Tuesday, March 17, 2015

පසුගිය දිනෙක විකාශය කෙරුනු සත්‍යාගාරය හා සම්බන්ධව ජ්‍යොතිෂ්‍යයට අදාලව අපගේ අදහස

ජ්‍යොතිෂ්‍යයත් විද්‍යාවත් අතර, මත 2ක් නොමැත. පුරාතන දේව සංකල්ප මෙයට ඈදාගෙන සමහරු ඒවාට නව අර්ථකතන දීමට උත්සහ කරන නමුත් එහි න්‍යායාත්මක සහ ප්‍රායෝගිකවන හරයක් නොමැත. මෙහිදි අප දැඩි ලෙසම පාඨක සියලුම ජනතාවට කියා සිටින්නේ, ජ්‍යොතිෂ්‍යයත් විද්‍යාවත් අතර මත 2ක් නොව 1 මතයක තිබෙන බවයි.

* ග්‍රහ තාරකා සහ සියලුම නක්ෂත්‍ර තාරකා ගමන් කරන්නේ ඉලිප්සාකාර ගමන් මාර්ගයකය. මෙම නැකැත් තාරකා නිර්මාණය වී ඇත්තේ තාරකා සියදහස් ගණනක් ඒකරාශී වීමෙනි.
( උපුල් ශාන්ත සන්නස්ගල මහතා සහ සුමනදාස අබේගුණවර්ධන මහතා අතර සංවාදයෙදි වැරදියට ප්‍රකාශ කෙරින)
උදාහරණයක් වශයෙන්, අස්විද නැකත සහ මේෂ රාශිය ගැන සඳහන් කිරිමේදි එම නැකැත් තාරකා වලට එම නම ලැබී ඇත්තේ එළුවෙකුගේ පෙනුම එම තාරකා පන්තියේ හැඩය නිසාද තවද අස්විද නැකත වූ කල අස්ව හිසක් ඇති නිසාත්ද වේ.

* ජ්‍යොතිෂ්‍යයට අදාලව මිනිසුන්ට බලපාන බව අප සදහන් කරන්නේ චුම්බක බලයක් නොවේ. ග්‍රහ කිරණය.
ග්‍රහ කිරණ ගස්වැල් වලට සතා සීපාවාට මෙන්ම පුද්ගලයාගේ එක් එක් අංශ වලට බලපානවා. 
ග්‍රහ කිරණ (cosmic power)
* සියලුම දේවල් වලට මෙම ග්‍රහ කිරණ බලපානවා, භූමියටත්. සතුන්ටත් බලපානවා.

 හොදම උදාහරණය චන්ද්‍රයා පොලවට ලංවූ විට වඩදිය ඇතිවිම. සහ සීතල වැඩිවීම.

* තවද එහිදී සඳහන් වුනු තවත් කරුණක් නම් යම් දිනෙක හඳේ ජනාවාස ඇතිවී එහි උපදින දරුවෙකුට කේන්දර සෑදිය හැකිද යන්නය...
සුමනදාස මහතා නිසි පිලිතුරක් නොදුන්නෙ මන්ද යන්න අප දන්නේ නැත.
සඳු හෙවත් චන්ද්‍රයා සිටින්නේද එකම සූර්ය ග්‍රහ මණ්ඩලයක සිටින අතර, සූර්යයාගේ බලපෑම අනුව කේන්දර සටහන් සෑදීමට හැකියාව ඇත.

* සතුන්ටත් කේන්දර සෑදිය හැකියි. නමුත් එය කරන්නේ කවුද... වැඩක් නැති දේවල් පස්සේ ගිහින් කාලය නාස්ති කරන්න කිසි කෙනෙක් කැමතිද...
භෞතික ලෝකයේ හැම අංශයක්ම ප්‍රයෝජනයට ගන්නේ මිනිසාගේ සුබ සිද්ධියට නේද ?
එහි ඔබලා සිතන්ට යමක් තියෙනවා... අපි හැමදෙයක්ම කරන්නේ මනුෂ්‍යාගේ දියුණුව අභිවෘද්ධිය මිස ජ්‍යොතිෂ්‍යය බලා තිරිසන් කොට්ඨාස වලට යමක් කරන්නේ නැහැ.

* තවද එහිදී සන්නස්ගල මහතා ඇසූ ප්‍රශ්නයක් වූයේ වාහනයක බොහෝ පිරිසක් යද්දි අනතුරක් වුවොත් එක දරුවෙක් බේරුනොත්, ඒක ඒ දරුවාගේ වාසනාව ලෙසද, එලවලු රැගෙන යන රථයකට අනතුර වී එක එලවලුවක් පමණක් බේරුනොත් එයද එහි වාසනාව ලෙසද යනුවෙනි.
එයට පිලිතුර දීමේදි දරුවාට විඥානයක් ඇති බවද, එලවලුවට එසේ නැති නිසා එවන් වාසනාවක් ගැන නොසිතිය යුතු බවද පැහැදිලි කරගැනීමට බුද්ධිය ඔබට ඇතැයි සිතමු.

* බොහෝදෙනා මෙම උතුම් ශාස්ත්‍රයට පහර ගැසීමට බුදු දහම ඈදා ගනී. 
නමුත් බුදු දහමේ ඇති ඍතු නියාම, කර්ම නියාම, බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම ඔය ආදි නියාම ධර්ම වලට ගලපා බැලූ කල ඍතු නියාම සම්බන්ධව දීර්ඝව කල්පනා කලොත් මෙහිදි ජ්‍යොතිෂ්‍යයට යම්කිසි සබදතාවක් පෙන්වයි.
බුදු දහමේ ඇත්තේ මධ්‍යම ප්‍රතිපදාව මූලික කරගත් උතුම් වූ සුහාසූ දහසක් ධර්ම ස්කන්ධයයි.

* බුදුන්වහන්සේ ජ්‍යොතිෂ්‍යය ගුප්ත විද්‍යා ගණයට එකතු කලේ බුුදු දහම මූලිකව දේශනා කරන්නේ ලෝකෝත්තර දියුණුවට අදාල කරුණු වන බැවිනි. එහිදී අප්‍රමාදය මූලික වෙයි.
නැකතකට අද වෙනුවට හෙට වෙනුවෙන් ඉවසන්නට සිදුවුවොත් බුදු දහමේ පරිදි එය ප්‍රමාදයකි..
අප්‍රමාණ සංසාරයේ ප්‍රමාදය නිසා සියලු ලෝ වැසියන් විඳින දුක් කරදර මැනවින් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාව නියම නැකත බව පවසන්නට ඇත්තේ එබැවිනි.

* ජ්‍යොතිෂ්‍යය මූලිකත්වය දෙන්නෙ ලෞකික දියුණුවටය. ලෞකික දියුණුව සාර්ථක වූ කල ලෝකෝත්තර දියුණුවද සාර්ථක වන බව ජ්‍යොතිෂ්‍යයේ විශ්වාසයයි.

* ජ්‍යොතිෂ්‍යය ලංකාවෙ සංස්කෘතිකමය වටිනාකමක් වසර දහස් ගණනක් පැවති දෙයකි...

●   ලෝකයටම අධිරාජ්‍යයා වූ රාවණ මහ රජතුමන් ජ්‍යොතිෂ්‍යය දැන සිටි අතර නිසි ඵල නෙලාගත්තේය.
●   රට එක්සේසත් කර යම් දිනෙක මෛත්‍රි බුද්ධ ශාසනයේ වමත් අගසව් වන දුටු ගැමුණු මහරජතුමා ජ්‍යොතිෂ්‍යයෙන් ප්‍රයෝජන ගත් බව ඉතිහාසයේ දැක්වේ.
● * අදටද... උතුම් වූ ශ්‍රී දන්ත ධාතූන්වහන්සේ වඩම්මවන්නේ නිසි වෙලා බලා නැකතට අනුව බව ඔබ දන්නවාද ?
* බෝධීන් වහන්සේ නමක් රෝපණයේදී, චෛත්‍ය රාජයාණන්වහන්සේ කෙනෙක් සෑදීමේදි නැකැත් වලට අනුව කටයුතු කරන බව ඔබ දන්නවාද ?

* වසර දහස් ගණනක් පැවති උතුම් ශාස්ත්‍රයක් ලෙස ජ්‍යොතිෂ්‍යයද සැලකේ. අපේ මුතුන්මිත්තන් නිසි ඵල නෙලාගත්තා සේම අද ඉතා දියුණු රටවල් වල ඇමරිකාව ආදි රටවල් අපටද වඩා මෙහි නිසි ඵල නෙලා ගනිති.

* ජ්‍යොතිෂ්‍යය සහ බුදු දහම පටලවාගෙන වැඩ කිරිම දහමටද කරන නිග්‍රහයක් මෙන්ම එය අනවශ්‍ය ක්‍රියාවකි.

*●*  නමුත් තමුන්ට ජ්‍යොතිෂ්‍යයෙන් උවමනාවක් නැත්නම් එය අතහැරලා දැම්මාට කමක් නැත.

එමෙන්ම මෙයට කදිම පිලිතුරක් අපගේ ඉරු සේවයේ ලිපි අතර අප පලකල කර්මය වෙනස් කල හැකිද ලිපිය මගින් පැහැදිලි කර ඇත.
(https://www.facebook.com/irusewaya/photos/a.1013509575332788.1073741842.833656709984743/1073847562632322/?type=)

* බොහෝදෙනෙකුගේ ඉල්ලීම පරිදි සකසන ලද ලිපියකි.  

No comments:

Post a Comment