Thursday, July 31, 2014

ඔබගේ දරුවන් සම්බන්ධ ජෝතිෂ්‍යය කටයුතු

රූපවාහිනියේ දිගහැරෙන කිරිපිටි දැන්වීම් බලා දරුවන් පයිලට්ලා කිරීම සහ දොස්තරලා කිරීම මහ කොම්පැනිවල කූට උගුලකි. ඒවා බිව් පමණින් ඉංජිනේරුවන් දොස්තරවරුන් වෙනවා නම් සියලුම ළමයින්ට ඒවා දුන්නොත් හරිය.
ඊට වඩා ප්‍රායෝගික වන්නේ දරුවන්ගේ කේන්ද්‍ර බලා එම කේන්ද්‍ර වලට අනුව දරුවන්ට වඩාත්ම සමීප විෂය ධාරාවන් ලගා කොට ඔවුන් මෙම දුෂ්කර මාර්ගයෙන් එතෙර කිරීමය. විශේෂයෙන්ම අප සේවයේ රාජකරුණා මහත්මා එම අංශයෙන් ප්‍රසිද්ධ වූත් යහපත් නමක් දිනාගෙන සිටින්නාවූත් කීර්තිමත් ජෝතිෂ්‍ය වේදියෙකි.
ඔහු දැනටමත් දිවයිනේ ජනප්‍රියම ජාතික පාසල් එනම්, මහනුවර, බදුල්ල, කොළඹ, ගාල්ල, මාතර ආදි ප්‍රදේශ වල ජනප්‍රිය පාසල් වල දරුවන්ගේ දෙමාපියන්ගේ සිත දිනාගෙන සිටින කිව් අනාවැකි හරියටම හරිගිය සාර්ථක ජෝතිෂ්‍යයවේදියෙකි.

• ඔහුට මෑත කාලයකදී ලැබුනු කේන්ද්‍රයක් සම්බන්ධව ලොකු විස්තරයක් මේ පේජයේ සඳහන්කොට ඇත. (https://www.facebook.com/photo.php?fbid=244685025726509&set)
එම දරුවාගේ කේන්දරය පරික්ෂා කර ඇත්තේ ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රයේ ඉහලම අයගේ කේන්දර බලන එක්තරා ජෝතිෂ්‍යවේදියෙකි.

• එම ජෝතිෂවේදියා අර දරුවාට කියා ඇත්තේ ඒ දරුවා ජීවන ගමන් මගේ නන්නත්තාර වන බවය.
නමුත් ඒ දරුවා අද දවස වන විටද ඉතාම ජයග්‍රාහිව තම වැඩකටයුතු කරගෙන යයි. එතනදී ජෝතිෂ්‍යය මුසාවක් කරගැනිමට අර පුද්ගලයාගේ කීම හේතු වී ඇත. දරුවාගේ කේන්දරයේ දක්ෂතා අනුව ඔහු යන මාර්ගය නිවරදිවම පැවසිය හැක.

* උදාහරණයක් ලෙස දැක්වුවොත් මිථුන ලග්නයේ රවි-බුධ ලග්නයේ සිටියදි ඔහු විද්‍යාඥයෙක් වීමට ඉඩ ප්‍රස්තාව වැඩිය.
* කටක ලග්නයෙන් ඉපදී චන්ද්‍රයා කුජගේ දෘෂ්ඨියට ලක්වීම ශල්‍ය වෛද්‍යවරයෙක් වීමට ඉඩ ප්‍රස්ථා වැඩි පිහිටීමකි.
* කුජ - බුධ යෝගයක් 3 වැන්නේ සිටියදි බලවත් වූ රාහු 10 සිටි නම් ඔහු දෙස් විදෙස් සුපතල ඉංජිනේරුවෙක් වීමට ඉඩ වැඩිය. ඔහුට රොකට් යානා පවා තැනීමට පුලුවන් විය හැක.
* බ්‍රහස්පති/ගුරු ග්‍රහයා ලග්නයට දෘෂ්ඨි හෙලන්නේ නම් 10 වැන්නේ සිටිමින් සදුගේ සිකුරුගේ සුභ දෘෂ්ඨියට හසුවේ නම් එම දරුවා අනාගතයේ වාණිජ ආයතන වල මුලසුන හොබවන කෙනෙක් විමට ඉඩ වැඩිය.
මේ උදාහරණ වලින් ස්වල්පයකි.

මුහුණු පොතේ සහෘදයනි, ඔබගේ දරුවන්ගේ හඳහන්ද ඔබගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන්ගේ හඳහන්ද නැත්නම් ඔබට හිතවත් පවුල්වල දරුවන්ගේ හඳහන්ද පරික්ෂා කොට ගන්න. එම දරුවන් අධ්‍යාපනික වශයෙන් දිශානුගත කිරීමට ඔබට එය මහඟු පිටිවහලක් වනු ඇත.

තෙරුවන් සරණයි !

Tuesday, July 29, 2014

ධන යෝග සහ....



කෙනෙකුට ජීවිතයේ ධනය අත්‍යාවශ්‍ය සාධකයක් වෙයි. එයින් කියන්නෙ ධනවත්වීම හෝ මුදල් තිබීම ජිවිතයේ සතුටට හේතුව බව නොවේ.
ධනය තිබීම බොහෝ කටයුතු වලදී පහසුවක් වේ. 

ජීවත් වන ඕනෑම කෙනෙකුට ධනවත් වීමට ක්‍රම බොහෝ තිබේ. 

1. දෙමාපිය ධනයෙන්, විවාහයෙන්.
2. තම මහන්සියෙන් කැපවීමෙන්.
3. වාසනාව 

කරුණු 3ම මගින් ධනවත්විය හැක. 1ක් මගින් වුවද විය හැකි අතර මිශ්‍රව වුවද විය හැක.

කේන්දර සටහනක මූලිකව ධනය ගැන කියවෙන්නෙ 2 වැන්නෙනි. එය ධනස්ථානය ලෙස හැඳින්වේ. එසේම ධනය ගැන කතා කිරීමේදී 11 වැන්න වන අයස්ථානයද ඉතා වැදගත් වේ. 
එසේම අධ්‍යාපනය සහ දරුවන් ගැන මූලිකව කියවෙන 5 වැන්නද ධනය සම්බන්ධව වැදගත් වේ.
10 වැන්න වන කර්මස්ථානය එනම් කරන රැකියාව ගැන කියවෙන තැනද ධනයට අදාලව වැදගත් වේ.

* මීට අමතරව ධනය ගැන කතා කිරීමේදී 8 වැන්නද සුවිශේෂි වේ. එය බොහෝ දෙනෙක් අමතක කලද 8 වැන්නේ ඇති වැදගත්කම් බොහෝය.
8 වැන්නේ විපරීත බලයකින් සිකුරු බලවත් වීමෙන් බොහෝ ධනයට හිමිකම් කිව හැක.
8 වැන්නේ ඇති වැදගත්කම් ලෙස 8 වැන්න විවාහයෙන් 2 වැන්න වේ. එනම් විවාහයේ ධනය ගැන කියවෙන්නේ 8 වැන්නෙනි. සිකුරු වැනි ග්‍රහයෙකු 8 බලවත්ව සිටීම විවාහයෙන් දායාද ලැබීම හෝ විවාහ වන කෙනා අනුව ධනවත් බලවත් වන පිහිටීමකි.

^ මැණික් ගල් විද්‍යාව ^

මාණික්‍ය රත්න ආකර්ෂණය යනු අතීතයේ සිටම මනුෂ්‍යයා භාවිතා කල ග්‍රහ ශාන්තියකි. පුරාණ රජදරුවන් සිට අද දක්වාම සියලුම තරාතිරම් වල අය මැණික් ගල් පැළදීමට යම්කිසි රුචිකත්වයක් දක්වයි. 
මෙම මැණික් ගල් ආකර්ෂණය තුලින් පුද්ගලයා ආධ්‍යාත්මික සංවර්ධනයේ හා භෞතික සංවර්ධනයේ උපරිමයට ලගාවේ. 
එමෙන්ම දකින්නන්ගේ සිත් ඇද බැද ගැනීමටද ජනප්‍රියත්වයටද මෙය මහගු පිටුවහලකි. අප රටේ 

* දේශපාලනයේ ඉහලම හිනි පෙත්තේ සිටින රාජ්‍ය නායකයාගේ සිට මැති ඇමතිවරුන්, පක්ෂ විපක්ෂ දේශපාලකයන්ද වෘත්තිකයන්ද වෙළද ව්‍යාපාරිකයන්ද මෙම මැණික් ගල් පළදිති.
ඔබට එය ඔවුන් කතා කරන විලාසයෙදි ඇඟිලි දෙස බැලීමෙන් දැකගත හැක.

* මෙම මැණික්ගල් පැලදීමෙන් පවතින ග්‍රහ අපල දුරු කරගැනිමටත්, පවතින සුභ පල වැඩි කරගැනීමටත් මෙය මහඟු පිටිවහලකි.

එපමණක් නොව ග්‍රහයන්ට අදාල මැණික් ගල් තැන්පත් කිරිමෙදි ඊට අදාල සුවිශේෂි ගුරු මුෂ්ටි වලින් එය ඉදිරිපත් කිරීමට දක්ෂයෝ සිටිති. 

* නියමිත ලෙස කේන්දර සටහනට අනුව සුභ නැකතක් සාදා, ග්‍රහයාට අයිති හෝරාවක ශුභ මුහුර්ත වලදි එම තැන්පත් කිරීම සිදුකල යුතුය. 

එය සම්බන්ධව හසල දැනුමක් ඇති අප සේවයේ ඉන්දියානු මාණික්‍ය රත්න විද්‍යාව පිලිබදව නිපුණ බ්‍රහ්ම ශ්‍රී රමනන් මහත්මාය. 
(https://www.facebook.com/photo.php?fbid=251320668396278&set)

එසේම විශේෂ සියලුම ආභරණ යම්කිසි ජීවම් කටයුත්තක් කොට පිළියල කර දෙයි. 

* එතුමා අපගේ භාග්‍යයටත් අපගේ සේවය ලබන අයගේ වාසනාවකට මෙන් සම්බන්ධ වූ උතුම් කෙනෙකි. 
එසේම වාසනාවන්ත අත් දෙකක් ඇති පුරුෂයෙකි. 
ඔබත් ඔබගේ ජන්ම පත්‍රයට අනුව මැණික් ගල් අල්ලා මුදු පලදා ඔබගේ ජයග්‍රහණ තීව්ර කරගන්න. 
මෙය නිකන්ම නිකන් ශාස්ත්‍රයක් නොවේ. 

Monday, July 28, 2014

~ ග්‍රහ ගෝචරය අනුව ලංකා කේන්දරයට ~

කුම්භ ලග්න ලංකා කේන්දරය අනුව තරමක දුෂ්කරතා ඇතිවන කාල පරාසයක් බව කිව යුතුය. 
මංද මේ කාලයේ ලග්නයේ කේන්දර ස්ථානවල (1, 4, 7, 10) ග්‍රහයන් නැත. 

● එනිසා රටට එතරම් හිතකර තත්වයක් නොවේ. * ඉදිරියෙදි මංකොල්ලකෑම් ඉහල යාමට ඉඩ ඇත.
* රටට ලැබෙන ආදායම් අඩුවිය හැක. 
* එසේ නොමැති නම් අධික පොලියක් හෝ ඉන් අනිසි ප්‍රතිඵලයක් ජනතාව පිටින් යාමට පුලුවන. 

● තවද විශේෂයෙන්ම දේශපාලනයේ සිටින සියලුම පක්ෂ විපක්ෂ අයගේ කීර්ති නාමයට යම් කැළලක් ඇතිවිමට පුලුවන. 

● * එසේම ගුරු ග්‍රහයා ගෝචරය 6 වැන්නේ ලංකා කේන්දරයේ සිදුවන මේ කාලයෙදි වැඩිහිටි සංඝයා වහන්සේලා නිතර විමසිල්ලෙන් සිටිය යුතු බව අවධාරණය කරමි. 
මන්ද එක එක දේවල් වලට අත පෙවිම නිසා උන්වහන්සේලාගේ ගෞරවයටත් කීර්තියටත් කැළල් ඇතිවිමට පුලුවන. 

Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

( විවාහ ප්‍රමාද වීමට බලපාන ග්‍රහ යෝග කවරේද ? )

තරුණ වියට එළඹි කුමර කුමරියන්ගේ ප්‍රධාන වූ බලාපොරොත්තුවකි විවාහය. මෙය සමහර වෙලාවට දෙමාපියන්ටද මහත් හිසරදයක් ගෙනදෙන කාරණාවකි. 
විවාහ කටයුතු ප්‍රමාද වීමෙන් තරුණ තරුණියන් මානසික ආතතියකට මෙන්ම දැඩි කම්පාවකටද පත්වේ. අප බලමු විවාහ ප්‍රමාදයන්ට හේතු වන විශේෂ වන ග්‍රහයෝග කවරේද කියා ... ?

● සෙනසුරුට අයත් කුම්භ, මකර රාශි වලින් ඉපිද සිටියදී සෙනසුරුගේ අශුභ ග්‍රහ දෘෂ්ඨි ලග්නයට එල්ල වීම විවාහ ප්‍රමාදයට හේතුවකි. 

● එසේම ශනි - සිකුරු යෝගය 1, 2, 3 වැන්නෙ හෝ කොතැන සිටියත් එය විවාහයට බාධා වන පිහිටිමකි. 

● තවද සෙනසුරු හා කේතු 7 සිටිම ප්‍රබල විවාහ ප්‍රමාද වන දෝෂයකි. 

● එසේම ගුරු බලවත්ව සිකුරු නීචව සිටීම විවාහ ප්‍රමාද වන තත්වයකි - බොහෝවිට එවන් අය අවිවාහකව සිටීමට පුලුවන. 

● එසේම යම් කෙනෙකුගේ කේන්දරයේ සිකුරුගේ මහ දසා නොලැබීම, එක දිගට පාප ග්‍රහයන්ගේ මහ දසා ගතවිම ගැටළු සහගත තත්වයකි. 

ඔබටත් මෙවන් යෝග ඇත්දැයි බලන්න. 
(පොදු විස්තරයකි)

බලගතු ග්‍රහ ගෝචරයක් !

නවලෝක මුදලාලිලා, මුකේශ් අම්බානිලා, බිල් ගේට්ස්ලා බිහිවන යෝග මෙම අගෝස්තු මස 7 වන දින සිට යෙදේ. 

එනම් රවි - බුධ - ගුරු කටක රාශියේ සිටියදී එම ග්‍රහයින් අතරට සිකුරු ග්‍රහයා එයි.

එම ග්‍රහයින් පැමිණීම නිසා මෙම බලගතු යෝගය යෙදේ. මෙම කාලයේ උපදින අයට බොහෝ ශුභ පල යෙදෙන අතර කරන සියලු කටයුතු සාර්ථක වේ. 

Friday, July 25, 2014

_ නිවසක් මිලදී ගැනීමේදී, ඉදිකිරිමෙදි භාවිත කල යුතු මූලික කරුණු _

මේ දිනවල මා මුහුණ දෙන විශාල ප්‍රශ්නයක් නම් වාස්තු දෝෂ පරික්ෂා කිරීමෙදි නිවැසියන්ගේ ගැටළු වලට සවන්දීමය. නිවස ලක්ෂ ගණන් වියදම් කර ඉදිකොට ඇතත් වාස්තු විද්‍යාඥයෙකුට, ජෝතිශාස්ත්‍රඥයෙකුට ප්‍රමාණවත් මුදලක් දී එය පරික්ෂා නොකරගෙන පසුවට අමාරුවේ වැටෙන අය බොහෝය.
* පසුව අහන්නේ අප මෙච්චර වෙනස්කම් කරල තියෙනවා කොහොමද මහත්තයා ඔය වෙනස්කම් කරන්නේ කියාය.
සැබැවින්ම එය විවාහ වී දරුවන් ලැබුනාට පසු පොරොන්දම් බැලීමක් වැනිය.

* නිවසක් ඉදිකිරිමට ප්‍රථම වාස්තු විද්‍යාඥයෙකු ලවා භූමිය පරික්ෂා කරගන්න. එවිට උළුවහු පැමිණිය යුතු දිශාවත් අනෙකුත් කාමර පිහිටිය යුතු දිශාවනුත්, මූලිකව මුලුතැන් ගෙය, වැසිකිලි පිහිටිය යුතු ආකරයත් ඔහු සඳහන් කරනු ඇත. ඒ අවස්ථාවෙදි නිරවුල් මනසකින් එවිට එය කල හැක. එය බලගතු තත්වයකි.

* විශේෂයෙන්ම නිවස ඉදි කරගෙන යන අවස්ථාවෙද නැවත වාස්තු පරික්ෂාවක් කරගන්න. ඉදි කිරීමට ගත යුත්තේ පොදුවේ ඔබගේ ජන්ම පත්‍රයට අනුව සඳු/චන්ද්‍ර ග්‍රහයා බලවත් වන ශුභ මුහුර්තය. ඒ ගැනද සැලකිලිමත් වන්න. ඔබට අවශ්‍ය විශේෂඥ වාස්තු විද්‍යා කටයුතු සහ භූමි පරික්ෂා කරවා ගැනිමට අප සේවය අමතන්න.

තෙරුවන් සරණයි !

Thursday, July 24, 2014

ඔවදනක්

ඔබ යහපත් දෙයක් යහපත් සිතින් කරන්නේ නම් අපල තිබුනද එහි සැලකිය යුතු සාර්ථකත්වයක් දැකිය හැක. අපල පමණක් නොව අදාල වෙනත් බාධා තිබුනද ඔබ නිසිලෙස කැපවන්නේ නම් බොහෝ සාර්ථක විය හැකි බව අපගේ පර්යේෂණ වලින් සොයාගෙන ඇත.

අපල වලදී වැදගත් දෙයක් වන්නේ අදාල අපල තත්වය තේරුම් ගෙන කටයුතු කිරීමයි.
එනම් අපලය කුමක්ද, විය හැක්කේ මොනවාද සහ පැවැත්ම කෙසේ විය යුතුද යන්නයි.

එහිදී අදාල ශාන්ති කර්ම, යහපත් පැවැත්ම තිබෙන්නෙ නම් වඩා මැනවි.
අපලය ගෙවෙන්නෙ හෙට යැයි සිතන්න. නමුත් අද ඔබ කකුලට හානි කරගත්තොත් තවත් මාස කීපයකට ඔබට එක්තැන්ව සිටින්නට විය හැක.

කේන්දර බලන්නේ, ජෝතිෂ්‍යය කටයුතු ගැන උනන්දු වන්නේ ඒ සඳහාය.

යම් කේන්දර සටහනක් බලා අනිවාර්යෙන්ම මැරෙනවා, මේ දෙන්න හොඳින් ඉන්නේම නෑ යනාදි ලෙස කීම ජෝතිර්වෙදියෙකුට තරම් නොවේ.
එනම් ජෝතිෂ්‍යය ඇත්තේ දැනගෙන අවබෝධයෙන් කටයුතු කිරීමට නිසාය.

ඒනිසා සතියේ පලාපල, කේන්දර සටහන ගැන යනාදි ලෙස යොදන පොදු විස්තර වලින් කලබල හෝ දුක් නොවී ඒවා එසේ නම් මා මගේ කටයුතු මෙසේ කරගනිමි යනාදි ලෙස පෙර දැනගෙන කටයුතු කරන්නට පෙළඹෙන්න. - විය යුත්තේ එයයි.

“ ගුබ්බෑයම් වල ගුරුකම් “

* මෙම දිනවල පුවත්පත් බැලීමේදී විශේෂයෙන්ම ඒ අතර ඇති ජෝතිෂ්‍ය ගුරුකම් දැන්වීම් දැන බලන කල මහත් හාස්‍යයක් උපදී. එයට ආසන්න කරුණක් ලෙස මහනුවරට, මැණික් හින්නට සමීපව අඩු කුලයේ කියාගන්නා ගමක් ගැන කියයි.

* එම ගමේ උදවිය පවුල් පිටින් රොඩී රැහැට ලියාපදිංචි වී සිටී.
මෙහි ඇති හාස්‍යයට දනවන කාරණාවක් නම්, උඩරට හොඳ ගොවිගම කුලයේ ඇත්තන් පවා මුදල් හම්බ කිරීම පිණිස රොඩී කුලයේ අය වී සිටි.

* එකම ගමේ ගෑණු පිරිමි දෙගොල්ලම සංකර වල්ලියා, සිරිබිරි විල්ලි, විල්ලියා යනුවෙන් පිරිමින්ද හරි වල්ලි යනුවෙන් ගැහැණුන්ද හඳුන්වා ගනිමින් මේ කූට ජාවාරමේ යෙදී සිටි.

* ඔවුන් සඳහන් කරන්නේ පුවත්පත් වල ආනන්ද හිමියන් වශී කල චණ්ඩාල ගුරුකම් ඔවුන් අතේ ඇතැයි කියාය. උනුත් බෞද්ධය. අපත් බෞද්ධය. නමුත් තමන්ගේ හුදු කාම සම්භෝගය පිණිස භික්ෂූන්වහන්සේ නමක් වශී කරගැනීම කොතරම් පහත් ක්‍රියාවක්ද එය සම්බන්ධව දැන්වීම් දැමීම හිතා ගැනීමට පවා ජුගුප්සාජනකය...

කෙසේ වෙතත් ධර්ම භාණ්ඩාගාරික අප ආර්ය උතුම් රහතන් වහන්සේ නමක් වූ උතුම් වූ ආනන්ද මහ රහතන් වහන්සේ එම සිද්ධිය වන කාලයෙදි මාර්ග ඵල වලට පැමිණ නොසිටියේය.
එයට හේතුව නම් අප භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට ඇප උපස්ථාන කිරීම නිසා උන්වහන්සේ ඒ ගැන නොසිතුවා විය හැක.
බුදු රජාණන්වහන්සේට අතිමහත් භක්ති ආදරයක් දැක්වූ උන්වහන්සේ සම්බන්ධ කොට දැන්වීම් දැමීම මහත් පාප ක්‍රියාවක් මෙන්ම කණගාටුවටද කරුණකි.
මග පල ලබා සිටියා නම් උන්වහන්සේ වශී කිරීමට නොහැක. මොවුන් එහෙම කෙරුමන් සහ වැඩ්ඩන් බව දැන් ඇඩ්වටයිසින් කරමින් කියා සිටී.

* මොවුන් සඳහන් කරන්නේ නියම ගුරුකම් ඇත්තේ අප ගුබ්බෑයමේ බැවින් අප ගුබ්බෑයමට පැමිණෙන ලෙසය.
මාගේ මිතුරෙක් එය පරික්ෂා කිරීමට ගුබ්බෑයමට ගිය විට තිබුනේ එතන තෙමහල් ප්‍රාසාදයකි. ගණන්ද අශ්ප ගණන්ය. නමුත් එවෙලට ගෙනා සුදු නූල් බෝලයක් කරකවා ගැන විශාල මුදලක් ගසාකන මාෆියාවක් විනා වෙන දෙයක් එතන නැත.

ගැහැණු පිරිමි පුදුම චණ්ඩිය. තැරැව්කාරයන්ද ඇත. ත්‍රිවිල් රියැදුරන් මෙන්ම බොහෝ අය ඔවුන්ගේ ඔත්තුකරුවන්ය. ඔවුන් ගැන රට වැසියාද අපගේ මුහුණු පොතේ ප්‍රේක්ෂක සහෘදයන්ද දැනගැනීම
යහපත්ය.
අවශ්‍යම නම් ගිහින් මුණ ගැසී බලන්න..

_ _ විශ්වයේ රජු වන හිරුගේ වතගොත _ _

මෙම සෞරග්‍රහ මණ්ඩලයේම ප්‍රධාන ග්‍රහ තාරකාව වන්නේ හිරුය. ජෝතිෂ්‍ය ශාස්ත්‍රය පවතින්නේද හිරු මුල් කරගෙනය. අතීතයේ පටන් ආදි ජන සමාජයේ සිට නූතනය දක්වා සූර්ය දිව්‍ය රාජයාට යම්කිසි වැදගත්කමක් ජෝතිෂයට අනුව තිබෙයි.
පැරන්නන් සූර්ය දිව්‍ය රාජයා වන්දනාමාන කලේද එබැවිනි.
විශේෂයේම භාරතීය ජන සමාජයේ ජනවාරි මාසයේ පොංගල් උත්සවය ලෙසින් පවත්වන්නේද ඉරු දෙවියන්ට කරන භක්ති ප්‍රණාමයකි.

* පුද්ගලයෙකුගේ හඳහනේ තමාගේ පියා නියෝජනය කරන්නේ රවි හෙවත් සූර්යාය.
එසේම තම පියාගේ සමාජ ආර්ථික තත්වයත් චරිත ස්වභාවයත් එම ජන්මියෙකුගේ හඳහන තුලින් පැවසිය හැක.

● සිංහ රාශියේ ස්වක්ෂෙත්‍ර වන රවි, මේෂ රාශියෙදී රැස් විහිදා අති බලයෙන් උච්ච වෙයි. එසේම හිරු බලවත් අය රාජ ලීලාවෙන් පසුවන අයයි. ඔවුන් තරමක ආඩම්බරකාර ගති ඇති අය වෙති.

☆ විශේෂයෙන්ම රවි ග්‍රහයාගේ බලය කේන්දරයේ පවතින්නේ ලග්නයට 3 වැන්නට 5 වැන්නට 10 වැන්නට සහ 11 වැන්නටය.
යම් ජන්මියෙකු උපදින විට තමාගේ කේන්දරයේ හිරුට බලවත් තැනක සිටිම ජන්මියා දියුණු කරන යෝගයකි.

☆ ආත්ම ශක්තිය, පෙරට යෑමේ ගතිය, ඉවසීම නියෝජනය කරන ග්‍රහයෙකු නිසා රවිගේ බලපෑම ජනතාවට මහෝපකාරි වේ.

* එසේම රවි ග්‍රහයා 2, 4, 6, 8, 12 වැන්නේ පිහිටිම ඒතරම්ම සුබදායක නොවේ. එම ස්ථාන වලට අදාල කුමන හෝ අවුලක් රවි ඇති කරයි. විශේෂයෙන්ම රවි හා ලගින්ම යෝගව සිටින්නේ බුද හා සිකුරුය.

රාත්‍රි කාලයේ උපදින අයට විශේෂයෙන්ම පාන්දර 4ට 5ට උපදින අය, රාත්‍රි 11 30, 12 අතර කාලය හවස 6. 30 - 7ට අතර කාලයේ ඉපදීම රවි ග්‍රහයාගේ බලය අවම පිහිටිම්ය.

☆ රවිට තවත් බලවත් රාශි හඳුනා ගන්න.

* මේෂ, මිථුන, ධනු, කුම්භ යන පුරුෂ රාශි වලදි රවි බලවත් වේ.
* එසේම වෘෂභ, කටක, කන්‍යා, මීන යන ස්ත්‍රි රාශි වලදි රවිගේ බලය තරමක් අඩු වන අතර කන්‍යා රාශියෙදි ඥාන යෝගයක් යෙදේ.
* මා පෙරදී සඳහන් කල ආකාරයට රවිගෙන් ලැබෙන වැදගත්ම ගුණය නම් පුද්ගලයා මානසිකව ශක්තිමත් කිරීමයි.

** කුමන රාශියක වුවත් රවි 11 වැන්නේ සිටීමෙන් “කෝටියක් දෝෂ භංග“ වන බව ඔබ දන්නවාද ?

Wednesday, July 23, 2014

“ ස්වාමි - භාර්යා “ ආකර්ෂණය

අද පුවත්පත් කියවන විට අපට හැඟෙන්නේ කලකෝලහල වැඩියෙන් ඇතිවන බවයි. ඒ අතර එම ප්‍රවෘත්ති අතරේද ස්වාමි භාර්යා සම්බන්ධයෙන්ද අසරණ දරුවන්, අසරණ සමාජය එම ප්‍රශ්න නිසා වක්‍රාකාරයෙන් දෙපාර්ශවයට මුහුණ දීමට සිදුවන්නා වූ ගැටළු ගැන පුවත්පත් කියවීමෙන් දැනගත හැක. 
මේ සම්බන්ධව ගැටළු පැන නොනැගීමට ජෝතිෂ්‍යයෙන් මහඟු පිටුවහලක් ලබාගත හැක.
* මෙවැනි තත්ව ඇති නොවීමට නම් විශේෂයෙන්ම හඳහන් ගලපා විවාහ වීම කල යුතු කාරණාවකි. 

● අඹුසැමි දෙදෙනාම එකම ලග්නයේ නම් ඔවුනොවුන් වශී වේ.

● ආදරයට, රාගයට සිත පොළඹවන්නේ සඳු ග්‍රහයාය. ස්ත්‍රි පුරුෂ දෙදෙනාගේ කේන්දර වල සඳු/චන්ද්‍රයා බලවත් වීම ඔවුනොවුන් සුන්දරව ආදරය කරන පිහිටිමකි. 

● එසේම දෙදෙනාගේ කේන්දර වල කුජ - සිකුරු යන ග්‍රහයන් දෙදෙනා මාරුවි සිටිම එනම් කුජගේ රාශියක සිකුරු සිටිම හා සිකුරුගේ රාශියක කුජ සිටීම ඔවුනොවුන් ආදරයෙන් බැඳෙන පිහිටිමකි.
මේ නිසා ඔවුන් ලිංගික වශයෙන් අපමණ ප්‍රමෝදයකට පත්වේ. 

● එසේම දෙදෙනාගේම කේන්දර වල 7 වැන්නාධිපතියා බලවත් විම විවාහ ජිවිත සාර්ථක වන තවත් සුබ පිහිටීමකි.

● එසේම ලග්නයේ සිටින ග්‍රහයන් දෙදෙනාගේම එක නම් එය යහපත් තත්වයකි. 

එසේම පොදුවේ ගත්කල සඳහන් කලේ කටක ලග්නයේ කෙනෙකුගේ ලග්නයේ රාහු සිටියදී ස්වාමියාගේ ලග්නයේ සෙනසුරු නම් ඔවුන් දෙදෙනා අන්නෝන්‍ය ලෙස මිත්‍ර නොවේ. 

* පොදු කරුණු බව සලකන්න.

Iru Astrology

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව මෙන්ම අපල ආදියට ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ, යහපත උදාකරණ ආකර්ෂණ යන්ත්‍ර, නම් තැබීම(පුද්ගල, ව්‍යාපාර), නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

Tuesday, July 22, 2014

ශිව හෙවත් ඊශ්වර දෙවිඳු

ශිව දෙවියන් යනු දේව පුරාණයේ ප්‍රබලම දෙවි කෙනෙකි.

උන්වහන්සේව ත්‍රිනෙත් යනුවෙන්ද හඳුන්වයි. බුද්ධෝත්පත්තියට පෙර ජීවත්වූ මහානුභාවසම්පන්න ඍෂිවරයෙකුව සිට ඇති බව පැවසේ.
ශිව දෙවියන් යනු දේව පුරාණයේ ප්‍රබලම දෙවි කෙනෙකි.

උන්වහන්සේව ත්‍රිනෙත් යනුවෙන්ද හඳුන්වයි. බුද්ධෝත්පත්තියට පෙර ජීවත්වූ මහානුභාවසම්පන්න ඍෂිවරයෙකුව සිට ඇති බව පැවසේ.
ශිව, ඊශ්වර, පශුපති, රුද්‍ර, අග්නි යනුවෙන් හඳුන්වනු ලැබේ.

කෛලාස කූටයේ ධ්‍යාන සුවයෙන් වැඩ සිටින ඊශ්වර දෙවි යන්ත්‍ර මන්ත්‍ර ආදියටද සකල කලාවන් සහ නර්තනයටද අධිපති වේ.
නිල් පැහැති ගෙලක්ද සුදු/ධවල පැහැති සිරුරක්ද හිමි උන්වහන්සේ ගෙලවටා එතී ඇති නාගාභරණයකින් සැරසී සිටි. දිවි සමක් මත හිඳින අතර ත්‍රිශූලයක් ආයුධය ලෙස දරයි.
උන්වහන්සේගේ තුන්වන නෙත විවර වන වෙලාවට දැකීමෙන් අළුවී යාමට ඉඩ ඇති අතර, එම සුවිශේෂි අවස්ථාවේ තම පැතුම් ඉටු කරගැනීමටද කටයුතු කල හැක.

උමා දේවිය භාර්යාව කොටගෙන ඇති උන්වහන්සේට ගංඟා නැමති බිසවක්ද සිටී. (තව තැනක බිරින්දෑවරු 3ක් බව කියවේ)
එම ගංඟා නම් දිව්‍යාගංනාවන්වහන්සේ වැඩ සිටින්නේ ඊශ්වර හෙවත් ශිව දෙවියන්ගේ හිසෙහිය. ගංගා නම් නදිය ඉන්දියාවේ ශුද්ධ වස්තුවකි.

ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන්ගේද ගණ දෙවියන්ගේද පියා වන ශිව දෙවියන් පුරාතන පුණ්‍ය මහිමය ඇති ඍෂිවරයෙකි.

