Monday, March 30, 2015

සිකුරු මහ දසාව සහ පලාපල - 1

ග්‍රහලොව මනාලිය යනුවෙන් හඳුන්වන සිකුරු හෙවත් ශුක්‍ර ග්‍රහ තාරකාව ජ්‍යොතිෂ්‍යයට අනුව පුද්ගලයෙකු බලපෑම් ඇති කරන්නේ කෙසේද ?

සිකුරු ග්‍රහයා මනුෂ්‍යයාගේ ලෞකික ජිවිතයේ සුඛ විහරණය සහ කාම සම්භෝගය ප්‍රධාන වශයෙන්ම නිවේදනය කරයි. එසේම සත්‍යවාදි බව, අලංකාර බව, පිරිසිදුවට සිටීමට කැමති බව ශෘංගාරාත්මක බව ඇති කරන්නෙ සිකුරු ග්‍රහයාය.

●   යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ සිකුරු ග්‍රහයා බලවත්ව සිටිම, එසේ නම් උච්චව, ස්වක්ෂෙත්‍රව සිටිම ඔහුට හෝ ඇයට මහා සැප සම්පත් ඇති කරන යෝගයකි. එය ඉතාම ප්‍රබල තත්වයක් වශයෙන්ද හඳුන්වයි.
* සිකුරු ස්වක්ෂෙත්‍රව වෘෂභයේ පිහිටීම - “ විෂ්ණු යෝගයයි“
* සිකුරු උච්චව මීනයේ පිහිටීම -  “ මහෞෂධ යෝගයයි“
මෙසේ උච්ච හෝ ස්වක්ෂෙත්‍ර වන්නේ 1, 4, 7, 10 තැනක නම් එය “මාලවී යෝගයයි“. පංච මහා පුරුෂ යෝගයක් වන රාජ යෝගයකි.
* එම මාලවී යෝගය සුපිරි සනත් ජයසූරියට, ලක් සිනමාවේ රැජිණිය ලෙස හඳුන්වන මාලිනී ෆොන්සේකාට, ලංකාවෙ හිටපු ජනනායකයෙකු වූ ඩී.බී ජයතිලකයන්ට, නිදහස් ඉන්දියාවේ මුල්ම අගමැති ශ්‍රී ජවහල්ලාල් නේරුතුමාට සහ ලෝකයේම ආදරය දිනාගත් සුප්‍රසිද්ධ ඩයනා කුමරියට තිබී ඇත.

●  එසේ ග්‍රහ පිහිටිම තිබෙන අයට යාන වාහන, ගෙවල් දොරවල්, යහපත් ස්වාමිපුරුෂයෙක්/භාර්යාවක්, සැපෙන් පිරුණු ජීවිතයක් හිමිවේ.
නමුත් ඒ සදහා සිකුරු ග්‍රහයා දුෂ්ට ග්‍රහයෝග වලින් පාප පීඩිත නොවී තිබිය යුතුය. පාප පීඩිත වුවහොත් එම ග්‍රහ බලය අවම වේ.

●   එසේම සිකුරු ග්‍රහ තාරකාව යම් කෙනෙකුගේ කේන්දරයේ නීච නම් ඔහුට හෝ ඇයට ලෞකික සැප සම්පත් හා ඉහත කී යම් යම් දේ ලබාගැනීමේ ප්‍රබල දුෂ්කරතාවයන් පවති.
* සිකුරුට අයත් රාශි 2ක් විශ්වයේ ඇත.
සිකුරුට හිමි තුලා රාශිය සිකුරුගේ දිවා බල රාශියයි. සිකුරුගේ රාත්‍රි බල රාශිය වන්නේ වෘෂභ රාශියයි.
* සිකුරු ග්‍රහයා උච්ච වන්නේ මීන රාශියේදීය. එසේම එයින් 7 වැනි රාශියේ එනම් කන්‍යා රාශියේ සිකුරු ග්‍රහයා නීච තත්වයට පත්වෙයි.

* සිකුරු ග්‍රහයා දුර්වල වීම නිසා ශර්කරා රෝග, ශරීරයට සැපය වැඩිවිම නිසා ඇතිවන රෝග සහ මුත්‍රා ආබාධද ප්‍රධාන වෙයි.

●   විශේෂයෙන්ම කෙනෙකුගේ ප්‍රජනන ශක්තියට සිකුරු ග්‍රහයා ඇති කරන බලපෑම අති විශාලය.

*  සිකුරු ග්‍රහයා දුර්වල පුරුෂයෙකුට ලිංගික ප්‍රාණවත් වීම එසේම ලිංගික සම්බන්ධතා වලට අවශ්‍ය වන එම හෝමෝන ශ්‍රාවයන් ශ්‍රාවය නිවරදිව නොවිම  ආදිය පවති.
තවද සහකාරිය තෘප්තියට පත්කිරීමේ හැකියාව අඩුය. එමනිසා විශේෂයෙන්ම මේ අඩුපාඩුකම් තිබේ.
එසේම ගැහැණු කෙනෙකුට නම් ඊට හාත්පසින්ම වෙනස් දේවල් සිදුවේ.

* ස්ත්‍රියකට විශේෂයෙන්ම සිකුරු ග්‍රහයාගෙ බලපෑම අයත් වන්නේ, කාන්තාවකගේ ලිංගික උද්දීපනයට, එසේම ශරීරයේ සිදුවෙන ඊස්ට්‍රජන් හොමෝනයට එසේම ආදරය, කරුණාව වැනි ආධ්‍යාත්මික මානුෂීය ගුණ ධර්ම වලට මෙම ග්‍රහයාගේ බලපෑම ඇත.

ඔබගේ කේන්දරයේද සිකුරු සිටින තැන අනුව, මේ ආකාරයට කල්පනා කර බලන්න සිකුරු ඉන්නා තැන අනුවද කල්පනා කර බලන්න.

සිකුරු මහ දසාව සහ එහි පලාපල ඊලග ලිපියෙන්.
_______________________________________


No comments:

Post a Comment