Monday, February 20, 2017

සතියේ ලග්න පලාපලය - පෙබ.21-27

පොදු පලාපලයක් පමණි. කේන්දර සටහන අනුව වෙනස් විය හැක.

- සදුගේ ගමන අනුව සකසා ඇත.

-
● මේෂ
සුබ පල සහිත සතියකි. යම් ආදායම් මාර්ගයකට, ව්‍යවසායක් පටන් ගැනිමට සහ සැලසුම් කිරිමට තිබෙන උත්සාහයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.
 තම රැකියා කරන ස්ථානයේ නිදහස වැඩිවේ. මෙතෙක් තිබුනු බාධා තත්ව ඉවත් වේ. ප්‍රධානින් සමග ගැවසිමට සිදුවේ.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය  වෙනුවෙන් ඉතා  කැපවිමට සිදුවේ. මෙතෙක් පවුලේ තිබු  සමගියට තරමක් බාධා මතු විය හැක.

-


● වෘෂභ
ඉඩම්, ගෙවල් දොරවල් මිලදි ගැනිමට හැකියාව ලැබෙන සහ ඒ ආශ්‍රිත කටයුතු කිරිමට ඉඩ කඩ ලැබෙන  සතියක් වුවද,   මෙතෙක් පැවති ආදායම් තත්වය තරමක් පහල යාමට ඉඩ ඇත.
දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ.
ගෘහ ජිවතිය තුල මංගල යොග උදාවේ.  ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ. තමන්ට යෙදුන ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදේ. ගෙදර පරිසරය අලංකාර ලෙස තබා ගැනිමට වෙනදාට වඩා උනන්දුවේ.

-

● මිථුන
ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ නව පියවරක් ගෙන උපක්‍රමශීලිව තම එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබේ. එමගින් තම ආදායම් තත්වය වර්ධනය කර ගැනිමට හැකිවේ.
 රැකියාවේ වෙනස් විමක් පෙන්නුම් කරන කාලයක් වේ. රැකියාවේ දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ.
ගෘහ ජිවිතය තුල පවුල් ජීවිතයේ සමගිය ඇති වන්නට හැක. පවුල වෙනුවෙන් කැපවිමට සිදුවේ. වචනයෙන් වැරදි සිදුවිය හැකියාව ඇති මනා කල්පනාකාරිව කටයුතු කල යුතුය.

-

● කටක
මෙතෙක් තිබුනු නිදහස අඩුවී තරමක පීඩාකාරි කාලයක් ගත කිරිමට සිදුවේ. එහෙත් උපක්‍රමශිලි විම තුලින් මෙම තත්වයන් මග හරවා ගත හැක.
 තම රැකියාවේ වෙහෙසකාරි ගති අඩුවේ. උසස් වීම් තරග විභාග ආදිය ප්‍රමාද වේ. නව රැකියා අවස්ථා උදා වේ. . රැකියාව කරන ස්ථානයේ ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ. සුව පහසුවෙන් සිටීමට හැකි කාලයක් වේ.

-


● සිංහ
නිවාස ලාභ, හදිසි ධන ලාභ  ලැබේ. ආර්ථික ගැටළු විසදා ගැනීමට හැකි වෙයි.
 නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙනු ඇත. වියදම් පාලනය කරගත යුතු නොවුනොත්  ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත.
 හොඳ රැකියා අවස්ථා උදා වනු ඇත. රැකියාවල නියුතු අයට තමන්ට ඇතිවන ගැටළු විසදා ගැනීමට අවස්ථාවන් යෙදෙනු ඇත.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වර්ධනය වේ. මංගල යෝග උදා වේ. දුර බැහැර ගමන් යෙදේ.

-


● කන්‍යා
කලබලකාරි ගති ඉස්මතු වෙන සතියකි. මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වයි.  නව ව්‍යාපාර ආරම්භ කිරිම නොකර සිටීම වඩාත් යහපත්ය. මුදල් වැයවීමට කරුණු යෙදෙනු ඇත. ව්‍යාපාර සැලසුම් කිරීමට සුබ කාලයකි. ණය ලැබෙයි.
නව රැකියා ප්‍රමාද වන්නට ඉඩ ඇත.  රැකියාව තරමක බාධා මැද කරගෙන යාමට සිදුවනු ඇත.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට හැකිවේ.

