Tuesday, November 25, 2014

ග්‍රහයන් අනුව පුද්ගයෙකුට ලැබෙන රූප ස්වභාවය

අපි හැමදෙනාම සමාජයේ බලන කල විවිධාකාර රූප සොබා වල අය අපිට දක්නට ලැබෙනව.
මේ අතර කෙනෙක් ලස්සනයි, කෙනෙක් අවලස්සනයි, කෙනෙක් විරූපී. තව කෙනෙක් රූපශ්‍රිෙයන් ඉහලයි. උසයි, කොටයි, මහතයි කෙට්ටුයි ආදි විවිධත්ව තියෙනව.

එතකොට කේන්දරයට අනුව තමන්ගේ රූපය පිහිටන්නේ කොහොමද ?

රූපයේ දැක්වෙන්නේ අතිශයින්ම රූමත් යුවතියකගේ හඳහන‍කි.

✿ කෙනෙකුගෙ කේන්දරයේ ලග්නයේ සිකුරු/ශුක්‍ර සිටිම ප්‍රියමනාප සහ රූමත් පෙනුමක් ඇති කරයි.

✿ ගුරු ලග්නයේ සිටියොත් උසට මහතට, ශාන්ත වූ පෙනුමක් සහිතව රූපයක් ඇති කරයි.

✿ බුධ ලග්නයේ හිටියොත් වයස ගියත් වයස නොපෙනෙන ක්‍රීඩාශිලි පුද්ගලයෙක් බිහි කරයි.

✿ කේතු ලග්නයේ සිටිම මුහුණේ කැළැල් ඇති, යම්කිසි ආකාරයකට කෙට්ටු හෝ බඩ තියෙන මහත පුද්ගලයෙක් බිහි කරයි.

✿ සෙනසුරු ලග්නයේ සිටියොත් දත් ලොකු, කොණ්ඩය බොහෝ ඝණකම, ටිකක් මෝරපු පෙනුමක් ඇති පුද්ගලයෙක් බිහි කරයි.

✿ රාහු ලග්නයේ සිටියොත් උසට, කලබලකාරි ස්වරූපයකින් හෙබි, නහර පෙනෙන සමහරවිට දත්වල යම්කිසි වෙනසක් ඇති පුද්ගලයෙකු බිහි කරයි.

✿ රවි ලග්නයේ සිටියොත්, ටිකක් මධ්‍යම ප්‍රමාණයේ දේහයක් ඇති ටිකක් දිලිසෙන ඇස් ඇති, තරමක ආඩම්බරකාර පෙනුමක් ඇති කෙනෙක් බිහි කරයි.

✿ සඳු/චන්ද්‍රයා ලග්නයේ සිටියොත් ඉතාම ශෝභමාන, මුහුණ සහ පපුව පෙදෙස මහත සෙම් අධික කාරුණික පුද්ගලයෙක් බිහි කරයි.

✿ කුජ/අඟහරු ලග්නයේ සිටින කල, මස්පිඩු ඉලිප්පී ඇති, කායවර්ධන ක්‍රීඩාවේ නියුතු වන පුද්ගලයෙකු සමාන දේහයක් සහිත කෙනෙක් උප්පත්තිය ලබයි. හැබැයි කේන්ති කාරයෙක්.
මේ විදියට කුජ ලග්නයේ සිට කාන්තාවක් ඉපදුනොත් ඇයගේ මුදු සුමුදු ගතිය බොහෝ සෙයින්ම අඩුය.

ඔබගේ හඳහනත් සමග බලන්න මෙවැනි තත්ව ඔබටද තියෙනවාද කියා ?

මේවා පොදු කරුණු බවද සිතේ තබාගන්න.

#ඉරුසේවය






No comments:

Post a Comment