Monday, February 27, 2017

සතියේ ලග්න පලාපලය - පෙබ.28-මාර්තු05


පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.


-
● මේෂ
ඔබගේ ආර්ථික තත්වය යහපත් වන තත්වයක් උදා වේ. ආර්ථික තත්වයට සමානව වියදමද තරමක් වැඩි විය හැක. කල්පනාකාරී විය යුතුය.
රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. තවද රැකියාවේ යම් කිසි දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයන් සාර්ථක විය හැක. විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
පවුලේ සමගිය වර්ධනය වනු ඇත.  දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.

-

● වෘෂභ
ආර්ථික මට්ටම පවත්වාගෙන යාමට හැකි වේ. උත්සාහයෙන් යුතුව වැඩ කටයුතු කල යුතු වේ. තමන් ගන්නා තීරණ වලින් එතරම් ශුභ ප්‍රතිඵල නොලැබීම විය හැකිය. කල්පනාකාරි විය යුතුය.
 රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා කරදර බාධක පැමිණීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. ප්‍රේම සබදතා වලට ඉඩ සැලසෙනු ඇත. එහෙත් පවුලේ සමගියට බාධා පැමිණේ. මිතුරු ඇසුර නිසා ප්‍රශ්න ඇති වේ.

-

● මිථුන
ව්‍යාපාර වල තරමක කරදර ගෙන දෙන සතියක් විය හැක. වැයපස ඉහල යාමට ඉඩ ඇත. සතුරු කරදරද ඇති වීමට ඉඩ ඇත.  ණය ගැනිමට හෝ ඒ සම්බන්ධ කටයුතු වලින් යම් සාර්තකත්වයක් ලබා ගත හැකිවනු ඇත. රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතයට  යහපත් සතියකි. අවිවාහක අයට මංගල යෝග උදාවේ.

-

● කටක
ආදායම් මාර්ග අවහිර වී  යන තත්වයක් පෙන්නුම් කරයි. මුදල් වැය වීමට කරුණු යෙදෙන කාලයකි.
 රැකියාවේ බාධා පැමිණෙයි. නොසිතා ගනු ලබන තීරණ වලින් අසුබ පල ගෙන දෙන සතියකි.
නව රැකියා ප්‍රමාද වේ කාර්යබහුල වේ.
ගෘහ ජිවිතය පවුල් ජීවිතයේ සමගියට බාධා  ඇති වේ. මිතුරන් අතර හොද හිත පළුදු වේ.
ඉගෙනීමට බාධා පැමිණේ.

-

● සිංහ
ඉඩම් ගෙවල් දොරවල් මිලදි ගැනිමට හැකියාව ලැබෙයි. ඒ ආශ්‍රිත කටයුතු කිරිමට ඉඩ කඩ ලැබෙන  සුබ සතියක් වෙයි.  එහෙත් මෙතෙක් පැවති ආදායම් තත්වය තරමක් පහල යාමට ඉඩ ඇත .
දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ.
අවිවාහක අයට මංගල යෝග උදා වනු ඇත.  ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ. පවුල් ජිවිතයේ කටයුතු වලදී බුද්ධියෙන් කටයුතු කල යුතුය, නැතහොත් ගැටලු ඇතිවේ.

-


● කන්‍යා
ආදායම් තත්වය පහල බැසිමට කරුනු යෙදෙනු ඇත. මේ නිසා කල්පනා කාරි විය යුතුය. තිබෙන ප්‍රශ්න වලට බුද්ධිමත්ව විසදුම් සොයා ගත යුතු වේ.
යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියාවේ බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතයට යහපත් සතියකි. මංගල යෝග උදාවේ.
දරුවන්ගෙ අධ්‍යාපනය සම්බන්ධව ගැටලු මතු වීමටද ඉඩ ඇත.

-

● තුලා
ආර්ථිකයේ වර්ධනයක් පෙන්නුම් කරයි. මෙතෙක් තිබුනු  ගැටළු බොහොමයකට විසදුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. අාදායම් තත්ව යහපත් වනු ඇත.
 රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් ඔවුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
ගෘහ ජිවිතය තුල ප්‍රීති උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා උදා වනු ඇත. පවුලේ සමගිය වර්ධනය වේ.  මෙතෙක් තිබු කරදර බාධක මග හැරි යයි.

-

● වෘශ්චික
මෙතෙක් තිබු ප්‍රශ්න විසදා ගැනිමට අවස්තානුකුලව පියවර ගත යුතු වෙයි. ඉක්මන් තීරණ ගැනිමෙන් වැලකිය යුතුය. ව්‍යාපාර වලදි තරමක පාඩු පෙන්වනයි.
රැකියා දියුණුව ලැබීමට දරණ උත්සාහයන්ගෙන් යම් ප්‍රතිඵලයක්  ලැබීමට හැකි සතියකි.
මිතුරු සබදතා වර්ධනය කර ගැනීමට අවස්ථා යෙදෙනු ඇත. ගෘහ ජිවිතය ප්‍රේම සබදතා පලුදු වේ. එහෙත් සතිය අවසන්  විට සුබ කාලයක් උදාවේ.

-


● ධනු
වෙනදාට වඩා තම ව්‍යපාර ආදායම් මාර්ගවල ප්‍රගතියක් පෙන්නුම් කරන සතියකි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව පියවරක් ගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන්න.
ගෘහ ජිවිතය තුල ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතු වීමට ඉඩ ඇත.පවුලේ සමගිය වර්ධනය වනු ඇත.

-

● මකර
තම ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමට හැකි වේ. ඉඩ කඩම් සම්බන්ධ ගැටලු නිරාකරණය කර ගැනිමට හැකිවනු ඇත.
 රැකියාවේ උසස් විම් ප්‍රමාද විය හැක. නව රැකියා ලැබේ. පිට පලාත් වල ගමන් යෙදෙනු ඇත, තරමක් අවිවේකී වෙයි.
ගෘහ ජිවිතය තුල අවිවාහක අයට විවාහය පිළිබද තීරණ ගැනීම් වලටද යහපත් අවස්ථා උදාවේ. දෙමාපියන්ගෙ අවවාද ලැබේ.

-


● කුම්භ
ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ නව පියවරක් ගැනීමටත්,  එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමටත් හැකියාව ලැබෙනු ඇත. එමගින් තම ආදායම් තත්වය වර්ධනය කර ගැනිමට හැකි වනු ඇත.
රැකියා වෙනස් විමක් පෙන්නුම් කරන කාලයක් වෙයි. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වනු ඇත.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගිය ඇති වෙයි. පවුලේ කටයුතු වෙනුවෙන් කැපවිමට සිදුවේ.

-

● මීන
පසුගිය දින වලට වඩා වියදම වැඩි වන සතියක්  වේ. ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. කල්පනාකාරි විය යුතුය. මුල්‍ය කලමනාකරනයේ පාඩු පෙන්වයි.
කාලයක් තිස්සේ පවතී ගැටළුදායක තත්ව විසදා ගැනීමට හැකි වේ.
රැකියා  කරන අයට දියුණුව ලබා ගැනීමට හැකි වේ. රැකියාවේ නව රැකියා උදාවේ.
 ගෘහ ජිවිතයේ පීඩාකාරි කාලයකි දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.

-

irusewaya@gmail.com
077 2238041

සෑම දෙයකදීම බුද්ධිමත් වන්න

ෆේස්බුක්හි නිතර ෂෙයා වෙනවා, “ ඔබට අපල කාලයක් ඇති වන්නේ කේන්දරය බැලීමෙන් අනතුරුවයි“ කියල.
එය සැබෑවකි. කේන්දරය බැලුවේ නැත්නම් ඔබට අපල තිබේද නැද්ද යන්න පවා ඔබ දන්නේ නැත. එසේම එවන් උපදේශයන් තුලින් පාඩු - කරදර අවම කරගත් බොහෝ අය සිටිති.

පොදුවේ සිදුවන්නේ කොටසක් කිසිවක් නොසලකා සිටින නිසා කරදරයට පත්වීමත්, අනිත් අතිබහුතරය අපල තිබෙනවා කියූ සැනින් පසුගාමී වී බිය වී, අධෛර්යට පත්වීමත්ය.
කල යුත්තේ තත්වය හඳුනාගෙන ඊට අනුව කටයුතු කිරීම පමණි !

 ගමනක් යන විට, අකුණු ගසමින් වැස්සක් වහිනවා ප්‍රවේශම් විය යුතුයි කියල ඔබ දැනගත්තොත් කරන්නේ කුමක්ද ?
එහිදී මූලිකව, වැස්සෙන් පරිස්සම් විය යුතුයි, අකුණු වලින් ආරක්ෂා විය යුතුයි. ඒවායින් ආරක්ෂා වුවද කලබලේට ඒව කරන්න ගියොත් ලිස්සලා වැටෙන්න ඉඩ තියෙනවා.

ඉතින් දෙයක් දැනගත්තාම කරන්න ඕන, ඒකෙන් බේරිලා තමන්ගෙ දියුණුවට කටයුතු කරනවා මිසක් ඒවා නවත්තන එක නෙමෙයි.
විශේෂයෙන් සෙනසුරු අපල කාල වලට සමහර අයට කියන දෙයක් තමයි ගෙයක් හදන්න, නැත්නම් වෙනත් ඉදිකිරීමක් කරන්න කියල. සමහරවිට අපි කියනවා සල්ලි තිබුනත් ණයක් අරගෙනම කරන්න කියල. ඒකෙ තේරුම ඒ අපල කාලයෙදි අපල කාලය දැනෙන්න තමන්ගෙ දියුණුව පිණිස දෙයක් කරන එක. එතකොට අපලයත් ගෙවෙනවා. අපල කියන්නේ පෙර කරපු අකුසල් කියල අමතක කරන්න හොඳ නෑ. ඒවයේ විපාක අපිට ලැබෙන්න නියමිත නිසා ඒ අකුසල් තරමක් හෝ විඳින අතර පිංකම් කරලා ජිවිතේ යහපත් කර ගැනීමයි කල යුත්තේ.

හිතන්න !


#ඉරු

irusewaya@gmail.com
077 2238041

Saturday, February 25, 2017

පත්තිනි දේව මෑණියන්

දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා දීමටත්, කිරි දරුවන් ආරක්ෂා කර ගැනීමටත්, අසාධ්‍ය රෝගීන් සුවපත් කර දීමටත් පත්තිනි දේව මෑණියන් පිහිට වන බවට දැඩි විශ්වාසයන් පවතින අතර, එය සත්‍ය බව අප අත්දැකීමෙන් දනිමු.

අප රට රකිනා එය තෙද     අම්මේ
රජ දරුවන් සියලූම රැක     අම්මේ
දෙන්නට බාරයි පත්තිනි     අම්මේ
සතුරු ද බාධා දුරු කර     අම්මේ

අම්මා පත්තිනි සඳ     සැතපෙන්නේ
දැන් මා මේ කී පුවත     අසන්නේ
ඉන් ඇත රෝ දුක් දුරු     පලවන්නේ
ඉන් නද ඔබගේ අණ     පවතින්නේ

අම්මා පත්තිනි ඉන්     තෙද දේවා
අම්මාගේ අණ සක ඉන්     පැති රේවා
සියලූම නරහට සෙත     සැලසේවා
පත්තිනි මවුනි දොස්     දුරු වේවා

ආවයි ඔබේ දෙපතුල් ළඟ     අම්මේ
නරයින් දුක කියනවා බුදු     අම්මේ
ඔබද එලෙස අනුකම්පා     අම්මේ
පිහිටක් දෙනවද පත්තිනි     අම්මේ

අපගේ දරු හට ලෙඩ වී     ඇත්තේ
දෙවි දොස් ඇත දය සමාව     දෙන්නේ
අප අත වරදට සමාව     දෙන්නේ
පත්තිනි මවුනි අප රැක     දෙන්නේ

- නිසි ලෙස පින්කම් කර පත්තිනි මෑණියන්වහන්සේ ඇතුළු සත් පත්තිනි මණ්ඩලයටම අනුමෝදන් කරන්න ඔබටද ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය..

#ඉරු

ඉරුසේවය@gmail.com
077 2238041

Friday, February 24, 2017

මහා ශිව රාත්‍රි දිනයේ මහ බලගතු ඊශ්වර දෙවියන්ට පහන් පූජාවක් කරමු !


මූලිකව දැනගත යුත්තේ, සියලු දෙවිවරු දහමට අනුකූල බවය. එතනදි බෞද්ධද වෙනත් ආගමකද යන්න අදාල නැත.
කතරගම දෙවියන් සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙකු බව කියවෙන්නේ නම් කතරගම දෙවියන්ගේ පියා වූ ශිව දෙවියන් ගැන කුමක් සිතිය යුතුද ?

අවශ්‍ය වන්නේ තමන් නිසි පැවැත්මෙන් දහමට අනුව සිටිමන් පින්කම් කර දෙවියන්ට අනුමෝදන් කිරීමය.


මහා ශිව රාත්‍රි දිනය අඳුර - අධර්මය නසන සුවිශේෂි දිනයකි. අද දිනයේ පහනක් දල්වා, මල් - සුවඳ සමග ඔබගේ ප්‍රාර්ථනාවන් අධිෂ්ඨානයන් ඉටු වේවායි පැතිය හැක.

( මල් වට්ටියට මල් 3ක් තිබීම සෑහේ)

- ඊශ්වර දෙවියන්ගේ නාමයෙන් බුද්ධ - ධම්ම - සංඝ ත්‍රිවිධ රත්නයට පූජා කරමි ! පූජා වේවා !

මේ පින් බලයෙන් මගේ සියලු යහපත් පැතුම් ඉටු වේවා ! අකුසල කර්ම - දෝෂ දුරු වේවා ! 
( ප්‍රාර්ථනා කරන්න)

මේ පින් බ්‍රහ්ම - දිව්‍ය ලෝක වලට අධිපති සක් දෙව් රජ ඇතුළු සියලුම දෙවියන්ට, සියලුම බ්‍රහ්මයන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවා !

-

බුදු සරණයි !


#ඉරු

irusewaya@gmail.com
077 22 38041

Thursday, February 23, 2017

බුධ කුම්භ රාශි ගත වීම (පෙබ.22-මාර්තු11  ) 2017

ග්‍රහ ලොව සුරතලා වන බුධ හෙවත් කුඩා දරුවා, පෙබ 22 වන දින මකර මිදී කුම්භ රාශියට පැමිණේ.

රටට පවතින කරදර බාධක තරමක් සමනය වන්නට හේතු වන කාල සීමාවකි. කුම්භ ලග්න ලංකා කේන්දරයේ 1 වැන්නට බුධ පැමිණීම තුල.

ලග්න 12ට පොදුවේ මෙහෙමයි.
කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ
11 වැන්නට බුධ එයි.
පෙර තිබු බාධාකාරි තත්වයන් පහව යයි. ආදායම් මාර්ග වෙනදාට වඩා යහපත් වෙයි.
 රැකියාවේ තිබුනු බාධා ඉවත් වේ.
සමාජය තුල යහපත් මිතුරන් ඇසුරට ඉඩ ලැබේ. ඇප උපකාර ලැබේ

-
● වෘෂභ
10 වැන්නට බුධ එයි.
තමන් වෙත පැමිණෙන ගැටලු ප්‍රශ්න බුද්ධිමත්ව විසදා ගැනිමට ඉඩ සැලසේ.
 නව රැකියා ලැබේ. රැකියාව ස්ථිර කරගැනිමට අවැසි කටයුතු කර ගැනිමට ඉඩ ලැබේ.
 පවුල තුල සමගිය වර්ධනය වනු ඇත.

-

● මිථුන
9 වැන්නට බුධ එයි.
 ධාර්මිකව වැඩ කටයුතු කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාවන් උදා වනු ඇත.
 නව රැකියා උදා වනු ඇත. තම පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබෙයි.
 උසස් අධ්‍යාපනයට අවස්ථා උදා වනු ඇත.

-
● කටක
8 වැන්නට බුධ එයි.
මුදල් සම්බන්ධව කරන කටයුතු වලදී ප්‍රවෙශම් විය යුතුය.
විදෙස් රැකියා වලට තරමත් ශුභ කාලයක් වේ.
තරග විභාග ආදිය ප්‍රමාද විය හැක. අධ්‍යපන කටයුතු වලින් නිසි පල ලබා ගැනිමට නොහැකි වීමට ඉඩ ඇති නිසා මනා අවබෝධයකින් කටයුතු කරන්න.

-


● සිංහ
7 වැන්නට බුධ එයි.
ආදායමට වඩා වියදම වැඩි වන්නට ඉඩ ඇති කාලයකි.  ඵලක් නැති දේ උදෙසා මුදල් වියදම් කිරිමට සිදු විය හැක. ණය ලැබෙයි.
 ව්යාපාර ක්ෂෙත්‍ර වල නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. වාහන ලාබ ලැබේ.
 නව රැකියා උදාවෙන කාලයකි.

-


● කන්‍යා
6 වැන්නට බුධ එයි.
ආදායම වඩා වියදම වැඩි වන කාලයක්  වන කාලයක් වනු ඇත.
කරන  රැකියාවෙන්  යහපත් ප්‍රතිපල ලැබීම තරමක් අඩුවිය හැකි නිසා මනා කැපවීමකින් කටයුතු කරන්න. නව රැකියා ප්‍රමාද විය හැක.  රැකියාව බාධා මැද කරගෙන යාමට ඉඩ ලැබේ.

-


● තුලා
5 වැන්නට බුධ එයි.
ආර්ථික ගැටලු විසදා ගැනමට හැකි වෙයි. නව ආදායම් මාර්ග උදා වනු ඇත.
එහෙත්  නිෂ්ඵල කාරණා සදහා මුදල් වැය කරන්නට වැඩි ඉඩක් පවති.
 රැකියා  කරන අයට දියුණුව ලබා ගැනීමට හැකි වේ.
 පවුලේ සමගිය වර්ධනය වේ

-

● වෘශ්චික
4 වැන්නට බුධ එයි.
ආදායම් මාර්ග යහපත් කරයි. මෙතෙක් තිබුනු ගැටළු බාධා ඉවත් වෙය.
රැකියා  කරන අයට දියුණුව ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. රැකියාවේ නව රැකියා අවස්ථා උදාවේ.
මෙතෙක් තිබුනු තිබු කලබලකාරි ගති අඩු වනු ඇත.

-



● ධනු
3 වැන්නට බුධ එයි.
ඔබගේ පැවති ප්‍රවේගකාරි සහ ආවේගශීලි ගති අඩුවි  සුබ කාලක් උදා වේ.
යහපත් රැකියා අවස්ථා උදා වනු ඇත. රැකියාවල නියුතු අයට තමන්ට ඇතිවන ගැටළු විසදා ගැනීමට හැකියාව ලැබෙයි. මෙතෙක් පැවති බාධා ඉවත් වේ.
දුර ගමන් යෙදේ.

-


● මකර
2 වැන්නට බුධ එයි.
මුල්‍යමය ප්‍රශ්න විසදා ගත හැකි කාලයකි. ආදායම් මාර්ග වල අවහිරතා මග ඇරි යයි.
 රැකියාවේ දියුණුව පෙන්නුම් කරයි.
  පවුලේ සමගිය වර්ධනය වේ.
අධ්‍යපන කටයුතු තරමක් වර්ධනය විය හැක.

-

● කුම්භ
බුධ 1 වැන්නට එයි.
ලග්න ස්ථානයට බුධගේ පැමිණීම නිසා තමාගේ වැඩ කටයුතු ක්‍රමානුකුලව කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. මෙතෙක් තිබු බාධා ඉවත් වේ.
උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට හැකි වේ.
 පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ.
 දුර ගමන් යාමට සිදු විය හැක. මිතුරු ඇසුර වර්ධනය වේ

-

● මීන
12 වැන්නට බුධ එයි.
ඉඩම් දේපල වල ගැටලු - ප්‍රශ්න ඇතිවිය හැක. ප්‍රවේශම් විය යුතුය.
නව රැකියා උදා වනු ඇත.  නිදහස අඩුවී යන තත්ත්වයන් රැකියාවේ මතු වීමට ඉඩ ඇත.
 හිතමිත්‍ර ආදින් නිසා  තරමක කරදර කාලයක් උදාවීමටද ඉඩ ඇති නිසා ඒ ගැන අවදානමත් වන්න.

-


#ඉරු

irusewaya@gmail.com
077 2238041

Monday, February 20, 2017

සතියේ ලග්න පලාපලය - පෙබ.21-27

පොදු පලාපලයක් පමණි. කේන්දර සටහන අනුව වෙනස් විය හැක.

- සදුගේ ගමන අනුව සකසා ඇත.

-
● මේෂ
සුබ පල සහිත සතියකි. යම් ආදායම් මාර්ගයකට, ව්‍යවසායක් පටන් ගැනිමට සහ සැලසුම් කිරිමට තිබෙන උත්සාහයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.
 තම රැකියා කරන ස්ථානයේ නිදහස වැඩිවේ. මෙතෙක් තිබුනු බාධා තත්ව ඉවත් වේ. ප්‍රධානින් සමග ගැවසිමට සිදුවේ.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය  වෙනුවෙන් ඉතා  කැපවිමට සිදුවේ. මෙතෙක් පවුලේ තිබු  සමගියට තරමක් බාධා මතු විය හැක.

-


● වෘෂභ
ඉඩම්, ගෙවල් දොරවල් මිලදි ගැනිමට හැකියාව ලැබෙන සහ ඒ ආශ්‍රිත කටයුතු කිරිමට ඉඩ කඩ ලැබෙන  සතියක් වුවද,   මෙතෙක් පැවති ආදායම් තත්වය තරමක් පහල යාමට ඉඩ ඇත.
දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ.
ගෘහ ජිවතිය තුල මංගල යොග උදාවේ.  ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ. තමන්ට යෙදුන ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදේ. ගෙදර පරිසරය අලංකාර ලෙස තබා ගැනිමට වෙනදාට වඩා උනන්දුවේ.

-

● මිථුන
ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ නව පියවරක් ගෙන උපක්‍රමශීලිව තම එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබේ. එමගින් තම ආදායම් තත්වය වර්ධනය කර ගැනිමට හැකිවේ.
 රැකියාවේ වෙනස් විමක් පෙන්නුම් කරන කාලයක් වේ. රැකියාවේ දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගිය ඇති වන්නට හැක. පවුල වෙනුවෙන් කැපවිමට සිදුවේ. වචනයෙන් වැරදි සිදුවිය හැකියාව ඇති මනා කල්පනාකාරිව කටයුතු කල යුතුය.

-

● කටක
මෙතෙක් තිබුනු නිදහස අඩුවී තරමක පීඩාකාරි කාලයක් ගත කිරිමට සිදුවේ. එහෙත් උපක්‍රමශිලි විම තුලින් මෙම තත්වයන් මග හරවා ගත හැක.
 තම රැකියාවේ වෙහෙසකාරි ගති අඩුවේ. උසස් වීම් තරග විභාග ආදිය ප්‍රමාද වේ. නව රැකියා අවස්ථා උදා වේ. . රැකියාව කරන ස්ථානයේ ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ. සුව පහසුවෙන් සිටීමට හැකි කාලයක් වේ.

-


● සිංහ
නිවාස ලාභ, හදිසි ධන ලාභ  ලැබේ. ආර්ථික ගැටළු විසදා ගැනීමට හැකි වෙයි.
 නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙනු ඇත. වියදම් පාලනය කරගත යුතු නොවුනොත්  ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත.
 හොඳ රැකියා අවස්ථා උදා වනු ඇත. රැකියාවල නියුතු අයට තමන්ට ඇතිවන ගැටළු විසදා ගැනීමට අවස්ථාවන් යෙදෙනු ඇත.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ. මංගල යෝග උදා වේ. දුර බැහැර ගමන් යෙදේ.

-


● කන්‍යා
කලබලකාරි ගති ඉස්මතු වෙන සතියකි. මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වයි.  නව ව්‍යාපාර ආරම්භ කිරිම නොකර සිටීම වඩාත් යහපත්ය. මුදල් වැයවීමට කරුණු යෙදෙනු ඇත. ව්‍යාපාර සැලසුම් කිරීමට සුබ කාලයකි. ණය ලැබෙයි.
නව රැකියා ප්‍රමාද වන්නට ඉඩ ඇත.  රැකියාව තරමක බාධා මැද කරගෙන යාමට සිදුවනු ඇත.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට හැකිවේ.

-


● තුලා
ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඉඩකඩම් සම්බන්ධ ගැටලු නිරාකරණය කර ගැනිමට හැකිවනු ඇත.
රැකියාවේ උසස් විම් ප්‍රමාද විය හැක. නව රැකියා අවස්ථා ලැබෙනු ඇත. පිට පලාත් වල ගමන් යෙදේ. තරමක් අවිවේකී වෙයි.
 ගෘහ ජිවිතය තුල අවිවාහක අයට විවාහය පිළිබද තීරණ ගැනීම් වලට යහපත් අවස්ථා උදාවේ. ඒවාට දෙමාපියන්ගෙ අවවාද - අනුශාසනා ලැබෙනු ඇත.


● වෘශ්චික
මෙතෙක් ඇතිව තිබුනු ගටළු - ප්‍රශ්න වලින් මිදි යහපත්ව කාලය ගත කිරීමට ඔබට අවස්ථාවන් ලැබෙනු ඇත. තමන්ට ලැබුන ආදායම ස්ථිරව පවත්වා ගෙන යාමට ඉඩ ලැබෙනු ඇත.
 නව රැකියා ප්‍රමාද විය හැක.  රැකියාවේ මෙතෙක් තිබු කරදර බාධා ඉවත් වනු ඇත.
ගෘහ ජිවිතය තුල වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් වීමට ඉඩ ඇත. විවාහය පිළිබද තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ .පෙම් සබදතා පළුදු වීමේ අවදානමක් ඇත.
 දරුවන්ගේ අධ්‍යපන කාර්යයන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.


-

● ධනු
ආදායමට වඩා වියදම වැඩිවන කාලයක් වනු ඇත. ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. වෙනදාට වඩා කල්පනාකාරි විය යුතුය. මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වයි.
රැකියාව තුල කාලයක් තිස්සේ පවතී ගැටළුදායක තත්ව විසදා ගැනීමට හැකිවේ. රැකියා  කරන අයට දියුණුව ලබා ගැනීමට හැකි වනු ඇත.  නව රැකියා උදා වනු ඇත.
ගෘහ ජිවිතය තුල  මංගල යෝග උදා වේ. විවාහය පිළිබද තීරණ ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

-


● මකර
ව්‍යාපාර වල තරමක කරදර ගෙන දෙන කාලයකි. ආදායම් මට්ටම එතරම් යහපත්ව පවත්වා ගෙන යාමට අපහසු තත්ව නිර්මාණය විය හැක. නිෂ්ඵල දේට තම කාලය හා මුදල් යෙදවීමට සිදු විය හැක.
 යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියාවේ තිබුනු බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය සතුටින් ගත කිරීමට හැකියාව ලැබෙයි.

-

● කුම්භ
ආර්ථික තත්වය වෙනදාට වඩා  ඉහල නංවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසීමට සිදු වනු ඇත.
රැකියාවේදී රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් සිත් අමනාපකම් ඇති වීමට ඉඩ ඇත. නව රැකියා අවස්ථා උදාවේ.
 ගෘහ ජීවිතය යහපත් වේ.
ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා පොත්පත් කෙරෙහි යොමු වීම අඩු විය හැක.
සෞඛ්‍ය තත්වයේ පපුවේ අසනීප ඇති වීමට ඉඩ ඇති නිසා අවදානමත් වන්න.

-


● මීන

නව ව්‍යපාරික අවස්ථා උදා වනු ඇත. අපේක්ෂිත ණය ලැබෙනු ඇත. මෙතෙක් ණය පිලිබදව තිබුනු ගැටලු නිරාකරනය විය හැක. සිතට සහනයක් ගෙන දෙන කරුණු යෙදෙනු ඇත.
රැකියාවේ බාධා ගැටළු මතුවීම නිසා කලබලකාරී ගති වැඩිවි නිදහස අඩුවි යන තත්වයක් නිර්මාණය වෙයි.
ගෘහ ජීවිතය යහපත් සතියකි, අවිවාහක අයට මංගල යෝග උදාවේ.
තම දරුවන් සම්බන්ධ ගැටලු ප්‍රශ්න මතු කරන කාලයකි.

-

#ඉරු

irusewaya@gmail.com
077 2238041

Sunday, February 19, 2017

ශ්‍රී දළදා දැහැන/රත්න මාලා බන්ධන ගාථා

මහානුභාවසම්පන්න රත්නමාලා බන්ධන ගාථා සජ්ජායනය සහ ශ්‍රවණය කිරීම තුලින් මහත්වූද විවිධාකාර වූද අර්ථ සිද්ධි ඉටුකරගත හැකි බව පැවසේ.

මෙම රත්නමාලා බන්ධන ගාථා “ ශ්‍රී දළදා දැහැන“ ලෙසද හැඳින්වේ.
සිරි දළදා මන්දිරයේ රන් තඹ පතක නෙළුම් මලක් සිතුවම් කර ඒ මත ප්‍රස්ථාරයක්ව සටහන් කර ඇති මෙම අති බලවත් ගාථා රත්නයන් අප දළදා වහන්සේගේ රැකවරණයට එසේ තබා ඇති බව පැවසේ.
එසේම සේරුවිල චෛත්‍ය රාජයාණන්වහන්සේගේද රන් තඹපත් 3ක ලේඛන ගත කර ඇති බව පැවසේ.
මෙම මහානුභාවසම්පන්න ගාථාව සර්ව ජන වශීයකි. උදේ සවස සජ්ජායනය කිරීමෙන් සියලුම අභිවෘද්ධිය සමෘද්ධිය ඇති වෙන බව කියවේ.

සිංහල තේරුම දළ වශයෙන් මෙසේය.

1. අනන්ත සංසාරය නම් වූ සැඩ පහර විනීතව මැඬ පවත්වා,
සැප සහිත මනාකොට පමුණුවන ලද අති උත්තම වූ, උතුම් ප්‍රඥාව ඇති, ධෛර්ය සම්පන්න ශරීරයක් ඇති උතුම් දම් දෙසන ලොවට නෙළුම් මලක් බඳු අපගේ බුදුපියාණන්වහන්සේට නමස්කාර කරමි.

2. ප්‍රශංසා කල හැකි මගක් ඇති, මෝහය නසන, මාර යුද්ධයේ, විශේෂිත වූ, යුධ ඇඳුමක් වැනි, මනා කොට ආශ්‍රය කරන ලද, ඉෂ්ඨ වස්තු ප්‍රාර්ථනයක් වූ, උතුම් සතුටක් වූ, කෙලෙස් නසන ශ්‍රී සද්ධර්මය සැමදා සැමකල්හිම පණමෙන් වඳිමි.

3. යහපත් සේවකයෙකු මෙන් ගමනක් තිබෙන, නැසිය යුතු අකුසල් නැසූ, කෙලෙස් වලින් දුරුවුනු, සංසාරය දිගටම රඳන බැඳීමෙන් නිදහස් වූ, මනාලෙසම සසරින් එතෙර යන, ශ්‍රේෂ්ඨව වාසය කරන, නිවන් රසයට කැමති ආර්ය සංඝරත්නය දිනපතා පණමෙන් නමස්කාරය කරමි.


-
Iru Sewaya #Pirith

-

irusewaya@gmail.com.
077 22 38041

Saturday, February 18, 2017

ශිර්දි සායි බාබා

ජනතාවගේ අදටද නොමඳ ගෞරවයට ලක්වෙන, හාස්කම් අදටද පවතින කෙනෙක් ලෙස “ශිර්දි සායි බාබා“ තුමා දැක්විය හැක.

සායි තුමා පැවසූ පරිදි ශිව දෙවිඳුන්ගේ ආත්මය ශිර්දි සායි ලෙසත් ඉන්පසු ශිව හා පාර්වතීගේ ආත්මයන් හි එකතුවක් ලෙසින් සත්‍ය සායි ලෙසත්, තව වසර කිහිපයකින් පාර්වතී (ශක්ති* මෑණියන්ගේ ආත්මය පේ‍්‍රම සායි ලෙසත් මිහි මතට පැමිණෙයි).

කලින් කලට පැමිණ ජනතාවට ආශිර්වාදයක් ලබාදෙන වටිනා කියන චරිත වෙති. දෙවිවරු හා සමානව වැඳුම් පිදුම් ලබති.

කෙසේ වුවද ලංකාවේ පසුගිය කාල වල මෙම සායි වන්දනාව උමතුවක ආකාරයෙන් සායි බාබා, “බුදුන්වහන්සේටද වඩා ඉහලින් අගය කරමින්“ කටයුතු කල අය වෙති. එය සම්පූර්ණයෙන්ම වැරදි මෙන්ම බරපතල අකුසල ඇති කර ගැනීමකි.
සායි බාබාද දෙවියෙකු සමාන වන අතර, ජනතාවට සෙතක් කල ගෞරවනීය කෙනෙකි. නමුත් බුදුවරයෙක් නොවේ. ඒ ගැන අවබෝධයෙන් නිසි ගෞරවය ලබාදිය යුතුය.

නිසි පින්කම් කර ආශිර්වාද ලබන්න !

#ඉරු

irusewaya@gmail.com
077 2238041

යහපත් දිවියකට බුදු වදන්


Tuesday, February 14, 2017

සතියට ලග්න පලාපලය - (පෙබ.14-20)

පොදු පලාපලයක් පමණි. කේන්දර සටහන අනුව වෙනස් විය හැක.


-
● මේෂ
මෙතෙක් තිබුනු ආර්ථික තත්වය තරමක් දුරට පසුබෑමකට ලක් විය හැක. මුදල් නාස්ති වීම් වීමටද ඉඩ ඇත. එසේම ගනුදෙනු වලදී ප්‍රවෙසමෙන් කටයුතු කල යුතුය. ණය ආධාර ලබා ගැනිමට හැකි වේ.
 රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වනු ඇත. ඒ පැත්ත හොදයි.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. මිතුරු ඇසුර වෙනදාට වඩා වර්ධනය වේ. මෙතෙක් පැවති ගැටළු විසදා ගැනීම්ට හැකිවේ.

-

● වෘෂභ
මෙතෙක් තිබුනු කරදර බාධා ඉවත් වනු ඇත. ගනු ලබන තීරණ නිසා ආර්ථිකමය වශයෙන් තමන්ට අවාසි සහගත තත්වයන් උදාවිය  බැවින් ඉතා කල්පනාකාරිව කටයුතු කල යුතුය.
 රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදාවේ. රැකියා වල නියුතු අයට තමන්ට යෙදුනු ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදේ.
ගෘහ ජිවිතය තුල පවුල වෙනුවෙන් ඉතා  කැපවිමටත් වෙහෙසීමටත් සිදුවේ. මෙතෙක් පවුලේ තිබු  සමගියට තරමක් බාධා මතු වේ.

-

● මිථුන
කරන කටයුතු වලට තරමක් බාධා මතු වීම් ගෙන දිය හැක. ආර්ථික ගැටලු විසදා ගැනීමට හැකියාව තිබේ. තමන් තුල තිබු ගැටලු ප්‍රශ්න විසදා ගැනිමට ඉඩ ප්‍රස්ථා ලැබෙන සතියක් වේ.
රැකියාවෙ මෙතෙක් තිබු කරදර බාධාවන් ඉවත් වීමට ඉඩ වැඩිය. නව රැකියා අවස්ථා හිමි වනු ඇත.
 වැඩිහිටි අයගේ අවවාද - අනුශාසනා, උපදෙස් ලැබේ.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසීමට - කැපවීමට සිදුවේ .

-

● කටක
තමන්ගේ කටයුතු වලදී අවදානම් සහගත තීරණ ගැනීමට සිදු විය හැක. ආදායම් මාර්ග වල මෙතෙක් තිබුනු සහනදායි තත්වයන් අවම වී ආදායම් තත්වය පහල යාමේ අවදානමක් පවති. කල්පනාකාරි විය යුතුය. උසස් ව්‍යාපාරික සබදතා ගොඩ නගා ගත හැකි කාලයක් වේ.
 රැකියාවේ මෙතෙක් තිබු නිදහස අඩුවන  තත්වයන් උදා විය හැකි අතර එය සිතට තරමක් පීඩා ගෙන දීමටද ඉඩ ඇත. බුද්ධිමත්ව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල ගෙදර පරිසරය අලංකාරවත් ලෙස පවත්වාගෙන යාමට උනන්දුව සහ කැපවීම ඇති වන සතියකි.

-


● සිංහ
ආර්ථික මට්ටම යහපත්ව පවත්වාගෙන යාමට හැකි වේ. එහෙත් තමන්ගේ  සුළු සුළු  අඩුපාඩු නිසා ආදායම් මාර්ග වල  දුර්වලතා ඇති විය හැක. තරමක් කලබලකාරි ගති ඉස්මතු වන සතියක් වේ.
 රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා උනන්දුවක් ඇති වේ. දුර පළාත් වල රැකියා අවස්ථාවන් වල යෙදීමට ඉඩ කඩ සැලසේ.
විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ. දුවා - දරුවන්ගේ කටයුතු  වෙනුවෙන් කැපවීමටත්, වෙහෙසීමටත් සිදුවනු ඇත.

-


● කන්‍යා
ආර්ථික මට්ටම සාර්ථක ලෙස පවත්වාගෙන යාමට හැකිවේ. උත්සාහයෙන් මහන්සියෙන් ආර්ථිකය ගොඩ නගා ගැනීමට ගන්නා තීන්දු තීරණ සාර්ථක වනු ඇත.
 උසස් විම් තරග විභාග ආදියෙන් ජය ලබාගත හැක.
රැකියාව කිරීමේදී තමන්ට පෙරදී යෙදුනු බාධක තත්ව වලට විසදුම් ලැබී යහපත් කාලයක් උදාවේ.
 විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කැපවීමට සිදුවේ. දරුවන්ව අධ්‍යාපන කටයුතු වලට වෙනදාට වඩා යොමු කිරීමටද සිදුවනු ඇත.


-

● තුලා
පහසුවෙන් තම ඉලක්ක සපුරා හැනිමට හැකියාව ලැබෙන සුබ සතියකි. ආර්ථික මට්ටම ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වනු ඇත. නව්‍යතාවයකින් යුතුව තම වැඩ කටයුතු කරගෙන යාමට හැකි වන කාලයකි.
කාර්මික ක්සෙත්‍රෙය් රැකියා වලට සුබ සතියකි. නව රැකියා සොයන අයට හොද රැකියා අවස්ථා උදා වනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. අවිවාහක අයට මංගල යෝ උදාවේ.
අධ්‍යාපන කටයුතු වල නිරත දරුවන් දක්ශතා පෙන්නුම් කරන කාලයකි.

-

● වෘශ්චික
ආර්ථික වශයෙන් මෙන්ම සාමාජිය වශයෙන් යහපත් වූද, වැදගත් වූද පියවර රැසක් ගැනීමට හැකියාව ලැබෙන සතියකි. ජය මෙන්ම පැසසුම් ලැබෙයි.
 රැකි රක්ෂා පිළිබද උනන්දුව අඩු වීම නිසා රාජකාරි කටයුතු අතපසු වීම් වැනි තත්ව උදා විය හැක.
 ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා පොත්පත් කෙරෙහි යොමු වීම අඩු වේ.
ගෘහ ජිවිතය තුල විවාහය පිළිබද වැදගත් තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ .

-

● ධනු
ආදායමට වඩා වියදම වැඩි වන සතියකි. තමන්ට මෙතෙක් ලැබුනු ආදායම් මාර්ග වලින් ආදායම් ලැබුනත්, ඒවා වෙනස් වීමේ ඉඩකඩ වැඩිය.
  රැකියා වෙනස් විමක් පෙන්නුම් කරන කාලයක් වේ. රැකියාවේ දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වෙයි.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගිය ඇති වේ. පවුලේ කටයුතු සහ දියුණුව වෙනුවෙන් වැදගත් තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ.

-

● මකර
නව ව්‍යාපාර ආරම්භ කිරිමට සුබ කාලයකි.  නව ආදායම් මාර්ග උදා වනු ඇත. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍ර යේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. වාහන ලාභ තිබෙයි.
නව රැකියා අවස්ථා උදා වෙයි. රැකියාවෙ බාධා තත්වයන්  ඉවත් වනු ඇත. කල්පනාකාරි විය යුතුය. බුද්ධියෙන් කටයුතු කල යුතුය.
 ඉගෙනිමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ වීමෙදි අතපසු වීම් සිදුවීම නිසා අනවශ්‍ය ගැටළු නිර්මාණය වීමටද ඉඩ ඇත.

-


● කුම්භ
මුල්‍යය ප්‍රශ්න විසදා ගත හැකි වනු ඇත. ආදායම් මාර්ග වලට පැවති අවහිරතා මග ඇරි යයි. ආර්ථිකය ගොඩ නගා ගැනීමට ගන්නා තීරණ සාර්ථක වනු ඇත.
උසස් වීම් තරඟ විභාග ආදියෙන් ජය ලබා ගත හැකි වනු ඇත.
රැකියාවේ පෙර තිබුනු ගැටලු නිරාකරණය වේ.
ගෘහ ජිවිතයේ පවුල් ජිවිතය තුල පීඩාකාරි තත්වයන් මග ඇරි යයි. තම පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබේ.

-

● මීන
මුදල් පිලිබද කටයුතු වලදී ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත. මුල්‍ය ප්‍රශ් විසදා ගැනීමට හැකි පියවර ගැනිමට සිදු වනු ඇත.
නව රැකියා අවස්ථා ලැබේ. කරන  රැකියාව කාර්යබහුල වේ.
ගෘහ ජිවිතය තුල ආදර සබදතා වර්ධනය වේ, ඒවාට තරමක බාධාද ඇත. අවිවාහක අයට මංගල යෝග උදා වේ. දුර බැහැර විනෝද ගමන් බිමන් යෙදෙනු ඇත.
ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතුය.

-

#ඉරු

irusewaya@gmail.com
077 2238041

Monday, February 13, 2017


“ ශ්‍රී විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මී දේව මෑණියන් “
ඔවුන් කර තබාගෙන යන්නේ කුරුල්ලන්ට අධිපති වූ ගුරුලාය.

#ඉරු ඉරු සේවය - Iru Astrology Service Iru Astrology


irusewaya@gmail.com.
077 22 38041


Everything happens according to our choices...
Be intelligent !


Iru Sewaya
irusewaya@gmail.com
077 22 38041


Wednesday, February 8, 2017

“ සුඛෝපභෝගී දිවියකට වාසනාව ගෙනෙන විෂ්ණු යෝගය “



ග්‍රහ ලොවේ හැඩකාර - සුකුමාල - මනමාල යුවතිය වන සිකුරු/ ශුක්‍ර ග්‍රහයා වෘෂභ රාශි ගතවීමෙන් මෙම යෝගය ඇතිවේ.


මෙම යෝගය ඇති අයට ඉහලම සැප සම්පත් විඳිය හැක. අලංකාරවත් නිවාස ඇඳුම් පැළඳුම් ආදිය හිමිවිය හැක. යාන - වාහන මෙන්ම ඉඩම් දේපලද ලැබේ.
ලෞකික වශයෙන් දියුණුවීමට අතිශයින් හැකියාව ඇති ජනතාව අතර ජනප්‍රිය තාවයටද හේතු වන්නකි. සුවිශේෂි ලෙස සැපවත් වීමටත්, සැප විඳීමටත් ඒ තුල ඉදිරියට යෑමටත් හැකියාව ලැබෙන යෝගයකි.

* මෙම යෝගය ඇති අය අතර බොහෝ ධනවත් - බලවත් - ජනප්‍රිය අය සිටිති. ඒ අතර සුපිරි ක්‍රිකට් ක්‍රීඩයෙක් වූ සනත් ජයසූරිය මහතාගේ කේන්දර සටහනේද මාලවී යෝගය සමගම විෂ්ණු යෝගය පවති.

- බලන්න ඔබගේ කේන්දරයෙත් මේ යෝගය තිබෙනවද කියල...

● ඔබ මේෂ ලග්නයේ නම්,
 ඔබගේ 2වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ වෘෂභ ලග්නයේ නම්,
ඔබගේ 1 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ මිථුන ලග්නයේ නම්,
 ඔබගේ 12 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

●  ඔබ කටක ලග්නයේ නම්,
 ඔබගේ 11 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ සිංහ ලග්නයේ නම්,
 ඔබගේ 10 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ කන්‍යා ලග්නයේ නම්,
 ඔබගේ 9 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ තුලා ලග්නයේ නම්,
 ඔබගේ 8 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ වෘශ්චික ලග්නයේ නම්,
 ඔබගේ 7 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ ධනු ලග්නයේ නම්,
 ඔබගේ 6 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ මකර ලග්නයේ නම්,
 ඔබගේ 5 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ කුම්භ ලග්නයේ නම්,
 ඔබගේ 4 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.

● ඔබ මීන ලග්නයේ නම්,
 ඔබගේ 3 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.


#ඉරු සේවය

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.

077 2238041
irusewaya@gmail.com

ශාන්ති කර්ම පින්කම් යනාදියෙදි ගත් ඡායාරූප - 02




 



































Monday, February 6, 2017

සතියේ ලග්න පලාපලය - පෙබ 07 - 13

පොදු පලාපලයක් පමණි.
-
● මේෂ
ආර්ථික ගැටලු විසදා ගැනීමට හැකිවේ. මෙතෙක්  තිබුනු ගැටළු ප්‍රශ්න විසදා ගැනිමට ඉඩ කඩ ලැබෙන සතියක් වේ. නව උත්පාදන ආදායම් මාර්ග වලින් වෙනදාට වඩා ඵල ලබාගත හැකි සතියකි.
 රැකියාවේ බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. අවිවාහක මංගල යෝග උදාවේ.

