Monday, March 30, 2015

සිකුරු මහ දසාව සහ පලාපල - 1

ග්‍රහලොව මනාලිය යනුවෙන් හඳුන්වන සිකුරු හෙවත් ශුක්‍ර ග්‍රහ තාරකාව ජ්‍යොතිෂ්‍යයට අනුව පුද්ගලයෙකු බලපෑම් ඇති කරන්නේ කෙසේද ?

සිකුරු ග්‍රහයා මනුෂ්‍යයාගේ ලෞකික ජිවිතයේ සුඛ විහරණය සහ කාම සම්භෝගය ප්‍රධාන වශයෙන්ම නිවේදනය කරයි. එසේම සත්‍යවාදි බව, අලංකාර බව, පිරිසිදුවට සිටීමට කැමති බව ශෘංගාරාත්මක බව ඇති කරන්නෙ සිකුරු ග්‍රහයාය.

●   යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ සිකුරු ග්‍රහයා බලවත්ව සිටිම, එසේ නම් උච්චව, ස්වක්ෂෙත්‍රව සිටිම ඔහුට හෝ ඇයට මහා සැප සම්පත් ඇති කරන යෝගයකි. එය ඉතාම ප්‍රබල තත්වයක් වශයෙන්ද හඳුන්වයි.
* සිකුරු ස්වක්ෂෙත්‍රව වෘෂභයේ පිහිටීම - “ විෂ්ණු යෝගයයි“
* සිකුරු උච්චව මීනයේ පිහිටීම -  “ මහෞෂධ යෝගයයි“
මෙසේ උච්ච හෝ ස්වක්ෂෙත්‍ර වන්නේ 1, 4, 7, 10 තැනක නම් එය “මාලවී යෝගයයි“. පංච මහා පුරුෂ යෝගයක් වන රාජ යෝගයකි.
* එම මාලවී යෝගය සුපිරි සනත් ජයසූරියට, ලක් සිනමාවේ රැජිණිය ලෙස හඳුන්වන මාලිනී ෆොන්සේකාට, ලංකාවෙ හිටපු ජනනායකයෙකු වූ ඩී.බී ජයතිලකයන්ට, නිදහස් ඉන්දියාවේ මුල්ම අගමැති ශ්‍රී ජවහල්ලාල් නේරුතුමාට සහ ලෝකයේම ආදරය දිනාගත් සුප්‍රසිද්ධ ඩයනා කුමරියට තිබී ඇත.

●  එසේ ග්‍රහ පිහිටිම තිබෙන අයට යාන වාහන, ගෙවල් දොරවල්, යහපත් ස්වාමිපුරුෂයෙක්/භාර්යාවක්, සැපෙන් පිරුණු ජීවිතයක් හිමිවේ.
නමුත් ඒ සදහා සිකුරු ග්‍රහයා දුෂ්ට ග්‍රහයෝග වලින් පාප පීඩිත නොවී තිබිය යුතුය. පාප පීඩිත වුවහොත් එම ග්‍රහ බලය අවම වේ.

●   එසේම සිකුරු ග්‍රහ තාරකාව යම් කෙනෙකුගේ කේන්දරයේ නීච නම් ඔහුට හෝ ඇයට ලෞකික සැප සම්පත් හා ඉහත කී යම් යම් දේ ලබාගැනීමේ ප්‍රබල දුෂ්කරතාවයන් පවති.
* සිකුරුට අයත් රාශි 2ක් විශ්වයේ ඇත.
සිකුරුට හිමි තුලා රාශිය සිකුරුගේ දිවා බල රාශියයි. සිකුරුගේ රාත්‍රි බල රාශිය වන්නේ වෘෂභ රාශියයි.
* සිකුරු ග්‍රහයා උච්ච වන්නේ මීන රාශියේදීය. එසේම එයින් 7 වැනි රාශියේ එනම් කන්‍යා රාශියේ සිකුරු ග්‍රහයා නීච තත්වයට පත්වෙයි.

* සිකුරු ග්‍රහයා දුර්වල වීම නිසා ශර්කරා රෝග, ශරීරයට සැපය වැඩිවිම නිසා ඇතිවන රෝග සහ මුත්‍රා ආබාධද ප්‍රධාන වෙයි.

●   විශේෂයෙන්ම කෙනෙකුගේ ප්‍රජනන ශක්තියට සිකුරු ග්‍රහයා ඇති කරන බලපෑම අති විශාලය.

*  සිකුරු ග්‍රහයා දුර්වල පුරුෂයෙකුට ලිංගික ප්‍රාණවත් වීම එසේම ලිංගික සම්බන්ධතා වලට අවශ්‍ය වන එම හෝමෝන ශ්‍රාවයන් ශ්‍රාවය නිවරදිව නොවිම  ආදිය පවති.
තවද සහකාරිය තෘප්තියට පත්කිරීමේ හැකියාව අඩුය. එමනිසා විශේෂයෙන්ම මේ අඩුපාඩුකම් තිබේ.
එසේම ගැහැණු කෙනෙකුට නම් ඊට හාත්පසින්ම වෙනස් දේවල් සිදුවේ.

* ස්ත්‍රියකට විශේෂයෙන්ම සිකුරු ග්‍රහයාගෙ බලපෑම අයත් වන්නේ, කාන්තාවකගේ ලිංගික උද්දීපනයට, එසේම ශරීරයේ සිදුවෙන ඊස්ට්‍රජන් හොමෝනයට එසේම ආදරය, කරුණාව වැනි ආධ්‍යාත්මික මානුෂීය ගුණ ධර්ම වලට මෙම ග්‍රහයාගේ බලපෑම ඇත.

ඔබගේ කේන්දරයේද සිකුරු සිටින තැන අනුව, මේ ආකාරයට කල්පනා කර බලන්න සිකුරු ඉන්නා තැන අනුවද කල්පනා කර බලන්න.

සිකුරු මහ දසාව සහ එහි පලාපල ඊලග ලිපියෙන්.
_______________________________________


Sunday, March 29, 2015

සතියේ ලග්න පලාපය - මාර්තු 30 සිට

●   මේෂ
ඉතාම හොද සතියකි.
තමාගේ ආර්ථික තත්වය දියුණු වෙයි. කරන කියන කටයුතු වලින් ආදායම ලැබෙයි. එසේම තමන්ට හදිසි ධන ලාභයක් සතියේ මැදදී ලැබේ. ආර්ථික වශයෙන් ඵලදායක සතියකි.
ගෘහ ජිවිතයද ඉතාම හොදයි. ගෙදර ප්‍රීති උත්සව සංවිධානය වන කාලයකි. දරුවන්ගේ දක්ෂතා බලා සතුටු වීමට පුලුවන්. බොහෝමත්ම වාසනාවන්ත සතියකි.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු සහ පපුවේ සෙම ආශ්‍රිතව සැලකිලිමත් වන්න.

● වෘෂභ
ඉතාම ශුභ සතියකි.
තමාගේ දක්ෂතාවයේ හැටියට මුදල් උපයා ගැනීමට පුලුවන්. ඒ අතරතුර පිටපලාත් වල කරන කටයුතු වලින් ලාභයක් ලැබිමට පුලුවන්. හොද සතියකි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර, නිවසට උවමනා කරන්නාවූ සියලුම දේවල් මිලදී ගැනීමට හැකිවේ. එසේම ඔබට දරුවන්ගෙ කටයුතු වලින්ද සතුටක් ගෙනදේ. විනෝද ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය, උදරාබාධ සෙම් අමාරු ආදිය ඇතිවිමට පුලුවන්.

● මිථුන
ශුභ සතියකි.
මේ සතියෙදි ආදායමට හොදයි. තමාගේ දක්ෂතාවයේ හැටියට මුදල් ලැබෙන අතර, දියුණුවට සහෝදරයන්ගෙන් හිතවතුන්ගෙන් මුදල් ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර, දුවාදරුවන් සමග විවිධ ප්‍රියසම්භාෂණ වලට හෝ චාරිකා වලට එක්වීමට ඉඩ ලැබේ. සහෝදරයන්ගේ සහ ඥාතින්ගේ පැමිණිම සිදුවේ.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නොවේ. සෙම ආශ්‍රිත රෝග සහ යටි බඩේ රෝග සැලකිලිමත් වන්න.

● කටක
බොහෝම හොද සතියකි.
ඔබගේ කටයුතු ආර්ථිකයට අවශ්‍ය කරන සියලුම පහසුකම් මෙම සතියෙදි ඔබට ලැබේ. එසේ නම් ඔබගේ දියුණුවක් තිබේ.
ගෘහ ජිවිතය ඉතාම සතුටින් සමාදානයෙන් ගතවන අතර නිවසට අලුත් බඩු මුට්ටු ගැනීමටද පුලුවන. විවාහ කටයුතු වලට උනන්දුව සිටින අයට එම කටයුතු සාර්ථක කරගැනිමේ තත්වයක් වාසනාවක් උදාවේ.
සෞඛ්‍ය තත්වය හිසේ අමාරුව, සෙම නිසා සෙම කරවීම නිසා හිසේ කැක්කුම ඇතිවිය හැක. වාත වේදනා සම්බන්ධව සැලකිලිමත් වන්න.

● සිංහ
මේ සතිය මිශ්‍රපල සතියකි.
සතියේ මුල් දවස් 1-2 තුල ආදායමට වඩා වියදම අපේක්ෂා කල හැක. ඔබට එමනිසා ලැබෙන මුදල් ප්‍රවේසම් කරගැනිමට ඔබ උනන්දු විය යුතුය. නමුත් මේ තත්වය මුළුමනින්ම සතිය මැදදී වෙනස් වී ඔබගේ තත්වය යහපත් වේ.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. සතියේ මුල් දවස් 2ක තුල යම් ගැටළු පැවතිය හැකි වුවද ඉන්පසු ලබන ග්‍රහචාරයත් සමග තත්වය වෙනස් වෙයි. දුවාදරුවන් සමග ප්‍රීතියෙන් සිටිමටද හැක. නිවසේ ප්‍රියසම්භාෂණයක් පැවැත්වීමටද නියමයි. ඥාතින් නිවසට පැමිණීමට හැක.
සෞඛ්‍ය තත්වය එතරම් හොද තත්වයක් නොපෙන්වයි. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් විය යුතුය.

● කන්‍යා
මිශ්‍රඵල සතියකි.
සතියේ මුල් දවස් 2තුල කිසිම ආර්ථික ප්‍රතිලාභයක් බලාපොරොත්තු වීමට නම් බැරිය. තමාගේ තිබුනු මුදල් වියදම් වීමට සහ අනවශ්‍ය ගමන් බිමන් යෙදීමට පුුලුවන. සිත කලබල වී තිබීම නිසා මුදල් වැයවීම උපරිම තත්වයේ තිබෙන බව කිව යුතුය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවන අතර, ගෙදර දොරේ වියදම සම්බන්ධව කලකිරිමක් ඇතිවිය හැක. ඔබගේ කාර්යබහුලකම නිසා කටයුතු අතපසුවිය හැකි නිසා ඒ ගැන අවදානමත් වන්න.
සෞඛ්‍ය තත්වය මානසික ආතතිය එසේම කලබලය ආදි දේවල් නිසා ඔබට පාඩුවක් වීමට පුලුවන.

● තුලා
නරකක් නැති සතියකි.
ආර්ථික වාසි ඇතිවෙනවා. තමාගේ කරන රැකියාවේ හැටියට දියුණුවක් බලාපොරොත්තු වීමට පුලුවන්. එසේම හිතමිත්‍රාදින්ගෙන් උදව් උපකාරද ලැබීමට නියමිතයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර ඥාති හිතවතුන් නිවසට ඒමේ ප්‍රවණතාවය වැඩිය. එසේම ඔබට අලුත් හිතවත්කම් ගොඩනැගෙන කාලයකි, මේ කාලය.
සෙනසුරුගේ බලපෑමෙන් නහරගත වේදනා, කැක්කුම් ආදිය ඇතිවිමට ඉඩ ඇත. පරිස්සම් වන්න.