-


● තුලා
ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඉඩකඩම් සම්බන්ධ ගැටලු නිරාකරණය කර ගැනිමට හැකිවනු ඇත.
රැකියාවේ උසස් විම් ප්‍රමාද විය හැක. නව රැකියා අවස්ථා ලැබෙනු ඇත. පිට පලාත් වල ගමන් යෙදේ. තරමක් අවිවේකී වෙයි.
 ගෘහ ජිවිතය තුල අවිවාහක අයට විවාහය පිළිබද තීරණ ගැනීම් වලට යහපත් අවස්ථා උදාවේ. ඒවාට දෙමාපියන්ගෙ අවවාද - අනුශාසනා ලැබෙනු ඇත.


● වෘශ්චික
මෙතෙක් ඇතිව තිබුනු ගටළු - ප්‍රශ්න වලින් මිදි යහපත්ව කාලය ගත කිරීමට ඔබට අවස්ථාවන් ලැබෙනු ඇත. තමන්ට ලැබුන ආදායම ස්ථිරව පවත්වා ගෙන යාමට ඉඩ ලැබෙනු ඇත.
 නව රැකියා ප්‍රමාද විය හැක.  රැකියාවේ මෙතෙක් තිබු කරදර බාධා ඉවත් වනු ඇත.
ගෘහ ජිවිතය තුල වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් වීමට ඉඩ ඇත. විවාහය පිළිබද තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ .පෙම් සබදතා පළුදු වීමේ අවදානමක් ඇත.
 දරුවන්ගේ අධ්‍යපන කාර්යයන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.


-

● ධනු
ආදායමට වඩා වියදම වැඩිවන කාලයක් වනු ඇත. ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. වෙනදාට වඩා කල්පනාකාරි විය යුතුය. මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වයි.
රැකියාව තුල කාලයක් තිස්සේ පවතී ගැටළුදායක තත්ව විසදා ගැනීමට හැකිවේ. රැකියා  කරන අයට දියුණුව ලබා ගැනීමට හැකි වනු ඇත.  නව රැකියා උදා වනු ඇත.
ගෘහ ජිවිතය තුල  මංගල යෝග උදා වේ. විවාහය පිළිබද තීරණ ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

-


● මකර
ව්‍යාපාර වල තරමක කරදර ගෙන දෙන කාලයකි. ආදායම් මට්ටම එතරම් යහපත්ව පවත්වා ගෙන යාමට අපහසු තත්ව නිර්මාණය විය හැක. නිෂ්ඵල දේට තම කාලය හා මුදල් යෙදවීමට සිදු විය හැක.
 යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියාවේ තිබුනු බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය සතුටින් ගත කිරීමට හැකියාව ලැබෙයි.

-

● කුම්භ
ආර්ථික තත්වය වෙනදාට වඩා  ඉහල නංවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසීමට සිදු වනු ඇත.
රැකියාවේදී රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් සිත් අමනාපකම් ඇති වීමට ඉඩ ඇත. නව රැකියා අවස්ථා උදාවේ.
 ගෘහ ජීවිතය යහපත් වේ.
ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා පොත්පත් කෙරෙහි යොමු වීම අඩු විය හැක.
සෞඛ්‍ය තත්වයේ පපුවේ අසනීප ඇති වීමට ඉඩ ඇති නිසා අවදානමත් වන්න.

-


● මීන

නව ව්‍යපාරික අවස්ථා උදා වනු ඇත. අපේක්ෂිත ණය ලැබෙනු ඇත. මෙතෙක් ණය පිලිබදව තිබුනු ගැටලු නිරාකරනය විය හැක. සිතට සහනයක් ගෙන දෙන කරුණු යෙදෙනු ඇත.
රැකියාවේ බාධා ගැටළු මතුවීම නිසා කලබලකාරී ගති වැඩිවි නිදහස අඩුවි යන තත්වයක් නිර්මාණය වෙයි.
ගෘහ ජීවිතය යහපත් සතියකි, අවිවාහක අයට මංගල යෝග උදාවේ.
තම දරුවන් සම්බන්ධ ගැටලු ප්‍රශ්න මතු කරන කාලයකි.

-

#ඉරු

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment