Thursday, September 15, 2016

ලග්නාධිපති සිටින තැන අනුව පොදුවේ - 02 ලිපිය

(ලග්නාධිපති හොයාගන්න
https://www.facebook.com/irusewaya/photos/a.848651011818646.1073741829.833656709984743/1389483484402060/?type=3&theater)

** මේ සියල්ල පොදු කරුණුය.

● ලග්නාධිපති 01  වන කොටුවේ

ඔබගේ ලග්නාධිපති සිටින්නේ 1 වෙනි කොටුවේ නම් එම අය අනුන්ගෙන් උදව් ගැනීමට අකමැතිය. තම හැකියාවන් ප්‍රදර්ශනයට කැමතිය. සුභ ග්‍රහයින්ගේ දෘෂ්ටි වැටීමෙන් හෝ සුභයෙක් සිටීමෙන් අධ්‍යාපනයට සහ දියුණුවට ඉතා හොඳ පිහිටීමකි.
අසුභ දෘෂ්ටි වැටීමෙන් හෝ අසුභයෙක් සිටීමෙන් ආවේගශීලි ගති වැඩි, දුකට කරදරයට පත් වන හේතු ඇති වන්නට පුලුවන.

-

● ලග්නාධිපති  02 වන කොටුවේ
ලග්නාධිපති සිටින්නේ 2 වන කොටුවේ නම් පසුනොබසින අය වේ. කාර්යශූර වේ. පවුලට හිතවත් වන අතර, පවුලේ ප්‍රධානත්වයද ලබයි. සුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටීමෙන් හෝ සුභයන් 2 වැන්නේ සිටීමෙන් ප්‍රිය වචන කතා කරන, අන් අය ප්‍රිය කරන අය වෙති.
අසුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටීමෙන් හෝ අසුභයන් සිටිමෙන් පෙර කී සුභ ඵල නැති විය හැක.

-

● ලග්නාධිපති 03 වන කොටුවේ
ලග්නාධිපතියා 3 වැන්නේ නම් එවන් අය කඩිසර ගති ඇති අය වෙති. ඉදිරියට යෑමේ ගතිය වැඩි අය වෙති. 3 වැන්න වික්‍රමස්ථානය වෙයි. නුවණක්කාර අය වෙති. සතුරු කරදර වලින් බේරීමට හැකියාව ඇති අය වෙති.
ලග්නාධිපතියා රවි හෝ කුජ වී 3 වැන්නේ සංයෝගව හෝ නැතිව සිටිමෙන් එඩිතර ගති ඇති, ඇතැම් විට අවි දරන අය වෙන්නට පුලුවන.

-

● ලග්නාධිපති  04 වන කොටුවේ

ඔබගේ ලග්නාධිපතියා 4 වැන්නේ නම්, ඉඩකඩම්, ගෙවල් දොරවල්, යාන - වාහන වාසනාව හිමිය. කුමන බාධක පැමිණියද පස්සට යන ගති නැති අය වෙති. උපක්‍රමශීලී වේ. දියුණු වීමට කැමති ඒ වෙනුවෙන් කැප වන අය වෙති. තම නුවණින් මනා ප්‍රයෝජනක් ගන්නා වාසනාවන්ත අය වෙති.

-

● ලග්නාධිපති  05 වන කොටුවේ
ලග්නාධිපතියා 5 වැන්නේ නම්, ඉගෙනීම වැඩි දියුණු කරයි. ක්‍රීඩාවට සුභ පිහිටීමක් වෙයි. කාමාශාව වැඩි පුද්ගලයන් වෙති. ධනවත් වීමේ භාග්‍යය හිමි අය වෙති. ලග්නාධිපතියාගේ දසාව ලැබීමෙන් බොහෝ දියුණුව, අභිවෘද්ධිය ලැබිය හැක.

