Thursday, July 17, 2014

_ බලගතු ලිංගික ශක්තියකට ඇති ග්‍රහ බලය _

මනුෂ්‍යයාගේ කායික සම්භෝගයට අවශ්‍ය වන්නේ, මානසික ඒකාග්‍රතාවයයි.
වෙසෙසින්ම මේ සම්බන්ධව අධ්‍යයනය කිරීමේදි ජෝතිෂ්‍යානුකූලව මෙයට පාදක වන කාරණාත්, සාමාන්‍ය මනෝවිද්‍යාත්මක කාරණාත් අතරේ බැලූ කල්හි සිතිවිලි සහ මනස, මානසික ශක්තිය, චින්තනය ආදි සියලුම ප්‍රස්තූතයන්ට මූලික වන "සඳු" ග්‍රහයාගේ බලවත් වීම පුද්ගලයෙකුගේ ලිංගික නිරෝගීභාවයට මනාසේ පිටුවහලක් බව කිව යුතුය.

* අප එදිනෙදා පුවත්පත් දැකීමෙදි අපට කාම අපරාධ සම්බන්ධවද දැකීමට ලැබේ.
එම කාම අපරාධ සහ විකෘති කාම ක්‍රියා ගැන අප පසුවට සඳහන් කරන්නම්.

● සිතිවිලි වලට මුල් වන සඳු/චන්ද්‍රයා කේන්දරයක ස්වක්ෂෙත්‍ර බලයෙන්, උච්ච රාශියක සහ එසේම ලග්නයට බලපාන 3 වැන්න, 5වැන්න, 7 වැන්න, 11 වැන්න ආදි රාශියක බලගතුව පිහිටා එම සඳු සුභයින්ගේ දෘෂ්ඨියට ලක්වේද හෙතෙම නිරෝගී ලිංගික මානසික ශක්තියක් ඇති සන්සුන් පුද්ගලයෙකු වේ.
ඔහුට ලැබෙන භාර්යාව, ඔහුගෙන් ඉතාම ආධ්‍යාත්මික වූ එසේම මනාකොට බැඳීමක් ඇතිවූ ලිංගික ආශ්වාදයක් ලබයි.
එම ඇසුරෙන් ලබන තෘප්තිය සහකාරියට හෝ සහකරුට දිවි ඇතිතෙක් අමතක කල නොහැක.
● එසේම කේන්දරයක මෙයට උදව් කරන කාය බලය පරික්ෂා කිරීමෙදි කුජ සහ සිකුරුගේ බලවත්කම සහ සංයෝගය ඉතාම වැදගත්ය.

● කුජ - සිකුරු දෙදෙනා කාමයෝග කාරක ග්‍රහයන් වුවත් එම ග්‍රහයන් 2, විශේෂයෙන්ම 3 වැන්න 5, 7, 11 යන තැනක සුභව පිහිටා සිටියදී ලග්නාධිපති ශුභයෙකු වී බලවත්වීමද බ්‍රහස්පති/ගුරු සහ සඳු බලවත්වීමද පුද්ගලයා චරිත පාරිශුද්ධයෙන් උපරිමයට ගොස් ලිංගික ශක්තියෙන්ද අනූන, භාර්යාව දුටු පමණින් සතුටු කරන උතුම් පුරුෂයෙක් බවට පත්වේ.

● එසේම ගුරු සඳු දුර්වලව කුජ - සිකුරු දෙදෙනාගේ නරක ස්ථාන වල පිහිටිම පුද්ගලයෙකු වැරදි කාම සේවනය නිසා ප්‍රපාතයට ඇද වැටෙන හේතුවකි.

ඔබගේ ජන්ම පත්‍රය අනුවත් මේ ග්‍රහ පිහිටිම ඇත්දැයි විමසිලිමත් වන්න. මන්ද ඔබටත් යම් දිනෙක මේ ගැන සොයා බැලීම වැදගත් වනු ඇත.

No comments:

Post a Comment