ලංකාවේ සිට ලොවම පාලනය කල මහා රාවණ මහ රජතුමන් ශිව දෙවියන්ට භක්තිමත් බව කියවේ. ඒනිසාම ආයුර්වේදය, ජෝතිෂ්‍යය, යන්ත්‍ර, මන්ත්‍ර ආදි ශාස්ත්‍රයන් සමග ප්‍රඥාවද ප්‍රධානය කෙරුනු බව කියවේ.
ගවයා වාහනය වේ.

මෙම බලගතු දෙවියන් වහන්සේ වන්දනා කිරීමෙන් හිරුගේ අපල දුරුවේ.
මෙම ඊශ්වර දෙවියන්ගෙන් බලාපොරොත්තු වන්නේ ලෞකික දියුණුවයි. බොහෝවිට සතුරන් පරාජයට, අයුක්තියට එරෙහිව සාධාරණය වෙනුවෙන් මෙම දෙවියන්ගෙන් පිහිට ඉල්ලති.

තවත් කරුණු පසුවට...

Iru Astrology

මේ සතිය ලග්නෙට කොහොමද ?

(ජුලි 21සිට)

● මේෂ ලග්නය
සුභපල දායක සතියකි.
ආර්ථික කටයුතු සහ ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල ඉන්නා අයගේ ධනෝපායන මාර්ග ස්ථිරසාර වේ. රැකියා කරන අයටද සුභයි. මේ සතිය පුරාවටම මේෂ ලග්න අය සැපසේ සිටින බව කිව යුතුය.
ගෘහ ජීවිතයේ සතුට සමාදානය, ප්‍රීතිය ඇතිවේ. රසවත් ආහාර අනුභවයටත්, නිවසේ ප්‍රීති උත්සව පැවැත්විමටත් අවස්ථාව ලැබේ. එසේම නිවසට නව උපකරණ මිලදී ගැනීමට හැකිය.
සෙම් අමාරු සහ උගුර, සෙම් ගෙඩි ආශ්‍රිත රෝග වැලදීමට පුලුවන.

● වෘෂභ ලග්නය
ඔබටද සුපිරි සතියකි.
ඔබගේ ප්‍රියමනාප කතාබහත්, ඔබගේ මේ සතියේ ඇතිවන ආකර්ෂණීය බව නිසා ආර්ථික තත්වය යහපත් කරගැනිමට පුලුවන. කෙසේ වෙතත් ලග්නයේ ඇති ග්‍රහ බලත් සමග මේ තත්ව තීව්ර වේ.
පවුලේ සාමාජිකයන් සමග ප්‍රීතියෙන් ගත කිරීමට අවස්ථාවයි. ප්‍රීති උත්සව වල යාමට, රසවත් ආහාර ලැබීම, විනෝදයෙන් සිටීමට අවස්ථා උදාවේ.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැතත් සෙම් අමාරු සහ ඉරුවාරදය ඇති අය ඒ ගැන බලාගන්න.

● මිථුන ලග්නය
ශුභාශුභ මිශ්‍ර පල සතියකි.
සතියේ මුල් දවස් 2-3දි ප්‍රබල ආර්ථික වර්ධනක් බලාපොරොත්තු විය නොහැක. සමහරවිට ලැබුනු මුදල් නොදැනීම වියදම් වී යයි. එසේම කලමණාකරණ කටයුතු අතින් දුර්වල වේ. සැලසුම් දුර්වල වේ. ව්‍යාපාර කරන අය ණය ගැනීමෙන් වැලකීම මැනවි.
ගෙදර දොරේ විය පැහැදම් සතියේ මුල් දවස් වල වැඩිවේ. නොසිතූ වෙලාවක යම් මුදලක් නිවසේ සාමාජිකයන් වෙනුවෙන් වැයවීමට ඉඩ තිබේ.
එසේම අනවශ්‍ය වියදම් නිසා ස්වාමි-භාර්යා ගැටළු ඇතිවිමට හේතුවිය හැක.
පාදාශ්‍රිත රෝග, නහරගත වාත කැක්කුම් රෝගද බලාගන්න.

● කටක ලග්නය
ඉතාම ශුභයි.
වර්තමානයේ ග්‍රහ ගෝචරය අනුවත් ලග්නාධිපති සඳුගේ ගමන අනුවත් කටක ලග්නයට මේ සතිය ඉතාම සුබයි.
සියලුම ක්ෂෙත්‍ර වල සිටින්නාවූ අයට ධන ධාන්‍ය තත්වය උසස්වේ. ආර්ථික කටයුතු උසස් වේ.
කලකට පසු ගෘහ ජිවිතය ප්‍රීතිමත් වන්නේ තිබුනු ග්‍රහ දෝෂ මගහැරීමෙනි. පවුලේ සාමාජිකයන් හා ප්‍රීති වන්නට පුලුවන් සේම, කෙටි ගමන් බිමන් විනෝද ගමන් ආදිය යෙදෙනු ඇත.
දැනට තත්වය අනුව විශේෂ සෞඛ්‍ය ගැටළු නැතත් නිදන් ගත රෝග ඇති අය ඒ ගැන විමසිලිමත් වීම මැනවි.

● සිංහ ලග්නය
සුභදායක සතියකි.
සඳු ග්‍රහයා උච්ච බලයෙන් 10 වැන්නේද පසුව 11 වැන්නේද හැසිරෙන මේ සතියේ ආදායම් මාර්ග වලට දොර විවර වෙන සතියකි. ව්‍යාපාර ක්ෂෙත්‍ර වල සිටින අයට තමා සතු දේ අලෙවි කරගැනීම ඉතාම පහසු වනවා ඇත.
එසේම සතිය අගදී යාළු මිතුරෙකුගෙන් උදව් උපකාර ලැබේ.
ගෘහ ජිවිතය වෙනදා මෙන් ප්‍රීතියෙන් ගත වන අතර අඹුසැමි ප්‍රීතිය වර්ධනය වේ. එසේම කායික සුවය අධිකව බලාපොරොත්තු වන සතියකි.
විශේෂ සෞඛ්‍ය ගැටළු නැත, නමුත් උෂ්ණාධික රෝගාබාධ හා උදරාබාධ වලින් පරිස්සම් වන්න.

● කන්‍යා ලග්නය
සඳුගේ චාරය අනුව සුභ සතියකි.
ආර්ථික තත්වය යහපත් කරගැනිමට වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. එසේම පිරිසිදු සිතින් කරන කටයුතු සාර්ථක වනවා ඇත.
ගෘහ ජීවිතය ප්‍රීතිමත්ව ගත වේ. දෙමව්පියන්ගේ උදව් උපකාර ඇතුව යම් යම් අඩුලුහුඩුකම් පුරවා ගැනීමට පුලුවන.
සෞඛ්‍ය තත්වයේ විශාල ලෙස පිරිහීමකට ලක් නොවේ. නිදන් ගත රෝගාබාධ ඇති අය ඒ ගැන සැලකිලිමත්විම ප්‍රමාණවත්ය.

● තුලා ලග්නය
එතරම් ශුභදායක නොවේ.
සතිය මුලදී විවිධ බාධක, ගැටළු, උපද්‍රව රැකියාවත් ව්‍යාපාරික පැත්තෙනුත් ඔබට ඇතිවීමට පුලුවන.
ගෘහ ජිවිතයද තරමක අර්බුදකාරි තත්වයක පවතී. අඹුසැමියන් අතර සිත් නොහොඳ වීම මේ අතර ප්‍රධානයි. ඒවා වලක්වා ගන්න.
හිසේ අමාරු කරදර සහ මානසික ආතතියද එසේම ජලය ආශ්‍රිතව ඇතිවන්නාවු විවිධ රෝගාබාධද ඇතිවිමට ඉඩ ඇති නිසා ප්‍රවේසම් වන්න.

● වෘශ්චික ලග්නය
සුභපලදායක සතියකි.
හවුලේ කරන ව්‍යාපාරික කටයුතු වලින් සුභ පල ලැබෙනවා සේම වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලබා එම තත්ව දියුණු කරගැනිමටද වාසනාව ඇත. ඔබට ඉතාම ශුභදායක සතියකි.
ගෘහ ජීවිතය ප්‍රීතිමත් වන අතර අඹුසැමියන් අතරද සමගිය ගොඩනැගේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. එසේම කාන්තාවන්ට පුරුෂයන්ට විරුද්ධ ලිංගිකයන් ඇසුරු කිරීමේ භාග්‍ය ලැබේ.
සෞඛ්‍ය තත්වයෙ ප්‍රබල ගැටළු නැත.

● ධනු ලග්නය
තරමක අයහපත් සතියකි.
එසේම සතිය මුලදී මානසික බිඳ වැටීම සහ ආත්ම විශ්වාසය අඩුකම නිසා ව්‍යාපාර සහ ධනෝපායන කටයුතු සහ රැකියාවල නිරත අයගේ බලාපොරොත්තුද යම් ආකාරයකට පළුදු විමට ඉඩ තිබේ. මේ තත්වය සතිය මැදදී විසඳේ.
ගෘහ ජිවිතයද එතරම්ම ප්‍රීතිමත්ව ගත නොවේ.
ස්වාමි භාර්යා දෙදෙනාගේ එක් අයෙකු හෝ දරුවෙකු අසනීප වීම නිසා කනස්සලු වීමට ඉඩ තිබේ. මේ තත්වයද සතිය මැදදි හරියයි. අවිවාහක අයට මංගල යෝග ලැබීමද, දායාද හිමිවීමද නියමයි.
සෙම් අමාරු, මුත්‍රා ආබාධ, උදරාබාධ, බෝවන රෝග වලින් ආරක්ෂාවීම යහපති.

● මකර ලග්නය
ශුභපල දායක සතියකි.
සතිය මුලදී ආදායම් තත්ව දියුණු වේ. එසේම හදිසි ලොතරැයි ධන ලාභද හිමිවිමට ඉඩ තිබේ. වෙලද ව්‍යාපාර කටයුතු සාර්ථක වේ.
ගෘහ ජිවිතය අතින් ගත් කල දරුවන් සමග ප්‍රීතියෙන් සිටීමට පුලුවන්. දරුවන් ලැබීමට නියමිත මෑණිවරුන්ට පින්වත් දරු උපත් සිදුවේ.
සෞඛ්‍ය තත්වය බැලූ කල සතිය අගදි උදරාබාධ සහ බෝවන රෝග වලින් ආරක්ෂා විම යහපත්ය.

● කුම්භ ලග්නය
චන්ද්‍රචාරය අනුව නම් සුභ සතියකි.
මා එසේ පැවසුවේ රාහු-කේතුගේ බලය තරමකට දුර්වලව ලග්නයට බලපාන බැවිනි. ආර්ථික තත්වය යහපත්ය. ජලය ආශ්‍රිත රැකියා කරන අයටද, ව්‍යාපාරික කටයුතු කරන අයටද මේ සතිය සුභපල දායකයි.
ගෘහ ජිවිතයේ ප්‍රීතිය ඇතිවේ. අලුත් නිවාස ඉදි කරන අයටද හොඳයි. නිවසට අලුත් ගෘහ භාණ්ඩ ආදිය මිලදී ගැනිමට වාසනාව හිමිවේ.
සෞඛ්‍ය තත්වය යහපත් වන අතර සෙම් අමාරු හා පීනස් රෝග ඇති අය පරිස්සම් වන්න.

● මීන ලග්නය
ශුභපල දායක සතියකි.
ආර්ථික තත්වය යහපත් වේ. නව ආදායම් මාර්ග ඇතිවන අතර කෙටි ගමන් බිමන් මගින් ආදායම ලැබේ. ඔබ හැකියාවන් දියුණු කරගැනිමට අවස්ථාවක් ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවේ. දරුවන්ගේ කටයුතු වලින් ප්‍රීතිය ඇතිවේ.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැතත් නිදන් ගත රෝග ඇති අය ඒවායින් ආරක්ෂා වන්න.

__ගුරු ගැන පොදුවේ __

ග්‍රහලොව සුරගුරු වශයෙන් හඳුන්වන ගුරු ග්‍රහයා සෑම තැනකදීම ශුභ පල දෙන ග්‍රහයෙකු ලෙස පොදුවේ අපගේ පිලිගැනීමේ ඇත. මෙම ග්‍රහයා ඉතාම විශ්වාසවන්තම ග්‍රහයෙකි. කෙනෙකුට අපල උපද්‍රව ඇති කරන්නෙ කලාතුරකිනි.

● ගුරු 1 වැන්නේ, 11 වැන්නේ සිටීම බොහෝ යහපත් තත්වයකි.

* ගුරු උච්ච වීමෙන් ජයසිඳු යෝගයද ගුරු ස්වක්ෂෙත්‍ර වීමෙන් භූමිපාල යෝගයද යෙදේ.

● ගුරු එසේ බලවත් වන්නේ 1, 4, 7, 10 තැනක නම් එය “ගුරු හංස යෝගය“ නම් පංච මහා පුරුෂ යෝගයයි.
● ගුරු - සඳු සප්තම දෘෂ්ඨි ලැබීමෙන් ගජකේශරී යෝගය යෙදේ.

● 2, 11 වැන්න යන තැනක ගුරු සිටීම බොහෝ යහපත්ව දක්වා ඇති අතර 1,4,7,10 මෙන්ම 9 වැන්නටද ගුරු යහපත්ය.
● 12 වැන්නටද එතරම් අයහපත් නැත.
● 3, 6, 8 යන ස්ථාන වලට ගුරුගෙන් එතරම් යහපතක් නැත.
6 වැන්නේ සිටීමෙන් සහකරුගේ දෙමාපියන් තමන්ට තම දෙමාපියන් මෙන් සලකයි. 8 වැන්නේ ගුරු ශාන්ත මරණයකට ඉඩ ලබාදේ.

● කෙසේ වුවද යම් තැනක පිලිගැනෙන පරිදි 3, 6, 8 යන ස්ථාන වල ගුරු ගමන් කිරීම හදිසි අනතුරු වලට හේතුවිය හැක.
* විශේෂයෙන් අසුභ දෘෂ්ඨි වලින් ගුරු පාප පීඩිත නම් මේ තතත්වය සිදුවේ.
ඒනිසාම ශනි, රාහු - කේතු සමග ගුරු/බ්‍රහස්පතීගේ තත්වයද පරික්ෂා කරවා ගැනීම වටී.

අපගේ අත්දැකීම අනුව ගුරුට අයහපත් දෘෂ්ඨි ගෝචර වශයෙන් ලැබීම මත බොහෝ කරදර ඇතිවිමට ඉඩ ඇත.

● බෝධි පූජා පැවැත්වීම ගුරුගේ අපල වලදී ප්‍රශස්තය. ගුරු අධ්‍යාත්මයට සම්බන්ධ නිසා නිසිලෙස එම කටයුතු කිරීම වටී.

● මහා විෂ්ණු දෙවියන්ට භාරවිමද උන්වහන්සේගේ නාමයට පින් අනුමෝදන් කිරිමද ඉතාම යහපති.
● නරසිංහ සහ බුදුගුණ යන්ත්‍ර පැලදිම ගුරුගේ අපල දුරු කිරිමට හේතුවකි.
● පුෂ්පරාග ගලක් ඇල්ලූ මුදුවක් පලදින්න.

ගුරු කේන්දරයේ සිටින තැන අනුව විග්‍රහයක් ලගදීම _

Saturday, July 19, 2014

කේන්දර සටහනක 1 වෙනි කොටුවේ කිසිදු ග්‍රහයෙකු නැතිනම් හෝ 1 වෙනි කොටුවට වෙනත් ග්‍රහයන්ගේ ග්‍රහ දෘෂ්ඨිද නැත්නම් එම පුද්ගලයාට ලග්නයට කියවෙන ලක්ෂණ බොහෝ දුරට ඇත.

ලග්නය සහ කේන්දර සටහන අනුව එම වෙනස්වීම ගැන සිතද්දී..
යම් ලග්නයකට විස්තරයට අනුව එම ලග්නය අයිති අය කෙසඟ අය ලෙස දක්වා ඇති වුවද යම් කෙනෙකුගේ කේන්දර සටහනේ 1 වැන්නේ ගුරු සිටී නම් එම කෙනා හොඳ පිරුණු කෙනෙක් විය යුතුය.

තවද තවත් ලග්නයක ලක්ෂණ ලෙස සාමයට කැමති, සාමකාමි අදහස් ඇති අය ලෙස කිව්වද එම ලග්නය අයිති කේන්දර සටහනක් ඇති කෙනෙකුගේ කේන්දර සටහනේ 1 වැන්නේ කුජ සිටියොත් එම ලක්ෂණ වෙනස් විය හැක.

එසේම ලග්නාධිපති, 2 වැන්නාධිපති, 3 වැන්නාධිපති යනාදි ලෙස එකී ග්‍රහයන් සිටින තැන, අදාල ග්‍රහ දෘෂ්ඨි අනුව පවසන දෙය වෙනස් විය හැක.

“ සිරි සැප දෙන රාජ යෝග “ සහ තවත් යෝග - 1

මෙලොව එළිය දකින ජන්මියෙකුට ජීවිතයේ ඉහලට ඒමට ජයග්‍රහණ ලැබීමට ලෞකික වශයෙන් දියුණු වීමට මෙම බලගතු යෝග අවශ්‍ය වේ.

කේන්දර සටහනක ඇති බලය සැඟව ඇත්තේ “යෝග“ තුල බව කියනු ලැබේ.

මෙම යෝග නිසිලෙස පිහිටා ඇත්නම් එවන් අය ජන බලය ඇති නායකයන්, හමුදා ක්ෂෙත්‍ර වල ඉහල නායකයන්, ඉහලටම උගත් වෘත්තිකයන්, කලා ලොවේ ප්‍රකට පුද්ගලයන් ආදි තත්ව වලට පත්වේ.
රාජ යෝග ඇතිව උපත ලබා තිබී රජ නොවුනද රජුන් හා සමානව ගරු බුහුමන් ලබන බව කියවේ.

“ පංච මහා පුරුෂ යෝග වන රුචක යෝගය, සස යෝගය, ගුරු හංස යෝගය, මාලවී යෝගය සහ භද්‍රා යෝගය “

මෙම යෝග හැරුණු කොට අනිකුත් යෝග වලින්ද පුද්ගලයෙකු දිවි මගේ ඉහලට එයි.

“ චන්ද්‍රාධි යෝගය “
“ ගජකේශරී යෝගය“
“ ධර්මකර්මාධිපති යෝගය“
“ උභයචාරි යෝගය “
“ බුධ ආදිත්‍ය/භාග්‍යය යෝගය “
“ විෂ්ණු යෝගය “
“ ලක්ෂ්මි යෝගය “
“ ජයසිඳු යෝගය “
“ බුද අත්පෙත් යෝගය “
“ වෙශි යෝගය යෝගය “
“ වොශී යෝගය යෝගය “
“ ඒකාවලි යෝගය “
“ දාමිණි යෝගය “
“ විපරීත රාජ යෝග “
“ පරිවර්ථන යෝග “
“ සිංහාසන යෝග “
“ අමරා යෝගය “
“ යස යෝගය “
“ පරිවර්ථන යෝග “

මෙම යෝග වලට අමතරව තවත් බොහෝ යෝගද ඇත. ජන්මියාව දියුණු කරන තවත් බොහෝ යෝග ජෝතිෂ්‍යයට අනුව දක්වා ඇත.

ඉදිරියෙදි මේ යෝග එකින් එක ගැන සැකසුනු විස්තරයක් බලාපොරොත්තු වන්න.

Thursday, July 17, 2014

__ගුරු ගැන පොදුවේ,

ග්‍රහලොව සුරගුරු වශයෙන් හඳුන්වන ගුරු ග්‍රහයා සෑම තැනකදීම ශුභ පල දෙන ග්‍රහයෙකු ලෙස පොදුවේ අපගේ පිලිගැනීමේ ඇත. මෙම ග්‍රහයා ඉතාම විශ්වාසවන්තම ග්‍රහයෙකි. කෙනෙකුට අපල උපද්‍රව ඇති කරන්නෙ කලාතුරකිනි. 

●  ගුරු 1 වැන්නේ, 11 වැන්නේ සිටීම බොහෝ යහපත් තත්වයකි. 

* ගුරු  උච්ච වීමෙන් ජයසිඳු යෝගයද ගුරු ස්වක්ෂෙත්‍ර වීමෙන් භූමිපාල යෝගයද යෙදේ.

●  ගුරු එසේ බලවත් වන්නේ 1, 4, 7, 10 තැනක නම් එය “ගුරු හංස යෝගය“ නම් පංච මහා පුරුෂ යෝගයයි.
●  ගුරු - සඳු සප්තම දෘෂ්ඨි ලැබීමෙන් ගජකේශරී යෝගය යෙදේ.

●  2, 11 වැන්න යන තැනක ගුරු සිටීම බොහෝ යහපත්ව දක්වා ඇති අතර 1,4,7,10 මෙන්ම 9 වැන්නටද ගුරු යහපත්ය. 
● 12 වැන්නටද එතරම් අයහපත් නැත.
●  3, 6, 8 යන ස්ථාන වලට ගුරුගෙන් එතරම් යහපතක් නැත. 
6 වැන්නේ සිටීමෙන් සහකරුගේ දෙමාපියන් තමන්ට තම දෙමාපියන් මෙන්  සලකයි. 8 වැන්නේ ගුරු ශාන්ත මරණයකට ඉඩ ලබාදේ. 

● කෙසේ වුවද යම් තැනක පිලිගැනෙන පරිදි 3, 6, 8 යන ස්ථාන වල ගුරු ගමන් කිරීම හදිසි අනතුරු වලට හේතුවිය හැක.
* විශේෂයෙන් අසුභ දෘෂ්ඨි වලින් ගුරු පාප පීඩිත නම් මේ තතත්වය සිදුවේ. 
ඒනිසාම ශනි, රාහු - කේතු සමග ගුරු/බ්‍රහස්පතීගේ තත්වයද පරික්ෂා කරවා ගැනීම වටී. 

අපගේ අත්දැකීම අනුව ගුරුට අයහපත් දෘෂ්ඨි ගෝචර වශයෙන් ලැබීම මත බොහෝ කරදර ඇතිවිමට ඉඩ ඇත.

●  බෝධි පූජා පැවැත්වීම ගුරුගේ අපල වලදී ප්‍රශස්තය. ගුරු අධ්‍යාත්මයට සම්බන්ධ නිසා නිසිලෙස එම කටයුතු කිරීම වටී. 

●  මහා විෂ්ණු දෙවියන්ට භාරවිමද උන්වහන්සේගේ නාමයට පින් අනුමෝදන් කිරිමද ඉතාම යහපති.
●  නරසිංහ සහ බුදුගුණ යන්ත්‍ර පැලදිම ගුරුගේ අපල දුරු කිරිමට හේතුවකි. 
●  පුෂ්පරාග ගලක් ඇල්ලූ මුදුවක් පලදින්න. 

ගුරු කේන්දරයේ සිටින තැන අනුව විග්‍රහයක් ලගදීම _

_ බලගතු ලිංගික ශක්තියකට ඇති ග්‍රහ බලය _

මනුෂ්‍යයාගේ කායික සම්භෝගයට අවශ්‍ය වන්නේ, මානසික ඒකාග්‍රතාවයයි.
වෙසෙසින්ම මේ සම්බන්ධව අධ්‍යයනය කිරීමේදි ජෝතිෂ්‍යානුකූලව මෙයට පාදක වන කාරණාත්, සාමාන්‍ය මනෝවිද්‍යාත්මක කාරණාත් අතරේ බැලූ කල්හි සිතිවිලි සහ මනස, මානසික ශක්තිය, චින්තනය ආදි සියලුම ප්‍රස්තූතයන්ට මූලික වන "සඳු" ග්‍රහයාගේ බලවත් වීම පුද්ගලයෙකුගේ ලිංගික නිරෝගීභාවයට මනාසේ පිටුවහලක් බව කිව යුතුය.

* අප එදිනෙදා පුවත්පත් දැකීමෙදි අපට කාම අපරාධ සම්බන්ධවද දැකීමට ලැබේ.
එම කාම අපරාධ සහ විකෘති කාම ක්‍රියා ගැන අප පසුවට සඳහන් කරන්නම්.

● සිතිවිලි වලට මුල් වන සඳු/චන්ද්‍රයා කේන්දරයක ස්වක්ෂෙත්‍ර බලයෙන්, උච්ච රාශියක සහ එසේම ලග්නයට බලපාන 3 වැන්න, 5වැන්න, 7 වැන්න, 11 වැන්න ආදි රාශියක බලගතුව පිහිටා එම සඳු සුභයින්ගේ දෘෂ්ඨියට ලක්වේද හෙතෙම නිරෝගී ලිංගික මානසික ශක්තියක් ඇති සන්සුන් පුද්ගලයෙකු වේ.
ඔහුට ලැබෙන භාර්යාව, ඔහුගෙන් ඉතාම ආධ්‍යාත්මික වූ එසේම මනාකොට බැඳීමක් ඇතිවූ ලිංගික ආශ්වාදයක් ලබයි.
එම ඇසුරෙන් ලබන තෘප්තිය සහකාරියට හෝ සහකරුට දිවි ඇතිතෙක් අමතක කල නොහැක.
● එසේම කේන්දරයක මෙයට උදව් කරන කාය බලය පරික්ෂා කිරීමෙදි කුජ සහ සිකුරුගේ බලවත්කම සහ සංයෝගය ඉතාම වැදගත්ය.

● කුජ - සිකුරු දෙදෙනා කාමයෝග කාරක ග්‍රහයන් වුවත් එම ග්‍රහයන් 2, විශේෂයෙන්ම 3 වැන්න 5, 7, 11 යන තැනක සුභව පිහිටා සිටියදී ලග්නාධිපති ශුභයෙකු වී බලවත්වීමද බ්‍රහස්පති/ගුරු සහ සඳු බලවත්වීමද පුද්ගලයා චරිත පාරිශුද්ධයෙන් උපරිමයට ගොස් ලිංගික ශක්තියෙන්ද අනූන, භාර්යාව දුටු පමණින් සතුටු කරන උතුම් පුරුෂයෙක් බවට පත්වේ.

● එසේම ගුරු සඳු දුර්වලව කුජ - සිකුරු දෙදෙනාගේ නරක ස්ථාන වල පිහිටිම පුද්ගලයෙකු වැරදි කාම සේවනය නිසා ප්‍රපාතයට ඇද වැටෙන හේතුවකි.

ඔබගේ ජන්ම පත්‍රය අනුවත් මේ ග්‍රහ පිහිටිම ඇත්දැයි විමසිලිමත් වන්න. මන්ද ඔබටත් යම් දිනෙක මේ ගැන සොයා බැලීම වැදගත් වනු ඇත.

_ මහා අභිසම්පිධාන යන්ත්‍රය _

සර්ව උපද්‍රව දෝෂ හරණ යන්ත්‍ර කාණ්ඩ අතරේ ගත්කල බුදුගුණ යන්ත්‍රද ඇත.
එනම් අප තිලෝකතිලක සම්බුද්ධ භාග්‍යවත් බුදු රජාණන්වහන්සේගේ අසංඛ්‍ය වූ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරන ලද පාරමිතා ගුණ බලයද උතුම් වූ උන්වහන්සේගේ චරිතයේ ඇති මහා කාරුණික බවද අනිකුත් ගතිගුණද එසේම උන්වහන්සේගේ ධර්මයේ ඇති සත්‍යවාදි බවද එසේම උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස වූ සාරිපුත්‍ර මොග්ගල්ලාන දෙනම ප්‍රධාන සියලුම රහතන්වහන්සේලාගේද ගුණ සම්භාරයේ ගාථා රත්න වලට ප්‍රස්ථාර වූ යන්ත්‍ර බුදු ගුණ යන්ත්‍ර වශයෙන් හඳුන්වයි.

● එසේම මෙම යන්ත්‍ර රාශියක් ඇතිවුවත් අභිසම්පිධාන යන්ත්‍රය යනු මේ යන්ත්‍ර අතරේ ඉතාම ප්‍රබලම යන්ත්‍රයක් බව කිව යුතුය.

● මෙම යන්ත්‍රය බුද්ධ, ධම්ම, සංඝ ගුණයන්ද ආනන්ද, මහා කාශ්‍යප, සීවලී, සාරි පුත්ත, මොග්ගල්ලාන, අංගුලිමාල ආදී බුදු රජාණන්වහන්සේගෙ ප්‍රබලම ශ්‍රාවක රහතන් වහන්සේලාගේ ගුණ යහපත් භාවය සිහිපත් කරයි.

● එසේම සතර සතිපට්ඨානය, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, මෙම යන්ත්‍රයට ප්‍රස්තාර කොට ඇත. මෙම යන්ත්‍රය

● පැළද ගැනීමෙන් කුඩා දරුවන්ගේ සිට මහල්ලා දක්වා ඇතිවනඅමනුෂ්‍ය දෝෂ ඉවත්වීම, මෝහණී දෝෂය ඇතුළු නපුරු සිහින දැකීම වැළකීම, කොඩි වින හූනියම් ආදි වින දෝෂ නැති කිරීම, ගෙවතු සහ භූමි ආරක්ෂාවටද සතුරන් දමනය කිරීමටද, රෝග නිවාරණය කිරීමටද, පාළු ගෙවල් වල ඇති මල ප්‍රේත, ගෙවල ප්‍රේත යකුන් නිසා ඇතිවන ආහාර අජීර්ණ වලටද ප්‍රත්‍යක්ෂ වූ බලගතු වූත් ශාන්ති කර්මයකි මහා අභිසම්පිධානය යන්ත්‍රය.

මෙය සම්බන්ධව ශුභ පල කීමට නම් පිටු 4-5ක් වැයවන බව මාගේ විශ්වාසයයි.

Tuesday, July 15, 2014

රාහු - කේතු මාරුව රටට කොහොමද ?


(ජුලි 14සිට)

* ග්‍රහ ලොව විශේෂිත ග්‍රහයන් වන රාහු සහ කේතු ඡායා ග්‍රහයන් වශයෙන් හඳුන්වයි. 
ඉතාම ප්‍රබල චුම්බක ශක්තියක් සමග න්‍යෂ්ඨික ප්‍රතිරෝධාත්මක ජීව බලයකින් යුත් මේ ඡායා ග්‍රහයන් වශයෙන් හඳුන්වන පෘථවියේ ගමන් මාර්ගයේ සහ සඳුගේ ගමන් මාර්ගයේ උතුරු ලක්ෂයත් දකුණු ලක්ෂයත් කැපෙන රේඛාවන් රාහු හා කේතු ලෙස හඳුන්වයි. 

* අධි බලැති න්‍යෂ්ඨික ශක්තියකින් යුත් මේ ලක්ෂයන් 2න් පුද්ගලයාට එල්ල වන්නේ දැවැන්ත වූ ග්‍රහ බලපෑමකි. පුරාතන ඍෂිවරුන් උත්තර ලක්ෂයට රාහුද, දක්ෂිණ ලක්ෂයට කේතුද යනුවෙන් හැඳින්වූයේ එහි බලපෑම පුද්ගලයාට බලපාන අයුර සැකවින් තේරුම් අරගෙනයි. 

ලංකා කේන්දරය වූ කුම්භ ලග්න කේන්දරයේ  8 වැන්නට රාහු පැමිණෙන අතර 2 වැන්නට කේතු පැමිණේ.

● ඒනිසා විදේශිය බලපෑම් ලංකාවට එල්ලවීමට ඉඩ ඇති බව කිව යුතුය. 

● එසේම මෙම කාලය තුලදී කර්මාන්ත ශාලා සහ විවිධ රසායනික කර්මාන්ත ශාලා වල යම් පිපිරීම් වැනි අනතුරු දක්නට ලැබේ. 

● එසේම කාලගුණයේ හදිසි වෙනස්කම් නිසා ප්‍රදේශ වල යම් යම් හානි වීමට ඉඩ ඇත. 

● එසේම රජයේ සහ විපක්ෂයේ ඉහල තනතුරු හොබවන අයට යම් යම් වෙනස්කම් වලට භාජනය වීමට ඉඩ ඇත. 

● පොදුවේ ගත්කල රාහු - කේතු මාරුව නම් රටට ඒ තරම්ම සුභ දායක නොවන බව කිව යුතුය.
සිංහ ලග්න ජනරජ කේන්දරයටද එසේමයි. 

ඒනිසා සියලු කටයුතු බුද්ධියෙන් ඉවසීමෙන් කිරීම මැනවි !

_ අභියෝගයට අභියෝග කල දිරිය දියණියකගේ කේන්දර සටහන _

1986 වසරේ ජනවාරි 23 වන දින, දින 7න්ම ශුභම ශුභ දිනයක් වූ බ්‍රහස්පතින්දා දින කන්ද උඩරට අගනගරය වූ මහනුවර ප්‍රදේශයට ආසන්න වූ එක්තරා ග්‍රාමයකට උදෑසන හිරු පායන්නේ එම ග්‍රාමයේ යුවතිපතීන් දෙදෙනෙකුට අලුත් බලාපොරොත්තුවක් එක් කරමිනි. 
එනම් එදිනදී එම යුවතිපතින් දෙදෙනාට වාසනාවන්ත දූ කුමාරියක් මෙලොව එලිය දකින දවස ඒ දවස වීම බැවිනි. 
අප පරික්ෂා කල කේන්දර අතරේ, තවත් එක් සුවිශේෂිතා ලක්ෂණ පෙන්වන බලගතු කේන්දරයක් වීම හේතුවෙන් ඒ ගැන සඳහනක් කිරීමට සිතුවෙමු. 

* මෙම ජන්ම පත්‍රය පරික්ෂා කිරීමේදී අතීත සෙංකඩගල රාජධානියේ රාජ කුමාරයෙකුගේ හෝ රාජ මහේෂිකාවකගේ ජන්ම පත්‍රය දැයි නිකමට හැඟේ. ඒ තරමට බලගතුය. 

* මේ දරුවා ගුරු දිනක පුර පක්ෂයේ තෙලෙස්වක තිථියෙන්ද රාහුට හිමි අද නැකතේ 2වන පාදයෙන්ද සඳු හිමි කටක ලග්නයෙන්ද උප්පත්තිය ලබා ඇත. 

● මෙම කේන්දරයේ චතුර් ග්‍රහ යෝගයක් වූ ගුරු-සිකුරු-රවි-බුධ යෝගය 7 වෙනි භාවයේ පිහිටා ඇත. 
● එසේම කේන්දරයට බලවත් රාහු සහ කුජ 0පිලිවෙලින් 5 වැන්නේ සහ 10 වැන්නේ පිහිටා ඇත. 
● මේ කේන්දරය මනාව පරික්ෂා කිරිමෙදි ලග්නයට අවශ්‍යම වූ ග්‍රහයන් බලවත් වී ඇති බව පෙනී යයි. 

● අඟහරු/කුජ ග්‍රහයා 5 වැන්නේ බලවත් වීම නිසා කුඩා කල සිටම මෙම කුමරියගෙන් එඩිතර භාවය පෙන්නුම් කරයි. එසේම සෙනසුරු ග්‍රහයාද 5 වැන්නේ පිහිටීම නිසා කොපමණ බාධක කරදර අධ්‍යාපන ක්සෙත්‍රයේ පැමිණියද පෙරට යන ගතිය කුඩා කල සිටම පෙන්වා ඇත.

● එසේම මේ දරුවාගේ 7 වන භාවයේ ඇති රවි - බුධ - ගුරු - සිකුරු යෝගය බලවත්ම රාජ යෝගයක් බව කිව යුතුය. 

● එසේම මෙම යෝගය සම්බන්ධව පුරාණ ඍෂි භාෂිතයේ ඇති කරුණු උපුටා දක්වමි. 
මෙම යෝගය ඉතාම වටිනා වූ යෝගයකි. මේ යෝගය හිමි ජන්මියා ප්‍රබල පුරවැසියෙකි. 
එසේම උසස් වූ ප්‍රභූ පන්තියේ ගෞරවාදරයටත්, ඇගයීමටත්, සම්මානයටත් පාත්‍ර වේ. මෙවැනි ජීවිත හටගන්නා කලත්‍ර බොහෝවිට රාජකීය පෙලපත් වලට නෑදෑකම් කියයි. 

● ප්‍රඥාව උප්පත්තියෙන්ම ලැබේ. එසේම නීරෝගී, අලංකාර වූ, ප්‍රියමනාප වූ දේහයක් හිමිවෙයි. 
● එසේම මෙම ජන්මියා මුඛරි භාවයෙන් යුත් නැණති බලවත් කෙනෙක් වෙයි. 

* මා ඉහත දැක්වූ කරුණු ඇස් පනාපිටම සාධනයක් බවට පත්කල මෙම උතුම් වූ කුමාරිය 1998 වසරේදී ලැබූ ගුරු/බ්‍රහස්පතී මහ දසාව තුලදී ඇයගේ දිවියේ Turning Point එක හෙවත් හැරවුම් ලක්ෂය ලබාගෙන ඇත. 
දහිරියෙන් කටයුතු කර, අධ්‍යාපනයේ යම් යම් බාධක මතු වුවද එයින් නොසැලී ආ ගමන අද මේ දරුවා සිටින්නේ 21 වන සියවසේ ලොව අංක 1 දියුණුම වානිජ, සමාජීය, ආර්ථික තත්වයක් ඇති ලොව අංක 1 රටකය. 

● මා මේ ජන්ම කේන්දරය පරික්ෂා කිරීමේදි පැවසුවේ ඔබ පිරිමින් 10කටවත් කරන්න බැරි වූ යම්කිසි අභියෝගාත්මක දෙයක් ඉෂ්ඨ කරගත් වීර දියණියක් නිසාය. 

● එසේම 2005 වසරේ අවසාන කාලය තුලදී පූර්ව ආත්ම භාව වලදි කර ඇති අති මහත් කුසල් සම්භාරය නිසා අද මෙම දරුවා ඉන්නා වූ සමාජ වපසරියට ඇතුල් වීමට ආරම්භයක් මා කියූ 2005දී ලබාගෙන ඇත. 
එදා පටන් මෙම දරුවාගේ අද ඉන්නා තත්වයට යම්කිසි ග්‍රහමය තල්ලු කිරීමක් සිදුවී ඇති බව මාගේ නිගමනයයි. 

● එසේම නිරතුරුවම අන් අයගේ, මෙරට හෝ තමන් ඉන්නා තැන, ඕනෑම පුද්ගලයෙකුගේ අති මහත් ප්‍රශංසාවට ලක්වන දියණියකි. 

● එසේම මුලින්ම ජන්ම පත්‍රය පරික්ෂා කිරීමේදි මා හට මේ කේන්දරය අනුව රූප ශෝභාව මා සඳහන් කලෙමි. පසුව එම දරුවාගේ සේයාරූ දැකීමෙන් පසු මා එය ප්‍රත්‍යක්ෂ කොටම දැන ගතිමි. සැබවින්ම අති සුන්දර යුවතියකි. 
මේ මා සඳහන් කරන්නේ මේ දරුවාගේ රූපය මූලික කරගෙනම නොවේ. මෙම ගැහැණු දරුවා සැබවින්ම All rounder කෙනෙකි. 
එනම් රූපය බුද්ධිය සහ ප්‍රඥාව, අනලස් බව සහ ක්‍රියාශීලි භාවය, ආගමික භක්තියට සම්බන්ධ ආධ්‍යාත්මික දර්ශනය මේ ආදි සියලුම ප්‍රස්තුතයන් මේ දූ කුමාරියගේ කේන්දරයේ සටහන් වී ඇත. 

● මෙම කේන්දරය අනුව දරුවාට 2014 වසරේ සිට ඉදිරියට කඩින් කඩ වසර 2කට පමණ යම් යම් බාධක කරදර ඇත. 
* මෙම උපද්‍රවයන් නාශනය කිරීමට පූර්ව ආත්ම භව වල ඇති කුසල් සම්භාරයන් මිශ්‍රව මෙම දරුවා යොමුවන ආගමික කටයුතු වලදී ඇතිවන මානසික සංහිඳියාව තුලින් එම තත්වයන් මඟහරවා ගැනීමට හැකි බව මාගේ විශ්වාසයයි. 

● එසේම මේ දරුවා අනාගතයෙදි ප්‍රබලම තත්වයක සිටින බවත් ජීවිතයේ හිරිමල් යුවතියක්ව සිටියදීම අභියෝග වලට අභියෝගයක් වී තමාගේ ජයග්‍රහණය දිශානුගත කල මෙම කුමරිය අනෙකුත් දරුවන්ටද ආදර්ශයක් බව කියමි !

- පරික්ෂා කල හඳහන් අතරේ ප්‍රමුඛ ස්ථානයක් හිමිවන්නේ එබැවිනි. 
● එසේම විවාහ ස්ථානය තුලවූ සුවිශේෂි ග්‍රහ බලය නිසා යහපත් විවාහයක් කරගැනීමට මේ දරුවාට ඇති බලය ඉතාම අධිකය. 
ප්‍රභූවරයෙකු එසේම සෞභාග්‍යයෙන් ආඪ්‍ය වූ රටතොට ප්‍රබල පුරවැසියෙකුගේ ප්‍රිය භාර්යාව වීමට මේ දරුවා ජන්ම පත්‍රයෙන් සුදුසුකම් සම්පූර්ණ කර ඇත. 

● මෙම චතුර්ග්‍රහ යෝගයේ සිකුරුද 7 වැන්නේ සිටින නිසා මෙම යුවතියගේ කේන්ද්‍රයේ සුන්දරවූත් මිහිරි වූත් රහසක් ඇත. එය එක අතකින් බලන කල සම්පතකි. එය හිමිවන්නේ මැයගේ සැබෑ හිමිකරුවාටය. එය වාසනාව හා බැඳී පවතින තත්වයකි.

මේ දරුවාගේ ජිවිතයට යහපතක් සහ ආලෝකයක්ම වේවායි පතමින් මේ ජන්ම පත්‍ර විග්‍රහය අවසන් කරමි !

ඔබගේ කේන්දරයේත් මෙවන් ග්‍රහ යෙදුම් ඇත්දැයි පරික්ෂා කර බලන්න. 

නවීන ලොව අංක 1, සුපිරිම දේශයක ජීවත් වීමට මැය ලද භාග්‍යය මෙන් ඔබටත් ඇත්දැයි පරික්ෂා කොට බලන්න.

විශේෂයෙන්ම විදෙස් ගතවීමට අපේක්ෂා කරන මුහුණු පොතේ අපගේ සහෘදයින්ට මෙය විශේෂ කාරණාවක් වනු නොඅනුමානයි. 

ඉරු ජෝතිෂ්‍යය පර්යේෂණ අංශයට අනුබද්ධිත ජාත්‍යන්තර සේවයේ උත්සාහයකි මේ. 

තෙරුවන් සරණයි ! 

Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

_ රාහු - කේතු මාරුව ලග්න වලට කොහොමද ?


(2014 ජුලි 14 සිට)

+ග්‍රහ ලොව විශේෂිත ග්‍රහයන් වන රාහු සහ කේතු ඡායා ග්‍රහයන් වශයෙන් හඳුන්වයි. ඉතාම ප්‍රබල චුම්බක ශක්තියක් සමග න්‍යෂ්ඨික ප්‍රතිරෝධාත්මක ජීව බලයකින් යුත් මේ ඡායා ග්‍රහයන් වශයෙන් හඳුන්වන පෘථවියේ ගමන් මාර්ගයේ සහ සඳුගේ ගමන් මාර්ගයේ උතුරු ලක්ෂයත් දකුණු ලක්ෂයත් කැපෙන රේඛාවන් රාහු හා කේතු ලෙස හඳුන්වයි.

අධි බලැති න්‍යෂ්ඨික ශක්තියකින් යුත් මේ ලක්ෂයන් 2න් පුද්ගලයාට එල්ල වන්නේ දැවැන්ත වූ ග්‍රහ බලපෑමකි. පුරාතන ඍෂිවරුන් උත්තර ලක්ෂයට රාහුද, දක්ෂිණ ලක්ෂයට කේතුද යනුවෙන් හැඳින්වූයේ එහි බලපෑම පුද්ගලයාට බලපාන අයුර සැකවින් තේරුම් අරගෙනයි.
රාහු- සහ කේතු යන ග්‍රහයන්ගේ මහා පරිමාණයෙන් විස්තර කිරීමට දේවල් තිබුනත්, පහත සදහන් විස්තරය මැනවින් බලා දක්වන්නෙමු.

● මේෂ ලග්නය
6 වැන්නට රාහු පැමිණිමත් 12 වැන්නට කේතු පැමිණීමත් ඉතාම ශුභයි.
මෙතෙක් කල් තිබු සතුරු බලවේග නැතිව යයි. තමාට බලය ලැබෙන අතර, භූමි ලාභද හිමිවේ.
උප්පත්ති කේන්දරයේ 6 වැන්නේ පාප ග්‍රහයන් සිටින මව්වරුන්ට දරුවන් ලැබීම යම්කිසි ආකාරයකට ගැටළුවක් වීමට ඉඩ ඇත.

● වෘෂභ ලග්නය
5වැන්නට රාහු පැමිණේ, කේතු 11 වැන්නට පැමිණේ.
අධ්‍යාපනය ලබන දරුවන්ට මේ කාලය තරමක් අයහපත්ය.
එසේම කරන අධ්‍යාපන කටයුතු වල මතක ශක්තිය නැතිවිමට මෙය හේතුවකි. ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල සිටින අයට හදිසි ධනලාභ, ලොතරැයි ලාභ, භූමි ලාභ හිමිවේ.

● මිථුන ලග්නය
4 වැන්නට රාහු පැමිණේ, 10 වැන්නට කේතු පැමිණේ.
කාර්යබහුල තත්වයක් ග්‍රහ බලය නිසා පෙන්නුම් කරයි. එසේම ඔබට බොහෝ සේ රාජකාරි වලට පිට පලාත් වලට යෑමට අවස්ථාව ලැබේ. සමහරවිට විදේශ රටවල් වලටද යෑමට ඉඩ ඇත. බොහෝවිට රැකියාවල නියුතු අය එහි දියුනුව පිණිස පිටරටවල් වලට සංචාරය සිදුවේ.

● කටක ලග්නය
3 වැන්නට රාහු පැමිණේ, 9 වැන්නට කේතු පැමිණේ.
ඉතාම ශුභයි. තමාගේ කීර්ති නාමය රට තොට ප්‍රචාරය වේ. එම තත්වය නිසා බොහෝවිට තමා පසුවන්නේ නිරන්තර ප්‍රීතියෙනි. එසේම විවිධ මාර්ග වලින් ආදායම් ලැබීමද සමාජයේ කැපී පෙනීමද නිරන්තරයෙන්ම සිදුවේ. දේශපාලන ක්ෂෙත්‍රයේ නියුතු කටක ලග්න අයට මේ කාලය ඉතාම ශුභයි.

● සිංහ ලග්නය
2 වැන්නට රාහු පැමිණේ, 8 වැන්නට කේතු පැමිණේ.
මිශ්‍ර පල අපේක්ෂිතය. වචනය නිසා ප්‍රශ්න ඇතිවන නමුත් අධික ක්‍රියාශීලිත්වයත් කැපවීමත් නිසා ජිවිතයේ ජයග්‍රහණය ලබාගැනීමට හැකියාව ලැබේ.

● කන්‍යා ලග්නය
1 වැන්නට රාහු පැමිණේ, 7 වැන්නට කේතු පැමිණේ.
කන්‍යා ලග්න සියලුම දෙනාට අතිමහත් කාර්ය බහුල කාලයකි. කායික මානසික ඒකාග්‍රතාව පවා තරමකට ගිලිහී යාමට පුලුවන. ඒ ගැන විශේෂ අවධානයකින් සිටිය යුතුය. නමුත් විශේෂ දේශ දේශාන්තර වල සංචාරය කිරීමට ඉඩ තිබේ.

● තුලා ලග්නය
12 වැන්නට රාහු පැමිණේ, 6 වැන්නට කේතු පැමිණේ.
තුලා ලග්න අයට නීතිමය ගැටළු, නඩුහබ ආදිය ඇතිවිමට ඉඩ ඇත. එසේම අඹුසැමියන් අතර යම් යම් ආරවුල් ඇතිවිමටද ඉඩ ඇත. එසේම දේපල සම්බන්ධ ගැටළු මතුවිමට ඉඩ ඇත.

● වෘශ්චික ලග්නය
11 වැන්නට රාහු පැමිණේ, 5 වැන්නට කේතු පැමිණේ.
හදිසි ධනලාභ ලැබිම. නිලතල ලාභ ලැබීම සිදුවේ. එසේම ඔට්ටු රේස් දිනුම් ලැබීම මේ ආදිය සිදුවේ. සුභයි.

● ධනු ලග්නය
10 වැන්නට රාහු පැමිණේ, 4 වැන්නට කේතු පැමිණේ.
රැකියාවේ වෙනස්වීම්, එසේම යම් යම් රැකියාව නිසා ස්ථාන මාරු, උපතේදි රාහු බලවත් අයට රැකියාවේ දියුණුවත් දුර්වල අයට එහි බිද වැටීමත් පෙන්නුම් කරයි. කෙසේ වෙතත් ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ අයට නම් මෙය සුබ බව කිව යුතුය.

● මකර ලග්නය
9 වැන්නට රාහු පැමිණේ, 3 වැන්නට කේතු පැමිණේ.
දීර්ඝ විදේශ සංචාර හිමිවන අතර තමාගේ කීර්ති නාමය පැතිරේ. කැපී පෙනී වැඩ කිරීමට පුලුවන්.

● කුම්භ ලග්නය
8 වැන්නට රාහු පැමිණේ, 2 වැන්නට කේතු පැමිණේ.
උෂ්ණාධික රෝගාබාධ ඇතිවිය හැක. එසේම විවිධ ගැටළු වලට මුහුණ පෑමට ඉඩ තිබේ. ආර්ථික තත්වයේ දුර්වලකම් සහ ධන හානියද පෙන්නුම් කරයි.

● මීන ලග්නය
7 වැන්නට රාහු පැමිණේ, 1 වැන්නට කේතු පැමිණේ.
මීන ලග්න අයට තරමක විවාහ ජීවිතයේ යම් යම් ගැටළු මතුවිමට පුලුවන. එසේම අඹුසැමියන් අතර යම් යම් වාද විවාද නිසා පවුල් ජිවිතයට බාධා ඇතිවිමට ඉඩ ඇත. එසේම සෙම් අමාරු රෝග ආදිය ඇතිවිමට පුලුවන.


_ සියලු දෙනාම ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කිරීම යහපත්ය_

බුදු සරණයි !

Friday, July 11, 2014

කිතුණු ඔබට ශනිගේ අපලයකින්, බේරීමට කල හැකි බලගතු ශාන්ති කර්මයක් _

සෙනසුරු යනුවෙන් හඳුන්වන මෙම ග්‍රහ තාරකාව දුකට අධිපති බවත් සියලුම දෙනාට ඔහුගේ දසා කාලය තුලදී පුද්ගලයාගේ තරමේ හැටියට කිසියම් හෝ දුකක් කරදරයක් දෙන බවත් නොදන්නා කෙනෙක් නැත. පූර්ව ජන්ම වලදි කරන ලද අකුසල කර්ම වලට මෙම ආත්ම භවයෙදි දඬුවම් ලැබෙන කාලය මේ කාලය ලෙස සමහර තැන්වල දැක්වේ. මෙම ග්‍රහයාගේ දඬුවමට වයස් භේදයක්, දුප්පත් පෝසත් භේදයක්, පක්ෂ පාට භේදයක්, කළු-සුදු භේදයක් නොමැත.
එසේම ජාති ආගම් වශයෙන්ද ගැලවීමක් නොමැත.
එසේ නම් බෞද්ධ අප, මෙයට විශාල වශයෙන් ශාන්ති කර්ම කෙරුවත් කිතුණු දහම අදහන අපගේ සහෝදර එම ජනතාවට මේ සම්බන්ධව කිසිම තැනකදී මෙයට ශාන්ති කර්ම දක්වා නොමැතිවීම කණගාටුවට කරුණකි.

* මෙම අපලය සියලුම දෙනාට එන්නෙ හිරු එළිය පොදුවේ මුළු ලොවම ආලෝකමත් කරන ආකාරයටය. මා එහිදී සදහන් කලේ හිරු එළිය අපගේ සියල්ලන්ටම දැනෙන ලැබෙන දෙයක් නිසාත් ශනිගේ ග්‍රහ අපලය එමෙන්ම ලැබෙන්නෙ නිරායාසයෙන් බව ඔප්පු කිරීමටයි.

● කිතුනු ඔබට සෙනසුරු අපලයක් යෙදී ඇතිවිට ඔබ කල යුත්තේ ජේසුස් වහන්සේට සහ ශාන්ත මරියා දේව මෑණියන් උදෙසා භාරයක් විමය.

● එසේම උතුම් වූ ජේසුස් ක්‍රිස්තුත් වහන්සේගේ ගුණ සම්භාරය සිහි කිරීමත් මරිය තුමියගේ ගුණ සිහි කිරීමත් එම අපල කාලය පසුවන තුරු උන්වහන්සේගේ ඉගැන්වීම අනුව යමින් දුගී මගී යාචක ආදින්ට දන් පින් කිරීමට සිතා ගත යුතුය.

● තම අපල කාලය අවසන් වනතුරු ඉටි පහන් පූජා කිරීම එසේම දුගී මගී යාචක ආදින් අතරේ පුලන්නන්ට(කෑම බීම ඉල්ලන්නෙ නැති අය, බඩගින්නේ සිටිමින්) ආහාරපාන දීම, වස්ත්‍ර දීම එම අපලය දුරුවීමට හේතුවකි.

*● එසේම ගවමස් සහ ඌරුමස් අනුභවයෙන් වැලකීම එසේම ඔබ එම කාලය තුලදී නිර්මාංශ වීම තුලින් රැස් කරගත් කුසල බලය උන්වහන්සේලාගේ උතුම් වූ නාමයට අනුමෝදන් කිරීම වැදගත්ය.

● එසේම සන්ධ්‍යා කාලයෙදී නිවස තුල ඇති නිවස තුල ඇති පුංචි අල්තාරය තුල ජේසුස් වහන්සේගේ හා මරිය තුමියගේ පිලිරුවට මල් පහන් දල්වා පියතුමා විසින් දෙන ලද කට්ට කුමංජල් ආදියෙන් දුම් අල්ලා, ඉටි පහන් දල්වා ආලෝකමත් කරන්න. එම අවස්ථාවෙදි තමාගේ අපල දුරු වේවායි යාඥා කොට ජප මාලය කියවන්න.
අපලය ඇති තැනැත්තාද පවුලේ අයද සහභාගි කරගැනිම වැදගත්ය. එසේම සෙනසුරාදා දිනක දිවා ආහාරය නොගෙන එය යාචකයෙකුට දෙන්න.

● මනුෂ්‍යයා පාපයෙන් ගලවා ගැනීමට අතිමහත් උත්සහයක් දැරූ උතුම් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලද්දේ ගවහලක බැවින් ගවයෙකු මරණයෙන් නිදහස් කිරීම බොහෝ වටී. එසේ නොමැති නම් ඊට අදාල යම් මුදලක් හෝ පරිත්‍යාග කිරීම වටී.

● ශතාරික සමය වූ අලු බදාදා සිට පාස්කු ඉරිදා දින දක්වා කාලය නිර්මාංශ ආහාර ගන්න. එම පාස්කු කාලය පුරා එක් වරුව බැගින් උපවාස සීලය රැකීම බොහෝ ප්‍රශස්තයි.
● එසේම ඉරු දින දෙව් මැදුරට ගොස් දිව්‍ය පූජාවට සහභාගි වන්න.
● එසේම කිතුනුවා ගැන කෙසේ කීවත් බෞද්ධ අපට මෙන්ම කිතුනු ඔබටද ගවයා විසේසයෙන්ම සමීප සත්වයෙකි.
එසේම ජේසුස් වහන්සේ උදෙසා දල්වන පහනට පිරිසිදු එලගිතෙල් බිඳුවක් එක්කරගැනිම සෙනසුරු අපලය දුරු කරගැනිමට ක්‍රමයකි.

● එසේම ඔබ වෙතට එන අසරණ යාචකයන් සෙනසුරාගේ නියෝජිතයන් වැනිය.
එවන් අසරණ අයට උදව් උපකාර, සත්කාර කිරීම තුලින් ඔබ දෙවියන්වහන්සේගේ ප්‍රශංසාවට භාජනය වනු ඇත.

ඔබට ජේසු සමිදු පිහිටයි.

Iru Astrology
Iru Sewaya

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

Thursday, July 10, 2014

ඔබත් කුකුල් කේන්තිකාරයෙක්ද ?

ඔබටත් කේන්තිය පාලනය කරගැනීමට නොහැකිද ?
ඔබත් කුකුල් කේන්තිකාරයෙක්ද ?

“ වේවා ශාන්ති නොවේවා කේන්ති“
යනුවෙන් ඒ කාලයේ පාසල් යන අවධියේ මිතුරන් අපගේ සමරු පොත් වල ලියා ඇති බව අපගේ මතකයට එන්නේ නිරායාසයෙනි.
එනම් මේ කේන්තිය යන දේ මෝහයට අදාල කරුණක් බව අපගේ බුදුරජාණන්වහන්සේද දේශනා කර ඇත. නිතර කේන්ති ගන්නා තැනැත්තා සැබවින්ම අඥානයෙක් බව පරම සත්‍යයකි. මේ කේන්ති ගැනීම නිසා සමහර වෙලාවට මනුෂ්‍ය ඝාතන සහ විවිධ අපරාධ සිදුවන බවට දිනපතා පුවත්පත් බැලීමෙන් සහ විද්‍යුත් මාධ්‍යයන් ඔස්සේ ශ්‍රවණයෙන් දෘෂ්‍යනයෙන් පෙනී යයි.

* කේන්ති යන අයට වැළදෙන රෝගද බහුතරයක් ඇත. අධි රුධිර පීඩනය, ආතතිය, මානසික රෝග ආදිය සමහරක්ය.
ඉවසීම නැති නිසා කේන්තිය උපදී.

අප දැන් බලමු පමණට වඩා කේන්ති යන්නෙ කුමන ග්‍රහ පිහිටිම් නිසාද කියල...

● යම් කෙනෙකුන් උපත ලබන විට ඔහුගේ කේන්දර සටහනේ කුජ හා ශනි යන ග්‍රහයන් ලග්නය 1, 4, 7, සහ 10 වැන්න ආදි හතර කේන්දරයේ පිහිටිම.

● එසේම කේන්දරයක ශනි ලග්න ගතවී පාපකර්තරී වීම.
ජන්ම පත්‍රයක කුජ සහ රවි ග්‍රහ සංයෝගය 1 වැන්නේ හෝ 4 වැන්නේ සිටීම.
එසේම කුජ, රවි, ශනි යන ග්‍රහයෝගය 1, හෝ 4 සිටීම. මෙය මේෂ වෘශ්චික මකර ලග්න අයට විශේෂයි.

● කටක රැසේ රවි, කුජ, ශනි යන ග්‍රහයන් 3ම හෝ ඉන් දෙදෙනෙකු ලග්නයේ (1වැන්නේ) යෙදීම.

● සිංහ ලග්නය වී රවි හෝ කුජ යන ග්‍රහයන් 1 වැන්නේ හෝ 4 වැන්නේ පිහිටීම.
● එසේම සමහර අය කතා කරන වාග් මාලාව සහ කතා ශෛලීය අනුන්ගේ සිත් රිදවන ආකාරයටම සිදු කරයි. දයාබරත්වයක් නොමැත.

එය එසේ වන්නේ ඇයි.

● එයට ප්‍රධානම හේතුව වන්නේ කුජ, රාහු, සෙනසුරු සංයෝගයෙන් 2 වැන්නේ පිහිටිම නිසාය.
ඔබට මතක ඇති එක්තරා කාන්තාවක් මෑතකදී මාතර නිල්වලා ගඟට පැන සියදිවි නසාගත් ආකාරය. ඇයගේ එම අවාසනාවන්ත ඛේදවාචකයට හේතුව වී ඇත්තේ ඇය යම් මුදලක් ණයට ගෙන එම ණය හිමියා එම කාන්තාවට ඉතාම සැර පරුෂ ආකාරයෙන් බැණ වැදීමය. මෙය මා සදහන් කරන්නේ යම් උදාහරණයක් ගැනීමටයි.
එසේම මෙය මාධ්‍ය වාර්තා කර තිබුනේත් එසේමයි. සමහරවිට මෙවැනි පුද්ගලයන්ගේ මේ ග්‍රහ යෝගය තිබිය හැකි බව අනුමාන කරමි.
අතින් පයින් හෝ වෙන යම් උපක්‍රමයකින් ඝාතනය නොකරත් කෙනෙකුට පුලුවන් වචනය මගින් මනුෂ්‍ය ඝාතනයක් හෝ වෙනත් අපරාධයක් සිදු කරන්න. මා මුලින් කියූ අයහපත් ග්‍රහ යෝගය මෙයට හේතුවයි.

“ ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය “

ඉවසන අයගේ ග්‍රහ යෝග මෙන්න...

● ලග්නය කුමක් වුවත් 1, 4, 7, 10 යන හතර කේන්දරයේ ගුරු, බුධ, සිකුරු, පුරසඳු බලවත් වීම. එසේම 4 වැන්නේ සුභ ග්‍රහයන් තැන්පත්වීම සහ සුභ දෘෂ්ඨියට ලක්වීම. විශේෂයෙන් 5 වැන්නද එසේය.

● එසේම මෙවන් ග්‍රහ යෙදුම් පිහිටා ඇති විට 2 වැන්නේද සුභ ග්‍රහයෙක් නම් අපගේ මතකයට එන්නේ අප බෝසතාණන් වහන්සේ ශාන්තිවාදි තාපසතුමාගේ පූර්ව ආත්ම භවයයි.
සතුරාට පවා මෛත්‍රී කරයි.

ඉහත ග්‍රහ තත්ව ඔබටත් ඇත්නම් ඔබත් ආත්ම දමනය පාලනය කරගන්න.

සතියේ ලග්න පලාපලය - ජුලි 9 සිට

• මේෂ ලග්නය
ශුභාශුභ මිශ්‍ර සතියකි.
මේ සතිය තුලදී බොහෝ දේ ඉබේම වාගේ ලැබෙයි. විශේෂයෙන්ම තමාගේ වචනය සහ ස්ථානෝචිත ප්‍රඥාව නිසා කටයුතු සාර්ථක වේ. එය වාසනාවන්ත තත්වයක් බව කිව යුතුය. ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ අයටද රැකියා කරන අයටද සුබයි.
අනිකුත් ග්‍රහ පිහිටිම් හා සසදන කල ගෘහ ජිවිතය වාසනාවන්ත වෙනවා ඇත. ගෘහණියන්ට ප්‍රීතිමත් ආරංචි අසන්නට ලැබේ.
ගෙදරට අවශ්‍ය අලුත් බඩු මුට්ටු ලබාගැනීමට කාලයක් උදාවේ. මෙම තත්වය නිසා ගෘහ අලංකරණය ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ දැඩි වෙනසක් නැති වුවද සතියේ මුල් දවස් 2-3 ජලය ආශ්‍රිත රෝගාබාධ වලින් පරිස්සම් වන්න. ඉන්පසු කරදරයක් නැත.

• වෘෂභ ලග්නය
ශුභදායක සතියකි.
විදේශ රැකියා වල නියුතු අයටද එසේම වෙලදාම් එසේම කලා ක්ෂෙත්‍රයේ නියුතු අයටද මේ කාලයේ සුභයි. අන් අය නිසා ලාභ ප්‍රයෝජනත් සහෝදරයන් නිසා ආර්ථික වාසිත් ඇතිවේ. නීතීඥ වෘත්තියේ සිටින වෘෂභ ලග්න අයට සුබයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කිරිමට අවස්ථාව ලැබේ.
පවුලේ සාමාජිකයන්ට වෙනදාට වඩා කිට්ටුවන්ත ස්වභාවයක් පෙන්වයි. එමගින් පවුලේ දියුණුව හා සමගිය වර්ධනය වේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති අතර සතිය අගදි සෙම ආශ්‍රිත හා ජලය ආශ්‍රිත දේ වලින් පරිස්සම් වන්න.

• මිථුන ලග්නය
ශුභාශුභ මිශ්‍රපලයි.
ඥානයෝග සහිත ග්‍රහ යෙදුමක්ද ගුරු ග්‍රහයා බලවත්ව 2වැන්නේ යෙදීම තුල සදුගේ ගමන අනුව බුද්ධිය හා දක්ෂතාවය මෙහෙයවා ආර්ථික වාසි, රැකියාවේ දියුණුව සලසා ගත හැක. ආර්ථිකය දියුණු වේ.
ගෘහ ජිවිතය නිතරම ප්‍රීතියෙන් ගත කිරිමට පුලුවන. එසේම සාර්ථක වූ පදනමක් විවාහ ජිවිතයට පවා වැටේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවද නිදන්ගත රෝගාබාධ නැති අය සතිය මැද පරිස්සම් විම නම් මැනවි.

• කටක ලග්නය
මිශ්‍රපල සතියකි.
විශේෂයෙන්ම දැනට බලපාන ග්‍රහචාරය සමග ආර්ථිකයේ හා ධන ධාන්‍ය තත්වයේ දියුණුවක් ඇතිවේ. පූජ්‍ය පක්ෂයේ සහ වෙලද ව්‍යාපාර වල නියුතු අයටද, ගුරු වෘත්තිය වැනි උපදේශන කරන අයටද තම කීර්තිය වර්ධනය සමග ආර්ථික වාසිද සැලසේ.
දෙවියන් මුහුණු බලනවා වගේ යැයි සදහන් කරන්නේ මෙවැනි කාලයකටය.
එසේම ගෘහ ජීවිතය ප්‍රීතිමත්ව ගතකිරීමට තිබෙන ප්‍රවණතාවය වැඩිය. යම් යම් කම්කටොළු මධ්‍යයේ වුවද තමාගේ වැඩ කටයුතු සාර්ථකව නිමාකරගැනිමට සිතේ ධෛර්යය ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවද අම්ල පිත සහ කේන්ති යාම නිසා යම් යම් කරදර බාධක ඇතිවිමට හැකි නිසා ප්‍රවේශම් වන්න.

• සිංහ ලග්නය
මේ සතිය ශුභපල දායකය.
තත්කාල ග්‍රහචාරයේ සඳුගේ හා සිකුරුගේ ග්‍රහචාරය අනුව ආර්ථික තත්වයේ යම්කිසි ශුභදායක පරිවර්ථන දැකීමට පුලුවන. එසේම විදේශ රැකියාවල නියුතු අයටද සියුම් රැකියා කරන අයටද වාසනාවන්ත සතියකි. එසේම ආදායම් මාර්ග සොයාගැනීමට නව අදහස් පහල වේ.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වන්නේ අතමිට මුදල් ගැවසෙන නිසාය. එසේම පින් දහම් කටයුතු වලටද අධිකව වියදම් වුවත් ඒවා නැවත ලැබේ. වන්දනා ගමන් යෑම සිතේ.
සෙම් කෝපවීම නිසා සෑදෙන රෝගාබාධ හා උෂ්ණාධික රෝගාබාධ වලින් ආරක්ෂා වීම මැනවි.

• කන්‍යා ලග්නය
ප්‍රීතිමත් සතියකි.
ආර්ථික වාසි, රැකියාවේ වාසි, වෙලදාම් දියුණුවීම ඒ අතර වේ. කලක් තිස්සේ මිතුරුව සිටි කෙනෙක්ගෙන් ආර්ථික වාසි හිමිවෙයි.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වේ. කිසිම දෙයක අඩුපාඩුවක් නොදැනෙන්නේ අනිකුත් ග්‍රහයන්ගේද සුභ දෘෂ්ඨි හේතුවෙනි. ආවේග පාලනය කරගැනිම හොඳයි.
සහෝදරයෙක්ගේ ඥාතියෙක්ගේ ගමනක් බලාපොරොත්තු විය හැක.
පපුවේ සෙම් අමාරු ගැන, ජලාශ්‍රිත රෝග ගැන විමසිල්ලෙන් පසු වන්න.

• තුලා ලග්නය
සාමාන්‍යපලයි.
සඳු නීචව 2වැන්නේ තැන්පත් වෙලාවෙදි ලග්නයේ පවතින පාප ග්‍රහ සංයෝගය නිසාද ඔබට යම් යම් දුෂ්කරතාවයන් මුහුණ පෑමට සිදුවනු ඇත.
ගෘහ ජිවිතයෙද තරමක දුෂ්කරතා ඇත. එයට බුද්ධිමත්ව කටයුතු කර පිලියම් සොයාගන්න.
සෞඛ්‍ය තත්වයේ හිස් අමාරු, ඉරුවාරදය ඇති අය පරිස්සම් වන්න. සෙම් ගෙඩි සෙම් අමාරු ගැනද සැලකිලිමත් වන්න.

• වෘශ්චික ලග්නය
සුභ යෝගයක් සමග යෙදෙන මේ සතිය සුබ පලයි.
තම දියුණුවට වැඩිහිටියන්ගෙන් ප්‍රභූවරුන්ගෙන් උදව් උපකාර ලැබේ. වෙලද ව්‍යාපාරික කටයුතු වල නියුතු අයටත් එසේම රැකියා කරන අයටත් තමාගේ තත්ව වල හැටියට යම් යම් වරප්‍රසාද ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. ප්‍රබල කරදර බාධක නැත. වාසනාවන්තව ගත වේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු ඇති නොවේ.

• ධනු ලග්නය
එතරම් සාධනීය ප්‍රතිපල නොමැත.
ආර්ථික තත්වය එතරම් සාර්ථක නොවේ. කරන කියන කටයුතු වල යම් පසුබෑමක් පෙන්වයි. එසේම ණයතුරුස් වලට බැඳීමටද ණය වීමටද ඉඩ තිබේ.
ගෘහ ජිවිතය පැත්තෙන් ගත් කල හොඳකුත් නැත, නරකකුත් නැත. බොහෝ වෙලාවට අඹුසැමියන් අතරේ යම් වාද විවාද ඇතිවිමට ඉඩ තිබේ.
සෞඛ්‍ය තත්වය ගැන විශේෂයෙන් පරිස්සම් විය යුත්තේ සෙම් රෝග ඇති අයත් දියවැඩියා රෝග ඇති අය විශේෂයෙන්ම පරිස්සම් වන්න.

• මකර ලග්නය
සතිය මුල වාසනාවන්ත කාලයක් උදාවේ.
සමාජයෙන් ආධාර උපකාර ලැබෙන්නේ, ආර්ථික තත්වය දියුණුවීමටයි. එය වෙලද ව්‍යාපාර කරන අයට විශේෂයි. මිතුරන්ගෙන් සහෝදරයන්ගෙන් උදව් උපකාර යෙදේ.
ගෘහ ජිවිතය වාසනාවෙන් ගත කරන්නට පුලුවන්.
අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වීමට පුලුවන. අඹුසැමියන් අතරේ සමගිය වර්ධනය වේ. දරුවන්ගේ දියුණුව ඇතිවේ.
උෂ්ණාධික රෝගාබාධ වලින් පරිස්සම් වන්න. යම් යම් උදරාබාධ ගැනද පරිස්සම් වන්න.

• කුම්භ ලග්නය
ශුභ සතියකි.
ජලය ආශ්‍රිත රැකියා කරන අයටද ග්‍රොසරි ආදියේද විදෙස්ගත රැකියා අයටද කරන කියන රැකියාව කුමක් වුවත් ඒවා සාර්ථක වේ.
සිකුරු බලවත්ව සඳු කේන්දර ගත නිසා ගෘහ ජිවිතයේ ප්‍රීතිය ඇතිවේ. අලුත් බඩුමුට්ටු මිලදී ගැනීමට හැකියාව ලැබේ. එසේම සිකුරු, සඳු, රාහු මහ දසා ගත කරන අයට නිවසේ ප්‍රීති උත්සව ගැනීමට අවස්ථාව ලැබිය හැක.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවත් නිදන්ගත රෝග ඇති අය ප්‍රවේසම් වන්න. එසේම ක්‍රීඩා කටයුතු වල නියුතු කුඩා පිරිමි දරුවන් යටිබඩ ආශ්‍රිත අනතුරු වලින් පරිස්සම් වන්න.

• මීන ලග්නය
ශුභපල දායක සතියකි.
ආර්ථික තත්වය දියුණු කරගැනිමට අවස්ථාව ලැබේ. එසේම රැකියාවල ව්‍යාපාරික කටයුතු වල නියුතු අයට තමාගේ තත්වය අනුව වරප්‍රසාද ලැබේ. උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. එසේම ගෘහ ජිවිතය හොදින් ගත කිරීමට වාසනාව ඇත.
උෂ්ණාධික රෝග, එසේම ශරීරයේ දාහය නිසා ඇතිවන රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න.

රාහු අපල දුරුවීමට නාග රූපය

රාහුගෙන් ඇතිවන අසුභ පල දුරු කර රාහුගේ සුබ පල වැඩි කරදෙන විශේෂ වශයෙන් ජීවම් කල පිත්තලින් සාදන ලද නාගරූපය.

වාහන ගැනීමේ යෝග ඔබටත් ඇද්ද ?

අද අපගේ ශ්‍රී ලංකාව ඉතාම කුඩා දිවයිනක් වුවද අපගේ රටේ අස්සක් මුල්ලක් නෑර පාසාම රථවාහන තදබදයක් ඇති බව විසේසයෙන්ම මා හට පෙනි ගොස් ඇත.
මන්ද විවිධාකාර ජෝතිෂ්‍ය කටයුතු වෙනුවෙන් රටේ සෑම පලාතකම වාගේ යන්නට සිදුවෙන බැවින් ඒ අත්දැකිම මා හට ඇත.
එසේම සියලුම දෙනාගේ අධිෂ්ඨානය තමන්ට කියා හෝ වාහනයක් මිලදී ගැනීමයි. එදා වේල හරිහම්බ කරගන්නා පවුලකට සිතෙන්නේ තමන්ට කියා අඩු තරමින් ත්‍රිරෝද රථයක් හෝ මිලදී ගැනීමටය.
එසේම පාසල් යන පුතුන් පවා පතන්නේ ඉක්මණින් මෝටර් සයිකලයක් ගැනීමටයි.

අප බලමු වාහන ලාභ හිමිවීමට බලපාන ජෝතිෂමය සාධක කුමක්ද කියා...

* ලෞකික සැප සම්පත් අතර වාහන ලාභ ප්‍රධාන තැනක තැබීමට පුලුවන.
මෙම යාන වාහන සම්බන්ධව බලපවත්වන ප්‍රධානම ග්‍රහයා වන්නේ “සිකුරු/ශුක්‍ර“ ය.

★ මෙම සිකුරු යම් කිසි කෙනෙකුගේ කේන්දරය තුල 4 වැන්නේ බලවත්ව සිටී නම්, එය විශේෂයෙන්ම කටක, ධනු, කුම්භ යන ලග්න වලට 4 වැන්නේ සිකුරු සිටී නම් එය ඉතාම බලගතු වෙයි.

★ එසේත් නොමැති නම් සිකුරු 4 වැන්නාධිපතියා වී යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ 6, 8, 12 ස්ථානයක හැර බලවත් වී සිටි නම් ඒ අයට රථ වාහන ලැබීමේ වාසනාව ඇත.

★ මා එසෙ පැවසුවද 8 වැන්නේද විපරීත ආකාරයෙන් බලවත්ව සිටිය හොත් විශේෂයෙන්ම සිංහ ලග්න, මීන, තුලා ලග්න වලට බොහෝවිට විවාහයෙන් පසුව තමාගේ භාර්යාවගෙන් ලැබෙන දායාදයෙන් හෝ එසේ නැත්නම් විවාහ වන ස්වාමි පුරුෂයාට තමාගෙන් නිකුත්වන වාසනා කිරණ කදම්බය නිසා හෝ සුඛෝපභෝගී වාහන ඇතුලුව අනිකුත් සැප සම්පත්ද හිමිවන්නේ නිරායාසයෙනි.
එසේම සිකුරු ග්‍රහයා මෙම තත්වය මනාව පරිපාලනය කරනු ලබයි.

★ එසේම සිකුරු යම් ග්‍රහයෙක් සමග ගුරු හෝ කුජ සමග සිටී නම් ඔහුට නිල වාහන හිමිවේ. එසේම මෙහි සෙනසුරු සමග සිටී නම් සිකුරු සංයෝග නම් වාහන නිසා ඔවුන් අමාරුවේත් වැටේ.

* මෙය පොදු සිද්ධාන්තයක් බව මතක තබාගන්න. ඔබගේ ජන්ම පත්‍රයේත් මෙවන් ග්‍රහ පිහිටිම් සහ යෙදුම් ඇත්නම් වාසනාව හිමිවේවි විමසිලිමත් වන්න.

_ ලග්න 12ට යෙදෙන රාජ යෝග _

● මා සදහන් කරන්නේ රජවීම යනුවෙන් අදහස් කරන්නේ සිංහාසනාරූඪවීමම නොවේ. ආර්ථික සමාජීය වශයෙන් පුද්ගලයෙකු ඉහලට ඒමට එම පුද්ගලයාට උප්පත්ති ග්‍රහචාරය අනුව යම්කිසි ග්‍රහ උත්තේජනයක් අවශ්‍ය බව සනාථ කිරීමටය.
රාජ යෝගය සම්බන්ධව මෙම කරුණු කාරණා අධ්‍යයනය කිරීමෙන් පසු ඔබටද මනා වැටහීමක් ලැබෙනු ඇත.

● මේෂ ලග්නය

මේෂ ලග්නයට රාජ යෝග නම්, කුජ-ගුරුගේ යෝගයයි. තවද ශනි 7 වැන්නේ බලවත් නම් සස යෝගය යෙදේ. එය අතිමහත් ජනප්‍රසාදය ලබන දේශපාලන රාජ යෝගයකි. එසේම අඟහරු/කුජ 10 වැන්නේ සිටීමෙන් රුචක යෝග බලය උදාවේ. පාලන බලය හිමිවේ.

● වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයේ රාජ යෝග යෙදෙන්නේ කවුරු කෙසේ කීවත් බුධ සහ සිකුරුගෙනි. අපගේ අත්දැකිම් අනුව බොහෝවිට මේ දෙදෙනාගේ බලය ඇතිවේ. එවිට ව්‍යාපාරික ක්ෂෙත්‍ර වලින් සහ විවිධ රැකියා වලින් ඉදිරියට යනු දක්නට ඇත.

● මිථුන ලග්නය

මේ ලග්නයේ රාජ යෝගය නම් බුධ ග්‍රහයාගේ සහ සිකුරුගේ රාජ යෝගයයි. මේ යෝගය නිසා බුද්ධිමතුන්, දේශකයින්, නළු නිලියන්, විද්‍යාඥයින්, විවිධ උසස් ඉහල පෙලේ වෘත්තිකයන් බිහිවේ.

● කටක ලග්නය

කටක ලග්නයේ රාජ යෝගය නම් කුජගෙන් සහ ගුරුගෙන් සහ සිකුරුගෙන් යෙදේ. රවිත් තරමක් දුරට සුභව බලපායි. කටක ලග්නයේ අය දේශපාලන ක්ෂෙත්‍රයේ ඉහලින් සිටී. අප රට පාලනය කල චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කේන්දරය දිහා බලන විට මේ තත්වය පෙනේ.

● සිංහ ලග්නය

සිංහ ලග්නයට රාජ යෝගය යෙදෙන්නේ තනි අඟහරු/කුජ ගෙනි. මේ ලග්නයට කුජ අනිත් ග්‍රහයන්ගේ එනම් කුජට මිත්‍ර ගුරු, සිකුරු, කේතු ඒ අයගේ බලය ගෙන තමා සන්නද්ධ වී ඉදිරියට පැමිණේ. මේ නිසා පරිවාර සම්පත්තිය, අන් අය පාලනය කිරීමේ හැකියාව, දේශපාලන බලය නිරන්තරයෙන්ම හිමිකර ගනී.

● කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයේ රාජ යෝගය රාහුගෙන් සිකුරුගෙන් බුධගෙන් යෙදේ. කන්‍යා ලග්නයේ අයද බුද්ධිමත්ය. ප්‍රඥාවන්තය. අද රට පාලනය කරන මහින්ද රාජපක්ෂ මැතිතුමාද මෙම ලග්නයෙන් උප්පත්තිය ලබා ඇත. කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ බලවත් වුවහොත් අතිමහත් ජන ප්‍රසාදය ලබන ජනයා ආකර්ෂණය කරන වාග් චාතුර්යය ඇති පුද්ගලයෙක් බවට පත් කරයි. විශේෂයෙන්ම අපේ ජනාධිපතිතුමාට එය ඇත. එසේම සිකුරු ග්‍රහයා 7 වැන්නේ උච්ච වීම නිසා මාලවී යෝගය යෙදේ. උසස් පෙලේ විවාහයක් සිද්ධ වීම නිසා පුද්ගලයාගේ ජිවිතය බබලයි. එසේම රූමත් කෙනෙක් ලැබේ.
අර අපේ ගමේ ගොඩේ කියනව වගේ සමහරුන්ට ලස්සන කෙල්ලෙක් ලැබෙනවා කියන්නේ රටක් රාජ්‍යයක් ලැබෙනව වගේ නේද... ?

● තුලා ලග්නය

තුලා අයට ශනි ඉතාම බලවත්ය. දුක් විඳලා කම්කටොලු මැදින් ඇවිත් ජීවිතයේ එක්තරා තැනකදි කූට ප්‍රාප්තියට ලගාවේ. මෙම ලග්නයට අඟහරු/කුජගෙන්, චන්ද්‍රයාගෙන් රාජ යෝගය යෙදේ. කුජගෙන් යෙදෙනවා කියල කිව්වම තුලා ලග්නයේ ඉපදුන සරත් ෆොන්සේකා මැතිතුමාගේ කේන්දරයේ 4 වැන්නේ අඟහරු/කුජ බලවත්ය. අඟහරු කියන්නෙ සටන්කාමී සේනාධිපතියා. එතුමන්ගේ අඟහරු බලවත්වීම නිසා වෘත්තිමය ජීවිතයේ ඉහලටම යෑමටත් ලොව ප්‍රබලම ත්‍රස්තවාදි සංවිධානය වූ එල්ටීටීඊ සංවිධානය අතුගා දැමීමටත් මෙ ග්‍රහ බලය හේතු වී ඇත. අද දේශපාලනයට ඇවිත් විවිධ බාධක මැද යම්කිසි විදියකින් තෙවන බලවේගය වෙලා ඉන්නෙත් ඔය නිසා තමයි.

● වෘශ්චික ලග්නය

අත්දැකීමේ හැටියට මේ ලග්නයට චන්ද්‍රයා, රවි, ගුරු, බලවත් ග්‍රහයෝ. මේ නිසා දේශපාලනයෙන්ද ව්‍යාපාරික පැත්තෙන්ද ඉහලට යෑමට පුලුවන්. ස්වභාවයෙන්ම වෘශ්චික ලග්නය කියන්නේ විචක්ෂණශීලි ලග්නයක් ඉගෙන ගන්නා දරුවන්ට ඥාන යෝග පිහිටනවා මේ ලග්නයෙන්. මේ අය දියුණු වෙන්නේ බුද්ධිමත්ව වැඩ කරලා. එසේම ගුරු බලවත් වෘශ්චික ලග්න හිමියන්ට වාසනාවන්ත පින්වත් දරුවන් ලැබෙනව.

● ධනු ලග්නය

ධනු ලග්නයට රාජ යෝගය රවි බුද යෝගයයි. බුද්ධිමතුන්, ලේඛකයින්, ආයතන පාලක ධූර හොබවන අයද විශේෂයෙන්ම තානාපති ධූර හොබවන අයට මේ යෝගය යෙදී තිබෙනව. මේ අයගේ ග්‍රහ බලය වැඩි කරන්න මම කියනව පද්මරාග ගලකුයි, පච්ච ගලකුයි අල්ලල මුද්දක් දාන්න කියල.
ඒවගේම විෂ්ණු දෙවියන්ට භාර විමෙන් ධනු ලග්නයට හොද බවයි මගෙ විශ්වාසය.

● මකර ලග්නය

රාජයෝගය සෙනසුරුගෙන් ගුරුගෙන් රාහුගෙන් යෙදෙනව. බුධගෙන් සිකුරුගෙන් යෙදෙනව. පර්යේෂණාත්මකව බලනකොට විශාල කර්මාන්ත ශාලා හිමිකරුවන් මකර ලග්නයෙන් ඉපදිලා, ඒ අයගෙ කේන්දරයේ සෙනසුරු 10 වැන්නේ උච්ච වෙලා ඉන්නවා, ඉතින් ඒකත් රාජ යෝගයක් තමයි. තවද කේන්දරයක බුධගෙන් සිකුරුගෙන් එහෙම යෙදුනම ඒ අය විවිධ ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල හොද තැන්වල ඉන්නවා.
ගුරු බලවත් උනාම 7 වැන්නෙදි හොද විවාහයක් සිද්ධ වෙලා ඒ අයගෙ ජීවිත බබලනව.

● කුම්භ ලග්නය

කුම්භ ලග්නයට අගහරු/කුජ 10 වැන්නේ සිටියොත් සිකුරු 4 වැන්නේ බලවත් උනොත් මේ අයගෙ ජීවිත නිරන්තරයෙන්ම බබලනව. ලෞකික සැප සම්පත් ලැබෙනව. කුම්භ ලග්නයට ටිකක් තියෙනව කම්මැලිකම සහ පෙරට යන ගතිය අඩුබව. මේ ග්‍රහ බලපෑම නිසා ඇතිවන නිසර්ග තත්වය කඩාගෙන බිඳගෙන ඉස්සරහට යන ඔය මම කිව්ව ග්‍රහ යෝග තියෙන අය ඉන්නව නම් ඒ අය බබලනව.
1969දි මාතරදී ඉපදුනු පුද්ගලයා ලෝක පූජිත වෙලා ඒවගේම ආර්ථික පැත්තෙනුත් මහා විශාල වශයෙනුත් ඉදිරියට ආපු සනත් ජයසූරියගේ කේන්දරය බලනකොට හොදටම තේරෙනවා මේ බලය. එයාට ප්‍රසිද්ධ වෙන්න රාහුත් හොදටම උදව් කරල තියෙනව.

● මීන ලග්නය

මීන ලග්නයේ රාජ යෝගය, ගුරුගෙන් බුධගෙන් ලැබෙනව. ඒත් සිකුරුත් කොච්චර කලත් උදව් කරනව. හැබැයි සිකුරු උච්ච වෙලා හිටියොත් මීන ලග්නයේ පොඩ්ඩක් පරිස්සම් වෙන්නත් ඕන. ගෑණු ළමයෙකුට නම් කොල්ලන්ගෙන් ඕනවට වඩා කරදර. කොල්ලෙකුට නම් කෙල්ලොන්ගෙන් ඕන තරම් කරදර. මේ අනවශ්‍ය දේවල් වලට පැටලුනොත් තමන්ගෙ ජිවිතයට යම්කිසි ප්‍රමාද දෝෂයක් එකතු කරන්න පුලුවන්. ඒත් ඉතින් විශ්වාස කරන්නම පුලුවන් ග්‍රහයා ගුරුනෙ. ඉතින් ගුරු හොදට හිටියොත් ජිවිතේම සැප තමයි. ඒවගේම කුජ-ගුරු රාජ යෝගය 10 වැන්නේ මීන ලග්නයට යෙදුනොත් ප්‍රදේශයක් පාලනය කරන පාලක ධූරයක් එයාට ලැබෙනව. ඒවගේම මීන ලග්නය ස්වභාවයෙන්ම අහිංසක නිසා මිනිසුන්ගේ ආදරය, අනුකම්පාව ලැබෙනව.

_ ඔන්න ඔහොමයි ලග්න 12 තත්වෙ _

ඕක තමයි රාජ යෝග කියල කියන්නෙ රජවීමම නෙමෙයි දරුවො. ඉතින් මේ ගැන තව ගොඩක් කියන්න තිබ්බත් වැඩිපුර ලිව්වම පත්තර වල වගේ අපේ අය කියවන්නෙ නැහැනෙ. ඔයාලගේ කේන්දර වලත් බලන්න මේ තත්ව තියෙනවද කියල. සමහරවිට ඔයාල නොදන්න දේවල් ඔයාලගේ කේන්දර වල ලියවිලා ඇති. ඒ තත්ව බලල අඳුරේ අතපත ගානවට වැඩිය කේන්දරය බලල යම් දෙයක් කරනව නම් ඔයාලගේ ජීවිතයේ යම්කිසි විප්ලවීය වෙනසක් ඇතිකරන්න පුලුවන්. උදාහරණයක් විදියට වතුරෙන් කෙනෙකුට හම්බ කරන්න වාසනාව තියෙනව. එයා ගල් වලක් කරන එක, එහෙම නැත්නම් යකඩ වැඩ කරන එක එයාට ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්. ඒ ගැන පොඩ්ඩක් බලන්නකො. බලල පොඩ්ඩක් හිතන්න කරන දේ ගැන.

තෙරුවන් සරණයි !

#ඉරු පර්යේෂණ අංශයේ වැඩක් !

_ ගැට 9 මාලය_

පුරාණ මන්ත්‍ර පද්ධතියකට ප්‍රස්ථාර ගතව පින් කැමති සම්‍යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් වහන්සේලාගේ කරුණාවෙන් සහ උපකාරයෙන් අතිප්‍රබලවම ජීවම් කරන ලද ප්‍රාර්ථනා ගැට 9 නූල, අප සේවය මගින් දැන් ලබාදෙනු ඇත.
එසේම විශේෂිත වූ පූජනීය වෘක්ෂයන් පාමුල (නුග සහ බෝ )
වළලෑමට යම් යම් නිදන් වස්තු ලබාදෙනු ඇත. 

_ අකුරු කරන දුවාදරුවන්ට ජයග්‍රහණය දෙන සරස්වතී දැහැන _

ඕං ඝංගාරි ඝංගාරි නීලකුට්ටි නීලකුට්ටි 
මුඛේ සිටි දකුණු දළ සරස්වතී 
අටවිසි බාස නවලෝකානු වජ්‍රාසනම් 
කෛලාසනම් ගුරු පුට ධාරණයේ මුනි මුනි ඒස්වාහං 

* මෙම ස්ත්‍රොත්‍රයෙන් සරස්වතී මෑණියන්ට පහන් තබා තැඹිලි තෙල් ගෙන තෙල් මතුරා එම තෙල් නළලේ ගා සභාවට, තරඟ විභාග වලට යෑම සුබයි. දහස් වර ජීවම් කරන්න. 

* පිරිසිදුව මස් මාංශ අනුභවයෙන් තොරව කරන්න, ජයග්‍රහණය අත්වේ !

12 රැසේ දුර්වලකම් !

සියලුම සත්වයන් මෙලොවට බිහිවන මොහොතෙදි නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවන ලග්නයත් ඒ වෙලාවට තිබෙන නැකතත් කෙනෙකුට උප්පත්තියෙන්ම හිමිවනු ඇත. අප බහුතරයක් සහ අප බොහෝවිට කතා කරන්නේ ලග්නයේ ඇති දක්ෂකම් මිස දුර්වලකම් නොවේ. නමුත් මුහුණු පොතේ අතිමහත් බහුතර ප්‍රේක්ෂක ජනතාව උදෙසා අප කල්පනා කලා මේ දොලොස් රැසට අයත් වන දුර්වලකම් මොනවාද කියල ඔබ හමුවේ කෙටි සටහනක් තබන්න.

මේෂ ලග්නය

නිතරම තරඟකාරිත්වයට කෙසේ වෙතත් දබරයට යොමුවන අයයි. ක්ෂණික කෝපය ඇත. එසේම නම්‍යශීලිතාවයද එසේය.
රාත්‍රියට පායන්නේ ඉර කියා කිව්වොත් එය අන් අය පිලිගත යුතුයි, නැත්නම් කේන්ති යනව. පරාජයේදී දැඩිලෙස කම්පාවට පත්වේ.

වෘෂභ ලග්නය

බොහෝවිට තමාගේ තනිමතයට වැඩ කරගැනිමටද තම මතයට අන් අය පොළඹවා ගැනීමටද උත්සහ කරයි. කිසිවෙකුගේ උපදේශන පිලිගැනීමට අකමැති දැඩි මතයක් දරයි. එසේම ලෞකික සැප සම්පත් වලට අධික ගිජුකමක් හා මසුරුකමක් දක්වයි.
තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අධිකව වියදම් කරන වෘෂභ ලග්න අය අන් අයට උදව් කිරීමට තරමකට මැලිකමක් දක්වයි.

මිථුන ලග්නය

බොහෝ වෙලාවට ප්‍රතිපත්තිමය වශයෙන් ඍජු තීරණ වල නොපිහිටයි. මානසික ඒකාග්‍රතාවය ඇත්තේම නැත. බොහෝවිට කාම යෝග යෙදී තිබ්බොත් ස්ත්‍රීන්/පුරුෂයන් මුලා කිරීමට උපන් දක්ෂකමක් දක්වයි. සියලුම වැඩ එකවිට යොදාගනී. අවසානයෙදි එකක්වත් හරියට කරගැනිමට නොහැකි වේ. මෙවන් ලග්න වලින් උපන් අයට බොහෝ ඥාන සම්භාරයක් ඇතිමුත් කිසිදෙයක් හරියට කරගැනිමට නොහැකිව දුක්විඳින බවට සාක්ෂි ඇත.

කටක ලග්නය

බොහෝවිට තමාගේ අධික ස්නේහවන්ත ගතිය නිසා අවාසිය. අධික කරුණාව, අධික අනුකම්පාව අවාසියට හේතුවනු ඇත.
රහස්‍ය භාවයක් රැකීමට ඉතාම අපහසුය. අන් අයට උපදෙස් දුන්නද තමාගේ ජිවිතයේ බොහෝ දේවල් වල වැරදි ඇත. බොහෝ වෙලාවට කුඩා ප්‍රශ්න නිසා විශාල ප්‍රශ්න ඇතිවිය හැක. කෝපය පාලනය කිරීමට නොහැක.

සිංහ ලග්නය

තමාගේ මතයම පිහිටා කටයුතු කරයි. ලාභ උවත් පාඩු වුවත් තම ප්‍රතිපත්ති, තීරණ වෙනස් නොකරන ගතියක් ඇත. කලබලකාරකම නිසා තමාගෙන් දේවල් අස්ථානගතවීමට පුලුවන. අන් අයගේ උපදෙස් පිලිගැනීමට තරමක අකමැත්තක් පෙන්වයි.
බොහෝවිට ආඩම්බරකම සහ අහංකාරකම තරමක් හෝ ඇත. මේ ගතිය රවි-බුද කේන්ද්‍ර ගතව(1වැන්නේ) තිබ්බොත් විශාල වශයෙන් දැකිය හැක. සැකය හා අවිශ්වාසය පවතී.

කන්‍යා ලග්නය

තමාගේ ආත්ම විශ්වාසය ටිකක් අඩුවීමට පුලුවන. නිතර අන් අය අවිශ්වාස කරයි. සියලුම දෙනා කෙරෙහි යම්කිසි සැකයක් තබාගෙන බලයි.
අනුන්ගේ වැරදි අඩුපාඩු සෙවීමට නිතැතින් දක්ෂයි. මුඛරිබව නිසා තැන නොතැන බලන්නේ නැත. වුවමනාවට වඩා පිලිවෙලට වැඩ කිරිමට ගොස් අමාරුවේ වැටීමට ඉඩ ඇත.

තුලා ලග්නය

ගතානුගතික මත වල එල්ලී සිටී. එයට අමතරව නවීන ලෝකය හා කටයුතු කිරීමට මැලිකමක් දක්වයි.
සිත තුල මානසික ඒකාග්‍රතාවය අඩුවීම ඇත.
අන් අයට උදව් කිරීමට ගොස් අමාරුවේ වැටිය හැක.

වෘශ්චික ලග්නය

රහස් රැකීම බැරිවීම, දැන දැන වැරදි කිරීම, අනවශ්‍ය ආකාරයට සකසුරුවම් විමට ගොස් අන් අයට උදව් නොකිරිම.
අන් අය අවිශ්වාස කිරීම, ඉක්මන් කෝපය, ඉක්මන්බව දුර්වලතාය.

ධනු ලග්නය

දූරදර්ශි නොවීම, පෞද්ගලික වූ ප්‍රශ්න ගැන නොසිතා අන් අයට උදව් උපකාර කිරීමට ගොස් අමාරුවේ වැටීම. අනවශ්‍ය දේවල් කතා කිරීමට ගොස් අමාරුවේ වැටීම. දෙබිඩි ප්‍රතිපත්ති නිසා ධනු ලග්න අයට අවාසි වීමට ඇත්තේ මහත් ඉඩකඩකි.

මකර ලග්නය

මේ ලග්නය බොහෝවිට ඉතාම මසුරු සහ ලෝභී බවක් පෙන්වයි. මේ ලග්නයේ අය තමාගේ පවුලේ අයට වඩා පිට අයට බොහෝ සලකයි.
ඇති දේ ගැන නොසිතා නැති දේ ගැන බොහෝ සිතයි. බොහෝවිට අනුන්ගේ සිත් රිදවයි. එය මෙය ලග්නයේ උපන් අයගේ ලක්ෂණයකි.

කුම්භ ලග්නය

බොහෝවිට මුළුගැන්වෙන ස්වභාවය ලග්නයට ආවේණික වූ කම්මැලිකම ඇත. එසේම බොහෝ වෙලාවට කටට එන දේ කෙලින්ම කියයි.
වුවමනාවට වඩා පරිස්සම් කිරීමට ගොස් තමන්ට දේවල් නැතිවීමට ඉඩ වැඩිය. සියලුම දත් කෙනෙකුසේ හැසිරේ.

මීන ලග්නය

ඕනෑවට වඩා අනුකම්පාව සහ ස්නේහවන්ත ගතිය අවාසියක් වනු ඇත. විශේෂයෙන්ම අන් අයගේ දුක තමාගේ සැපතට හරවා ගැනීමට බලයි. අන් අය පමණට වඩා විශ්වාස කරයි. නැති ලෙඩදුක් ගැන බය වේ, දුක්වේ.

* මේවා අප වෙනදා සදහන් කරන ආකාරයටම යම් යම් අවස්ථා වලදී ග්‍රහ පිහිටිම් අනුව වෙනස්විමට පුලුවන. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.