Saturday, February 18, 2017

ශිර්දි සායි බාබා

ජනතාවගේ අදටද නොමඳ ගෞරවයට ලක්වෙන, හාස්කම් අදටද පවතින කෙනෙක් ලෙස “ශිර්දි සායි බාබා“ තුමා දැක්විය හැක.

සායි තුමා පැවසූ පරිදි ශිව දෙවිඳුන්ගේ ආත්මය ශිර්දි සායි ලෙසත් ඉන්පසු ශිව හා පාර්වතීගේ ආත්මයන් හි එකතුවක් ලෙසින් සත්‍ය සායි ලෙසත්, තව වසර කිහිපයකින් පාර්වතී (ශක්ති* මෑණියන්ගේ ආත්මය පේ‍්‍රම සායි ලෙසත් මිහි මතට පැමිණෙයි).

කලින් කලට පැමිණ ජනතාවට ආශිර්වාදයක් ලබාදෙන වටිනා කියන චරිත වෙති. දෙවිවරු හා සමානව වැඳුම් පිදුම් ලබති.

කෙසේ වුවද ලංකාවේ පසුගිය කාල වල මෙම සායි වන්දනාව උමතුවක ආකාරයෙන් සායි බාබා, “බුදුන්වහන්සේටද වඩා ඉහලින් අගය කරමින්“ කටයුතු කල අය වෙති. එය සම්පූර්ණයෙන්ම වැරදි මෙන්ම බරපතල අකුසල ඇති කර ගැනීමකි.
සායි බාබාද දෙවියෙකු සමාන වන අතර, ජනතාවට සෙතක් කල ගෞරවනීය කෙනෙකි. නමුත් බුදුවරයෙක් නොවේ. ඒ ගැන අවබෝධයෙන් නිසි ගෞරවය ලබාදිය යුතුය.

නිසි පින්කම් කර ආශිර්වාද ලබන්න !

#ඉරු

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment