Friday, February 24, 2017

මහා ශිව රාත්‍රි දිනයේ මහ බලගතු ඊශ්වර දෙවියන්ට පහන් පූජාවක් කරමු !


මූලිකව දැනගත යුත්තේ, සියලු දෙවිවරු දහමට අනුකූල බවය. එතනදි බෞද්ධද වෙනත් ආගමකද යන්න අදාල නැත.
කතරගම දෙවියන් සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙකු බව කියවෙන්නේ නම් කතරගම දෙවියන්ගේ පියා වූ ශිව දෙවියන් ගැන කුමක් සිතිය යුතුද ?

අවශ්‍ය වන්නේ තමන් නිසි පැවැත්මෙන් දහමට අනුව සිටිමන් පින්කම් කර දෙවියන්ට අනුමෝදන් කිරීමය.


මහා ශිව රාත්‍රි දිනය අඳුර - අධර්මය නසන සුවිශේෂි දිනයකි. අද දිනයේ පහනක් දල්වා, මල් - සුවඳ සමග ඔබගේ ප්‍රාර්ථනාවන් අධිෂ්ඨානයන් ඉටු වේවායි පැතිය හැක.

( මල් වට්ටියට මල් 3ක් තිබීම සෑහේ)

- ඊශ්වර දෙවියන්ගේ නාමයෙන් බුද්ධ - ධම්ම - සංඝ ත්‍රිවිධ රත්නයට පූජා කරමි ! පූජා වේවා !

මේ පින් බලයෙන් මගේ සියලු යහපත් පැතුම් ඉටු වේවා ! අකුසල කර්ම - දෝෂ දුරු වේවා ! 
( ප්‍රාර්ථනා කරන්න)

මේ පින් බ්‍රහ්ම - දිව්‍ය ලෝක වලට අධිපති සක් දෙව් රජ ඇතුළු සියලුම දෙවියන්ට, සියලුම බ්‍රහ්මයන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවා !

-

බුදු සරණයි !


#ඉරු

irusewaya@gmail.com
077 22 38041

No comments:

Post a Comment