Friday, December 29, 2017

2018 වසර ලග්න 12ට පොදුවේ,



-
පොදු පලාපලයක් පමණි !
-

● මේෂ
ආර්ථිකය -
තම ආර්ථික තත්ත්වය අඩු වැඩි නොවන ලෙස පවත්වා ගෙන යාමේ හැකියාව ඔබට මෙම වසරේ  ලැබිමට ඉඩ ඇත. දියුණුව සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග  සාර්ථක වීමේ ප්‍රවණතාවක් මෙම කාලයේ දැකිය හැක.
රැකියාව -
මෙතෙක් ප්‍රමාද ව තිබූ රැකියා ලැබීමට ඉඩ ඇත. මෙතෙක් ප්‍රමාද ව තිබූ තනතුරු වරප්‍රසාද ලැබීමට ද වැඩි ඉඩක් ඇති කාලයකි. රැකී රක්ෂා වල මෙතෙක් තිබූ කරදර බාධක තත්වයන් ඉවත් වී යාමට ද ඉඩ ඇත.
ගෘහ ජීවිතය -
නිවාස ඉදිකිරීමට ඉදි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු මල් ඵල ගැන්වෙන කාලයකි. තම පවුල තුළ තිබූ සුළු සුළු සිත් අමනාපකම් දුරු කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
අධ්‍යාපනය සහ සෞඛ්‍යය-
ඔබගේ අධ්‍යාපන තත්ත්වය පෙරට වඩා සාර්ථක කර ගැනීමටද, උසස් අධ්‍යාපන කටයුතු මනා ලෙස ඉදිරියට පවත්වා ගෙන යාමටද හැකියාව ලැබීමට ඉඩ ඇත. පපුවේ අසනීප වැඩිපුර ඇති වීමට ඉඩ ඇති කාලයකි.
       -

● වෘෂභ
  ආර්ථිකය -
ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපල තත්ත්වය පැවතීම හේතුවෙන් ඔබට ආර්ථික අපහසුතා ඇති විය හැක. මෙතෙක් පැවති ආදායම් තත්වය තරමක් දුරට අඩු වී යෑමට ඉඩ ඇත. එහෙත් වසරේ අග භාගය වන විට යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
රැකියාව -
රැකියා ස්ථානයේ තිබෙන ගැට‍ළුදායක තත්ත්වයන් වැඩිවීමට  ඉඩ ඇත. රැකියා ලබාගැනීමට  බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සඳහා තරමක් යහපත් කාලයක් උදා විය හැක. ඇති වී තිබෙන ගැටලුව නිරාකරණය කර ගැනීමට යම් පියවරක් ගැනීමට සිදු වේ.
ගෘහ ජීවිතය -
ගෙදොර ඉඩකඩම් වල හිමිකම් ලබාගැනීමේ දී ගැටලු ඇතිවීමට ඉඩ ඇත. සහෝදර සහෝදරියන් අතර හොඳ හිත තරමක් පළුදු විය හැක.
අධ්‍යාපනය සහ සෞඛ්‍යය -
අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමට හැකි කාලයක් විය හැක. එහෙත් උසස් අධ්‍යාපනයට වරම් ලබන දරුවන් ගේ අධ්‍යාපන කටයුතු වලට තරමක් බාධා ඇති විය හැක. උගුර ආශ්‍රිත රෝග සෙම් රෝග බහුලව වැලඳිය හැක.

    -

● මිථුන
  ආර්ථිකය -
යහපත් ආර්ථික තත්ත්වයක් පවත්වා ගෙන යාමට හැකියාව ලැබිමට ඉඩ ඇත. නමුත් වසර අවසාන කාලයේ ආර්ථික අපහසුතා ඇති විය හැක. ඉතා කල්පනාකාරීව කටයුතු කල යුතුය.
රැකියාව -
රැකියා ස්ථානයේ කටයුතු කරන ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබිය හැක. රැකියා වලට ඉල්ලුම් කරන තරුණ තරුණියන්ට යහපත්  රැකියා ලැබීමට වැඩි ඉඩක් ඇත. රැකියා ස්ථානයේ ගැටලු විසඳා ගැනීමට ඉඩ ලැබෙන කාලයක් විය හැක.
ගෘහ ජීවිතය -
ගේ දොර ඉඩකඩම් පිළිබඳව තිබූ ගැටලු විසඳා ගැනීමට ඉඩ ලැබිය හැක. ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
අධ්‍යාපනය හා සෞඛ්‍යය -
ඉගෙනීම් කටයුතුවලට ඇති උනන්දුව වැඩිවීමට ඉඩ ඇත. ඒත් උසස් අධ්‍යාපනයේදී තරමක් බාධා ඇති වීමට ද ඉඩ ඇත. දත්  සහ ඇස් වල අසනීප බහුලව ඇති වීමට ඉඩ ඇත.


   -
● කටක
  ආර්ථිකය   -
තිබෙන ආර්ථික අපහසුතා වලට විසඳුම් සොයා ගැනීමට ඉඩ ලැබිය හැක. බලාපොරොත්තු ආර්ථික ඉලක්ක කරා යොමු වීමට හැකියාව ලැබෙන කාලයකි.
රැකියාව -
රැකියා ස්ථානයේ තිබූ කරදරකාරී තත්වයන් වලට විසඳුම් සොයා ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත. කාර්මික ක්ෂේත්‍රයේ රැකියා වල නියුතු අයට සුබ පල ගෙන දෙන කාලයක් විය හැක.
අධ්‍යාපනය සහ සෞඛ්‍යය -
අධ්‍යාපන කටයුතුවල පෙර පැවති බාධාකාරී තත්වයන් අවම වී යයි. කාලයකි. උසස් අධ්‍යාපනයටද වරම් හිමි වන කාලයක් විය හැක.
උදරාබාධ  සහ හිසේ කැක්කුම් බහුලව ඇති වීමට ඉඩ ඇත.


    -
● සිංහ
ආර්ථිකය -
ආදායම් මාර්ග වලට බාහිර කරදර ආර්ථික අපහසුතා ඇතිවීමට ඉඩ ඇත. වසර අවසානයේ සාමාන්‍ය ආදායම් තත්ත්වයක් බලාපොරොත්තු වීමට හැකි කාලයකි. ආදායම් මාර්ගවල මාර්ග වල තිබෙන ගැටළු නිරාකරණය කර ගැනීමට වග බලා ගත යුතුය.
රැකියාව -
තමන් කරගෙන යන  රැකියා කර්මාන්ත වලට බාහිර බලපෑම් එල්ල විය හැක. කල්පනාකාරීව කටයුතු කල යුතුය.  රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය -
ගේ දොර සමගියට තිබූ බාධා ඉවත් විය හැක. තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතා ඇති වීමට හෝ තිබෙන සබඳතා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
අධ්‍යාපනය සහ සෞඛ්‍යය -
තම අධ්‍යාපන කටයුතු වලට තරමක් බාධා ඇති වීමට ඉඩ ඇති කාලයකි. අධ්‍යාපන කටයුතු වලද යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට පෙරට වඩා වෙහෙසීමට සිදු විය හැක.  එහෙත් ලෙස වසර අවසාන කාලය වන විට යහපත් ප්‍රතිඵල භුක්ති විඳීමට ඉඩ ලැබේ. මානසික ආතතිය වැඩි වීමට ඉඩ ඇත.


-

● කන්‍යා 
  ආර්ථිකය  -
මෙම වසරේ තම ආදායම් තත්ත්වය වර්ධනය විය හැකි අතර ඔක්තෝම්බර් වනතුරු සුබ පල  ගෙන දීමට ඉඩ ඇත. ඉතුරුම් ධනය වැඩි කර ගැනීමට සහ ඉතිරි කර ඇති ධනයෙන් යම් ප්‍රතිඵලයක් ගැනීමට අවස්ථාවක් උදා විය හැක. 
රැකියාව -
උසස් වීම් තරග විභාග ආදියට යොමු වීමට උත්සාහ දැරූ අයට ඒ සඳහා අවස්ථා උදා විය හැක.  කරන රැකියාවට තිබූ බාධා ඉවත් වේ. නව රැකියා සොයන අයට තමන්ට සුදුසු රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත. 
ගෘහ ජීවිතය - 
තම ගමන් බිමන් වැඩිවිමටද  පදිංචිය වෙනස් වීමටද කරුණු යෙදීමට ඉඩ ඇති කාලයක් විය හැක. පවුලේ සමගිය වර්ධනය විය හැක. නව මිතුරන් මුණගැසීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක. 
අධ්‍යාපනය සහ සෞඛ්‍යය - 
දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වර්ධනය විය හැක. උසස් අධ්‍යාපනයෙදි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන කාලයක් විමට ඉඩ ඇත. සෙම් අමාරු මානසික පීඩා ඇරුණු කොට තදබල අසනීප නො යෙදේ.      
     
   - 


● තුලා 
ආර්ථිකය - 
සමාජ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට ඉඩකඩ ලැබෙන කාලයක් විය හැක. තම ආදායම් මාර්ග වල මෙතෙක් තිබූ බාධා ඉවත් වීමට ඉඩ ඇත. නව ආදායම් මාර්ග වලට යොමු වීමට හැකියාව ලැබෙන කාලයකි. 
රැකියාව -  
රැකියාවේ ස්ථාන මාරු වීමට හෝ වෙනස් වීමට ඉඩ ඇත. නව රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කර රැකියාවේ තිබෙන ගැට‍ළුදායක තත්වයන් නිරාකරණය කර ගත යුතුය. 
ගෘහ ජීවිතය -  
ගේ දොර දියුණුව පිළිබඳ පෙරට වඩා වෙහෙසීමට සිදු වන කාලයක් වීමට ඉඩ ඇත. ඉඩම් හා නිවාස වල උරුම කම් හිමිකම් ලබා ගැනීමට උත්සාහ දරන අයට මෙම වසර යහපත් වීමට ඉඩ ඇත. 
අධ්‍යාපන සහ සෞඛ්‍යය - 
දරුවන්ගේ අධ්‍යාපන තත්වයට පෙර තිබු බාධා ඉවත් වීමට ඉඩ ඇත. අධ්‍යාපනය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන්න කාලයක් වීමට ඉඩ ඇත. කොඳු ඇට පෙළ ආශ්‍රිත අසනීප වැළඳීමට ඉඩ ඇත. 

  -
● වෘශ්චික 
ආර්ථිකය -
ලග්න ඒරාෂ්ටක තත්ත්වය අවසන් වසර 2 හමාර දැනට ගත කරමින් සිටින ඔබට. මෙම වසරේ වියදම තරමක් අධික වීමට ඉඩ ඇත. වියදම තරමක් පාලනය කර ගැනීම තුළින් යහපත් ආදායම් තත්වයක් උදා කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. නිවාස ඉඩම් මිල දී ගැනීමට අවස්ථා උදා විය හැක. 
රැකියාව - 
රැකියාවේ තිබූ බාධා සියල්ල ඉවත් වී යාමට ඉඩ ඇත. විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු සඵල වීමට වැඩි ඉඩක් ඇත. රැකියා සොයන තරුණ තරුණියන් ගේ සිහින සැබෑ වීමට ඉඩ ඇත. 
ගෘහ ජීවිතය -  
ගෙදර සමගිය වර්ධනය විය හැක.  ගුරු දශාව ගත කරන අයට ගෘහ ජීවිතය සම්බන්ධ කරුණු කාරණා වල දී වැඩි වශයෙන් සුබ පල ලැබීමද ඉඩ ඇත. 
අධ්‍යාපනය සහ සෞඛ්‍යය -  
මෙම වසර මුල් කාලයේ දී අධ්‍යාපනය ලබන දරුවන් ගේ අධ්‍යාපන කටයුතුවලට තරමක් බාධා ඇති වුවද ඔක්තෝම්බර් මාසයෙන් පසුව එම තත්ත්වය සමනය විය හැක. දත් වල අසනීප, සෙම් අමාරු ඇතිවීමට ඉඩ ඇත. 


     - 
● ධනු 
ආර්ථිකය -
ලග්න ඒරාෂ්ටක අපල තත්වය ඉදිරියට වසර 5ක කාලයක් බල පවත්වයි. වැඩිදුර නොසිතා ගනු ලබන තීරණ වලින් ආදායම් මාර්ග වලට  පාඩු සිදු වීමට ඉඩ ඇත. දෙවරක් සිතා බලා තම වැඩ කටයුතු කිරීම තුල මෙම අසුබදායක තත්වය පාලනය කර ගත හැක. නව ආදායම් මාර්ග වලට යොමු වීම නොකල යුතුය. 
රැකියාව - 
රැකියා ස්ථානය තුළ නොසිතූ  ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත. එම නිසා රැකියාවේ ද බාධා ඇතිවීමට ඉඩ ඇත. නව රැකියා ලැබිමට ඇති ඉඩ කඩ අඩු කාලයකි. රැකියා ස්ථානයේ තීරණ ගැනීමේ දී ප්‍රවේසම් විය යුතුය. 
ගෘහ ජීවිතය -
නිවාස ගේ - දොර පිළිබඳ තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වන කාලයක් වීමට ඉඩ ඇත. පවුලේ සමගිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමට සිදුවන  කාලයක් වීමට ඉඩ ඇත. 
අධ්‍යාපනය සහ සෞඛ්‍යය -
අධ්‍යාපනයේ මෙතෙක් තිබූ ගැටලු බාධා ඉවත් වී යාමට ඉඩ ඇත. ඔබගේ  අධ්‍යාපනයට අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගැනීමට සිඳුවේ. හිස ආශ්‍රිත අසනීප වලට ගොදුරු වීමට ඉඩ ඇත. 

    - 
● මකර 
ආර්ථිකය -
ලග්න ඒරාෂ්ටක තත්වය ආරම්භ උවද  බුධ, සිකුරු දශා ගත කරන අයට යාන වාහන මිල දී ගැනීම් ඉඩකඩම් මිලදී ගැනීම් ගැනීමට අවස්ථා උදා විය හැක. ආර්ථික තත්ත්වය තව තවත් වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා විය හැක. 
රැකියාව -  
රැකියාවේ  මෙතෙක් ඉදිරියට යාමට තිබූ බාධා ඉවත් වීමට ඉඩ ඇත. එහෙත් වසර අවසානයේ තරමක් බාධා ඇතිවීමට ඉඩ ඇත. නව රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත. 
ගෘහ ජීවිතය - 
ගෘහ ජීවිතයේ මෙතෙක් කර ගෙන ආ වැඩ කටයුතු සාර්ථක ව ඉදිරියට කර ගෙන යාමට ඉඩ ලැබිය හැකි කාලයකි. පවුලේ සමගිය උදෙසා ගනු ලබන තීරණ සාර්ථක වීමට ඉඩ ඇත. 
අධ්‍යාපනය සහ සෞඛ්‍යය - 
අධ්‍යාපන තත්ත්වය යම් දුර්වලතා පැවතියද බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් එම අසුබ පල දායක තත්වයන් නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත. උගුර සහ පපුව ආශ්‍රිත රෝගාබාධ ඇති වීමට ඉඩ ඇත. 

    - 
● කුම්භ 
ආර්ථිකය -
ආදායම් මාර්ග වල තිබෙන දුර්වලතා මඟ හරවා ගෙන, ආර්ථික වශයෙන් ඉහළට යාමට ඉඩ ලැබෙන කාලයක් විමට ඉඩ ඇත. නව ව්‍යාපාර හෝ ආදායම් මාර්ග ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සඳහා යහපත් වසරකි. 
රැකියාව -
තම රැකියා ආයතනයේ තිබෙන කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට වැඩිපුර වෙහෙසෙන කාලයක් වීමට ඉඩ ඇත. නව රැකියා බලාපොරොත්තු සිටින අයට යහපත් රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත. 
ගෘහ ජීවිතය -
ගෘහ ජීවිතයේ මෙතෙක් තිබූ කරදර බාධක වලින් මිදීමට හැකි වන කාලයකි. ඉදිරි අනාගතය උදෙසා පියවර රාශියක් ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත. 
සෞඛ්‍යය සහ අධ්‍යාපනය -
තම සෞඛ්‍යය තත්ත්වය සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගෙන  යාමට හැකි වුවද   කොන්ද ආශ්‍රිත අසනීප සහ ගෙල ආශ්‍රිත අසනීප ඇතිවීමට ඉඩ ඇත.
අධ්‍යාපන තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. 

   - 
● මින 
ආර්ථිකය -
  තම ආදායම් තත්ත්වය සමබරව  පවත්වා ගෙන යාමට ඉඩ ලැබෙන කාලයක් බැවින් දියුණුව උදෙසා තීරණ ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත. ණය හෝ මූල්‍යමය උපකාර ලබා ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වීමට ද ඉඩ ඇත. නව ආදායම් මාර්ග උදා විය හැකි කාලයක් වේ. 
රැකියාව -
තම රැකියාවල උසස් වීම් වෙනස් වීම් සිදුවීමට ඉඩ ඇති කාලයකි. එසේම තම වෘත්තිය ස්ථීර කර ගැනීමටද යම් ඉඩක් ලැබිය හැක. නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට රැකියා ඉල්ලුම් කිරීමට මෙන්ම ඉල්ලූම් කර ඇති රැකියා ලැබීමට ඉඩ ඇති කාලයකි. 
  ගෘහ ජීවිතය -
ගේ දොර වැඩ කටයුතු නිමා කර ගැනීමටද ඉඩ ලැබෙන විට නිවාස අලංකරණය සඳහා සිත යොමු වන කාලයක් වීමට ඉඩ ඇත. අසල්වාසීන් නෑදෑ  හිතමිත්‍රාදීන් ගේ ඇප උපකාර ලැබීමටත්,  ඔවුන්ට උදව් උපකාර කිරීමටත් ඉඩ ලැබෙන කාලයක් විය හැක. 
අධ්‍යාපනය සහ සෞඛ්‍යය - 
ඉගෙනුම ලබන දරුවන් ගේ අකීකරු කම් නිසා අධ්‍යාපන තත්ත්වයට බාධා ඇති වීමට ඉඩ ඇත. දණහිස් ආබාධ උදර ආබාධ ඇති වීමට ද ඉඩ ඇති කාලයක් වේ. 
     

Facebook ඉරු සේවය !

077 2238041
irusewaya@gmail.com

Monday, December 18, 2017

වසරේ අවසාන රවි මාරුව

 රවි ග්‍රහයා 2017/12/17 සිට 2017/01/17 දක්වා ධනු රාශියේ ගෝචර වේ.
-
ග්‍රහලොව  රජතුමා සැප දුක බැලීමට  පුරෝහිතයාගේ නිවසට පැමිණෙයි.  ලංකා කේන්ද්‍රයේ 11වැන්න වන ධනු රාශියට  රවි පැමිණ ශනි සමග සංයෝග වේ.  නුවණින් සහ  බුද්ධිමත්ව තීරණ  ගැනීමට හැකියාව සැමට ලැබීමට ඉඩ ඇත.
-

● මේෂ
මේෂ ලග්නයේ  9 වැන්නට  හිරු නොහොත් රවි පැමිණේ.
තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසීමට සිදු විය හැක.
නව රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වීමට ඉඩ ඇත. කරන රැකියාවේ බාධා ඉවත් විය හැක.
ගෘහ  ජීවිතයේ ගෙදර දොර වැඩකටයුතු වෙනුනේ වෙහෙසීමට සිදු විය හැක. සහෝදරයන්ගෙන් උදව්  උපකාර ලැබීමට ඉඩ ඇත.
-

● වෘෂභ
වෘෂභ ලග්නයේ 8 වැන්නට රවි පැමිණේ.
තම ආදායම් මාර්ගවල දුර්වලතා පෙන්නුම් කරන කාලයක් විය හැක. කල්පනාකාරී විය යුතුය.
කරන රැකියාවේද තරමක් විවිධාකාර සිදුවීම් සිදුවීමට ඉඩ ඇත. නව රැකියා  බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාද විය හැක.
ගෘහ ජීවිතයේ තරමක් කලබලකාරී ගති වැඩි වීමට ඉඩ ඇත. ප්‍රේම සබඳතා වල  ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත.
-
 

● මිථුන
මිථුන ලග්නයේ  7 වැන්නට රවි පැමිණේ.
ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි කාලයක් උදාවිමට ඉඩ ඇත.
රැකියාවෙ බාධාකාරී තත්වයන් තරමක් අඩු විය හැක. නව රැකියා උදාවිමට ඉඩ ඇත.
පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට  ඉඩ ඇත. ප්‍රීති උත්සව වලට සහභාගි විමට ඉඩ ලැබේ .
-

● කටක
කටක ලග්නයේ රවි 6 වැන්නට පැමිණේ.
ආර්ථික තත්වය තරමක් පහල බැසීමට ඉඩ ඇත ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කල හැකි කාලයක් විය හැක.
රැකියා ස්ථානයේද තරමක් ගැටලුකාරි තත්වයන් මතු විමට කරුණු  යෙදිය හැක.
ගෘහ  ජීවිතයේ වැඩිපුර තම පෞද්ගලික කරනු කාරනා වෙනුවෙන් වෙහෙසීමට සිදු විය හැක.
-


● සිංහ
සිංහ ලග්නයේ ලග්නාධිපති රවි 5 වැන්නට පැමිණේ.
මෙතෙක් තිබු කරදර බාධක තත්වයන් මග හැරී  යන තත්වයක් නිර්මාණය විය හැක.
නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට යහපත් කාලයක් උදාවිමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ  අධ්‍යාපනයට තිබු බාධා ඉවත් වීමට ඉඩ ඇත.උසස් අධ්‍යාපන වරම් ලැබිමට ඉඩ ඇත.

-
● කන්‍යා
කන්‍යා ලග්නයේ 4 වැන්නට රවි පැමිණේ.
වෙනදාට වඩා කලබල කාරි වැඩි වීම  නිසා වෙනදාට වඩා  ගැටලු ඇති විය හැක. නව ආදායම් මාර්ග උදාවිමට ඉඩ ඇත.
නව රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වේ. රැකියාව කාර්ය බහුල විය හැක.
  පවුල් ජීවිතයේ සමගියට බාධා මතු විය හැක. බැවින් කල්පනාකාරී වියයුතුය.
-


● තුලා
තුලා ලග්නයේ රවි 3 වැන්නට පැමිණේ.
තරමක් සුබ පල ගෙන දෙන කාලයක් විය හැක.  පෙර පැවති වියදම් තත්වය මග ඇරී යන තත්වයක් නිර්මාණය විය හැක.
රැකියාවෙ බාධාකාරී තත්වයන් තරමක් දුරට පහ වීමට ඉඩ ඇත. විදෙස් ගමන් යාමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.
ගෘහ ජීවිතයේ මෙතෙක් පැවති ගැටලු වලට විසඳුම් ලැබිමට ඉඩ ඇත.
-


● වෘශ්චික
වෘශ්චික ලග්නයේ  රවි 2 වැන්නට පැමිණේ.
ආදායම් මාර්ග වල දියුණුව උදෙසා පියවරක් ගැනීමට සිදු විය හැක. ව්‍යාපාර  වල දියුණුව උදා කර ගැනීමටත් අවස්ථාව යෙදෙනු ඇත.
රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වීමට ඉඩ ඇත. රැකියාව කාර්යබහුල විය හැක.
ගෘහ ජීවිතයේ   ඉගෙනීමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ විය හැක.
-

● ධනු
රවි ධනු ලග්නයේ ලග්නගත වේ.
  මූල්‍ය ගැටලු  විසඳාගත හැකි වීමට ඉඩ ඇත. ආදායම් මාර්ග වල අවහිරතා මග හැරීයාමට ඉඩ ඇත.
රැකියාවේ දියුණුව පෙන්නුම් කරන කාලයක් විය හැක.  උසස් විම් තරග විභාග ආදියෙන් නිසි පල ලබාගැනීමට ඉඩ ඇති කාලයක් විය හැක.
ඉඩකඩම් මිලදී  ගැනීම් වලට සුබ කාලයක් විය හැක.  පවුලේ සමගිය වර්ධනය  විය හැක.
-

● මකර
මකර ලග්නයේ 12 වැන්නට පැමිණේ.
පවතින ප්‍රශ්න ගැටලු වලට විසඳුම් සොයා ගැනීමට අවස්ථාව ලැබිය හැක. ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදීමට ඉඩ ඇත.
රැකියාවට තරමක් බාධා මතු විය හැක.  කල්පනාකාරී විය යුතුය.
ඉගනීමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ විමට ඉඩ ලැබෙන කාලයක් වේ.
-

● කුම්භ
කුම්භ ලග්නයේ 11 වැන්නට රවි පැමිණේ.
ව්‍යාපාර වලින් තරමක් වෙනදාට වඩා සාර්ථකව ඉදිරියට යාමට  හැකියාව ලැබිමට ඉඩ ඇත.
රැකියාවේ බාධා ඉවත් විය හැක. නව රැකියා උදාවිමට ඉඩ ඇත.
පවුල් ජීවිතයේ තිබු බාධා ඉවත් විය හැක. යහපත් මංගල යෝජනා  ඉදිරිපත් වීමට ඉඩ ඇත.
-


● මීන
මීන ලග්නයේ හිරු 10 වැන්නට පැමිණේ.
කලබලකාරී ගති නිසා ආදායම් මාර්ග වල  ගැටලු ඇති වීමට ඉඩ ඇත. නව ආදායම් මාර්ග  වලට යොමු නොවිය යුතුය.
රැකියාවට යහපත් කාලයක් උදා විය හැක. නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට යහපත් රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ නිවාස වල ඇති ගැටලු තත්වයන් විසඳා ගැනීමට පියවර ගැනීමට සිදු විය හැක.
-


#ඉරු

Sunday, December 17, 2017

සතියේ ලග්න පලාපලය


( දෙසැ 18 - 24)

_
 සඳු  මෙම සතියේ වෘශ්චික - ධනු-  මකර යන රාශිවල ගමන් කරයි.
-
පොදු පලාපලයක් පමණි !

-

●  මේෂ
ආදායම් තත්වය වර්ධනය කර ගැනීමට ඉඩ ලැබිය හැක.  විදෙස්ගත විමට උත්සාහ දරන අයට  සුබ පල ගෙන දෙන කාලයක් විමට ඉඩ ඇත.        
       රැකියාවේ ආයතන ප්‍රධානීන්ගේ පැසසුම් ලැබිමට ඉඩ ඇත. නව රැකියා ලැබිමට ද ඉඩ ඇත.
ගේ දොර සමගිය අති වීමට ඉඩ ඇත.  සහෝදරියන් වෙනුවෙන් කැපවීමට සිදුවේ.
-

● වෘෂභ
මුදල් ඉපයීමට ඔබ ගනු ලබන තීරණ වලින් යහපත් ප්‍රතිඵල ලැබිමට ඉඩ ඇත. නව ආදායම් මාර්ග උදාවෙයි.
නව රැකියා සොයන අයට සහ ඉල්ලුම් කර ඇති අයට ඒ සඳහා යහපත් කාලයක් උදාවිමට ඉඩ ඇත.
  පවුලේ සමගියට තිබු බාධා ඉවත් වී යාමට ඉඩ ඇත. අසල්වැසියන් සමග සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමටද හැකි කාලයක් වේ.
-

● මිථුන
ආදායම් මාර්ගවලට යොමු වීමට උත්සහ දරන අයට ඒ සඳහා තිබු බාධාවන් අඩුවී යා  හැකි සතියකි.
රැකියා ස්ථානයේ තිබු කරදර වලින් නිදහස් වීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. නව රැකියා උදාවිමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ මිතුරු සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථා යෙදෙනු ඇත. පවුලේ සමගියට තරමක් බාධා මතු වීමට ඉඩ ඇත.
-

●කටක
නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබීමට ඉඩ ඇත.  ව්‍යාපාර ලෝකයේ   නව  පියවරක් ගැනීමට හැකි වේ. අනෙක් අය වෙනුවෙන් මුදල් වැය කිරීමට අවස්ථා උදා වේ.
රැකියා ස්ථානයේ  නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
ගෘහ ජීවිතයේ ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැට‍ළු ඇති විය හැක. පවුලේ අනෙක් අය වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.
-

●සිංහ ලග්නය
කල්පනාකාරී විය යුතුය, මූල්‍ය කළමනාකරණයේ පාඩු පෙන්වයි. ආදායම් මාර්ග වලට යොමු වීමට අවශ්‍ය සහයෝගය අන් අයගෙන්   ලැබිය හැක.
රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදාවෙයි. රැකියාවල නියුතු අයට තමන්ට යෙදුණ ගැට‍ළු විසඳා ගැනීමට ඉඩකඩ යෙදෙනු ඇත.
ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබිය හැක.  ගෙදර පරිසරය අලංකාර ලෙස  තබා ගැනීමට උනන්දු වේ.
-


●කන්‍යා
නව ආදායම් මාර්ග උදාවිමට ඉඩ ඇති සතියකි. උත්සාහයෙන් ආර්ථික මට්ටම ගොඩ නගාගැනීමට සිදුවේ.
රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වේ. රැකියාවේ දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.
වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් විය හැක. විවාහය පිළිබඳ තීරණ ගැනීම් වලට ද අවස්ථා උදා විය හැක.
-


● තුලා
ආදායම් මාර්ග වලින් තමන්ට සිතු පැතූ ආකාරයට ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනාව තිබුණ ද, කලබල ගති වැඩි වීම නිසා තරමක් ප්‍රශ්න  ගැට‍ළු මතු වීමට ඉඩක් ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ඵල ලැබීම අඩු විය හැක. දුර ගමන් වලින් පාඩු සිදුවීමට හේතු ඇත. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබීමේ වාසනාව පවති.
ගෘහ ජීවිතය තුල පෙම් සබඳතා වලින් තමන්ට ගැට‍ළු ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. ඒවා විසඳා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය.

-

● වෘශ්චික
දේපල ලාභ, ව්‍යාපාර දියුණුව මනාව සලසා ගැනීමට ද හැකියාව ඇති කාලයක් විය හැක. දුර බැහැර ගමන් වලදී ව්‍යාපාර සබඳතා පුළුල් කර ගැනීමේ වාසනාව පවති.
රැකියා කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යා හැක. තමන්ගෙ රාජකාරියට අමතරව පැවරුණු කටයුතු කිරීමට සිදුවිය හැක.
ගෘහ ජීවිතය තුල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යා හැක. අධ්‍යාපන කටයුතු වලට සුබයි.

-

● ධනු
වෙනදාට වඩා කලබලකාරී ගති පැවතුම් ඇති වීමට ද ඉඩක් ඇත. තරමක් දුරට මූල්‍යමය ප්‍රශ්න පැන නගින්නට ඉඩ ඇත.
රැකියා විරහිත අයට නව රැකියා අවස්ථා උදා විමට හේතු ඇත. රැකියා කරන අයට වෙනස්වීම් අපේක්ෂා කල හැක.
ගෘහ ජීවිතයේ තමන්ට විරුද්ධව සතුරු බලවේග මතු විය හැක. බුද්ධිමත් වන්න. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න.
-


● මකර
නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන්නේ නම් ඒ සදහා අවස්ථාවෙන් උදා වනු ඇත. ඉඩකඩම් වලට පැවති බාධාකාරී තත්වයන් මග හරවා ගත හැකි වෙන සේ කටයුතු කරන්න.
රැකියා කටයුතු වලදී ඇති වන බාධා තත්වයන් වලදී ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
සිතට තරමක් අසහනකාරී තත්වයන් ඉස්මතු විය හැක. අරමුණු කරා යාමට බාධා ඇති වන්නට ඉඩක් පවති. සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇත. ඒවා ජය ගැනීමට බුද්ධිමත් වන්න..

-
● කුම්භ
ආදායම් තත්වය යහපත් කර ගැනීමට වාසනාව පවති. ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර කරන අයට යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙන්නට ඉඩ ඇත.
රැකියා සොයන අයට නව රැකියා උදා වීමට ඉඩ ඇත. රැකියා කටයුතු වලට තිබෙන බාධාවන් ඉවත් වී යනු ඇත. තරග විභාග, උසස් වීම්, ඉගෙනීම් යනාදියට අවස්ථාවෙන් උදා විය හැක.
පෙම් සබඳතා වැඩි විය හැක. විනෝදයෙන් කාලය ගත වනු ඇත. දරුවන් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී විය යුතුය.
-

● මීන
නව ආදායම් මාර්ග වලට බාධා පැමිණීමට ඉඩ ඇත. ණය ලබාගැනීමට යාමේ දී ගැටලු  ඇතිවීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී වෙදාටත් වඩා කාර්යබහුල විය හැක.
රැකියා සොයන අයට අවස්ථාවක් උදා විය හැක. දුර පලාත් වල රැකියා සොයන අයට ඒ සදහා අවස්ථාවක් උදාවිමට හැක.
ගෘහ ජීවිතයේ තරුණ අයට විවාහ කටයුතු වලට ඇති උද්යෝගය ඇති වේ. මංගල යෝග මේ කාලයේ උදා වේ.
-


Facebook irusewaya

077 2238041
irusewaya@gmail.com

Wednesday, December 6, 2017

“ වාස්තු සහ බැඳුනු කරුණු “



● නිවසේ/ කාර්යාලයේ ප්‍රධාන දොරටුව නිතරම විවෘත කර තබන්න.
හැකි තරම් විවෘතව තබන්න. උදයේ කාලයේ විශේෂිතය. ජනේලද හිරු කිරණ මනාව පතිත වීමට විවෘත කිරීම වඩා උචිතය. එවිට හිතකර සුබදායක කිරණ නිවසට පැමිණෙනු ඇත. වසා තබන ගෙවල් වලට, අඳුරින් වැඩි ගෙවල් වලට නිතරම එන්නෙ අසුබ කිරණයි.
● අඳුර පිරි නිවාස වලට අමනුෂ්‍ය දෝෂද, ලෙඩ රෝගද බහුලය. හිරු කිරණ විෂබීජ විනාශ කරන නිසා ආලෝකය පිරි නිවෙස් වල ලෙඩ රෝග අඩුය.

● බුදුන් වඳින ස්ථානයේ සෑමවිටම බුදු පිළිමයට යටින් දේව රූප තබන්න. සම හෝ උස් තැන් වල නොතබන්න.
බුදුන් වඳින විට හොඳින් පිරිසිදු වී බුදුන් වඳින්න.

● පිරිත් රේඩියෝවෙන්/ ටීවි එකෙන්/ අන්තර්ජාලයෙන් අසනවාට වඩා තමාම සහ ගෙදර අය සමග එකතු වී සජ්ජායනය කිරීම ඉතා ගුණදායකය.
ගෙවල් වල භාවිතයට විශේෂයෙන් රතන සූත්‍රය, කරණීය මෙත්ත පිරිත, මහ පිරිත, ජිනපඤ්ජර පිරිත, සීවලී පිරිත, ධජග්ග සූත්‍රය, අන්තරාය නිවාරණ පිරිත, දස දිසා පිරිත, රත්න මාලා බන්ධන ගාථා, මොර පිරිත යනාදි මහානුභාවසම්පන්න පිරිත් වැදගත්ය.

-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

Sunday, December 3, 2017

සතියේ ලග්න පලාපලය - දෙසැ 4 සිට



-
සඳු මෙම සතිය තුල වෘෂභ - මිථුන - කටක. යන රාශි වල ගෝචර වේ.

-
පොදු පලාපලයක් පමණි !

-

● මේෂ
ආදායම් මාර්ග වලට වෙනදාට වඩා සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇත, ප්‍රවේසම්  විය යුතුය. නව ආදායම් මාර්ග වලට යොමු වීම නොකල යුතුය.
රැකියා  ස්ථානයේ බාධාකාරී සිදුවීම් තුලින් තම වැඩ කටයුතු එපා විමට ඉඩ ඇත.
පවුලේ සමගිය වර්ධනය වේ. වෙනදාට තිබූ කලබලකාරී ස්වභාවයක් අඩු වීමට ඉඩ ඇත.


           -
● වෘෂභ
ආර්ථික වශයෙන් සුබ පල ගෙන දෙන සතියක් වීමට ඉඩ ඇත. හදිසි ධන ලාභ  ලැබිමට ඉඩ ඇත. යාන වාහන මිල දී ගැනීම් වලට සුබ සතියකි
රැකියා ස්ථානයේ තමාට පැවරෙන වැඩකටයුතු නිසි වෙලාවට කිරීමට ඉඩ ප්‍රස්ථාව උදා  විය හැකි කාලයක් වෙයි.
පවුලේ අය සමග සමගියෙන් වැඩ කටයුතු කිරීමට ඉඩ ලැබේ. සිතට සහනයක් උදා වේ. වෙනදාට වඩා පවුලේ අයගෙන් උපකාර ලැබේ.
   
        -

● මිථුන
  තම ව්‍යාපාර ආදායම් මාර්ග වල මූල්‍යමය කටයුතු පාලනයේ දී වෙනදාට වඩා කල්පනාකාරී විය යුතුය. ගැටලු ඇතිවීමට ඉඩ ඇත.
රැකියාවේ දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත. එම නිසා වෙනදාට වඩා තරමක් පීඩාකාරී විය හැක.
තම සහෝදරියන් සමඟ තරමක් ආරවුල් පෙන්නුම් කරන සතියකි. වැඩ කටයුතු කිරීමේදී  ප්‍රවේසම් විය යුතුය.


