Wednesday, November 19, 2014

කුමාර් සංගක්කාරගේ කේ්න්දරය

“ ක්‍රිකට් ලොවට ලක්මවගෙන් දායාද වූ අමිල සම්පත කුමාර් සංගක්කාරගේ හඳහන “

1977 වසරේ ඔක්තෝබර් මස 27 වන දින, මාතලේ ප්‍රදේශයේදී මෙලොව ආලෝක දර්ශනය කල මෙම අපේ කාලයේ ක්‍රිකට් විරුවා වෙන කවුරුත් නොව, කුමාර් චොක්ෂනද සංගක්කාර හෙවත් සියලුම දෙනා ආදරයෙන් කතා කරන “සංගා“ය.

එදා මෙදා තුර ක්‍රිකට් වංශ කතාවේ, කතා බහට ලක්වන සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, මාර්ටින් ක්‍රෝ, ඉම්රාන් ඛාන්, සචින් තෙන්ඩුල්කාර්, එසේම විවියන් රිචඩ්ස්, ක්ලයිව් ලොයිඩ් යන නම් පෙලේ ශ්‍රී ලාංකීය අභිමානය පෙන්වූ මෙම වීර පුතු අද ලංකාවෙ අනන්‍යතාවයකි.
එසේ නම් ජාතියක් වශයෙන් මොහුගේ දක්ෂකම් වලට අමතරව විනයගරුක බව, එසේම මහත්මා ගුණය එසේම ජය - පැරදුම එකසේ දරාගෙන(පරාජයෙදි පරාජය පිලිගෙන ඉවසනවා සේම, ජයග්‍රහණයෙදි අති උද්දාමයට පත්වී අධි මානයෙන් නොසිතන උපෙක්ෂා සහගත) සිටින ක්‍රීඩකයෙකු වශයෙන් ලොවට දී ඇති ආදර්ශය නිසා සියලුම ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ප්‍රජාව මෙම අතිවිශිෂ්ඨ ක්‍රීඩකයාට හිස නමනවා.
එය ලාංකිකයන් වශයෙන්, ජාතියක් වශයෙන් අප ලබන ආඩම්බරයක් නේද ?

එමනිසා ඔහුගේ හඳහන ගැන විස්තරයක් කිරීමට ප්‍රථම මෙවැනි ක්‍රීඩකයෙක් ලක්මවට දායාද වශයෙන් දුන් එම දෙමව්පියන්ට ඉරු සේවය වන අපගේ භක්ති ආදරය පිරිනමනවා...

* ●  කේන්ද්‍රය දෙස බැලීමේදි බ්‍රහස්පතින්දා දිනක සෙනසුරුට අයත් මකර ලග්නයෙන් උප්පත්තිය ලබා, කිවිට හිමිවූ බෙරණ නැකතේ 1 වෙනි පාදය හිමි විය. තිථිය අවපෑල විය තිථියයි. සිද්ධි නම් යෝගයයි. එසේම බාලව නම් කරණයයි.

●  මකර ලග්න කරුවන්ගේ විශේෂත්වය නම් පඨවි රාශියක් බැවින් ඕනෑම දෙයක් දරාගෙන සිටිමේ හැකියාව තියෙනව. ඒකියන්නෙ දුක සැප ජය පරාජය දරාගත හැකියි.
දහමේ හැටියට අෂ්ඨ ලෝක ධර්මය දරාගැනිමේ සුවිශේෂි හැකියාවක් තියෙනව.

●  කේන්දරයේ කේතු 3 වැන්නේ බලවත්ව සිටි.
කේතු බලවත්ව සිටිම නිසා සහෝදරියන්ගේ ලාභය සංගාට හිමියි. කේතු 3 අයගේ 9 වැන්නේ රාහු සිටිනවා. තමන්ගේ වික්‍රමය ඒ අයට ලැබෙනවා, ඒක විශේෂිතම දෙයක්.

● උප්පත්ති කේන්දරයේ චන්ද්‍රයා/සඳු 4 වැන්නේ බලවත්ව සිටිනවා.
චන්ද්‍රයා 4 වැන්නේ බලවත්ව සිටිනවා කියල කියන්නේ, ඒ අයට ආගිය තැන ගරු සැලකිලි ලැබෙනව. ඒවගේම තමයි සුඛෝපභෝගී ජිවිත තත්ව උරුම වෙනව. යහමින් ධන ධාන්‍ය තත්ව ලැබෙනව. සමාජයේ හොදයි කියල පිලිගැනිම ලැබෙනව.

ඉතින් සංගාගෙ ජිවිතය ගත්තම ඒක අපිට පේනවා නේද.

*●* ඒවගේම තමයි ඔය මකර ලග්න කේන්දර හිමි අයට සදු කියන්නෙ විශේෂිතම ග්‍රහයෙක්. සදුගේ බලතල අනුව තමයි කෙනෙක්ගෙ විවාහය සිද්ධ වෙන්නෙ.
සංගාට හොද බිරිදක් ලැබෙන්න උප්පත්ති කේන්දරයේ තියෙනවා. එය ශක්තිමත් වෙන්න තවත් කාරණාවක් යෙදෙනවා. සමාජ ආර්ථික තත්වයන් විවාහයෙන් පස්සේ දියුණු වෙනව වගේම, පෙර නොවිරූ වාසනාවක්ද ලැබෙනවා..
හරියට රජෙකුට හරියන්න බිසවුන්වහන්සේ කෙනෙක් ලැබෙනවා වගේ තමයි, ඒක මම කිව්වෙ ඇයි දන්නවද ?

●  සංගගේ කේන්දරය දිහා හොදට බැලුවම බලන්න, 7 වැන්නාධිපති විවාහ ස්ථානාධිපති සඳු 4 සිටිනවා, 4 වැන්න අධිපති කුජ 7.. එතකොට 7 වැන්නත් 4 වැන්නත් පරිවර්ථනය වෙලා. මෙවැනි සම්පත්තියක් තියෙන අයට ශක්තිමත් විවාහයක් තිබෙනවා.
සංගත් එක්ක උරෙනුර ගැටිලා ජිවිතයේ ශක්තිමත් කරගන්න ඊටම ගැලපෙන ශක්තිමත් කාන්තා රත්නයක් ලැබෙනව කියල කේන්දරයේ තියෙනව.

●  බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 6 වැන්නේ,
බ්‍රහස්පති 6 සිටින නිසා උප්පත්ති කේන්දරයේ හැටියට සංග ඉපදුනාට පසුව ගෙදර සියලුම දෙනාට මේ දරුවගෙන් හොදක් ඇතිවෙලා තියෙනව
ඒ කියන්නෙ අම්මගෙ තාත්තගේ ආදයම් තත්ව, වෘත්තිමය ජිවිතයට යහපත යනාදි යම් හොදක් වෙලා තියෙනව.

සංගගේ කේන්දරයේ හැටියට ඉදිරි අනාගතයෙදි පොඩි සෞඛ්‍යමය ගැටළු තිබෙනවා. නමුත් ක්‍රීඩකයෙක් නිසා එයා ඒව දැනගෙන නිසි ලෙස කටයුතු කරාවි කියල හිතනව.

●  7 අගහරුවා දෝෂයක් නෙමෙයි, ශක්තිමත් විවාහයකට පදනමත් ඒ නිසා හේතු වෙලා නිසා මම ඒ ගැන විග්‍රහ කලා. ස්ථිරසාර ගුණය සංගාට ඇතිවෙලා තියෙන්නේ ඒ නිසයි.

●  ලග්නාධිපති 8 වැන්නේ ඉන්නෙ, - ශනි. ලග්නාධිපතියා 8 වැන්නේ ඉන්න එක දීර්ඝායුෂ අත්වෙන පිහිටිමක්.
වයසට ගියාම සංගා ලංකාවෙ ඉදිද කියල කියන්න බෑ මේ තත්වය එක්ක. විදෙස් රටකට යෑමේ බලගතු යෝගයක් තිබෙනවා යුරෝපා රටකට වගේ. සමහරවිට ඒක එසේම වේවි, මගේ අනාවැකියක් ඒක.

●  සංගගේ කේන්දරයේ භාග්‍යස්ථානයේ 9 වැන්නේ සිකුරු-රාහුයි ඉන්නවා. සිකුරු එතනදි නීච වෙලා හිටියත් රාහුගේ බලයත් එක්ක තමයි ඉන්නෙ. සිකුරුයි රාහුයි කියන්නෙ අධිමිත්‍ර ග්‍රහයෝ..

* කුමාර සංගක්කාර කියල කියන්නෙ මෙරට පිටරට සියලුම අයගේ ලෝකයේම ජනප්‍රියම ක්‍රීඩකයෙක්. සාමාන්‍යයෙන් තරුවක් උන පුද්ගලයෙකුට කාන්තා ආකර්ෂණය බොහෝම වැඩියිනේ. මම දන්න හැටියට කුමාර සංගක්කාරටත් ගොඩාක් යුවතියෝ, ගැහැණු ළමයි හරිම කැමතියි.

* සමහරවිට එයාලගේ හිතේ ඇති සංගක්කාර වගේ කෙනෙක් කසාද බඳින්න. නැත්නම් සංග වගේ රූපය ලස්සන පෞරුෂය තියෙන කෙනෙක් බඳින්න.
නැත්නම් සංග වගේ වාග් චාතුර්යය තියෙන කෙනෙක් කසාද බඳින්න. සුද්දන්ටත් වඩා ලස්සනටනේ ඉංග්‍රිසි කතා කරන්නේ.
සිකුරු භාග්‍යස්ථානයේ සිටිම යනාදි කරුණු අනුව ඒක පැහැදිලියි.

