත බව අඩු වන ගති යෙදිය හැක.

-


● මකර
මුදල් ගනුදෙනු වලදී එතරම් ගැටළු මතු වීම් නොවේ. තමන්ට මූල්‍ය ආයතන වලින් ලබා ගැනීමට අවශ්‍ය ණය මුදල් ලැබෙනු ඇත. ණය ගනුදෙනු ආදිය සම්බන්ධ ප්‍රශ්න විසදා ගැනීමට හැකි වනු ඇත. කලක් පැවති ගැටළුදායක තත්වයන් වලට විසදුම් ලබා ගත හැක.
රැකියා කටයුතු වල යෙදීමේදී තම වැඩ වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. සාමූහික වශයෙන් කරගෙනු යනු ලබන දේවලදි මූලිකත්වය හිමි වනු ඇත. කාර්මික ක්සෙත්‍රයේ රැකියා කරන අයට වඩා යහපත් ප්‍රතිඵල අපේක්ෂිතය.
ගෘහ ජිවිතය තුල ඇසුරු කරන අයගෙන් තමන්ගේ වැඩ වලට සහයෝගයක් ලබා ගැනීමට හැකි වනු ඇත. තමන්ට පවුල තුල ඇති පිලිගැනීම වර්ධනය කර ගැනීමට අවස්ථා උදා වේ. කලබල ගති ඉස්මතු වීමත්, අනිත් අය සමග කටයුතු කිරීමේදී ඇහුම්කන් දෙන ගති අඩුවීමත් සිදුවිය හැක. මිතුරන් අතර ප්‍රශ්න, ගැටළුකාරි තත්වයන් ඉස්මතු විය හැක.

-

● කුම්භ
ආදායම් මට්ටම ඉහල නංවා ගැනීමට හැකිවනු ඇත, ඒවායින් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. ණය ගනුදෙනු වලදි ප්‍රවේසම් විය යුතුය. මූල්‍යමය ආයතන වලින් ණය ඉල්ලුම් කිරීමට සුභ කාලයකි. මූල්‍ය කළමනාකරණයේදී ගැටළුදායක තත්වයන් නිර්මාණය විය හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.
රැකියාවේ රාජකාරි කටයුතු වලදී වැඩි සැලකිලිමත් බවක් ඇති වේ. රැකියා පුහුණු වීම් ආදියේ යෙදෙන අයට මේ සතිය සුභ සතියකි. ගුරුවරුන්, ප්‍රධානින් ආදීන්ගෙන් පැසසුම් ලැබේ. රැකියා උසස් වීම් ගැන උනන්දු අයට යම් සුභ ඵල අපේක්ෂා කල හැක. කාර්මික ඉංජිනේරු වෘත්තින් කරන අයට වැඩි යහපත් ප්‍රතිඵල ලැබෙන සතියකි.
ගෘහ ජිවිතය තුල වෙනදාට වඩා යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. මතු වන ගැටළු ඉවසීමෙන් බුද්ධියෙන් විසදා ගත යුතුය. මංගල යෝජනා ඉදිරිපත් වේ. තමන් තුල යහපත් ගති වර්ධණයට හැකි වේ.
සිරුරේ දුර්වල ගති අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් දැනේ.

-

● මීන
ඵලදායක දේට මුදල් යෙදවීමට හිත් දේ. වැඩිහිටි අයගෙන් තම ආර්ථික ගැටළු ආදියට විසදුම් සෙවීමට උදව් ලැබේ. වැඩිහිටියන්ගෙන් මුදල් ලැබීම් ආදි තත්වයන් උදාවිය හැක. කෙසේ වුවද තමන්ගේ මුදල් පාලනය කර නොගත හොත් ගැටළු රාශියකට මුහුන පෑමට සිදුවිය හැක. ඉතාම බුද්ධිමත්ව ක්‍රියා කල යුතු. ව්‍යාපාර වලින් යම් සාර්ථකත්වයක් ලැබනෙු ඇත.
රැකියා කටයුතු වලට එතරම් ගැටළුකාරි තත්වයන් නොයෙදෙනු ඇත. රැකියා බලාපොරොත්තු වන අයට තම සුදුසුකම් වලට අදාලව සරිලන රැකියා අවස්ථා සෙවීමට උත්සහ දැරීමෙන් යහපත් ඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල පිරිස් ඇසුරට අවස්ථා උදා වේ.
සමාජ කටයුතු වලදී සමිති සමාගම් ආදියෙන් ප්‍රමුඛස්ථානයක් තමන්ට ලැබේ. පුණ්‍යමය කටයුතු වලට සහභාගි වන්නටද අවස්ථා උදා වනු ඇත. ඇඳුම් - පැලදුම් බාහිර පෙනුම ගැන වැඩි සැලකිල්ලක් දක්වන සතියකි. අනුන්ගේ ආකර්ෂණය තමන්ට වැඩියෙන් ලැබෙන සතියකි. පෞරුෂ වර්ධනයට අවස්ථා උදා වේ.

Monday, October 17, 2016

රවි මාරුව (2016 ඔක්) 

ග්‍රහලොව රජු හෙවත් පියා වන රවි ග්‍රහයා ඔක්. 17 වන දින සිකුරුගේ රාශියක් වන තුලාවට පිවිසෙයි. තුලා රාශියට රවි නීච වෙයි. රවි 2016 නොවැ 16 තෙක් තුලාවෙ සිටියි. රටටම අකුසල විපාක ගත වෙන මේ කාලයේ(එය දෙසැම්බර් සිට පහව යනු ඇත), රජයට තරමක බාධා ඇතිවනු ඇත. ඒනිසා මේ කාලයේ ප්‍රවේසම් සහගතව සිටිම වඩා යහපත්ය.

 ලග්න 12ට - පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-

● මේෂ
රවි 7 වැන්නට පැමිණියේය.
විවාහ ස්ථානය වන 7ට රවිගේ පැමිණිම එතරම් යහපත් නැත. පොදුවේ කටයුතු අඩපණ වීමත්, සිතට පීඩා ඇති වීමත් වෙන්නට ඉඩ වැඩිය. ආර්ථික තත්වය එතරම් අයහපත් නොවූවද අනවශ්‍ය වියදම් මෙන්ම කරන කටයුතු වලට වන අවහිරතා විය හැක. රැකියාවේදි බුද්ධිමත් සහ ඉවසිලිවන්ත වන්න.
ගෘහ ජිවිතය තුලද කරදර බාධක ඇතිවිය හැක. පවුලේ අයට හෝ ස්වාමියාට, බිරිඳට අපල කාලයකි. ආරවුල් ඇතිවීමට ඉඩ ඇත.
මේ කාලයේ බුද්ධිමත්ව සහ ඉවසීමෙන් කටයුතු කල යුතුමය.

-

● වෘෂභ
රවි 6 වැන්නට පැමිණියේය.
සතුරු ස්ථානය වන 6 වැන්නට රවිගේ නීච වීම යහපත්ය. ආදායම් මාර්ග ඇති වෙයි. ආර්ථිකය දියුණු වෙයි. ව්‍යාපාර කටයුතු සහ රැකියා කටයුතු වලට යහපත්ය.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගෙවෙයි. වෙනදාට වඩා ගමන් යෙදෙනු ඇත. විනෝද ගමන්, ප්‍රිය සම්භාෂණ ආදිය මේ අතර ප්‍රධාන වෙයි.
සෞඛ්‍ය තත්වයේ මුත්‍රා ආසාදන වලින් පරිස්සම් වන්න.

-

● මිථුන
රවි 5 වැන්නට පැමිණියේය.
අධ්‍යාපන ස්ථානය වන 5 වැන්නට රවිගේ නීච විම යහපත් නැත. කරන කටයුතු වලට බාධා ඇති වන්නට ඉඩ ඇති කාලයකි. සතුරු කරදර ඇතිවිය හැකි නිසා බුද්ධිමත් නොවුවොත් අනවශ්‍ය ගැටළු මෙන්ම පුද්ගලයන් සමග ගැටුම් පවා ඇතිවීමට ඉඩ ඇත. 
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. එසේ වුවද සියල්ල බුද්ධිමත්ව කල යුතුමය.
හදිසි ලෙඩ රෝග, හදිසි අනතුරු - වැටීම් යනාදියෙන් පරිස්සම් වන්න, ගබ්සා වීම් යනාදියෙන්ද පරිස්සම් වන්න.

-

● කටක
රවි 4 වැන්නට පැමිණියේය.
දේපල ගැන කියවෙන 4 වැන්නේ රවි නීච විම යහපත් නැත. වෙනදාට වඩා කැපවුවද ප්‍රතිඵල අසාර්ථක විය හැක. නිසි පරික්ෂාවකින් බුද්ධියකින් මිස කටයුතු නොකලොත් ඒවා අසාර්ථක විය හැක. රැකියාව සහ ව්‍යාපාර කටයුතු වල දියුණුව වෙනුවෙන් අධිකව කාර්යබහුල වෙන්නට ඉඩ ඇතිමුත් ඒවායින් නිසි ප්‍රයෝජන නොලැබී යා හැක. රැකියා ලාභ හිමි වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය සාමකාමීව ගත කරන්නට නම් ඉවසීම සහ බුද්ධිය ප්‍රගුණ කර කටයුතු කරන්න. 

-

● සිංහ
රවි 3 වැන්නට පැමිණියේය.
වික්‍රමස්ථානය වන 3 වැන්නේ රවි නීච වීම අයහපත් නැත. ආර්ථිකය දියුණු වෙයි. රැකියා - ව්‍යාපාර අංශ 2හිම මනා ප්‍රගතියක් අත් වනු ඇත. නොසිතූ විරූ දියුණුවකට යෑමට වාසනාව ඇත. හදිසි ලාභ පවති. අන් අය අතර ජනප්‍රිය වෙයි. තරඟ විභාග ආදියෙන් ජයග්‍රහණ ලැබෙයි. නව රැකියාද ලැබෙන්නට වාසනාව මේ කාලයේ පවති.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. සිතට සතුට - සැනසීම 2ම ලැබීම නිසා සැහැල්ලුවෙන් කල් ගෙවිය හැක.
වෙනදාට වඩා නිරෝගී වේ.


● කන්‍යා
රවි 2 වැන්නට පැමිණියේය.
ආර්ථිකය ගැන කියවෙන 2 වැන්නේ රවි නීච වීම එතරම් යහපත් නැත. තරමක කලබලකාරි සහ මුරණ්ඩු ගති ඇති වන කාලයකි. මේ කාලයේ ආර්ථිකයේ විශේෂ දියුණුවක් ඇති නොවේ. කරන කියන කටයුතු වලින් සිතන ප්‍රතිඵල නොලැබේ. නමුත් වෙනදාට වඩා වියදම් කරන්නටත්, සමාජයේ කැපී පෙනෙන්ටත් කටයුතු කරන කාලයක් බැවින්, අනවශ්‍ය වියදම් නිසා ආර්ථිකය දුර්වල වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුලද ගැටළු මතු විය හැක. ස්වාමියා/බිරිඳ සමග මනා අවබෝධයකින් කටයුතු නොකලොත් කරදර ඇතිවිය හැක. පවුලේ අයගේ රෝගී තත්වයක් වෙනුවෙන් කැප වන්නට සිදුවනු ඇත. 

-

● තුලා
රවි 1 වැන්නට පැමිණියේය.
මොලය ගැන කියවෙන 1 වැන්නේ රවි නීච වීම අයහපත්ය. කරන කටයුතු වලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබේ. ආදායම් තත්වය ඉතාම සාමාන්‍ය වෙයි. එසේ වුවද මේ කාලයේ දැනෙන්න වියදම් ඇති වීමත්, වියදම් කිරීමට සිත් වීමත් නිසා ආර්ථික තත්වය දුර්වල වන්නට ඉඩ ඇත.
මේ කරදර වලදි නිසියාකාරව ඒවාට මුහුණ නොදුනහොත් සිතට පීඩා ඇති වේ.
ගෘහ ජිවිතය තුලද ගැටළු මතුවිය හැක.
එසේ වුවද ඉගෙනීම් කටයුතු වලට සුබයි.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

-


● වෘශ්චික
රවි 12 වැන්නට පැමිණියේය.
වියදම් ගැන කියවෙන 12 වැන්නේ රවි නීච වීම එතරම් යහපත් නැත. ආර්ථික තත්වයේ විශේෂ දියුණුවක් නොවුනද, වියදම් අධික වීම ගැටළුකාරි වනු ඇත. වෙනත් අය සමග කරන කටයුතු වලදි මත ගැටුම් ඇතිවීමටත්, ඒවා දුරයෑම තවත් කරදර ඇති කරන්නටත් ඉඩ ඇති නිසා බුද්ධියෙන් ඉවසීමෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වනු ඇත. වෙනදාට වඩා අලස ගති වැඩි වන කාලයක් බැවින් ප්‍රබෝධමත්ව කටයුතු කරන්නට සිතා ගන්න.

-

● ධනු
රවි 11 වැන්නට පැමිණියේය.
අයස්ථානය වෙන 11 වැන්නේ රවි නීච වීම යහපත්ය. රැකියාවේ දියුණුව ලැබේ. ව්‍යාපාර කටයුතුද සාර්ථක වෙයි. මෙනිසාම ආර්ථිකය දියුණු වේ. උසස් රැකියා ලැබීම හෝ උසස් වීම් ලැබීමටත් හේතුයි. හදිසි ලාභ ලැබිය හැක. සිතට සතුට ලැබේ. මිතුරන් වැඩියෙන් ඇසුරට ලැබෙනු ඇත. මිතුරන් වැඩිහිටියන්ගෙන් සහයෝගය වෙනදාට වඩා ලැබෙයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙයි. වෙනදාට වඩා විනෝදයෙන් සැහැල්ලුවෙන් සිටින අතර ප්‍රිය සම්භාෂණ, විනෝද ගමන් ඇති වීමට ඉඩ ඇත.

-

● මකර
රවි 10 වැන්නට පැමිණියේය.
කර්මස්ථානය වන 10 වැන්නේ රවි නීච වීම යහපත්ය. ආර්ථිකය යහපත් වෙයි. රැකියාව සහ ව්‍යාපාර 2ම දියුණු වෙයි. අන් අය අතර ජනප්‍රිය වන කාලයකි. හදිසි ලාභද පෙන්වය. සිතට සතුට ලැබේ. ඥාතින් - හිතවතුන්ගෙන් සහයෝගය ලැබේ.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. විනෝද වෙන්නට අවස්ථා යෙදෙන කාලයකි.


● කුම්භ
රවි 9 වැන්නට පැමිණියේය.
පුණ්‍යස්ථානය වන 9 වැන්නේ රවි නීච වීම අයහපත්ය. ආර්ථික තත්වය අයහපත් විය හැක. ඒ අතරම වියදමද අධික වීමෙන් අනවශ්‍ය ගැටළු ඇතිවීමට ඉඩ ඇත. කරන කටයුතු වලට යෙදෙන බාධාද, සතුරු කරදර, ඕපාදූප - කේලම් යනාදිය නිසා ඔබ ගැන අන් අය අතර අප්‍රසාදයක් ඇති විය හැක.
විදේශ ගත වීමේ වාසනාවද මේ කාලයේ තිබෙයි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වුවද ආර්ථිකයේ දුර්වලතාවය මෙන්ම අනවශ්‍ය කරදර නිසා සිතට බොහෝ පීඩා ඇතිවිය හැක.
මේ කාලය ඉවසීමෙන් බුද්ධියෙන් ගත කිරිම කල යුතුය.

-

● මීන
රවි 8 වැන්නට පැමිණියේය.
ආයුෂ ගැන කියවෙන 8 වැන්නේ රවි නීච වීම එතරම් යහපත් නැත. ආර්ථික තත්වය දුර්වල විය හැක. නව ආදායම් මාර්ග ඇහිරෙන අතර, තිබෙන ආදායම් මාර්ග අඩපණ විය හැක. විවිධ කටයුතු වලට බොහෝ වියදම් යෙදෙනු ඇත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත කරන්නට අපහසුතා යෙදෙනු ඇත. අන් අය සමග කරන කටයුතු වලදි ඉවසීමෙන් කටයුතු නොකලොත් හිත් අමනාපකම්, මත ගැටුම් ඇති වන්නට ඉඩ ඇත. වැඩි ඵල ප්‍රයෝජනයක් නැති ගමන් යෙදෙනු ඇත.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

-

*** රවි නීචය පොදුවේ අයහපත් නිසා, අසුභ ඵල වැඩි ලග්න වල අය ඇතුළු සියල්ල විසින් මේ කටයුත්ත කිරීමෙන් තත්වය සමනය වන්නට හැකියාව ඇත.
- වැඩිහිටියන්ට දාන මාන දෙන්න. විශේෂයෙන් වැඩිහිටි නිවාස වල සිටින වැඩිමහළු පිරිමි අයට දන් දීම වැදගත්ය.
- සුදු මල් සහිතව බෝධි පූජාවක් පවත්වා, එයින් ලැබෙන පින් සූර්ය දිව්‍ය රාජයාට, ඊශ්වර දෙවියන්ට, රවි ග්‍රහ මණ්ඩලයට, රවි ග්‍රහ බලවේගයට ඇතුළු සියලු නවග්‍රහයන්ට ලැබේවායි ප්‍රාර්ථනා කරන්න.
( සුදු මල් වට්ටි 01, පැන් 01, හඳුන්කූරු 06, පහන් 01 - සඳුදා දින විශේෂයි, දිශාව උතුර, උදේ/හවස 6-8 අතර)

- මේ කාලයේ පවතින දෝෂ අපල තත්වයන් දුරු කරගන්නට කරන සියලු කුඩා වුවද පින්කම් වලදී රවි ග්‍රහ මණ්ඩලයට, ඊශ්වර දෙවියන්ට, සූර්ය දෙවියන්ට පින් ලැබේවායි සිතින් ප්‍රාර්ථනා කරන්න !


බුදු සරණයි !


irusewaya@gmail.com
077 22 38041

Saturday, October 15, 2016

මාර පරාජය පිරිත

පඨවි බල සුන්දරී - සබ්බඤ්ඤූ බෝධි මණ්ඩලං
අසංඛෙයියං මාර සේනං - ජයෝ ජයතු මංගලම් !

කකුසන්ධෝ කෝණාගමණො
කස්සපෝ ගෝතමෝ මුණි
මෙත්තය්‍යා පඤ්ඤ බුද්ධාතෝ
සීසේ මේ සෙන්තු සබ්බදා

ඒතෙසං ආනුභාවේන - යක්ඛා දේව මහිද්ධිකා
සබ්බේපි සුඛිතා හොන්තු - මම මිත්තා සහායකා
සම්බුද්ධේ අට්ඨ විසංච - ද්වාදසංඛ සහස්සතේ
පංච සත සහස්සානි - නමාමි සිරසා දරං

තේසං ධම්මංච සංඝංච - ආදරේන නමාමහං
නාමක්කරානු භාවේන - සබ්බේ භය උපද්දවා
සුවණ්ණ භූමි ගන්ත්වාන - සෝනුත්තර මහිද්ධිකෝ
පිසාචේ නිධභිත්වාන - බ්‍රහ්මජාල මදේසයි
ඒතේන සච්ච වජ්ජේන
සොත්ථි මේ හෝතු සබ්බදා .....


- දිනපතා උදේ - සවස සජ්ජායන කල හැකි නම් වඩා යහපති.
එක් වතාවක් සජ්ජායන කලත් ගුණ ඇති, ශ්‍රවණය කලද ගුණ ඇති මහානුභාවසම්පන්න පිරිතකි.

සජ්ජායනය කරන්න, අවසානයේ සියලු පින් සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට අනුමෝදන් කරන්න !

#සත්හටසෙත්පතනඉරු


irusewaya@gmail.com.
077 22 38041

Friday, October 14, 2016

ඊශ්වර මහ දෙවිඳු

මධ්‍ය විශ්වයේ වැඩියෙන්ම බලය හිමි දෙවිවරුන්ගෙන් කෙනෙකි.
අධර්මය විනාශයට කටයුතු කරන මේ දෙවියන්ගෙන් බලය ගන්නා දෙවිවරු අතර මහා භද්‍රකාලි මෑණියන් ප්‍රමුඛ කාලි මණ්ඩලය ප්‍රමුඛ වෙයි.

ලංකාවේ ඉහලින්ම භක්ත්‍යාදරයට පත්, කතරගම, ගණ සහ අයියනායක යන දෙවිවරුන්ගේ පියාය.

සූර්යයාට බලය හිමි ඇති මෙම දෙවියන්ට වන්දනා කර සූර්යයාට වන්දනා කිරීමද යහපත්ය.

විශේෂයෙන් ඉරු දිනට බලය හිමිව ඇත.
රාහු - කේතු ග්‍රහ පීඩන වලදීද මෙම දෙවියන්ට පින් අනුමෝදන් කර ප්‍රාර්ථනා කිරීමෙන් අපල දෝෂ තත්වයන් සමනය කරගත හැක.

irusewaya@gmail.com.
077 22 38041

Wednesday, October 12, 2016

සිකුරු මාරුව - 2016 ඔක්.11 - නොවැ 07


ග්‍රහලොව හැඩකාර තරුණිය වන, සිකුරු ලෞකික සැප සම්පත්, යාන - වාහන ලබාදීමේ ප්‍රමුඛ වෙයි. ආදරය, ප්‍රේමයට මෙන්ම කලාවටද මූලිකත්වය ගන්නා ග්‍රහයෙකි සිකුරු. එසේම නිසඟ ශුභ ග්‍රහයන් කීපදෙනාගෙන් කෙනෙකි සිකුරු.

සිකුරු ග්‍රහයා ඔක්.13 සවස වෘශ්චික රාශියට ඇතුළු වෙයි. වෘශ්චික රාශියේ සෙනසුරුද සිටී. එනිසා ශනි - සිකුරු යෝගය යෙදෙයි(නොවැ.07දක්වා). මෙය යහපත් යෝගයක් වුවද, විටෙක සැප විඳින යෝගයක් වන අතර, විටෙක දුක ගැන අවබෝධය ගන්නා යෝගයකි. කෙසේ වුවද ශනි - සිකුරු බොහෝ බලවත් පුද්ගලයන්ට තිබුනු යෝගයකි.


ලග්න 12ට සිකුරු මාරුව කෙසේ වේවිද ?

- පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක


● මේෂ
සිකුරු පැමිණෙන්නේ 8 ආයුෂ ස්ථානය වන වැන්නටය.
මෙය තරමක යහපත් තත්වයකි. හදිසි ධනලාභ වාසනාව පවති. භූමි - දේපල ලාභ වාසනාවද පවති. නව ආදායම් මාර්ග ඇති කරගැනීමට හැකියාව ඇත. මෙතෙක් කරන්නට සිතා සිටි කටයුතු වලට නව සැලසුම් ඇති කරමින් ඉදිරියට යන්නට ධෛර්යය ඇතිවන කාලයකි.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. අඹුසැමියන් අතර ප්‍රේමය වර්ධනය වෙයි. පවුලේ සමගිය රැකේ.

-

● වෘෂභ
ලග්නාධිපති වන සිකුරු පැමිණෙන්නේ විවාහස්ථානය වන 7 වැන්නටය.
නව ආදායම් මාර්ග වලට ඉඩ පෑදෙන කාලයකි. හදිසි ධනලාභ වාසනාවද පවති. අන් අයගේ උදව් උපකාර හිමිවීම නිසා සිතට සතුට ලැබේ.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. තිබෙන ප්‍රේම සබදතා ස්ථිර වෙයි. නව ප්‍රේම සබදතා ඇතිවන්නටද ඉඩ තිබේ. අඹු සැමි ප්‍රේමය ඉහල යයි. මංගල යෝජනා ලැබෙන කාලයකි.

-


● මිථුන
යෝගකාරකයා වන සිකුරු පැමිණෙන්නේ රෝග ස්ථානය වන 6 වැන්නටය.
සිතේ කාලයක් පැවති බලාපොරොත්තුවක් ඉටුවිය හැක. ආදායම් තත්වය යහපත් වේ. හදිසි ධන ලාභ, දේපල ලාභ වාසනාවද පවති. රැකියා, ස්වයං රැකියා, ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර වලට සුබ කාලයකි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත කල හැක. විනෝද ගමන්, වන්දනා ගමන් යනාදියට ඉඩ සැලසෙනු අැත.


-



● කටක
සිකුරු පැමිණෙන්නේ අධ්‍යාපන ස්ථානය වන 5 වැන්නටය.
නව ආදායම් මාර්ග හිමිවීම  හෝ තිබෙන ආදායම් තත්වය වඩාත් ස්ථාවර වීම වනු ඇත. සිතේ සතුට රජයන කාලයකි. අලංකාරවත්ව සිටිමට කටයුතු කරන කාලයකි. අන් අයගේ ප්‍රශංසා හිමි වේ. රැකියාවේ දියුණුව මෙන්ම උසස් විම් පවා අපේක්ෂිතය.
ගෘහ ජිවිතය සතුටින් සමගියෙන් ගත වෙනු ඇත. දරුවන්ගේ සහ පවුලේ කටයුතු වෙනුවෙන් කැප වන්නට සිදුවිය හැකි අතර ඒ අයගේ දියුණුව දැක සතුටු වන්නටද හැකියාව ලැබේ.

-

● සිංහ
සිකුරු පැමිණෙන්නේ දේපල ගැන කියවෙන 4 වැන්නටය.
ආර්ථිකය සතුටුදායක වෙයි. වෙනදාට වඩා මුදල් තත්වය ඉහල යයි. එනිසා නව ආයෝජන වල යෙදීමට හැකියාව ඇත. කරන කටයුතු සාර්ථක වීම නිසා සිතට සැනසීම දැනෙනු ඇත. රැකියා සහ ව්‍යාපාර වල කටයුතු වඩාත් සාර්ථක වනු ඇත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනු ඇත. ඥාතින්ගෙන් උදව් ලැබෙන කාලයකි. ගමන් බිමන් අධික වුවද ඒවා නිසා ලාබ ප්‍රයෝජන මෙන්ම සතුටද ලැබේ.

-

● කන්‍යා
යෝගකාරකයා වන සිකුරු පැමිණෙන්නේ 3 වැන්නටය.
මෙය පොදුවේ ශුභ වුවද ව්‍යාපාර සහ රැකියා කටයුතු වලට සුළු සුළු බාධා ගෙනදීමට හේතුවිය හැක. සහෝදර සහෝදරියන්ට යහපත් කාලයකි, සහෝදර බැඳීම දියුණු වේ. තමන්ගේ හොඳ නම දසත පැතිරෙන කාලයකි. සිතට සතුට ලැබේ.
ගෘහ ජිවිතය වාසනාවන්ත වෙයි. සතුටින් කටයුතු කිරීමට සහ මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට හැකියාව ලැබේ.

-


● තුලා
ලග්නාධිපති සිකුරු පැමිණෙන්නේ 2 වැන්නටය.
ආර්ථික තත්වය විශේෂයෙන් දියුණු වන්නට හේතු වෙයි. හදිසි ධනලාභ, වාහන ලාභ වාසනාව තිබේ. තම අලංකාරය වෙනුවෙන් අත දිගහැර වියදම්කරන කාලයකි. ව්‍යාපාර සහ රැකියා අංශ 2ටම යහපත් කාලයකි.
කාන්තාවන්ගේ ඇල්ම බැල්ම වැඩියෙන් ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක. පවුලේ සමගිය වෙනුවෙන් මනා අවබෝධයකින් කටයුතු කරන කාලයකි.

-

● වෘශ්චික
සිකුරු පැමිණෙන්නේ 1 වැන්නට හෙවත් ලග්නයටය.
සිකුරා ලබන කාලයයි. වෙනදාට වඩා සිතට සතුට ලැබේ. එනිසාම සතුටින් ගත කරන කාලයකි. සතුට නිසාම ඔබ රූපසම්පන්න වේ. අන් අයගේ ආකර්ෂණය ඔබට ලැබේ. ආර්ථිකය යහපත්ය.
හදිසි ධනලාභ වාසනාවද තිබේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. ප්‍රියසම්භාෂණ, විනෝද උත්සව වැඩියෙන් යෙදෙන කාලයකි. මේ කාලයේදි වැඩියෙන් ආහාර භුක්ති විඳීම පසුකාලයකදි සෞඛ්‍ය තත්වයට බලපාන්නටද පුලුවන.
සෞඛ්‍ය තත්වය වෙනදාට වඩා යහපත් වෙයි.

-


● ධනු
සිකුරු පැමිණෙන්නේ 12 වැන්නට හෙවත් වැය ස්ථානයටය.
නව ආදායම් මාර්ග වලට සිත යොමුවිය හැක.ආර්ථික තත්වය අයහපත් නොවූවද වියදම් අධික විය හැක. නිශ්ඵල වියදම් බොහෝවිය හැකි නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න. වියදම් අධික වීම තුල තරමක පීඩනයක් ඇති වී ඒ තුල කටයුතු අතපසු වීමටත්, එයින් ගැටළු ඇති වීමටත් ඉඩ ඇත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙයි. එසේ වුවද අනවශ්‍ය ප්‍රේම සබදතා හෝ අනියම් සබදතා වලට අවදානම තිබේ. මනාව සිතා බලා කටයුතු කරන්න. උපකාර ලැබෙයි.

-

● මකර
යෝගකාරකයා වන සිකුරු පැමිණෙන්නේ 11 වැන්නටය.
ආර්ථික තත්වය දියුණු වේ. ලැබීම් කීපයකට අවස්ථා පවති. හදිසි ධනලාභ වාසනාව පවති. රැකියාව දියුණු වේ. උසස් වීම් පවා අපේක්ෂිතය.
 ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර වලින්ද ලාභ වැඩි විය හැක.
ගෘහ ජිවිතය සතුටින් සමගියෙන් ගත වනු ඇත. අන් අයගේ උපකාර ලැබේ. මෙතෙක් පැවති බාධා, සතුරු කරදර පහව යනු ඇත.

-

● කුම්භ
යෝගකාරකයා වන සිකුරු පැමිණෙන්නේ 10 වැන්නටය.
ආර්ථික තත්වය යහපත්ය. හදිසි ධනලාභ, ලොතරැයි වාසනා ලැබීමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු වලට තරමක බාධා පැමිණිය හැක, ඒවා මනා බුද්ධියෙන් යුතුව විසදා ගත යුතුය. ව්‍යාපාර වලටද යම් පසුබැසීමක්, මූල්‍යමය නොවුවද ඇතිවන්නට ඉඩ ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. පවුලේ අය වෙනුවෙන් යුතුකම් ඉටු කරන, කැපවෙන  කාලයකි. විනෝද ගමන් යෙදීමටද ඉඩ ඇත.

-

● මීන
සිකුරු පැමිණෙන්නේ පුණ්‍යස්ථානය වන 9 වැන්නටය.
ආර්ථික තත්වය දියුණු වනු ඇත. කරන කටයුතු සාර්ථක වෙයි. එනිසාම සිතට සතුට ලැබේ. රැකියාවේ දියුණුව ලැබෙනු ඇත. ව්‍යාපාරද දියුණු කරගත හැක. තම උත්සාහයේ කැපවීමේ තරමට යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය සතුටින් ගත වනු ඇත. මංගල යෝග උදා වේ. පෙම් සබදතා වලට සුබයි. මංගල යෝජනා ලැබේ. යහපත් කාලයකි.

Memories of past may be painful...,
Even though don't forget the past...

Think them as Experiences ...
Make your life a better one >>>


#Iru Iru Sewaya

irusewaya@gmail.com
077 22 38041

Monday, October 10, 2016

සතියේ ලග්න පලාපලය - ඔක් 11 සිට

- පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.

● මේෂ
නව ව්‍යාපාර ආරම්භ කිරීමටත්, තිබෙන ව්‍යාපාර නවීකරණය කරමින් නව්‍යතාවයකින් පටන් ගැනීමටත් සුබ කාලයකි. ව්‍යාපාර ණය ඉල්ලුම් කිරීමට, ගේ දොර ඉඩකඩම් මිලදී ගැනීමට සුභ කාලයකි.
රැකියා විරහිත අයට තාවකාලික රැකියා ලැබේ. අලෙවිකරණය කටයුතු කරන අයට සුබයි. රැකියා වල නියුතු අයට උසස් වීම් වලට ඉල්ලුම් කිරීමට සුබ කාලයකි.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. සාර්ථක විනෝද ගමන්, වන්දනා ගමන් යෙදෙයි. අඹුසැමියන් අතර සමගිය වර්ධනය වෙයි.

-

● වෘෂභ
නව ව්‍යාපාර ආරම්භ කිරීමට සුභ කාලයකි. එහෙත් වැය පස ඉහල යා හැක. කල්පනාකාරීව, මුදල් කළමනාකරණය කිරීම තුලින් එය මඟහරවා ගැනීමෙන් සුභ අතට පත්කර ගත හැක(මූල්‍ය කළමනාකරණයේ අඩු පාඩු ඇතිවිය හැක).
රජයේ රැකියා වල නියුතු අයට සුභ ප්‍රතිඵල ලැබෙනු ඇත. අනිකුත් රැකියා වල නියුතු අයටද සාමාන්‍ය සතියකි. සිත් තැවුල් - සිත් රිදවීම් විය හැකි නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල අසල්වැසියන් සමග සබදතා වර්ධනය වේ. අසල්වැසියන්ගෙන් ලාභ - උපකාර හිමි වෙයි. අසල් වැසියන් අතර සබදතාවය වර්ධනය වෙයි. ගේ දොර අලංකාරව පවත්වාගෙන යාමට කටයුතු කරන සතියකි.  පෙම් සබදතා වලට සුබයි.

-

● මිථුන
මූල්‍යමය ණය ලැබෙනු ඇත. ව්‍යාපාර දියුණුවට ගත් පියවරක් සාර්ථක වෙයි. අතපසු වී තිබූ කටයුත්තක් කර ගැනීමට හැකි වෙයි, එමගින් සැනසිල්ලක් උදාවෙයි. වියදම් අධික විය හැක.
රැකියා ප්‍රමාද අයට යහපත් රැකියා ලැබෙයි. රැකියා කටයුතු වල නියුතු අයට සුළු සුළු බාධා සිදුවිය හැක. විදෙස්ගත රැකියා වල නියුතු අයටද සුබ කාලයකි.
ගෘහ ජිවිතය තුල පෙම්වතුන් අතර සැකසංකා මතුවිය හැක. පවුල් ජිවිතය තුල සුළු සුළු මත ගැටුම් නිසා පවුල් ජිවිතය මතභේදකාරි තත්වයක් උද්ගත විය හැක. සහෝදර - සහෝදරියන් අතර සුළු හිත් අමනාපකම් ඇතිවිය හැකි නිසා ප්‍රවේසමින් කටයුතු කරන්න.

-

● කටක
ව්‍යාපාරික සබදතා පුළුල් කර ගැනීමට අවස්ථා ලැබේ. ධන තත්වය ස්ථාවර කර ගැනීමට හැකි වෙයි. වියදම් අඩු වනු ඇත. ව්‍යාපාර කළමනාකරණයෙදි සුළු සුළු බාධා ඇතිවිය හැක.
රැකියා විරහිත අයට රැකියා වලට ඉල්ලුම් කිරීමට සුභ කාලයකි. නව රැකියා වලටද සුභ ඵල උදාකරන කාලයක් වේ. මැණික් ආශ්‍රිත අලෙවිකරණ රැකියා කරන අයට විශේෂයෙන් සුබයි.
ගෘහ ජිවිතය තුල මිතුරු ඇසුර වැඩි වීම නිසා සුළු සුළු අතපසු විම් නිර්මාණය විය හැකි සතියකි. මව් පාර්ශවයෙන් ලාභ ලැබෙන සතියක් වේ.

-

● සිංහ
ව්‍යාපාර ආරම්භ කිරීමට, නව ව්‍යාපාර සැලසුම් කිරීමට සුබ සතියකි. මිත්‍ර සබදතා නිසා තම ව්‍යාපාරයේ ප්‍රගතිය පෙන්නුම් කරන සතියකි.
රැකියා අපේක්ෂිත අයට නව රැකියා උදා වෙයි. විදෙස් ගමන් සාර්ථක වෙයි. ස්වයං රැකියා වල නියුතු අයට සුභ ඵල ගෙන දෙන සතියකි.
ගෘහ ජිවිතය තුල විවාහ අපේක්ෂා කරන අයට සුබ සතියකි. මංගල යෝජනා ස්ථිර වෙයි. විවාහය ප්‍රමාද වූවන්ට මංගල යෝග උදා වෙයි.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන් අධ්‍යාපනය සාර්ථක වෙයි.

-

● කන්‍යා
ව්‍යාපාර ණය ඉල්ලුම් කිරීමට සුබ සතියකි. කළමනාකරණයේ අඩුපාඩු පෙන්වන සතියකි. බලාපොරොත්තු නොවු අයුරින් වියදම් ඉහල යා හැක. නිශ්ඵල ගමන් බිමන් යෙදිය හැක.
රජයේ රැකියා වල යෙදෙන අයට සුබ පල ගෙන දෙන කාලයකි. නව රැකියා අවස්ථා උදා වෙයි. විධායක තනතුරු අපේක්ෂාවෙන් සිටින අයගේ, අපේක්ෂාවන් මල් ඵල ගැන්වෙයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කල හැක. අසල්වාසින්ගේ උදව් උපකාර ලැබේ. මංගල යෝග උදා වේ. අතපසුව තිබුනු කටයුත්තක් කර ගැනීමට ඉඩ සැලසේ.

-

● තුලා
ව්‍යාපාර ගනුදෙනු වලදි වෙනදාට වඩා ප්‍රවේසම් විය යුතු සතියකි. ඉඩම් මිලදි ගැනීම් වලට, ගේ දොර අලෙවිකරණ කටයුතු සම්බන්ධ ඒවාට සුබ සතියකි. නව ආදායම් මාර්ග උදා වන සතියකි. ප්‍රභූන්ගෙන් මූල්‍ය උපකාර ලැබෙනු ඇත.
 නව රැකියා උදා වේ. රැකියා අපේක්ෂිත අයට සුබ සතියකි. රාජ්‍ය අංශයේ රැකියා වල නියුතු අයට තරමක් අසහනකාරි තත්වයන් පෙන්නුම් කරන සතියකි.
ගෘහ ජිවිතය තුල ආදර සබදතා වැඩි දියුණු කරගත හැක. අඹුසැමියන් අතර සුහදතාවය වර්ධනය වේ. වාසනාවන්ත දරු සම්පත් ලැබීමේ භාග්‍යය හිමි වේ. ආගමික කටයුතු වලට සම්බන්ධ වීමෙන් ප්‍රසිද්ධියක් ලැබෙනු ඇත.

-

● වෘශ්චික
නව ව්‍යාපාර ආරම්භ කිරීමට සුබ සතියක් වේ. තම ව්‍යාපාරයේ නීතිමය ගැටළුවක් හෝ ඒ ආශ්‍රිත කටයුත්තකට මුහුණ පෑමට ඉඩ ඇත. ණය ගනුදෙනු වලදී ඉතා කල්පනාකාරි විය යුතුය.
රැකියාවේ ප්‍රධානීන් සමග මත ගැටුම් නිර්මාණය වෙයි. නව රැකියා උදා වෙයි. විදෙස් රැකියා වලට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල දූ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු හදිසි අනතුරු - රෝග පීඩා ආදිය නිසා අතරමග නතර විය හැක. අසල්වැසියන් සමග හිත් අමනාපකම් සිදුවීමට ඉඩ ඇත. වචන ප්‍රකාශ කිරිමේදි කල්පනාකාරිව කටයුතු කරන්න.

-

● ධනු
මූල්‍යමය ණය ලැබෙනු ඇත. නව ව්‍යාපාර සැලසුම් කිරීමට සුබ සතියකි. ඒ සදහා මුදල් හා කාලය වැය කිරීමට සිදුවෙයි.  මනාව සැලසුම් කර කරන කටයුතු වලින් ජය ලැබේ.
නව රැකියා අවස්ථා උදා වෙයි. පෞද්ගලික අංශයේ රැකියා වල නියුතු අයට සුබ සතියකි. උසස් වීම් ලැබෙන්නට හැකියාව ඇත. උසස් වීම් වලට ඉල්ලුම් කිරීමට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. දරුවන් පිලිබද සුබ ආරංචියක් අසන්නට ලැබෙනු ඇත. වැඩිහිටියන්ගේ ඇප - උපකාර හිමි වේ. වෙනත් භාෂාවක් ඉගෙන ගැනීමට අඩිතාලම දැමීමට සුබ කාලයකි.

-


● මකර
ව්‍යාපාර කළමනාකරණයේ ගැටළු නිර්මාණය විය හැක. බලාපොරොත්තු නොවූ මුදල් වැයවීම්, සිත් තැවුල් ආදියට මුහුණ පෑමට සිදු වෙන්නට ඉඩ ඇත. බුද්ධිමත්ව කටයුතු කරන්න. නව ව්‍යාපාර ආරම්භ කිරීම ප්‍රමාද වෙයි, ප්‍රමාද කරන්නේ නම් වඩා හොදයි.
රැකියා වල උසස් වීම් බලාපොරොත්තු වූ අයට සුබ සතියකි. නව රැකියා උදා වේ. රැකියා වල නියුතු අයට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල අඹුසැමියන් අතර සමගිය වර්ධනය වෙයි. පවුලේ වගකීම් වැඩි වෙයි. ගේ දොර අලංකාර කිරීමට සුබ සතියකි. දරුවන් තරඟ විභාග ආදියෙන් ජය ලැබීම් නිසා සිතට සතුට ලැබෙන සතියකි.

-

● කුම්භ
ගෙවල් දොරවල්, ඉඩකඩම් මිලදී ගැනීම් වලට සුබ සතියකි. ව්‍යාපාර කළමනාකරණයේ දුර්වලතා පෙන්නුම් කරන සතියකි.
නව රැකියා ප්‍රමාද විය හැක. රැකියා වල නියුතු අයට සුළු සුළු ගැටළු මතුවිය හැකි සතියකි. ශාස්ත්‍රීය කටයුතු වලට අදාල වෘත්තීන් වල නියුතු අයට විශේෂ ලාභ ප්‍රයෝජන ලැබෙන සතියකි.  විදෙස් රැකියා කටයුතු සාර්ථක වෙයි.
ගෘහ ජිවිතය තුල සහෝදර සහෝදරියන්ගේ ඇප උපකාර හිමි වෙයි. ගේ දොර දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට සිදුවේ. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කැපවීමට සිදුවේ.

-

● මීන
නව ආදායම් මාර්ග උදා වෙයි. නව ආදායම් මාර්ග වලට අඩිතාලම් දැමීමට සුබ සතියකි. හවුල් ව්‍යාපාර ඇරඹීමට සුබ සතියකි. හවුල් ව්‍යාපාර වලින් වැඩි වාසි ලබාගත හැකි සතියකි. ඉඩම් මිලදී ගැනීම් වලට සුබ සතියකි.
උසස් රැකියා බලාපොරොත්තු වන අයට අපේක්ෂා ඉටු වේ. ස්වයං රැකියා වලට සුබ සතියකි. රැකියාවේ උසස් වීම්, තරඟ විභාග ආදියට මුහුණ දීමට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල පදිංචි ස්ථාන මාරු වීමක් හෝ වෙනත් නිවසක පදිංචියට යෑමට කටයුතු සැලසෙන්නට ඉඩ ඇති සතියකි. උපන් ප්‍රදේශයෙන් පිට යෑමට සිදු වේ. සහෝදර සහෝදරියන් අතර, අමනාපකම් ඇති විය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය. ගේ දොර වැඩ කටයුතු සදහා වෙහෙසීමට සිදුවේ.




-
irusewaya@gmail.com
077 22 38041

Sunday, October 9, 2016

සෝමාවතී චෛත්‍යරාජයාණන්වහන්සේ

බුදුන්වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ සිටින සෝමාවතිය චෛත්‍යයද බෞද්ධයන්ට ඉතා වැදගත් පුණ්‍ය භූමියකි.

● චෛත්‍යරාජයාණන්වහන්සේ සෑදීමේ ගරුත්වය ලැබෙන්නේ කාවන්තිස්ස රජු දවස, ගිරිනුවර අභය නම් වූ පාලකයාටය. කාවන්තිස්ස රජුගේ සොයුරිය වූ සෝමාවතී කුමරිය, අභය කුමරාගේ බිරිඳ විය. එනිසා එතුමියගේ නමින් චෛත්‍ය නම් කෙරින.

● අද චෛත්‍යරාජයාණන්වහන්සේ රකිනු ලබන්නේ තාරා දේව මෑණියන් විසිනි.
තාරා දේව මෑණියන් යනු, වලගම්බා රජු දවස රට වෙනුවෙන් සොලීන්ට බිලිවී රජු බේරාගත් වීර “සෝමා දේවිය“යි.

( චෛත්‍ය කරවූ සෝමාවතී දේවිය සහ වලගම්බා රජු දවස සෝමා දේවිය යනු 2කි).

● බුදු රැස් ලෙස සැමදෙනා විශ්වාස කරන රැස් මාලා විහිදවමින් ශ්‍රද්ධාව වැඩි දියුණු කරන්නට කටයුතු කරන්නේ තාරා දේව මෑණියන් විසින් වන අතර, ඒවා බුදු රැස් නොව දේව රශ්මි මාලා බව දත යුතුය.

● ඔබද නිවසේ සිට වන්දනාමාන කලද, සෝමාවතී චෛත්‍ය රාජයාණන්වහන්සේට වන්දනා කරන්න.
දිශාව ඊසාන දිශාවයි. පොදුවේ සුදු - කහ මල් වර්ග 2 පූජාවට සුදුසුය.

- සෝමාවතී චෛත්‍යයට වඳින ගාථාව -

“ සම්බුද්ධ රාජ මුඛපංකජධම්මරේණු
ඵස්සං මනුඤ්ඤසිතරංසි විරෝචමානං
බ්‍රහ්මාමරාසුරනිරේහි සුපූජිතං තං
වන්දාමහං සුගත දක්ඛිණ දන්තධාතුං “

( සම්බුදු රජාණන්වහන්සේගේ මුව පියුමේ ධර්මය නැමති රේණුවෙන් ස්පර්ශය ලත්, මනෝඥ වූ, සුදු පැහැ රශ්මියෙන් බබලන්නාවූ, බ්‍රහ්ම, දිව්‍ය, අසුර, මනුෂ්‍යයන් විසින් මනාව පුදන ලද, ඒ සුගතයන්වහන්සේගේ දකුණු දළදා වහන්සේ මම නමදිමි )

- ඔබ සැමට තෙරුවන් සරණයි -

#ඉරු

irusewaya@gmail.com
+94 77 2238041

Saturday, October 8, 2016

ආදරණීය ගණ දෙවියන්

ලෝක පාලක ඊශ්වර දෙවියන්ගේ පුත්‍රයෙකු වන ගණ/ගනේශ්වර/පුල්ලෙයාර් දෙවියන් මහත් ආනුභාවසම්පන්න දෙවි කෙනෙකි.
සැමදෙනාගේම ආදර බහුමානයට පාත්‍රව සිටින නිසා මෘදු ගති ඇති බව සත්‍යයකි, නමුත් අයුක්තියට - අසාධාරණයටද විරුද්ධව කටයුතු කරන ඍජු ගති ඇති දෙවි කෙනෙකි.

- ගණ දෙවියන් සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්දැයි ඕනම කෙනෙකුට ප්‍රශ්න ඇත. සමහර අයට අවශ්‍ය වන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ව විතරක් ප්‍රසිද්ධ කරන්න කියාය, එසේ කියන අතිබහුතරය බුදු දහමේ නාමයෙන් බුදු දහම වනසන්නට කටයුතු කරන විවිධාකාර අයගේ අතකොළුය.

 ● දේවත්වයට පත්වන්නේ කුසල ශක්තිය මතය. එසේම දෙවිවරුන්ගේ අවබෝධ ශක්තිය දියුණුය. එනිසා දෙවිවරු සියලුම දෙනා දහමට ගරු කරති, දහමට අනුකූලව කටයුතු කරති.

- තව තැනක දෙවියන්ගේ ප්‍රධානියා ගණ දෙවියන් ලෙස දක්වා තිබුනි. ඉහල, පහල, මධ්‍ය යන විශ්වයන් 3 කිසිදු තැනක ප්‍රධාන දෙවියන් ගණ දෙවියන් නොවේය. නමුත් ගණ දෙවියන් ඉතා වැදගත් දෙවි කෙනෙකි. එසේම ගණ දෙවියන් නාමයෙන් කරනවා කියන මහා පරිමාණ බිස්නස් වලට ගණ දෙවියන්ගේ සම්බන්ධයක් නැත. එවන් ව්‍යාජ මවාපෑම් වලට කැමති වන්නේද, එවන් අයගේ ලාභ සත්කාර, වන්දනාමාන යනාදියට කැමති වන්නේද ප්‍රේත-භූත වැනි පහත් අමනුෂ්‍යය කොටස්ය.
දෙවිවරු පූජා වට්ටියෙන්, විවිධාකාර පුද පඬුරු වලින් රැවටිය නොහැක. එවන් ඒවාට දෙවිවරු ආශිර්වාද කරන්නේද නැත.

● ගණ දෙවියන්ගේ විශේෂත්වය නම්, වන්දනාමාන කිරීමට නියමිත දිශාවක් හෝ වෙලාවක් නොමැති වීමය.
එනම් දිනයේ ඕනෑම වෙලාවක ඕනෑම දිශාවකට වන්දනාමාන කිරීමෙන් ආශිර්වාද ලබාගත හැක.

● ඔබත් සිල්වත් වන්න. ප්‍රතිපත්තිය රකින්න. කුසල්දම් වල නිරත වන්න. ඒ පින් කුසල් ගණ දෙවියන් ඇතුළු සියලු දේව මණ්ඩලයටම අනුමෝදන් කරන්න. ඔබගේ කුසලය වැඩි වේවි ! දෙවියන්ගේ ආශිර්වාදයද ලැබේවි !

-
#ඉරු

irusewaya@gmail.com
+94 77 2238041

Friday, October 7, 2016

Thursday, October 6, 2016

පොරොන්දම් බලන්නම ඕනද ?

ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතාගේ, I don't know why ගීතයේ මෙසේ ඇත.

“ හිතුමතේ බැඳපු එවුන් සොමියේ ඉන්නේ ඇයි ?
නැකැත් බලල කරපු මඟුල් කැඩිල යන්නේ ඇයි ?
ග්‍රහයෝ නීච වෙලාවත්ද එහෙම වෙන්නෙ ඇයි ?
ග්‍රහයො තමයි ඕව දන්නෙ අයි ඩෝන්ට් නෝ වයි .. ?

● විවාහයකදී පොරොන්දම් පරික්ෂාව ඉතා ඈත අතීතයේ සිට පැවත එන සාම්ප්‍රදායික වැදගත් කටයුත්තකි.

පොරොන්දම් පරික්ෂාව විවාහය ගැන ඉතා වැදගත් පලාපලයක් ලබාදෙයි.
මෙහිදී කිව යුත්තේ පොරොන්දම් පරික්ෂාව මෙන්ම සූක්ෂමව දෙදෙනාගේ කේන්දර සටහන් පරික්ෂාවද විවාහයකදී කල යුතු බවයි.
එයට හේතුව වන්නේ පොරොන්දම් පරික්ෂාවෙන් විවාහයට ගැලපෙන බව කියූවද, විවාහයට සුදුසු කාලය, දෙදෙනාගේ කේන්දර සටහන් ගැලපේද යනාදි කාරණා බැලිය යුතු බැවිනි.
එනිසා කිරීම ඉතා වැදගත් කාරණාවකි.

● අද කාලයේ බොහෝ අය විවාහ - පොරොන්දම් ගැලපීමේදි ජ්‍යොතිර්වේදින් අවම වශයෙන් 5ක්වත් ලගට ගොස් ඒ සියල්ලම සලකා බලා තීරණ ගැනීම සිදු වෙයි.
ලංකාවෙ ජ්‍යොතිෂ්‍යයට ඇති සැබෑ තත්වය පෙන්නුම් වන එක් සාධකයකි 10ක්ගෙන් පමණ අසා විවාහයට තීරණ ගැනීම.

* මෙහිදී කල යුතු දෙය නම් තමන්ට විශ්වාස, නිවරදිව ජ්‍යොතිෂ්‍යය දන්නා 01 අයෙකුට කියා බැලීම පමණි !

- අපගේ අත්දැකීම අනුව, මෙම පොරොන්දම් ගැලපීම නිසා විවාහ වනවාට වඩා නොවන ප්‍රමාණය වැඩි වී ඇත. තවද වසර බොහෝ ගණනක ප්‍රේම සබඳතා බිඳ වැටෙන්නට හේතු සාධක වී සමහර දරුවන් ජිවිත කාලය පුරාම තනිව සිටින්නටද හේතු වී ඇත.
මෙය රටේ තරමක හෝ බරපතල ප්‍රශ්නයක් බව අපගේ අත්දැකීම අනුව අපි දනිමු.

● ජ්‍යොතිෂ්‍යය විද්‍යානුකූලව ඇරුණු විට දහමට අනුව විවාහ වෙන දෙදෙනාම, “ සම ශ්‍රද්ධා, සම ප්‍රඥා, සම ත්‍යාග “ සහිතව සිටින්නේ නම් යහපත් විවාහ ජීවිතය ගත කල හැකි බව කියවෙයි.

 මේ ගැන අප නිවරදි අදහසක් ලබාගත්තේ, Dinush Witharama මහතාගෙනි.

“ කේන්දර වලින් අන්තිමට කොහොම වුනත් කියවෙනෙ අනාවැකියක් නේ. එතකොට ඒක නියතයක් නෙවෙයි. කුසලය හැම විටම අකුසලයට වඩා බලවත්. ඒ නිස‍ා කුසල මූලික ප්‍රතිපදාවෙන් ජීවිතය පවත්වාගෙන යන්න කියන්න.
ශ්‍රද්ධාව, ශීලය, දානය, ප්‍රඥාව වර්ධවය කරන ප්‍රතිපදාවක හික්මෙන එක වැදගත්.
එතකොට සම ශ්‍රද්ධා, සම ප්‍රඥා, සම ත්‍යාග කියන එකේ තේරුම දෙදෙනාගේ අදහස් ගැලපීමයි. ඒ අනුව මනාව ජිවිතය ගෙන යෑමට එය හේතු වෙයි. “

● වසර 50-60කට අධික අත්දැකීම ඇති ප්‍රවීණ ජ්‍යොතිර්වේදින්, භාවනානුයෝගී මහතුන් සිටින අපගේ අදහස නම්, විවාහයට සුදුසුද නැද්ද නිවරදිව ශාස්ත්‍රය දන්නා එක ජ්‍යොතිර්වේදියෙකුගෙන් දැනගත්තාම ප්‍රමාණවත් බවයි..
- නමුත් එසේ විශ්වාස නැත්නම්, දහමට අනුකූලව, අවදානම ගෙන ජිවිතය ඉදිරියට ගෙන යෑමට කටයුතු කිරීම වැදගත්ය.  වසර ගණනාවක ප්‍රේම සබදතා බිඳ වැටී තනිකඩව සිටිනවාට වඩා එය වටින බව අපගේ හැඟීමයි...


** බුද්ධිමත්ව තීරණ ගෙන ජිවිතය දියුණුවට කටයුතු කරන්න !


#සත්හටසෙත්පතනඉරු #විවාහය #ලංකාව #ජිවිතය #පවුල #ආදරය


irusewaya@gmail.com
077 22 38041

Wednesday, October 5, 2016

සතියේ ලග්න පලාපලය - ඔක්. 05 සිට

* පොදු පලාපලයක් පමණි.
(එකම සතියක බුධ මාරුව මෙන්ම සතියේ ලග්න පලාපලයද පල කරන්නේ පාඨකයන්ගේ ඉල්ලීමටය)

-

.● මේෂ
දියුණුවට ගන්නා ක්‍රියා මාර්ග වලින් සාර්ථක ප්‍රතිඵල නොලැබී යාමට හෝ බාධා මතු වීමට ඉඩ ඇත. මුදල් නිකරුණේ වැය වීමට ඉඩ ඇත. දුර දිග නොසිතා කරන කටයුතු වලින් ගැටළු ඇතිවිය හැක. මනා කළමනාකාරිත්වයකින් කටයුතු කර මේවා සමනය කරගන්න.
රැකි රක්ෂා කටයුතු වල විශේෂයෙන් සුභ ඵල ලැබීම අඩු විය හැක. ඉවසීමෙන් කටයුතු කිරීම මේ සතියට සුභදායක විය හැක. ප්‍රධානීන් සමග ගැටළු ඇති වීමටද ඉඩ ඇත. රැකියා විරහිත අයට නව රැකියා ලැබීම ප්‍රමාද විය හැක.
ගෘහ ජිවිතය තුල තමන්ට ලැබෙන සහනය අඩු වී යා හැක. තම දරුවන්, ඥාතින් නිසා ගැටළුකාරි තත්වයන්ට මුහුණ පෑමට සිදුවිය හැක. පෙම් සබදතා ආදියෙදි දෙදෙනා තුල ඇති විශ්වාසය අඩු විය හැක.
-

● වෘෂභ
මෙතෙක් තිබුනු බාධාකාරි තත්වයක් අඩු වී සහනදායි කාලයක් ඉදිරියට නිර්මාණය වෙයි. එහෙත් ණය ගනුදෙනු ආදියෙන් පාඩු සිදුවිය හැක බැවින් කල්පනාවෙන් කටයුතු කල යුතුය. ව්‍යාපාර දියුණුවට ගන්නා ක්‍රියාමාර්ගයක් සාර්ථක වනු ඇත.
රැකියාවේ දියුණුව උදෙසා අවශ්‍ය පුහුණුවීම්, තරඟ විභාග ආදිය ඉල්ලුම් කිරීමට සුභ කාලයකි. අධ්‍යාපන ක්ෂෙත්‍රයේ රැකියා කරන අයට සතිය ආරම්භයේ යහපත් ප්‍රතිඵල පෙන්නුම් කරයි. රැකියා විරහිත අයට සුදුසු රැකියා ලැබෙයි.
ගෘහ ජිවිතය තුල සහෝදර සහෝදරයින් අතර ගැටළු - ප්‍රශ්න ඇති වන සතියකි. පවුල් ජිවිතය තුල හිතුවක්කාර ගති ඉස්මතු වන්නට ඉඩ ඇති සතියකි.

-


● මිථුන
ආර්ථික වශයෙන් තරමක් දුරට සුභ සතියකි. සතිය ආරම්භයේදි ගනු ලබන ක්‍රියා මාර්ගයක් සාර්ථක වෙයි. ආදායම් තත්වය යහපත් වෙයි.
රැකියා වලින් මධ්‍යස්ථ ප්‍රතිඵල බුක්ති විඳීමට ඉඩ ලැබේ. උසස් වීම්, තරඟ විභාග ආදියට මුහුණ දීමට මේ සතිය තුල සුභ සතියකි. පුවත්පත් කලාව, ලේඛන වෘත්තීන් වල යෙදෙන අයට යහපත් සතියක් වනු ඇත.
ගෘහ ජිවිතය තුල ගේ දොර වැඩ කටයුතු පිලිබදව උනන්දුවෙන් එ් වෙනුවෙන් කටයුතු කරන සතියකි. සතිය ආරම්භයේදී සතුටුදායක දේ පිලිබදව අසන්නට ලැබෙන සතියකි. සතිය මැද වන විට සිතට තරමක් අසහනකාරි තත්වයන් ඇතිවීමට ඉඩ ඇති නිසා ප්‍රවේසමෙන් කටයුතු කරන්න. අඹුසැමියන් අතර සුහදතාවය වර්ධන වේ.

-
● කටක
ආදායම් මාර්ග වලින් තමන්ට යහපත් ප්‍රතිඵල බුක්ති විඳීමට හැකියාව ලැබෙනු ඇත. ඉතිරි කර ගැනීම පිලිබදව වෙනදාට වඩා උනන්දුවක් දක්වන කාලයකි. ඛනිජ ද්‍රව්‍ය ආශ්‍රිත වෙනත් ව්‍යාපාර වල යෙදෙන අයට සුභ පල ගෙනෙන සතියකි. ආර්ථික අපහසුතා මඟහැර ගත හැක.
රැකියා කටයුතු සාමාන්‍ය ලෙස සිදු කරගෙන යා හැක. සුළු අඩුපාඩු සකසා ගැනීමෙන් අන් අයගේ සහ ප්‍රධානීන්ගේ පැසසුම් සහිතව සතුටින් සතිය ගත කල හැකි වනු ඇත. උසස් වීම්, තරඟ විභාග ආදියට මුහුණ දීමට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල කටයුතු සාමාන්‍ය අයුරින් කරගෙන යනු ඇත. පවුල තුල ප්‍රධානත්වය ගෙන වැඩ කටයුතු කිරීමට සිදුවන සතියකි. සිතට සතුටුදායක වාතාවරණයක් උදා කරගත හැකි වේ. දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් යෙදවෙනු ඇත.

-

● සිංහ
ආදායම් මාර්ග වලින් තමන්ට සාර්ථක ප්‍රතිඵල ලැබීමට හැකි වේ. නව ආදායම් මාර්ග වලට එළඹීමටද ඉඩ සැලසෙනු ඇත. තම වැඩ කටයුතු වලට මුදල්, කාලය යෙදවීමට සිදුවනු ඇත. ගෙවල් දොරවල් මිලදී ගැනීමට සුභ කාලයකි.
රැකියා දියුණුවට අවස්ථා උදා කර ගැනීමට හැකියාව ලැබේ. රැකියා අපේක්ෂිත අයට යහපත් රැකියා ලැබෙනු ඇත. රැකියා වලට තිබුනු බාධා අවම වනු ඇත. කාර්මික ක්ෂෙත්‍රය ආශ්‍රිත රැකියා වලට වඩා සුබයි.
ගෘහ ජිවිතය තුල ගැටළු වලදී අවස්ථානුකූලව මනාව සිතා බලා විසඳුම් සොයා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. දරුවන්ගේ දියුණුව දැකීමට හැකියාව ලැබෙන සතියකි. විනෝද වීමටත්, හිත මිතුරන්ගේ උපකාර ලැබීමටත් හැකි වන සතියකි.

-

● කන්‍යා
දියුණුව උදා කර ගැනීමට ගන්නා පියවර වලින් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන අයට ඒ සදහා සුභ සතියකි. සති අන්තයේ යම් තරමක් මුදල් අවහිරතා පෙන්නුම් කරන බැවින් කල්පනාකාරීව, කළමනාකරණය කරගත යුතුය.
රැකියා කටයුතු වල යෙදෙන අයට ඒවායෙදී ඉක්මණ් තීරණ වලට යාමෙන් ගැටළු නිර්මාණය විය හැකි නිසා, සැලකිලිමත් වන්න. රැකියා සොයන අයට සාමාන්‍ය මට්ටමේ රැකියා ලැබෙනු ඇත. දේශපාලන ක්සෙත්‍ර වල යෙදී සිටින අයටද යහපත් ප්‍රතිඵල අපේක්ෂිතය.
අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල කාර්යබහුල වනු ඇත. හිතේ ශක්තිය තරමක් දුර්වල වී කලබල ගති වැඩි වීමටද ඉඩ ඇත. ගැටළු නිර්මාණය වීමටද ඉඩ ඇත.

-

● තුලා
සතිය ආරම්භ වන විට මුදල් අවහිරතා පෙන්නුම් කරන සතියකි. ව්‍යාපාර කළමනාකරණයේ සුළු සුළු අඩුපාඩු නිසා මූල්‍යමය ගැටළු නිර්මාණය විය හැක. නව ව්‍යාපාර වලට තරමක් සුබයි. දියුණුව උදෙසා පියවරක් ගැනීමට හැකි සතියකි.
රැකියා කටයුතු වලදී යහපත් ප්‍රතිඵල ලැබීමට ඉඩ සැලසේ. විදෙස්ගත රැකියා වලට යොමු වීමට උත්සාහ ගන්නා අයට ඒ සදහා අවස්ථා යෙදේ. ස්වයං රැකියා වලට සුබයි. රැකියාවේ ගැටළු විසදේ, ප්‍රධානීන්ගේ පැසසුම් ලැබේ.
ගෘහ ජිවිතය තුල වැඩිහිටියන්ගේ දෝෂාරෝපණ එල්ල වීමට ඉඩ ඇති සතියකි. මංගල යෝග උදා වෙයි. අඹුසැමියන් අතර තරමක් ගැටළු ප්‍රශ්න ඇති විය හැක, ඒවා විසඳා ගැනීමට බුද්ධියෙන් කටයුතු කරන්න.
අධ්‍යාපන කටයුතු වලින් මධ්‍යම ඵල ලැබෙනු ඇත. උසස් අය ඇසුරට ලැබේ.

-

● වෘශ්චික
ආදායම් මාර්ග වලට බාධා මතු වේ. ව්‍යාපාර කළමනාකරණයේ ගැටළු මතුවිය හැකි කාලයකි. මූල්‍යමය අතින් යහළු යෙහෙලියන්ගේ සහයෝගය ලබා ගැනීමට හැකි වන සතියකි. ආහාර සම්බන්ධ ව්‍යාපාර වල යෙදෙන අයට යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. කෙසේ හෝ මුදල් වැයවීම වැඩි බැවින් කල්පනාකාරිව තමන්ගේ කටයුතු කරගන්න.
රැකියා වල සුභ ඵල ලැබෙනු ඇත. තමන්ගේ වගකීම් නිසි අයුරින් ඉටු කිරීමට ඒ වෙනුවෙන් කැපවීමට උනන්දුව වැඩි වන සතියකි. ප්‍රධානීන්ගේ පැසසුම් ලැබේ. පරිපාලන ක්ෂෙත්‍ර වල රැකියා වල රාජකාරිය සම්බන්ධව පැවති ගැටළු වලට විසදුම් ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල තනි තීරණ වලට වැඩ කිරීමෙන් ගැටළු ඇති විය හැක. පවුලේ සමගිය පිලිබදව අවධානය අඩු වේ. පවුල් ජිවිතය තුල මත ගැටුම් නිර්මාණය වීමත්, අවුල් ඇති වීමටත් ඉඩ ලැබේ. පොදු වැඩ ආදියට සහභාගි වීමට ඉඩ ලැබේ.

-

● ධනු
ආදායම් මාර්ග වලට තරමක බාධා මතු වෙයි. ඒ සදහා පියවරක් ගැනීමට සුදුසු කාලය වෙයි. යම් පියවරක් ගැනීම තුලින් මූල්‍යමය ගැටළු නිර්මාණය වීම මඟහරවා ගත හැකි වනු ඇත. ඉක්මණ් තීරණ ගැනීම තුලින් පාඩු විය හැකි නිසා කල්පනාකාරිව වැඩ කටයුතු කරන්න.
රැකියා කටයුතු වලදී තමන්ට යහපත් ප්‍රතිඵල ලැබීමට හැක. රියදුරු රැකියාවේ යෙදෙන අයට නීතීමය ගැටළු නිර්මාණය වීමට ඉඩ ඇත. යහපත් රැකියා අවස්ථා උදා වෙයි.
ගෘහ ජිවිතය තුල කටයුතු කිරීමේදී ඉවසීමෙන් කටයුතු කරන්න. පවුලේ අය අතර සමගිය වර්ධනය වේ. බාහිර ගැටළු ඉස්මතු වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරිව කටයුතු කල යුතුය.

-
● මකර
ආර්ථික වශයෙන් තමන්ට යහපත් ප්‍රතිඵල බුක්ති විඳීමට අවස්ථාව උදා වේ. තමන්ගේ වැඩ වලින් සාර්ථක බව ලැබීමට හැකියාව ලැබේ. නව ව්‍යාපාර ආරම්භයට සුභ සතියකි. භූමි සම්පත් වලට වාසනාව පවති. රහසිගත ආදායම් මාර්ග වලට යොමු වීමට අවස්ථාව උදා වේ.
රැකියා කටයුතු වලදි තමන්ට මධ්‍යම ප්‍රතිඵල ලබා ගැනීමට හැකි සතියකි. රාජකාරි කටයුතු වල සාර්ථක බව වැඩි කර ගැනීමට පියවරක් ගැනීමට හැකි සතියකි.
අධ්‍යාපන ක්ෂෙත්‍රයේ රැකියා වල යෙදෙන අයට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල ඉවසීමෙන් යුතුව තම වැඩ කටයුතු කරන්න. අවිවාහක අයට සතිය ආරම්භයේදී යහපත් මංගල යෝජනා ඉදිරිපත් වේ. එසේ වුවද මංගල කරුණු වලට එතරම් සුභ සතියක් නොවන බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.
-
● කුම්භ
ආදායම් මට්ටම ඉහල නංවා ගැනීමට ගන්නා පියවර සාර්ථක වේ. ගේ දොර වෙනුවෙන් මුදල් යෙදවීමට සිදු වේ. නව ව්‍යාපාර ආරම්භ කිරීමට සුභ සතියකි. මූල්‍යමය ආයතන වලින් සහය ලැබේ.
රැකියාවේ රාජකාරි කටයුතු පිලිබදව වැඩි සැලකිල්ලක් යොමු කරන සතියකි. පුහුණු වීම්, තරඟ විභාග ආදියට සහභාගි වීමට ඉඩ ලැබේ. ප්‍රධානින්ගේ පැසසුම් ලැබේ. උසස් වීම්, දියුණුවට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල වෙනදාට වඩා යහපත් ප්‍රතිඵල ලැබීමට හැකියාව ඇති සතියකි. ගැටළු ඉවසිලිවන්තව නිරාකරණය කර ගැනීම තුලින් පවුලේ සමගිය සාමදානය වර්ධනය වනු ඇත. මංගල යෝග උදා වේ. මංගල යෝජනා ඉදිරිපත් කිරිමට සුබ සතියකි.

-

● මීන
ආර්ථික වශයෙන් තමන්ට සාර්ථක බවක් ලැබීමට ඉඩ සැලසෙන සතියකි. නව ව්‍යාපාර ආරම්භ කිරීම තරමක් ප්‍රමාද වනු ඇත. මූල්‍යම කළමනාකරණයේදී ගැටළු මතුවිය හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න. යාන - වාහන මිලදී ගැනීමට සුබ සතියකි.
රැකියා කටයුතු වල නිරත අයට ප්‍රබල ගැටළුකාරි තත්වයන් උදා විය හැකි බැවින් කල්පනාකාරිව වැඩ කටයුතු කල යුතුය. සතුරු කරදර නිර්මාණය විය හැක.  සති මැද වන විට රාජකාරිය නිසි අයුරින් කරගෙන යාමට හැකි වනු ඇත. රැකියාව මාරු වීමක් හෝ උසස් වීමක් පෙන්නුම් කරන සතියකි.
පවුල් ජිවිතය තුල ඉක්මන් තීරණ නොගත යුතුය. මංගල යෝග උදා වෙයි. පෙම් සබදතා වලට සුබයි. දරුවන්ගේ අධ්‍යාපන තත්වය වර්ධනය වෙයි.
පුණ්‍යමය කටයුතු වලට දායක වීමට අවස්ථාව උදා වේ.

Monday, October 3, 2016

බුධ මාරුව - 2016 ඔක්තෝබර්

ග්‍රහ ලොව බුද්ධිමතා වන බුධ ග්‍රහයා ඔක්.3 වනදා තම උච්ච රාශිය වන කන්‍යා රාශියට පැමිණ බලවත් වීම යහපත්ය. මේ නිසා ලග්න කීපයකට “භද්‍රා යෝගය“ නම් පංච මහා පුරුෂ යෝගය උදා වෙයි.
බුධ ග්‍රහයා සති 3කට ආසන්න කාලයක් කන්‍යා රාශියේ රැඳී සිටිනු ඇත.

ලග්න 12ට පොදුවේ ග්‍රහ මාරුව මෙසේය.

-

● මේෂ
6 වැන්නට බුධ පැමිණියේය.
වෙනදාට වඩා විමසිලිමත්ව කටයුතු කල යුතු කාලයකි. මෙතෙක් පැවති යම් බාධා, කරදර තරමක් ඇති වීමටත්, සෞඛ්‍ය තත්වය තරමක් අයහපත් වීමටත් හේතු ඇති විය හැක.
මේ කාලයේ බුද්ධිමත් තීරණ සහ වෙනදාට වඩා ආගම දහමට යොමු වීම තුල සහනය ඇති වනු ඇත.

-

● වෘෂභ
5 වැන්නට බුධ පැමිණියේය.
කටයුතු වලින් ජයග්‍රහණය ලැබෙන, කීර්තිය ලැබෙන කාලයකි. අධ්‍යාපන කටයුතු වලට යහපත්ය.
නව රැකියා ලැබෙයි. තිබෙන රැකියාව දියුණු වෙයි. ව්‍යාපාර ආදියටද යහපත්ය.
සියලු යහපත සමග බුද්ධියෙන් තොරව කටයුතු කලොත් බාධා ඇතිවිය හැකි නිසා බුද්ධියද වැදගත් බව සිතේ තබාගන්න.

-

● මිථුන
4 වැන්නට බුධ පැමිණියේය.
දේපල ගැන කියවෙන 4 වැන්නට පැමිණීමත් සමග “භද්‍රා යෝගය“ යෙදෙයි. රැකියාවට, ව්‍යාපාරයට සුබයි.
පැතුම් ඉටු වේ. සිතට සතුට ලැබේ. ජයග්‍රහණ අපේක්ෂා කල හැක.
අන් අයගේ උදව් උපකාර ලැබෙනු ඇත.
පවුල් ජිවිතය තුල සමගිය, දියුණුව ඇතිවේ. අධ්‍යාපන කටයුතු වලට යහපත්ය.

-

● කටක
3 වැන්නට බුධ පැමිණියේය.
සහෝදරකාරකාදීන්ට සුබයි. ඉක්මණ් තීරණ ගැනීමෙන් වලකින්න. සතුට පිණිස කරන කටයුතු ගැන වෙනදාට වඩා අවදානමත්ව කරන්න. මනා සැලසුමකින් කටයුතු කරන්න.
සතුරු පාර්ශව වලින් බාධා ඇතිවිය හැක. හදිසි අනතුරු වලින් සහ බෝ වන ලෙඩ රෝග ආදියෙන් පරිස්සම් වන්න. දහමට නැඹුරුව කටයුතු කිරීම තුල සැනසීමක් ඇතිවනු ඇත.

-

● සිංහ
2 වැන්නට බුධ පැමිණියේය.
ධනස්ථානාධිපති බුධ 2 වැන්නට පැමිණීම තුල ධනය වර්ධනය වේ. ඉතිරි කිරීමට හැකියාව ලැබෙන කාලයකි. කටයුතු සාර්ථක වන කාලයකි. ක්‍රියාශීලිව කටයුතු කරන කාලයකි. නව ආදායම් මාර්ග ලැබෙන කාලයකි.
සිතට බලපෑ පීඩා තත්වයන් සමනය වන කාලයකි. මිතුරන්ගේ, හිතවතුන්ගේ සහය ලැබේ.
සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වන්න.

-

● කන්‍යා
1 වැන්නට බුධ පැමිණියේය.
කන්‍යාවේ ලග්නාධිපති වන බුධ ග්‍රහයාගේ පැමිණීම තුල, “භද්‍රා පංච මහා පුරුෂ යෝගය“ යෙදෙයි. වෙනදාට වඩා ජයග්‍රහණ ලැබේ. යන යන තැන පිලිගැනීම ලැබෙයි. අන් අයගේ සහය ලැබෙයි. නව කටයුතු ඇරඹීමට ඒවා දියුණු කර ගැනීමට වාසනාව ලැබේ.
පවුල් ජිවිතයට සමගිය - සාමදානය ලැබේ.
අධ්‍යාපනය, තරඟ විභාග  - සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබෙයි.

-

● තුලා
12 වැන්නට බුධ පැමිණියේය.
අන් අයගෙ ප්‍රසාදයට ලක් වන කාලයකි. ආදායම් මාර්ග වර්ධනය වුවද වියදම්ද අධික විය හැක.
අන් අයගේ උපකාර ලැබෙන කාලයකි. දහමට නැඹුරු වන කාලයකි. කරන කටයුතු වලදි මනා ඉවසීමකින් සහ බුද්ධියකින් කිරීමද වැදගත්ය.
හදිසි අනතුරු ආදියෙන් පරිස්සම් වන්න.

-

● වෘශ්චික
11 වැන්නට බුධ පැමිණියේය.
ආදායම් දියුණු වේ. නව ආදායම් මාර්ග ලැබේ. දේපල ඉඩකඩම් ලාභ පවතී. යාන-වාහන වාසනාව පවති. මිතුරන් වැඩි වේ. පැරණි මිතුරන් නැවත මුණ ගැසේ. ව්‍යාපාර කටයුතු වලදි මනා බුද්ධියකින් යුතුව කිරීම වඩා වාසනාව ගෙනෙනු ඇත.
හදිසි අනතුරු සහ රෝගාබාධ ගැනද අවදානමත්ව සිටින්න.

-

● ධනු
10 වැන්නට බුධ පැමිණියේය.
මේ තුල “භද්‍රා පංච මහා පුරුෂ යෝගය“ යෙදෙයි. ආර්ථිකය දියුණු වන කාලයකි. රැකියාවේ දියුණුව මෙන්ම උසස් වීම් පවා අපේක්ෂිතය. ආදායම් වියදම් මනාව කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
විදේශ ගමන්, විදේශ සංචාර යෙදෙන කාලයකි, ඒවාට සුභ කාලයකි.
ධනු ලග්න දේශපාලකයන්ට ඉතා යහපත්ය.

-

● මකර
9 වැන්නට බුධ පැමිණියේය.
කටයුතු සාර්ථක වන කාලයකි. ආදායම් මාර්ග වැඩි දියුණු වේ. නව ආදායම් මාර්ග ඇති කරගත හැක. වෙනදාට වඩා සතුටින් කාලය ගත කල හැක.
විදේශ ගතවීමට සිතා සිටියේ නම් ඒ කටයුතු වලට සුභ කාලයකි.
ගෘහ ජිවිතය සාර්ථක වෙයි. අධ්‍යාපන කටයුතු වලට සුබයි.
හදිසි අනතුරු, ලෙඩ රෝගාබාධ ගැනද අවදානමත් වන්න.

-

● කුම්භ
8 වැන්නට බුධ පැමිණියේය.
නව අාදායම් ඇති කරගැනීමටත් යහපත්ය. විවාහයෙන් දේපල යනාදිය ලැබෙන්නටත් හේතු පවති.
විදේශ ගතවීම් වලටද සුබයි. ඇසුරු කරන්නන් සමග කරන කටයුතු වලදි මනා බුද්ධියකින් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සතුටින් ගත වනු ඇත.
මෙතෙක් පැවති ආබාධ තත්වයන් දුරු වී නිරෝගී බව ඇති වන සතියකි.

-

● මීන
7 වැන්නට බුධ පැමිණියේය.
මේ පැමිණීම තුල “භද්‍රා පංච මහා පුරුෂ යෝගය“ යෙදෙයි. කටයුතු සාර්ථක වෙයි. මෙතෙක් පැවති බාධා තත්වයන් දුරු වෙනු ඇත. සමාජයේ පිලිගැනීමට මෙන්ම සහයෝගය ලැබෙනු ඇත. ඔබ ජනප්‍රිය වීම තුල කටයුතු වලට වඩා පහසුවක් වනු ඇත. නව ව්‍යාපාර යනාදියට, නව රැකියා වලටත් සුබයි.
ගෘහ ජිවිතය යහපත්ව ගත වනු ඇත.

-

** වඩාත් යහපත පිණිස බදාදා දින වල  රතු - කහ මල් වට්ටි 2ක්, පහන් 01ක්(දැල්ල දකුණු දිශාවට), පැන් වීදුරුවක්, හඳුන්කූරු 02ක් සහිතව පූජාවක් පවත්වා ගනේශ්වර දෙවියන්වහන්සේගේ නාමයෙන් සියලු බුදුවරයන්ට පූජා කරන්න. සියලු දෝෂ දුරු වී යහපත උදා වේවායි ප්‍රාර්ථනා කරන්න.
එම සියලු පින් ලෝකයත්, ශාසනයත් රකින මෛත්‍රි බෝධිසත්වයන්, ශක්‍ර දේවෙන්ද්‍රයා, සතර බ්‍රහ්ම රාජයන්, ශ්‍රී නාථ දෙවිඳුන් ඇතුළු සියලුම දෙවිවරුන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි සිතින් පතන්න..


#ඉරු

irusewaya@gmail.com.
077 22 38041