-

● ලග්නාධිපති  06 වන කොටුවේ
ලග්නාධිපතියා 6 වැන්නේ නම්, සැපවත් ජීවිතයක් ගත කරන්නෙකු වේ. ධෛර්යවන්ත වෙයි. සතුරන් පරාජය කිරීමට සමත්කම ඇත. කැපවීමෙන් වැඩ කිරීමට හැකියාව ඇති අයයි. තම මතය ක්‍රියාවේ යෙදවීමේ සමත්කම ඇති අය වෙති.

-

● ලග්නාධිපති 07 වන කොටුවේ
ලග්නාධිපතියා 7 වැන්නේ නම් එය තම බිරිදට තරමක අපලය. කුමන ක්‍රමයකින් හෝ දියුණු වීම පරමාර්ථය කරගෙන ඇති අය වෙති. අදාල ග්‍රහයාගේ හැටියට අන් අය සමග සමගියෙන් කටයුතු කරන අය වෙති. කොයිම පැත්තකින් හෝ අන්තයට පැමිණෙන්නෙකි.

-

● ලග්නාධිපති 08 වන කොටුවේ
ලග්නාධිපතියා 8 වැන්නේ නම්, ආයුෂ ආරක්ෂා කෙරෙයි. සිකුරු වැනි සුභයෙක් නම් මරණය සුවදායක එකක් වෙයි. තරමක සොර සිතක්ද ඇති අය වෙති. චරිතය දූෂණය කර ගැනීමේ අවදානමක්ද පවති. නඩු හබ වලට පැටලීමේ අවදානමක්ද පවති. ස්ත්‍රි පක්ෂයට මෙය එතරම් හොද පිහිටිමකි. සුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටීමෙන් හෝ සුභ ග්‍රහයෙක් සිටිමෙන් මේ තත්වය වෙනස් විය හැක.

-

● ලග්නාධිපති 09 වන කොටුවේ

ලග්නාධිපතියා 9 වැන්නේ නම්, පෙර පින් ඇති කෙනෙකි. පිනට කැමති අය වෙති. පන්සල, ආගමික ස්ථානය ඇසුරු කරන, ධර්මයට නැඹුරු අය වෙති. මවට, පියාට, පවුලට හිතවත් අය වෙති. ප්‍රසිද්ධ කෙනෙක් වීමේ වාසනාවද පවති. අන් අයගේ ගෞරවයට පාත්‍ර වෙයි.

-
● ලග්නාධිපති 10 වන කොටුවේ
ලග්නාධිපතියා 10 වැන්නේ නම් වාසනාවන්තයෙකි. හොඳ රැකියාවක් ලැබෙයි. ඉඩකඩම් ලාභ, දේපල ලාභ තිබේ. දෙමාපියන්ට කෙරේ ඇල්මක් භක්තියක් ඇති අය වෙති. අන් අයගේ ඇප උපකාර හිමි වන අය වෙති. පුරුෂ වීර්යය ඇති අයෙකි. මැදි වයසේ සිට සැපවත් ජිවීතයක් උරුමය වෙයි.

-

● ලග්නාධිපති 11 වන කොටුවේ

ලග්නාධිපතියා 11 වැන්නේ නම් අතමිට මුදල් ගැවසෙන්නෙකි. ව්‍යාපාර වලට යහපත් පිහිටීමකි. කුමන අංශයකින් හෝ ලාභ ලැබීමේ වාසනාව පවති. ධර්මයට ප්‍රිය අය වෙති. හසල දැනුමක් ඇති අයයි. ධනවත් වෙයි. දියුණු වෙයි.

-

● ලග්නාධිපති 12 වන කොටුවේ

ලග්නාධිපතියා 12 වැන්නේ නම්, තරමක අශුභ පිහිටිමකි. නඩු හබ යනාදියට පැටලීමට ඉඩ ඇත. කුමන ආකාරයකින් හෝ චරිතය දූෂණය විය හැක. එසේ වුවද මෙය විදේශ ගත රැකියා, විදේශ ගත ලාභ යනාදියට සුභ පිහිටිමකි. උපන් ප්‍රදේශයෙන් පිට වාසයට වැඩි කැමැත්තක් දක්වයි.

No comments:

Post a Comment