Tuesday, March 3, 2015

මල්වර වූ දිනය අනුව ඔබට ලැබෙන ස්වාමි පුරුෂයා කෙබඳු අයෙක්ද ?

මල්වර වීම ඉතා වැදගත් දෙයක් වන්නේ තරුණ දූවරුන්ටය. එසේම මෙම මල්වර වීම හේතු කරගෙන අනාවැකි පල කිරිමට පූර්ව ඍෂිවරුන් කටයුතු කර ඇත.
මල්වර වීමට දී ඇති වැදගත්කම සුළුපටු නැත.
එසේම මල්වර පලාපලය ඔස්සේ එම දැරිවියගේ විවිධ වූ ජීවන පලාපල, මවට පියාට ඇතිවන බලපෑම ආදියද විස්තර කල හැක.

මල්වර දිනය අනුව ලැබෙන ස්වාමි පුරුෂයාගේ තත්වය කෙසේදැයි විමසා බලමු.

● සඳුදා දින
ඉතාම සෞම්‍ය, ගුණෝපේත ස්වාමියෙක් හිමි වෙයි. විවාහ ජිවිතය ඉතා ප්‍රීතියෙන් ගත වෙයි. සඳුදා දින ඉතාම ශුභ දිනයකි මල්වර වීමට. නමුත් සෙම් රෝග ආදිය ඇතිවිමට පුලුවන්.

●  අඟහරුවාදා දින.
මෙදින මල්වර වූ යුවතියට තරමක තද හිතක් ඇති, එතරම් සංවේදි නැති ස්වාමියෙක් ලැබීමට ඉඩකඩ වැඩිය. නමුත් භූමි ලාභ ලැබෙන වාසනාවන්ත ජිවිතයක් විය හැක.

●  බදාදා දින
මෙදින මල්වර වූ යුවතියට බුද්ධිය ඇති, ශාස්ත්‍ර නිපුණත්වය ඇති උගත් ස්වාමි පුරුෂයෙක් හිමිවිමට වාසනාව තිබේ.

●  බ්‍රහස්පතින්දා දින
මෙදින මල්වර වූ යුවතියට මදක් ස්ථූල, පිරිපුන් සිරුරක් ඇති වාසනාවන්ත කෙනෙක් ස්වාමියාට ලැබීමට ඉඩකඩ වැඩිය.  හෙතෙම ඔබගේ පවුලේ සියලු දෙනාටද සලකනු ඇත.

●  සිකුරාදා දින
මෙදින මල්වර වූ යුවතියට ඉක්මන් විවාහයකට ඉඩ වැඩිය. එසේම වාසනාවන්ත පුරුෂයෙක් හිමි වේ. දේපල ලාභ සහිත, යාන වාහන තිබෙන සුඛෝපභෝගි ජිවිතයක් ගත කිරිමට ඉඩ වැඩිය.

●  සෙනසුරාදා දින
මෙදින මල්වර වූ යුවතිය සිය ස්වාමියා තෝරා ගැනීමේදි බුද්ධියෙන් කටයුතු කල යුතුය. ආර්ථික පාඩු, හානි ආදිය ඇතිවිමටද අවදානමක් පවති. දුෂ්කරතා ඇතිවිමේ යම් ඉඩක් පවති. අධ්‍යාපන කටයුතු වලට වාසි ලැබේ. එනම් එවන් උගත්කමක් ඇති කෙනෙක් විය හැක.

●  ඉරිදා දින
මෙදින මල්වර වන යුවතියට හිමිවන්නේ තේජස් සහිත ස්වාමි පුරුෂයෙකි. මෙදින මල්වර වන යුවතියද යම් ලෙසකින් අහංකාර ගති ඇත්තියක් විය හැක. තමන්ගේ තත්වය නිසා විවාහයට හොද සූදානමක් ගත හැක.

** මෙය පොදු පලාපල විස්තරයක් පමණක් බව සලකන්න

No comments:

Post a Comment