Monday, March 23, 2015

පෙම්වතියන් වැඩියෙන් ලැබෙන යෝග මොනවාද ? ඔබ දන්නවාද ?


පින්තූරයේ කේන්දරය දිහා බලන කල, ඔබට මොනවද හිතෙන්නෙ ? මේ අප දන්නා කෙනෙකි.

මෙම පුද්ගලයාට පෙම්වතියන් බර ගානක් සිටී. විශේෂයෙන්ම මෙම කෙනා පාසල් යන අවධියේ සිටම ගැහැණු ළමුන්ගෙන් බේරීමට පවා ඉඩක් තිබී නොමැත.
එසේම මොහුගේ ඥාතින් පවසන අන්දමට ඥාති ගෙදරක පවා ගොස් නැවැත්තුවොත් ඥාති ගැහැණු ළමුන් පවා මොහුට වශී වෙන තත්වයක් ඇතිව තිබේ.

මෙම කෙනා චරිතය නරක කෙනෙක් නොමෙයි. නමුත් කාන්තාවන්ගේ දැඩි පොළඹවීම් මත යම් යම් දේවල් සහ සිද්ධි දාමයන් සිදුවී ඇත. මේ ආකාරයට ආකර්ෂණය ඕනෑවට වඩා ලැබෙන්නේ ඇයිදැයි අපි විමසා බලමු...

* මොහුගේ ලග්නය මිථුන වේ.
මිථුන ලග්නයෙන් උපන් අය ස්වභාවයෙන්ම ලිංගිකත්වයට සහ ශෘංගාරත්වයට තරමක් නැඹුරු බවක් පෙන්වයි. එසේම ඒ ලග්නයෙන් උපන් අයට, ස්ත්‍රියකට නම් පුරුෂයන්ගේද පුරුෂයන්ට නම් ස්ත්‍රින්ගේද දැඩි ආකර්ෂණයද ලැබේ.

●  1 වැන්න වන ලග්නභාවයේ බලවත්ව සිටින “බුධ“ නිසා කතාවේ දක්ෂයෙක් වෙයි. එසේම අන් අය පැහැදෙන ආකාරයට කතා කිරිමට පුලුවන.

●  3 වැන්නේ සිටින රවි - සිකුරු යෝගය.
රවි - සිකුරු යෝගය යනු, රජවරුන්ට පිහිටන යෝගයකි. එම යෝගය නිසා කාන්තාවන්ට මොහු දුටු පමණින් හැඟීම් ඇවිස්සෙන්න පටන් ගනී. එසේම මෙම පිහිටිම ඉතාම කඩවසම් දේහයකට හිමිකම් කියන තත්වයකි.

● සඳු හෙවත් චන්ද්‍රයා 7 වැන්නේ  තැන්පත් වීම.
එය ස්ත්‍රින්ට ප්‍රියමනාප වන පිහිටිමකි.

● රාහු 11 වැන්නේ බලවත්වීමෙන් මොහු සමාජයේ ප්‍රසිද්ධ කරයි.
 විශේෂයෙන්ම ලොකු සමාජ වපසරියක් ආශ්‍රය කරයි.

* එසේම මෙහි මූලික ග්‍රහ තත්වය වන්නේ රවි - සිකුරු යෝගයයි.
රවි - සිකුරු යෝගය තිබෙන ස්ත්‍රින්ට, පුරුෂයන්ට අනියම් කම්සැප විඳීමේ ඉඩකඩ වැඩිය. මෙවන් කේන්දරයක් හිමි කෙනෙක් විවාහ කරගන්නා පුරුෂයෙක්, ස්ත්‍රියක් 2වරක් කල්පනා කර බැලිය යුතුය.

ඔබගේ කේන්දරේද මෙවන් සටහන් ඇද්දැයි විමසිලිමත් වන්න.
එසේ ඇත්නම් ඒ සම්බන්ධව කිසියම් ආකාරයකට සැලකිල්ලක් දක්වන්න.

No comments:

Post a Comment