Sunday, September 18, 2016

කුජ මාරුව - සැප්. 2016


ග්‍රහ ලොව සෙන්පතියා මෙන්ම දඩබ්බර කටයුතු වලට මූලිකත්වය ගන්නා කුජ හෙවත් අඟහරු අද(සැප්.18) වනදා තම ස්වක්ෂෙත්‍ර රාශිය වූ වෘශ්චිකයෙන් මිදී ධනු රාශියට පැමිණියේය. ඒ අනුව පුරා මාස 6කට ආසන්න කාලයක්, එනම් පෙබරවාරි මාසයේ සිට පැවති “කුජ - ශනි යෝගය“ අවසන් වෙයි.

ජ්‍යොතිෂ්‍යයට අනුව කුජ, පාපී ග්‍රහයෙකි. කුජගේ බලපෑම මිනිසාට බොහෝ තිබෙයි. විශේෂයෙන් ලේ ධාතුවට ප්‍රධාන වන්නේ කුජ ග්‍රහයාය.

සෙනසුරු දුකට අධිපතියාය, කුජ ලේ ධාතුවට සහ  කාමයට ප්‍රධාන වෙයි. එවිට දුකත්, සතුටට යන කාරණාත් යන 2ම කරන ග්‍රහයන් 2ම එකට සිටීම අශුභදායක ප්‍රතිඵල දුන්නකි. විශේෂයෙන් රටට - ජනතාවට පසුගිය කාලය අකුසල කර්ම විපාක ලැබුනු කාලයක් විය. දෙදෙනා එකතු වූ විට දැවැන්ත ගැටීමක් තිබුනි.

කෙසේ වුවද කුජගේ ඉවත්වීම අනුව මෙතෙක් පැවති දැඩි පීඩාකාරි තත්වයන්, ආබාධ, අනතුරු, යනාදිය ක්‍රමිකව අඩුවන්නට  හේතුවනු ඇත. කර්ම විපාකයක් විඳින්නට තිබෙනවා නම් හැර අනිකුත් අයට පොදුවේ යහපත් මාරුවකි.

කුම්භ ලග්න ලංකා කේන්දරයේ 11 වැන්න වන ධනුවට කුජගේ පැමිණීම කෘෂිකර්මාන්තයේ යම් දියුණුවක් ඇතිවීමට විශේෂයෙන් පොලව සම්බන්ධව කෙරෙන කටයුතු වලින් වාසි ලැබෙන කාලයකි.

ලග්න 12ට කුජ මාරුව මෙසේය.

** මෙය පොදු පලාපලයකි. තම කේන්දරය අනුව වෙනස් විය හැක.


● මේෂ
9 වැන්නට කුජ පැමිණීම යහපත්ය.
වෙනදාට වඩා තරමක් සහනදායක කාලයකි. ආර්ථික වශයෙන්ද යහපත්ය.
මංගල යෝග උදා වේ. ගමන් බිමන් වැඩි වුවද ඒවායින් වාසි ලැබේ.
නිරෝගී වේ.

-

● වෘෂභ
8 වැන්නට කුජගේ පැමිණීයේය.
ආර්ථික තත්වය දුර්වල නොවූවද වියදම් පාර්ශවය ඉහල යා හැක. විශේෂයෙන් පවුලේ කටයුතු වෙනුවෙන් වියදම් අධික විය හැක. ණය ගැනීමේදි පරිස්සම් වන්න. සිතට තරමක් පීඩා ඇතිවිය හැක.
ගෘහ ජිවිතය තුල ගැටළු ඇතිවීමට ඉඩ ඇත. මනා බුද්ධියෙන් ඒවාට කටයුතු කරන්න.
හදිසි අනතුරු සහ රෝගාබාධ ගැන අවදානමත් වන්න.

-

● මිථුන
7 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථික තත්වය සාමාන්‍ය පරිදි වේ. රැකියාවට යම් බාධා අපේක්ෂිතය.
මනා ඉවසීමකින් යුතුව කටයුතු කල යුතුය.
ගේ දොර ජිවිතයටද යම් තරමකට හෝ කරදර බාධක ඇතිවිය හැක. අඹුසැමියන් අතර සිත් නොහොඳකම් ඇතිවිය හැක. කාමාශාව බලවත් විය හැක.
උෂ්ණාධික රෝග වලින් ප්‍රවේසම් වන්න.

 -

● කටක
6 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථිකය තත්වය යහපත් වේ. කරන කටයුතු සාර්ථක වේ. තමන්ට වාසි සහගත කටයුතු වෙයි, සතුරන් මිතුරන් වන්නට හෝ පරාජය වන කාලයකි.
ගෘහ ජිවිතය සාමකාමිව ගත වේ. යෝජනා, පෙම් සබදතා ස්ථිර වේ.
හදිසි අනතුරු සහ හදිසි ලෙඩ රෝග වලින් ආරක්ෂා වන්න.

-

● සිංහ
5 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථිකය වෙනදාට වඩා යහපත් වන කාලයකි. එසේ වුවද වියදම් කිරීමේදි බුද්ධිමත් විය යුතුය.
පෙර පැවති චිත්ත පීඩනය සමනය වන සිතට සහනයක් දැනෙන කාලයකි. ප්‍රේමයට තරමක බාධා පවති. බුද්ධිමත්ව කටයුතු කරන්න.
උෂ්ණාධික රෝගාබාධ වලින් පරිස්සම් වන්න.

-


● කන්‍යා
4 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථික තත්වය අයහපත් නැත. වියදම් අධික විය හැක. හදිසි මිතුරන් ඇති වීමට පුලුවන, ඔවුන් කුමන අය දැයි තමන් විසින් තේරුම් ගත යුතුය. දේපල ලාභ සහිතය.
සිතට තරමක් හෝ කරදර බාධක පැමිණෙන කාලයකි.
පවුල් ජිවිතයට තරමක බාධා පෙන්වයි. අඹුසැමියන් අතර භේද ඇති වීමට ඉඩ ඇත.
බුද්ධියෙන් කටයුතු කල යුතුය.

-

● තුලා
3 වැන්නට කුජ පැමිණියේය.
කරන කටයුතු සාර්ථක වෙයි. සිතට තරමක සහනයක් දැනෙන කාලයකි. අන් අයගේ උදව් ලැබේ. වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කරන කාලයකි.
ගෘහ ජිවිතය යහපත් වේ. අඹුසැමියන් අතර ප්‍රේමය දළුලයි. ප්‍රේම සබදතා වලට යහපත්ය. කාමාශාව අධික වන කාලයකි. වෙනදාට වඩා අලංකරණයට සිත යොමු වෙයි.

-


● වෘශ්චික
2 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථික තත්වය අයහපත් නොවුවද හදිසි වියදම්, අනවශ්‍ය වියදම් යෙදීමට ඉඩ ඇත. අන් අය සමග කරන කටයුතු වලදි වචන භාවිතය ගැන අවදානමත් වන්න. ඉවසීමෙන් වැඩ කරන්න. නැත්නම් අනවශ්‍ය කරදර ඇතිවිය හැක.
පවුල් ජිවිතයේ කටයුතු වලට තරමක් බාධා ඇතිවිය හැක. පවුලේ අයගේ සෞඛ්‍ය තත්වය වෙනුවෙන් වියදම් ඇතිවිය හැක. කරන කටයුතු මනා සැලසුමකට අනුව කරන්න, එවිට අනවශ්‍ය කරදර ඇති වීමේ අවදානම අඩු වනු ඇත.

-

● ධනු
1 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථිකය සාමාන්‍ය පරිදි වේ. කෙසේ වුවද වෙනදාට වඩා ආවේගශීලි ගති මතුවන, එනිසාම පාඩු - හානි සිදුවීමට ඉඩ ඇති කාලයකි, බුද්ධිමත් වන්න.
පවුල් ජිවිතය තුල අඹුසැමි සමගියට බාධා සහිතයි. මනා කල්පනාවෙන් කටයුතු කරන්න. පවුලේ අය වෙනුවෙන් කැප වන්නට සිදුවන කාලයකි.
හදිසි රෝගාබාධ(විශේෂයෙන් උෂ්ණාධික රෝග, හිසේ කැක්කුම්), අනතුරු යනාදියෙන් පරිස්සම් වන්න.
-

● මකර
12 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථික තත්වය අයහපත් නොවුවද වියදම් අධික වේ. විශේෂයෙන් හදිසි වියදම්, නිශ්ඵල වියදම් යෙදෙනු ඇත. මනා කළමනාකරණයකින් කටයුතු කරන්න. සිතට තරමක් අවිවේකී බවක් සහ පීඩාකාරි ස්වභාවයක් දැනෙනු ඇත. කලකිරීම් ඇතිවිය හැක. එසේ වුවද ඒවා මනා බුද්ධියකින් යුතුව සමනය කරගත හැක.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. පවුලේ අයගේ අසනීප වෙනුවෙන් මහන්සි වීමට හේතු යෙදේ. නෑදෑ හිතමිතුරන් සමග යම් ප්‍රශ්න ඇති වීමේ ඉඩක් ඇත.
සොර සතුරු කරදර ඇතිවීමටද ඉඩ ඇත. ඒ ගැන මනා ඉවසීමකින් කටයුතු කරන්න. 

-

● කුම්භ
11 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථික තත්වය වැඩි දියුණු වෙයි. නව ආදායම් මාර්ග ලැබේ. රැකියාවේ දියුණුව සහ උසස් වීම් අපේක්ෂිතය.
දේපල ලාභ, හදිසි ලාභ ඇතිවිය හැක.
ගෘහ ජිවිතය යහපත් වෙයි. පවුලේ සමගිය රැකේ. හදිසි වියදම් පවුල වෙනුවෙන් යෙදීමට ඉඩ ඇත.
විනෝද අවස්ථා, ප්‍රිය සම්භාෂණ වල යෙදීමට අවස්ථා උදා වේ.


● මීන
10 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථික තත්වය යහපත් වේ. මෙතෙක් පැවති ආර්ථික බාධා දුරු වෙනු ඇත. ණය තුරුස් වලින් නිදහස් වන්නට හැකි කාලයකි. අනාගතය වෙනුවෙන් යම් පියවර ගන්නා කාලයකි.
රැකියාවේ කටයුතු වලට බාධා තිබුනද බුද්ධියෙන් ඒ තත්වයන් මැඩගත හැක.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. පෙම් සබදතා වලට තරමක් බාධා පවති.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.


*** මේ සියල්ල කේන්දරය අනුව වෙනස් විය හැකි අතර, අපල තත්වයන් පවතින අය අඟහරුවාදා දිනයේ විශේෂයෙන් රතු, සුදු, කහ මල් සහිතව දකුණු දිශාව බලා බෝධි පූජාවක් සිදු කර ඊශ්වර දෙවියන්ට, කතරගම දෙවියන්ට, සෙල්ලි - වල්ලි දේව මෑණිවරුන් ඇතුළු සියලු දේව මණ්ඩලයට, කුජ ග්‍රහ මණ්ඩලය ඇතුළු සියලු නවග්‍රහයන්ට, ග්‍රහ බලවේග වලට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට පින් ලැබේවායි ප්‍රාර්ථනා කරන්න.

අපල - අකුසල ජය ගත හැක්කේ කුසලයෙන්ම බැවින් හැකි තරම පින් කටයුතු වල යෙදෙන්න..

බුදු සරණයි !

#ඉරු

No comments:

Post a Comment