-

● වෘෂභ
ඇතිව තිබුනු ගැටලු - ප්‍රශ්න වලන් මිදී යහපත්ව කාලය ගත තිරිමට ඔබට ඉඩ ලැබේ. තමන්ට ලැබුන ආදායම ස්ථවරව පවත්වාගෙන යාමට අවස්ථා ලැබේ.
 නව රැකියා අවස්ථා ප්‍රමාද  විය හැක.  රැකියාවෙ මෙතෙක් තිබුනු කරදර බාධා ඉවත් වීම යහපත් වනු ඇත.
ගෘහ ජිවිතය තුල වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් විය හැක. විවාහය පිළිබද තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ. ප්‍රේම සබදතා වලට බාධා වීම් නිසා ඒවා පළුදු වීමටද ඉඩ ඇත.

-

● මිථුන
ආදායමට වඩා වියදම වැඩි විය හැකි සතියක් වුවද තමන්ට මෙතෙක් ලැබුනු ආදායම් මාර්ග වලින් තරමක් ආදායම වැඩි විය හැකි නිසා ඒ සම්බන්ධව යහපත් ප්‍රතිඵල ඇත.
 රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා උනන්දුවක් ඇති වේ. දුර පළාත් වල රැකියා හෝ රැකියා අවස්ථාවන් වල යෙදීමට ඉඩකඩ සැලසේ.
ගෘහ ජිවිතය තුල අවිවාහක අයට මංගල යෝග උදාවේ. ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ. තමන්ට යෙදුන ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදේ. ගෙදර පරිසරය අලංකාර ලෙස තබා ගැනිමට වෙනදාට  වඩා උනන්දු වේ.

-
● කටක
නව ව්‍යාපාර සහ ආදායම් මාර්ග වල වෙනදාට වඩා ප්‍රගතියක් පෙන්නුම් කරන සතියකි. ව්‍යපාර ක්ෂෙත්‍රයේ නව පියවරක් ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු වලට බාධා සහ ඒවා අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන්න.කටයුතු වලදී ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතුවිය හැක.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය  වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.

-


● සිංහ
 ආදායම් මාර්ග වලින් සුබ ඵල ගෙන දෙන කාලයකි. නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබේ. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනීමට සුබ කාලයකි. මෙතෙක් තිබූ ගැටළු නිරාකරණය වෙයි.
රැකියාවේ වෙනස් වීමක් පෙන්නුම් කරන කාලයක් වේ. රැකියාවේ දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක විය හැක.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. පවුල වෙනුවෙන් ඇප කැපවිමට සිදුවේ.

-


● කන්‍යා
ආදායම් මාර්ග වල වෙනදා තිබුනු ආදායම් තත්වයන් පහල යාමට ඉඩ ඇති බැවින් කල්පනාකාරිව කටයුතු කල  යුතුය. උසස් ව්‍යාපාරික සබදතා ගොඩ නගා ගත හැකි කාලයක් වේ.
 රැකියාවේ මෙතෙක් තිබුනු නිදහස අඩුවන  තත්වයන් උදා වෙයි. නව රැකියා අවස්ථා ලැබේ.
 මිතුරු සබදතා වර්ධනය කර ගැනීමට අවස්ථා යෙදෙනු ඇත.
ගෘහ ජිවිතයේ සමගියට තරමක් බාධා මතුවේ.

-

● තුලා
ව්‍යපාරික අවස්ථා වර්ධනය කර ගැනීමට තමන්ට ණය ලබාගැනිමටත්, ණය ඉල්ලුම් කිරිමටත් සුබ කාලයකි. කළමනාකරණයේ තිබෙන දුර්වලතා මග හැර ගත යුතුය. එයින් වඩා සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
නව රැකියා අවස්ථා  උදාවේ.  රැකියාවට තිබුනු බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. අවිවාහක අයට මංගල යෝග උදාවේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවන කාලයකි.

-

● වෘශ්චික
නව ව්‍යපාරික අවස්ථා උදා වෙයි. ණය ලැබෙයි. මෙතෙක් ණය පිලිබදව තිබුනු ගැටලු නිරාකරනය වේ. සිතට සහනයක් ගෙන දෙන කරුනු යෙදේ.
 රැකියාවේ බාධා - ගැටළු මතුවිම නිසා කලබලකාරි ගති වැඩිවි නිදහස අඩුවි යන තත්වයක් නිර්මානය විය හැක.
ගෘහ ජිවිතය තුල තම දරුවන් සම්බන්ධ ගැටලු ප්‍රශ්න මතු කරන කාලයකි. ඉවසීමෙන් ගත කල යුතුය. අවිවාහක අයට මංගල යෝග උදා වේ.

-

● ධනු
ඍජු තීරණ ගැනීමෙන් තරමක් අවාසි සහගත ප්‍රතිඵල ලැබෙන කාලයකි. කාර්යබහුල භාවය වැඩි වේ. වෙනදාට වඩා මුදල් වැයවීමට කරුණු යෙදෙන කාලයකි.
 රැකියාවේ කලබල ගති වැඩි වේ. කරන කටයුතු පිළිබද උනන්දුව අඩු වීම සහ නොසැලකිල්ල නිසා රාජකාරි අතපසු වීම් වැනි තත්ව උදා වේ. කටයුතු වලදී ඉක්මන් තීරණ ගැනීමෙන් වැලකිය යුතුවේ.
ගෘහ ජිවිතය තුල ගේ දොර සම්බන්ධව ගැටළු ඇති වේ. කල්පනාකාරි විය යුතු කාලයකි.

-

● මකර
ආර්ථිකයේ වර්ධනයක් පෙන්නුම් කරයි.  මෙතෙක් තිබුනු  ගැටළු බොහොමයකට විසඳුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. ආදායම් තත්වයන් යහපත් විය හැක.
රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් වෙනත් අයගේ රාජකාරී වගකීම් තමන්ට ඉටු කිරීමට සිදු වන අවස්ථා උදවිය හැකිය.
 ගෘහ ජිවිතය තුල ප්‍රීති උත්සව අවස්ථා වලට සම්බන්ධ වීමට අවස්ථා උදාවේ. පවුලේ සමගිය වර්ධනය වේ.

-

● කුම්භ
ආදායම් තත්වය පහල බැසිමට කරුනු යෙදීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි විය යුතුමය. තිබෙන ප්‍රශ්න සහ දුෂ්කරතා වලට බුද්ධිමත්ව විසදුම් සොයා ගත යුතු වේ.
 යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියාවේ බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. අවිවාහක අයට මංගල යෝග උදාවේ. දරුවන්ගෙ අධ්‍යපනය සම්බන්ධ ගැටලු මතු වීමට ඉඩ ඇත.

-

● මීන
දැනට තිබෙන ප්‍රශ්න විසදා ගැනීමට අවස්ථානුකුලව පියවර ගත යුතු වේ. ඉක්මන් තීරණ ගැනීමෙන් වැලකිය යුතුය. ව්‍යාපාර වලදි තරමක පාඩු පෙන්වන නිසා අවධානමත් වන්න.
 රැකියාවේ දියුණුව ලැබීමට දරන උත්සාහයන්ගෙන් යම් ප්‍රතිඵලයක්  ලැබීමට හැකි සතියකි.
  මිතුරු සබදතා වර්ධනය කර ගැනීමට අවස්ථා යෙදෙනු ඇත.
ගෘහ ජිවිතයේ සමගියට තරමක් බාධා මතුවේ. අවිවාහක අයට මංගල යොග උදාවේ.


-

#ඉරු

irusewaya@gmail.com
077 2238041

Sunday, February 5, 2017

සුමන සමන් දෙව් මහ රජ

සමන් දෙවියන් බුදුන්වහන්සේගේ උපදෙස් අනුව ශ්‍රී පාදස්ථානය රකින මූලික දෙවියන්ය.
පොත්පත් වල සඳහන්ව ඇත්තේ උන්වහන්සේ සෝවාන් තත්වයට පත්ව ඇති බව වන අතර, දැන් සකෘදාගාමි තත්වයට පත්ව ඇත.

● ඔබ සුමනසමන් දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ නම්, අනිවාර්ය ඔබටද ආශිර්වාදය ලැබෙනු ඇත. එවිට උන්වහන්සේගේ ඇත් පැටවා වහන්සේටද පින් අනුමෝදන් කරන්න.
(උන්වහන්සේ නමින් ඇති දේවාල වලට පුද පඬුරු ලබාදීම වරදක් නොවේ. එවන් තැන් වල පැවැත්මට, ඒවා පවත්වාගෙන යන අයගේ පැවැත්මට මුදල් අවශ්‍යය. නමුත් දෙවිවරුන් ඒ පඬුරු වල තරම අනුව ඔබට ආශිර්වාද නොකරයි. ඔබගේ ඇති නියම ශ්‍රද්ධාවට, සීලයට සහ කුසල් බලයට දෙවිවරු ආශිර්වාද කරති. එයද සිතේ තබාගන්න.)

- පොදුවේ සුමන සමන් දෙවියන්ට වන්දනා කල යුතු දිශාව “උතුරු“ දිශාවයි.
- දිනය සඳුදාය.
- සුදු පැහැති මල් වඩාත් සුදුසුය.

** මූලිකව වැදගත් වන්නේ “සුමනසමන් දෙවියන්ගේ නාමයෙන් ශ්‍රී පාද පද්මයට පූජා වේවා “ කියා එම පූජාවන් කිරීමයි.

- සුමනසමන් දෙවියන්ට ගාථාවක්

බුද්ධ ධම්ම සංඝරත්න පූජාවේ පින් බලයෙන්
සිතෙහි උපන් සතුට නැමති සාගර පරතෙරට පැමිණි
සමන් සුරිඳු ආතුරහට නිති රැකවරණය උදෙසා
නමදිමි පා පියුම් සදා - ආයුෂ සම්පත් දේවා.

- සුමන සමන් දෙවියන්ගේ බලය රත්නපුරයට සීමා වන බවක් අප සිත් වලට ලබාදි ඇති වුවද, මේ මුළු රටටම පමණක් නොව ලොවටම උන්වහන්සේගේ බලය පවතී.
බොහෝ කතා ඒ සම්බන්ධව පවතින අතර, සැබෑවට අප අත්දැකීමෙන් දන්නා කතාද තිබේ.

● සුමන සමන් දෙවියන්ටද වෙනත් දෙවිවරුන්ට සේම පරිවාර සේනාවක් සිටී. දෙවිවරුන්ගේ සිට පහත් අමනුෂ්‍ය ආත්ම භාවයන් දක්වා එම සේනාවේ සිටිති.
මැණික් වලට මූලිකව සම්බන්ධ වන කඩවර මණ්ඩලයේ “මැණික් කඩවර“ දෙවියන්ද සුමනසමන් දෙවියන්ගේ සේනාවේ සිටින දෙවි කෙනෙකි.

● ඔබ ශ්‍රී පාදය වන්දනාවට යන්නේ නම්, වඩාත් හොඳයි දිනක්වත් නිර්මාංශීවී, සැදැහැ සිතින් යන්නේ නම්, එවිට අනවශ්‍ය කරදර ඇතිවන්නට ඉඩ ඉතා අල්පය.
එසේම ඉහලට නගින විට සහ බසින විට කිසිදු අවස්ථාවක “අමාරුයි“ යන්න සිතින්වත් නොසිතා කල හැකි බව මෙනෙහි කරගෙන යන්න. එවිට යම් අපහසුතාවයක් තිබේ නම් එය මගහැරී යන්නට හැකි වනවා ඇත.
- ශ්‍රී පාද අඩවියේ කට වරද්දාගෙන කරදර ඇති කරගත් කතා මෙන්ම අප දන්නා දේද ඇත.
(මූලිකව කිව යුත්තේ, වැරදි කතා කියන, කරන සෑම කෙනෙකුටම එසේ නොවන්නට ඇති වුවද එසේ නොවී නම් කුසල බලයක් තිබෙන නිසාම විය යුතුය, අනවශ්‍ය ලෙස පූජා භූමියක හැසිරීම, කතා කිරිම සංසාරයේ කවදාටත් පව් පිරෙන වැඩකි)

● එක්වරම නොවුනත්, සමහර රාජ්‍ය පාලකයන් ශ්‍රී පාද වන්දනාව පවා තමන්ට පහසු ආකාරයට වෙනස් කරන්නට ගියා අපට මතකය. ඒවා කරන්නට නොහැකි වූ අතර, වසර කීපයකින් බලයෙන් පහ වන්නටද ඒ අයගේ අකුසල ශක්තිය මෙන්ම පුණ්‍ය භූමිය පුරාතනයේ සිට ඇති කටයුතු වෙනස් කිරීමට කටයුතු කිරීම සිතිය හැක.

නිසි ලෙස පින්කම් කර සුමනසමන් දෙවියන් ඇතුළු සියලු දෙවියන්ටම පින් අනුමෝදන් කරන්න, ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය.

#ඉරු

Iru Astrology #Iru #SumanaSaman #Deviyo

irusewaya@gmail.com.
077 22 38041

Saturday, February 4, 2017

ජයෝමුනින්දස්ස සුබෝධිමූලේ..
අහෝසි මාරස්ස පරාජයෝහි..
උග්ගෝසයුං දේව ගණා පසන්නා..
ඒතේන සච්චේන ජයස්සු තුයිහං ..
-
රටත් - රට වැසි සියලු ජනතාවටත් සියලු සතුට - සියලු ජයග්‍රහණ - දියුණුව ලැබෙන්නට හේතු වාසනා පහල වේවා !
සම්බුදු සරණයි !

Thursday, February 2, 2017

සුපින්වත් ගම්භාර සිද්ධ සූනියම් දෙවියන්

ගම්භාර දෙවියන් ගැන ජනප්‍රවාද සහ කතා බොහෝය. එසේම මෙම දෙවියන් සහ ඊට අනුබද්ධ දේව මණ්ඩලය ඇතුළු මුළු පිරිසමද විශාල ගණනකි.

මහානුභාවසම්පන්නව උපත ලබා සේනාව රැස් කර යක්ෂ කටයුතු කර, පසුකාලීනව ලංකාවට පැමිණ පත්තිනි දේව මෑණියන්ගේ ආනුභාවයෙන් දේව වරමක් ගෙන මහානුභාවසම්පන්න දේවතාවෙකු ලෙස කටයුතු කරන ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් වහන්සේ.
කෙසේ වුවද මෙම දෙවියන් ගැන ලියැවුනු ස්ත්‍රොත්‍ර වල මෙම දෙවියන්ට ශක්‍ර දේවේන්ද්‍රයාද වරම් දුන් බව කිය වේ.
- ගම්භාර දෙවියන්ට දල්වන පහන් නොකඩවා දැල්විය යුතු බවට මතයක් තිබේ, දිනයක් හෝ මඟ ඇරුනොත් එයින් කරදර වෙන බව දිනපතා කරන අය පවසති.
එසේ සිදුවන්නේ දෙවියන්ගෙන් නොව දේව සේනාවේ සිටින යක්ෂ - භූත යනාදි කොටස් වලිනි.
- මෙම දෙවියන් හරහා ලැබෙන සෙත ශාන්තියද ඉමහත්ය. අප එය අත්දැකීමෙන් දනිමු.

- ඔබද ගම්භාර දෙවියන්ට භක්තිමත් නම් නිසි ලෙස පින්කම් කිරීමත්, සීලය රැක ගැනීමත් කරන්න. කරන පින් අනුමෝදන් කරන්න (සිතින් කිරිම ප්‍රමාණවත්ය).
ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය.


-
2017 ලග්න වලට
http://www.wedivistara.com/sinhala/details.php?arti_id=587
-

සෙනසුරු මාරුව
https://www.facebook.com/irusewaya/photos/a.834475383236209.1073741828.833656709984743/1611099265573813/?type=3
-

සිකුරු මාරුව
http://www.wedivistara.com/sinhala/details.php?arti_id=700


Iru Astrology

irusewaya@gmail.com
077 22 38041