Monday, March 2, 2015

කේතු මහ දසාවේ පලාපල - 2

* කේතු මහ දසාවෙදි පුද්ගලයෙකුට හිමි වන පොදු පලාපල මෙසේය.

● කේතුගේ මහ දසාවේ කේතු අතුරු දසාව - මාස 4 දින 27

එම මහ දසාව තුල පුද්ගලයා ශරීර ශක්තියෙන් දුර්වල වීම, කරන කියන කටයුතු කඩාකප්පල් වීම, යක්ෂ ප්‍රේත උපද්‍රව වලට ගොදුරුවීම ආදිය සිදුවෙයි.

● කේතු මහ දසාවේ සිකුරු අතුරු දසාව - අවු 1 මාස 2කේතුගේ කේතු අතුරු දසාව තරම්ම නරක නොවේ. නමුත් සමහරවිට කාන්තාවන්ට නම් ගර්භාෂය ආශ්‍රිතව සහ මුත්‍රා අමාරුද, පුරුෂයන්ට කාන්තාවන්ගෙන් යම් හිරිහැරද, ශුක්‍ර ධාතුව හීන වීම ආදි රෝගද ඇතිවිමට පුලුවන.

● කේතු මහ දසාවේ  රවි අතුරු දසාව - මාස 4 දින 06
අක්ෂි ආබාධ සහ උෂ්ණාධික රෝග, ලේ විෂවීම් ආදියද ඇතිවිමට පුලුවන.

● කේතු මහ දසාවේ සදු අතුරු දසාව - මාස 7
ලෙඩ රෝග ඇතිවිම, මව්ට අසනීප වීම, තමන්ටද සෙම් වැනි රෝග ඇතිවිය හැක. කුඩා දරුවන්ට සමහරවිට වලිප්පුව වැනි දරුණු රෝග ඇතිවිමට පුලුවන.

● කේතු මහ දසාවේ කුජ අතුරු දසාව මාස 4 දින 27
මේ කාලය ඇඟේ ලේ කෝපවන, ලේ විෂවන කාලයකි. කලකෝලහල වලට ගොදුරු වෙයි. ශරීර ශක්තිය හීන වෙයි. අජීර්ණයට පත්වෙන රෝගද ඇතිවිමට ඉඩ ඇත.

● කේතු මහ දසාවේ  රාහු අතුරු දසාව - වසර 1 දින 18
මෙම කාලයෙදි යක්ෂ ප්‍රේත බය මෙන්ම, විසකුරු සර්පයන්ගෙන්, සතුන්ගෙන් පවා හානි සිදුවිමට ඉඩ ඇත. සිහි විකලයෙන් මෙන් කල්පනාව අඩුවෙන් වැඩ කිරිමට කටයුතු කරන කාලයක් විය හැක. රැකියාව අහිමි විය හැක. විවාහය ගත කරන අයට බොහෝ ගැටළු උපද්‍රව වලට මුහුණ පෑමට සිදුවිය හැක.
තවද යම් ආකාරයකට අවුල් වියවුල් ඇතිවේ.

● කේතු මහ දසාවේ ගුරු අන්තරය මාස 11 දින 06
මෙය හොද කාලයකි. විශේෂයෙන්ම කරන කියන කටයුතු සාර්ථක වී දියුණුවද ඇතිවෙයි. එසේම ඉගෙන ගන්නා ළමයින්ට හොදයි. නැති වී ගිය සියලුම දේවල් යම් ආකාරයකට එකලස් වීමට පුලුවන්.

● කේතු මහ දසාවේ සෙනසුරු අතුරු දසාව - වර්ෂ 1 මාස 01 දින 09

මේ කාලය  ඉතාම අශුභ කාලයකි. විවිධාකාරයෙන් කරදර උපද්‍රව මෙන්ම විවිධ වූ ප්‍රශ්න උපද්‍රව ඔබගේ ජිවිතයට පැමිණීමට පුලුවන. නරකම කාලයකි.

● කේතු මහ දසාවේ බුධ අන්තරය - මාස 11 දින 27කි.

මේ කාලය ඔබට කිසියම් ආකාරයකට හොද කාලයකි. එය ඉතාමත්ම හොද වන්නේ, ඔබගේ උනන්දුව සහ උත්සහය මතය. ඉගෙන ගන්නා දරුවන්ට හොද බව කිව යුතුය. ලොකු වරදක් නොමැත. 

No comments:

Post a Comment