● වෘශ්චික
ඉතාම හොදයි.
විදෙස් රැකියා වල නියුතු අයටද, ජලයාශ්‍රිත කටයුතු කරන අයටද ඉතාම හොදයි. ණය තුරුස් අයවෙන කාලයකි. තමාගේ කටයුතු ඉතාම පහසුවෙන් කෙරෙයි. එසේම දියුණුව සැලසෙයි. ඉතාම හොදයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර වැඩිහිටියන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීමට ඉඩ ලැබේ. ඔවුන්ට සැලකීමටද අවස්ථාව ලැබේ. පිනට දහමට යොමුවෙන කාලයකි. සිත ශාන්තිමත් වන කාලයකි.
සෞඛ්‍ය ගැටළු නැත. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

● ධනු
හොද සතියකි.
සතියේ මුල් කොටසෙදි යම් ආර්ථික අපහසුතා තිබුනද සතිය මැද වන විට මේ තත්වය වෙනස්වෙයි. තමන් බලාපොරොත්තු වන දියුණුව ඇතිවෙයි. අලුත් ව්‍යාපාර වස්තුන් කෙරේ සිත ඇදී යයි. ප්‍රබල දෝෂයක් නොමැත.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර අඹුසැමි ප්‍රේමය වර්ධනය වෙයි. තමාගේ භාර්යාවට ස්වාමි පුරුෂයාට උරුමහරුමකම් ලැබෙයි. සතිය අගදි දුරබැහැර ගමනක් යෑමට නියමිතයි.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නොමැත.

● මකර
සමඵල සතියකි.
මේ සතියෙදි බොහෝ කටයුතු ඉෂ්ඨ සිද්ධ කරගැනිමට පුුලුවන. හවුල් ව්‍යාපාර සහ ධනෝපායන මාර්ග නිසා ඔබගේ දියුණුව සැලසෙයි. නව ව්‍යාපාර ආරම්භ කිරිමට ඔබගේ සිත යොමුවෙයි.
ගෘහ ජිවිතයේ වරදක් නැහැ. මේ සතියෙදි අවිවාහක අයට මංගල යෝග උදාවීමද විවාහක අයට අඹුසැමි ප්‍රේමය වර්ධනය වීමද සිදුවෙයි. ඒ සම්බන්ධව ගැටළුවක් නොමැත.
සෞඛ්‍ය තත්වය යහපත්ය. සතිය මැදදී ජලයාශ්‍රිත රෝගාබාධ වැළදිමට පුලුවන් පරිස්සම් වන්න.

● කුම්භ
බාධක ඇති සතියකි.
ආර්ථික තත්වයට යම්කිසි සතුරු බලපෑම් නිසා එහි ගුණාත්මකභාවය පිරිහිමට පුලුවන. ඔබ මුදල් හම්බ කරනවාට වඩා එය රැකගැනීමට කටයුතු කිරිම අවශ්‍ය වේ. ණයට ගැනීමද, ණයට දීමද මේ සතියේදී හොද නැත.
ගෘහ ජිවිතයෙදි ඔබ මනා සංයමයකින් වැඩ කටයුතු කරන්න. එසේ නොමැතිවුවොත් ඔබට කිසියම් ආකාරයක පාඩුවක් විඳීමට පුලුවන.
සෞඛ්‍ය තත්වයද එතරම් යහපත් නැත.

● මීන
ශුභාශුභ මිශ්‍රපල සතියකි.
ඔබගේ කටයුතු වල යම්කිසි ගැටළුවක්, ඇතිවිමට පුලුවන. ආර්ථික තත්වය එතරම් යහපත් නොවේ.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙයි. ඔබට එහිද විශාල දුෂ්කරතා නැති වුවත් ගැටළුවක් ඇතිවිමට පුලුවන. ඒනිසා ප්‍රවේසම් සහගතව වැඩකටයුතු කිරීම ඔබ සතු වගකීමකි.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නොමැත. නිදන්ගත රෝග ඇති අය ඒ සම්බන්ධව සැලකිමෙන් සිටින්න.

Saturday, March 28, 2015

“ කම්බිලි දෙවියන් “



මෙම දෙවියන් ගැන බොහෝ ජනප්‍රවාද ඇත.
ඒවා අතර පණ්ඩුකාභය රජ සමයේ ඒ රජුට උපකාර කල යකින්නකගේ දරුවන් ලෙසද, තව තැනක කම්බිලි 7 දෙනෙකු ගැනද, තවද ඉන්දියාවෙන් මෙරටට පැමිණි කෙනෙක් ලෙසද යනාදි වශයෙන් වේ.
ඊට අමතරව අංගම් පොර සටන් කලාවේ “කම්බිලි මුත්තා“ ලෙස හඳුන්වමින් ඊට අදාල ආශිර්වාද ලබාගන්නා දෙවි කෙනෙකු ලෙසද සැලකේ.

 යක්ෂ, ප්‍රේත, භූත දෝෂ යනාදියෙන් ආරක්ෂා වීමේදි මෙම දෙවිඳුන්ගේ බලය සහ හැකියාව අප විසින් අත්දැක ඇත. යහපත් දෙවි කෙනෙකි. ගුණ ධර්ම රකින මිනිසුන්ට නිසි ක්‍රමවේදය අනුව උදව් කරන්නට කටයුතු කරයි.

පෙර කාලයේ පැවති ගැබිණි මව්වරුන් යක්ෂ බැල්ම වැටීම් නිසා අඩු මාසයෙන් ගබ්සා වීම, ප්‍රසුතිය අවස්ථාවේ දරුවාන් මිය යෑම් ආදියෙන් ආරක්ෂා කරගන්නා ශාන්ති කර්මයේදී වැදගත් වන දෙවි කෙනෙකි.
එහිදි සිදුකරන්නේ රත් පැහැ කුකුලෙකු මගිනි. එහිදීද කම්බිලි දෙවිවරු 3 දෙනෙකුට යාග පිදීම සිදුවේ.
එම කුකුලා විසින්  මුල් කාලයේ මවටද ඉන්පසු කාලයේ දරුවාටද අද කෙනෙකුට සිතාගත නොහැකි ආරක්ෂාවක් දෙමින් නිසි කාලයක් දරුවා රැකගන්නවා ඇත.
අද කතාබහ නොකෙරෙන මෙම ශාන්ති කර්මය අප සේවයේ ජයතිලක වෙද පරම්පරාවේ මහතුන් අත්දැකීමෙන් සැබෑ වන බව දන්නා දෙයකි.

#ඉරුසේවය

Wednesday, March 25, 2015

ගුරු මහ දසාව - අතුරු දසා වල පලාපල - 2




නවග්‍රහයන් අතරේ, ශුභ පල දෙන හා විශ්වාසයෙන් යුතු හා විශ්වාස කල හැකි එකම එක සුභ ග්‍රහයා වන ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා සම්බන්ධව අද විමසා බලමු.

* මෙම මහ දසාව වසර 16ක් පුරාවට පවතී.
පුද්ගලයෙකුට අවශ්‍ය මනා පෞරුෂය සහ සත්‍යවාදි බව, සිල්වත් ගුණවත් බව සහ අනුකම්පා සහගත බව එසේම ලෞකික ජිවිතයේ අවශ්‍ය කරන සකලවිධ සැප සම්පත්, උසස් පිලිගැනීම් සහිත ජිවිතය ලබාදෙන්නේ ගුරු ග්‍රහයාය. 
ප්‍රසිද්ධ පැවිදි උතුමන්ද, විවිධ පූජකවරුන්ද, උපදේශකවරුන්ද ගුරු බලවත් වූවෝ වෙති.

මෙම මහ දසාව ගත වෙන අයුර අප දැන් සලකා බලමු.

● ගුරුගේ ගුරු අතුරු දසාව - වසර 2 මාස 1 දින 18

ඉතාම ශුභ කාලයකි.
සැප සම්පත් ලැබෙන අතර සමාජයේ ඉහල පිලිගැනීමක් ලැබෙයි. සියලුම කරදර නිමාවෙන කාලයකි. සුඛෝපභෝගි ජිවිතයක් හිමිවෙයි. ශරීර සෞඛ්‍ය යහපත් වෙයි. පුත්‍ර ලාභ බලාපොරොත්තු වන අයට එම පැතුම් ඉටු වෙයි. ඉගෙනීමේ කටයුතු වැඩි වර්ධනය වෙයි. 

● ගුරුගේ ශනි අතුරු දසාව - වසර 2 මාස 6 දින 12

මේ කාලය තරමක ශුභපල වල පොඩි අඩුවීමක් පෙන්නුම් කරයි.
නමුත් ග්‍රහයන් 2ම කේන්දරයේ බලවත් නම් එම දෝෂය මගහැරේ. කෙසේ වෙතත් හොද දේ නම් ඉගෙනීමට හිත යොමුවීම, භූමිය සම්බන්ධ කටයුතු කිරිම එසේම මුලදි මහන්සියෙන් අමාරුවෙන් පටන් අරන් ඉදිරියට දියුණු වන දේවල් වලට ආයෝජන කිරිම සහ ශාරිරිකව මානසිකව ඒ වෙනුවෙන් කැපවීමේ මේ කාලයෙදි හොදයි.

● ගුරුගේ බුධ අතුරු දසාව - වසර 2 මාස 3 දින 06

මේ කාලයෙදි විශේෂයෙන්ම ඉගෙනීමේ කටයුතු වලට දියුණුවක් ලැබෙයි. ඥානය සහ බුද්ධිය මෙහෙයවා කරන සියලුම කටයුතු සාර්ථක වෙයි. එසේම ආර්ථික තත්වය යහපත් වෙයි.
ඉගෙන ගන්නා වයසේ සියලුම දුවාදරුවන්ට හොද කාලයක්. නැන්දලා මාමලාගෙන් දියුණුවට අති විශේෂ සහයෝගයක් ලැබෙයි.

● ගුරුගේ කේතු අතුරු දසාව - මාස 11 දින 06

තරමක ශුභාශුභ මිශ්‍ර කාලයකි.
පතල් කැණීම්, පොලව සම්බන්ධ දේ කිරිමෙන් ධනවත් විමට පුලුවන්. ගුප්ත ශාස්ත්‍රිය කටයුතු වලින් දියුණුවක් ලැබිය හැක. එම කටයුතු ඉගෙනීමටද හැකියාවක් ලැබෙයි.
ගුරු සහ කේතු කේන්දරේ අයහපත් නම් කලාතුරකින් ශල්‍යකර්ම වලට භාජනය වීමට හැක - විශේෂයෙන්ම එය කාන්තාවන්ට බලපායි.

● ගුරුගේ සිකුරු අතුරු දසාව - වර්ෂ 2 මාස 8

තවත් එක වාසනාවන්ත අතුරු දසාවකි.
ගුරු මහ දසාවේ මධ්‍ය කොටසෙදි පටන් ගන්නා මේ කාලය හේතුවෙන් පුද්ගලයා අතිශයින්ම දියුණුවට පත්වෙයි. එසේම දියුණුවෙන් දියුණුවටම පත්වෙයි.
සුඛෝපභෝගි වාහන ලාභයද උසස් විවාහයද මෙම කාලයෙදි සිදුවෙයි.

● ගුරුගේ රවි අතුරු දසාව - මාස 09 දින 18

පියාගේ උරුමහරුමකම් ලබන අතර, සමාජයේ පිලිගැනීමට ලක්වී ඉහල තත්ව වලට ලක්වෙයි.
දේශපාලන ක්ෂෙත්‍ර වල සිටින අයට මෙය හොදයි - රවි උච්චව සිටියොත් එසේම වේවි. නරක කාලයක් නොවෙයි.

● ගුරුගේ සදු අතුරු දසාව - අවු 1 මාස 4

විශේෂයෙන්ම මේ කාලයෙදි ජනප්‍රියත්වය ඇතිවෙයි.
මංගල යෝග ක්‍රියාත්මක වෙයි. දූවරුන් බලාපොරොත්තු වෙනවා නම් පින්වත් දූවරුන් ලැබෙයි. හොද කාලයකි. කරදරයක් නොමැත. 

● ගුරුගේ කුජ අතුරු දසාව - මාස 11 දින 06

මේ කාලය දේශපාලන ක්සෙත්‍රයේ අයට හොදයි.
බලය සහ කීර්ති නාමය දිගටම ලැබෙයි. මෙම දෙදෙනාම බලවත් බැවින් ලෞකික දියුණුව දිගටම ලැබේ. භූමි ලාභ සහ වාහන ලාභ ලැබේ. නව වෙලද ව්‍යාපාර ඇරඹීමට සුභ කාලයකි.
යහපත් කාලයකි.

● ගුරුගේ රාහු අතුරු දසාව - වසර 2 මාස 4 දින 24

මේ කාලයෙදි දියුණුව උදෙසා විදෙස් ගතවිම සිදුවේ.
එසේම දුරබැහැර ගමන් බිමන් යෙදෙන අතර වන්දනා ගමන්ද යෙදේ. ආගම දහම දැඩිව සිත නැඹුරු වන අතර ඒවා වෙනුවෙන් දුරබැහැරට යාමටද සිදුවෙයි. ස්වාමින් වහන්සේලාට මේ කාලයෙදි ධර්ම ප්‍රචාරක කටයුුතු වලට සහභාගි විමට පුලුවන. 

_______


Monday, March 23, 2015

පෙම්වතියන් වැඩියෙන් ලැබෙන යෝග මොනවාද ? ඔබ දන්නවාද ?


පින්තූරයේ කේන්දරය දිහා බලන කල, ඔබට මොනවද හිතෙන්නෙ ? මේ අප දන්නා කෙනෙකි.

මෙම පුද්ගලයාට පෙම්වතියන් බර ගානක් සිටී. විශේෂයෙන්ම මෙම කෙනා පාසල් යන අවධියේ සිටම ගැහැණු ළමුන්ගෙන් බේරීමට පවා ඉඩක් තිබී නොමැත.
එසේම මොහුගේ ඥාතින් පවසන අන්දමට ඥාති ගෙදරක පවා ගොස් නැවැත්තුවොත් ඥාති ගැහැණු ළමුන් පවා මොහුට වශී වෙන තත්වයක් ඇතිව තිබේ.

මෙම කෙනා චරිතය නරක කෙනෙක් නොමෙයි. නමුත් කාන්තාවන්ගේ දැඩි පොළඹවීම් මත යම් යම් දේවල් සහ සිද්ධි දාමයන් සිදුවී ඇත. මේ ආකාරයට ආකර්ෂණය ඕනෑවට වඩා ලැබෙන්නේ ඇයිදැයි අපි විමසා බලමු...

* මොහුගේ ලග්නය මිථුන වේ.
මිථුන ලග්නයෙන් උපන් අය ස්වභාවයෙන්ම ලිංගිකත්වයට සහ ශෘංගාරත්වයට තරමක් නැඹුරු බවක් පෙන්වයි. එසේම ඒ ලග්නයෙන් උපන් අයට, ස්ත්‍රියකට නම් පුරුෂයන්ගේද පුරුෂයන්ට නම් ස්ත්‍රින්ගේද දැඩි ආකර්ෂණයද ලැබේ.

●  1 වැන්න වන ලග්නභාවයේ බලවත්ව සිටින “බුධ“ නිසා කතාවේ දක්ෂයෙක් වෙයි. එසේම අන් අය පැහැදෙන ආකාරයට කතා කිරිමට පුලුවන.

●  3 වැන්නේ සිටින රවි - සිකුරු යෝගය.
රවි - සිකුරු යෝගය යනු, රජවරුන්ට පිහිටන යෝගයකි. එම යෝගය නිසා කාන්තාවන්ට මොහු දුටු පමණින් හැඟීම් ඇවිස්සෙන්න පටන් ගනී. එසේම මෙම පිහිටිම ඉතාම කඩවසම් දේහයකට හිමිකම් කියන තත්වයකි.

● සඳු හෙවත් චන්ද්‍රයා 7 වැන්නේ  තැන්පත් වීම.
එය ස්ත්‍රින්ට ප්‍රියමනාප වන පිහිටිමකි.

● රාහු 11 වැන්නේ බලවත්වීමෙන් මොහු සමාජයේ ප්‍රසිද්ධ කරයි.
 විශේෂයෙන්ම ලොකු සමාජ වපසරියක් ආශ්‍රය කරයි.

* එසේම මෙහි මූලික ග්‍රහ තත්වය වන්නේ රවි - සිකුරු යෝගයයි.
රවි - සිකුරු යෝගය තිබෙන ස්ත්‍රින්ට, පුරුෂයන්ට අනියම් කම්සැප විඳීමේ ඉඩකඩ වැඩිය. මෙවන් කේන්දරයක් හිමි කෙනෙක් විවාහ කරගන්නා පුරුෂයෙක්, ස්ත්‍රියක් 2වරක් කල්පනා කර බැලිය යුතුය.

ඔබගේ කේන්දරේද මෙවන් සටහන් ඇද්දැයි විමසිලිමත් වන්න.
එසේ ඇත්නම් ඒ සම්බන්ධව කිසියම් ආකාරයකට සැලකිල්ලක් දක්වන්න.

Sunday, March 22, 2015

කුජ මාරුව - මාර්තු 24 සිට

කුජ ග්‍රහයා මෙම මස 24වන දින තම ස්වක්ෂෙත්‍ර වාස භවනය වන මේෂ රාශියට පැමිණෙයි. මෙම මේෂ රාශියට පැමිණෙන්නේ ගුරුට හිමි වූ සීතල මීන රාශියේ සිටය.
මෙම 24 වන දින සිදුවන මෙම ග්‍රහ මාරුව සහ මෙපමණකල් ඉතාම සීතල ගණන් කාරයෙක් වශයෙන් සිටි කුජ හෙවත් අගහරු (මීන රාශියේ සීතලව වැඩි කලබලයක් නැතිව සිටි කුජ) මේෂයට පැමිණ චණ්ඩිකමට මොනව මොනවා කරයිද දන්නෙ නැහැ. ඒ ගැන අප සලකා බලමු.

● මේෂ
1 වැන්නට කුජ මාරුවීම ඉතාම හොදයි.
භූමි ලාභ ඉඩකඩම් ලැබෙනවා. තමාගේ ග්‍රහ බලය හොද නිසා අයිතිවාසිකම් උරුමහරුමකම් ලැබෙනවා. බොහෝම හොදයි.
අනතුරු සහිත රැකියා කරන අය හිසට සහ බාහු වලට විය හැකි අනතුරු වලින් පරිස්සම් විම හොදයි.

● වෘෂභ
12 වැන්නට පැමිණීම එතරම් හොද නැත.
නිකරුණේ නඩු හබ වලට පටලන්ට ඉඩ තිබෙනවා. තමාගේ රැකියාවේ සහ කරන කියන වෙලද ව්‍යාපාර වල පාඩු දකින්න පුලුවන්. බුද්ධියෙන් කටයුතු කරන්න.
පාද වලට අනතුරු විය හැකි නිසා පරිස්සම් වන්න.

● මිථුන
11 වැන්නට පැමිණීම හොදයි.
භූමි ලාභ ලැබේ. නිලතල ලැබේ. ගරු නම්බු ලැබේ. සමහරවිට මිතුරන් අතරේ රණ්ඩුවක් ඇතිවිමට පුලුවන්. බුද්ධියෙන් කටයුතු කරන්න.

● කටක
10 වැන්නට පැමිණීම ඉතාම හොදයි.
භූමි ලාභ ඉඩකඩම් ලැබේ. රැකියාව දියුණු වේ. තමාගේ වචනයට වෙනත් අය අවනත වෙයි.
යාන වාහන ලැබිමේ ඉඩකඩද පවති.

● සිංහ
 9 වැන්නට පැමිණීම ඉතාම හොදයි.
විශේෂයෙන්ම උරුමහරුමකම් ලැබෙනවා. එසේම වැඩිහිටියන්ගෙන් දේපල ඉඩකඩම් ලැබිමේ වාසනාව තිබෙනවා. එසේම දීර්ඝ ගමන් යෙදීමට හේතුයි.

● කන්‍යා
8 වැන්නට පැමිණීම එතරම් හොද තත්වයක් නොවෙයි.
මේ තත්වය නිසා අනිවාර්යෙන්ම හදිසි කරදර අනතුරු වලට, මුහුණ පෑමට හේතුයි. ඒනිසා බුද්ධියෙන් සහ පරිස්සමින් කටයුතු කරන්න.

● තුලා
7 වැන්නට පැමිණීම විවාහ කටයුතු වලට තරමක බාධකයක්ය.
ප්‍රේම සබදතා බිඳ වැටීමට එය හේතුවක් විය හැක. බුද්ධියෙන් කටයුතු කරන්න. එසේම විවාහ සබදතා වලටද බාධාවක් ඇතිවිය හැක.

● වෘශ්චික
6 වැන්නට පැමිණීම හොදයි.
එම පැමිණීම නිසා සතුරු කරදර නැතිවෙයි. සතුරු කරදර මර්දනය කිරිමට පුලුවන්. එසේම ඔබට සමහරවිට ආමාශගත රෝග වැළදීමටද ඉඩ ඇත. ඒ ගැන ප්‍රවේසම් විය යුතුය.

● ධනු
5 වැන්නට පැමිණීම නිසා හොදයි.
කේන්තිය ආවේගය පාලනයට විශේෂ උනන්දුවක් දක්වන්නට ඕන. නිර්මාණකරණයේ සහ ගණිත මිණිත අංශයේ දරුවන්ට හොදයි. එසේම දරුවන් ලැබීමට සිටින ධනු ලග්න මව්වරුන් පරිස්සම් විම හොදයි.

● මකර
4 වැන්නට පැමිණීම හොදයි.
භූමි ලාභ වලට තිබු බාධක දුරුවෙයි. පදිංචිය ස්ථිර වෙයි. එසේම කරන කියන කටයුතු සාර්ථක වෙයි.

● කුම්භ
3වැන්නට පැමිණීම ඉතා හොදයි.
කෙටි ගමන්, දුර ගමන් වරින්වර යෙදේ. එසේම විදේශ රැකියාවන් වලට තිබුනු බාධක දුරුවෙයි. සමාජයේ කීර්තිය සහ වික්‍රමය පැතිරෙයි.

● මීන
2 වැන්නට පැමිණීම ඉතාම හොදයි.
මේ තත්වය නිසා ධනෝපායන මාර්ග ලැබේ. එසේම සියලුම අංශ වල දියුණුව ඇති කරයි. ව්‍යාපාරික ක්සෙත්‍රයේ නියුතු අයට අලුත් ව්‍යාපාර ඇරඹීමට වාසනාව ලැබෙයි.


________

* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය  (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
 සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
0711 345 364







Thursday, March 19, 2015

ගුරු මහ දසාව සහ පලාපල - 1

නවග්‍රහයන් අතරේ, ශුභ පල දෙන හා විශ්වාසයෙන් යුතු හා විශ්වාස කල හැකි එකම එක සුභ ග්‍රහයා වන ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා සම්බන්ධව අද විමසා බලමු.

*  ගුරු 1 වැන්නේ, 11 වැන්නේ සිටීම බොහෝ යහපත් තත්වයකි.
* ගුරු උච්ච වීමෙන් ජයසිඳු යෝගයද ගුරු ස්වක්ෂෙත්‍ර වීමෙන් භූමිපාල යෝගයද යෙදේ.
*  ගුරු එසේ බලවත් වන්නේ 1, 4, 7, 10 තැනක නම් එය “ගුරු හංස යෝගය“ නම් පංච මහා පුරුෂ යෝගයයි.
*  ගුරු - සඳු සප්තම දෘෂ්ඨි ලැබීමෙන් ගජකේශරී යෝගය යෙදේ.

● 2, 11 වැන්න යන තැනක ගුරු සිටීම බොහෝ යහපත්ව දක්වා ඇති අතර 1,4,7,10 මෙන්ම 9 වැන්නටද ගුරු යහපත්ය.  12 වැන්නටද එතරම් අයහපත් නැත.
● 3, 6, 8 යන ස්ථාන වලට ගුරුගෙන් එතරම් යහපතක් නැත.
6 වැන්නේ සිටීමෙන් සහකරුගේ දෙමාපියන් තමන්ට තම දෙමාපියන් මෙන් සලකයි. 8 වැන්නේ ගුරු ශාන්ත මරණයකට ඉඩ ලබාදේ.
● කෙසේ වුවද යම් තැනක පිලිගැනෙන පරිදි 3, 6, 8 යන ස්ථාන වල ගුරු ගමන් කිරීම හදිසි අනතුරු වලට හේතුවිය හැක.
* විශේෂයෙන් අසුභ දෘෂ්ඨි වලින් ගුරු පාප පීඩිත නම් මේ තතත්වය සිදුවේ.
ඒනිසාම ශනි, රාහු - කේතු සමග ගුරු/බ්‍රහස්පතීගේ තත්වයද පරික්ෂා කරවා ගැනීම වටී.

