Sunday, August 3, 2025

සෙනසුරුගේ බලපෑම විද්‍යාත්මකව

 


☆ සඳු/චන්ද්‍රයා පෘථවියේ උපග්‍රහයෙක් - ප්‍රමාණය අනුව පෘථවියට වඩා ඉතා කුඩාය.

නමුත්, පුර කාලයට මුළු පෘථවියම එළිය කරන්නට චන්ද්‍රයාට පුලුවන්.

☆  එහෙම කරන්නෙ සූර්යයාගෙන් වැටෙන ආලෝකය පරාවර්ථනය කරලයි..


✪ සූර්යයාගෙන් සියලු ග්‍රහයන්ට වැටෙන ආලෝක කදම්බයෙන් කොටසක් පරාවර්ථනය වන බව අපි දන්නවනේ ?

 (චන්ද්‍රයා මූණට කණ්ණාඩියක් සවි කරගෙන නැත, ආලෝකය පරාවර්ථනයෙන් සඳ එළිය පෘථිවියට වැටේ).


➽ සූර්යයා සහ සියලු ග්‍රහ වස්තූන් භ්‍රමණය වන්නේ ආකර්ෂණ ශක්තියකට අනුවය. 

➽ එය අන්තර් සබඳතාවයකි. 

➽ ග්‍රහ ලෝකයන් අතරද එකිනෙක අතරද ආකර්ෂණ සබදතාවයක් තිබේ.

➽ පෘථිවියේ සිට වෙනත් ග්‍රහලොවකට යන විට පෘථවියේ ආකර්ෂණය යම් දුරකට තිබේ. 

➽ එසේ වෙනත් ග්‍රහ ලෝකයට අයත් ආකර්ෂණයක්ද පෘථවියට තිබේ..


**
එයින් එක ග්‍රහයෙකු හෝ ඉවත් වුවොත් වෙන දේ හිතන්න පුලුවන්ද ?


●
සෙනසුරු ඈතක සිටියද, පෘථිවියට වඩා ඉතා විශාල ග්‍රහයෙකි.

(සෙනසුරු විශාලත්වයෙන් 2වෙනි වන්නේ බ්‍රහස්පතීට පමණි.)


➥ සෙනසුරු සමගද සබදතාවයක් පෘථවියට තියෙනවා, එකිනෙකට නොගෑවි ගමන් කරන්නෙ එහෙමයි.

➤ සෙනසුරුට වැටෙන ආලෝක කදම්බයෙන් කොටසක් අනිකුත් ග්‍රහ ලෝක වලටද වැටේ. 

➤➤ ඒ ආලෝක කදම්බය තමයි “ග්‍රහ දෘෂ්ටි“ ලෙස ජ්‍යොතිෂ්‍යයේ පෙන්නුම් කරන්නේ..

➤ උපන් මොහොතේදි ග්‍රහයන් සිටි ආකාරය අනුව, ඒ ඒ ග්‍රහයන්ට වැටෙන ආලෝක ප්‍රමාණය තමයි පෙන්නල කතා කරන්නේ,

“ මේ ග්‍රහ දෘෂ්ටිය වැටෙනවා, මෙතන සෙනසුරු සිටින විතර මෙතරම් ප්‍රබල හෝ දුබල තත්වයක පිහිටිනවා “


➸  එම බලපෑම සැබෑවටම  තියෙනව.අප කතා කරන්නෙ භූත ආත්ම හෝ නොපෙනන බලවේග ගැන නොවෙයි.


 
❖  අප  සෙනසුරුගේ බලපෑම ඉතා විශාල බව අප පිලිගන්නේ නැත. 

 ❖ විශාල බලපෑමක් ඇත්තේ සූර්යයාගේ සහ චන්ද්‍රයාගේය.

❖ අප සියලු කටයුතු කරන්නේ රවි/සූර්යයා සහ සඳු/චන්ද්‍රයා මූලික කරගෙනයි.

❖ චන්ද්‍රයා අනුව නැකැත් සාදන අතර, සූර්යයා අනුව ලග්න සාදයි.


●
සෙනසුරුගෙන් වැඩිය ලැබෙන්නේ අපල විපත් වන අතර, එයට හේතුව සෙනසුරු විශාල ග්‍රහයෙක් ලෙස අනිත් ග්‍රහයන්ට වඩා එක්තරා අංශයක විශාල ආකර්ෂණයක් ඇති නිසාය..


---

කේන්දරයේ සම්පූර්ණ විස්තරය, දෝෂ ආදියට කල යුතු පින්කම්, 

යන්ත්‍ර - ආභරණ,  නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව 

 ඇතුළු සියලුම සේවාවන්…

irusewaya@gmail.com

071 383 5369

(WhatsApp)

#srilanka #senasuru #chandra #ravi #lka