      -
● කටක
  තම බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටු වන කාලයකි. තම ආදායම් මාර්ගවලින් වෙනදාට වඩා සාර්ථක ප්‍රතිඵල ලඟා කර ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
රැකියා අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදා වේ. රැකියා කරන අයට තිබු බාධා අඩුවේ.
මංගල යෝග ක්‍රියාත්මක වීමට ඉඩ ඇති සතියකි. ප්‍රමාද වී තිබූ මංගල යෝජනා ස්ථිර වෙයි. හිතට සහනයක් ගෙන දෙයි.

 
    -
● සිංහ
   මූල්‍යමය ව්‍යාපාර වල යෙදී සිටින අයට වෙනදාට වඩා යහපත් ප්‍රතිඵල උදාවිමට ඉඩ ඇති සතියකි. ආදායම් මාර්ග ද වෙනදාට වඩා යහපත් විය හැක.
රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගෙන් වෙනදාට වඩා පැසසුම් ලැබීමට ඉඩ ඇත. රැකියා සොයන අයට  නව රැකියා උදා වේ.
දෙමාපියන්  සමග වෙනදාට වඩා ගැවසීමට ඉඩ ලැබිය හැක. පවුලේ සමගිය වර්ධනය වේ.

     -
● කන්‍යා    
 වෙනදාට වඩා තම වැඩ කටයුතු වැඩ කටයුතු ඉක්මන් කිරීමට යාම තුළින් තරමක් ගැට‍ළු  නිර්මාණය වීමට ඉඩ ඇත.
රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට නව රැකියා ප්‍රමාද කිරීමට ඉඩ ඇත. රැකියා කරන අයට තරමක් සුබ සතියකි.
තම පවුල වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදු වන කාලයකි. අසල්වැසියන් සමග වෙනදාට වඩා සමීප ව කටයුතු  කිරීමට ඉඩ ලැබිමට හැකිය.

   -
● තුලා
   තම ආදායම් මාර්ග දියුණු කිරීම උදෙසා නව පියවරක් ගැනීමට සුදුසු කාලයකි. ඉදිරිය ගැන සිතා වැඩ කටයුතු කිරීමට ඉඩ ඇති කාලයකි.
රැකියාවේ උසස් වීම් තරග විභාග ආදියට මුහුණ දීමට ඉඩ ප්‍රස්තාව ලැබේ. රැකියා සොයන අයට නව රැකියා උදා වේ.
තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස වීමට සිදු විය හැක. ආදර සම්බන්ධතා වල තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබේ.

   
  -
● වෘශ්චික
   මුදල් පරිහරණයේ දී ප්‍රවේසම් විය යුතුය. නැතහොත් ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත. තම ඉදිරි දියුණුව උදෙසා වැඩ කටයුතු කිරීමට සිදු වන සතියකි.
තම වැඩකටයුතු වලට ඇති සැලකිලිමත්භාවය අඩු වී යාම නිසා රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගෙන් දෝෂාරෝපණ එල්ල වේ.
තම අනාගත දියුණුව උදෙසා වැඩ කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත. මා පියන්ගේ ආශීර්වාදය හිමි වේ. පෙම් සබඳතා වලට ගැටලු ප්‍රශ්න ඇති වේ.

     -
● ධනු
    නව ආදායම් මාර්ගයක් හෝ  ව්‍යාපාර ආරම්භ කිරීමට සුබ කාලයක් වෙයි. වෙනදාට වඩා කැපවීමෙන් වැඩ කිරීමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ වෙහෙසකාරී බව වැඩි වේ. දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත. නව රැකියා සොයන අයට රැකියා ලැබිමට ඉඩ ඇත.
තම අසල්වාසීන් සමඟ සමග වෙනදාට වඩා සුහද ව වැඩ කිරීමට ඉඩකඩ ලැබිය හැකි කාලයකි. පවුලේ සමගියට තිබූ බාධා ඉවත් වේ.

    -
● මකර
ආදායම් මාර්ග වල පෙර තිබු කරදරකාරී බව අඩු වී  යහපත් කාලයක් උදාවිමට ඉඩ ඇත. නව ආදායම් මාර්ග වලට යොමු වීමට ඉඩ ලැබේ.
නව රැකියා සොයන අයට නව රැකියා  අවස්ථා ලැබිමට ඉඩ ඇත. රැකියාවේ තිබු කරදරකාරී බව අඩු වී යාමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබේ. ඉගනීම් කටයුතු වලට වෙනදාට වඩා උනන්දුව වැඩි කාලයකි.
   
-
● කුම්භ
   තමන් ගනු ලබන තීරණ තමන්ට වාසි සහගත ලෙස ගැනීමට ඉඩ ලැබේ.  එම නිසා තම වැඩ කටයුතු ඉතා ලෙසින් කර ගැනීමට හැකි වේ.
රැකියා ස්ථානයේ සතුරු කරදර අඩු  වීමට ඉඩ ඇත ස්ථාන මාරු පෙන්නුම් කරන කාලයකි. රැකියා සොයන අයට නව රැකියා උදා වේ.
තම දරුවන්ගේ කටයුතු නිසා කාර්ය බහුල කාලයක් උදාවිමට  ඉඩ ඇත. ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ.

   -
● මීන
  නිවාස ගේ දොර ඉඩකඩම් මිල දී ගැනීමට සුබ කාලයකි. ඉදිරි දියුණුව උදෙසා වැඩ  කටයුතු කිරීමට ඉඩ ලැබෙන කාලයකි.
තම රැකියාවේ ස්ථානය කැපී පෙනෙන ලෙස කටයුතු කිරීමට ඉඩකඩ ලැබෙන කාලයක් විය හැක. නව රැකියා ලැබේ.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලින් සහ තරඟ විභාග ආදියෙන් ජයග්‍රහණ ලැබීමට ඉඩ ඇති සතියකි. ප්‍රේම සබඳතා  වල ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත. කල්පනාකාරීව කටයුතු කලයුතුය.
  -

#ඉරු

Tuesday, November 28, 2017

“ සිකුරු මාරුව “


-

ග්‍රහ ලොව මනමාලිය වන සිකුරු ග්‍රහයා තම නිවස වන තුලා රාශියේ සිට කුජ ට හිමි වෘශ්චික රාශියට පැමිණේ.
 2017/11/27 සිට 2017/ 12/ 20 දින දක්වා එහි ගෝචර වේ.
-
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ  10 වැන්නට සිකුරු පැමිණියේය.  වායුගෝලයේ කැලඹීම වැඩි විය හැක.  තරමක් අවිනිශ්චිත කාලගුණ තත්ත්වයක් ඇති වීමටද ඉඩ ඇත.
-
ලග්න 12ට පොදුවේ මෙහෙමයි !

-
● මේෂ
  මේෂ ලග්නයේ 8 වැන්නට සිකුරු පැමිණියේය.
ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ. ආදායම් මාර්ග වල ගැටලු නිර්මාණය වේ. කල්පනාකාරී විය යුතුය.
රැකියාවට තරමක් බාධා මතු විය හැක. කල්පනාකාරී විය යුතුය. නව රැකියා ප්‍රමාද විය හැක.
ඉගනීමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ වීමේ දී ගැටලු නිර්මාණය විය හැක.

       -
● වෘෂභ
වෘෂභ ලග්නයේ 7 වැන්නට පැමිණියේය.
තම ආදායම් මාර්ග දියුණු  කර ගැනීම උදෙසා ගනු ලබන තීරණ පෙරට වඩා සාර්ථක විය හැක.
රැකියා ස්ථානයේ අනවශ්‍ය වැඩ වල නිරත වීමෙන් ගැටලු ඇතිවීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ තරුණ තරුණියන්ගේ ප්‍රේම සබඳතා වල තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වේ. නව ප්‍රේම සම්බන්ධතා ඇති වීමට ද ඉඩ ඇත.

    -

● මිථුන
මිථුන ලග්නයේ 6 වැන්නට සිකුරු පැමිණියේය.
තම ආදායම් මාර්ග වල ගැටලු නිර්මාණය වීමට ඉඩ ඇත. ආදායමට වඩා වියදමද වැඩි වන කාලයකි.
රැකියා ස්ථානයේ තමන්ගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් ගැටලු ඇති වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ පෙර පැවති නිදහස අඩු වීමට ඉඩ ඇත. පවුලේ සමගියට බාධා ඇති විය හැක.
 
-
● කටක
   කටක ලග්නයේ 5 වැන්නට සිකුරු පැමිණියේය.
මූල්‍යය ප්‍රශ්න විසඳා ගත හැක. ආදායම් මාර්ග වල අවහිරතා මග හැරී යාමට ඉඩ ඇත.
රැකියාවේ දියුණුව පෙන්වීමට ඉඩ ඇත. තරඟ විභාග ආදියෙන් ජය ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත.
පවුලේ සමගිය වර්ධනය  විය හැක. මංගල යෝග උදාවිමට ඉඩ ඇත.
 
    -

● සිංහ
     සිංහ ලග්නයේ 4 වැන්නට සිකුරු පැමිණියේය.
ආදායම් මට්ටම යහපත්ව පවත්වා ගෙන යා හැකි කාලයක් වීමට ඉඩ ඇත. පැවති ගැට‍ළු දායක තත්ව විසඳා ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත.
  රැකියා ලැබේ. රැකියාවේ කාලයක් තිස්සේ පවතී ගැට‍ළු දායක තත්වයෙන් වලට විසඳුම්  ලැබිමට ඉඩ ඇත.
පවුලේ සමගිය වර්ධනය විය හැක. විනෝද ගමන් වලට සහභාගිවීමට ඉඩ ලැබේ.


     -

● කන්‍යා
  කන්‍යා ලග්නයේ 3 වැන්නට සිකුරු පැමිණියේය.
  ආර්ථික තත්වය  වර්ධනය කර ගැනීමට පියවරක් ගත යුතු කාලයක් වේ. යාන- වාහන සම්බන්ධ ගැටලු නිරාකරණය කර ගත හැක.
රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ පැසසුම් ලැබිමට ඉඩ ඇත.  නව රැකියා උදාවෙයි.
ගෘහ ජීවිතයේ ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා උනන්දුව වැඩිවේ.

   -
● තුලා
  තුලා ලග්නයේ ලග්නාධිපති 2 වැන්නට  පැමිණියේය.
ව්‍යාපාර වල දියුණුව උදා කර ගැනීමටත් අවස්ථාව උදා විය හැක. ඉඩකඩම් මිල දී ගැනීමට අවස්ථා උදා විය හැක.
  සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ තරුණ තරුණියන්ගේ  ප්‍රේම සබඳතා වර්ධනය විය හැක.



  -

● වෘශ්චික
වෘශ්චික ලග්නයේ 1 වැන්නට/ ලග්නයට සිකුරු පැමිණියේ ය.
ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත් ව්‍යාපාර වල දියුණුව උදා කර ගැනීමටත් අවස්ථාව යෙදෙනු ඇත. එහෙත් ආදායමට වඩා වියදම වැඩි විය හැක.  කල්පනාකාරී විය යුතුය.
නව රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වේ. රැකියාව කාර්ය බහුල විය හැක.
ගෘහ ජීවිතයේ  ආදර සබඳතා වර්ධනය වේ. මංගල යෝග උදා වේ. බැහැර විනෝද ගමන් බිමන් යෙදෙනු ඇත.


     -
● ධනු
ධනු ලග්නයේ 12  වැන්නට සිකුරු පැමිණියේ ය.
ආදායම් මට්ටම තරමක් පහල යාමට ඉඩ ඇත.  මුදල් පරිහරණයේ දී ප්‍රවේසම් විය යුතුය.
රැකියාවට තරමක් බාධා  මතු වේ, කල්පනාකාරී විය යුතුය. නව රැකියා ප්‍රමාද විය හැක.
ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතුය. ආදර සබඳතා වලට බාධා මතු වේ.
   
-
● මකර
මකර ලග්නයේ 11 වැන්නට සිකුරු පැමිණියේ ය.
නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබීමට ඉඩ ඇත. ව්‍යාපාර ක්ෂේත්‍රයේ  නව  පියවරක් ගැනීමට සුබ කාලයකි. වාහන ලාබ ලැබේ.
නව රැකියා උදා වෙන කාලයකි. උසස් වීම් තරඟ විභාග වලට ඉදිරිපත් වීමට ඉඩ ලැබේ.
ගෘහ ජීවිතයේ  පවුලේ සමගිය වර්ධනය වේ. ඉගෙනීම් කටයුතු වල නව ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

    -
● කුම්භ
   කුම්භ ලග්නයේ 10 වැන්නට සිකුරු පැමිණියේ ය.
ආදායම් මාර්ග වල ආදායම පෙරට වඩා අඩු විය හැක.  ණය ලබා ගැනීමේ දී ගැටලුවක් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතුය.
රැකියා ස්ථානයේ තමන්ට වෙනදාට වඩා සැහැල්ලුවෙන් කටයුතු කිරීමට ඉඩ ලැබිය හැක.
ගෘහ ජීවිතයේ පවුලේ සමගිය වර්ධනය විය හැක.  පෙර පැවති ගැට‍ළු දායකත්වයක් ජයග්‍රහණය කර ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත.



   -
● මින
මීන ලග්නයේ 9 වැන්නට සිකුරු පැමිණියේ ය.
ආදායම් මාර්ග වල දියුණුව පෙන්නුම් කරන කාලයක් වේ. නව ආදායම් මාර්ග උදාවිමට ඉඩ ඇත.
රැකියාවේ පෙර තිබු ගැටලු නිරාකරණය වේ. නව රැකියා උදාවිමට ඉඩ ඇත.
පවුල් ජීවිතය තුල පීඩාකාරී තත්වයන් මග හැරී  යයි. සහෝදර සහෝදරියන් අතර සමගිය වර්ධනය විය හැක.

-

#ඉරු

Sunday, November 26, 2017

සතියේ ලග්න පලාපලය - නොවැ 27 සිට



-

සඳු මෙම සතිය තුල කුම්භ - මීන - මේෂ යන රාශි වල ගෝචර වේ.

-

පොදු පලාපලයක් පමණි !

-

● මේෂ
 ව්‍යාපාර ක්ෂේත්‍රයේ  ගත් පියවරක් සාර්ථක විය හැක.  නව ව්‍යාපාර අරම්භ කිරීමට  සුබ කාලයකි.  මුල්‍ය ආයතන වලින් ණය ලැබිමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ  උසස් වීමක් හෝ තරග විභාග ආදියට මුහුණ දීමට අවස්ථාවක් උදාවිමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ  මංගල යෝග උදා වේ. තම නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු විය හැක. ඥාතියන් අතර හොඳ හිත වර්ධනය විය හැක.

       -
● වෘෂභ
 බලවත් අයගෙ ඇසුරු කිරීමට ඉඩ ලැබිය හැක.  ඇප උපකාර හිමිවෙයි. නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබිමට ඉඩ ඇත. හදිස්සි ධන ලාබ ලැබිමට වැඩි ඉඩක් ඇත.
නව රැකියා සොයන අයට රැකියා අවස්ථා  උදාවෙයි. රැකියා කර්මාන්ත වල අවිවේකී   ගති වැඩි විය හැක. දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ ආදර සබඳතා වර්ධනය විය හැක. මංගල යෝග උදා වේ.  දෙමාපියන්ගේ අවවාද ලැබේ. මංගල යෝජනා ස්ථිර වෙයි.
    -

● මිථුන
දේපල පිලි බඳ ගැටලු නිරාකරණය කර ගැනීමට අවස්ථාවක් උදා විය හැක.  මූල්‍යය ආයෝජන කිරීමට යාමේ දී ප්‍රවේසම් විය යුතුය.
රැකියා සොයන අයගේ  රැකියා ප්‍රමාද වීමට ඉඩ ඇත.  රැකියා ස්ථානයේ කාර්ය  බහුල වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ පවුලේ අය වෙනුවෙන් වෙහෙසීමට සිදු වන කාලයක් වීමට ඉඩ ඇත. කලබලකාරි ගති වැඩි විය හැක.  සෙම් ආසාදන ඇති විය හැක.


   -
● කටක
ආදායම් මාර්ග වල සහ මූල්‍යය කලමනාකරන‍යේ සුලු අඩුපාඩු පෙන්නුම් කරන සතියක් විය හැක.  
රැකියාවේ,  කළමනාකරණ‍  ක්ෂේත්‍රයේ රැකියා වලට සුබ කාලයක් විය හැක. රැකියා ස්ථාන මාරු වීමක් පෙන්නුම් කරන කාලයකි.  නව රැකියා උදා වෙයි.
ගෘහ ජීවිතය තුල ආදර සබඳතා වර්ධනය විය හැක. මංගල යෝග උදා වේ. ඥාතීන් අතර හොඳ හිත වර්ධනය වීමට ඉඩ ඇත.
 
    -
● සිංහ

    ආදායම් මාර්ග ඇහිරීමට ඉඩ ඇත. ණය ගැනීමට සිදු වන කාලයක් විය හැක.  ණය ඉල්ලුම් කිරීමට හෝ ව්‍යාපාර සැලසුමි කිරීමට සුබ කාලයකි.
රැකියා සොයන අයට රැකියා ලැබීමට ඉඩ ඇත. රැකියා කරන අයගේ රැකියා ස්ථිර විය හැක.  ප්‍රධානීන් සමග ගැවසීමට අවස්ථා උදාවිමට ඉඩ ඇත.
පවුලේ සමගිය වර්ධනය වේ. තරුණ අයට යහපත් විවාහ යෝජනා ඉදිරිපත් වීමට ඉඩ ඇත.  නිෂ්ඵල ගමන් බිමන් වලට අවස්ථා උදාවිමට ඉඩ ඇත.


     -
● කන්‍යා
  මූල්‍යය  කලමනාකරන‍යේ ගැට‍ළු මතු විය හැකි සතියකි. ණය ලැබීම ප්‍රමාද විය හැක. මුදල් වැය වීම වැඩි  විය හැක. කල්පනාකාරීව කටයුතු කල යුතු වේ.
රැකියා කිරීමේදී තමන්ට පෙර  තිබු බාධා තරමක් ඉවත් වීමට ඉඩ ඇත. උසස් තරග විභාග ආදියට යොමු විමට අවස්ථාව උදා වෙයි. නව රැකියා උදාවෙයි.
ගෘහ ජීවිතය තුල ආදර සබඳතා වර්ධනය වීමට ඉඩ ඇත. මංගල යෝග උදා වේ. නිෂ්ඵල ගමන් බිමන් යෙදීමටඉඩ ඇත.


   
   -
● තුලා

   නව ව්‍යාපාර  ආරම්භ කිරීමට සුබ සතියකි. ව්‍යාපාර පරිපාලනයේ සුලු අක්‍රමිකතා මග හරවා ගැනීමට හැකි කාලයකි.
රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ පැසසුම් ලැබිමට හැකි   කාලයකි.  රැකියා සොයන අයට රැකියා ලැබිමට ඉඩ ඇත.
ආදර සබඳතා  වල ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අවස්ථාවක් උදා විය හැක.  අසල්වැසි  පිරිස් ඇසුරට අවස්ථා උදාවෙයි. දුර බැහැර ගමන් බිමන් යෙදෙනු ඇත.


  -
● වෘශ්චික

  ආදායම් මාර්ග වල ආදායම වැඩි කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. නව ව්‍යාපාර වල ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ඉඩ ලැබෙන කාලයක් විය හැක.
  සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වේ.  ආයතන ප්‍රධානින් සමග ගමන් යාමට සිදු විය හැක.
ගෘහ ජීවිතයේ  පවුලේ අයගේ සහයෝගය අඩු විය හැක. අධ්‍යාපන කටයුතු වලට  බාධා  මතු වීමට ඉඩ ඇත. මංගල යෝග උදා වේ.

     -
● ධනු
ආදායම් මාර්ග වල බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබීමට තරමක් බාධා මතු වීමට ඉඩ ඇත. නව ව්‍යාපාර  වලට යොමු වීමේ දී දෙවරක් සොයා බැලිය යුතුය.
රැකියාවේ කාලයක් තිස්සේ පැවති ගැට‍ළු දායක තත්ව විසඳා ගැනීමට ඉඩ ලැබිය හැක. නව  රැකියා  ලැබිමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබේ.   දෙමාපියන්ගේ ආශීර්වාද ලැබිමට ඉඩ ඇත.  

    -
● මකර
නව ආදායම් මාර්ග වෙත යොමු වීමට  ඉඩ ප්‍රස්ථාව හිමි වීමට ඉඩ ඇත. මෙතෙක් කාලයක් ගැනීමට අපහසුව තිබූ ක්‍රියා මාර්ග ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ තමන්ගේ දක්ෂතා පෙන්වීමට  ඉඩ කඩ ලැබිය හැක. නව රැකියා ලැබිමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ නිවාස  අලංකරණය සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා කාලය වැය කිරීමට සිදුවේ. උදරය ආශ්‍රිත රෝග ආබාධ ඇතිවීමට ඉඩ ඇත.

    -
● කුම්භ
ඉඩම් මිලදී  ගැනීමට  ද ව්‍යාපාර ණය ලබා ගැනීමට උදා වන සතිය සුබ සතියකි. ආර්ථික තත්වය  වර්ධනය  විය හැක.
රැකියාවෙහි උසස් වීම්  හෝ වෙනස් වීමක්  සිදු වන කාලයක් විය හැක. නව රැකියා සොයන අයට නව රැකියා උදා විය හැක.
ගෘහ ජීවිතයේ පිංකම්  කටයුතු සදහා වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. තුනටිය සම්බන්ධ රෝගාබාධ  ඇතිවීමට ඉඩ ඇත.
-

● මින
තම ආර්ථික තත්ත්වය වර්ධනය කර ගැනීම උදෙසා පියවර ගැනීමට සිදුවේ. ණය ගනුදෙනු වලදී ගැටලු ඇතිවීමට හැකි බැවින්, ප්‍රවේසම් විය යුතු ය.
රැකියා ස්ථානයේ කාර්යබහුල බව නිසා තමන්ට පැවරෙන වැඩ අතපසු වීමට ඉඩ ඇත. නව රැකියාවලට යොමු වීමට උත්සහ දරන අයගෙ උත්සාහය සාර්ථක වීමට ඉඩ ඇත.
සහෝදර සහෝදරයින් නිසා ප්‍රශ්න ගැටලුවලට මුහුණදීමට සිදු විය හැක. දෙමාපියන්ගේ අවවාද ලැබිමට ඉඩ ඇත.

-

Facebook ඉරු සේවය

077 2238041
irusewaya@gmail.com

Friday, November 24, 2017

“ බුධ මාරුව “



-
ග්‍රහ ලොව ගුරුතුමා වන ගුරුගේ  නිවසට/  ධනු රාශියට ශිල්ප හැදෑරීමට ග්‍රහ ලොවේ කුමාරයා වන බුධ ග්‍රහයා  පැමිණේ.
2017/11/23 සිට 2017/12/11 දක්වා ගුරු ගේ රාශියේ ගෝචර වේ.
ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ 11 වැන්නට බුධ ග්‍රහයා පැමිණේ.
ඉගෙනීමට උත්සාහ දරන කුඩා දරුවන්ට සුබ පල ගෙන දෙන කාලයකි. තවද රටේ ඇති අර්බුද ටික කාලයකට සමනය වීමටද ඉඩ ඇත.

-
● මේෂ
මේෂ ලග්නයේ බුධ  9 වැන්නට පැමිණේ.
තමන්ගේ ආර්ථික තත්වය තරමක් දුරට පහළ බැසීමට ඉඩ ඇත. ණය ගනුදෙනු වලදී ඉතා ප්‍රවේසම් විය යුතුය.
රැකියා ස්ථානයේ මෙතෙක් තිබූ කරදර බාධක අඩු විය හැක. නව රැකියා බලාපොරොත්තු වන අය ගේ බලාපොරොත්තු සඵල වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ පෙර පැවති අසමගිකම් සමනය වීමට ඉඩ ඇති කාලයකි. පිට කොන්ද ආශ්‍රිත අසනිප තරමක් වැඩි විය හැක.
     
-
● වෘෂභ
  වෘෂභ ලග්නයේ බුධ 8 වැන්නට පැමිණේ.
ඔබගේ ආදායම් තත්වයට සතුරු බලපෑම් එල්ල වීමට ඉඩ ඇති කාලයකි. නව ආදායම් මාර්ග වලට යොමු වීමේදී දෙවරක් සිතා බැලිය යුතුය.
රැකියා ස්ථානයේ දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත . රැකියා ස්ථානයේ කාර්යබහුල බව වැඩි විය හැක.
ගෘහ ජීවිතයේ විශ්වාසය පළුදු වීමට කාරණා යෙදිය හැක. ප්‍රේම සබඳතා වල ගැටලු ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇති කාලයකි.    

    -

● මිථුන
මිථුන ලග්නයේ බුධ 7වැන්නට පැමිණේ.
තරමක් බාධා ඇති වුවද තම ඉලක්ක ගත ආදායම් තත්වයන් කරා ලඟා විය හැක. නව ආදායම් මාර්ග උදා විය හැක.
නව රැකියා අවස්ථා බලාපොරොත්තුවෙන් සිටින අයට සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත.
ප්‍රේම සම්බන්ධතා වල තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත. පවුලේ සමගිය වර්ධනය වේ.


   -
● කටක
කටක ලග්නයේ බුධ 6 වැන්නට පැමිණේ.
   දුර දිග නොසිතා  ගනු ලබන තීරණ නිසා තම ආදායම් මාර්ග වලට පාඩු සිදු වීමට ඉඩ ඇත.
නව රැකියා අවස්ථා වලට යොමු විමට ඇති ඉඩ නැති විය හැකි කාලයකි.
ගෘහ ජීවිතයේ තමන් ගනු ලබන තීරණ තමන්ටම අවාසි සහගත වීමට ඉඩ ඇත.
 
    -
● සිංහ
සිංහ ලග්නයේ බුධ 5 වැන්නට පැමිණේ.
   ආදායම් මාර්ගවලට යොමු වීමේදී මෙතෙක් පැවති දුර්වලතා මග හරවා ගැනීමට හැකියාව ලැබෙන කාර්යයන් කිරීමට ඉඩ ඇත.
නව රැකියා සොයන අයට තම සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත. රැකියා කරන අයට වෙනදාට වඩා යහපත් කාලයක් උදා විය හැක.
ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබිය හැකි කාලයකි. දෙමව්පියන්ගෙන් පැසසුම් ලැබිමට ඉඩ ඇත.


     -
● කන්‍යා
  කන්‍යා ලග්නයේ බුධ 4 වැන්නට පැමිණේ.
  නිවාස ඉඩකඩම් ආශ්‍රිතව තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට වැඩි ඉඩක් ලැබිය හැක. ඉඩම් මිල දී ගැනීමට සුබ කාලයකි.
රැකියා කරන අයට උසස් වීම් තරඟ විභාග වලට සහභාගි වීමට ඉඩ ලැබේ.  නව රැකියා අවස්ථා උදාවීමට වැඩි ඉඩක් ඇත.
ගෘහ ජීවිතයේ සමගිය වර්ධනය විය හැකි කාලයකි.  දෙමව්පියන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවේ.

   
   -
● තුලා
තුලා ලග්නයේ බුධ 3 වැන්නට පැමිණේ.
  වචනය නිසා තමන්ට අවාසි සහගත සිදුවීම් සිදු විය හැකි කාලයකි.  ආර්ථික ගැටලු විසඳා ගැනීමට පියවරක් ගැනීමට  සිදු විය හැක.
රැකියා ස්ථානයේ වෙනදාට වඩා ගැටලු ඇති විය හැක.  රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ දෝෂාරෝපණ එල්ල වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ සමගියට බාධා පැමිණීමට ඉඩ ඇත. යහපත් මංගල යෝග උදා වේ.


  -
● වෘශ්චික
වෘශ්චික ලග්නයේ බුධ 2 වැන්නට පැමිණේ.  
  ආර්ථික ගැටලු නිර්මාණය විය හැක.  ආදායම් මාර්ග වලින් ලැබෙන ආදායම් තත්වය අඩු වන කාලයක් විය හැක.
රැකියා ස්ථානයේ ඇති වන ගැටලු වලට විසඳුම් සොයා ගැනීමට සිදුවනව.  නව  රැකියා ප්‍රමාද විය හැක.
ගෘහ ජීවිතයේ  අසල්වැසියන් සමග ගැටලු ඇති විය හැකි කාලයකි.  

     -
● ධනු
ධනු ලග්නයේ බුධ ලග්න ගතවේ.
  ආර්ථික මට්ටම යහපත්ව  පවත්වා ගෙන යාමට හැකි වේ. උත්සාහයෙන් ආර්ථික මට්ටම ගොඩ නගාගැනීමට සිදුවේ.
රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වීමට ඉඩ ඇත. රැකියාවේ දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.
වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් වේ. විවාහය පිළිබඳ තීරණ ගැනීම් වලටද අවස්ථා උදා විය හැක.

  -

● මකර
මකර ලග්නයේ බුධ 12 පැමිණේ.
මෙතෙක් පැවති ආදායම් මට්ටම තරමක් පහල යාමේ හැකියාවක් පවති. එහෙත් ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුවටත් කරුණු යෙදෙනු ඇත.
රැකියාවට තරමක් බාධා මතු වේ, කල්පනාකාරී විය යුතුය. රැකියා ස්ථානයේ මිතුරන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමේදී ප්‍රවේසම් විය යුතුය.
ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතුය. ආදර සබඳතා වලට බාධා මතු විය හැක.
   
-
● කුම්භ
කුම්භ ලග්නයේ බුධ 11 වැන්නට  පැමිණේ.
ආදායම් මට්ටම යහපත්ව පවත්වා ගෙන යාමට අපහසු තත්ව නිර්මාණය වේ. නිෂ්ඵල දේ වෙනුවෙන් කාලය හා මුදල් යෙදවීමට සිදු විය හැක.
රැකීරක්ෂා පිළිබඳ උනන්දුව අඩු වීම රාජකාරි අතපසු වීම් වැනි තත්ව  නිර්මාණය විය හැක. රැකියා සොයන අයට රැකියා ලැබීම ප්‍රමාද වේ.
ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා පොත්පත් කෙරෙහි යොමු වීම අඩු වේ. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා උදා විය හැකි කාලයකි.

   -
● මින
මීන ලග්නයේ බුධ  10 වැන්නට පැමිණේ.
දියුණුව වෙනුවෙන් පියවර ගන්නා කාලයකි. එසේම මුදල් නාස්තිය අවම කර ගැනීමට කටයුතු කල යුතුය.
රැකියාවට සුබ කාලයක් වීමට ඉඩ ඇත. ඉදිරියට යාමට තමන්ට පියවර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.
ගෘහ ජීවිතය තුල ඉක්මන් තීරණ ගැනීම ගැන සැලකිලිමත් විය යුතුය. විනෝදයට සිත යයි. පවුල් ජීවිතය තුල වෙනසක් ඇති වීමට ඉඩ ඇත.
   
  -

irusewaya

077 2238041
irusewaya@gmail.com

Monday, November 20, 2017

සතියේ ලග්න පලාපලය - නොවැ 21 සිට



- පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.

මෙම සතිය තුළ සඳු ග්‍රහයා වෘශ්චික- ධනු- මකර-  යන රාශිවල ගෝචරය වේ.
-

● මේෂ
ආදායම් මාර්ග වලින් සාර්ථක  ඵල ලබන්නට හැකියාව ඇත. හවුල් ව්‍යාපාර වලින් මතු වන බාධා අවම කර ගැනීමට ඉඩ සලසා ගැනීමට හැකි වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබිමට ඉඩ ඇත.  නව රැකියා ඉල්ලුම් කරන අයට ඒ සදහා අවස්ථාවක් උදා විය හැක.
ගෘහ ජීවිතය තුල සිතට සහනදායී කාලයක් උදා වනු ඇත. පෙර තිබුණු ගැටලුකාරී තත්වයන් මඟ හැරී යයි. උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කර වඩා දියුණුව ඇති කර ගත හැක.

_

● වෘෂභ
මුදල් අවහිරතා යෙදීමට ඉඩ ඇති අතර, එයින් තමන්ට පාඩු සිදු විය හැක. ණය ආදිය ගෙවා ගැනීමට යම් පියවරක් ගැනීමට සිදු විය හැක.
රැකියා කටයුතු මධ්‍යම ඵල සහිත විය හැක. රැකියා සොයන අයට සුදුසු මට්ටමේ රැකියා අවස්ථා උදා විය හැක.
ගෘහ ජීවිතය තුල ඉවසීම අඩු වී ඉක්මන් තීරණ ගත්තොත් තමන්ට අවාසි සහගත දේ වීමට ඉඩ ඇත. තරුණ අයට ගැළපෙන මංගල යෝග  උදා විය හැක.

_


● මිථුන
දියුණුව සම්බන්ධව කරන කටයුතු වලින් සාර්ථක ඵල ලැබෙන්නට ඉඩ අත. භූමිය සම්බන්ධ කටයුතු වලදී යහපත් ඵල ලබාගැනීමට ඉඩ ඇත.
නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට රැකියා ලැබිමට ඉඩ ඇත. රැකියා වෙනස් වීම්, තරග විභාග ආදියට ඉඩ සැලසෙනු ඇත. දුර බැහැර ගමන් යෙදීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබේ. පින් කටයුතු වලට සිත යොමු වීමට ඉඩ  ඇත.
_


● කටක
ආර්ථිකය  ගොඩ නගා ගැනීමට අවස්ථාවක් උදා විය හැක. ඉඩම් මිල දී ගැනීමේ දී  මුදල් සම්බන්ධ ප්‍රශ්න   ඇති විය හැක.
රැකියා කටයුතු වලදී තමන්ගේ රාජකාරි ස්ථානයේ වෙනදාට වඩා ප්‍රධානීන් සමග ගැවසීමට ඉඩ වැඩි අතර එයින් සුළු ප්‍රශ්න ඇති වීමට ද ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ පවුලේ සහෝදර සහෝදරියන් සමග තරමක් ගැටලුකාරී තත්වයන් පැන නැගීමට ඉඩ ඇති සතියකි.

_

● සිංහ
ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට නව පියවරක් ගැනීමට සිදු වන කාලයක් වීමට ඉඩ ඇත. තමන්ගේ ආදායම් මාර්ගය සංවර්ධනයට අවශ්‍ය කටයුතු සලසා ගැනීමට ඉඩකඩ ලැබෙන්නට ඉඩ ඇති සතියකි.
රැකියා දියුණුව ඇති කර ගැනීමට අවස්ථාවක් උදා විය හැක.  තමන්ට කිරීමට අපහසු රාජකාරි පවා කිරීමට සිදු විය හැක.
ගෘහ ජීවිතයේ  තුල ආත්ම විශ්වාසයෙන් යුතුව තම දෛනික කටයුතු වල යෙදීමට හැකියාව ලැබෙනු ඇත. පවුල් ජීවිතයේ අන් අය සමග පැවති සබඳකම් දුරස් වීමට ඉඩ ඇත. සුළු අනතුරු බාධා ඇති විමට ඉඩ ඇත.

_

● කන්‍යා
තමා ආදායම් මාර්ග වල වර්ධනයක් පෙන්නුම් කරන කාලයක් වීමට ඉඩ ඇත. මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීමට ලබා ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ඵල ලැබීම අඩු විය හැක. දුර ගමන් වලින් පාඩු සිදුවීමට හේතු ඇත. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබීමේ වාසනාව පවති.
ගෘහ ජීවිතය තුල පෙම් සබඳතා වලින් තමන්ට ගැට‍ළු ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. ඒවා විසදා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය. සෞඛ්‍ය තත්වය දුර්වල වීමට ඉඩ ඇත.

_

● තුලා
ව්‍යාපාර කරන අයට සුබ කාලයක් වීමට ඉඩ ඇත. නිෂ්පාදන භාණ්ඩ ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට සුබ ඵල ලැබෙන කාලයක් විය හැක.
රැකියා කටයුතු වලදී තමන්ට නිදහස අඩු වී යාම සිදු විය හැක. කාර්මික ක්ෂේත්‍ර වල කටයුතු කරන අයට සුබ ඵල ලැබිය හැක.
ගෘහ ජීවිතයේ අසල්වැසියන්  සමග කටයුතු කිරීමට අවස්ථා උදා වන්නට ඉඩ ඇත. මංගල යෝග උදා වෙයි.



_

● වෘශ්චික
ආදායම් මට්ටම තරමක් යහපත් වන්නට හේතු පවති. පෙරට ඉවසීමෙන් කටයුතු කිරීමෙන් දියුණුව මනාව සලසා ගැනීමට හැකියාව ඇත.
රැකියා කටයුතු සාමාන්‍ය පරිදි  කර ගෙන යා හැක. තමන්ගෙ රාජකාරියට අමතරව පැවරුණු කටයුතු කිරිමටද සිදුවිය හැක.
ගෘහ ජීවිතය තුල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යා හැක. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න.
  කලකිරීම් ඇති වීමට ඉඩ ඇත.

_

● ධනු
නව ආදායම් මාර්ග වල ගැටලු ඇතිවීමට ඉඩ ඇත. සේවක ගැටලු විසඳීමට  වැඩි  කාලයක් වැය කිරීමට සිදු විය හැක.
රැකියා විරහිත අයට නව රැකියා අවස්ථා උදා විමට හේතු ඇත. රැකියා කරන අයට වෙනස් වීම් අපේක්ෂා කල හැක.
පෙර පැවති ගෘහ ජීවිතයට පැවති බාධාකාරී තත්වයන් මග හැරිය හැක. තමන්ට විරුද්ධව සතුරු බලවේග මතු විය හැක. බුද්ධිමත් වන්න.
_

● මකර
ආදායම් තත්වය යහපත් කර ගැනීමට ඉඩ අති කාලයකි. නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන්නේ නම් ඒ සදහා අවස්ථාවක් උදා වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී ඇති වන බාධා තත්වයන් අවම කර ගැනීමට ඉඩ ලැබිමට හැකි කාලයකි. නව රැකියා ප්‍රමාද වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ තම අරමුණු කරා යාමට  බාධා ඇති වන්නට ඉඩක් පවති. සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇත. ඒවා ජය ගැනීමට බුද්ධිමත් වන්න.

_

● කුම්භ
ආදායම් තත්වය වර්ධනය වීමට ඉඩ ඇත. ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර කරන අයට යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකි කාලයක්  විය හැක.
රැකියා සොයන අයට නව රැකියා උදා වීමට ඉඩ ඇත. රැකියා කටයුතු වලට තිබෙන බාධාවන් ඉවත් වී යාමට ඉඩ ඇත.
පෙම් සබඳතා ඇති විය හැක. විනෝදයෙන් කාලය ගත වනු ඇත. දරුවන් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී විය යුතුය.

_

● මීන
නව ආදායම් මාර්ග වලට උත්සාහ කරන අයට ඒ සදහා ඉඩ කඩ වැඩි කාලයකි. ආර්ථික දියුණුව උදෙසා වැඩ කටයුතු කිරීමට ඉඩ ලැබේ.
රැකියා සොයන අයට සුදුසුකම්වලට සරිලන රැකියා ලැබීමට ඉඩ ඇත. රැකියා කරන අයට දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ සමගිය ඇති වේ. තරුණ අයගේ  විවාහ කටයුතු වලට ඇති උද්යෝගය වැඩි වේ. මංගල යෝග  උදා වේ.

Sunday, November 19, 2017

“ තාරා දේව මෑණියන් “



* සෝමාවතී බුදු රැස් ඔබ දැක තිබේද ?
ඔබ බුදු රැස් කියා සිතුවාට ඒවා සැබෑවටම තාරා දේව මෑණියන් විසින් ඇති කරන දේව රශ්මි මාලාය. සෝමාවතී පුදබිම අනුහස් සහිත සුවිශේෂි පුදබිමකි.

● සෝමාවතිය චෛත්‍ය රාජයාණන්වහන්සේ, බුදුන්වහන්සේගේ දකුණු දන්ත ධාතුන්වහන්සේ, ලලාට ධාතුන්වහන්සේ රකින්නෙ මූලිකව තාරා දේව මෑණියන් විසින්ය.පසුගිය කාලයටත් වඩා කුසල බලය වැඩි බැවින් දැන් සිටින්නෙ ඉහල ආකාශ තලයේය.

● තාරා දේව මෑණියන් යනු, වලගම්බා රජ සමයේ සිටි සෝමා දේවියයි.
රට ජාතිය පර සතුරන් අතින් විනාශ වන්නට ගිය අවස්ථාවේ, රජතුමා බේරාගැනීමට සතුරන්ට බිලි වී රටම රැකගත්තේ සෝමා දේවිය විසිනි.
ස්වකීය කුසල් බලය නිසා සෝමාවතිය පුදබිම ආරක්ෂා කරන්නට එතුමියට හැකියාව ලැබී තිබේ.
ඉතිහාසයෙන්,
(සෝමාවති චෛත්‍යරාජයා ඇතුළු පුදබිම මුලින්ම ඇති කර ඇත්තේ දුටු ගැමුණු මහරජුගේ පියා වූ කාවන්තිස්ස රජතුමා විසිනි. එකල එම ප්‍රදේශය පාලනය කර අභය රජුට තම සොයුරිය වූ සෝමාවති කුමරිය විවාහ කරදුන් කාවන්තිස්ස රජතුමා, ස්වකීය රාජ්‍යත්වය තහවුරු කරගැනීමටත්, රට ආරක්ෂා කරගැනීමටත් මෙම චෛත්‍යරාජයාණන්වහන්සේ කරවූ බව පිලිගැනේ)
තවද ඉතිහාසය ගැන සිතන්නේ නම්, සෝමා දේවිය යනු වලගම්බා රජතුමාගේ දේවියකි.වලගම්බා රජු යනු, දුටු ගැමුණු රජුගේ සොයුරු සද්ධාතිස්ස රජුගේ පුතාය.

● ඉතිහාස කතාව සහ සෝමාවතිය පුදබිම රකින තාරා මෑණියන් ගැන අදහස වරදවා වටහා නොගන්න. කතා 2කි. චරිත 2 සහ අවස්ථා සිද්ධි 2ක් ගැන විස්තර වේ.

irusewaya@gmail.com.
077 22 38041

Friday, November 17, 2017

“ රවි මාරුව “ ( දෙසැ 16 දක්වා)



ග්‍රහ ලොව අධිපති රවි ග්‍රහයා සිකුරුට හිමි, තුලා රාශියෙන් මිදී කුජට හිමි වෘශ්චික රාශියට පැමිණ,  බුධ සමග සංයෝග වේ.
  2017/11/16 සිට 2017/12/16 දින දක්වා ගෝචරය වෙයි.

ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ 10 වැන්නට රවි පැමිණේ. ජනතාවට සහනදායී කාලයක් උදාවිමට ඉඩ ඇත. තරමක් කාලගුණයද වෙනදාට වඩා යහපත් විය හැක.
-

● මේෂ
මේෂ ලග්නයේ හිරු 8 වැන්නට පැමිණේ.
  නව ව්‍යාපාර සැලසුම් කිරීමට සුබ කාලයකි. යහපත්  ආර්ථික මට්ටමක් පවත්වා ගෙන යාමේ දී  බාධා පැමිනේ.
රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් ගෙන් යම් ප්‍රතිඵලයක් ලැබීමට හැකි කාලයක්  වේ.
ගෘහ ජීවිතයේ උදරය ආශ්‍රිතව අසනීප ඉස්මතු වීමේ අවදානමක් ඇත.
 ගේ දොර සමගියට බාධා මතු විය හැක.

      _
● වෘෂභ
වෘෂභ ලග්නයේ රවි 7 වැන්නට පැමිණේ.
ආදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලැබීමට අවස්ථා උදා විය හැක. මූල්‍යය  ආයතන වලින් ණය ලැබිමට ඉඩ ඇත. එහෙත් මූල්‍ය කලමනාකරන‍යේ   පාඩු පෙන්වයි.
රැකියාව සොයන අයට සුබ රැකියා ලැබිමට හැකි කාලයකි. කරදර බාධක මග හැරී යයි. ප්‍රධානීන්ගේ  පැසසුම් ලැබිමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ පවුලේ  සුලු පවුල් ආරවුල් ඇතිවීමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කල යුතු වේ.
    _

● මිථුන
මිථුන ලග්නයේ රවි 6 වැන්නට පැමිණේ.
     ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. තරමක් වියදම වැඩි වන කාලයකි.
රැකියාවේ බාධා පැමිණිය හැක, ප්‍රශ්න වලට මුහුණ  දීමට සිදුවේ. නව රැකියා අවස්ථා උදා විය හැක.
  පවුලේ සමගිය වර්ධනය  වේ. සුව පහසුවෙන් සිටීමට හැකි කාලයක් වේ. මංගල කටයුතු ප්‍රමාද විය හැක.

   _
● කටක
කටක ලග්නයේ රවි 5 පැමිණේ.
    ණය ලැබේ. ආර්ථිකය යහපත් වේ. විශේෂ ආර්ථික දියුණුවක් ලැබීම හැකි කාලයක් වීමට ඉඩ ඇත. මෙතෙක් පැවති බාධා ඉවත් වේ.
රැකියා ස්ථානයේ ගැටලු නිරාකරණය විය හැක.  නව රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වේ. රැකියාව කාර්යබහුල වීමට ඉඩ ඇත.
පවුල් ජීවිතයේ සමගිය ඇතිවන කාලයක් වීමට ඉඩ ඇත. මංගල යෝග උදාවෙයි. ඉගෙනීම් කටයුතු වලට වෙනදාට වඩා අවධානයක් යොමු කල යුතු  කාලයක් විය හැක.

    _
● සිංහ
සිංහ ලග්නයේ ලග්නාධිපති 4 වැන්නට පැමිණේ.
    ආර්ථික ගැටලු විසඳා ගැනීමට  හැකි වේ. නව ආදායම් මාර්ග උදාවෙයි. ආර්ථික වාසි සැලසේ. නව ව්‍යාපාර සැලසුම් කිරීමට සුබ කාලයකි. තිබු බාධාවන් අඩු වී යයි.
නව රැකියා ප්‍රමාද කරයි. රැකියාව බාධා මැද කර ගෙන යාමට සිදු විය හැක.
පවුල් ජීවිතයේ සමගිය ඇතිවන කාලයක් විය හැක.  මංගල යෝග උදාවෙයි. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට සිදු වන කාලයක් විය හැක.


     _
● කන්‍යා
කන්‍යා ලග්නයේ රවි 3 පැමිණේ.
    නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබීමට ඉඩ ඇත. ව්‍යාපාර ක්ෂේත්‍රයේ  නව  පියවරක් ගැනීමට සුබ කාලයකි.  භූමිය සම්බන්ධ ව්‍යාපාර වලට සුබ කාලයක් විය හැක.
රැකියා  කරන අයට දියුණුව ලබා ගැනීමට හැකි වේ. රැකියාවේ  බාධාවන් අඩු වී යයි.
මංගල  උදාවෙයි. ඒවායේ ගැටලු විසඳා ගැනීමට හැකි වීමට  ඉඩ ඇත.

   
   _
● තුලා
  තුලා ලග්නයේ රවි 2 වැන්නට පැමිණේ.
ආදායම් මාර්ගවලට යොමු වීමට උත්සහ දරන අයට ඒ සඳහා  බාධා පැමිණේ.  නිවාස මිල දී ගැනීමට යොමු විමට  ඉඩ ඇති කාලයකි.
සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වීමට ඉඩ ඇත. රැකියාවේ උසස් වීමක්  හෝ වෙනස් වීමක් සිදු වන කාලයක් විය හැක.
පවුලේ  සමගිය වර්ධනය වේ. මිතුරන් ඥාතීන්   අතර හොඳ හිත වර්ධනය  විය හැක.

  _
● වෘශ්චික
වෘශ්චික ලග්නයේ රවි ලග්න ගත වේ.
ආර්ථික ගැටලු විසඳා ගැනීමට  හැකි වීමට ඉඩ ඇත. නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබේ. ව්‍යාපාර  ක්ෂේත්‍රයේ  නව  පියවරක් ගැනීමට සුබ කාලයකි.
රැකියාව කිරීමේදී තරමක බාධා පැමිණේ. කල්පනාකාරී විය යුතුය. නව රැකියා උදාවිමට ඉඩ ඇත.
තම පවුල තුල   වගකීම් වැඩි වේ. පවුලේ අයගේ සහයෝගය අඩුවේ, අනාගතය පිළිබඳ වැදගත් තීරණ කිහිපයක් ගැනීමට ඉඩ ඇත.



     _
● ධනු
ධනු ලග්නයේ රවි පැමිණෙන්නේ 12 වැන්නටය.
  නව ව්‍යාපාර ආරම්භ කිරීම  නොකල යුතුය. කල්පනාකාරී විය යුතුය.
රැකියාවේ බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබීමට හැකි කාලයකි. කාලයක් තිස්සේ පැවතී ගැට‍ළු  විසඳා ගැනීමට හැකි කාලයක් විය හැක.
  ඉගෙනීම් කටයුතු වලදී සැලකිලිමත් විය යුතුය.  පවුලේ සමගිය ඇතිවීමට ඉඩ ඇත .
 
_
● මකර
රවි මකර ලග්නයේ 11 වැන්නට පැමිණේ.
  වෙනදාට වඩා මුදල් වැය වීමට කරුණු යෙදෙනු ඇත.  වියදම් පාලනය කර ගත යුතු වේ. බලාපොරොත්තු නො වුන ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත.
රැකියා සොයන අයට  නව රැකියා උදාවෙයි. රැකියාවේ දුර ගමන් යෙදීමට ඉඩ ඇත.
මානසික නිදහස අඩුවේ. නෑදෑ හිත මිත්‍ර ආදීන්  නිසා  තරමක කරදර කාලයක් උදා විය හැක .


    _
● කුම්භ
කුම්භ ලග්නයේ රවි 10 වැන්නට පැමිණේ.
   තමන් ගන්නා තීරණ  නිසා තමන්ට අර්බුදකාරී තත්වයට මුහුණ පෑමට  සිදුවේ. ආදායම් මාර්ග වල නිසි පල ලබාගැනීමට යම් පියවරක් ගැනීමට  ඉඩ ඇත.
රැකියාවේ තිබු ගැටලුකාරි තත්වයන් නැති වී යාමට ඉඩ ඇත. තරග විභාග ආදියට යොමු විමට අවස්ථාවක්  උදා වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ   තම විවාහය පිළිබඳ  තීන්දු තීරණ  ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.  පවුලේ සමගිය වර්ධනය  වීමට ඉඩ ඇත.


   _
● මීන
මීන ලග්නයේ රවි 9 වැන්නට පැමිණේ.
   පැවති බාධා ඉවත් වේ. ආදායම් මාර්ග යහපත් කර ගැනීමටත් වැඩි දියුණු කර ගැනීමටත්  හැකි වීමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ බලාපොරොත්තු නොවන ගැට‍ළු නිසා සිත් වේදනා ඇතිවෙයි සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වේ.
ගෘහ  ජීවිතයේ උත්සව සහ ප්‍රිය  සම්භාෂණ අවස්ථා වලට සහභාගී වීමට ලැබෙන කාලයකි.
_

Monday, November 13, 2017

සතියේ ලග්න පලාපලය - නොවැ 13 සිට


-

පොදු පලාපලයක් පමණි. කේන්දර සටහන අනුව වෙනස් විය හැක.
-

● මේෂ
      ව්‍යාපාර  වල තරමක කරදර  දෙන සතියකි. වැය පස ඉහල යයි. සතුරු කරදර ඇති වේ, එහෙත්  ණය ගැනීමට සහ ඒසම්බන්ධ  කටයුතු වලින්  යම් සාර්ථකත්වයක් ලබාගත හැකි කාලයක් විය හැක.
රැකියා වේ බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායී බවක් උදා වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයට  යහපත් සතියකි. මංගල යොග උදා වීමට ඉඩ ඇත.
     
-
● වෘෂභ
මෙතෙක් තිබු ප්‍රශ්න විසඳා ගැනීමට  අවස්ථානුකූල පියවර ගත යුතු කාලයක් විය හැක.  ඉක්මන් තීරණ  ගැනීමෙන් වැලකි යා හැක. ව්‍යාපාර වල දී තරමක පාඩු පෙන්වයි.
රැකියාවෙ දියුණුව ලැබීමට දරන උත්සාහයෙන්   යම් ප්‍රතිඵලයක් ලැබීමට හැකියාව ලැබෙන  සතියක් වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ   මිතුරු සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථා යෙදෙනු ඇත. ප්‍රේම සබඳතා වර්ධනය විය හැක.


    -

● මිථුන
     ඉඩම් ගෙවල් දොරවල් මිල දී ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇති සතියත් වේ.  එහෙත් මෙතෙක් පැවති ආදායම් තත්වය තරමක් පහල යයි.
රැකියා ස්ථානයේ දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත. නව රැකියා සොයන අයට නව රැකියා උදා විය හැක.
මංගල යෝග උදා වෙයි.  ප්‍රේම  සබඳතා වලට ඉඩ සැලසෙන කාලයක් විය හැක.  පවුල් ජීවිතයේ බුද්ධියෙන් කටයුතු කලයුතුය, නැතහොත් ගැටලු ඇතිවීමට ඉඩ ඇත.


   -
● කටක
      වෙනදාට වඩා තම ව්‍යාපාර ආදායම් මාර්ගවල ප්‍රගතියක් පෙන්නුම්  කරන සතියකි. ව්‍යාපාර කේෂ්ත්‍රයේ  නව පියවරක් ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැට‍ළු මතු විය හැක.
  ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබේ. පවුලේ සමගිය වර්ධනය  වීමට ඉඩ ඇත.
   
-
● සිංහ
   ඔබගේ ආර්ථික තත්වය යහපත් කර ගැනීමට  ඉඩ අති අතර ඊට සමානව වියදමද තරමක් වැඩි විය හැක. කල්පනාකාරී විය යුතුය.
රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත. තවද රැකියාවේ යම් කිසි දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වීමට ඉඩ ඇත. විදෙස් ගත වීමට ද  යහපත් සතියකි.
පවුලේ සමගිය වර්ධනය  වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ . පවුලේ ජීවිතයේ  වැදගත් තීරණ රැසක් ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත.


     -
● කන්‍යා
    ආදායම් තත්වය පහල බැසීමට කරුණු යෙදීමට ඉඩ ඇත. කල්පනාකාරි විය යුතුය. තිබෙන ප්‍රශ්න වලට බුද්ධිමත්ව විසඳුම් සොයා ගත යුතු වේ.
රැකියා සොයන අයට යහපත් රැකියා වලට අවස්ථා උදාවිමට හැකි කාලයකි.  රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායී බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදාවිමට ඉඩ ඇත. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු මතු වීමට ඉඩ ඇත.

   
   -
● තුලා
  ව්‍යාපාරික ක්ෂේත්‍රයේ  නව පියවරක් ගැනීමට සහ  එදිනෙදා වැඩ කටයුතු කර ගෙන යාමට හැකියාව ලැබේ. එමෙන්ම තම ආදායම් තත්වය වර්ධනය  කර ගැනීමට හැකි කාලයක් විය හැක.
රැකියා වෙනස් වීමක් හෝ උසස් වීමක්  පෙන්නුම් කරන කාලයක් විය හැක.  රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයක් සාර්ථක විය හැක.
  පවුල් ජීවිතයේ සමගිය ඇති වේ. පවුල වෙනුවෙන් කැපවීමට සිදුවේ. සහෝදර සහෝදරියන් සමග ගැටලු ඇතිවීමට ඉඩ ඇත.