* ඒකනේ 2011 MCC Spirit of Cricket Cowdrey Lecture දේශනයෙන් හෙල්ලිලා ගියේ ක්‍රිකට් ලෝකයම.

* ඉතින් මෙච්චර කාන්තාවන් අතර ජනප්‍රිය කෙනෙක් උනාට චරිතයේ කිසිම කැළලක් නොකරගෙන, වෙන අයට වැටෙන ලෙඩ අපේ සංගාට වැටුනෙ නෑ. ඇත්තටම කියනව නම් ඒ කේන්දරය බලවත් නිසා.

●  උප්පත්ති කේන්දරයේ 10 වැන්නේ රවි-බුධ යෝගයක් තියනෙව. රවි, බුධ කියල කියන්නෙ මකර ලග්න කෙනෙකුට සුපිරිම ඥාන යෝගයක්.
ඒ ඥාන යෝගයේ බලයෙන් ඉගෙනීම වැඩි දියුණු වෙනව. ඒවගේම ක්‍රීඩාශීලිත්වය දෙන්නෙත් බුධගෙන්. ඔය නීතියට සම්බන්ධ ග්‍රහයන්නේ රවි-බුධ කියන්නෙ.
ඉතින් සංගා කියන්නෙ නීතිය ඉගෙන ගත්ත කෙනෙක්.
වරක් එක්තරා විස්තර විචාරකයෙක් කිව්වා 'batting lawyer' කියල.

* සංගාට සිකුරුගේ මහ දසාව උපන් දින සිට වසර 19ක් සහ මාස 9ක ශේෂයක් පැවතුනි.

●  1997 වසර 19ක සිකුරු මහ දසාව අවසන් වී 2003 රවි මහ දසාව ලැබුවා. 2003 සදු මහ දසාව ලැබුව. ඒක 2013දි ඉවරයි.
●  මේ සදු මහ දසා කාලය 2003-2013 කාලය ඉතාම වාසනාවන්ත කාලයක්. නම රැව් පිලිරැව් දුන්න කාලයක්.

● එතකොට දැන් යන්නේ, කුජගෙ මහ දසාවෙ රාහු අතුරු දසාව. ඒක 2015 පෙබරවාරි ඉවර වෙනව.

●  ඉතින් සංගාගේ කේන්දරයේ හැටියට අනාගතය ක්‍රිකට් වලින් කෙසේ වෙතත් පෞද්ගලික ජිවිතයෙදි ගොඩක් වාසනාවන්ත දේවල් කිට්ටු කරගන්න තියෙනව.

● * සමහරවිට අවුරුදු 42දි සංගාට ලබනවා රාහුගේ මහ දසාව. සංගගේ කේන්දරයේ බලවත්ම ග්‍රහය වෙන්නෙත් රාහු. එයා සිකුරු එක්ක එකතු වෙලා ඉන්නෙ. රාහු කියල කියන්නේ යම්කිසි විප්ලවයක් ඇති කරන ග්‍රහයෙක්නෙ.

●  අවුරුදු 42දි නම් සංග ක්‍රිකට් ගහන්නෙ නැති වෙයි. ක්‍රිකට් ලෝකයේ යෝකර් වලට ලස්සනට ඩ්‍රයිව් කරපු සංගා දේශපාලන ක්‍රීඩා පිටියට ඇවිල්ලා, එතනදිත් ඩබල් සෙන්චරි දායිද කියන්න බැහැ.

●  සංගාට පොදුවේ ගත්තම මිනිස්සු හරි ආදරෙයිනේ. සිකුරුත් බලවත් නිසා රාහුත් ප්‍රසිද්ධිය දෙන ග්‍රහයෙක් විදියට එයත් ඒ යුතුකම කරාවි.

කවදහරි දළදා හාමුදුරුවන්ගෙ සෙවණේ හිටිය සංගා කන්ද උඩරටින් කොහොමද දේශපාලනයට ආවොත් ?

●  ඇත්තටම මහජනතාවට, ලංකාවට යම්කිසි සේවයක් මෙයාගෙන් ගන්න පුලුවන්.
ඒවගේම කවදාහරි ජනී ජනයා අතර සදාකාලිකව වැජඹෙන චරිතයක් විදියට කුමාර් සංගක්කාරව හඳුන්වන්න පුලුවනි. ඉතින් මේ කේන්දරය බලවත් කේන්දරයක් වගේම, අපි හැමෝටම අපේ කියල ආදරයෙන් වැළද ගන්න පුලුවන් චරිතයක් තමයි.

අපි ඉරු සේවයේ සහ සහෝදර පේජයන්, වෙබ් අඩවි සියල්ලගේම සුභ ප්‍රාර්ථනා සහ තුනුරුවන්ගේ ආශිර්වාදය අපේ සංගාට එකතු කරන ගමන් මේ ලිපිය අවසන් කරනවා....

No comments:

Post a Comment