* මෙම බ්‍රහස්පතී මහ දසාව වසර 16ක් පුරාවට පවතී.

පුද්ගලයෙකුට අවශ්‍ය මනා පෞරුෂය සහ සත්‍යවාදි බව, සිල්වත් ගුණවත් බව සහ අනුකම්පා සහගත බව එසේම ලෞකික ජිවිතයේ අවශ්‍ය කරන සකලවිධ සැප සම්පත්, උසස් පිලිගැනීම් සහිත ජිවිතය ලබාදෙන්නේ ගුරු ග්‍රහයාය.
ප්‍රසිද්ධ පැවිදි උතුමන්ද, විවිධ පූජකවරුන්ද, උපදේශකවරුන්ද ගුරු බලවත් වූවෝ වෙති.

* ගුරු මහ දසාවේ අතුරු දසාවල පලාපල ගැන ඊලග ලිපියෙන් බලමු.

Tuesday, March 17, 2015

පසුගිය දිනෙක විකාශය කෙරුනු සත්‍යාගාරය හා සම්බන්ධව ජ්‍යොතිෂ්‍යයට අදාලව අපගේ අදහස

ජ්‍යොතිෂ්‍යයත් විද්‍යාවත් අතර, මත 2ක් නොමැත. පුරාතන දේව සංකල්ප මෙයට ඈදාගෙන සමහරු ඒවාට නව අර්ථකතන දීමට උත්සහ කරන නමුත් එහි න්‍යායාත්මක සහ ප්‍රායෝගිකවන හරයක් නොමැත. මෙහිදි අප දැඩි ලෙසම පාඨක සියලුම ජනතාවට කියා සිටින්නේ, ජ්‍යොතිෂ්‍යයත් විද්‍යාවත් අතර මත 2ක් නොව 1 මතයක තිබෙන බවයි.

* ග්‍රහ තාරකා සහ සියලුම නක්ෂත්‍ර තාරකා ගමන් කරන්නේ ඉලිප්සාකාර ගමන් මාර්ගයකය. මෙම නැකැත් තාරකා නිර්මාණය වී ඇත්තේ තාරකා සියදහස් ගණනක් ඒකරාශී වීමෙනි.
( උපුල් ශාන්ත සන්නස්ගල මහතා සහ සුමනදාස අබේගුණවර්ධන මහතා අතර සංවාදයෙදි වැරදියට ප්‍රකාශ කෙරින)
උදාහරණයක් වශයෙන්, අස්විද නැකත සහ මේෂ රාශිය ගැන සඳහන් කිරිමේදි එම නැකැත් තාරකා වලට එම නම ලැබී ඇත්තේ එළුවෙකුගේ පෙනුම එම තාරකා පන්තියේ හැඩය නිසාද තවද අස්විද නැකත වූ කල අස්ව හිසක් ඇති නිසාත්ද වේ.

* ජ්‍යොතිෂ්‍යයට අදාලව මිනිසුන්ට බලපාන බව අප සදහන් කරන්නේ චුම්බක බලයක් නොවේ. ග්‍රහ කිරණය.
ග්‍රහ කිරණ ගස්වැල් වලට සතා සීපාවාට මෙන්ම පුද්ගලයාගේ එක් එක් අංශ වලට බලපානවා. 
ග්‍රහ කිරණ (cosmic power)
* සියලුම දේවල් වලට මෙම ග්‍රහ කිරණ බලපානවා, භූමියටත්. සතුන්ටත් බලපානවා.

 හොදම උදාහරණය චන්ද්‍රයා පොලවට ලංවූ විට වඩදිය ඇතිවිම. සහ සීතල වැඩිවීම.

* තවද එහිදී සඳහන් වුනු තවත් කරුණක් නම් යම් දිනෙක හඳේ ජනාවාස ඇතිවී එහි උපදින දරුවෙකුට කේන්දර සෑදිය හැකිද යන්නය...
සුමනදාස මහතා නිසි පිලිතුරක් නොදුන්නෙ මන්ද යන්න අප දන්නේ නැත.
සඳු හෙවත් චන්ද්‍රයා සිටින්නේද එකම සූර්ය ග්‍රහ මණ්ඩලයක සිටින අතර, සූර්යයාගේ බලපෑම අනුව කේන්දර සටහන් සෑදීමට හැකියාව ඇත.

* සතුන්ටත් කේන්දර සෑදිය හැකියි. නමුත් එය කරන්නේ කවුද... වැඩක් නැති දේවල් පස්සේ ගිහින් කාලය නාස්ති කරන්න කිසි කෙනෙක් කැමතිද...
භෞතික ලෝකයේ හැම අංශයක්ම ප්‍රයෝජනයට ගන්නේ මිනිසාගේ සුබ සිද්ධියට නේද ?
එහි ඔබලා සිතන්ට යමක් තියෙනවා... අපි හැමදෙයක්ම කරන්නේ මනුෂ්‍යාගේ දියුණුව අභිවෘද්ධිය මිස ජ්‍යොතිෂ්‍යය බලා තිරිසන් කොට්ඨාස වලට යමක් කරන්නේ නැහැ.

* තවද එහිදී සන්නස්ගල මහතා ඇසූ ප්‍රශ්නයක් වූයේ වාහනයක බොහෝ පිරිසක් යද්දි අනතුරක් වුවොත් එක දරුවෙක් බේරුනොත්, ඒක ඒ දරුවාගේ වාසනාව ලෙසද, එලවලු රැගෙන යන රථයකට අනතුර වී එක එලවලුවක් පමණක් බේරුනොත් එයද එහි වාසනාව ලෙසද යනුවෙනි.
එයට පිලිතුර දීමේදි දරුවාට විඥානයක් ඇති බවද, එලවලුවට එසේ නැති නිසා එවන් වාසනාවක් ගැන නොසිතිය යුතු බවද පැහැදිලි කරගැනීමට බුද්ධිය ඔබට ඇතැයි සිතමු.

* බොහෝදෙනා මෙම උතුම් ශාස්ත්‍රයට පහර ගැසීමට බුදු දහම ඈදා ගනී. 
නමුත් බුදු දහමේ ඇති ඍතු නියාම, කර්ම නියාම, බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම ඔය ආදි නියාම ධර්ම වලට ගලපා බැලූ කල ඍතු නියාම සම්බන්ධව දීර්ඝව කල්පනා කලොත් මෙහිදි ජ්‍යොතිෂ්‍යයට යම්කිසි සබදතාවක් පෙන්වයි.
බුදු දහමේ ඇත්තේ මධ්‍යම ප්‍රතිපදාව මූලික කරගත් උතුම් වූ සුහාසූ දහසක් ධර්ම ස්කන්ධයයි.

* බුදුන්වහන්සේ ජ්‍යොතිෂ්‍යය ගුප්ත විද්‍යා ගණයට එකතු කලේ බුුදු දහම මූලිකව දේශනා කරන්නේ ලෝකෝත්තර දියුණුවට අදාල කරුණු වන බැවිනි. එහිදී අප්‍රමාදය මූලික වෙයි.
නැකතකට අද වෙනුවට හෙට වෙනුවෙන් ඉවසන්නට සිදුවුවොත් බුදු දහමේ පරිදි එය ප්‍රමාදයකි..
අප්‍රමාණ සංසාරයේ ප්‍රමාදය නිසා සියලු ලෝ වැසියන් විඳින දුක් කරදර මැනවින් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාව නියම නැකත බව පවසන්නට ඇත්තේ එබැවිනි.

* ජ්‍යොතිෂ්‍යය මූලිකත්වය දෙන්නෙ ලෞකික දියුණුවටය. ලෞකික දියුණුව සාර්ථක වූ කල ලෝකෝත්තර දියුණුවද සාර්ථක වන බව ජ්‍යොතිෂ්‍යයේ විශ්වාසයයි.

* ජ්‍යොතිෂ්‍යය ලංකාවෙ සංස්කෘතිකමය වටිනාකමක් වසර දහස් ගණනක් පැවති දෙයකි...

●   ලෝකයටම අධිරාජ්‍යයා වූ රාවණ මහ රජතුමන් ජ්‍යොතිෂ්‍යය දැන සිටි අතර නිසි ඵල නෙලාගත්තේය.
●   රට එක්සේසත් කර යම් දිනෙක මෛත්‍රි බුද්ධ ශාසනයේ වමත් අගසව් වන දුටු ගැමුණු මහරජතුමා ජ්‍යොතිෂ්‍යයෙන් ප්‍රයෝජන ගත් බව ඉතිහාසයේ දැක්වේ.
● * අදටද... උතුම් වූ ශ්‍රී දන්ත ධාතූන්වහන්සේ වඩම්මවන්නේ නිසි වෙලා බලා නැකතට අනුව බව ඔබ දන්නවාද ?
* බෝධීන් වහන්සේ නමක් රෝපණයේදී, චෛත්‍ය රාජයාණන්වහන්සේ කෙනෙක් සෑදීමේදි නැකැත් වලට අනුව කටයුතු කරන බව ඔබ දන්නවාද ?

* වසර දහස් ගණනක් පැවති උතුම් ශාස්ත්‍රයක් ලෙස ජ්‍යොතිෂ්‍යයද සැලකේ. අපේ මුතුන්මිත්තන් නිසි ඵල නෙලාගත්තා සේම අද ඉතා දියුණු රටවල් වල ඇමරිකාව ආදි රටවල් අපටද වඩා මෙහි නිසි ඵල නෙලා ගනිති.

* ජ්‍යොතිෂ්‍යය සහ බුදු දහම පටලවාගෙන වැඩ කිරිම දහමටද කරන නිග්‍රහයක් මෙන්ම එය අනවශ්‍ය ක්‍රියාවකි.

*●*  නමුත් තමුන්ට ජ්‍යොතිෂ්‍යයෙන් උවමනාවක් නැත්නම් එය අතහැරලා දැම්මාට කමක් නැත.

එමෙන්ම මෙයට කදිම පිලිතුරක් අපගේ ඉරු සේවයේ ලිපි අතර අප පලකල කර්මය වෙනස් කල හැකිද ලිපිය මගින් පැහැදිලි කර ඇත.
(https://www.facebook.com/irusewaya/photos/a.1013509575332788.1073741842.833656709984743/1073847562632322/?type=)

* බොහෝදෙනෙකුගේ ඉල්ලීම පරිදි සකසන ලද ලිපියකි.  

Monday, March 16, 2015

බොහෝදෙනෙක් ජ්‍යොතිර්වේදි සුමනදාස මහතා සහ සන්නස්ගල මහතා අතර ඇතිවු සාකච්ඡාව ගැන බොහෝ අදහස් දක්වති. ඒ ගැන විමසා අපට මසේජ කල අයද බොහෝය.

කෙසේ වුවද අපගේ දැනීම අනුව එම සාකච්ඡාවේදි ජ්‍යොතිෂ්‍යය ගැන සුමනදාස මහතා දන්නවාද යන ප්‍රශ්නය අපට ඇතිවිය.
ඔහු ගැන අපට ඇති අත්දැකීම සහ දැනීම අනුව සුමනදාස මහතාගේ කටයුතු ගැන අපට පැහැදීමක් තිබුනේද නැත.

පොදුවේ කිව යුත්තේ, ජ්‍යොතිෂ්‍යය දෙවෙනි වන්නේ බුදු දහමට පමණක් බවය. ජ්‍යොතිෂ්‍යයේ ඇති ශ්ලෝක ගණන පමණක් ලක්ෂයකට අධිකය.. ඒ අනුව ජිවිත කාලයම ඉගෙන ගත්තද එය ඉගෙන ගෙන අවසන් කරන්නට නොහැක.

ජ්‍යොතිෂ්‍යය ඇත්තේ ජිවිතය සැපවත් කරගෙන කටයුතු කිරීමටම පමණි. ජේ‍යාතිෂය උගන්වන්නේ ලෞකික ජිවිතය සාර්ථක කරගැනීමටය. 
ලෞකික ජිවිතය සාර්ථකව යහපත්ව ගත කරන අයට ලෝකෝත්තර ජිවිතයද යහපත් කරගත හැකි බව අපගේ විශ්වාසයයි.
එනිසා නැවත වතාවක්, ජ්‍යොතිෂ්‍යය භාවිත කල යුත්තේ ජිවිතයේ යහපතට අවශ්‍ය පමණට මිස වාල් වීමට නොවන බව තේරුම් ගන්න.

බුදුන්වහන්සේ ජ්‍යොතිෂ්‍යය ගුප්ත විද්‍යාවක් ලෙස හැඳින්වුයේ එබැවිනි. මක්නිසාද යත් ඕනෑම ශාස්ත්‍රයකට වහල් වුවොත් සිදුවන්නේ අවැඩකි. ජ්‍යොතිෂ්‍යට වහල් වුවද සිදුවන්නේ අවැඩකි.
බුදු දහම පවසන්නේ අප්‍රමාදීව කටයුතු කරන්නයි. යමෙක් ‍ජ්‍යොතිෂ්‍යය ගැන සිතා කටයුතු ප්‍රමාද කරන්නේ නම් සිදුවන්නේ අවැඩකි..

එය තීරණය කර කටයුතු කරගැනීම ඔබට අයිති කටයුත්තකි..

ජ්‍යොතිෂ්‍යය යනු ග්‍රහ තාරකා වල හැසිරීම මත පවසන දෙයකි, හිරු- සඳුගේ බලපෑම මත අපගේ ජිවිතයට බලපෑම් වන බව සත්‍යය බව දන්නේ නම් ජ්‍යොතිෂ්‍යයේද සත්‍යක් ඇතිබව තේරුම්ගත හැකිවනු ඇත.
‪#‎ඉරුසේවය‬

Sunday, March 15, 2015

සතියේ ලග්න පලාපලය - මාර්තු 16 සිට

●  මේෂ
ඉතාම සුභ සතියකි.
ආර්ථික තත්වය දියුණු වෙයි, වෙළද ව්‍යාපාර කරන අයට සුබයි. රැකියා වල නියුතු අයට ඉල්ලුම් කල ණය මුදල් හෝ වෙනත් පාරිතෝෂික ලැබෙයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර නිවසේ කටයුතු වෙනුවෙන් වැඩිපුර මුදල් වැය කරයි. සතිය මැදදී ඥාතියෙකුගේ, මිත්‍රයෙකුගේ ගමනක් අපේක්ෂා කල හැක. මෙම සතිය අවසන් වන විට ඔබගේ ජිවිතයේ ගොඩක් දේ සාර්ථක වනු ඇත.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැති වුවද නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

●  වෘෂභ
ඉතාම ප්‍රීතිමත් සතියකි.
කොටස්කාරයන්, හවුල් කාරයන් නිසා ආදායම් වර්ධනය වේ. ව්‍යාපාරිකයන්ට සුබයි. විදෙස් රැකියා කරන අයට සුබයි. තවද කාලාන්තරයක් බලාගෙන සිටි වැඩිහිටියෙක්ගෙන් උරුමහරුමකම් ලැබේ.
ගෘහ ජිවිතය ඉතාම වාසනාවන්තයි. සතිය මුලදී පුණ්‍ය කටයුත්තකට හිත යෙදේ. එසේම ආර්ථික කටයුතු වෙනුවෙන් කාර්යබහුල වුවත් නිවස ගැන සැලකිල්ලක් ඇත. ඔබටත් නව මිතුරු මිතුරියන් ඇසුරුකිරිමට, ප්‍රිය සම්භාෂණ වලට සහභාගි විමට වාසනාව ඇත.
සෞඛ්‍ය ගැටළු ලෙස, මුත්‍රා අමාරු, වාත ආබාධ වේ.

●  මිථුන
හොඳ සතියකි.
සතියේ මුල් දවස් 2 හමාරෙදි ණය ගැනීමෙන් සහ ණය දීමෙන් පරිස්සම් විය යුතුයි. ගිවිසුම් වලට එළඹෙන්න එපා. ඉන්පසු ඉතිරි දවස් කීපයම ඔබට ඉතාම වාසනාවන්ත වෙන බැවින් නව වෙළද ව්‍යාපාර ආරම්භ කිරිමටද තියෙන දේ දියුණු කරගැනීමටද වාසනාව ලැබේ.
ගෘහ ජිවිතයේ ලොකු වරදක් නැහැ. සතිය මැදදී දුර බැහැර ගමනක්/ වන්දනා ගමනක් යාමට වාසනාව ලැබෙන්න පුලුවන්.
සතියේ මුල් දවස් 2-3 තුල සෙම් රෝග හෝ යටපත් වූ වෙන රෝගයක් ඇතිවිමට පුලුවන් පරිස්සම් වන්න.

●  කටක
ඉතාම ප්‍රීතිමත් වූ සතියකි.
කොටස්කාරයන් සහ හවුල්කාරයන්ගෙන් දියුණුවට ලොකු සහයෝගයක් ලැබෙන අතර, ආර්ථිකයේ නව මංපෙත් විවර කරගැනීමට වාසනාව ලැබෙනවා. ප්‍රබල වූ ගජකේශරී යෝගයක් යෙදෙන මේ අවස්ථාවෙදි පරිවාර සම්පත්තිය නිසා ඒවා තමන්ගේ දියුණුවට හේතු වෙනවා. බොහෝම හොදයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වෙනවා. වරදක් නැහැ. දුවාදරුවන්ගේ දක්ෂතා මතුවන අතර අවිවාහක අයට මංගල යෝග උදා වේ. දියුණුව සෙත සැලසේ.
ඔබට සෞඛ්‍ය තත්වයේ වරදක් නැහැ.

●   සිංහ
එතරම් හොදයි කියන්න බැහැ.
සතිය පුරාම මුදල් අඟහිඟකම් පාඩු, අලාභ හානි සිද්ධ වෙනව. විශේෂයෙන්ම තමන්ට ලැබීමට තිබූ මුදල් එසේම අවස්ථාවන් මගහැරි යන්න පුලුවන්, එය ආර්ථිකයට පහරක් වෙන්න පුලුවන්. ණයට ගැනීමත්, ණය දීමත් හොද නැහැ. ගිවිසුම් වලට එළඹෙන්න එපා.
ගෘහ ජිවිතයත් එතරම් සාර්ථකයි කියන්න බැහැ. විවාහකයන් අතර භේද ඇතිවිමට පුලුවන්. මේ තත්වය සතිය මැදදී සහ අගදී ඉතාම නරක විදියට යෙදෙන්න පුලුවන්. බුද්ධියෙන් කටයුතු කරන්න. දුර බැහැර ගමන් වලින් පාඩු සිදුවිය හැකියි.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු, බඩේ අමාරු, මුත්‍රා අමාරු ගැන පරිස්සම් වන්න.

●   කන්‍යා
මිශ්‍රඵලයි.
සතිය මුලදී තිබුනු ආර්ථික ප්‍රබෝධය සතිය අගදි නැතිවෙනවා. සතිය අගදී ව්‍යාපාරික කටයුත්තකදි දැවැන්ත පාඩුවක් සිද්ධ වීමට ඉඩ ඇත. එනිසා පරිස්සමින් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සතියේ මුලදී වාසනාවන්තයි. සතිය අගදි එතරම් සුබ නැහැ. සතිය අගදී අඹුසැමි ප්‍රශ්න, දරුවන් සමග ගැටළු ඇතිවිය හැකි බුද්ධිමත්ව කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය එතරම් යහපත් කියන්න බැහැ. සෙම් අමාරු ආදිය ඇතිවිය හැක. පරිස්සම් වන්න.

●  තුලා
වරදක් නැති සතියකි.
ආර්ථික දියුණුව සැලසෙන අතර විවිධ මාර්ග වලින් තමන්ට මුදල් හදල් ලැබෙනවා. එය  විශේෂයෙන්ම හොදයි. මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙන අතර වැඩිහිටි ඥාතින්ගෙන්ද උදව් උපකාර ලැබේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනව. දුවාදරුවන් සමග විනෝද වීමට හොද අවස්ථාවක්. එසේම පිටපලාත් වල සංචාරය සිද්ධ වෙනව.
පපුවේ සෙම් ගතිය සහ උදරාබාධ ඇතිවිමට ඉඩ තිබේ, * ප්‍රවේසම් විය යුතුමයි.

●   වෘශ්චික
ඉතාම හොදයි.
ආර්ථික වාසි සිදුවෙනවා. පිට පලාත් වල කරන සංචාර වලින් වෙළහෙලදාමෙන් දියුණු වෙනවා. තැන්පත් ධනය වර්ධනය වෙනව. ණය අය වෙනවා. රැකියා කරන අයට උසස් වීම් සහ විවිධ පාරිතෝෂික හිමි වේවි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙන අතර, නෑදෑ හිතමිතුරන් සහ සහෝදරයන් සමග සුහදතාවය වැඩි දියුණු වේ. නව නෑදෑ හිතමිතුරන් ඇතිවේ. සතිය මැදදී නිවසට නව බඩු මුට්ටු ගැනීමට සහ දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරිමට හැකි වේ.
සෙම් කෝප විම නිසා ඇතිවිය හැකි රෝග ඇති විය හැක, පරිස්සම් වන්න.

●   ධනු
හොඳ සතියකි.
කලාතුරකින් මෙවැනි ග්‍රහචාරයක් ලැබුවේ. මේ සතියෙදි ආර්ථික දියුණුව සීග්‍රගාමිව වර්ධනය වෙනවා. උරුමහරුමකම් ලැබෙන අතර, තමාගේ උත්සාහවන්තකම නිසා සතිය මැදදි විවිධ ජයග්‍රහණ ලැබේ.
ගෘහ ජිවිතය වෙනත් සති වලට වඩා හොඳ තත්වෙක තියෙනවා කියන්න පුලුවන්. එසේම වෙනදාට වඩා තමාගේ දරුවන් සහ බිරිඳ සමග සන්තෝෂයෙන් සිටිමට ආශා කරනවා. එය හොදයි.
සෞඛ්‍ය ගැටළු නැති වුවද සෙම් අමාරුථ මුුත්‍රා ආබාධ සහ පාද වල වේදනා ඇතිවෙන්නට පුලුවන්.

●   මකර
හොඳම සතියකි.
සතිය පුරාම ආර්ථික දියුණුව සහ ලාභ ප්‍රයෝජන ඔබට හිමි වෙනවා. ණය තුරුස් අය වෙන අතර, නව ආයෝජන මාර්ග උදා වෙනව.
ගෘහ ජිවිතය ජිවිතය ඉතාම ප්‍රීතිමත්. මංගල යෝග උදාවෙන කාලයක්. අවිවාහක අයට ප්‍රේම සබදතා සාර්ථක වෙන කාලයක්. සියලු දෙනා සමග ප්‍රීතියෙන් සිටිමට හැකි කාලයක්. ලොතරැයි වාසනා ඇති බැවින් ඒවා ගැනීමට උනන්දු වන්න.
සෙම් අමාරු වලින් පරිස්සම් වන්න.

●   කුම්භ
හොද සතියකි.
සතිය මුලදි ආර්ථික පාඩු බලාපොරොත්තු විය හැකියි. ඉන්පසු යම්කිසි තත්වයකින් තමාගේ වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව තියෙනවා. රැකියා කරන අයගේ දියුණුව සැලසෙනවා. සතියේ මුල් දවස් 2 තුල ගිවිසුම්, පොරොන්දු පත්‍ර ආදියට අත්සන් කරන්න එපා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනවා. මුල් දවස් 2දි යම්කිසි රණ්ඩු, හිත් නොහොදකම් ඇතිවිය හැකි නිසා පරිස්සම් විය යුතුය. ඒ සම්බන්ධව වෙනයම් ගැටළු නොමැත.
සෞඛ්‍ය තත්වයේ වරදක් නැහැ. උදරාබාධ සහ පීනස සම්බන්ධ අසනීප ඇත්නම් ඒවායෙන් ආරක්ෂා වන්න.

●   මීන
ශුභාශුභ මිශ්‍රපල සතියකි.
සතියේ මුල් දවස් 2-3දි හොද උවද සතිය අගදී ආර්ථික පාඩු විය හැක. කරන කියන කටයුතු වලට බාධක ඇති වෙනවා. ඉවසීමෙන් කටයුතු කල යුතුයි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙන අතර, සතිය මැදදී යම් ගමන් බිමන් ඇතිවිමට පුලුවන්. වෙන ගැටළුවක් නැහැ.
සෞඛ්‍ය තත්වය තරමකට හොදයි. එසේම රාහු කේතු ලග්නගතව ඇති නිසා එයින් ඇතිවන මානසික පීඩාව දුරු කරගත යුතුයි.

____

* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය  (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
 සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
0711 345 364

මොනවද මේ දිග්බල ස්ථාන ?



1, 4, 7, 10 කේන්දර සටහනක වැදගත්ම ස්ථාන වෙයි. දිග්බල ස්ථාන ලෙස හඳුන්වන්නේද ඒවාය.
එනම් නැගෙනහිර, දකුණ, බස්නාහිර සහ උතුරය.

● කේන්දර සටහනේ 1 වැන්නේ එනම් ලග්නයට,
ගුරු/බ්‍රහස්පතිද, බුධ ග්‍රහයාද දිග්බල වෙයි.

● කේන්දර සටහනේ 4 වැන්නට,
සඳු/චන්ද්‍රයාද, සිකුරු/ශුක්‍රද දිග්බල වෙයි.

● කේන්දර සටහනේ 7 වැන්නට,
ශනි/සෙනසුරු දිග්බල වෙයි.

● කේන්දර සටහනේ 10 වැන්නට,
රවි සහ කුජ/අගහරු දිග්බල වෙයි.

* 1 වැන්න හෙවත් ලග්නයෙන් කියවෙන්නේ හිස සහ මොලය ගැනය. එහිදී සූක්ෂමව සිතීම යනාදි ඥානයට අදාල කටයුතු තීරණය වෙයි. එවිට ලග්නයේ බුධ හෝ ගුරු බලවත් කෙනෙකු එසේ නොවන අයට වඩා ඥානාන්විත වීමට ඉඩ වැඩිය.
නිසිලෙස දිග්බල වන්නට නම් එම ග්‍රහයන්ගේ බලය සහ අදාල දෘෂ්ඨි, නැකැත් ආදියද නිවරදිව පිහිටිය යුතුය.
බුධ ලග්නයේ සිටින කෙනා වැඩි පිරිසක් නැතිව බුද්ධිය භාවිත කරන අතර, ගුරු ලග්නයේ සිටින කෙනා පිරිස් බලය සහිතව බුද්ධිය භාවිත කරයි.
මෙහිදි නිසි ලෙස ගුරු හෝ බුධ පිහිටා සිටිම අතිශයින් වැදගත්ය.

* 4 වැන්නෙන් සිත ගැන මූලිකව කියවෙයි.
පොදුවේ 4 වැන්නේ සඳු හෝ සිකුරු සිටින අය මෘදු සිතක් ඇති යහපත් අය වෙති. මව සහ මවගේ ඥාතීනුත්, ඉඩකඩම් දේපල, යාන වාහන ගැනත් එයින් කියවෙයි.
සදු නිතරම සිතන චංචල සිතිවිලි ඇති කරයි. සිකුරු සිතුවත් එම සිතිවිලි චංචල භාවයෙන් තොරයි.
ඊලග ලිපියකින් තව විස්තර සවිස්තරව, බලාපොරොත්තු වන්න

Iru Astrology

* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
0711 345 364

Tuesday, March 10, 2015

පරික්ෂා කල වාසනාවන්ත හඳහනක් !



මුහුණු පොතේ ජේ‍යාතිෂ්‍යය සම්බන්ධයෙන් හෙවත් ජ්‍යොතිෂ් ශාස්ත්‍රයේ නමින් අප එදා මෙදා තුර පලකල විවිධ කරුණු කාරණා සම්බන්ධව ඇති ජ්‍යොතිෂ්‍යයේ බලපෑම විවිධ වූ කේන්දර තුලින් අප මීට ප්‍රථම සදහන් කොට ඇත්තෙමු. එනම් විවිධ කේන්ද්‍ර සම්බන්ධව ඇති හරබර ලිපි පල කිරිමෙන් ඔබට දැනුම සැපයීමට අප උනන්දු වී සිටින්නෙමු.
අද ඔබට ඉදිරිපත් කරන්නේ, අප සේවයෙන්ම කේන්දරය පරික්ෂා කරගත් පින්වත් පුතණුවෙකුගේ කේන්ද්‍රයයි.
එනම් අද අප කතා කරන මේ කේන්දරයේ හිමිකාරිත්වය දරන පුතු 1990 සැප්තැම්බර් මස 8 වන දින එලිවන්නට ඉපිද ඇත.

●   උප්පත්ති කේන්දරය පරික්ෂා කිරිමෙදි සඳු හිමි කටක ලග්නයෙන් හා සෙනසුරුට හිමි වු කුම්භ නවාංශකයෙන් එසේම බුධට හිමිවූ රේවතී නැකතෙන් උප්පත්තිය ලබා ඇත.
මෙම කේන්දරයේ හැටියට ලග්න භාවයේ ගුරු-කේතුද 2 වැනි භාවයේ රවි-බුධ-සිකුරුද, 6 වැන්නේ සෙනසුරුද, 7 වැන්නේ රාහුද, 9 වැන්නේ චන්ද්‍රයාද, 11 වැන්නේ කුජ ද පිහිටා ඇත.

●   බලගතු යෝග 2ක් බැලු බැල්මට මේ කේන්දරයේ පිහිටා ඇත. ලග්නයේ ගුරු/බ්‍රහස්පති උච්ච වීමෙන් ගුරු හංස යෝගය නම් පංච මහා පුරුෂ යෝගය පිහිටා ඇත.
(https://www.facebook.com/irusewaya/photos/a./981737555176657/?type=)
පොදුවේ ගුරු හංස යෝගය ඇති අය යහපත් මනාව වැඩුනු සිරුරක් හිමිය. දියුණුවට කැමති දියුණුව ලබන කෙනෙකි. ධනය, ගෞරවය, නුවණ, කීර්තිය ලබනු ඇත. දීර්ඝායුෂ ලැබේ. අනුකම්පා සහගත කෙනෙකි. අනාගතය පෙනේ. අන් අතර ප්‍රසිද්ධ කෙනෙකි. තමාට වඩා තත්වයෙන් පහත් අයට පවා කරුණාවන්ත අය වෙති. * ගුරු 1 වැන්නේ උච්ච වීම මත ජයසිඳු යෝගයද හිමි අතර, ගුරු 1 වැන්නේ පිහිටිම අරිටු දෝෂ භංග කරන පිහිටිමකි.
(https://www.facebook.com/photo.php?fbid=182679515260394&set=)

●   එසේම ප්‍රබල පරිවර්ථනයක් වන පරිවර්ථන යෝගයක් වන ලග්නය/1 හා 9 වැන්න පරිවර්ථනය වී තිබේ.
එනම් ලග්නාධිපති සඳු ග්‍රහයා 9 වැන්නේත්, 9 වැන්නාධිපති ලග්නයේත්/1 ඇත.

පවුලට එකම දරුවා වශයෙන් 1990 සැප්තැම්බර් මස 8 වනදා උපත ලැබූ මෙම දරුවා, මේ දරුවාගේ කේන්දරයේ පිහිටා ඇති යෝග අනුවම ඉතාම ගුණ යහපත් දරුවෙකි. මෙම දරුවාගේ ගුණ යහපත්කම කෙසේද පැවසුවහොත් අන් අයට උදව් පදව් කිරිමටත්, එසේම දුකට පත්වු සියලුදෙනා වෙනුවෙන් යම්කිසි දෙයක් කිරිමටත් මැලි නොවන කෙනෙකි. ඒ ගුණයහපත්කම උප්පත්තියෙන්ම පිහිටා ඇත.

●   ගුරු-කේතු යෝගය 1 වැන්නේ/ලග්නයේ පිහිටා ඇති බැවින්, තීක්ෂණ බුද්ධියක් සහ විශේෂයෙන්ම සමාජයේ සියලුම අයට කාරුණිකත්වයක් පෙන්නුම් කරයි.
තවද ගුරු ග්‍රහයා ලග්න භාවයේ පිහිටා රාහුගේ දෘෂ්ඨ ලැබීමත්, චන්ද්‍රයාගේ දෘෂ්ඨි ලැබීමත් හේතු කරගෙන අඩි 6කට ආසන්න උසකට හිමිකම් කියයි.

●   එසේම රවි-බුධ-සිකුරු යෝගය 2 වැන්නේ පිහිටිම නිසා මනා පෞරුෂයක්, ප්‍රිය මනාප මුහුණ කටක් සමග උප්පත්තිය ලබා ඇත. එසේම සිකුරුගේ හා ගුරුගේ බලපෑම නිසා මේ කුමරුවා ඉතාම කාරුණික වූ අදහස් උදහස් ඇති බොහෝසෙයින් හොද වචන කතා කරන කෙනෙකි.
 ස්වක්ෂෙත්‍ර බලයෙන් සිටින නිසා රවිගේ බලය වැඩි අතර, රවි සිංහයේ ධෛර්යමත් කෙනෙකි. දියුණුවීමට කැමති තම ආත්ම ගරුත්වය රැකගන්නා කෙනෙකි. ක්‍රියාවෙන් උසස්ය. කරුණාවන්තය. පාලන කටයුතු වලට සුදුසු කෙනෙකි.
* රවිගේ ස්වක්ෂෙත්‍ර වීමෙන්, “උපේන්ද්‍රා යෝගය“ යෙදී ඇත.
(
https://www.facebook.com/photo.php?fbid=137175209810825&set=)
* බුධ වක්‍ර වුවද මිත්‍රව නිසා
ධනවත් විය හැක. බ්‍රෝකර් වැඩ, කොමිස් ලැබෙන වැඩ, හුවමාරු කටයුතු, පිටරටින් බඩු ගෙනෙන වෙළදාම් ආදියෙන් ලාභ ඉපයිය හැක.
* සිකුරු සතුරු වුවද අනිකුත් ග්‍රහයන්ගේ බලය නිසා ගැටළු අවම වන අතර 2වැන්නට සිකුරු යහපත් ග්‍රහයෙකි. සිකුරුගේ බලය නිසා වියදම් අධික විය හැක. 
●  එසේම සෙනසුරු/ශනි ග්‍රහයා 6වැන්නේ පිහිටා සිටින බැවින් ඕනම සතුරු උපද්‍රවයකට/කරදරයකට මනාව ඔරොත්තු දෙන කෙනෙකි. මා මේ දරුවාට අවවාද කරන්නේ නොදන්නා ස්ථාන වලදි සතුරු පාර්ශව සමග ඉදිරියෙදි ගනුදෙනු කිරිමට සිදුවුවොත් එම කාලයෙදි සැකසහිත අය දෙන ආහාර-පාන අනුභවයෙන් වැලකී සිටින්න කියාය. නොසිතු වීරු දියුණුවක් ලැබෙන පිහිටිමකි. දාර්ශනික ආගමික ඥානය ඇති ඍජු නිර්භීත කෙනෙකි. මහජන සේවයට කැමතිය. දුර පෙනේ.
 එසේම තවත් කාරණාවක් නම් උදරාබාධ, එසේම බඩේ අසනීප, අජීර්ණ වැළදීමට ඉඩ ඇති බැවින් ඒවායින් ආරක්ෂා විය යුතුයි.
● රාහු 7 වැන්නේ සිටින නිසා, විවාහ ජිවිතය ඉදිරියෙදි ගත කිරිමේදි ඇතිවිය හැකි ප්‍රශ්න සහ ගැටළු වලදි ඉතාම බුද්ධියට ඉඩ දී කටයුතු කිරීම වටී. ගුරුගේ දෘෂ්ඨිය නිසා රාහුගේ අපල තත්වයන් බොහෝ සමනය වනු ඇත.
තමන්ගෙ අදහස් උදහස් වලට ගැලපෙන යහපත් සහකාරියක, කේන්ද්‍ර මැනවින් ගලපා විවාහ වීම තුලින් අනවශ්‍ය ගැටළු ඇති නොවනු ඇත.

●  සඳු/චන්ද්‍රයා 9 වැන්නේ තැන්පත් වීම තුල පෙරපින් අධික වූ කෙනෙකි. එමනිසා දිවියේ ඉදිරියට යන්ට යන්ට දියුණු වන්නේ ඉතාම සීග්‍රගාමීවය. මගේ ජ්‍යොතිෂ්‍යය අනාවැකියේ හැටියට මෙම කුමරුවා පිනට දහමට නැඹුරුව ආධ්‍යාත්මික, ලෞකික මාවත් 2ට මැදිව ඉතාම වාසනාවන්ත ගමනක් දිවි මගේ පියමන් කරන බවයි. ආගමික භක්තිය ඇති වැඩිහිටියන්ට ගරු කරන කෙනෙකි. විදෙස් ගතවීමේ භාග්‍යය ඇති පිහිටිමකි.
 *● එසේම මේ කුමරුගේ පිහිටා තිබෙන තවත් එක් ලක්ෂණයක් ඔබහට සදහන් කරමි.
ඉතාම සංවේදි මානසිකත්වයක් ඇතිමෙ දරුවා සියලුදෙනාට ආදර ගෞරවයෙන් සලකයි. එසේම අයුක්තිය අසාධාරණයෙදි ඒ වෙනුවෙන් සටන් කිරිමට තමාගේ ජිවිතය පවා පරදුවට තැබීමට ලෑස්තිය.
මෙම තත්වය පිහිටා තිබෙන්නේ අඟහරු/කුජ ග්‍රහයා 11 වැන්නේ පිහිටා සිටිම නිසාය.
කුජගේ බලපෑම නිසා සාධාරණ හේතු මත ගැටුමකට යෑමට වුවද කිසිවිටෙක නොපැකිලෙන ගති තිබේ. අපගේ උපදේශය නම් එවන් කටයුතු වලදි වඩා බුද්ධියෙන් සිතා බලා කටයුතු කරන ලෙසයි.
ලග්නයට බලගතු අගහරු 11 වැන්නේ තැන්පත් වීම නිසා සමාජය ආශ්‍රය කිරිමේදි බොහෝම ප්‍රවේසමෙන් ආශ්‍රය කිරිමට මෙම කුමරු වගබලා ගනී. එනම් නරක මිත්‍රයන් හා පාප මිත්‍රයන් ප්‍රහානය කොට සත්පුරුෂයන් ලංකර ගැනීමෙන් මෙම දරුවා තමාගේ සමාජ වටපිටාව සුද්ධ බුද්ද කරගනී.
මුදල් හම්බකිරිමට දක්ෂ ව්‍යාපාරික කටයුතු වලට වඩා යෝගය පිහිටිමකි එය.
٠ එසේ සමස්තයක් වශයෙන් බැලීමේදි දැනට ගත කරන්නේ සිකුරු මහ දසාවේ, බුධ අතුරු දසාවයි.

* දැනට හොද කාලයක් ගත කරන මෙම කුමරු විදේශ රැකියාවක නියුතුව සිටී. පසුගිය කාලයේදි ඇති කලාවූ(සෙනසුරු අතුරු දසාවේ) සෙනසුරුගේ උපද්‍රව හේතුවෙන් කිසියම් ආකාරයකට පීඩාවක් අත්විඳී මේ කුමරු දැනට හොද තත්වයක සිටී.

● ඉදිරියට ලබන රවි, චන්ද්‍ර, කුජ මහ දසා එනම් අවුරුදු 23ක වැනි කාලයක මෙම කුමරුට දියුණුව සහ අභිවෘද්ධිය සලසා දෙනු ඇත.

ව්‍යාපාරික ඥානය සහ සමාජය සමග යහපත් ගනුදෙනු කිරීමට හැකි නිසා ගොඩනැගිලි ඉදිකිරිමේ ක්සෙත්‍රය, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙලදාම් ආදි ව්‍යාපාරික කටයුතුද, ආහාර පාන සහ භූමිය සම්බන්ධ වෙළදාම්ද ගැලපේ.
එසේම සියලුම ආකාරයටම මෙම කුමරුට සෙත සැලසෙනුද ඇත. මෙම පුතණුවන්ගේ ජිවිතය වාසනාවන්ත වේවායි සුභ පැතුම් එක් කරමින් කේන්ද්‍ර විග්‍රහය අවසන් කරමි.

සැ.යු. පෞද්ගලිකත්වයට යම් බලපෑම් ඇති වේයැයි අවදානයක් ඇති නිසා මෙම කේන්දරයේ ඇති සමහර වැදගත් කරුණු එළි නොකිරිමට වගබලා ගත්තෙමු.

තෙරුවන් සරණයි !












Tuesday, March 3, 2015

මල්වර වූ දිනය අනුව ඔබට ලැබෙන ස්වාමි පුරුෂයා කෙබඳු අයෙක්ද ?

මල්වර වීම ඉතා වැදගත් දෙයක් වන්නේ තරුණ දූවරුන්ටය. එසේම මෙම මල්වර වීම හේතු කරගෙන අනාවැකි පල කිරිමට පූර්ව ඍෂිවරුන් කටයුතු කර ඇත.
මල්වර වීමට දී ඇති වැදගත්කම සුළුපටු නැත.
එසේම මල්වර පලාපලය ඔස්සේ එම දැරිවියගේ විවිධ වූ ජීවන පලාපල, මවට පියාට ඇතිවන බලපෑම ආදියද විස්තර කල හැක.

මල්වර දිනය අනුව ලැබෙන ස්වාමි පුරුෂයාගේ තත්වය කෙසේදැයි විමසා බලමු.

● සඳුදා දින
ඉතාම සෞම්‍ය, ගුණෝපේත ස්වාමියෙක් හිමි වෙයි. විවාහ ජිවිතය ඉතා ප්‍රීතියෙන් ගත වෙයි. සඳුදා දින ඉතාම ශුභ දිනයකි මල්වර වීමට. නමුත් සෙම් රෝග ආදිය ඇතිවිමට පුලුවන්.

●  අඟහරුවාදා දින.
මෙදින මල්වර වූ යුවතියට තරමක තද හිතක් ඇති, එතරම් සංවේදි නැති ස්වාමියෙක් ලැබීමට ඉඩකඩ වැඩිය. නමුත් භූමි ලාභ ලැබෙන වාසනාවන්ත ජිවිතයක් විය හැක.

●  බදාදා දින
මෙදින මල්වර වූ යුවතියට බුද්ධිය ඇති, ශාස්ත්‍ර නිපුණත්වය ඇති උගත් ස්වාමි පුරුෂයෙක් හිමිවිමට වාසනාව තිබේ.

●  බ්‍රහස්පතින්දා දින
මෙදින මල්වර වූ යුවතියට මදක් ස්ථූල, පිරිපුන් සිරුරක් ඇති වාසනාවන්ත කෙනෙක් ස්වාමියාට ලැබීමට ඉඩකඩ වැඩිය.  හෙතෙම ඔබගේ පවුලේ සියලු දෙනාටද සලකනු ඇත.

●  සිකුරාදා දින
මෙදින මල්වර වූ යුවතියට ඉක්මන් විවාහයකට ඉඩ වැඩිය. එසේම වාසනාවන්ත පුරුෂයෙක් හිමි වේ. දේපල ලාභ සහිත, යාන වාහන තිබෙන සුඛෝපභෝගි ජිවිතයක් ගත කිරිමට ඉඩ වැඩිය.

●  සෙනසුරාදා දින
මෙදින මල්වර වූ යුවතිය සිය ස්වාමියා තෝරා ගැනීමේදි බුද්ධියෙන් කටයුතු කල යුතුය. ආර්ථික පාඩු, හානි ආදිය ඇතිවිමටද අවදානමක් පවති. දුෂ්කරතා ඇතිවිමේ යම් ඉඩක් පවති. අධ්‍යාපන කටයුතු වලට වාසි ලැබේ. එනම් එවන් උගත්කමක් ඇති කෙනෙක් විය හැක.

●  ඉරිදා දින
මෙදින මල්වර වන යුවතියට හිමිවන්නේ තේජස් සහිත ස්වාමි පුරුෂයෙකි. මෙදින මල්වර වන යුවතියද යම් ලෙසකින් අහංකාර ගති ඇත්තියක් විය හැක. තමන්ගේ තත්වය නිසා විවාහයට හොද සූදානමක් ගත හැක.

** මෙය පොදු පලාපල විස්තරයක් පමණක් බව සලකන්න

Monday, March 2, 2015

කේතු මහ දසාවේ පලාපල - 2

* කේතු මහ දසාවෙදි පුද්ගලයෙකුට හිමි වන පොදු පලාපල මෙසේය.

● කේතුගේ මහ දසාවේ කේතු අතුරු දසාව - මාස 4 දින 27

එම මහ දසාව තුල පුද්ගලයා ශරීර ශක්තියෙන් දුර්වල වීම, කරන කියන කටයුතු කඩාකප්පල් වීම, යක්ෂ ප්‍රේත උපද්‍රව වලට ගොදුරුවීම ආදිය සිදුවෙයි.

● කේතු මහ දසාවේ සිකුරු අතුරු දසාව - අවු 1 මාස 2කේතුගේ කේතු අතුරු දසාව තරම්ම නරක නොවේ. නමුත් සමහරවිට කාන්තාවන්ට නම් ගර්භාෂය ආශ්‍රිතව සහ මුත්‍රා අමාරුද, පුරුෂයන්ට කාන්තාවන්ගෙන් යම් හිරිහැරද, ශුක්‍ර ධාතුව හීන වීම ආදි රෝගද ඇතිවිමට පුලුවන.

● කේතු මහ දසාවේ  රවි අතුරු දසාව - මාස 4 දින 06
අක්ෂි ආබාධ සහ උෂ්ණාධික රෝග, ලේ විෂවීම් ආදියද ඇතිවිමට පුලුවන.

● කේතු මහ දසාවේ සදු අතුරු දසාව - මාස 7
ලෙඩ රෝග ඇතිවිම, මව්ට අසනීප වීම, තමන්ටද සෙම් වැනි රෝග ඇතිවිය හැක. කුඩා දරුවන්ට සමහරවිට වලිප්පුව වැනි දරුණු රෝග ඇතිවිමට පුලුවන.

● කේතු මහ දසාවේ කුජ අතුරු දසාව මාස 4 දින 27
මේ කාලය ඇඟේ ලේ කෝපවන, ලේ විෂවන කාලයකි. කලකෝලහල වලට ගොදුරු වෙයි. ශරීර ශක්තිය හීන වෙයි. අජීර්ණයට පත්වෙන රෝගද ඇතිවිමට ඉඩ ඇත.

● කේතු මහ දසාවේ  රාහු අතුරු දසාව - වසර 1 දින 18
මෙම කාලයෙදි යක්ෂ ප්‍රේත බය මෙන්ම, විසකුරු සර්පයන්ගෙන්, සතුන්ගෙන් පවා හානි සිදුවිමට ඉඩ ඇත. සිහි විකලයෙන් මෙන් කල්පනාව අඩුවෙන් වැඩ කිරිමට කටයුතු කරන කාලයක් විය හැක. රැකියාව අහිමි විය හැක. විවාහය ගත කරන අයට බොහෝ ගැටළු උපද්‍රව වලට මුහුණ පෑමට සිදුවිය හැක.
තවද යම් ආකාරයකට අවුල් වියවුල් ඇතිවේ.

● කේතු මහ දසාවේ ගුරු අන්තරය මාස 11 දින 06
මෙය හොද කාලයකි. විශේෂයෙන්ම කරන කියන කටයුතු සාර්ථක වී දියුණුවද ඇතිවෙයි. එසේම ඉගෙන ගන්නා ළමයින්ට හොදයි. නැති වී ගිය සියලුම දේවල් යම් ආකාරයකට එකලස් වීමට පුලුවන්.

● කේතු මහ දසාවේ සෙනසුරු අතුරු දසාව - වර්ෂ 1 මාස 01 දින 09

මේ කාලය  ඉතාම අශුභ කාලයකි. විවිධාකාරයෙන් කරදර උපද්‍රව මෙන්ම විවිධ වූ ප්‍රශ්න උපද්‍රව ඔබගේ ජිවිතයට පැමිණීමට පුලුවන. නරකම කාලයකි.

● කේතු මහ දසාවේ බුධ අන්තරය - මාස 11 දින 27කි.

මේ කාලය ඔබට කිසියම් ආකාරයකට හොද කාලයකි. එය ඉතාමත්ම හොද වන්නේ, ඔබගේ උනන්දුව සහ උත්සහය මතය. ඉගෙන ගන්නා දරුවන්ට හොද බව කිව යුතුය. ලොකු වරදක් නොමැත. 

Sunday, March 1, 2015

සතියේ ලග්න පලාපලය - මාර්තු 2 සිට

●  මේෂ
ඔබට මේ සතිය සුභයි.
විශේෂයෙන්ම ඉතාම ශුභ බව කිව යුතුය. ආර්ථික තත්වය ඉහලට ගෙනයාමට ඔබට හැකියාව ලැබේ. සියලු කටයුතු වලට ආධාර උපකාර භෞතික වශයෙන්ද ලැබේ. ව්‍යාපාර කරන අයට විශේෂ වශයෙන් සුභයි. සතිය අගදි සතුරු කරදරයක් ඇතිවිමට ඉඩ ඇති බැවින් ඒ ගැන කල්පනාකාරිවන්න.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවේ. නිවසට අලුත් බඩුමුට්ටි ගැනීමට හැකියාව ලැබේ.
සෞඛ්‍ය තත්වය යහපත්ව පවතින අතර, සෙම් අමාරු ඇති අය තරමක ප්‍රවේසම් විය යුතුය.
සතිය අගදී උදරාබාධ සම්බන්ධයෙන් ප්‍රවේසම් වීම මැනවි.

●  වෘෂභ
ගැටළුවක් නැති සතියකි.
ආර්ථික තත්වය යහපත් වන අතර, තමන් කරන කියන කටයුතු වල දියුණුව අනිවාර්යෙන්ම ඇතිවෙයි. එමනිසා ආදායම ඉපයීමට මෙන්ම තිබෙන මුදල් රැකගෙන ඉදිරියට යෑමටත් ඔබට මෙම සතියෙදි පුලුවන.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙයි. ඒ සම්බන්ධව ගැටළුවක් නොමැත. එසේම ඔබගේ ජිවිතයේ වටිනා අවස්ථාවකට සහභාගි වීමට මේ සතියෙදි සිදුවේ.
සෙම් අමාරු මිස වෙනත් ගැටළුවක් නැත.

●  මිථුන
මේ සතිය ඉතාම ශුභ සතියකි.
තමන්ගේ වැඩකටයුතු පහසුවෙන් කෙරෙන සතියකි. ආර්ථික තත්වය යහපත් වේ. දියුණුව ඇතිවේ. හිතවතුන්ගෙන් මිතුරන්ගෙන් දියුණුවට උදව් උපකාරද ලැබේ.
ගෘහ ජිවිතය මේ සතිය තුල ඉතාම ප්‍රීතිමත් වන බව කිව යුතුයි. මන්ද හිතවතුන් මිත්‍රයන් නිවසට පැමිණීම නිසා සිතට ප්‍රීතිය ගෙන දෙයි. ඔබට මේ සතියෙදි අලුත් ඥාති මිතුරු සම්බන්ධකම් ඇතිවිමට ඇති ඉඩකඩ වැඩිය.
සෞඛ්‍ය තත්වය හොදයි. සතිය මැදදී උදරාබාධ සම්බන්ධව සැලකිලිමත් වන්න.

●  කටක
ඉතාම වාසනාවන්ත සතියකි.
මේ සතිය තුලදී ඔබගේ ආර්ථික තත්වය ඉතාම යහපත් වේ. ඔබ වෙළද ව්‍යාපාර කරන අයෙක් නම්, එසේත් නොමැති නම් මුහුදින් එතෙර වැඩ කරන කෙනෙක් නම්, ඔබට සුභදායක සතියකි. කටක ලග්නයේ පිරිමි පාර්ශවයේ ඔබට ගැහැණු අයගෙන් දියුණුවට උදව් උපකාර ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත් වන අතර, මේ සතිය මුළුල්ලේම ප්‍රිය සම්භාෂණ ප්‍රීති උත්සව ආදියට සහභාගි විමට ඔබට අවස්ථාව ලැබේ.
සෞඛ්‍ය තත්වය නම් සෙම් ගෙඩි සහ සමහරවිට සෙම නිසා ඇතිවන හිසරදය ඔළුවෙ කැක්කුම ආදිය ඇතිවිමට පුලුවන්.

●   සිංහ
හොඳ සතියකි.
සතියේ මුල් දවස් 2 එතරම් ප්‍රතිඵල පෙන්වන්නේ නැති උනත් කල්යත්ම ඔබට එහි ප්‍රතිඵල ලැබේ. එය හොදයි.
පිටපලාත් වල කටයුතු වලින් දියුනුව ඇතිවේ. දේපල සම්බන්ධව ලැබීම් මේ සතියෙදි හිමිවන්නට පුලුවන.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවෙයි. දුර පලාත් වලට යෑමට හැකියාව ඇත. මේ සතියෙදි පරණ හිතවතෙකුගේ හමුවීම සිදුවෙයි.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නොවන අතර, සතිය අගදී වතුර නිසා අපිරිසිදු ජලයෙන් බෝවන රෝගයක් වැළදීමට පුලුවන(පාචනය වැනි), අවධානමත් වන්න.

●   කන්‍යා
සමඵල සතියකි.
සතියේ මුල් දවස් 2දි තිබු ආර්ථික ප්‍රබෝධය සතිය මැදදී නැතිවී යයි. ඒනිසා ණය තුරුස් ඇතිවිමට ඇති ඉඩකඩ බොහෝමත්ව වැඩියි. ඒ ගැන ඔබ කල්පනා කල යුතුය. තමන් ණයට දුන් මුදල් නොලැබීමට ඉඩ ඇත. මේ සතියේ මැදදී ඔබ ගනුදෙනු කිරීම ප්‍රවේසම් සහගතව කල යුතුය. මන්ද ඔබට එයින් යම් ගැටළුවක් ඇතිවිමට පුලුවන් නිසාය.
ගෘහ ජිවිතය තුල එතරම් ගැටළුකාරි තත්ව නැතත් ඔබට සතිය මැදදී විවාහක ඔබගේ සමගියට යම්කිසි ගැටළුවක් ඇතිවිමට පුලුවන. ඒගැන කල්පනාකාරි වන්න.
සෞඛ්‍ය තත්වය අයහපත් නැත. නිදන්ගත රෝග ඇති අය කල්පනාකාරි වන්න.

●  තුලා
එතරම් සුභදායක නැත.
සතිය පුරාම ලැබීම වෙනුවට පාඩුව පෙන්වයි. විශේෂයෙන්ම ණය දීමේදි සහ ගැනීමේදි ආරක්ෂා විය යුතුය. තමන්ට අලාභ පාඩු සිදුවන්නේ තමාටවත් වටහා ගැනීමට නොහැකි වේ. එයින් ඔබ මානසිකවත් පීඩාවට පත්විමට ඉඩ ඇත. බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය එතරම් ගැටළුකාරි තත්වයක නොපැවතියද කලකිරිම නිසා ඔබ දැඩි මානසික අසහනයකට ගොදුරු වීමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය, එතරම්ම අයහපත් නොවේ.

●  වෘශ්චික
ඉතාම සුභ සතියකි.
ඔබට දියුණුවට වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. මේ සතිය තුලදී තමන් කරන කටයුතුද ඉතාම සාර්ථක වෙයි. විශේෂයෙන්ම වෙළද ව්‍යාපාරික කටයුතු වල නියුතු ඔබට ඉතාම හොද බව කිව යුතුය. රක්ෂා නැති අයට රැකියා හිමිවීමද පෙන්වයි. විදෙස් රැකියා බලාපොරොත්තු වන අයට ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමට පුලුවන් වේ.
ගෘහ ජිවිතයේ දියුණුව සැලසීම ප්‍රධානයි. ගෘහ ජිවිතය තුල සමගියෙන් සිටි නම් බොහෝ අපල උපද්‍රව අඩු කරගත හැක.
සෞඛ්‍ය සම්බන්ධව එතරම් පීඩා නැති වුවද නිදන් ගත රෝග ඇති අය ආරක්ෂා වන්න.

● ධනු
 සුභ සතියකි.
සතියේ මුල් දවස් 2 ඔබට තරමක ගැටළුකාරි තත්වයක් තිබුනත් ක්‍රමානුකූලව ඔබගේ ගැටළු විසදෙයි. විදෙස් රැකියා වල නියුතු ඔබටත්, වෙළද කටයුතු වල නියුතු අයටත් එකසේ වාසි සහගත තත්ව ඇතිවිමට වාසනාව ඇත.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවන අතර මේ සතියෙදි දුර බැහැර පලාත් වල සංචාරයද ඇතිවිමට පුලුවන්.
දරුවන්ගේ කටයුතු වලට වෙහෙස මහන්සි වීමට අවස්ථාව ලැබේ.
සෞඛ්‍ය තත්වය ඉතාම හොදයි. ඒ ගැටළුවක් ප්‍රශ්නයක් නැහැ.

● මකර
මේ සතිය වාසනාවන්තයි.
හවුල් ව්‍යාපාර ඉතාම සාර්ථක වෙනවා. රැකියාවේ සහ ව්‍යාපාරික කටයුතු වල දියුණුව සැලසෙනවා. මේ සතිය ආනයන අපනයන කරන අයට ඉතාම හොදයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. ප්‍රේම සබදතා සඵල වේ. තමන්ගේ දියුණුව සහ තමන්ගේ දරු පවුලේ දියුණුව මේ සතියෙදි ලැබෙනවා.
සෞඛ්‍ය තත්වය, එතරම් අයහපත් නැහැ. මකර ලග්න කුඩා දරුවන් ජලාශ්‍රිත ක්‍රියාකාරකම් වලදි වෙනදාට වඩා වැඩි අවධානයකින් පරිස්සම් කරගන්න.

● කුම්භ
මේ සතිය එතරම් යහපත් නැත.
ඔබට මේ සතිය ආර්ථික වශයෙන් පාඩු ආදිය සිදුවන සතියකි. ඔබට මුදල් ලැබෙනු ඇත, එහෙත් ඒ සියල්ල වියදම් වී යාමට හැක. අරපරිස්සම් වන්න. එසේම තමන්ගේ තරමක පසුබැසීම නිසා ලැබිය යුතු මුදල් නොලැබී යාමටද ඉඩ ඇත.
ගෘහ ජිවිතය වුවත් ලොකු වෙනසක් නැහැ. හිටිය විදියමයි. ආර්ථික පැත්ත යම්කිසි ගැටළුකාරි තත්වයක නිසා ඔබ නිවසේ සිටින්නෙත් ඒ ගැන කල්පනා කරගෙන විය යුතුය.
සෞඛ්‍ය තත්වයේ උදරාබාධ, සෙම් රෝග, මුත්‍රා අමාරු ආදියෙන්ද නිදන්ගත රෝග ඇති අය නිසි වෙලාවට ඒ බේත් හේත් ආදිය ලබාගන්න.

● මීන
ශුභාශුභ මිශ්‍ර සතියකි.
සතියේ මුල් දවස් 2-3 කාලය ආර්ථිකයට අමාරුයි. සතිය පුරාම එම තත්වය දක්නට ඇත. සතිය පුරාම වෙනස් වන ආර්ථික තත්වයක් හිමිවනු ඇත. ලැබෙන දේවල් ප්‍රමාද වී ලැබීමට මේ කාලය බලපායි. ඔබගේ දියුණුවට ඔබ මහන්සි විය යුතුය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවන අතර, සමහරවිට ඔබගේ දරුවන් අසනීප වීමට ඉඩ ඇත. එසේම සතිය මැදදී ඔබට තරමක පීඩාකාරි ග්‍රහ තත්වයක් ඇති බැවින් විමසිලිවත්ව කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය අයහපත් විය හැක. නිදන් ගත රෝග ඇති අය ප්‍රවේසම් වන්න. නහර ආබාධ, ස්නායුගත රෝග එසේම හිසේ කැක්කුම් ඇති අය සැලකිලිමත් වන්න.