  -
● වෘශ්චික
     ආර්ථිකයේ වර්ධනයක් පෙන්නුම් කරයි. මෙතෙක් තිබු  ගැට‍ළු බොහොමයකට විසඳුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. ආදායම් තත්ව යහපත් වීමට ඉඩ ඇත.
රැකියාවේ රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැට‍ළු හේතුවෙන් ඔවුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදු වන අවස්ථා උදවිය හැකිය.
ගෘහ  ජීවිතය  තුල ප්‍රීති උත්සව වලට සම්බන්ධ වීමට අවස්ථා උදාවේ. සමගිය වර්ධනය  වේ.  මෙතෙක් තිබු කරදර බාධක මග හැරි යාමට ඉඩ ඇත.


     -
● ධනු
  පසුගිය දින වලට වඩා වියදම වැඩි වන සතියක්  වේ. ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. කල්පනාකාරී විය යුතුය. මූල්‍යය කලමනාකරන‍යේ   පාඩු පෙන්වීමට ඉඩ ඇත. කාලයක් තිස්සේ පවතී ගැටළු දායක තත්ව විසදා ගැනීමට හැකි වේ.
රැකියා  කරන අයට දියුණුව ලබා ගැනීමට හැකි වේ. රැකියාවේ නව රැකියා උදාවෙ.
ගෘහ  ජීවිතයේ පීඩා කාරි කාලයක් විමට ඉඩ ඇත. දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.


    -
● මකර
   ආදායම් මාර්ග අවහිරවි  යන තත්වයක් පෙන්නුම් කරයි. මුදල් වැය වීමට කරුණු යෙදෙන කාලයක් විය හැක.
  රැකියාවේ බාධා පැමිණේ. නො සිතා ගනු ලබන තීරණ වලින්  අසුබ පල ගෙන දෙන සතියකි. නව රැකියා ප්‍රමාද  වේ.
පවුල් ජීවිතයේ සමගියට බාධා  ඇති විය හැක.  මිතුරන් අතර හොඳ හිත පලුදු විය හැකි කාලයකි, ඉගනීමට බාධා පැමිණීමට  ඉඩ ඇත.

    -
● කුම්භ
   ආර්ථික අවාසි ප්‍රබලව ඇති වන මේ කාලයේ දී  හවුල් ව්‍යාපාර බිද වැටිය හැකියි. කරන කියන කටයුතු වලට බාධක ඇති විය හැකිය. ඒ ගැන ප්‍රවේසම් වන්න, බුද්ධියෙන් කටයුතු කරන්න.
රැකියාවට තිබු බාධා වැඩි විය හැක. නව රැකියා අවස්ථා  උදා විය හැක .
ගෘහ ජීවිතයේ පවුල් ආරවුල් ඇතිවීමට ඉඩ ඇත.  දුවා දරුවන්ගේ සෞඛ්‍ය තත්වය ගැනද  අවධානයෙන් සිටිය යුතුය.

   -
● මීන
ආදායම ට වඩා වියදම වැඩි වන සතියක් විය හැක.  තමන්ට මෙතෙක් ලැබුණු ආදායම් මාර්ග වලින් තරමත් ආදායම අඩු විය හැකි සතියකි.
රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා උනන්දුවක් ඇති වේ. දුර පළාත් වල රැකියා අවස්ථාවත් යෙදීමට ඉඩකඩ ඇත.
ගෘහ ජීවිතයේ  මංගල යෝග උදා වෙයි. ප්‍රේම සබඳතා වලට ඉඩ සැලසේ. තමන්ට යෙදුණ ගැට‍ළු විසඳා ගැනීමට වැඩිපුර කාලයක් වැය කිරීමට සිදුවේ.  ගෙදර පරිසරය අලංකාර ලෙස තබා ගැනීමට වෙනදාට වඩා උනන්දුව වැඩි විය හැක.
     -
   
Facebook ඉරු සේවය

077 2238041
irusewaya@gmail.com

Tuesday, November 7, 2017

සතියේ ලග්න පලාපලය - නොවැ 07 සිට


-
සඳු/චන්ද්‍රයා මෙම සතිය තුල  වෘෂභ - මිථුන - කටක යන රාශි වල ගමන් කරයි.

-
● මේෂ
ආදායම් තත්වය වර්ධනය කර ගැනීමට ඉඩ ලැබිය හැක.  විදෙස්ගත විමට උත්සාහ දරන අයට  සුබ පල ගෙන දෙන කාලයක් විමට ඉඩ ඇත.              
රැකියාවේ ආයතන ප්‍රධානීන්ගේ පැසසුම් ලැබිමට ඉඩ ඇත. නව රැකියා ලැබිමටද ඉඩ ඇත.
ගේ දොර සමගිය ඇති වීමට ඉඩ ඇත.  සහෝදරියන් වෙනුවෙන් කැපවීමට සිදුවේ.
-

● වෘෂභ
මුදල් ඉපයීමට ඔබ ගනු ලබන තීරණ වලින් යහපත් ප්‍රතිඵල ලැබිමට ඉඩ ඇත. නව ආදායම් මාර්ග උදාවෙයි.
නව රැකියා සොයන අයට සහ ඉල්ලුම් කර ඇති අයට ඒ සඳහා යහපත් කාලයක් උදාවිමට ඉඩ ඇත.
  පවුලේ සමගියට තිබු බාධා ඉවත් වී යාමට ඉඩ ඇත. අසල්වැසියන් සමග සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමටද හැකි කාලයක් වේ.
-

● මිථුන

ආදායම් මාර්ග වලට යොමු වීමට උත්සහ දරන අයට ඒ සඳහා තිබු බාධාවන් අඩුවී යා  හැකි සතියකි .
රැකියා ස්ථානයේ තිබු කරදර වලින් නිදහස් වීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. නව රැකියා උදාවීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ මිතුරු සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථා යෙදෙනු ඇත. පවුලේ සමගියට තරමක් බාධා මතු වීමට ඉඩ ඇත.

-
●කටක

නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබීමට ඉඩ ඇත.  ව්‍යාපාර ලෝකයේ   නව  පියවරක් ගැනීමට හැකි වේ. අනෙක් අය වෙනුවෙන් මුදල් වැය කිරීමට අවස්ථා උදා වේ.
රැකියා ස්ථානයේ  නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
ගෘහ ජීවිතයේ ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැට‍ළු ඇති විය හැක. පවුලේ අනෙක් අය වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.

-
●සිංහ ලග්නය
කල්පනාකාරී විය යුතුය. මූල්‍ය කළමනාකරණයේ පාඩු පෙන්වයි. ආදායම් මාර්ග වලට යොමු වීමට අවශ්‍ය සහයෝගය අන් අයගෙන්   ලැබිය හැක.
රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදාවෙයි. රැකියාවල නියුතු අයට තමන්ට යෙදුණ ගැට‍ළු විසඳා ගැනීමට ඉඩකඩ යෙදෙනු ඇත.
ගෘහ ජීවිතය තුල ප්‍රිති උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබිය හැක.  ගෙදර පරිසරය අලංකාර ලෙස  තබා ගැනීමට උනන්දු වේ.
-

●කන්‍යා
ආර්ථික මට්ටම යහපත්ව  පවත්වා ගෙන යාමට හැකි වේ. උත්සාහයෙන් ආර්ථික මට්ටම ගොඩ නගා ගැනීමට සිදුවේ.
රැකියා අවස්ථා උදා කරගැනීමට හැකි වේ. රැකියාවේ දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.
වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් වේ විවාහය පිළිබඳ තීරණ ගැනීම් වලට ද අවස්ථා උදා විය හැක.
-

●තුලා

ආදායම් මාර්ග වලදී තමන් තුල ඇතිවන දුර්වලතා තුලින් මුදල් නාස්ති වීම් මතු වේ. එසේම ගනුදෙනු වලදී ප්‍රවේසමෙන්  කටයුතු කල යුතුය.
රැකියාවෙන් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබීම අඩු කාලයක් විය හැක. එසේම තමන් කැප වී සේවය කිරීමට දරන උත්සහ යන්ට බාහිර ගැට‍ළු ඇති විමට ඉඩ ඇත.
පවුල වෙනුවෙන් කැපවීමට සිදුවේ.පවුලේ සමගිය වර්ධනය කර ගැනීමට හැකි සතියකි.
-


●වෘශ්චික
ආර්ථික ගැටලු විසඳා ගැනීමට හැකි වේ තිබු ගැටලු ප්‍රශ්න විසඳා ගැනීමට ඉඩ කඩ ලැබෙන සතියක් වේ. නව ආදායම් මාර්ග වලින් වෙනදාට වඩා පල ලබාගත හැකි සතියක් වේ.
රැකියාවේ බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදා විය හැකි සතියකි . පවුලේ සමගිය වර්ධනය වේ.

-
●ධනු
ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ. එදිනෙදා කටයුතු වල යෙදීමේ දී බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා මුදල් වැය වේ.
රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා උනන්දුවක් ඇති වේ. දුර පළාත් වල රැකියා වල යෙදීමට ඉඩකඩ සැලසේ. විදෙස් ගත විම් වලට යහපත් සතියකි.
පවුලේ සමගිය වර්ධනය වේ.
දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදු විය හැකි කාලයකි .
-

●මකර
ආර්ථික ගැට‍ළු බොහොමයකට විසඳුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. ආදායම් තත්වය යහපත් වේ.
රැකියාවේ  රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැට‍ළු හේතුවෙන් ඔවුන්ගේ රාජකාරි තමන්ට ඉටු කිරීමට සිදුවෙන අවස්ථා උදවිය හැකිය.
ගෘහ ජීවිතය යහපත් වේ. තමන්ට ගැට‍ළු මතු වීම අඩුය. පවුලේ සමගිය වර්ධනය විමට ඉඩ ඇති කාලයකි.
-

●කුම්භ
ආදායම් මාර්ග වලින් සුබ ඵල ගෙන දෙන කාලයකි. නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබේ. ව්‍යාපාර  කේෂ්ත්‍රයේ  නව  පියවරක් ගැනීමට සුබ කාලයකි. මෙතෙක් තිබු ගැටලු මග හැරී යයි.
රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයෙන් සාර්ථක විය හැකි කාලයකි . නව රැකියා ලැබිමට ඉඩ ඇත.
පවුල් ජීවිතයේ සමගිය ඇතිවන කාලයකි.  මිතුරු ඇසුර වර්ධනය වේ. පැවති ගැට‍ළු විසඳා ගැනීමට හැකියාව  ලැබිමට ඉඩ ඇති සතියකි.
-

●මීන ලග්නය
ආදායම් මට්ටම යහපත්ව පවත්වා ගෙන යාමට අපහසු තත්ව නිර්මාණය වේ. නිෂ්ඵල දේට තම කාලය හා මුදල් යෙදවීමට සිදුවේ.
රැකී රක්ෂා පිළිබඳ උනන්දුව අඩු වීම රාජකාරි අතපසු වීම් වැනි තත්ව උදා වේ. රැකියා සොයන අයට රැකියා ලැබීම ප්‍රමාද වේ.
ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා පොත්පත් කෙරෙහි යොමු වීම අඩු වේ. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා උදා විය හැකි සතියකි.
-

Saturday, November 4, 2017

“ සිකුරු මාරුව “


-
ලග්න 4 කට මාලවී යෝගය උදා කරවමින් ග්‍රහ ලොව මනාලිය අද රාත්‍රියේ කන්‍යා රාශියේ සිට තුලා රාශි ගතවේ. 2017/11/03 සිට 2017/11/26 දක්වා තුලා රාශියේ ගෝචරය වේ.
-
ලංකා කුම්භ ලග්න කේන්දරයේ සිකුරු ග්‍රහයා 9 වැන්නේ ගෝචර වේ. ඒ අනුව දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තරමක් දුරට අඩු වීමට ඉඩ ඇත.

ලග්න 12ට පොදුවේ මේ ආකාර වෙයි.

-
● මේෂ

  මේෂ ලග්නයේ සිකුරු 7 වැන්නේ ගෝචරවේ.
ආදායම් මාර්ග වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. කෙසේ හෝ තම කටයුතු කර ගෙන යාමට අවස්ථාවක්  උදාවිමට ඉඩ ඇත.
රැකියාවෙ තම හැකියාවෙන් එලිදැක්විමටත්, පිරිස් පාලනයට හැකි වෙයි. නව රැකියා ලැබෙන කාලයක් විය හැක.
යුග දිවිය සාර්ථක කර ගෙන ඉදිරියට යාමට හැකියාව ඇති කාලයකි.

-
● වෘෂභ
  වෘෂභ ලග්නයේ සිකුරු 6 වැන්නේ ගෝචරවේ.
ආර්ථිකයෙ කඩාවැටීම්, ආදායම් මාර්ග වල ඇනහිටිමි පෙන්නුම් කරයි.
රැකියා ස්ථානයේ දෝෂාරෝපණ  එල්ල විය හැක. රැකියාව එපා වීමට ඉඩ ඇත.  රියදුරු ආදි රැකියා කරන අයට ඉතාමත් අසුබ කාලයකි.
ඥාතීන්  සමග ගැටුම් ඇති විය හැක.  හදිස්සි අනතුරු සෞඛ්‍ය  සම්බන්ධ ගැටලු ඇති වීමට ඉඩ ඇත.

    -

● මිථුන
මිථුන ලග්නයේ 5වැන්නේ සිකුරු ගෝචරවේ.
ව්‍යාපාර වලට තරමක් සුබ කාලයකි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ  තම සතුරන් පරාජය කර ඉදිරියට යාමට හැකි වේ.
රැකියාවෙ මෙතෙක් තිබු බාධා ජය ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක. නව රැකියා ඉල්ලුම් කර ඇති අයට රැකියා ලැබිමට ඉඩ ඇත.
  ගෘහ ජීවිතයේ යටිබඩ ආමාශ ගත රෝග  හට ගැනීමෙ අවදානමක් ඇත, ප්‍රවේසම් විය යුතුය.



   -
● කටක
කටක ලග්නයේ සිකුරු ග්‍රහයා 4 වැන්නේ ගෝචරවේ.
ආදායමි මාර්ග වැඩි දියුණු කර ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත. තිබු බාධා ඉවත් වේ. ලොතරැයි ජයග්‍රහණ ආදියට අවස්ථාව උදාවෙයි.
රැකියා බලාපොරොත්තු ඉටු විය හැක.  ලිපි කටයුතු ආශ්‍රිත   රැකියා කරන අයට ඉතාමත් සුබ කාලයකි. උනන්දුව වැඩි විය හැක.
පවුලේ සමගිය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. මංගල යෝග උදා වේ.
 
    -
● සිංහ
සිංහ ලග්නයේ සිකුරු 3 වැන්නේ ගෝචරවේ.
   බාධා ජය ගැනීමට හැකි වේ. භූමි  උරුම කම් ලබා ගැනීමට  ඒවා නිරාකරණය කර ගැනීමට හැකි කාලයක් විමට ඉඩ ඇත.
රැකියාව  බාධා මැද කර ගෙන යාමට හැකි කාලයක් විය හැක. නව රැකියා ලැබිමට ඉඩ ඇත.
පවුලේ සමගියට තරමක බාධා පැමිණේ කල්පනාකාරීව කටයුතු කල යුතුය.

     -
● කන්‍යා
    කන්‍යා ලග්නයේ සිකුරු 2 වැන්නට පැමිණේ.
ආදායමි මාර්ග වැඩි දියුණු කර ගැනීමට හැකිවේ. බලාපොරොත්තු සපල කර ගැනිමට හැකි කාලයක් වීමට ඉඩ ඇත.
රැකියාවෙ මෙතෙක් තිබු බාධා ජය ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත.  රැකියාවේ පෙරට යාමේ ගති වැඩි වන කාලයකි.
මිතුරන් ඥාතීන්  අතර හොඳ හිත වර්ධනය  වෙයි. පවුලේ සමගිය පෙරට වඩා වැඩි දියුණු කර ගැනීමට හැකි කාලයකි.

   
   -
● තුලා
   තුලා  ලග්නයේ සිකුරු ලග්න ගතවේ.
ආදායම් මාර්ග පුළුල් කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත. මුදල් සම්බන්ධව තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වන කාලයකි.
නව රැකියා අවස්ථා නිර්මාණය වීමට ඉඩ ඇත. රැකියා වල නිරත අයට උසස් වීම් තරඟ විභාග වලට සහභාගි වීමට ඉඩ ලැබේ.
ආදර සබඳතා වර්ධනය වේ. මංගල යෝග උදා වේ. දුර බැහැර විනෝද ගමන් බිමන් යාමට ඉඩ ලැබිය හැක.
 
-
● වෘශ්චික
     වෘශ්චික ලග්නයේ සිකුරු ග්‍රහයා 12 වැන්නට පැමිණේ.
ආදායම වැඩි කර ගැනීමට පියවරක් ගැනීමට සිදු වන කාලයකි. නැතහොත් ආදායමට වඩා වියදම වැඩි වන කාලයකි.
රැකියා සොයන අයට නව රැකියා අවස්ථා උදාවෙයි.  උසස් විම් තරග විභාග  ප්‍රමාද විය හැක.  මහන්සියේ තරමට ප්‍රතිඵල නො ලැබේ.
පවුල තුල හොඳ හිත වර්ධනය  වන කාලයකි. විනෝද ගමන් බිම්වලට යාමට අවස්ථා උදා කර ගත හැක.


     -
● ධනු
ධනු ලග්නයේ සිකුරු 11 වැන්නේ ගෝචරවේ.
    ආර්ථික ගැට‍ළු බොහොමයකට විසඳුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන කාලයක් විය හැක. ආර්ථික මට්ටම යහපත්ව  පවත්වා ගෙන යාමට හැකි වේ.
නව රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි කාලයක් විය හැක.  රැකියාවේ යම් කිසි දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ. විදෙස් ගත විම් වලට යහපත් කාලයකි.
පවුලේ සමගිය වර්ධනය  වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ .

    -
● මකර
මකර ලග්නයේ සිකුරු 10 වැන්නේ ගෝචරවේ.
    නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබීමට ඉඩ ඇත. වියදම් පාලනය කර ගත යුතුවේ. නැතහොත් ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත.
නව රැකියා අවස්ථා උදාවේ. රැකියාවල නියුතු අයට තමන්ට ඇතිවන ගැට‍ළු විසඳා ගැනීමට හැකි වේ.
ගෘහ ජීවිතයේ දෙමාපියන්ගේ දෝෂ දර්ශනයට ලක් වීමට ඉඩ ඇත. පවුල් ජීවිතයේ සමගියට බාධා පැමිණීමට ඉඩ ඇත.
    -

● කුම්භ
  කුම්භ ලග්නයේ සිකුරු 9 වැන්නට පැමිණේ.
ආර්ථික වාසි වැඩි වශයෙන් කුඩා වීමට ඉඩ ඇත. නව ව්‍යාපාරික අවස්ථා හවුල් ව්‍යාපාර කරන අයට යහපත් කාලයක් උදාවිමට ඉඩ ඇත.
රැකියාවේ උසස් වීම් තරග විභාග ආදිය බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සඳහා සුදුසු අවස්ථා  ලැබිමට  ඉඩ ඇත.
මංගල යෝග උදා වේ. ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබේ. අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සාර්ථක විය හැක.  

   -
● මින
  මීන ලග්නයේ සිකුරු 8 වැන්නේ ගෝචරවේ.
ආදායම් මාර්ග වලදී තමන් තුල ඇතිවන දුර්වලතා තුලින් මුදල් නාස්ති වීම් සිදුවීමට ඉඩ අත. එසේම ගනුදෙනුවල දී ප්‍රවේසමෙන් කටයුතු කලයුතුය.
රැකියාවෙ වෙනදාට වඩා වෙහෙසීමට සිදුවේ. දුර බැහැර  ගමන් යෙදේ නව රැකියා ප්‍රමාද වේ.
පවුල වෙනුවෙන් වෙනදාට වඩා කැපවීමට සිදුවේ. තම පවුල් ජීවිතයේ  සමගිය ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීමට සිදුවිය හැකි කාලයකි.
-
   

Wednesday, November 1, 2017

සතියේ ලග්න පලාපලය - ( ඔක් 31 - නොවැ 05)

මේ සතිය තුල සඳු/චන්ද්‍රයා  කුම්භ - මීන - මේෂ  රාශි වල ගෝචර වේ.
පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ
මේෂ ලග්නයේ සඳු 11-12-1  රාශි වල ගෝචර වේ.
ආදායම් මාර්ග වල ආදායම වැඩිවි ආර්ථික වාසි උදාවිය හැකි කාලයක් විය හැකිය.
රැකියාවේ බාධාකාරි තත්වයන් මග හැරි යා හැක.
නව රැකියා සොයන අයට නව රැකියා  උදාවිමට හැකි සතියකි. තරඟ විභාග ආදියට සහභාගි විමට ඉඩ කඩ ලැබිය හැකි වනු ඇත.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනදාට වඩා වර්ධනයක් පෙන්නුම් කරයි. පවුලේ සමගිය වර්ධනය වේ. සමගියෙන් වැඩ කටයුතු කිරීමට වැඩි ඉඩක් ලැබිය හැක.
_

● වෘෂභ
වෘෂභ ලග්නයේ සඳු මෙම සතියේ 10-11-12 රාශි වල ගෝචර වේ.
නව ආදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. ගේ දොර, ඉඩකඩම් මිලදී ගැනීමට අවස්ථාව උදාවිමට ඉඩ ඇත. නිශ්ඵල ලෙස මුදල් වැය වීමට හැකියාව ඇති වුවද, මනා කළමනාකාරිත්වයකින් කටයුතු  කලොත් අනවශ්‍ය වැයවීම් වලක්වා ගත හැක.
රැකියාවේ බාධා අඩු වෙයි. නව රැකියා සොයන අයට සුබයි. රැකියා වල යෙදෙන අයට සාමාන්‍ය ආකාරයට රැකියාව කරගෙන යාමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල සහෝදරයින්ගේ දියුණුව උදා වෙයි. ගේ දොර අලංකරණයට සිත යයි. උත්සව ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගි වීමට හැකියාව ලැබේ.


_


● මිථුන
මිථුන ලග්නයේ සඳු මෙම සතියේ 9-10-11 රාශි වල ගෝචර වේ.
නව ව්‍යාපාරික අරමුණු කරා යොමු වීමට කාලය උදා වීමට ඉඩ ඇත. තිබූ ආදායම් මාර්ග වල ආදායම වැඩි කර ගැනීමට අවස්ථාව උදා විය හැක.
රැකියා සොයන අයට තම සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා ලැබිමට හෝ කැදවීම් ලිපි ලැබිමට හැකි කාලයක් වනු ඇත. රැකියා කරන අයගේ රැකියාවල තිබූ ගැටලු විසඳා ගැනීමට අවස්ථාව උදාවේ.
ගෘහ ජිවිතය තුල ප්‍රිති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබිය හැක. තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ.  


_

● කටක
කටක ලග්නයේ සඳු මෙම සතියේ 8-9-10 රාශි වල ගෝචර වේ.
ආර්ථිකය වර්ධනය කර ගැනීමට යම් පියවරක්  ගැනීමට සිදුවේ.  ව්‍යාපාර සැලසුම් කිරීමට කාලය උදා වේ. ඉඩමක් මිල දී ගැනීමට අවස්ථාවක් උදා විය හැක.
රැකියා ස්ථානයේ බාධා ඇතිවීමට ඉඩ ඇත. විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් සිටි අයගේ රැකියා ලැබිමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල ඉවසීම අඩු වුවොත්, ඉක්මණ් තීරණ ගත්තොත් තමන්ට අවාසි සහගත දේ වීමට ඉඩක් පවති. තරුණ අයට ගැලපෙන මංගල යෝජනා උදා විය හැක.

_


● සිංහ
සිංහ ලග්නයේ මෙම සතිය තුල සඳු 7-8-9 රාශි වල ගෝචර වේ.
මෙතෙක් පැවති ආදායම් මට්ටම තරමක් පහල යාමේ හැකියාවක් පවති. එහෙත් ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුවටත් කරුණු යෙදෙනු ඇත.
රැකියාවට තරමක් බාධා මතුවේ, කල්පනාකාරි විය යුතුය. රැකියා ස්ථානයේ මිතුරන්ගෙන් උදව් උපකාර ලබා ගැනිමේදී ප්‍රවේශම් විය යුතුය.
ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතුය.ආදර සබදතා වලටද බාධා මතු විය හැක. පවුලේ සමගියට බාධා ඇතිවීමට ඉඩ ඇත.
_

● කන්‍යා
මෙම සතිය තුල සඳු 6-7-8 රාශි වල ගෝචර වේ.
පැවති ආදායම් තත්වය පහල බැසීමට කරුනු යෙදීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී විය යුතුය. තිබෙන ප්‍රශ්න වලට බුද්ධිමත්ව විසඳුම් සොයා ගත යුතු වේ.
යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියාවේ බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදාවෙයි. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු මතුවිමට ඉඩ ඇති සතියක් වනු ඇත.
_

● තුලා
තුලා ලග්නයේ සඳු මෙම සතියේ 5-6-7 රාශි වල ගෝචර වේ.
තම ආදායම් මාර්ගවල වැයපස ඉහළ යයි. ආදායමට වඩා වියදම වැඩි වුවද  තම ආදායම්වල වැඩි කර ගැනීමට අවස්ථාව උදා වීමට ඉඩ ඇත.
නව රැකියා උදා වේ. උසස්විම් තරග විභාග ආදියට යොමු වීමට ඉඩකඩ ලැබේ. රැකියා ස්ථානයේ දුර බැහැර ගමන් බිමන් යෙදිමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ දෙමාපියන්ගේ දෝෂාරෝපණ එල්ල වේ. අසල්වැසියන් සමඟ සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇත. ප්‍රීති උත්සව ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට ඉඩ ලැබේ.
 ඉගෙනුම ලබන දරුවන් ගේ අධ්‍යාපනය වර්ධනය වේ.
_

● වෘශ්චික
වෘශ්චික ලග්නයේ මෙම සතිය තුල සඳු 4-5-6 රාශි වල ගෝචර වේ.
  මෙතෙක් පැවති පැවති බාධක ඉවත් වී යාමට ඉඩ ඇත. තම ආදායම් තත්ත්වය  සරු කර ගැනීමට ඉඩ ලැබෙන කාලයක් විමට ඉඩ ඇත.
නව රැකියා ලැබීමෙන් හා කරන රැකියාව ද ස්ථාවර බව ඇති කිරීමෙන් රැකියාවේ  දියුණුව කරා යාමට හැකියාව ලැබීමට ඉඩ ඇත. උසස්වීම් තරඟ  විභාග ආදියට යොමු වීමට තිබූ බාධා ඉවත්වි යාමට ඉඩ ඇත.
ගෘහ ජිවිතයට පැවති බාධාකාරි තත්වයන් මග හැරිය හැක. තමන්ට විරුද්ධව සතුරු බලවේග මතුවිය හැක. බුද්ධිමත් වන්න. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න.
_


● ධනු
ධනු ලග්නයේ  3-4-5 රාශි වලට සඳු ග්‍රහයා පැමිණේ.
ආර්ථික වශයෙන් දියුණුවක් උදා කර ගැනීමට  ලැබෙන සතියක් විය හැකි ය. තිබු ගැටලු වලට ස්ථාවර විසඳුම් සොයා ගැනීමට අවස්ථාව උදා වේ.
රැකියා කටයුතුවල නිරත අයට ඒවාට එතරම් සුබ පල නොලැබෙන තත්ත්වයක් උදා වීමට ඉඩ ඇත, කල්පනාකාරීව කටයුතු කළ යුතු කාලයකි රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සඳහා යහපත් අවස්ථා උදා වේ.
පවුල් ජීවිතය ගත කිරීමේදී තමන් තුළ මතුවන දුර්වල ගති තුළින් සමගිය ට යම් යම් බාධාවන් ඇතිවේ.
තමන්ගේ වැඩිහිටි අයගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම තුළින්  ගැටලු විසඳා ගැනීමට ඉඩ සැලසෙනු ඇත.
_


● මකර
මෙම සතිය තුල මකර ලග්නයේ සඳු 2-3-4රාශි වල ගෝචර වේ.
දියුණුව උදා කර ගැනීමට උනන්දුවෙන් කටයුතු කරන සතියකි. නව ආදායම් මාර්ග වලට යොමු වීමට හැකියාව ලැබිමට ඉඩ  ඇත.
රැකියා දියුණුවට අවශ්‍ය මාර්ග වලට යොමු වීමට මෙම සතිය තුල හැකි වේ. නව රැකියාවලට යොමු වීමට  උත්සහ දරන අයගේ බලාපොරොත්තු සඵල විය හැක.
ගෘහ ජීවිතයේ පිටස්තර අය සමඟ සතුටු සාමීචියේ යෙදීමට වැඩි ඉඩක් ඇති කාලයක් උදා වෙයි. පවුලේ සමගියට බාධා ඇතිවීමට ඉඩ ඇත.

-
● කුම්භ
කුම්භ ලග්නයේ 1-2-3 රාශි වල මෙම සතියේ සඳු ග්‍රහයා ගෝචර වේ.
වෙනදාට වඩා තම වැඩකටයුතු වැඩ කටයුතු ඉක්මන් කිරීමට යාම තුළින් තරමක් ගැටලූ නිර්මාණය වීමට ඉඩ ඇත.
රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට නව රැකියා ප්‍රමාද කිරීමට ඉඩ ඇත. රැකියා කරන අයට තරමක් සුබ සතියකි.
ගෘහ ජීවිතයේ තම පවුල වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවන කාලයකි. අසල්වැසියන් සමග වෙනදාට වඩා සමීපව කටයුතු  කිරීමට ඉඩ ලැබිය හැක.

-

● මීන
මීන ලග්නයේ සඳු 12-1-2 යන රාශි වල මෙම සතියේ ගෝචර වේ.
ආදායම් මාර්ග වල දුර්වලතා හේතුවෙන් ණය ලබාගැනීමට සිදුවේ. ව්‍යාපාරික සැලසුම් ක්‍රියාත්මක කිරීමට සිදුවන කාලයකි.
නව රැකියා අවස්ථා වලට යොමු විමට  හැකියාව ලැබෙන කාලයකි. ස්ථාන මාරු ලැබිමට ඉඩ ඇති සතියකි.
ගෘහ ජීවිතයේ වැඩිහිටි අයගේ අවවාද ලැබේ. පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.


-

#ඉරු

Monday, October 30, 2017

කඩවර දෙවියන්

කඩවර දෙවියන් ගැන බොහෝ ජනප්‍රවාද මෙන්ම කතා ඇත.

මැණික් කඩවර, කළු කඩවර, ලේ කඩවර ලෙස කඩවර දෙවිවරුද සත් කට්ටුවක් වෙති.

මූලිකව කඩවර දෙවියන් කතරගම දේවාලයේ දොරටුපාලක ධූරය උසුලයි. එනිසා කතරගම වන්දනාවේ යන අය, මුලින් කිරි වෙහෙරට ගොස් වන්දනාමාන කර, ඉන්පසුව පැමිණිය යුත්තේ කඩවර දේවාලයටය. එතැන වන්දනාමාන කර අවසන් වූ පසුවයි අනිකුත් දේවාල වලට යා යුත්තේ.

සීලවන්ත - ගුණවන්ත අයට උදව් කරන, ආශිර්වාදය ලබාදෙන, සතුරන් පරාජයට උදව් කරන දෙවි කෙනෙකි. මහා සේනාවකින් යුක්තය. එම සේනාවේ දෙවිවරු මෙන්ම යක්ෂ - ප්‍රේත - භූත - බහිරව යනාදි අමනුෂ්‍ය ආත්මද බොහෝ වෙති.

නිසි ලෙස පින්කම් කර දෙවිවරුන්ට අනුමෝදන් කරන්න. ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය..

Iru Sewaya
#kadawara #deviyan #කඩවර #දෙවියන්

077 2238041
irusewaya@gmail.com

Sunday, October 29, 2017

“ රට - ජනතාවට යහපත උදා කරන සෙනසුරු මාරුව “



ග්‍රහ ලොව දුකට අධිපති ශනි/සෙනසුරු ග්‍රහයා නොහොත් අකීකරු පුත්‍රයා, 2017/10/26 කුජ හිමි වෘශ්චික රාශියේ සිට ගුරුට හිමි ධනු රාශි ගත වේ. සෙනසුරු 2020/01/24 වන දින දක්වා මෙම රාශියේ ගෝචර වේ.

* ලංකා කුම්භ ලග්න කේන්දරයේ  සතුරු රාශියක් වන වෘශ්චික රාශියෙන් මිදි 11 වැන්න වන ධනු රාශියට  පැමිණීමෙන් යහපත් ඵල රැසක් උදා වීමට ඉඩ ඇත. ඒ අතර ආර්ථිකය වර්ධනය මූලික කාරණයක් වෙයි. රටට නව ආයෝජන අවස්ථා  උදා වීමටත්, මහා පරිමාණ කර්මාන්තශාලා රටේ ඉදිවීම තුල ආර්ථිකය දියුණු වීමටත් ඉඩ ප්‍රස්ථා හිමි වෙයි.
පොදුවේ ජනතාවටද ක්‍රමිකව යහපත අපේක්ෂා කල හැකි කාලයකි. පෙර තිබුනු බාධා - කරදර දුරු වෙයි.  ලග්න 12ටම පොදුවේ සුභ ඵල අපේක්ෂා කල හැක.
-
පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.
ලග්න 12ට පොදුවේ,
-

● මේෂ
    මේෂ ලග්න හිමියන්ගේ  10,11 අධිපතිත්වය දරන  සෙනසුරු  8 වැන්න වන ආයු ස්ථානයෙන් මිදී 9 වැන්න වන ධනු රාශි ගත වීම නිසා  මුදල් පසුම්බිය තුළ මුදල් ඉතුරු කර ගන්න වගේම ඔයාලගේ බැංකු පොතේ මුදලක් ඉතුරු කර ගන්න හැකියාව  ලැබෙන කාලයක්. ඒවගේම තමයි ජීවිතයේ පසුබෑමකට ලක් වී තිබුණ  ඉලක්ක සපුරා ගන්නත් හැකියාව  ලැබෙන්නට වාසනාව තියෙනවා.
රැකියා ස්ථානයේ නම්  ඔයාගේ යාළුවන්ට වැඩිය  ඔයාට නිසි තැන ලැබෙන්න පුළුවන් හැකියාව වැඩි වෙන්නටත් ඉඩ තියනව. තරඟ විභාග වලට සහභාගි වෙලා ඒවායින් ජය ලබාගන්න හැකි කාලයක් තමයි ඉදිරියට උදා වෙන්නෙ.
ගෘහ ජීවිතය නම් දැනට මාස 3ක විතර ඉඳලා තිබුණ අපල තත්වය සහ තරහමරහ අසමගිකම් දුරු කර ගෙන සතුටින් කාලය ගත කරන්න පුළුවන් අවස්ථාවක් තමයි ඉදිරියට උදා වෙන්නේ. තරුණ තරුණියන්ගේ මංගල යෝග වලදි තිබුණ බාධා හිත් නොහොඳකම් නැති කරගෙන ආයෙත් ප්‍රේම සම්බන්ධතාවයක්  ගොඩනඟා ගන්න ගන්න සුදුසු කාලයක් තමයි මේ  උදා වෙන්නේ.

       -
● වෘෂභ
වෘෂභ ලග්නයේ 9- 10 අධිපතිකම් දරන ශනි ග්‍රහයා මෙවර සෙනසුරු මාරුවත් එක්ක 7 වැන්නේ සිට 8 වැන්නට ඇවිල්ලා, සෙනසුරු මාරුව එක්ක සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටක තත්වය ඇති වෙනව.
මේ නිසා  ආර්ථිකයට තරමක් තද පහරක් එල්ල කරන්න ඉඩ තිබුනත්,  තමන්ගේ බුද්ධිය මෙහෙයවලා වැඩ කලා නම් එම තත්ත්වයෙන් මිදෙන්න ඔබට හැකියාවක් ලැබෙන්නට  පුළුවන්. තමන්ගේ තියෙන දුර්වලතා හඳුනා ගෙන වැඩ කටයුතු කරනවා නම් තරමක් හෝ තිබෙන දෝෂ තත්වයන් තත්ත්වයන් දුරු කර ගෙන ඉදිරියට යන්න   ඔබට අවස්ථාව උදා වෙනවා.
ඔයාගේ රැකියාවට ඔයාට සමුදෙන්න හිතේවි, දැන් මේ රැකියාව කරා ඇති කියලත් හිතෙයි, කාලයක් ඉදලම ඒ තත්වයන් හිතේ තිබිලා තියෙන්න පුලුවනි. ඒ වගේ අවස්ථාවන් වලදී හදිසි තීරණ නොගෙන බුද්ධියෙන් කටයුතු කිරීම තුළින්, ඒකියන්නේ කීපවතාවක් හිතලා, කරුණු කාරණා සලකා බලල කටයුතු කරන්න. රැකියාවේ ඉදිරි ගමන සාර්ථක  කරගන්න ඔබට හැකියාව තියෙනව.
ගෘහ ජීවිතයේදි අඹුසැමියන්, පෙම්වතුන් අතර නුරුස්සන ගති ඇති වෙන්න පුළුවන්. ඒ අවස්ථා වලදී ඉතා සංයමයෙන් වැඩ කටයුතු කරලා තම පවුල් ජීවිතයේ ඉදිරි සාර්ථකත්වය කරා යාමට හැකියාව තියෙනව.

    -


● මිථුන
  මිථුන ලග්නයේ  8-9 අධිපතිත්වය දරන සෙනසුරු ග්‍රහයා 6 වැන්න වන සතුරු රාශියෙන් මිදී විවාහ ස්ථානය වන 7 වැන්නට පැමිණේ.
ඔයාට සල්ලි ටිකක් අතට ගන්න නම් තරමක් මහන්සි වී වැඩ කටයුතු කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි හවුල් කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක් ඒ සම්බන්ධ විශේෂඥ දැනුමක් ඇති අයගෙන් අවවාද උපදෙස් ලබාගෙන ඒවායේ නිරත වීමෙන්  සුබ ප්‍රතිඵල ලැබිමට හැකි කාලයක්.
ඔයාගේ රැකියා කරන ස්ථානයේ වෙනදාට වඩා බුද්ධියට ඉඩදී කටයුතු කිරීම නිසා තරමක් වාසි සහගත කාලයක් උදා වීමට ඉඩ තියනව.
ඔබ නව රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් ඒවා ලැබිමට ඉඩ තියන කාලයක් තමයි මේ.
ගෘහ ජීවිතයේ තරමක් බාධා ආවත් දෙදෙනා අවබෝධයෙන් සහ සහයෝගයෙන් කටයුතු කරනවනම් පෙරට වඩා ජිවිතය යහපත්ව ගත කිරීමට හැකි කාලයක් වීමට ඉඩ තියනවා. මංගල යෝග සම්බන්ධ කාරණා වලදී නම් ඉතා ප්‍රවේශම් වීම වැදගත්. හොඳට බුද්ධියෙන් කල්පනා කරලා, හොයල බලල තීරණ ගන්න (ඒක කෝකටත් හොඳයිනෙ)

   -
● කටක
    කටක ලග්නයේ  නම් 5 වැන්නේ සිටි ශනි ග්‍රහයා 6වැන්නට පැමිණීමත් සමග යහපත් කාලයක් වෙනව. විශේෂයෙන් සතුරන් පරාජය කරන්න ලැබෙන, ඉබේ සතුරන් පරාජය වෙන කාලයක්.
හිස්ව තිබු මුදල් පසුම්බිය පිරෙන්න ආර්ථිකය ගොඩනගා ගන්නට අවස්ථා සහ ආයෝජන අවස්ථා උදාවිමට හැකි කාලයක් වෙනව. ඒවයෙදි බුද්ධිමත්ව වැඩ කරන්න ඕන.
රැකියා ස්ථානයේ නම් අතපසු වූ රාජකාරි කටයුතු කිරීමට අවස්ථාවක් උදාවෙන  කාලයක් වෙනව. මෙතෙක් නොලැබී තිබූ උසස් වීම් තරඟ විභාග වලට සහභාගි වීමට ඉඩකඩ ලැබෙන කාලයක් තමයි මේ ඉදිරි කාලය.
ගෘහ ජීවිතය නම්  දරුවන් සම්බන්ධ තිබූ සියලු ගැටලු නිරාකරණය කරගෙන තම පවුල තුළ වෙනදාට වඩා සමගියෙන් ඉන්න ලැබෙන කාලයක් වීමට ඉඩ තියෙනවා.

    -
● සිංහ
  සිංහ ලග්නයේ 6- 7 අධිපති 4  වැන්න වූ වෘශ්චික රාශියෙන් මිදී 5 වැන්නට ආවාම මෙතෙක් තිබුනු සිත් පීඩා, කරදර - බාධා දුරු වෙන්න සිතට සැනසීමක් උදා වෙන්න කාලයක් වෙනව.
 තම ආර්ථිකයට මෙතෙක් ඇතිව තිබු ගැටලුකාරී තත්ත්වයෙන් මිදීමට  අවස්ථාව උදාවෙනව. වෙනදාට වඩා සූක්ෂ්ම ලෙස කටයුතු කිරීම තුළින් තරමක් හෝ ඇති ගැටළුකාරී තත්වයන් දුරු කර ගැනීමට හැකියාව ලැබිමට ඉඩ තියනවා.
නව රැකියා  ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ මෙතෙක් තිබූ බලාපොරොත්තු සඵල  වී  තමන්ට සුදුසු රැකියා අවස්ථා ලැබීමට ඉඩකඩ තියෙනවා. තම රැකියා ස්ථානයේ කලින් තිබුණ මානසික ව්‍යාකූල බව තරමක් දුරට අඩු කර ගැනීමට අවස්ථා උදා වෙනව. සුළු බාධා තියේවි, ඒවා කළමනාකරණය කරගන්න උවමනයි.
දරුවන් සම්බන්ධ ගැටළු ඇති වෙන්න පුළුවන්, ඒවා විසඳා ගැනීමට  පෙරට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්නට ඔබට සිදු‍වෙනව.  පෙරට වඩා අඹුසැමියන් වගේම පවුලේ අය සමග තියෙන  හොඳ හිත වර්ධනය කරගෙන පවුලේ සමගිය - දියුණුව වැඩි කර ගැනීමට හැකියාව තියෙනව.
     -


● කන්‍යා
    කන්‍යා ලග්නයේ 5-6 අධිපති 3 වැන්නෙන් මිදි 4 වැන්න වන කුටුම්බ ස්ථානයට පැමිණේ.
මනස වෙහෙස වන වැඩ කටයුතු කිරීමත්, තමන්ගේ මුදල් නිසි ආකාර කළමනාකරණය කර ගෙන ඉඩකඩම් මිල දී ගැනීම වැනි  ස්ථාවර  ආයෝජනයකට තම මුදල් යොමු කිරීම තුළින් පෙර පැවති සාර්ථකත්වය තවදුරටත් පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙන්නට ඉඩ තියෙනව.
තම රැකියා ස්ථානයේ ඔබට  සුළු සුළු බාධා තත්වයන් අති වුවද, එම බාධා තත්වයන් මග හරවා ගැනීමට අන් අය සමග බුද්ධියෙන්,  සහයෝගයෙන් වැඩ කිරීමට ඔයාට සිදු වෙනව.
ගෘහ ජීවිතයේ ඇති වෙන ගැටලු නිරාකරණය කර ගැනීමට පෙරට වඩා නම්‍යශීලීව සහ බුද්ධියෙන් යුතුව වැඩ කටයුතු කිරීමට වග බලා ගත යුතුය. යම් තීරණයක් ගැනීමේදී දෙවරක් සිතා බලා කටයුතු කිරීම තුළින් ඇති අසුබ ඵල මග හරවා සුබ පල වර්ධනය කර ගැනීමට හැකියාව ඇත.

   
   -
● තුලා
   තුලා ලග්නයේ 4-5 රාශි හිමි ශනි පසු ගිය මාස 3 ඇතුළත තිබු සුලු අපල තත්වයන් මිදිලා මෙම  3 වැන්නේ ගෝචර වෙනව. සෙනසුරුට කියනවා නොන්ඩියා කියල, 3 වැන්න කියන්නේ වික්‍රමස්ථානය. ඒකියන්නේ චණ්ඩිකම පෙන්වන තැන. නොන්ඩියා, චණ්ඩි වෙන අවස්ථාව තමයි 3 වැන්නට සෙනසුරු ආවාම.
 පසුගිය කාලේ ඔයාගේ මුදල් සේරම  වියදම් වුනා නම්, ඔන්න මේ මාසේ 26 වෙනිදාට පස්සේ ඔබටම හිතෙයි දැන් මම මුදලක් අනාගතය වෙනුවෙන් ඉතුරු කරන්න ඕන, අනාගතය සාර්ථක කර ගන්න ඕන කියල. ඒකට මාර්ග උදා වේවි. උත්සහ කරන්න.
ඔයාගේ රැකියා ස්ථානයේ පැවති දුර්වලතා මඟ හරවා ගෙන උසස් දියුණුවක් කරා යාමට මූලික අඩිතාලම දමා ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.
තම භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සමඟ සුළුවෙන් හෝ  රණ්ඩු සරුවල් නෝක්කාඩු  ඇති වෙලා තිබුනත්  ඒවා අමතක කරල සමගියෙන් ජීවිතයේ ඉදිරියට යාමට හැකියාව ලැබෙනවා.
-

● වෘශ්චික
වෘශ්චික ලග්න හිමි ඔබට ශනි ග්‍රහයා ලග්න ඒරාෂ්ඨකයේ අවුරුදු 7 හමාරෙන්, මැද 2 හමාර ගෙවිලා,  ලග්නයෙන්/1 වැන්නෙන් මිදී 2වැන්නට පැමිණීම ඒරාෂ්ටක තත්වය අවසාන වසර 2 හමාරක කාලයට එළඹෙනව.  පෙරට වඩා යහපත් ප්‍රතිඵල ගෙන දෙන කාලයක් වෙන්න පුළුවන්.
 ඇතිවන සුළු සුළු ගැටළුකාරි තත්වයන් බුද්ධිය මෙහෙයවා වැඩ කටයුතු කිරීම තුලින් ලැබෙන යහපත් ප්‍රතිඵල වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන්නට ඉඩ තියෙනව.
රැකියා ස්ථානයේ පෙරට වඩා උනන්දුවෙන් මහන්සියෙන් වැඩ කිරීම තුලින් පැවති දුර්වලතා මග හරවා ගැනිමට ඔයාට ඉඩකඩ ලැබෙන කාලයක් තමයි මේ. නව රැකියා සොයා ගැනීමට තිබූ බාධා ඉවත් වේ. යහපත් රැකියා අවස්ථා උදා වේ.
  ගෘහ ජීවිතය නම් අඹුසැමියන් සහ දරුවන්ගේ දුර්වලතා හඳුනා ගෙන ඒවා මඟ හරවා ගෙන පෙරට වඩා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට සහ සාර්ථක දියුණුවක් වෙනුවෙන් පියවර ගන්නට අවස්ථා ඔයාටත් උදා වෙන්න පුළුවන්. හිතල වැඩ කරන්න.
 

     -
● ධනු
   ධනු ලග්න හිමියන්ගේ 12 වන භාවයේ සිට ලග්නභාවය/ 1 වැන්නට ශනි ග්‍රහයා ඒම තුල ඒරාෂ්ටක අපල තත්ත්වය තව දුරටත් වසර 5 කාලයක් ඉදිරියට ගත වෙයි. ඒත්  නරකම වසර 2 හමාර ගෙවිලා ඉවරයි.
2- 3 භාවයන්හි අධිපතිත්වය දරන  ශනි ග්‍රහයා ලග්න ගත වීම නිසා ඔයාලාගේ ආර්ථිකයට ප්‍රබල ලෙස බලපෑම් එල්ල වීමට ඉඩ තියෙනව. ඔයා මුදල් සම්බන්ධව කටයුතු කිරීමේදී දෙවරක් සිතා බලා කටයුතු  කරනවා නම් අනවශ්‍ය නිරපරාදේ වෙන්න පුලුවන් වියදම් මඟ හරවා ගැනීමට හැකියාව ලැබෙනවා.
රැකියා ස්ථානයේ හදිසි තීරණ නොගත යුතු අතර ඔයාට ලැබෙන රාජකාරි කටයුතු වලදී ඒවා අතපසු නොකර නිසි කලට වෙලාවට කිරීම තුළින් රැකියාවේ ඇතිවන බාධාකාරී තත්ත්වයන් මඟ හරවා ගෙන ඉදිරියට යාමට හැකියාව ඇත.
ගෘහ ජීවිතයේ පිනට දහමට ලැදිව  ඉවසීමෙන් යුතුව සහ මනා බුද්ධියෙන් යුතුව කටයුතු කිරීම තුළින් මෙම අපලයේ ඇති විය හැකි අසුභදායි ප්‍රතිඵල මග හරවා ගනිමින් ඉදිරියට යාමට හැකියාව ඔබට ලැබෙනු ඇත.

-
● මකර
මකර ලග්නයේ 1-2 භාවයන්හි අධිපති වන ශනි 11 සිට 12 වැන්නට පැමිණීම තුලින් ලග්න ඒරාෂ්ටක අපල තත්වයේ ආරම්භය නිසා මෙය වසර 7 හමාරක කාලයක්  ඉදිරියට පවති.
එමනිසා   මිල මුදල් ආයෝජනය කිරීමේදී නම් ඉතා පරිස්සමෙන් වගේම හොඳට හිතල බලල  කටයුතු කරන්න ඕන. අනවශ්‍ය කටයුතු සඳහා මුදල් වැය වෙන්න යනව නම් ඒ ගැන දෙවරක් සිතා බැලීම කල යුතුය. එමගින් අත්විය හැකි අසුබ ප්‍රතිඵල අඩුකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
රැකියා ස්ථානයේ ඔයාට  පැවරෙන රාජකාරිය පමණක් ඉටු කිරීම අනුන්ගේ වැඩ කටයුතු වලට අත නො ගැසීම තුලින්, කොටින්ම කියනවා නම් තමන් තමන්ගේ පාඩුවේ ඉන්නවා නම් රැකියා ස්ථානයේ  ඇතිවන කරදර  අඩුකර ගැනීමට හැකියාව තියනවා.
ඔයාගේ පවුල් ජීවිතයේ හදිසියේ තරහක් ආවොත් සිත පාලනය කර ගන්න  සිද්ධ වෙනවා, නැත්නම් පවුල් ජීවිතයට දැඩි බාධා ඇති වෙන්න උනත් පුළුවන්.  ආගමික කටයුතුවල යෙදීමෙන් සහ දාන මාන පූජා භාර හාර වීමෙන්  මෙම අපල තත්වය මඟ හරවා ගැනීමට හැකියාව ලැබෙනව.

    -
● කුම්භ
   කුම්භ ලග්නයේ ලග්නාධිපති වන ශනි 10 වැන්න වන  කර්මස්ථානයේ සිට 11 වැන්න වන අයස්ථානයේ තැන්පත් වීම සිදු වේ.
 එමනිසා ඔයාගේ පවතින ආදායම් මාර්ග පෙරට වඩා  සංවර්ධනය කර ගන්න සහ ඔයාගේ ආර්ථික තත්වය තව තවත් තර කර ගැනීමට හැකියාව ලැබිමට ඉඩ තියනව. යහපත් ආයෝජන කිරීම තුල විශාල දියුණුවකට ව්‍යාපාර වලින් යාමේ වාසනාවත් මේ කාලයේ තියෙනව.
රැකියාවක් සොයන අයට නම් යහපත් රැකියා  අවස්ථාව උදා වෙන්න මෙම ග්‍රහ මාරුව හේතුවක් වෙන්න පුළුවන්. රැකියා කරන අයගේ ප්‍රමාද වී තිබූ වැටුප් හා අතිකාල දීමනා ද උසස් වීම්ද ලබා ගන්න  හැකියාව ලැබිමට ඉඩ තියනව. කැපවීමෙන් වැඩ කරාම දියුණුව ලැබෙන්න ඉඩ වැඩියි.
සහකාරියක් -සහකරුවෙක් සොයා ගන්න ප්‍රමාද  වෙලා තියනවා නම් ඉදිරි කාලයේ සොයා ගන්න අවස්ථා උදාවෙනව. කලින් පොඩි හරි අමනාපයක් තිබුනු අයව නැවත හිතවත් කරගන්නත් අවස්ථාවන් යෙදේවි.

   -
● මින
  මීන ලග්නයෙන් 11 සහ 12 වැන්න අධිපති ශනි පුණ්‍යස්ථානයේ සිට කර්මථානයට.
 මෙනිසා ඔබට ආදායම් - වියදම් මනාව කළමනාකරණය කර ගැනීමට වග බලා ගත යුතුය.  ඔයාලගෙ අවශ්‍යතා වෙනුවෙන් මුදල් වියදම් කිරිමේදි කලබල නොවිය යුතු අතර  සෑම කටයුත්තකටම පෙර දෙවරක් සිතා බැලීමෙන් සාර්ථක ඉදිරි දියුණුවක් ලගා කර ගත හැක.
ඔයත් නව රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් ඒ සඳහා අයදුම්පත් යොමු කිරීමට හැකියාව ලැබෙන කාලයක් තමයි ඉදිරි කාලය. රැකියා ස්ථානයේ තිබෙන ගැටලු වලට විසඳුම් ඔයාටම සොයාගන්න වෙනවා.
ගෘහ ජිවිතයේ මෙතෙක් තිබුණ සමගිය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට ඔයාලට පියවරක්  ගන්න සිදු වෙනව. ඒ විතරක් නෙවෙයි දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු වලදි  දෙමව්පියන් වන ඔයාලාට මැදිහත් වෙන්න සිදුවන  කාලයක් වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් නිසි පරිදි කටයුතු කරන්න.


-

සෙනසුරුගේ පීඩාකාරි තත්වයන් ඇති වන අයට පූජාවක් !

* නිල් මල් වට්ටි 03
* පැන් වීදුරු 03
* හඳුන්කූරු 09
* පහන් 03

බටහිර දිශාවට පහන් දැල්ල, වඩා සුදුසු බෝධින්වහන්සේ නමක් අභියස පූජාව කරනවා නම්.
බදාදා - සෙනසුරාදා දින 2 විශේෂයෙන් වැදගත්. ( රාත්‍රි 7.30 - 9 )

 ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේගේ නාමයෙන් සෙනසුරු ග්‍රහ මණ්ඩලය, සෙනසුරු ග්‍රහ බලවේගයන්ට පූජා කරමි ! පූජා වේවා ! සතර මහා බුදුවරයන්වහන්සේලාට පූජා වේවා !
මේ පින් - කුසල් මා ඇතුළු සියලු ඥාතින්ට, ඉෂ්ට දෙවිවරුන්ට, සියලු ඥාතින්ට, සියලු දෙවිවරුන්ට, සියලු සත්වයන්ටම අනුමෝදන් වේවා ! සියලු ග්‍රහ දෝෂ, අකුසල කර්ම පාප කර්ම දුරු වේවා ! සියලු යහපත ඉෂ්ට සිද්ධ වේවා !
( සිතින් ප්‍රාර්ථනා කිරීම වැදගත්ය)