Tuesday, July 22, 2014

ශිව හෙවත් ඊශ්වර දෙවිඳු

ශිව දෙවියන් යනු දේව පුරාණයේ ප්‍රබලම දෙවි කෙනෙකි.

උන්වහන්සේව ත්‍රිනෙත් යනුවෙන්ද හඳුන්වයි. බුද්ධෝත්පත්තියට පෙර ජීවත්වූ මහානුභාවසම්පන්න ඍෂිවරයෙකුව සිට ඇති බව පැවසේ.
ශිව දෙවියන් යනු දේව පුරාණයේ ප්‍රබලම දෙවි කෙනෙකි.

උන්වහන්සේව ත්‍රිනෙත් යනුවෙන්ද හඳුන්වයි. බුද්ධෝත්පත්තියට පෙර ජීවත්වූ මහානුභාවසම්පන්න ඍෂිවරයෙකුව සිට ඇති බව පැවසේ.
ශිව, ඊශ්වර, පශුපති, රුද්‍ර, අග්නි යනුවෙන් හඳුන්වනු ලැබේ.

කෛලාස කූටයේ ධ්‍යාන සුවයෙන් වැඩ සිටින ඊශ්වර දෙවි යන්ත්‍ර මන්ත්‍ර ආදියටද සකල කලාවන් සහ නර්තනයටද අධිපති වේ.
නිල් පැහැති ගෙලක්ද සුදු/ධවල පැහැති සිරුරක්ද හිමි උන්වහන්සේ ගෙලවටා එතී ඇති නාගාභරණයකින් සැරසී සිටි. දිවි සමක් මත හිඳින අතර ත්‍රිශූලයක් ආයුධය ලෙස දරයි.
උන්වහන්සේගේ තුන්වන නෙත විවර වන වෙලාවට දැකීමෙන් අළුවී යාමට ඉඩ ඇති අතර, එම සුවිශේෂි අවස්ථාවේ තම පැතුම් ඉටු කරගැනීමටද කටයුතු කල හැක.

උමා දේවිය භාර්යාව කොටගෙන ඇති උන්වහන්සේට ගංඟා නැමති බිසවක්ද සිටී. (තව තැනක බිරින්දෑවරු 3ක් බව කියවේ)
එම ගංඟා නම් දිව්‍යාගංනාවන්වහන්සේ වැඩ සිටින්නේ ඊශ්වර හෙවත් ශිව දෙවියන්ගේ හිසෙහිය. ගංගා නම් නදිය ඉන්දියාවේ ශුද්ධ වස්තුවකි.

ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන්ගේද ගණ දෙවියන්ගේද පියා වන ශිව දෙවියන් පුරාතන පුණ්‍ය මහිමය ඇති ඍෂිවරයෙකි.

ලංකාවේ සිට ලොවම පාලනය කල මහා රාවණ මහ රජතුමන් ශිව දෙවියන්ට භක්තිමත් බව කියවේ. ඒනිසාම ආයුර්වේදය, ජෝතිෂ්‍යය, යන්ත්‍ර, මන්ත්‍ර ආදි ශාස්ත්‍රයන් සමග ප්‍රඥාවද ප්‍රධානය කෙරුනු බව කියවේ.
ගවයා වාහනය වේ.

මෙම බලගතු දෙවියන් වහන්සේ වන්දනා කිරීමෙන් හිරුගේ අපල දුරුවේ.
මෙම ඊශ්වර දෙවියන්ගෙන් බලාපොරොත්තු වන්නේ ලෞකික දියුණුවයි. බොහෝවිට සතුරන් පරාජයට, අයුක්තියට එරෙහිව සාධාරණය වෙනුවෙන් මෙම දෙවියන්ගෙන් පිහිට ඉල්ලති.

තවත් කරුණු පසුවට...

Iru Astrology

No comments:

Post a Comment