Tuesday, July 15, 2014

රාහු - කේතු මාරුව රටට කොහොමද ?


(ජුලි 14සිට)

* ග්‍රහ ලොව විශේෂිත ග්‍රහයන් වන රාහු සහ කේතු ඡායා ග්‍රහයන් වශයෙන් හඳුන්වයි. 
ඉතාම ප්‍රබල චුම්බක ශක්තියක් සමග න්‍යෂ්ඨික ප්‍රතිරෝධාත්මක ජීව බලයකින් යුත් මේ ඡායා ග්‍රහයන් වශයෙන් හඳුන්වන පෘථවියේ ගමන් මාර්ගයේ සහ සඳුගේ ගමන් මාර්ගයේ උතුරු ලක්ෂයත් දකුණු ලක්ෂයත් කැපෙන රේඛාවන් රාහු හා කේතු ලෙස හඳුන්වයි. 

* අධි බලැති න්‍යෂ්ඨික ශක්තියකින් යුත් මේ ලක්ෂයන් 2න් පුද්ගලයාට එල්ල වන්නේ දැවැන්ත වූ ග්‍රහ බලපෑමකි. පුරාතන ඍෂිවරුන් උත්තර ලක්ෂයට රාහුද, දක්ෂිණ ලක්ෂයට කේතුද යනුවෙන් හැඳින්වූයේ එහි බලපෑම පුද්ගලයාට බලපාන අයුර සැකවින් තේරුම් අරගෙනයි. 

ලංකා කේන්දරය වූ කුම්භ ලග්න කේන්දරයේ  8 වැන්නට රාහු පැමිණෙන අතර 2 වැන්නට කේතු පැමිණේ.

● ඒනිසා විදේශිය බලපෑම් ලංකාවට එල්ලවීමට ඉඩ ඇති බව කිව යුතුය. 

● එසේම මෙම කාලය තුලදී කර්මාන්ත ශාලා සහ විවිධ රසායනික කර්මාන්ත ශාලා වල යම් පිපිරීම් වැනි අනතුරු දක්නට ලැබේ. 

● එසේම කාලගුණයේ හදිසි වෙනස්කම් නිසා ප්‍රදේශ වල යම් යම් හානි වීමට ඉඩ ඇත. 

● එසේම රජයේ සහ විපක්ෂයේ ඉහල තනතුරු හොබවන අයට යම් යම් වෙනස්කම් වලට භාජනය වීමට ඉඩ ඇත. 

● පොදුවේ ගත්කල රාහු - කේතු මාරුව නම් රටට ඒ තරම්ම සුභ දායක නොවන බව කිව යුතුය.
සිංහ ලග්න ජනරජ කේන්දරයටද එසේමයි. 

ඒනිසා සියලු කටයුතු බුද්ධියෙන් ඉවසීමෙන් කිරීම මැනවි !

1 comment: