Monday, July 28, 2014

( විවාහ ප්‍රමාද වීමට බලපාන ග්‍රහ යෝග කවරේද ? )

තරුණ වියට එළඹි කුමර කුමරියන්ගේ ප්‍රධාන වූ බලාපොරොත්තුවකි විවාහය. මෙය සමහර වෙලාවට දෙමාපියන්ටද මහත් හිසරදයක් ගෙනදෙන කාරණාවකි. 
විවාහ කටයුතු ප්‍රමාද වීමෙන් තරුණ තරුණියන් මානසික ආතතියකට මෙන්ම දැඩි කම්පාවකටද පත්වේ. අප බලමු විවාහ ප්‍රමාදයන්ට හේතු වන විශේෂ වන ග්‍රහයෝග කවරේද කියා ... ?

● සෙනසුරුට අයත් කුම්භ, මකර රාශි වලින් ඉපිද සිටියදී සෙනසුරුගේ අශුභ ග්‍රහ දෘෂ්ඨි ලග්නයට එල්ල වීම විවාහ ප්‍රමාදයට හේතුවකි. 

● එසේම ශනි - සිකුරු යෝගය 1, 2, 3 වැන්නෙ හෝ කොතැන සිටියත් එය විවාහයට බාධා වන පිහිටිමකි. 

● තවද සෙනසුරු හා කේතු 7 සිටිම ප්‍රබල විවාහ ප්‍රමාද වන දෝෂයකි. 

● එසේම ගුරු බලවත්ව සිකුරු නීචව සිටීම විවාහ ප්‍රමාද වන තත්වයකි - බොහෝවිට එවන් අය අවිවාහකව සිටීමට පුලුවන. 

● එසේම යම් කෙනෙකුගේ කේන්දරයේ සිකුරුගේ මහ දසා නොලැබීම, එක දිගට පාප ග්‍රහයන්ගේ මහ දසා ගතවිම ගැටළු සහගත තත්වයකි. 

ඔබටත් මෙවන් යෝග ඇත්දැයි බලන්න. 
(පොදු විස්තරයකි)

No comments:

Post a Comment