Monday, February 27, 2017

සතියේ ලග්න පලාපලය - පෙබ.28-මාර්තු05


පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.


-
● මේෂ
ඔබගේ ආර්ථික තත්වය යහපත් වන තත්වයක් උදා වේ. ආර්ථික තත්වයට සමානව වියදමද තරමක් වැඩි විය හැක. කල්පනාකාරී විය යුතුය.
රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. තවද රැකියාවේ යම් කිසි දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයන් සාර්ථක විය හැක. විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
පවුලේ සමගිය වර්ධනය වනු ඇත.  දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.

-

● වෘෂභ
ආර්ථික මට්ටම පවත්වාගෙන යාමට හැකි වේ. උත්සාහයෙන් යුතුව වැඩ කටයුතු කල යුතු වේ. තමන් ගන්නා තීරණ වලින් එතරම් ශුභ ප්‍රතිඵල නොලැබීම විය හැකිය. කල්පනාකාරි විය යුතුය.
 රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා කරදර බාධක පැමිණීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. ප්‍රේම සබදතා වලට ඉඩ සැලසෙනු ඇත. එහෙත් පවුලේ සමගියට බාධා පැමිණේ. මිතුරු ඇසුර නිසා ප්‍රශ්න ඇති වේ.

-

● මිථුන
ව්‍යාපාර වල තරමක කරදර ගෙන දෙන සතියක් විය හැක. වැයපස ඉහල යාමට ඉඩ ඇත. සතුරු කරදරද ඇති වීමට ඉඩ ඇත.  ණය ගැනිමට හෝ ඒ සම්බන්ධ කටයුතු වලින් යම් සාර්තකත්වයක් ලබා ගත හැකිවනු ඇත. රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතයට  යහපත් සතියකි. අවිවාහක අයට මංගල යෝග උදාවේ.

-

● කටක
ආදායම් මාර්ග අවහිර වී  යන තත්වයක් පෙන්නුම් කරයි. මුදල් වැය වීමට කරුණු යෙදෙන කාලයකි.
 රැකියාවේ බාධා පැමිණෙයි. නොසිතා ගනු ලබන තීරණ වලින් අසුබ පල ගෙන දෙන සතියකි.
නව රැකියා ප්‍රමාද වේ කාර්යබහුල වේ.
ගෘහ ජිවිතය පවුල් ජීවිතයේ සමගියට බාධා  ඇති වේ. මිතුරන් අතර හොද හිත පළුදු වේ.
ඉගෙනීමට බාධා පැමිණේ.

-

● සිංහ
ඉඩම් ගෙවල් දොරවල් මිලදි ගැනිමට හැකියාව ලැබෙයි. ඒ ආශ්‍රිත කටයුතු කිරිමට ඉඩ කඩ ලැබෙන  සුබ සතියක් වෙයි.  එහෙත් මෙතෙක් පැවති ආදායම් තත්වය තරමක් පහල යාමට ඉඩ ඇත .
දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ.
අවිවාහක අයට මංගල යෝග උදා වනු ඇත.  ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ. පවුල් ජිවිතයේ කටයුතු වලදී බුද්ධියෙන් කටයුතු කල යුතුය, නැතහොත් ගැටලු ඇතිවේ.

-


● කන්‍යා
ආදායම් තත්වය පහල බැසිමට කරුනු යෙදෙනු ඇත. මේ නිසා කල්පනා කාරි විය යුතුය. තිබෙන ප්‍රශ්න වලට බුද්ධිමත්ව විසදුම් සොයා ගත යුතු වේ.
යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියාවේ බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතයට යහපත් සතියකි. මංගල යෝග උදාවේ.
දරුවන්ගෙ අධ්‍යාපනය සම්බන්ධව ගැටලු මතු වීමටද ඉඩ ඇත.

-

● තුලා
ආර්ථිකයේ වර්ධනයක් පෙන්නුම් කරයි. මෙතෙක් තිබුනු  ගැටළු බොහොමයකට විසදුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. අාදායම් තත්ව යහපත් වනු ඇත.
 රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් ඔවුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
ගෘහ ජිවිතය තුල ප්‍රීති උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා උදා වනු ඇත. පවුලේ සමගිය වර්ධනය වේ.  මෙතෙක් තිබු කරදර බාධක මග හැරි යයි.

-

● වෘශ්චික
මෙතෙක් තිබු ප්‍රශ්න විසදා ගැනිමට අවස්තානුකුලව පියවර ගත යුතු වෙයි. ඉක්මන් තීරණ ගැනිමෙන් වැලකිය යුතුය. ව්‍යාපාර වලදි තරමක පාඩු පෙන්වනයි.
රැකියා දියුණුව ලැබීමට දරණ උත්සාහයන්ගෙන් යම් ප්‍රතිඵලයක්  ලැබීමට හැකි සතියකි.
මිතුරු සබදතා වර්ධනය කර ගැනීමට අවස්ථා යෙදෙනු ඇත. ගෘහ ජිවිතය ප්‍රේම සබදතා පලුදු වේ. එහෙත් සතිය අවසන්  විට සුබ කාලයක් උදාවේ.

-


● ධනු
වෙනදාට වඩා තම ව්‍යපාර ආදායම් මාර්ගවල ප්‍රගතියක් පෙන්නුම් කරන සතියකි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව පියවරක් ගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන්න.
ගෘහ ජිවිතය තුල ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතු වීමට ඉඩ ඇත.පවුලේ සමගිය වර්ධනය වනු ඇත.

-

● මකර
තම ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමට හැකි වේ. ඉඩ කඩම් සම්බන්ධ ගැටලු නිරාකරණය කර ගැනිමට හැකිවනු ඇත.
 රැකියාවේ උසස් විම් ප්‍රමාද විය හැක. නව රැකියා ලැබේ. පිට පලාත් වල ගමන් යෙදෙනු ඇත, තරමක් අවිවේකී වෙයි.
ගෘහ ජිවිතය තුල අවිවාහක අයට විවාහය පිළිබද තීරණ ගැනීම් වලටද යහපත් අවස්ථා උදාවේ. දෙමාපියන්ගෙ අවවාද ලැබේ.

-


● කුම්භ
ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ නව පියවරක් ගැනීමටත්,  එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමටත් හැකියාව ලැබෙනු ඇත. එමගින් තම ආදායම් තත්වය වර්ධනය කර ගැනිමට හැකි වනු ඇත.
රැකියා වෙනස් විමක් පෙන්නුම් කරන කාලයක් වෙයි. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වනු ඇත.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගිය ඇති වෙයි. පවුලේ කටයුතු වෙනුවෙන් කැපවිමට සිදුවේ.

-

● මීන
පසුගිය දින වලට වඩා වියදම වැඩි වන සතියක්  වේ. ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. කල්පනාකාරි විය යුතුය. මුල්‍ය කලමනාකරනයේ පාඩු පෙන්වයි.
කාලයක් තිස්සේ පවතී ගැටළුදායක තත්ව විසදා ගැනීමට හැකි වේ.
රැකියා  කරන අයට දියුණුව ලබා ගැනීමට හැකි වේ. රැකියාවේ නව රැකියා උදාවේ.
 ගෘහ ජිවිතයේ පීඩාකාරි කාලයකි දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.

-

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment