Saturday, September 17, 2016

විශ්ව පාලක ශ්‍රී විෂ්ණු දෙවිඳුන්

ශ්‍රී විෂ්ණු දෙවියන් දේව මණ්ඩලයේ ප්‍රබල දෙවි කෙනෙකි. පෙර ආත්ම භවයේ බොහෝ පින්කම් කල රජ කෙනෙක් නිසා පින් මහිමය වැඩිය.

ශ්‍රී ලක්ෂ්මී මෑණියන්ගේ ස්වාමියාද වෙයි. උමයංගනා දේවියගේ සහෝදරයා වෙයි(උමයංගනා දේවිය ඊශ්වර දෙවියන්ගේ දේවීන් වහන්සේ කෙනෙකි).

විෂ්ණු දෙවියන්ගේ වාහනය වන්නේ, සියලු පක්ෂීන්ට අධිපති “ගුරුලාය“..


විෂ්ණු දෙවියන් ඇතුළු බොහෝ දෙවිවරු හින්දු දෙවිවරු මිස බෞද්ධ නොවන දෙවිවරු ලෙස මතයක් තිබුනද, සියලු දේව මණ්ඩලයම දහමට අනුකූලය.
දෙවිවරුන්ගේ අවබෝධ ශක්තිය වැඩිය. දෙවිවරු අපට වඩා හොඳින් දහම දනිති.

විශේෂයෙන් දැනගත යුත්තේ දෙවියන්ගේ ආශිර්වාද ලැබීමට, ලොකු පූජා වට්ටි තැබීමෙන් ඵලක් නැති බවය.
පූජා වට්ටි, දේවාල වලට ආධාර කිරීම වරදක් නැත. ඒ තැන් පවත්වාගෙන යායුතු නිසාය.

නමුත් දෙවිවරුන් ආශිර්වාද කරන්නේ පින්වන්ත, සීලය රකින අයටය. එවන් අය කරන පින්කම් වලින් මනා කුසලයක් ලැබෙන අතර, ඒ පින් දෙවියන්ට අනුමෝදන් කල විට දෙවිවරුද සතුටු වෙති.

සෙනසුරු අපලයට, තදබල අපල දෝෂ වලට විශේෂයෙන් විෂ්ණු දෙවියන්ට භාරහාර වීම සිදු වේ.
විෂ්ණු දෙවියන් වහන්සේගේ නාමයෙන්, බෝධින්වහන්සේ නමක් අභියස නිල් මල් සහිතව බෝධි පූජාවක් පවත්වා පින් අනුමෝදන් කිරීම සෙනසුරු අපල දෝෂ දුරු වන්නට හේතුවකි.

#ඉරු

No comments:

Post a Comment